කෞතුකාගාර පුරාවස්තු සොරකමට පුරා මාස හතරකි. මාධ්‍යයන්හි සිරස්තල සැරසීම සඳහා කළ යම් යම් සංදර්ශන කිහිපයක් හැරුණු විට අදාළ සොරකම සම්බන්ධයෙන් ප‍්‍රමාණවත් හෝඩුවාවක් හෝ අනාවරණය කර ගැනීමට පොලීසිය තවමත් අසමත්ය. අභිමානවත් පොලිසියකට ගිය කල. තෙළඟපාත බැංකු කොල්ලය මෑත කාලයේ වාර්තා වූ විශාලතම බැංකු කොල්ලය විය. කොල්ලකරුවෝ මහ ධන නිධානයක් වෑන් රියෙන් පැහැරගෙන කිසිදු හෝඩුවාවක් හෝ නොතබාම පලා ගියහ. නීතියේ විධානය සහිත රටක් අපේක්‍ෂා කළ සාතිශය බහුතරයක් ජනයා තිගැස්සවීමට එම කොල්ලය සමත් විය. කිසිදු හෝඩුවාවක් හෝ නොතබා කොල්ලකරුවන් පලා ගියද දෙතුන් මසක් ගතවීමට පෙර ඒ කොල්ලයට සම්බන්ධ සියල්ලන් නීතියේ රැහැනට හසුකර ගැනීමට පොලිසිය සමත් විය. ප‍්‍රමාණය ඉක්මවා පොලිසියට ප‍්‍රණාමය පුද කිරීමට තරම් සමත් කමකි. එහෙත් කෞතුකාගාර පුරාවස්තු කොල්ලය තවමත් නොවිසඳුණු අපරාධයකි. දරුණු ගණයේ අපරාධකරුවෝ රැසක් පොලිිසියට කට්ටි පනිමින් සිටියහ. බලගතු ගිනි අවිවලින් හරඹ පාමින් පාතාලයේ අනු සේනාංක පවත්වාගෙන ගිය ඒ පාතාලයෝ එකා දෙන්න පොලිස් දැලට කොටු වූහ. ජීවිත අනතුර නොතකා රට වෙනුවෙන් අපරාධකරුවන් මෙල්ල කර නීතියේ විධානය පවත්වාගෙන යාමට රුකුල් දුන් ශ්‍රී ලංකා පොලිසිය ඒ පෑ හරඹයන්හි මහිමයෙන් ලොව ඕනෑම පොලිස් සේවාවක් අබිබවා යා හැකි බව ඔප්පු කළේය. එහෙත් කෞතුකාගාර පුරාවස්තු කොල්ලය තවමත් අනාවරණය කරගෙන නැත. මහරගම නගරය ආසන්නයේ උගස් බඩු කඩයක් කොල්ල කෑමට පැමිණි කොල්ලකරුවන් ක්‍ෂණයකින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. ඒ එම වෙළඳ සල අවට පොලිස් මුරකාවල් යොදා තිබූ හෙයිනි. පසුව අනාවරණය වූයේ එම වෙළෙඳ සල කොල්ලකෑමට කොල්ලකරුවන් පැමිණෙන බව පොලිස් ඔත්තුකරුවන් මගින් දෙතුන් දිනකට ඉහතදී දැන ගැනීමට පොලිසියට හැකියාව තිබූ බවය. කොල්ලකරුවන් පැමිණෙන වාහනවල අංක පවා කලින්ම පොලිස් නිලධාරීන් අතට පත්වී තිබිණි. කවරනම් ප‍්‍රාතිහාර්යයක්ද? එහෙත් ඒ පොලිසියට කෞතුකාගාර පුරාවස්තු කොල්ලයේ අගක් - මුලක් තවමත් පාදා ගැනීමට හැකිවී නැත. එය කවර අවාසනාවක්ද? එය කවර අකාර්යක්‍ෂම බවක්ද?
ලෝකයේ ඉතාම ජනප්‍රිය එසේම පෝෂණීය පානයක් වන්නේ දියර කිරිය. එය ජනප්‍රිය වීමට හේතුව වන්නේ එහි ඇති පෝෂණීය ගුණය සහ විශ්වාසවන්ත භාවය නිසාය. එහෙත් ශ්‍රී ලංකාව
ශ්රී ලංකාවට පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එම නිල සංචාරය නිමකර අනුරාධපුර ගුවන්තොටුපොළෙන් ඉන්දියාව බලා පිටත්ව ගියේ තවත් සුවිශේෂ කටයුත්තක
දළදා වහන්සේ කේන්ද්‍ර කරගත් විවිධ පූජා අතර ඇසළ පෙරහර ප්‍රධාන පූජාව ලෙස සැලකේ. එහි ඇරැඹුම ක්‍රිව 310 ට පමණ අයත් වෙයි එනම් කීර්ති ශ්‍රී මේඝ වර්ණ රජදවස ඉන්දිය
රජය නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් පහ වසර ශිෂ්‍යත්වය පිළිබඳව සලකා බලන බවත් මාධ්‍යවලින් දැක්වේ. කුමන තත්වයක් යටතේදී හෝ එය සා
වසරක් ගෙවී නව වසරක් උදා වීමෙන් එළඹෙන අප්‍රේල් මාසයේ මැදභාගය වන විට සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදා වෙනු ඇත.
හම්බන්තොට තුඩුවේ වෙරළාසන්න උස්බිමක පිහිටා ඇති ලෙනාර්ඩ් වුල්ෆ් දිසාපතිවරයාගේ නිල නිවස අද කෞතුකාගාරයක් බවට පත්ව ඇත. එය නමින් මාගම්පුර රුහුණු උරුම කෞතු
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
කෞතුකාගාර සොරකමට අදට මාස හතරයි
අමරපාල Monday, 16 July 2012 05:55 PM
දැනට තියෙන ලෝක වාර්තාව තමයි අර ඇමෙරිකාවෙ බොස්ටන් වල කටුගේ හොරකම. 1990 දි ඒකෙ වෙච්චි මිලියන ගනනක හොරකමේ කිසිම සාක්කියක් තාම ඇමරිකාවෙ පොලිසියට හොයා ගන්න බැරිවෙලා ලු. සමහර විට මේ ගොලො ඒක පරද්දන්න බලන් ඉන්නවද දන්නෙ නැහැ.
නිශාන්ත Sunday, 15 July 2012 01:40 PM
මේ වගේ වටිනා ලිපියක් ලිව්වට ඔබට පින්.
ප්‍රසාද් -මලේ Sunday, 15 July 2012 04:26 PM
හොරෙකෙට අබැර්තුවක් ඇත . පිළිගැනීමට කෙනෙකු සොයම්යි . වටිනා තෙග්ගක් දෙමි .එස්.එල් පොලිස්