IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


කුඩුකාරයෙක් බැන්දොත් මාර්කට් එකේ විකිණුනා තමයි

20_RASA_P_3    

 

සිනා සී ගෙවන හැම ජීවිතයක් තුළම සතුට තිබේද? අත්දැකීමෙන් ගත්විට වුණත් ඔබ “නැතැයි” කියාවි. මොන තරම් සිනා සී දිවි ගෙවුවත් අපි ජීවත් වෙන්නේ බොහෝ දුක කනගාටුව තුන් හිතේම දරාගෙනය. අපි සතුට දකින්නට වගේම හීන බලාපොරොත්තු කරපින්නා ගන්නේත් දැවෙන ගින්දරක් මැද සිටය.

 

55

 

තමන්ට තමන්වත් විශ්වාස නැති ලොව අනෙකුන් ගැන කවර කතාද? ඔබට හමුවන සියල්ලන් විශ්වාස කළ හැකිද? කතා කරන සියල්ලන් විශ්වාස කළ හැකිද? කතා කරන දකින හැමෝම එකහෙළා විශ්වාස කරනවා නම් ඔබ කවුරු වුණත් ඊට වඩා අනතුරක්-විනාශයක් ඔබට තවත් නැත.


විවාහයක් සිදුකරන්නේ ගම් හතකට මඟුල් කියා-රබන් ගසා පෙරහර ද පවත්වමිනි. ඒ තරම් ලොකුවට කරන්න බැරි උදවිය පුංචිවට විවාහය සමරති. කෙසේ හෝ වේවා විවාහයට පෙර හත්මුතු පරම්පරාව ගැන ද හොයා, කේන්දර ද ගළපා, ආදායම්, ආර්ථිකය ද බලා කසාදය තීන්දු වේ. මේ කොයි දේ ගැළපුවත් වැඩිමනත් විවාහ අසාර්ථක බව සමාජය දෙස බලද්දී පෙනේ. ඒ අසාර්ථකභාවයට අනියම් සබඳතා ආදිය දැඩි සේ බලපෑම් කරන බව ද පෙනේ. ඒ අස්සේ හැංගුණු කතාවක් අද අතුල මහතා සමඟ ඔබට දිගහරිමු.


බඳිනකොට මූණෙ පාට ගාලා, ගම් හතකට කියලා බැන්දට මොකෝ සමහරු දික්කසාද වෙන්නෙ ඒ ගාපු පාට ඇඟෙන් අයින් වෙන්නත් කලින්. දික්කසාදෙ ඒ තරම්ම ඉක්මන් වෙලානෙ මහත්තයො.... එකක් තමයි අනියම් සබඳතා. මහත්තයාට හොරා නෝනට තව කොල්ලෙක් ඉන්නවා නැත්නම් නෝනට හොරා මහත්තයාට තවත් නෝන කෙනෙක්. හැබැයි ඉතින් ඕවා සුලබ කතානෙ. අපිවෙන පැත්තකට බහිමු. කන්දක් නැග්ගොත් බහින්න තියෙන්නෙ එක පාරක් නෙවේනෙ. ඒ නිසා විවාහ ජීවිත කැඩිලා බිඳිලා විනාශ කරන කල්ලි වාදයේ තව පැත්තක් කියා දෙමු.

මේ සමාජයේ පිරිමියාට වඩා ස්ත්‍රිය තවමත් අසරණයි

RASAVITHA_3.qxd

 

මේ වන විට අපේ සමාජය තුළ බරපතළ සංස්කෘතික විනාශයක් සේම සමාජ බැඳීම්, ආචාර ධර්ම උල්ලංඝනය වන තත්ත්වයක් නිර්මාණය වෙන්නට පටන්ගෙන ඇත. එවැනි දේ රහසේ වේවා-නොරහසේ වේවා කෙසේ සිදුවුවත් සමාජයේ ඉදිරි පැවැත්මට තර්ජනයක් බව අමතක නොකළ යුතුව ඇත.
සමාජයක් තුළ ආචාර ධර්ම යුතුකම් රැඳී ඇත්තේ පුද්ගලයා තුළ ස්වයං පාලනයක් ඇති කිරීම සඳහාය. නමුත් ඒ ස්වයං පාලනය බිඳ වැටෙන අවස්ථා අපට දැන් දැන් වැඩිපුර අසන්නට ලැබේ.
මේ වන විට ස්ත්‍රිය වෙළෙඳ භාණ්ඩයක්, කාමුක සන්තර්පනයට යොදා ගන්නා මෙවලමක් ලෙස සමාජයේ කොටසක් දකින්නට පෙලඹී ඇති බවක් පෙනෙන්නට තිබේ. එය සිදුවී ඇත්තේම පුද්ගලයා හිතන ස්වභාවය ‘අමුතු-උමතු’ වීම හේතුකොට ගෙනය.
විශේෂයෙන් සමාජය තුළදී පිරිමියාට වඩා ස්ත්‍රිය තවමත් අසරණය. විවාහ වූ විට පවුල නම් කුටුම්බය තුළ බොහෝ ස්ත්‍රීහු තවත් අසරණ වෙති. විවාහ වූ පමණින් තමන්ගේ බිරිඳ තමා කියන සියළු දෙයටම නතුවිය යුතුයැයි සැමියා කියනවා නම් එය වරදකි. සැමියා කියන යහපත් දේට බිරිඳට කැමැති වියහැක. නමුත් අයහපතක් නම් ඊට එරෙහිවිය හැකිය. එහෙත් අපේ පවුල් සංස්ථාව තුළ විවාහක බිරිඳට බොහෝ විට සිදුවී තිබෙන්නේ සැමියා හොඳක් කීවත්-නරකක් කීවත් ඊට එකඟ වීමටය. ඒ තරමට ඇය අසරණ වී ඇත. මේ අසරණකම ඉවසිය නොහැකි තැන දික්කසාදය හෝ සියදිවි නසා ගැනීම යන තීන්දුවක් වෙතට ඇය පත්වේ. 
ඇය එතැනට යාමේ දුෂ්කරතාව අසරණභාවය සාධාරණව සිතන පතන විමසන අයද අල්පය.
බුදුදහමේ ද දක්වන පරිදි පුද්ගල මානසික විකෘතිභාවයට, එසේම මනුෂ්‍යයා අගතියට පත්වීමට මත්ද්‍රව්‍ය හේතුවන ආකාරය පෙන්වා දෙයි.
මත්ද්‍රව්‍ය හරහා තම මනස විකෘති කර ගත්තකුට තමන්ගේ බිරිඳ වැදගත් නැත. දරුවන් වැදගත් නැත. අම්මා-තාත්තා වැදගත් නැත. දේපළ වැදගත් නැත.
එක මොහොතක කුඩු පාවිච්චියක් වෙනුවෙන් හෙවත් තම අවශ්‍යතාව සපුරා ගැනීම වෙනුවෙන් ඕනෑම දෙයක් ඔහු කරන්නේය. තමන්ගේ බිරිඳ එකවර දෙතුන් දෙනෙකුට විකිණීම ද එහි උච්ච අවස්ථාවකි.
මෙය “පරපීඩිත කාමුකත්වය” ලෙස ද දැක්විය හැක. අන්‍යයා දැඩි පීඩනයකට ලක්කර තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම මෙය වේ. මත්ද්‍රව්‍ය ගැනීම වෙනුවෙන් බිරිඳ අන්‍යයාට විකුණනවා නම් එහි පැති ගණනාවක් තිබිය හැක.
එකක් බිරිඳ විකුණා මත්ද්‍රව්‍ය සඳහා මුදල් ලබා ගැනීමය. දෙවැන්න තමන්ගේ ස්වයං වින්දනයක් සඳහා තව කෙනෙක් බිලි දීමය. තුන් වැනිව කායික මානසිකව පුද්ගලයා දැඩිලෙස පිරිහී තිබීමය. මත්ද්‍රව්‍ය වෙනුවෙන් සොරකම් කරන අය අපට අසන්නට ලැබේ. නමුත් සොරකමක් කර අසුවුවහොත් ඔහු බරපතළ ලෙස විවිධ පුද්ගලයන්ගේ පහරකෑමකට ලක්වේ. එම නිසා මත්ද්‍රව්‍ය ලෝලීහු තමන්ට ඒ සඳහා සරල ලෙස මුදල් සොයා ගැනීමට යොදාගන්නා උපක්‍රමය නම් බිරිඳ විකිණීමය. නැත්නම් මව-සහෝදරිය විකිණීමය.
මේ තත්ත්වය අපේ සමාජ සංස්කෘතියේ මාපිය-දූදරු සබඳතාවට මරු පහරක් වී ඇත. 
අඹු-සැමි සබඳතාවටද මරුපහරක් වී ඇත.
එම නිසා මෙවැනි අකාරුණික බලපෑම් ඇති නිවෙස් ගැන වගකිව යුත්තන්ගේ අවධානය යොමු වී සහනය උදාකර දීම සමාජ අවශ්‍යතාවක් බවට පත්ව ඇත. එසේ නොවුණොත් මෙවැනි තත්ත්වයන් උත්සන්න වී වයස් භේදයකින් තොරවම මනුෂ්‍යත්වයක් නැති-තිරිසනුන්ටත් වඩා අන්ත සමාජයක් අපට දකින්නට හැකිවනු ඇත.

 


අතුල කතාවේ ප්‍රවිශ්ටය අරඹයි.


ගෑණු ළමයෙක් කොල්ලෙකුට ජීවිතේ බාරදෙන්නෙ එයාගෙ මුළු ජීවිත කාලෙම තමන්ව පරිස්සම් කරාවි කියන ලොකු විශ්වාසයකින්.... ඒත් ඉතින් ඒ පරිස්සම හැමෝගෙන්ම ලැබෙනවද කියන තැන ලොකු රික්තයක් හිඩැසක් තියෙනවා.... සමහර කොල්ලන්ගෙ ආදායම් මාර්ගයම මේ අහිංසක ගෑණු ළමයි. මොකක් හෝ පොඩි රස්සාවක් කරනවා කිවුවට ඒ කොල්ලො කන්නෙ බොන්නෙ අඳින්නෙ පළඳින්නෙ ජොලි කරන්නෙ ගෑණු ළමයගෙ සල්ලිවලින්. සමහරු නම් ගෑණු ළමයාගෙ රස්සාව හූරගෙන කනවා. ඒත් කමක් නෑ කියමුකො මහත්තයො.... තමන්ගෙ පෙම්වතිය, බිරිඳ විකුණන ජාතියක් ඉන්නවද? මේ කියන්නෙ එහි එක පැත්තක්.... අපට සංස්කෘතියක්-සදාචාරයක් තිබුණට ඒවට හංගලා වෙන අඳුරු කතාවක්....


අතුල උදාහරණය දෙමටගොඩ දෙසින් ගනී.


මහත්තයො.... පොත්ත ලස්සන නම් ගහත් මාර්කට් වගේ, සුන්දර ලියන්ට කොහෙත් ඉල්ලුම තියනවා. අපේ රටේ සමහර පිරිසක් දැල එළන්නෙම මේ සුන්දර ලඳුන්ට. රස්සාව වැදගත් නෑ.... දුප්පත් පෝසත්කම වැදගතුත් නෑ.... ගර්ල්ව දා ගත්තොත් සල්ලි ගහක් ලැබුණ කියලා හිතන මිනිස්සු මේ සමාජයේ ඉන්නවා.


සමහර මිනිස්සු රස්සාව ලොකුවට කළාට මොකෝ... ජීවිතේ සම්පූර්ණයෙන් විනාශ කරගෙන ඉවරයි.... අද කාලෙ මාසේ පඩියෙන් අමාරුවෙන් දුවාගන්න මිනිස්සු කොච්චර ඉන්නවද? ඒ අය බැරිවෙලාවත් කුඩුවලට ඇබ්බැහි වෙලා නම් මොන රස්සාව කළත් වැඩක් තියෙනවද?
අතුල විමසයි.


රස්සාවක් කරනවා කීවාට-වැටුප මෙපමණයි කීවාට කුඩු බීමට ඇබ්බැහි වී නම් ඔහු කුමනාකාරයට රඟ පෑවත් එය අතිශය භයානක නාට්‍යයකි. අතුල කියන දෙමටගොඩ යුවළ ඒ රඟපෑම තුළ අතරමං වූ සිරකාරයෝය.


“ඔය ජෝඩුව බැන්ඳෙ මහත්තයො ගම් හතකට මඟුල් කියලා. රස්සාව අරකයි-මේකයි, පඩිය මෙහෙමයි කියලා. ඒත් බැඳල මාස දෙක යනකොට බිරිඳට රඟපෑම හෙළි වෙලා ඉවරයි.”


“මොනතරම් තිරිසන් මනුස්සයෙක් ද කියන්නෙ, බිරිඳගෙ නිරුවත් ඡායාරූප, වීඩියෝ මේ මිනිහා ළඟ, ගෑණිව ගහලා බය කරලා බ්ලැක් මේල් කරලා ඇයි.... එකම හේතුව කුඩුවලට ඇබ්බැහිකම. බිරිඳට වඩා කුඩු ලොකුයි. කුඩු බොන්න පඩිය මදි. දැන් මොකද කරන්නෙ.... තමන්ගෙ ලස්සන බිරිඳගෙ ෆොටෝ ලොකු මහත්තුරු ළඟට අරන් යනවා.”


“සර්... මගේ නෝනා... කීයක් හරි දෙන්න...”


එය පුදුම කතාවකි... මෙය නැතිබැරිකම නොවේ. මත්ද්‍රව්‍ය ඇබ්බැහිකමේ ප්‍රතිඵලයකි....


“ඔය කුඩුකාරයාට ලොකු මහත්තුරු සෙට් කරලා දෙන කණ්ඩායම් ඉන්නවා. විවාහක බිරින්දෑවෝ විශාල පිරිසක් මේ සමාජ අසාධාරණකමින් අසරණ වෙලා.


සමහර ගෑනු විකිණෙන්නෙ රුපියල් හාරපන් දාහට.... එතනින් දාහක් දෙදාහක් කල්ලියට. ඉතිරි සල්ලි කුඩුකාර සැමියාට....


මෙතන තියෙන ප්‍රශ්නය ඒක නෙවෙයි මහත්තයො....


ඔය කියාපු නෝනව අර කුඩුකාරයා විකුණන්නෙ හරිම අමානුෂික විදිහට.... ඒ ගෑනු කෙනා කියාගන්න බැරි තරම් අසරණයි. සල්ලි දෙන නිසා ඇය ඉවසාගෙන ඉන්නවා. හැබැයි ඒකට කැමැත්ත කියන්න බෑ මහත්තයො... මේවා සංසාරගත පවුකම්.


විකෘති මානසිකයො දෙතුන් දෙනා මේ වෙන දේවල් බලාගෙන ඉන්නවා.... කුඩුටික වෙනුවෙන් බිරිඳ විකුණන්නේ මෙහෙමයි....


රට ලෝකෙට පේන්න පවුල් ජීවිතෙත් තියෙනවා. හැබැයි ගේ ඇතුළ අපායක්. සතියට සැරයක් ඔය මිනිහ තමන්ගෙ ගෑනිව විකුණනවා.


සමහර බිරින්දෑවො තමන් විකුණපු පළවෙනි දවසෙම වසබීලා, බෙල්ලෙ වැල දාගෙන, ගඟට පැනලා මැරිලා තියනවා. සැමියා එක්ක ආරවුලක් නිසා මෙය වුණු බවට රටේ ප්‍රචාරය වුණාට ඒකෙ ඇත්ත කතාව තමයි ඇය ජීවිතෙන් සමුගෙන ගියේ ඉහත හේතුවක් නිසා. නමුත් සියල්ල අභිරහසක්. මේ අභිරහස දන්නෙ ජීවත්වෙන සැමියා සමග තවත් පුරුෂයන් දෙතුන් දෙනෙක් විතරයි.


සමාජය විෂම වී, දූෂිත වී හමාරය. එහි අහුමුළුවළ කුණු සෙවීම ලෙහෙසි පහසු නැත. එබැවින් කළ යුතු දෙය වෙන්නේ එක්කෝ තමන්ගේ පරිස්සම උදෙසා නීතිමය පියවර ගැනීමය නැත්නම් විවාහ වෙන අයගේ ඇබ්බැහිවීම් ගැන, කේන්දර, රස්සා ගළපා හොයන පැටිකිරියට වඩා ගැඹුරින් සොයා බැලීමය එසේ නොවුණොත්, විවාහවන ඔබේ දියණිය රඟපාන කුඩුකාරයෙක්, කාමාතුරයෙක් නිසා නිකරුණේම මිලිනව යනු ඇත.

m13



අදහස් (0)

කුඩුකාරයෙක් බැන්දොත් මාර්කට් එකේ විකිණුනා තමයි

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 579 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 78 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 97 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 324 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 218 1

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 110 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 673 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 333 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 481 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site