නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය ඉකුත් දා දිවුරුම් දුන් අතර ආර්ථිකය ස්ථාවර කිරීමේ කඩිනම් කාර්යභාරයට ඔවුන්ට මුහුණ දීමට සිදුව තිබේ. විදේශ මූල්‍ය අංශයේ තිබෙන අවදානම් සහගත තත්ත්වය අඩු කිරීම, අතිවිශාල අයවැය හිඟ අඩු කිරීම, රට තුළ වර්ධනය වෙමින් තිබෙන විරැකියාව අඩු කිරීම සහ දරිද්‍රතාව අඩු කිරීම වත්මන් ආණ්ඩුවේ ප්‍රධානම අභියෝග වේ. අහිතකර ගෝලීය ආර්ථික පරිසරයක් මධ්‍යයේ නව ආණ්ඩුවට මේවාට කඩිනමින් විසඳුම් සෙවීමට සිදුව ඇත. කෙසේ නමුත් දීර්ඝකාලීන සහ කෙටිකාලීන ආර්ථික වර්ධනය ළඟා කරගැනීම සඳහා එම ආර්ථික අභියෝගවලට ඉක්මනින් විසඳුම් සෙවීමට සිදුව තිබේ.
ප්‍රතිපත්ති
රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට ගන්නා ප්‍රතිපත්ති කෙටි කාලයේදී ජනප්‍රිය නොවුණත් රටේ ජාතික අභිලාෂ සැලකීමේදී අත්‍යවශ්‍ය වේ. මැතිවරණවලදී මොන පොරොන්දු දුන්න ද නව ආණ්ඩුව රටේ ආර්ථිකය ස්ථාවර කරන පියවර ගත යුතුය. ඒ අතරවාරයේදී විරැකියාව සහ දරිද්‍රතාව වැඩි වීම යනාදී රටේ ඉක්මනින් පිළිතුරු අවශ්‍ය ආර්ථික සහ සමාජ ප්‍රශ්න විසඳීමට ද පියවර ගත යුතු ය.
නිවැරැදි ආර්ථික ප්‍රතිපත්ති ජනතාව අතර ජනප්‍රිය නොවුණ ද ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තිබෙන ශක්තිමත් බහුතරය නිවැරැදි ආර්ථික ප්‍රතිපත්ති ගැනීම සඳහා ධෛර්ය දීමකි. විශේෂයෙන්ම අති විශාල අයවැය හිඟ අඩු කිරීමේදී එය සත්‍යයකි.
කඩිනම් පියවර
කඩිනම් පියවර ගැනීමෙන් ආර්ථික තත්ත්වය තවදුරටත් නරක අතට හැරීම වළක්වා ගත හැකිය. එමෙන්ම දීර්ඝකාලීන ආර්ථික වර්ධනය සහ සමාජ සංවර්ධනය සඳහා දැක්මක් සහ ප්‍රතිපත්ති අවශ්‍ය වේ.
දුර්වල ආර්ථිකය
කෙසේ නමුත් රටේ දුර්වල සාර්ව ආර්ථික තත්ත්ව සහ ගෝලීය ආර්ථිකයේ පසුබැසීම ආර්ථිකය නැවත යථා තත්ත්වයට ගෙන ඒම විශේෂයෙන්ම ආර්ථිකය ශක්තිමත් කිරීම දුෂ්කර කරනු ඇත. විශේෂයෙන්ම ගෝලීය ආර්ථිකයේ තිබෙන අවිනිශ්චිත තත්ත්වයත් නව කොරෝනා වයිරස ගෝලීය වසංගතයේ ලෝක ව්‍යාප්තියත් නිසා එය තවදුරටත් දුෂ්කර වී තිබේ. ගෝලීය ආර්ථිකයේ නැවත නැගී සිටීම මෙරට ආර්ථික වර්ධනයට අවශ්‍ය කෙරෙන පූර්ව කොන්දේසියකි. ශ්‍රී ලංකා ආර්ථික රඳා පවතින්නේ වෙළෙඳාම, සංචාරක සහ විදෙස් ප්‍රේෂණ මතය. එබැවින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගෝලීය ආර්ථිය නැවත යථා තත්ත්වයට පත්වීම මත රඳා පවතී.
කඩිනම් ප්‍රශ්න
සිය ආර්ථික වර්ධන උපායමාර්ගය ක්‍රියාත්මක කිරීමට පෙර කඩිනමින් විසඳා ගත යුතු ආර්ථික ප්‍රශ්න කිහිපයක් නව ආණ්ඩුව හමුවේ පවතී. රටේ විදේශ මූල්‍ය අංශයේ තිබෙන අවදානම් සහගත තත්ත්වය අඩු කරගැනීම සහ රජයේ ආදායම් වැඩි කරගනිමින් අතිවිශාල අයවැය හිඟ අඩු කරගැනීම ඊට ඇතුළත් වේ. එම ප්‍රශ්න විසඳා ගත යුත්තේ රටේ වැඩිවෙමින් තිබෙන විරැකියාව සහ දරිද්‍රතාව යන අර්බුදවලට පිළියම් සොයන අතරවාරයේදී ය. මේ කටයුතු සඳහා ආණ්ඩුවට අමතර වියදම් අවශ්‍ය කෙරෙන අතර විශේෂයෙන්ම කඩිනම් සහන ක්‍රියාමාර්ග ගැනීමට ද සිදුව තිබේ.
ද්විත්ව ප්‍රශ්න
ගෙවුම් ශේෂය දුර්වල වෙමින් රටේ විදේශ මූල්‍ය අංශයේ තිබෙන අවදානම ඉහළ යාම සහ අතිවිශාල අයවැය හිඟය හේතුවෙන් රටේ ආර්ථිකය අස්ථාවර වීම රට හමුවේ තිබෙන ප්‍රධාන ප්‍රශ්න දෙකකි. මෙම ප්‍රශ්න දෙකකට ඉක්මන් ප්‍රතිකර්ම අවශ්‍ය අතර කඩිනමින් පිළිතුරු සෙවිය යුතු ය.
විදේශ මූල්‍ය
අහිතකර ගෝලීය තත්ත්වය හමුවේ, අවදානමේ තිබුණු රටේ විදේශ මූලය අංශය තවදුරටත් කඩා වැටී ඇත. එයින් ගොඩඒමට නම් විදෙස් සහාය අවශ්‍ය වේ. රාජ්‍ය මූල්‍ය සැලකිල්ලට ගැනීමේ දී, රජයේ ආදායම් වැඩි කිරීමට නම් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සම්පූර්ණ වෙනසක් (යූ ටර්න්) සිදුවිය යුතු ය. ඒ අතරවාරයේදී රජයේ වියදම් දූරදර්ශී ලෙස කළමනාකරණය කර ගත යුතු අතර අයවැය හිඟය ශීඝ්‍රයෙන් ඉහළ යෑම ද අඩු කරගත යුතු ය.
විදේශ මූල්‍ය අංශයේ අවදානම් තත්ත්වය
පසුගිය වසර අවසානයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 7.5ක් වූ මෙරට විදෙස් සංචිත ප්‍රමාණය මේ වසරේ ජූනි මාසය අවසන් විට ඩොලර් බිලියන 6.5ක් දක්වා අඩු වී ඇත. මේ වසරේ දෙවැනි අර්ධයේදී ද ගෙවුම් ශේෂයේ හිඟය අඛණ්ඩව පවතිනු ඇත. එමෙන්ම මේ වසරේදී ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය ගෙවීමට ද තිබේ. මේ කරුණු සැලකිල්ලට ගැනීමේදී වසර අවසානය වනවිට රටේ විදෙස් සංචිතය සැලකිය යුතු අන්දමින් තවදුරටත් පහළ වැටෙනු ඇත. අපනයන පහළ වැටීම, විදෙස් සේවක ප්‍රේෂණ අඩුවීම සහ සංචාරක කර්මාන්තයෙන් ලද ආදායම් (ගණනය කළ යුතු නැති) හේතුවෙන් දැඩි ආනයනික සීමා පැනවූවද ගෙවුම් ශේෂය තත්ත්වය අහිතර තත්ත්වයකට හැරී ඇත.
අඩු සංචිත
සංචිත ප්‍රමාණය අඩුවීමේ අනතුර වැඩි වශයෙන් දැනෙනු ඇත්තේ 2021 වසරේදී ය. එම වසරේදී ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 4කි. මේ තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී අන්තර්ජාතික මූල්‍ය අරමුදල යෝජනා කර ඇති ණය සහන කාලයක් ලබාගැනීම ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය වේ. එමෙන්ම ශ්‍රී ලංකාව විදේශ මූල්‍ය අංශයේ තිබෙන අවදානම් තත්ත්වයෙන් ගොඩඒම සඳහා අනෙකුත් බහුපාර්ශවීය සහ ද්විපාර්ශවීය ජාත්‍යන්තර සහාය ලබාගැනීම සඳහා දැඩි ලෙස උනන්දු විය යුතු ය.
අසමබර අයවැය
රටේ හමුවේ තිබෙන අනෙක් දරුණුතම ප්‍රශ්නය වන්නේ අතිවිශාල අයවැය හිඟයයි. රටේ ආර්ථික අස්ථාවරත්වයට ප්‍රධානම හේතුව වන්නේ ද එයයි. රාජ්‍ය වියදම් වැඩිවෙන අතරවාරයේදී ආදායම් අඩු වී තිබේ. මේ වසර අවසන් වෙද්දි රටේ අයවැය හිඟය අංක දෙකේ සංඛ්‍යා ද ඉක්මවා යනු ඇත. එබැවින් ලබන වසරේදී (2021) එය ඉන් භාගයක් දක්වා අඩු කරගැනීමට පියවර ගත යුතු ය. මෙය ආණ්ඩුව කඩිනමින් විසඳිය යුතු ප්‍රශ්නයකි.
උපායමාර්ග
අයවැය හිඟය අඩු කරගැනීම සඳහා ආණ්ඩුවට උපායමාර්ග අවශ්‍ය අතර එම උපායමාර්ගය ද්විත්ව ක්‍රියාමාර්ගයක් විය යුතු ය. එනම් අක් ආකාරයකින් රජයේ ආදායම් වැඩි කරගත යුතු අතර අනෙක් උපායමාර්ගයෙන් රජයේ වියදම් සීමා කළ යුතු ය. මේ උපායමාර්ගයේ වඩාත් වැදගත්ම සහ ප්‍රායෝගික ක්‍රියාව වන්නේ ආදායම් වැඩි කරගැනීමය. ආණ්ඩුව බදු නිදහස් කිරීම් වෙනස් කළ යුතු අතර බදු අඩු කිරීම් ක්‍රියාත්මක කළ යුතු ය. එමෙන්ම කලින් ආණ්ඩුවේ බදු ප්‍රතිසංස්කරණ දෙස ද අවධානය යොමු කළ යුතු ය. කලින් ආණ්ඩුව නව ආදායම් උපායාමාර්ගයකින් ගමින් රාජ්‍ය මූල්‍ය ඒකග්‍රතාව ළඟා කරගැනීමට උත්සාහ කළේය.
දීර්ඝකාලීනව සැලකිල්ලට ගැනීමේදී ප්‍රගතිශීලි බදු ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු අතර රාජ්‍ය මූල්‍ය ඒකග්‍රතාව ළඟා කරගැනීම සඳහා වියදම්වල වෙනස්කම් ද සිදු කළ යුතු ය.
දුෂ්කර කාර්යය
කඩිනමින් ආර්ථිකය නගා සිටුවීම ඉතා දුෂ්කර වී තිබේ. අහිතකර ගෝලීය තත්ත්ව හමුවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සිදුව තිබීම එම කාර්ය දුෂ්කර වීමට ප්‍රධානම හේතුව වී තිබේ. ලෝක ආර්ථිකය මේ වනවිට පසුබෑමකට ලක්ව තිබෙන අතර නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් සංචාරක කර්මාන්තය සහ වෙළෙඳාම නැවතී තිබේ. ගෝලීය ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට නම් නව කොරෝනා වයිරසය පාලනය කිරීම පූර්ව අවශ්‍යතාවක් වී තිබේ. එහෙත් පාලනය වනු ඇතැයි කිව නොහැකි තරම් ය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය රඳා පවතින්නේ අපනයන, සංචාරක කර්මාන්තය සහ රට තුළට ගලා එන විදෙස් ප්‍රේෂණ මතය. ඒ සියලු අංශ මේ වනවිට දැඩි අවදානමකට මුහුණ දී ඇත. එම තත්ත්වය හේතුවෙන් රටේ විදේශ මූල්‍ය අංශය දැඩි අවදානමකට මුහුණ දී ඇති අතර විරැකියාව ඉහළ ගොස් ඇත. ආදායම් මාර්ග ඇහිරි ඇති අතර දරිද්‍රතාව සහ කුසගින්න ඉහළ ගොස් තිබේ. එමෙන්ම ආදායම් මාර්ග වැඩි කිරීමටත් දරිද්‍රතාව අඩු කිරීමටත් ආණ්ඩුවට ඇති සම්පත් හා මූලාශ්‍ර ද ඉතා සීමා සහිත ය.
ජාත්‍යන්තර සහාය
මේ කරුණු සියල්ල සැලකිල්ලට ගැනීමේදී ආර්ථික සහ සමාජ පීඩාව සැහැල්ලු කිරීම අතිවිශාල අභියෝගයකි. ඊට ජාත්‍යන්තර මූල්‍ය සහාය අවශ්‍ය කෙරේ. මේ දරුණු අභියෝග ජාතික ප්‍රශ්න ලෙස සලකා ඒවාට විසඳුම් සෙවීමට සම්මුතියෙන් සහ සහයෝගයෙන් ජාතික මට්ටමින් ක්‍රියාමාර්ග ගැනීමට කාලය එළැඹ තිබේ.
දේශපාලන වෙනස්කම්
දැන් මැතිවරණය අවසන් වී තිබේ. එබැවින් දේශපාලන වෙනස්කම් විශේෂයෙන්ම දේශපාලන පක්ෂවල වෙනස්කම් පසෙකලා ආර්ථිකය නගා සිටුවීම සඳහා ක්‍රියාකාරී වැඩසටහනකට එකඟ විය යුතුව තිබේ. ඒ සඳහා ජාත්‍යන්තරයේ සහාය ද ලබාගත යුතු ය. ඒ තුළින් ගෙවුම් ශේෂයේ තිබෙන දුෂ්කරතා සහ ණය පොලී ගෙවීම් වගකීම්වලින් තරමක් දුරට නිදහස් වීමට අවස්ථාව ලැබේ. මෙවැන්නක් සිදුවන්නේ ඉතාම කලාතුරකිනි. එවැනි එකඟතාවක් ඇති කරගත්ත ද එය කෙටි කාලයකට ය.
අවසාන වශයෙන්
ආර්ථිකය නගා සිටුවීමේ (ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා) වැඩසටහනක් සඳහා ආණ්ඩුවට ජාතික එකඟතාවක් පොදු සම්මුතියක් ඇති කරගත හැකි ද ?
ආචාර්ය - නිමල් සඳරත්න විසිනි
(***)
සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පළවූ ලිපියේ පරිවර්තනය
හර්ෂණ තුෂාර සිල්වා
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කඩිනම් විසඳුම් දියයුතු ආර්ථික අභියෝග
rana Wednesday, 19 August 2020 10:47 AM
ඔබගේ ලිපියට මල් මිටක්... සියලු දෑ සත්‍ය, ඔබ ලියනා පරිදි අපේ ආර්ථිකය ගොඩ ගැනීම ගැන අද පත්වී ඇති මන්ත්‍රී යෝජනා කිසිවක් අසන්නටවත් නැත, අදහස්, දර්ශනයක් හෝ මතයක් හෝ නොමැති බව පෙනේ... අඩුම වශයෙන් යොජනා... මේ අයට ආර්ථිකය කෙසෙ වුවත් ව්‍යවස්ථාව වෙනස් කිරීම හදිසි බව පෙනේ.. අපි බලා සිටිමු. සිතන්න මේ ඇමැති මණ්ඩලයේ 2 හැර අනිත් සියලු දෙනාම දැන් දරණ තනතුර මීට පෙරත් දරා අැති බව...
සමන්ත Saturday, 22 August 2020 04:05 PM
රටක මධ්‍යම ආණ්ඩුවක වගකීම මිනිස්සුන්ට රක්ෂා දෙන එක නොවේ, නව රක්ෂා ඇති කරන ආර්ථික තත්වයක් රට තුළ ඇති කිරීමයි. අපව පහුකරලා ගියපු ආසියාතික සහ අප්‍රිකානු රටවල් (දකුණු ආසියාතික ඇතුළු) සහ දැනට අපව පහුකරමින් සිටින අප්‍රිකානු රටවලත් නායකයෝ මෙම තත්වයන් රටතුළ ඇති කිරීමෙන් රට වැසියන්ට වඩාත් හොඳ ජීවන තත්වයක් ලබා දෙන්න ක්‍රියා කළා. ඇතැම් මාධ්‍ය අපේ රටේ මිනිස්සුන්ට උගන්වන්නේ ආර්ථිකය කියන්නේ රට ජාතිය විනාශ කරන්න එන දෙයක් කියලයි..