දැනගැනීමට වඩා තේරුම් ගැනීම වැදගත් මොකද තේරුමක් නැතිව දැනගෙන ඉන්නවට වඩා තේරුම් ගන්තහම හැමදේම හොඳින් දැනගන්නට හැකිවන නිසා.
අද අපට මුණගැහුණා හැමදේම හොඳින් තේරුම් ගත්තු තේරුමක් ඇතිව ජීවත්වෙන කෙනෙක් මේ තරම් දවසක් අප ඔබට කිව්වේ මතින් මිදුන තරුණයන් ගැන.
නමුත් අද කියන්නේ මතින් මිදුණු ජීවිතය සමාජගත කරල හොඳින් ජීවත්වෙන තරුණයෙක් ගැන.
මොහු මතින් මිදිල අවුරුදු අටක් තමන් වැටුණු තැනින් හිටපු තැනට ඔසවා තබපු හාමුදුරුවන්ට කළගුණ සලකන්න පුළුවන් හැම වෙලාවෙම උන්වහන්සේ බැහැදකින්න එන මේ තරුණයාට අපි යේනුක කියමු.
ඇත්තටම මතින් මිදුණු නිරුපද්‍රිත හිනාව පැහැදිලි කතාව දැක්කම ‘ඉරිදා ලංකාදීප’ අපට වුණත් හිතුණා. කුප්පියාවත්තේ බෝධානන්ද හිමියන් මේ ජීවිත මතින් මුදාගන්න කළ උදව් උපකාර මොනතරම් වටිනවද කියලා.
හොඳයි අටුවාටිකා මොකටද අපි අහමු යේනුකගේ කථාව.
ඇත්තටම මම මේ කතාව කියන්න හිත හදාගත්තේ අමාරුවෙන් මොකද එදා ඒ ජරා ජීවිතය ගෙව්වේ මම කියලා හිතන්නවත් අද මා කැමති නෑ. ඒ අතීතේ ඒ තරමට අප‍්‍රසන්නයි. නමුත් අපේ හාමුදුරුවෝ මට පිහිට වුණා. අද මගේ අම්මට මම කුඩුගහපු කොල්ලෙක් කියලාවත් මතක නෑ. මොකද අද මගේ ජිවිතේ පිරිලා තියෙන්නේ සැනසීමෙන් විතරයි.
මගේ ගම පුත්තලම මගේ පවුලේ අම්මායි, තාත්තයි, අක්කයි, නංගී, මමයි විතරයි මා පවුලේ එකම කොල්ලා විදිහට ආදරේ සෙනෙහස මට අඩු නැතුව ලැබුණා පොඩි දරුවකුට වගේ අම්මා හැම වෙලාවෙම මගේ පස්සෙන් හිටියා.
නමුත් මට තිබුණේ හැමදාම ලොකු ලොකු සිතුම් පැතුම්. මම බලන් හිටියේ ඉක්මනින් ලොකු මිනිහෙක් වෙන්න. මට වඩා වැඩිමල් අයගේ සමාජයේ රජෙක් වගේ කොල්ලෙක් වෙන්න මට වුවමනා වුණා. මං හිතන්නේ මගේ වයසෙ හැම කොල්ලකුගෙම බලාපොරොත්තු සිතුම් පැතුම් ඒ වගේ.
එහෙත් හැම කොල්ලම තමන්ගේ ජීවිතේ නැති නාස්ති කර ගන්නේ නෑ. මං සිගරට් බොන්න පටන් ගත්තු කාලෙදීමයි අරක්කු බොන්න පටන් ගත්තේ. මුල්ම කාලේ මගේ යාළු අයියලා පැණි බීම වර්ගයකට සිගරට් අළු දාලා බොනවා. මං බලන් හිටියා. ඒ පැණි බීම වර්ගයට සිගරට් අළු දාල බිව්වම මත්වෙනවා කියලයි අයියාල කිව්වේ අනේ මන්දා එහෙම කලවම් කළාම මත් වෙනවද කියන්න මා දන්නේ නෑ. ඒත් අයියා වගේ ජීවත් වෙන්න තිබුණු ආශාව නිසා මම බිව්වා.
ජීවිතේ හැම මොහොතකම ගෙවුණේ අලූත් දේ හොයාගෙන යන්න ඒවා රස විඳින්න අත්දැකීම් ලබා ගන්න. අපේ ඉස්කෝලේ විද්‍යාව ගුරුතුමියගේ පුතා විවාහවෙන උත්සවේ තිබුණේ අපි ඕ ලෙවල් කරන්න පාඩම් කරන කාලේදි.
ඒ ටීචර් අපි එක්ක බොහොම හිතවත් නිසා අපටත් වෙඩින් එකට යන්න ආරාධනා ලැබුණා. එදා ඒ් මංගල උත්සවේ බොන්න නොවේ නාන්න තිබුණා.
ඒත් ටීචර් කෙනෙකුගේ උත්සවයකට සහභාගි වූ ශිෂ්‍යයෝ විදහට අපි කොහොමද කොයිතරම් අරක්කු තිබුණත් බොන්නේ. ඒ නිසා අපි මිස්ගේ පුතාගේ මංගල උත්සවේට ටේබල්වලට තිබ්බ අරක්කු බෝතල් ඉස්සුවා. එදා අපි උස්සපු අරක්කු කට්ටිය සෙට්වෙලා ගහනකන් අපට ඉවසිල්ලක් තිබුණේ නෑ.
ඒ වාසනාවන්ත දවස උදා වුණා. අපි හා.. හා පුරා කියලා අරක්කු බිව්වා. එදා අපට හිතුනෙම ඒක වාසනාවක් කියලා සිහිය නැති වෙනකල් එදා අපි අරක්කු බිව්වා.
කොයිතරම් වෙරිද කිව්වොත් අම්මායි, අක්කයි, නංගී මට අල්ලන් ගහපු බව වත් මට දැනුණේ නෑ. ඒ කිසිම දෙයක් මට දැනුනේවත් නෑ. මම ඕ ලෙවල්වලට සූදානම් වුණා. ඒත් නටපු පිස්සුවල හැටියට ඕ ලෙවල් ගොඩදාගන්න බැරි බව මා දැනගෙන හිටියා.
හිතුවා වගේම ඕ ලෙවල් ෆේල්. නමුත් යාළුවෝ මුණගැහෙන එකේ අඩුවක් තිබුණේ නෑ. හැමදාම අපි පිට්ටනියේ සෙට් වුණා සිගරට්, අරක්කු, ගංජා කොහෙන් ආවද මන්දා හැමදාම අපි ෆන් ගත්තා. ගංජා ගැහුවම පාවෙලා යන ලෝකේ හැමදේම සතුට කියලයි එදා හිතුණේ.
ගංජාවලට පස්.....සෙ අපි පැණි බිව්වා පෙති ගැහුවා. කුඩු කියනදේත් අමුතු දෙයක් වුණේ නෑ. පළවෙනි දවසෙම මරු කියලා හිතුණා. කුඩු වැඩි වැඩියෙන් ඕනෑ වෙනකොට අතේ සතේ නැති වුණා. ඒ නිසා ගෙවල්වලට පැනලා හොරකම් කරන්න පටන් ගත්තා. මම හොරකමේ ගියේ දවල්ට නොවේ. ඒකත් ගෙවල්වල මිනිස්සු ඉන්න වෙලාවට. තමයි මා කළේ දවල් කාලෙට ගෙවල්වල ඉන්නේ ගෑනු. එයාලා එහාට මෙහාට වෙනකන් ඉඳලා ගෙට ගිහින් තියෙන දෙයක් අරගෙන පනිනවා.
එක දවසක් ඒ වගේ කරන්න ගිය හොරකමක් අතටම අහුවුණා. ඒ ගෙදර අපේ අම්මලා අදුරන අක්කා කෙනෙක් හිටියේ. ඒ නිසා එයා මට විරුද්ධව මොනවත් කළේ නෑ. ඒත් මා හොරකම් කරපුවයෙ අලාභෙ ගෙවන්න වුණා. ඒවා ගෙව්වෙත් මගේ අම්මා.
ඉන්පස්සේ අපේ අම්මා මට එළියට බහින්න තහනම් කළා. ඒත් ගෙට වෙලා ඉන්න බෑ කුඩු සික් එක වැඞී. ඇත්තටම මට මගේ කතාවේ කියන්න බැරි තරම් අප‍්‍රසන්න කතාන්දර ගොඩකින් පිරුණු එකක් ඒ දේවල් මතක් කරන්න මට බෑ. ඒ නිසා බොහොම සුළුවෙන් මගේ කතාව මම කියන්නේ මොකද අතීතය ජීවත් කරවන්න මට වුවමනාවක් නෑ.
කාලය ගෙවිලා ගියේ කුඩු එක්ක කිසිම වෙනසක් නැතිව. ඔහොම ඉන්න අතරේ මට ශාලනී මුණ ගැහුණා. එයා පදිංචිවෙලා හිටියේ මගේ ගෙවල් කිට්ටුව. ශාලනීට දරුවො දෙන්නෙක් ඉන්නවා. එයාගේ මහත්තයා කළේ ගඩොල් කපන රස්සාව. ශාලනී ගැන මට මහා ලොකු ආදරයක් නම් තිබුණේ නෑ නමුත් මට එයාව මගේ කරගන්න වුවමනාවක් තිබුණා.
එයා ගැන බලාපොරොත්තුවෙන් මම දවසක් එයාට මගේ අදහස කිව්වා. මම හිතපු තරම් කිසිම විරුද්ධත්වයක් ශාලනී මගේ අදහසට දැක්වූවේ නෑ.
දවසක් කුඩුගහලා ඉන්න වෙලාවක එයාගේ මහත්තයා ගෙදර නැති බව දැනගෙන මම ශාලනීගේ ගෙදර ගියා දරුවෝ පේන්න හිිටියෙත් නෑ. එහෙම අවස්ථාවකදී මොන කොල්ලා වුණත් පත්වෙන්නේ මම හිටපු තත්ත්වෙටමයි. එදා මම ශාලනී එක්ක ගත කළා. ඒ විදිහට පටන් ගත්තු ජිවිතේ කෙළවරක් සීමාවක් නැතුව අපි එකට ජීවත් වුණා. සමහර දාට ශාලනීගේ මහත්තයා ගෙදර නිදාගෙන ඉන්න වෙලාවටත් එයා මං එක්ක හිටියා.
දවසක් මම කඩයක් කැඩුවා ඒ කැඩුවෙත් මුදලාලි ඉද්දී. එදා කඬේ කඩල රුපියල් දාහතර දාහක් හොරෙන් ගත්තා. ඒ සිද්ධියත් එක්ක පොලිසියේ උකුසු ඇස් මගේ පැත්තට හැරුණා.
මට යාළුවෝ ගොඩාක් හිටියා. දවසක් මගේ යාළුවෝ බීලා ඉන්න වෙලාවක මගේ යාළුවන්ව පාරේ යනකොට පොලිසියෙන් අල්ලලා තිබුණා. එහෙම ඇල්ලූවේ පොලිසිය ළඟින් එනකොට හූ කියපු නිසා. මම දැක්කා ජීප් එකට මගේ යාළුවෝ ගහල ගහල දාගන්නවා. ඒක දැක්කම මට ඉවසන්න බැරි වුණා. මං හිටියෙත් හොඳටම කුඩු ගහල. මම කිසිම විදිහකින් බලං හිටියේ නෑ. මගේ යාළුවන්ව අල්ල ගත්තු පොලිස්කාරයෝ දෙන්නකුට ගහලා උන් දෙන්නගේ කකුල් කැඩුවා. ඒ සිද්ධියෙන් පස්සෙ. මාව පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා.
පොලිසියෙම එකකුගේ කකුල් කඩල පොලිසියට අහුවුණාට පස්සේ ආයේ අමුතුවෙන් මොනවත් කියන්න ඕනෑ නෑනේ. බිව් රංකිරි කටින් එන්න සත්කාර ලැබුණා. ඉන්පස්සේ දවස් දාහතරක් රක්‍ෂිත බන්ධනාගාර ගත කළා. ඒක මට අමුතු ලෝකයක් වුණේ නෑ. කුඩු, ගංජා අඩු නැතිව තිබුණා සල්ලි තියෙනව නම් හිරගෙදර රජවෙන එක අමාරු නෑ.
මට ඉන්න පුළුවන් විදිහෙ පසුබිම් මට නිකන්ම ඇති වුණා. ගෙදරින් යාළුවන්ගෙන් සල්ලි අරන් මම මගේ ලයිෆ් එක හිරගෙදරදීත් නියමෙටම ගැළපුවා. අම්මා, තාත්තා, ඇරෙන්න අනිත් හැම කෙනාම මාව කොන් කළා මොන දේ මොන විදිහට ගැළපුණත් මා කුඩුම ගැහුවා.
නමුත් මං ඉදිරියේ ප‍්‍රශ්න පැටව් ගැහුවා. මත්වෙලා අඳුරේ ඇස්පියාගෙන ඉන්න පොලිසියට බයේ කට්ටි පැනපු, උදේට කුඩු හොයාගෙන නැගිටල හවසට කුඩු බීලා හෙටක් නැතිව කල් මරපු මගේ ජීවිතේ කුඩුවලින් මුදා ගන්න මට ඕන වුණා. එහෙම හිතුණේ මම නිසාම විතරක් නොවෙයි මගේ අම්මා නිසා. මගේ අම්මා මං ගැන හිත හිතා ලෙඩ වුණා.
ඇත්තටම මොන අම්මටද පුළුවන් තමාගේ දරුවා හොරෙක්, මංකොල්ලකාරයෙක්, කුඞ්ඩෙක් කියලා හිතන්න. අම්මා විඳවන බව මා තේරුම් ගත්තා. තාත්තා දරාගෙන ඉන්න බව තේරුම් ගත්තා. ඒ නිසා මමම අම්මාට කිව්වා මට කුඩු නවත්තන්න ඕනෑ කියලා.
ඉන්පස්සේ මා මිතුරු මිතුරෝ ආයතනයට ආවා මාව මුලින්ම යොමු කළේ වටරැක තියෙන ආයතනයට. එහෙදී මාව එක්තරා කුටියක රැුදෙව්වා ඒකට කියන්නේ විරමන් කුටිය කියලා. විරමන් කුටියට අපිව දන්නේ කුඩු සික් එක කඩන්න.
සික් එක වෙලාවට ඇඟ කසනවා, උණ ගන්නවා, ඇඟ තළා දැම්මා වගේ වෙනවා ඒ වගේම බඩ බුරුල් කරළ මළ පහ වෙනවා. ඇත්තටම නරලොව අපායක වගේ මට මගේ ඇඟ දැනුණා.
ඉන්පස්සේ මගේ වැරදි මෙනෙහි කරන්න ඒ වැරදුන තැන් කතා කරන්න බුද්ධ වන්දනාව, භාවනාව විතරක් නොවේ අපි කතා කරන වචන පවා හොඳ අතට හරවනවා.
කුඩු ගහන කොල්ලෙකුගේ භාෂාවේ තියන වචන වෙනුවට කෙනකුට ආචාරශීලිව කතා කරන විදිහ විතරක නොවේ. අපට අපි ගැනම වටිනාකම් ඇති කරනවා.
ඇත්තටම කියන්න වචන මට නෑ. සිත, කය, වචනය කියන තුන්දොරින්ම වෙන්න පුළුවන් හැම වරදින්ම මාව ගළවගත්තා ගිනි අරං තිබුණු මගේ ජිවිතේ දවසින් දවස නිවෙන්න ගත්තා. මාස හයක් විතර ගෙවිලා යනකොට අපේ හාමුදුරුවෝ මගේ අම්මා තාත්තා එක්ක සාකච්ඡුා කරලා මාව බර වාහන යන්ත‍්‍ර ක‍්‍රියාකරු පුහුණුවට යොමු කළා උදේ පාන්දර තුනට පැල්මඩුල්ල ආයතනයේ ඉඳලා කොළඹට එන මම නිට්ටඹුවේ යනවා. සමහරදාට කොළඹ ආයතනයේ නැවතුණා. මම ඉගෙන ගත්තේ ගෙදර ඉඳලා ක්ලාස් ගිහින් නෙවෙයි පැල්මඩුල්ල ආයතනයේ ඉඳලා ක්ලාස් ගිහින්.
හාමුදුරුවෝ අපට අයාලේ යන්න දුන්නේ නෑ. අපිව ළඟින් තියාගෙන අපිව රැකබලා ගත්තා. අප ගැන හෙව්වා බැලූවා, මම උන්වහන්සේගේ වර්ණනාවක් කරනවා නොවෙයි. මෙතන ඉන්න හැම කොල්ලකුට හාමුදුරුවන්ගේ තේරුණ බාසාවක් තියෙනවා ඒ තමයි ආදරේ, කරුණාව.
අද මම හොඳ ආයතනයක රැකියාවක් කළා වුණත් ලැබෙන හැම වෙලාවෙම මම අපේ බෝධානන්ද හාමුදුරුවෝ බලන්න එනවා. ඒ එන්නේ අද මේ මම ගෙවන සැනසිලිදායක ජීවිතේ ගෙවන්නේ උන්වහන්සේට පින් සිදු වෙන්න.
මගේ අම්මා වගේ මම කොළඹ ගිහින් එනකොට මං ගැන අවධානෙන් ඉඳලා ගුරුහරුකම්දීලා අපට හරිමග කියලා දුන්න අපේ හාමුදුරුවෝ වෙනුවෙන් මම මගේ යටගියාව ඔයාලට කිව්වා.
ඇත්තටම කුඩු නවත්තන්න බැරි කමක් නෑ. වරදින්නෙත් හරියන්නෙත් මිනිස්සුන්ට. මම කුඩු ගහන තරුණයන්ගෙන් ඉල්ලනවා කුඩු ගහලා අපාගත වෙන්න එපා කියලා.
ඔව් නැවත නැවතත් නවතිමින් ඇරඹෙමින් යන ජීවිතේ සැපත කියලා දුක හොයාගෙන යන්න එපා. උත්සහ කරන්න පණපිටින් අපාගත නොවී සැනසුමෙන් දැහැන්ගතව වෙන්න.
නම්ගම් මනංකල්පිත බව සලකන්න.
(විශේෂ ස්තූතිය මිතුරු මිතුරෝ ආයතනයේ ප‍්‍රධානි කුප්පියාවත්තේ බෝධානන්ද හිමියන්ට)
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කුඩු ගහල හිටපු මම පොලිසියේ දෙන්නකුගේ කකුල් කැඩුවා
රංගන Tuesday, 18 November 2014 07:21 AM
වටිනා ලිපියක්.(හේ)
නිරාන් Tuesday, 18 November 2014 07:21 AM
වටින ලිපියක් මේ දැනුවත් කිරීම හරිම අගෙයි.(හේ)
සෝමදාස Monday, 17 November 2014 06:11 PM
බොහොම අගය කළයුතු ලිපියක්. කරුණාකර මෙවැනි ලිපි තවත් පළකරන්න. (නි)