රටම කැළඹූ මීතොටමුල්ල කුණූකන්ද ඛේදවාචකයෙන් බේරන්නට එකිනෙකා එකිනෙකාට ඇඟිලි දිගුකර ඇති උත්සහයක් ගත් පිරිස් පසුගිය දිනවල දකින්ට ලැබුණි.
මුහුණු පොතේ සටහනක් පිළිබඳව ලංකාදීප එසැණ තතු සොයා යාමේදී එවකට කොළඹ මහනගර සභාවේ පුණ්‍ය කටයුතුසහකාර කොමසාරිස් ලෙස කටයුතු කළ දැනට බළන්ගොඩ ප‍්‍රාදේශීය මහලේකම් ලෙස කටයුතු කරනු ලබන චම්පික නිරෝෂ් ධර්මපාල මහතා වෙත යොමු වුනෙමු. ඒ ඔහු කොරියාවේ සොල් නුවර මෙට්‍රොපොලිටන්වල කසල කළමනාකරණය පිළිබඳව පශ්චාත් උපාධිය හැදෑරීමේ දී ලබාගත් ප‍්‍රායෝගික අත්දැකීම් හා දැනුම උපයෝගී කරගනිමින් එවකට කොළඹ මහනගර සභාවේ නගරාධිපති මුසම්මිල් මහතාට කසල කළමනාකරණය පිළිබඳව ලබාදුන් යෝජනාවලිය කුණු කූඩයට ගොස් ඔහුට මාරුවක් ලැබ වෙනත් ප‍්‍රදේශයකට යාමට සිදුවු ආකාරයත් දක්වා තිබුණි. ඒ අනුව එසැනට ඔහු මුහුණ දුන්නේ මේ අයුරිනි.
ඔබ කොපමණ කලක් කොළඹ මහනගර සභාවේ සේවය කළාද?
මම 2010 දෙසැම්බර් ඉඳලා 2013 ජනවාරි වෙන කල් සේවය කළා.
අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව යෝජනාවලියක් සකස් කළේ ඒ වන විටත් කුණු කන්දේ ප‍්‍රශ්නය මතුවී තිබුණ නිසාද?
මම තමයි කොළඹ මහ නගර සභාවේ සහකාර පුණ්‍ය කොමසාරිස්. මොනවා හරි ආපදාවකට ලක්වුණාම නැත්නම් අසරණ අයෙකුට ආපදා අවස්ථාවකට සහන සලසන්න තියෙන්නේ පුණ්‍ය කොමසාරිස්ට. අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳව පුණ්‍ය කොමසාරිස්ට වගකීමක් නෑ. පුණ්‍ය කොමසාරිස් හැටියට මට කරන්න තියෙන්නේ ඒගොල්න්ට සහන සලසන එක . කොටින්ම කිව්වොත් ඒ අයට කන්න බොන්න දෙන එක කඳවුරු ගතකරන එක. ඒ අය බලාගන්න එක් යනාදී වශයෙන් එම කටයුතු ඉටුකිරීම.
එය ඔබේ රාජකාරියක් නොවෙයි නම් ඇයි එවැනි යෝජනාවලියක් ඉදිරිපත් කළේ?
මම කොරියානු විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධියට හැදෑරුවේ නගර කළමනාකරණය පිළිබඳව. අපේ කොළඹ මහනගර සභාව වගේ සෝල්වලත් තියනවා නගර සභාවක් ඒකට කියන්නේ සෝල් මෙට්‍රොපොලිටන් ගවර්මන්ට් කියලා. ඒකෙදි මගේ පුහුණුව ප‍්‍රවාහනය, පුණ්‍ය කටයුතු, ක‍්‍රීඩා හා විනෝද කටයුතු, කසළ කළමනාකරණය නගර සභාව සම්බන්ධයෙන් එන හැම කටයුත්තකටම අදාළව මාස 24 ක උපාධියක් හැදෑරුවා. එහිදි මට මාස කීපයක් සෝල් නගර සභාවේ අපද්‍රව්‍ය කලමනාකරණය පිලිබඳව ප‍්‍රායෝගික අධ්‍යනය අවස්ථාවක් ලැබුණා. මෙහි කුණු ගෙනියන්න විශේෂ ක‍්‍රමවේදයක් තියෙනවා. අපේ කොළඹ නගර සභාවේ වැඩි ප‍්‍රතිශතයක් තියෙන්නේ ආහාර අපද්‍රව්‍ය. මම මගේ යෝජනාවේදී මුසම්මිල් නගරාධිපතිතුමාට කිව්වේ කුණු එකතු කරන සැලැස්ම වෙනස් කරමු කියලා.
ඔබගේ රාජකාරියට අදාළ නොවුණත් ඔබ මේ පිළිබඳව ඉගෙනගෙන තිබුණ නිසාද මේ යෝජනාවලිය ඉදිරිපත් කළේ මෙය කොළඹ ක‍්‍රියාත්මක කරමු කියලා.
ඔව් එකක් ඉගෙන ගෙන තිබුණ නිසා අනික ඇත්තටම මගේ කාලයේ මට මතක හැටියට දෙපාරක් හෝ තුන්පාරක් ඔය කුණු කන්ද කඩාගෙන වැටුණා. ඒ හැම වෙලාවෙම ගිහින් මට තමයි සහන සලසන්න සිද්ධවුණේ. සහන සලසන කාලයේ අපට කරන්න වුනේ වෙන් කරපු නැති කුණු එක්ක ගණුදෙනුවක්. නගර සභාවෙන් පිටතමයි කුණු කන්ද තිබුණේ.
කොළඹ ඉන්න නාගරික මන්ත‍්‍රී හෝ නගරාධිපතිතුමාට තම බල සීමාවේ නොවන නිසාත් ගිහින් දාන්නේ පිට නිසාත් ගණුදෙනු කරන තැනත් එක්ක තියන සම්බන්ධය මිසක් වෙනත් බැඳීමක් නෑ. එනිසා අපද්‍රව්‍ය කියන එක හරි විදියට වෙන්කරලා ගත්තොත් එතනින් එහාට අපිට ගණුදෙනු කරන්න වෙන්නේ 10-15% අතර ප‍්‍රමාණයක් එක්ක පමණයි. මට එකතැනකදී ඔය කුණු කන්න සම්බන්ධයෙන් වුණ සිද්ධියකදී විරෝධතාවන් ආවා මුසම්මිල් නගරාධිපතිතුමා ඉන්න කාලෙදි කොලොන්නාවෙ නගරාධිපති සහ ඒ පැත්තේ මිනිස්සු විරුද්ධ වුණා. අපි කොළඹ කුණු ගෙනියනවාට. අපි ඔව විරුද්ධ පිරිස බස් යොදාවා ගෙන්නලා අපි සාකච්ඡා කළා.
වෙනත් නිවාස හදලා දෙනකල් තාවකාලිකව දීමනාවක් දෙන්න යෝජනා කළා. කොළඹ නගර සභාවෙන් පිටත ඉන්න මිනිසුන්ට නගර සභාවෙන් ගෙවල් දෙන්න අරමුදල් යොදන එක සංකීර්ණ කරුණක්. ඒ ගැන විවිධ සාකච්ඡා ගියා. ඒ වේලේ තමයි මගේ යෝජනාව ගියේ.
ඒ අය කියපු පළමු වැනි කාරණය තමයි. මං පරිපාලන ශ්‍රේණියේ නිලධාරියක්නේ. ආයතන සංග‍්‍රහය හා මුදල් රෙගුලාසි දැනගෙන හිටියාම ඇති උපාය කළමණාකරණයට යාම අවශ්‍ය නෑ වගේ තමයි කිව්වේ. ඒක ඉංජිනේරුවන්ගේ රාජකාරියක් කියලා. මගේ උපායයන් මං පැහැදිලි කරලා දුන්නා පොඩි පත‍්‍රිකාවක් එක්ක. එතනින් එහාට ගියේ නෑ. පොඩි බහින් බස්වීමකුත් වුණා මොකද මට අධ්‍යාපනයට වියදම් කළේ නගර සභාවෙන්නේ.
ඕගොල්ලා මට උගන්නන්න සල්ලි වියදම් කළා නම් ඇයි අපේ අදහස් ගන්නේ නැත්තේ කියලා. නගර සභාවත් එක්ක මගේ ගිවිසුමක් තියනවා. අවුරුද්දක් පිටරට හිටියොත් අවුරුදු 4 ක් සේවය කරන්න ඕනි කියලා . ඒ අවුරුදු 4 අවසන් වෙන්න කලින් නගරාධිපතිතුමා මාව නිදහස් කළා. ඒ වෙලාවේ මම රාජකාරි දෙකක් කළා. නගර සභාවේ ක‍්‍රීඩා අධ්‍යක්ෂ තනතුරේ වැඩකළා. මම තනතුරේ ඉද්දිම වෙන අයෙක් පත් කළා. නොකියා මට යන්න කියන එකනේ. හිරමණේ කොහේ ගියත් කරන්නේ පොල් ගාන එකනේ. ඊට පස්සෙ මං තීරණය කළා එතන පොල්ගෙඩිය ගාන්න බැරිනම් වෙන තැනක පොල් ගෙඩියක් ගානවා කියල.
වෙනත් රටවල කුණු , සම්පතක් ලෙස නේද සලකන්නේ?
ඕක වෙන්නේ මෙහෙමයි. අපේ ලංකාවේ නගර සභාවල තිබෙන ප‍්‍රශ්නය කුණු ටික වෙන් වෙන්නේ නෑ කියන කරණයනේ. මගේ විසඳුමේ තියෙන්නේ කුණු ටික වෙන් කරලා ගන්න ක‍්‍රමවේදයක්. කුණු කියන දෙයින් අදහස් වෙන්නේ අපි භාවිතා කරල තියන දෙයින් ඉතුරුවන මොනවා හරි දෙයක්. ආහාර අපද්‍රව්‍ය සඳහා යොදා ගතහැකි ක‍්‍රම දෙකයි. ඉක්මණින් දිරායාමේ ස්වාභාවය එක්ක පොහාරක් විදිහට යොදා ගත හැකියි. අනික ඒ මොහොතේම ඉවත් කළහැකි දේ තියනවා. උදාහරණයක් ලෙස පොළක අයින් කරන කුණු ටික එදාම දෙන්න පුළුවන්නේ සත්ව ආහාර සඳහා හරකුන්ට උරන්ට වගේ සතුන්ට. ඒකෙන් ඇත්තටම ආදායමක් නොවෙයි. තවත් දෙයක අමුද්‍රව්‍යක් එතනින් වෙන ආදායම ඉතුරුයි. දෙවැනි එක අපේ කුණුවල 65%ක් 70% ක් තියෙන්නේ ආහාර අපද්‍රව්‍ය. මේවා කෙලින්ම වෙන්වෙලා එනවා නම් එතින් එහාට දෙයක් නෑ. අනික පොලිතින් ප්ලාස්ටික් සඳහා ආර් 7(7R) යොදා ගත යුතුයි.
මෙහිදි කළ හැකි සරලම දේ තමයි උදාහරණයකට බොතල් ගමුකෝ. බෝතල් කොච්චර වෙන දේට ප‍්‍රයෝජනවත්ව යොදා ගත හැකිද. ප්ල්ස්ටික් බෝතල් කොතරම් දේට යොදාගත හැකිද. මේවාට තියන ප‍්‍රශ්නය තමයි. වෙන්කර ගැනීම මගේ යෝජනා වෙයි. කුණු සම්පතක් වෙන්නේ වෙන් වුණොත්. මම යෝජනා කරන්නේ කුණු වෙන් වෙන්නේ කොහොමද කියන එක. අපි එදාට ගන්නේ ඒ කුණු විතරමයි නම් ජනතාවට කුණු වෙන් කරන්නම වෙනවානේ. කුණු ගොඩක් තිබුණාට සම්පතක් වෙන්නේ නෑ.
අපද්‍රව්‍ය කළමණාකරණය පිළිබඳව ඔබේ යෝජනාව මොකක්ද?
සංකීර්ණ යෝජනාවක් නොවෙයි. ඉතා සරලයි. ලෝකේ ඕනෑම රටක වෙන්නේ එහෙමයි. ලංකාවෙත් චක‍්‍ර ලේඛයක් ගෙනාවා කුණු වෙන් කරලා දෙන්න එතකොට තමයි අපි ගෙනියන්නේ කියලා. වෙන් කරල දුන්නත් එක ට‍්‍රැක්ටරයේ දාගෙන ගිහින් එක තැනට හළනවා. එතකොට වැඩක් නෑ. හොඳම ක‍්‍රමය තමයි. කුණු ගෙනියන්න එන දින ගණන හා වෙලාව පිළිබඳව ස්ථිර වෙලාවක් දීලා තියන්න ඕනෑ. ගෙනියන්න එන්නේ මේ කුණු ජාතිය විතරයි කියල කියන්න ඕනෑ. මරදාන ගත්තොත් හැමදාම එකතු කරනවා. ගඳ ගහන ආහාර ද්‍රව්‍ය සතියට දින කීපයක් එකතු කරනවා. එතකොට ඒ අයට සිද්ධ වෙනවා ඒ ද්‍රව්‍ය වෙන් කරලාම දෙන්න.
පොලිතින් දවස් 5ක් තිබ්බත් නරක් වෙන්නේ නෑ. එතකොට පුලූවන් එකතුකරලා තියා ගන්න. ලංකාවේ එක පුද්ගලයක්ට සාමාන්‍ය ග්‍රෑම් 250 යි කුණු ඉවත්වෙන්නේ ඒක පුද්ගලයෝ ගණනින් ගුණ වුණාම කත්නදරරේ හරි. කඩවල් වලට පොඩි ගැටලූවක් තියනවා. චූටි කඩවල් කීපයක් නිසා සමස්ථයක් ලෙස එකතු නොකරන එක සාධාරණ නෑ. වෙන් කරන්න බැරි තැන්වලට වෙන ක‍්‍රමයක් සැකසිය යුතුයි. පළමුව මෙය එක ස්ථානයකින් පටන් ගෙන ව්‍යාප්ත කළ යුතුයි.
සතියට දින 3 ක් කුණු තියා ගන්න වෙනවා. ගෙදර ගඳ ගහන්නේ නැතිව දින කීපයක් තියාගන්න ක‍්‍රමවේදයක් හදලා දෙන්න පුලූවන්. සාමන්‍යයෙන් ලෝකයේ ගොඩක් රටවල සතියට දවස් දෙකයි නැත්නම් තුනයි අපද්‍රව්‍ය ගෙනියන්නේ.
ඒ මිනිස්සුන්ට පුලූවන්නම් භාජනයක් ඇතුලේ දාලා ඒ ටික තියා ගන්න අපිට ඒක බැරිවෙන්න හේතුවක් නෑ. ඒකට නීතියක් පනවලා හරි ක්‍රියාත්මක කරන්න ඕනෑ. දෙවැනි එක බොතල් පොලිතින් ප්ලාස්ටික් වෙනම ගෙනියන්න වාහනයක් යවන්න ඕනෑ.
මගේ තුන්වැනි යෝජනාව තමයි ජපානය කොරියාව වගේ රටවල තියනවා (Beautifull store) කියා ස්ථානයක් ඒක එන් ජී ඕ වගේ එකක් . තමන්ට ඕනෑ නැති දෙයක් ඒකට ගෙනත් භාර දෙන්න පුලූවන්. හිතන්න පරණ මෙට්ටයක් කියල ඒක එතනට ගෙනිහිල්ල දෙනවා. ඒ අය ඒක ආපහු අලූත්වැඩියා කරලා පොඩි ගණනකට විකුණනවා ඒ මුදල් පුණ්‍ය කටයුත්තකට යොදවනවා.
බංගලාදේශයේ පොලිතින් භාවිතය අවමකර තිබෙනවා. ලංකාවේ ජනගහනයට වඩා වැඩි පිරිසක් ඩකාවල ඉන්නවා. ඒ අය මේවා නැවත නැවත භාවිතා කරනවා මගේ යෝජනාවේ සිව්වැන්න තමයි පොලිතින් භාවිතය අවම කරන්න නැවත නැවත භාවිතය. ඒ අය අපෙන් අහනවා බඩුවක් ගන්න ගියාම මොවාහරි මල්ලක් තියනවාද කියලා. අපේ ෆුඩ් සිටියකට ගියාම පොඩි පොඩි දේටත් එක බෑගය ගානෙ දෙනවා. මෙය පුරුද්දක් විදිහට ඇතිකර ගන්නට නීතියක් මගින් හෝ පියවර ගතයුතුයි.
මගේ යෝජනාවේ ප‍්‍රධානම දේ තමයි එකතු කරද්දී දින ගාන වෙනස් කලාම එදාට දෙන්නම වෙනවා එකයි. වෙළඳ සංකීර්ණවලට මේ කාරණා ක‍්‍රියාත්මක වීමෙන් මේ ටික ව්‍යාප්ත කළ යුතුයි. මේක මිනිහෙකුට ක‍්‍රියාත්මක කරන්න බෑ. මේවායේ තාක්ෂණික පැති තියෙනවා නමුත් දැකපු දෙයක් ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් දෙන්න පුලූවනි. දේශපාලනික වශයෙන් හෝ ඒ අදාල අංශවලට බෙදා දීමෙන් මෙය කළ හැකිය. නගර සභාවට පුලූවන් කුණු වෙන් කරලා ගෙනියන්න.
ඔබේ යෝජනාව කොළඹ වගේ ප‍්‍රදේශයක ප‍්‍රායෝගිකව අත්හදා බැලිය හැකිද?
කොළඹ කියන්නේ වර්ග කිලෝමීටර් 32 ක ප‍්‍රදේශයක් ජනගහණය ලක්ෂ 10 ට වඩා අඩුයි. පිටින් එන ප‍්‍රමාණය ලක්ෂ 20ක් කියන්න ඔක්කොම ලක්ෂ 30 යි දවසට අත්හදා බලන්න පුලූවන්ද බැරිද කියන එක නොවෙයි ඔතන වෙන සිද්ධිය වෙන්නෙ. වෙන මොකද්ද කරන්නෙ කියන එකයි ප‍්‍රශ්නෙ. දැන් ගෙනියන ක‍්‍රමයට කරන්න පුලූවන් එකම එකයි. ඒ ගිහිල්ල ගොඩගහන එක. ආහාර අපද්‍රව්‍ය වලින් වේලන්න නැතුව බෑ. විදුලිය නිපදවන්න ඒ කියන්නෙ ශක්තිය ඒකට වියදමක් යනවා කව්රුත් අත ගහන්නෙ නෑ වේලලා දෙනවා නම් ප‍්‍රශ්නයක් නෑ. වෙන් කරන එකට අපි නීති දාලා වැඩක් නෑ ගෙනියවන විදිහ වෙනස් කරන එකයි තියෙන්නේ. සඳුදට, බදාදා, සිකුරාදා ආහාර අපද්‍රව්‍ය . එක මිනිසෙකුගේ අතින් පොලිතීන් ග්‍රෑම් 100ක් හැදෙන්නේ කියලා හිතන්න. පස් දෙනා ග්‍රෑම් 500යි. ග්‍රෑම් 500ක් ගෙදර තියාගන්න බැරිද. එක මිනිසෙක් ගෙන් ආහාර අපද්‍රව්‍ය ග්‍රෑම් 200 න් අයින් වෙනවා නම් පස් දෙනාට කිලෝ දෙකයි.
මේක වහල තියාගන්න බඳුනක් නැද්ද. ප්ලාස්ටික් බඳුන් බෙදලා දුන්නත් ලාභයි දැන් ඔය කරන වැඬේට වැඩිය . මොකද ජීවිත ඊට වඩා ගොඩක් වටිනවානෙ. මෙහිදී ගොඩක් තාක්ෂණික කාරණා තියනවා මගේ යෝජනාව සංකල්පයක්. ප‍්‍රායෝගික තලයට එනකොට ගොඩක් දේවල් එකතු කරන්න වෙයි . ඒකට විශේෂඥ උපදෙස් හා සේවා ලබා ගත යුතුයි.
දවසකට කොළඹට කුණු ටොන් ගණනක් එකතුවෙන බව කියනවා. ඔබේ යෝජනාව ක‍්‍රියාත්මක කිරීමේදී සිදුවන ප‍්‍රායෝගික ගැටලූ මගහරවා ගන්නේ කෙසේද?
කුණු එතුවෙන ප‍්‍රමාණය නවත්වන්න බෑ කන ප‍්‍රමාණය අඩුකරලා ඉතිරිවන ප්‍රමාණය ග්‍රෑම් 100 යි 50 ක් කරන්න කියල නීති දාන්න බෑ ඕක කරන්න පුලූවන් ද බැරිද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ කරන්න වෙනවා කියන එක. නැත්නම් මැරෙනවා. මිනිස්සු. ජීවිත තමයි නැතිවෙන්නෙ.
2008 තමයි කුණුකන්ද පටන්ගත්තේ අපි දැන් ඉන්නේ 2017 අවුරුදු 9 ක් ටොන් හයසීය හරි 800 හරි ගානෙ ගෙනත් දාලනෙ. අක්කර 20ක ඉඩමක් අයින් කරන්නේ නැති කුණු දවසකට ටොන් ගණනක් දිනපතා දාන්න පුලූවන් නම් අද හදල ඉවර වෙලා පොහොර ටික අයින් කරගන්නවා නම් අක්කර 2 ක් තිබුණාම මදි කියලා හිතනවාද.කොළඹට ආශ‍්‍රිතව අක්කර 5 ක් හොඳටම ඇති. අත ඇරල දාපු කුඹුරු ඕනෑ තරම් තියනවා ක‍්‍රියාවලිය තැන කීපයක කරන්න වෙනවා එක තැනක බෑ. පොලිතින් ප්ල්ස්ටික් වෙන තැනක. කුණු ගොඩ කරන්න වෙන්නේ 10% යි අක්කර 32 ක 100 ම ගොඩකරලා කුණු කන්දක් කඩන් වැටුණේ නැත්තන් ඒකෙන් 10% ප‍්‍රමාණයක් අරවගේ 10 ගුණයක් කාලයක් තියා ගන්න පුලූවන්නේද. කොතන හරි තැනක් හොයාගන්න පුලූවන් වෙයි හැබැයි හොයාගන්න තැන කුණු කන්දක් හැදෙන්න බෑ.
බ්ලූමැන්ඩල් වල කුණු කන්දක් හැදුවා අපිට ලැබෙන වාසියක් නෑ. ඒ කුණුකන්ද අතෑරලා උසාවි නියෝගයකින් ගියා මීතොටමුල්ල දැන් තියන තැනට. අවුරුදු 10 කටපස්සේ කඩන් වැටිලා මිනිස්සු 30 ක් මැරුණා. අධිකරණ නියෝගයක් තියනවා කරදියානට යන්න ඒකත් සතියකට කියලා ගිහින් තව අවුරුදු 10 ක් අදියි. එතනත් මිනිස්සු කට්ටියක් මැරෙනවා. අයිත් පුත්තලමට අදියි. විකල්පයක් නෑ 10% හැර ඉතුරු මුලූ ප‍්‍රමාණයම පාවිච්චි කරන්න ඕන. හොඳම විදිහ තමය එකතු කිරීමේදී වෙන්කරන එක. ලංකාවේ කොළඹට ගිය හැම මිනිහම මේ මිනිමැරුමේ අපරාධ කාරයෝ. හේතුව කෙනෙක් කොළඹට අවුරුදු 10 ඇතුළත 5 පාරක් ගියා නම් ඒ කුණු ඔය කන්දෙ තියනවා. අපි වෙනුවෙන් අපි කියල වැඩසටහනක් කලේ ඒවාගේ ආත්මීය වැඩසටහනකට යන්න වෙනවා.
බළන්ගොඩ මේ ක‍්‍රමය ආදේශ කරන්න ඉල්ලීමක් කළේ නැද්ද?
බළන්ගොඩ තරමක හොඳ මට්ටමක තියනවා. නගරසභාව එය හොඳින් පවත්වගෙන යනවා. අනික අර කථාවට එකඟ වෙන්න වෙනවා. පරිපාලකයන්ට තියෙන්නේ ආයතන සංග‍්‍රහයයි මුදල් රෙගුලාසි බලාගන්න එක කුණුවලට අතගැහුවේ නෑ ක‍්‍රීඩා කළා. ජිමි එකක් හැදුවා. සහ අමතක කරල දැම්මා.
ඔබේ යෝජනාවේ 7 R ලෙස හඳුන්වන්නේ මොනවාද?
භාවිතය අවම කිරීම, නැවත නැවත භාවිතය, ප‍්‍රතිචක‍්‍රීයකරණය,පර්යේෂණ කිරීම, ප‍්‍රතික්ෂේප කිරීම, පරිසර හිතකාමී භාවිතය හා නිර්මාණශීලීව වෙනත් දෙයකට යොදාගැනීම
ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය වලට මොකද කරන්නේ?
සංකීර්ණ කාරණයක් . මේවා එකට එකතු කරන්න ඕන නෑ. ආහාර ද්‍රව්‍ය එක්ක ඉලෙක්ට්‍රෝනික ද්‍රව්‍යත් අපි දැම්මොත් ඒවායින් පොහොර හැදුවාට වැඩක් නෑ බැර ලෝහ ගොඩයි. ආහාර අපද්‍රව්‍ය වෙනම ගෙනියන එකේ වැදගත් කම ඒකයි. ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යන්ට කරන ක‍්‍රමවේදයන් තියනවානේ ලෝකෙ. ඒවට යන්න පුලූවන්.
ඔබ කොරියාවේ සෝල්හි මෙට්‍රොපොලිටන්හි නගර කළමනාකරණයපිලිබඳව ඉගෙනගත් බව කිව්වා. කුණු සම්බන්දයෙන් එසේ අත්දැකීම කුමක්ද?
මම හැමතිස්සෙම කියන කාරණය තමයි කුණු ගෙනියන ක‍්‍රමවේදය සහ කාල සටහන අනුව තමයි කළමනාකරණය ප‍්‍රායෝගිකව ප‍්‍රශ්න එයි. හැබැයි කොතැනින් හරි පටන් ගන්න වෙනවා.
ගොඩ ගැසී තිබෙන මීතොටමුල්ල කුණු කන්ද ගැන ඔබේ යෝජනා තිබෙනවාද?
කුණු කන්දක් ඉවත් කරනවා කියන එක සංකීර්ණ කාරණයක්. ස්වාභාවිකව පහළට යවන එක සහ පදිංචිකරුවන් ඉවත් කරන එක තමයි සිදුවිය යුත්තේ. මට විශවාස නැහැ ඔය කුණුකන්ද උස්සගෙන යන්න පුලූවන්වෙයි කියලා. පහුගිය අවස්ථා ගණනකම කන්ද ඇලට කඩන් වැටුනා. ලොකුම ප‍්‍රහ්නයතමයි ඕක වගුරුබිමක් ටොන් 600 ක් 800 ක් ඕකට එනකොට පහලට තදවෙනවා . ගෙවල් යටවෙන එක නොවෙයි වෙන්නේ. උඩට එසවෙන එක. ඔය කුණුටික ගෙනිච්චාය කියන එකේ කියන්නේ තවත් තැනක ගොඩගහනවා කියන එක. ඔය විදිහට තවතැන පැටෙව්වොත් තව අවුරුදු 10 කින් 20 කින් 50 කින් ආයේ ගැටලූවක් එනවා.ගැටලූව එන්නේ මිනිස්සුන්ට. සරල ක‍්‍රමය තමයි ඔය කුණුජ කන්දට එක ක‍්‍රමයකුත් හෙට ඉඳන් එකතුවෙන කුණුවලට එක ක‍්‍රමවේදයකුත් අනුගමනය කළයුතුයි. කොළඹ නගරයේ තියන හොඳ වීදියක් නැත්නම් පොඩි තැනකින් මේ දේ පටන් ගත යුතුයි. 1600 ගණනක් වතු නිවාස තියනවා 80000 ට වැඩි ජනතාවක් එහි සිටිනවා. ඒ මිනිස්සුන්ට හෙට උදේ සිට මේ කුණු වෙන්කරල දෙන්න කිව්වොත් ඒක කරන්න බෑ. හඳුනාගත් පෙදෙසකින් මං ඉහත කී පරිදි කොටසින් කොටස හඳුන්වා දෙනවා. දන්නෙම නැතිව කොළඹ පුරා යයි.
කුණුවලින් විදුලිය නිපදවන රටවල් ලෝකයේ තියනවනේ අපේ රටේ එවැනි දෙයක් කිරීම ගැන ඔබේ අදහස කුමක්ද?
සමාන්‍ය ගිනිගන්නා ඔනැම දෙයකින් විදුලිය නිපදවන්න පුලූවන්. එකතු කරන කුණුවල ආහාර අපද්‍රව්‍ය 60% ක් 70% ක් තියනවා.ඒවායේ වැඩිපුර තියෙන්නේ වතුර. වතුර තියනදෙයක් ගිනිතියල හරි වෙනත්ත ක‍්‍රමයකට විදුලිය නිපදවන්න බෑ ඒවා වේලන්න ඔනෑ. වේලන්න ආයෙත් වරක් ශක්තිය ඕනෑ . එතකොට ලාබදායී වෙන්නේ නෑ. එනිසා පළවෙනිම කාරණේ කුණූ වෙන්කරල ගෙනියන එක. ආහාර අපද්‍රව්‍ය පොහොර වනවා . ඉතිරි දෙයින් විදුලිය නිපදවිය හැකිය.
කොළඹ නගර සභාවෙන් ප‍්‍රතික්ෂේප වුණ ඔබේ යෝජනාවට ජාතික මට්ටමින් ඉල්ලීමක් කළොත් අවශ්‍ය උපදේශන හා තාක්ෂණය දෙනවාද?
මේකට අයේ අලූතේන සහාය දෙන්න දෙයක් නෑ. මේක ජාතික මට්ටමේ හරි කොතැනදි හරි මේක මගේ යෝජනාවක් නොවෙයි මේ ක‍්‍රමවේදය සරලයි. මින් කියන්නේ විවිධ කුණු ගෙනියන්න විවිධ දවස් දාන එක. මේක කරන්න පුලූවන් අය ඉන්නවා. මෙත මං සිටියයතුයි කියල දෙයක් නෑ. මහ නගර සභා විශාල ප‍්‍රමාණයක් තියනවනේ කොළඹින් බැරි නම් අනුරාධපුරෙන් හරි පටන්ගන්න. ඕනි වුණොත් සහාය දෙන්නම් . මේ ගැන ලංකාවේ ගොඩක් අධ්‍යනයන් කරලා තියනවා. ලෝකෙත් අධ්‍යනයන් ගොඩක් කරල තියනවා. මේක මගේ අත්දැකීමක් නොවෙයි ලෝකේ කොහේ හරි තිබුණ අත්දැකීමක් නගර සභා ලේකම්වරු නාගරික කොමසාරිස් හරි ඉන්න නිලධාරීන් පිටරකට ගිහිල්ල බැලූවොත් ඒ රටවල ක‍්‍රමවේද පිරික්සුවොත් වැඩිය ඕනෑ නෑ යූ ටියුබ් එක බැලූවොත් අපද්‍රව්‍ය කළමනාකරණය කරන්නේ කොහොමද කියල ඔය ඔක්කොම බලන්න පුලූවන්. මං ඕනෑ කියල නෑ ඒ කරන කෙනා පිළිබඳ ප‍්‍රහ්නයක් නෑ අවශ්‍ය නම් මගේ සහායත් දෙන්නම්.
මීතොට මුල්ලේ අනතුර ඔබ එදා දැක්කේ නැද්ද?
ඕනම ආහාර අපද්‍රව්‍ය ක් වර්ගපලයට වඩා ලොකු බරක් තියන තැනක නිර්වායු ස්වසනය වෙනවා. මෙතනදි මීතෙන් හැදෙනවා. එක්කො පුපුරනවා නැත්නම් ගිනිගන්නවා. දෙකෙන් කෝකවුනත් කඩන් වැටෙනවා. දෙවැනි කාරණය වේලි ගමන් ඇකිලෙනවා වතුර අපුගමන් පිම්බෙනවා. ත් ස්ථාවරනැතුව කඩා වැටෙනවා. උඩින් තදවෙන්න තදවෙන්න (මඩතියන කුඹුරකනේ මේ දේ වුනේ) ඈත තියනදේ ඉහල යනවා මමම නොවෙයි ගමේ මිනිස්සුත් ඔක්කොම දැක්කා. වැඩේ තියන්නේ කලින් දැක්කාය කියන එක නොවෙයි. අස්ථාවරව තියන දෙයක් අපි කොච්චර තර්ක කළත් අස්ථාවර ලෙස කඩා වැටෙනවා. මම යෝජනා කරන්නේ මගේ යෝජනාව හෝ වෙනත් හොඳ යෝජනාවක් හැකි ඉක්මනින් පටන් ගන්න නැති වෙන්නේ ජීවිත.
පහුගිය අවුරුදු 10 තුළ මං අතුලූ සමස්තයගේ කුණු ලංකාවේ ඉන්න කොළඹට ගිහින් ටොපියක් කාපු මිනිහා පවා ඔය මරණවලට වගකිව යුතුයි. හොඳම විකල්පය අපි මේක හැකි ඉක්මණින් පටන් ගන්නා එකයි. මම මේ මිනිස්සු 30 හෝ වැඩිවෙන්න ඇති ඒ අයගේ මිනී මැරුමට මාගේ දායකත්වය වෙනුවෙන් කරපු පවෙන් ගොඩ යන්න නම් හෙට ඉඳන් මා කුණූ වෙන් කරන්න ඔන කියන හැම මිනිස්සු තුළ ඇතිවිය යුතුයි.
(සංවාද සටහන බෙලිහුල්ඔය ප‍්‍රින්ස් රත්නායක)
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කණු කුඩයට විසි කළ කසල කළමණාකරන සැලැස්ම
ක්‍රිෂාන්ත Tuesday, 09 May 2017 01:17 PM
මට කවුරුහරි මේකට උදව්වක් කරනවද? අපි කුණු එකතුකරලා නගර සභාවට තමයි දෙන්නේ. කුස්සියේ කාබනික අපද්‍රව්‍ය ටික අපි ලොකු බකට් එකකට එකතු කරලා දෙනවා. ඔය කුණු එකතු කරන මහත්වරු කුණු ටික හලාගෙන බකට් එක කොන්ක්‍රීට් කණ්ඩියට විසිකරලා තමයි යන්නේ. මාසෙකට සැරයක් බකට් එකක් ගන්න ඕන. ඒවගේම ඉතුරු ඉඳුල් ටිකත් පාර පුරාම.....
bandula Wednesday, 10 May 2017 01:06 PM
මෙම මහතා අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ ඉතාම හොඳ ප්‍රායෝගික දැනුමක් ලබා ඇත. අපේරටේ ප්‍රශ්නය වන්නේ විනය නොමැති කමයි. මම සිටින රටේ කුණු ගෙනෙයන්නේ සතියක 1 වරකි. ප්ලාස්ටික් ගෙනයන්නේ සති 2 කට වරකි. ජපානයේ බස් මගියා ටොපිය කාලා කොලය අත් බෑගයේ දාමගෙන යනවා. අපි පාරේ විසි කරනවා . සිංගපූරුවේ චුඉංගම් පාරේ දැම්මොත් දඩ....
සසිFriday, 12 May 2017 07:10 AM
ඔබ කියන දේ ඇත්ත ... දියුණු රටවල් දියුණු වෙලා තියෙන්නේ මිනිසුන්ගේ මානසික සහ ආධ්‍යාත්මික දියුණුවත් එක්කමයි....ඒ දේවල් එක රැයකින් වෙලා නැ....පොඩි දරුවට අවුරුද්දක් වුණාට පස්සේ ඒ දරුවා ඩේ කෙයාර් එකෙන් ඉගෙන ගන්නවා ටොපි කොළ, කෙසෙල් ලෙල්ල වෙන වෙනම ඉවත දන්නේ කොහොමද කියලා....අපි ගෙදරදී වැරදියට අපද්‍රව්‍ය වෙන් කළොත් අපිටත් කියල දෙන්න අපේ පොඩි දරුවෝ දන්නවා.... ඒකයි දියුණු රටවල වෙනස.....අපේ කුණු ගෙනියන්නේ සති 2 කට වරක්.... නිවාඩු දින උනත් ඒ වැඩය එදාට වෙලාවට කෙරෙනවා.....මේ රටවල් ලස්සන වෙලා තියෙන්නෙත් නීතිගරුක මිනිසුන් සිටින නිසයි... අපේ ලංකාව කවද මේ තැනට ගන්න පුළුවන් වෙයිද කියන්න බෑ.....
janatha anura Thursday, 11 May 2017 09:24 AM
කුණු තියෙනකම් මේ කළමනකරණය තියෙනවා. අහිංසකයෝ ඩෙංගු, කුණු කඳු වලට යට වෙනවා. යහපාලන ආණ්ඩුවේ කසලත් කළමනාකරණයට කලමනාකරණ ඇමති විදියට පත් කරමු නේද?....
Handapangoda Thursday, 11 May 2017 11:14 PM
අපරටේ කුණු කලමණාකරනය කවදාවත් කරන්න බැහැ. ඔය දූෂිත දේශපාලකයෝ ඉන්නකම්... කුණු කලමණාකරනයට අබ සරණයි...
edison Sunday, 14 May 2017 02:21 PM
මේ ප්‍රශ්නයට දේශපාලකයෙක් පත් කළොත් මිලියන 500 ක කාර් එකකුත් දෙන්න ඕනෑ වෙයි....