හිමාලයේ අසිරිමත් සොබා උරුමයන් සමග සරල ජීවිතයක් ගත කරන යෝගීහු පිළිබඳව පුරාතන ශාස්ත‍්‍රීය ලේඛනයන්හි බොහෝ වූ වගතුග සඳහන්ව තිබේ.
|
ප‍්‍රවීණ යෝග උපදේශක අර්ජුන වික‍්‍රමාරච්චි |
ශිව පුරාණය ශිව දෙවියන් පිළිබඳව බොහෝ කරුණු කාරණා විස්තර කරයි. හින්දු ආගම පදනම්ව ඇත්තේ ශිව දෙවියන් මුල්කොටගෙනය. හින්දු ආගමේ මූලිකම උපත ශිව දෙවියන් ලෙස සැලකේ. කෛලාසකූට පර්වතයේ සමාධි සුවයෙන් හිඳ සිටින ශිව දෙවියන්ට ටිබෙටය හා ඒ ආශ‍්‍රිතව ජීවත්වූ යෝගීන් වන්දනාමාන කරන ලද්දේ ශිව තම දෙවියන් කොට සලකමිනි. ඒ දේවත්වය අමරණීයය. වසර ගණනකට පෙර සිද්ධ යන සම්ප‍්‍රදාය ඇරඹී ඇත්තේ ශිව දෙවියන්ගෙනි.
ඒ අනුව ශිව යනු පළමු යෝගියාය. තිරුමුලර් ඍෂිවරයා, අගස්ති සෘෂිවරයා, නන්දි දේවාර් සෘෂිවරයා පසුව බිහිවූ බවත් ටිබෙටයේ කෛලාසකූට පර්වතයේ ඒ සෘෂිවරුන් යෝග කරමින් සිටි බවත් සඳහන් වේ.
දකුණු ඉන්දීය සම්ප‍්‍රදායට අනුව සෘෂිවරු 18 දෙනෙක් පුරාණ ඉන්දියාවේ වාසය කළහ. මේ සෘෂිවරුන් සතුව ශුද්ධ වූ බලයක් අසාමාන්‍ය බුද්ධියක් මනස හැසිරවිය හැකි විස්මිත හැකියාවක් හා බ‍්‍රහ්ම කායක් තිබූ බව කියැවේ.
මේ සෘෂිවරු 18 දෙනා ඉන්දියාවේ බරණැස, කල්කටා, පූරි, හයිද්‍රාබාද්, බැංගලෝර්, මදුරාසිය, තාන්ජෝර්, බොම්බාය, දිල්ලි, රිෂිකේෂි, කන්‍යාකුමාරි, ශ්‍රී නගර්, අමරනාත් වැනි ප‍්‍රදේශවලත් ශ්‍රී ලංකාවේ කතරගමත් ජීවත් වී ඇති බව සඳහන්වේ. කතරගම ප‍්‍රදේශයේ ජීවත්වූයේ බෝගානාතර් මහා සෘෂිවරයාය. තිරුමුලර්, සිද්ධ නාමදේවන්, සිද්ධ කුමාරමුනි, සිද්ධ ඉදයි කාදර්, සිද්ධ ධන්වන්තරී, සිද්ධ වෙට්ටක්කුඩි, සිද්ධ කමලමුනි, සිද්ධ බෝගානාතර්, සිද්ධ මහමුනි, සිද්ධ කෝන්ගාඩර්, සිද්ධ පතාංජලී, සිද්ධ නන්දි දේවාර්, සිද්ධ සත්‍යමුනි, සිද්ධ සුන්දර් නන්දර්, සිද්ධ කුඩම්බි සිත්තාර්, සිද්ධ කුරුමුවර්, සිද්ධ ගෝරක්නාත්, සිද්ධ පන්මන්තෙයි සිත්තාර් ඒ මහා සෘෂිවරු 18 දෙනාය.
කතරගම කැලයේ යාල පහ ප‍්‍රදේශයේ කුඹුකන්ඔයට එහා අඩවියේ බෝගනාතර් සෘෂින්වහන්සේ ජීවත් වන බව කියැවේ. බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියන් වදාරා තිබුණේ උන්වහන්සේට මේ ප‍්‍රදේශයේදී බෝගානාතර් සෘෂින් වහන්සේ හමුවී ඇති බවය. කුඹුකන්ඔයට ස්නානය පිණිස පැමිණි බෝගනාතර් සෘෂින් වහන්සේ තමන් වහන්සේට හමුවී කතා බහ කළ බව උන්වහන්සේ පවසා ඇත.
කතරගම මහා දේවාලය මුලින් නිර්මාණය කරන ලද්දේද මේ සෘෂිවරයා විසින්ම බව කියැවේ. විසල් රත්තරන් කොළයක අක්ෂර හා රටා එක්දහස් අටක් පිහිටවා බලපිහිටවා කතරගම දේවාලය ඒ මත නිර්මාණය කර ඇති බව කියැවේ. කතරගම කැලයේ කුඹුකන්ඔය අඩවියේ මේ සෘෂිවරයා අදටත් ජීවත්වෙන බවත් ධ්‍යාන වැඩූ අභ්‍යාසලාභී යෝගීන්ට ඒ අඩවියේදී මේ සෘෂිවරයා හමුවී ඇති බවත් කියැවේ.
ඉන්දියාවේ මහා සෘෂිවරු 42 දෙනෙක් සිටියත් වඩාත් ප‍්‍රමුඛ වී ඇත්තේ ඉහතදී සඳහන් කළ සෘෂිවරුන් 18 දෙනාය. මේ සෘෂිවරු 18 දෙනා අතරින් සිද්ධ සත්‍යමුනි යනු සිංහල ජාතික සෘෂිවරයෙකි. එනම් අපේ රටේ ඉපදී ඉන්දියාවේ යෝග ශාස්ත‍්‍රය සොයා ගිය සෘෂිවරයෙකි. සැබැවින්ම ඉන්දියානු දේශය පුරා ප‍්‍රචලිත සෘෂිවරු 18 දෙනා අතරින් එක් අයකු ශ්‍රී ලාංකිකයකු වීම ශ්‍රී ලාංකික අපට ආඩම්බරයට කරුණකි.
යෝග ශාස්ත‍්‍රයේ ඇති සොබාදහමට අනුකූලවීම නිසාම සෘෂිවරු විසින් අපේ ශරීරය කොටස් පහකට බෙදා දක්වා තිබුණි. ඇට, මස්, ලේ නහර වලින් සැදුනු අන්නමය ශරීරය ඒ තුළින් වූ ප‍්‍රාණමය ශරීරය, ඇස් පෙනීම, කන් ඇසීම, ලේ ධාතුව නිර්මාණය වීම, ආහාර ජීර්ණය, සිතීම ආදී සියල්ල නිර්මාණය කරන ප‍්‍රාණ ශක්තියයි. මේ ප‍්‍රාණ ශක්තිය ශරීරය තුළ ගමන් කරන නාල පද්ධතියක් තියෙනවා. මේ නාල හෙවත් නාඩි 72,000 ක් මනුෂ්‍ය ශරීරයේ පවතිනවා. ඒ නාල 72,000 මධ්‍යස්ථානවලට කියනවා නිල කියලා.
නිල හෙවත් මේ නාඩි මධ්‍යස්ථාන අපේ ශරීරයේ 544 ක් තියෙනවා. ඒ 544 පාලනය වන තවත් ප‍්‍රධාන නාඩි මධ්‍යස්ථාන 7 ක් ශරීරයේ පවතිනවා. යෝග ශාස්ත‍්‍රයේදී ඒවා හඳුන්වන්නේ චක‍්‍ර හැටියටයි. යෝග ආසනයක කවුරු හරි යෙදෙන විට මේ නාඩි මධ්‍යස්ථාන ඉබේම තෙරපීමකට ලක්වෙනවා. මේ තෙරපීම නිසා නිද්‍රාශීලි වූ දේ අවදිවීමත් වැසී පැවති දේ විවෘත වීමත්, බාධා වූ දෙයෙහි බාධාව ඉවත් වීමත්, වෙලා ශරීරය පුරාම ප‍්‍රාණ ශක්තිය ගමන් කිරීමක් සිදුවෙනවා.
අපි අපේ බාහිර ශරීරය පිරිසුදු කරන වාර අනන්තයි. එහෙත් අපට අපේ අභ්‍යන්තරය පිරිසුදු කර ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නෑ. මේ ප‍්‍රාණමය ශරීරයට ඇතුළතින් මනෝමය ශරීරය කියා තවත් ශරීරයක් ගැන යෝග ශාස්ත‍්‍රයේදී කියවෙනවා. මනෝමය ශරීරයේ විග්නනම්‍ය ශරීරය කියලා තවත් ශරීරයක් ගැන කියවෙනවා. අපේ සංසාරික පුරුදු, දැනුම, මතක සටහන් සියල්ල තැන්පත්ව තිබෙන්නේ මේ තුළයි. ඊටත් ඇතුළතින් ආනන්දමය ශරීරයක් ගැන සඳහන් වෙනවා. ඉන් පැහැදිලි කරන්නේ ගැඹුරු ඥානය ගැනයි.
අර්ජුන වික‍්‍රමාරච්චි යෝගි ගුරුවරයාගේ ඒ හෙඬ් ඉතිරියට එළැඹෙන සතියේදී අපි සවන්දෙමු.
සටහන සංජීවිකා සමරතුංග
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යෝග යනු විවිධාකාර ආසන පුහුණුවීම නොවේ. එහි අරමුණ හා අර්ථය විශ්ව විඥානය සමග සංයෝග වීමයි. එම බලය උපතින් ලැබූ තැනැත්තාට යෝග අභ්‍යාස ප්‍රගුණ කලත් නැතත් විශ්වාත්මන් හා යෝග විය හැකිය. එසේ කිරීමෙන් විශ්වය හැසිරවීමේ ශක්තිය ලැබේ. ඒ නිසා මෙය අල්පමාත්‍ර වූ සුවිශේෂී පුද්ගලානුබද්ධ උත්තම දක්ෂතාවයකි. (නි)
නීල් රණා, එම බලය උපතින්ම ලැබෙන්නේ අහේතුකවද ?නැතිනම් සහේතුකවද ? ඔබ කියනා ලෙස විශ්ව විඥානය සමග සංයෝග විය හැක්කේ එම බලය උපතින් ලැබුනොත් පමනයි. එම බලය යමෙකුගේ උපතට සම්බන්ධ වීමට බලපාන හේතුව කුමක්ද ? (නි)
හේතු පල වාදයෙන් විශ්වයේ සියල්ල අර්ථකථනය කරන්නට හදන්නේ මෝඩයෝ පමණි. යෝග යන්නෙහි අර්ථය හා එම අභ්‍යාස කිරීමේ මුලික අරමුණ විශ්වාත්මන් හා යෝග වීමයි. එනිසා උපතින් හැකියාව නැති නම් අභ්‍යාසයෙන්, නමුත් යෝගී දිවියක් ගත කිරීමෙන් තොරව එවැනි අරමුණු කරා යාම ඉතා අන්තරායදායකයි. (නි)
මුණිවරයන්ට " මහා මුණි " වූ සර්වඥයන් වහන්සේ විසින් දේශනා කළ වදාල හේතු ඵල ධර්මය අසම්පුර්ණයි කියා කියන නීල් රණා, ඔබ සර්වඥ ද ? (නි)
ප්‍රශ්නය අහපු මම මෝඩයා නම්, ඒ ප්‍රශ්නයට උත්තර නොදී ගිරිය පුප්පාගෙන කෑගහන නුඹ කවුද? (නි)
ඉන්දියාවේ හෝ වෙනත් රටක කිසිවෙක් මට 'මහා' පුද්ගලයන් නොවේ. ඒ මන්ද මා කියා ඇත්තේ මා සතු දැනුමක් මිස වෙනත් කෙනෙකුගෙන් ණයට ගත් යමක් නොවන බැවිනි. (නි)
අනේ අපේ මිනිස්සුන්ට නම් ඕනෑම දෙයක් තේරෙද්දී ප්‍රමාද වැඩියි. කුලියාපිටියේ හිටපු අයගෙන් මොහු ගැන අසා දැනගන්න. (නි)
අන්තිමට වෙන්නේ තමන් තමන්වම ගැට ගහගන් එක විතරයි. (ස)
වැඩ කරලා හවසට ගෙදර ඇවිත් ඇගේ පතේ මහන්සිය ඇර ගන්න යෝග කරන්නද කියන්නේ. (ස)
අපි මෙලොව හැරයන විට අපේ පුරුදු සහ කුසල් අකුසල් රැගෙන යන්නේ කෙසේද? අපට ඒවා පල දෙන්නේ කෙසේද? අපට අපේ අතීත භව වල විදපු සැප දුක තේරෙන්නේ නැත්තේ ඇයි? බුදුහාමුදුරුවෝ කියලා තිබෙනවා අපි පෙර සංසාරයේ විදපු දුක් කන්දරාව දන්නවා නම් ඔලුව ගිනිගත්තත් එම ගින්න නිවිමට වුවද අප උනන්දු වන්නේ දුක නැති කිරීමට කියලා. ඇයි අපිට මේ විදපු දුක පෙනෙන්නේ නැත්තේ? එහෙම පෙනුනොත් අපට ඒම වේදනාවත් තේරෙනවද? දැන් මට මේ බවයේදී අතීතයේ විදපු සමහර වේදනා මතකයි, සමහර ඒවා මතක් වෙනකොට නැවත කරන්න හිතෙන්නේවත් නැහැ. නමුත් ඒ සම්බන්දව දැනීම ලබා ගන්න හැබැ.එහෙම නම් අපිට පෙරබව වල වේදනාවත් දැන් තේරුම් ගන්න බැහැ නේද? ඒ කියන්නේ දැනෙන්නේ නැහැ නේද? කරුනාකරලා මේවා මට පැහැදිලි කරලා දෙන්න. (නි)
දුක-සැප, යස-අයස, පින්-පව්, උපත-විපත වැනි ද්වි ධර්මතා විශ්ව පරිනාමයේ මායාකාරී ස්වභාවය හා බැඳුනු එකක්. අනෙක මත රඳා පවතින සාපේක්‍ෂ පරිකල්පන පමණයි. මේවා සමබර වීමෙන් විශ්වය පරිණාමය වෙනවා. නිරපේක්ෂ වශයෙන් ගත්කළ මෙහි දුකකුත් නැහැ සැපකුත් නැහැ. ඉපදීමකුත් නැහැ මරණයකුත් නැහැ. නමුත් විඥානය ඇසුරුකොට ඒ ද්වි ධර්මතා සමබරතාවය සුරැකෙනවා. සරලව කිව්වොත් සෛද්ධාන්තිකව 'බයිනරි සිද්ධාන්තයෙන්' පරිඝනකයක් ක්‍රියාකරනවා වගේ. (නි)
දුක-සැප, යස-අයස, පින්-පව්, උපත-විපත වැනි ද්වි ධර්මතා විශ්ව පරිනාමයේ මායාකාරී ස්වභාවය හා බැඳුනු එකක් අනෙක මත රඳා පවතින සාපේක්‍ෂ පරිකල්පන පමණයි. මේවා සමබර වීමෙන් විශ්වය පරිණාමය වෙනවා. නිරපේක්ෂ වශයෙන් ගත්කල මෙහි දුකකුත් නැහැ සැපකුත් නැහැ. ඉපදීමකුත් නැහැ මරණයකුත් නැහැ. නමුත් විඥාණය ඇසුරුකොට ඒ ද්වි ධර්මතා සමබරතාවය සුරැකෙනවා. සරලව කිව්වොත් සෛද්ධාන්තිකව 'බයිනරි සිද්ධාන්තයෙන්' පරිඝනකයක් ක්‍රියාකරනවා වගේ.(දී)