කුලියාපිටිය ප‍්‍රදේශයෙන් කතරගම වන්දනාවේ ගිය නඩයකි. පිරිස කිරිවෙහෙර වදිති. එහිවූ තරුණ කළමනාකාර සහකාරවරියක් කිරිවෙහෙර චෛත්‍ය මලූවේ වාඩිවී බෝධිපූජා පොතක් කියවමින් සිටියාය. ඇය අසලින් සුදෝසුදු කෙස් සහ දිගැති රැවුලක් හිමි වයෝවෘද්ධ තැනැත්තෙක් සුදු වස්ත‍්‍රාභරණයෙන් සැරසී ඇගේ බෝධිපූජා පොත කියවීමට ද සුලූ බාධාවක් කරමින් ‘‘මේ ළමයා කොහේද?’’ යැයි මිත‍්‍ර ලීලාවෙන් විමසුවේය. නාඳුනන ආගන්තුකයෙක් නිසා මේ තරුණිය පිළිතුරු දුන්නේ දෙවරක් සිතාය. සමහරවිට ඇයට සාස්තරයක් කියා කීයක් හෝ ඉල්ලන්නෙක් යැයිද ඇයට සිතුනි. ‘‘මම කුරුවිට’’ ඇගේ පිළිතුර විය. ඒ වනවිට ඇය කුරුවිට හිග්ගස්වත්ත ප‍්‍රාථමික විදුහලේ කළමනාකරණ සහායිකාව ලෙස සේවය කරමින් සිටි නිසා ඒ පිළිතුර දුන්නාය. ‘‘මගේ ලොකු පුතාත් කුරුවිට. එයාට ලොරි දෙකක් තියනවා. හාල් කඩයක් තියනවා. හො`දට සරුයි. එයාගේ නම.......... ’’ යැයි නමක්ද කීවේය. නමුත් කුරුවිටට නවකයෙකු නිසා මේ තරුණිය අමුත්තා කී තැනැත්තා ගැන දැන නොසිටියා ය. ඉන් පසු තවත් නමක් කියමින් ‘ඒ මගේ තවත් පුතෙක්’ යැයි ද කීය. දෙවැනියට කියූ නම ඇති තැනැත්තා මේ තරුණිය සේවය කරන පාසලේ දරුවෙකුගේ පියෙක් නිසා ඔහු හදුනන බව කියන විටත් තම නඬේ පිරිස වන්දනාමාන කර පිටත්ව යන්නට සූදානම්වූ නිසා කතාබහ ඉන් නැවතිනි. ‘‘මම වැඩකරන ඉස්කෝලේ දරුවෙක්ගේ තාත්තා කෙනෙක්ගේ තාත්තා කෙනෙක් චෛත්‍ය මලූවෙදි හමුවුනා’’ ඇය වන්දනා නඩයේ සෙසු අයට කීවද ඔවුන් කිසිවෙකුගේ අවධානය ඊට යොමු නොවිනි. ඒ නිසා ඒ කතාබහ එතැනින්ම අවසන් විය. සති කිහිපයකට පසු ඇය සිය සේවාස්ථානයට පැමිණි පසු අසල වූ වෙළදසලකට ගිය අවස්ථාවේ කතරගම දී හමුවූ අමුත්තාගේ පුතා යැයි කී අය කඬේ වෙළදාමේ නිරතව සිටිනවා දැක ‘‘...... ඔය මහත්තයාගේ තාත්තා මට කතරගමදී හමුවුණා. මහත්තයා ගැනත් මහත්තයාගේ ..... අයියා ගැනත් මතක් කළා’’ ”අපේ අපුච්චා....’’ වෙළදාමේ නිරතව සිටි අයගේ පිළිතුර විය. ‘‘ඔව්, ඔව් එයා තමයි. දැන් සති තුනකට විතර ඉස්සර’’ තරුණියගේ පිළිතුර විය. වෙළ`දසලේ සෙනග වැඩිපුර සිටි නිසා ඒ කතාබහ ද එතැනින් අවසන් විය. දින කිහිපයකට පසු සවස් වරුවේ මේ තරුණිය හමුවන්නට තවත් කාන්තාවක් පැමිණියාය. පාසලේ අනෙක් ගුරුවරියන් ඇය හොඳින් හදුනන අතර ඇය ද ගුරුවරියක වූවාය. ”අනේ .... මිස් අපේ මහත්තයාගේ අපුච්චා කතරගමදී හමුවුනා කියලා මහත්තයාගේ මල්ලි කිව්වා. මම විස්තර දැන ගන්න ආවේ.’’ ඇය තොරතුරු විමසුවාය. ’‘ආ... ඔව්...ඔව්.. කිරිවෙහෙර මලූවේදී මට හම්බවුනේ. මිස්ගේ මහත්තයා ගැන තොරතුරු කිව්වා. අනේ ඒ සීයා හරි පිං පාටයි’’ තරුණ කළමනාකාර සහකාරවරියගේ පිළිතුර විය.’‘මිස්ට ඒ දැක්ක කෙනා ෆොටෝ එකක් පෙන්නුවොත් අදුනාගන්න පුලූවන්ද?’’ ගුරුවරියගේ ඊළ`ග පැනය විය. ’‘අපොයි පුලූවන්. මා එක්ක ටික වෙලාවක් කතා කරකර හිටියා. මම වැඩකරන්නේ හිග්ගස්වත්ත ප‍්‍රාතමිකේ කියලා කියන්න ඉස්සර එයා ඒක දැනගෙන ඉදලා තිබුණා. එයා කිව්වා ඔය දරුවාගේ ඉස්කෝලෙට මගේ පුතෙක්ගෙ දරුවෙකුත් එනවා කියලා කිව්වා’’ යැයි කළමනාකාර සහකාරවරිය පිළිතුරු දෙමින් කීවාය. ඉන්පසු කළමනාකාර සහකාරවරියට ඡායාරූප කිහිපයක් පෙන්වමින් මේවායින් ඒ හමුවුණ අමුත්තා හදුනා ගතහැකිදැයි ගුරුවරිය විමසීය. ඇය තමන්ට කිරිවෙහෙර චෛත්‍ය මලූවේදී හමුවූ ආගන්තුකයා ඒ ඡායාරූප අතර සිටියදී හොදින් හදුනාගත්තාය. කළමනාකාර සහකාරවරිය මේ අමුත්තා ඊට පෙර කිසිම අවස්ථාවක කුරුවිටදී හෝ වෙන කොතැනකදී හෝ දැක නොතිබුණි.‘‘මිස් මේක මහා පුදුමයක්නේ. මේ මගේ මහත්තයාගේ තාත්තා මියගිහිං දැන් අවුරුදු කිහිපයක්ම වෙනවා’’ ගුරුවරියගේ පිළිතුරින් තරුණ කළමනාකාර සහකාරවරිය දැඩි කලබලයකට පත්වූ බවක් පෙනිණි. ඇය සිය ඥාතීන්ටද දුරකතන ඇමතුම් ගනිමින් මේ සිද්ධිය විස්තර කරන්නට විය. එදා කිරිවෙහෙර චෛත්‍ය මලූවේ දී මහලූ වෙස් ගෙන තමන් හමුවේ සිටියේ කතරගම දෙවියන් යැයි මේ කතාව ඇසු හැමෝගෙම විශ්වාසය විය. මේ අතර කැලණිය පැත්තේ කිතුනු ආගම් භක්තිකයන් පිරිසක් වසරක් පාසාම කතරගම වන්දනාවේ යාම පුරුද්දක් කරගෙන තිබුණි. මීට මාස කිහිපයකට පෙරදී පිරිස කතරගම පිටත්ව ගියේ වෑන් රථයකිනි. පවුල් දෙකක සාමාජිකයෝ එහි වූහ. ඔවුන් කිතුනුවන් වුවත් කතරගම දෙවියන් කෙරෙහි විශ්වාසයක් ඇත. ඉක්මනින් කතරගමට ඇවිත් පූජාව තබා විනෝද වීම පිරිසේ වැඩි දෙනෙකුගේ වුවමනාව විය. කතරගමට පැමිණ නවාතැන්පොළක්ද වෙන්කරගත් පසු ලොකු පුජා වට්ටියක්ද සකසාගෙන සවස හය හමාරට හතට කතරගම දේවාලයට ගියේ ඉක්මනින් පූජාව තබා ආපසු පැමිණ විනෝද වෙමු යැයි කතාබහ කරගෙනය. දේවාල බිමට යනවිට මහා දිග පෝලිමකි. පූජා වට්ටිය රියදුරු අතේය. ‘‘මහත්තයලා කවුරුහරි පෝලිමට යන්න මම මේ පූජා වට්ටිය මෙතන තියාගෙන ඉන්නම්. පෝලිමේ පිළිවෙළට එනකොට පූජා වට්ටිය දෙන්නම්’’ රියදුරාගේ පිළිතුර විය. ඒ අනුව සෙසු පිරිස පෝලිමේ එන්නට විය. පැයක් පමණ පෝලිමේ සිටිමින් ඉදිරියට ඇදෙද්දී මේ පිරිසගේ වාරයද එළැඹුණි. නමුත් පෝලිමේ ඉදිරියේ තැනක පූජා වට්ටිය තියාගෙන හිටි රියදුරා පෙනෙන්නට නොවීය. හැම තැනම ඔහු සෙවුවද හමු නොවීය. රාත‍්‍රී දහය හමාරට ද කිට්ටුය. පිරිස රියදුරා සොයති. දිනයේ අවසන් පූජාවට ද කාලය පැමිණියේ ය. පුදුමයකි! මෙතෙක් පැය ගණනක් සෙව්ව රියදුරා ඔහු සිටිනවා යැයි කියූ තැනම පූජා වට්ටියද තියාගෙන බලා සිටී. ‘‘කොහේද ගියේ.’’ පිරිස විමසුහ. ‘‘මම මෙතනටම වෙලා හිටියේ. සර්ලා කොහේද ගියේ’’ රියදුරුගේ පිළිතුර විය. ‘‘අපි පැය ගාණක් තිස්සේ තමුසේ හොයනවා. බලනවා දැන් අන්තිම පූජාව’’ යැයි කියා පිරිස පූජා වට්ටිය රැුගෙන දේවාලයට ගියහ. ‘‘අපි කතරගමට ආවේ විනෝදවීමේ චේතනාවෙන්. අනික ඉක්මනට පූජාව තියලා එමු කියලා අපි ගියේ. අන්තිමට පූජාව තියලා ඇවිත් රෑට උයාගන්නකොට රෑ දොළහ විතර වුණා. විනෝදවීම පැත්තක තියලා කාලා නිදාගෙන පහුවදා උදේම ආපහු ආවා. අපේ චේතනාව හොද නැතිඑකක් නිසා අපිට දේව අඩවියේ විනෝදවෙන්න කතරගම දෙවියෝ හාස්කමකින් ඉඩදුන්නේ නෑ’’ සිද්ධියට මුහුණ දුන් පිරිසේ කෙනෙක් කීවේ කතරගම දේවඅඩවියේ නුසුදුසු දෙයක් කරන්නට සිතූ නිසා එය හාස්කමකින් වැළැක්වූ බවයි.මීට වසර කිහිපයකට පෙර කදාන ප‍්‍රදේශයේ බෞද්ධ පිරිසක් සමග අන්‍යාගමික පිරිසක් කතරගමට පැමිණියහ. කතරගම දෙවියන්ට සූදානම් කළ පූජා වට්ටි සහ දේවියන්ගේ හාස්කම් මේ අන්‍යාගමිකයන්ගේ හෑල්ලූවට ලක්විය. ‘‘තිරේ ඉන්න කතරගම දෙවියෝ’’ යැයි ඔවුහු විහිළු කළහ. පූජා වට්ටියේ තිබූ කෙසෙල් ගෙඩියක් එහිවූ කෙනෙක් පූජාව තැබීමට පෙර අනුභව කළේය. පූජාව තියන්න ඔහු ද දේවාලය ඇතුළට ගියේය. පුදුමයකි. දේවාලය ඇතුළත දී බඩකොරවීම නිසා කෙසෙල්ගෙඩිය කෑ තැනැත්තාට ඇවිද ගන්නටවත් නොහැකි විය. පසුව නොඉදුල් වෙනත් පූජා වට්ටියක් පූජාකිරීමෙන් පසු ඔහුට සුවවූ බව සූනියම් දේවාලයේ කපුමහතෙකු අප සමග කියා සිටියේ කතරගම හාස්කම් ගැන සිහිපත් කරමිනි.කුමණ ජාතික වනෝද්‍යානයේ පිහිටි කැබිලිත්ත දේවාලය අයත් ප‍්‍රදේශයේ 1974 දී බීට්ටු වන නිලධාරී කාර්යාලයක් පිහිටුවනු ලැබීය. කිලෝමීටර් තිහ හතළිහක් ඈත මහකැලේ මේ බීට්ටු වන කාර්යාලය හැදීමේ කොන්ත‍්‍රාත්තුව ගෙන තිබුණේ ගාල්ල බටපොළ ප‍්‍රදේශයේ කොන්ත‍්‍රාත්කරුවෙකි. සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ කාලයේ මොණරාගල දිස්ත‍්‍රික්කයේ මහවැලිතොට ප‍්‍රදේශයේ ඉඩම් කට්ටිකර ජනතාව අතර බෙදාදීමට මේ කාලේ සැලසුමක් තිබුණි. මහවැලිතොට කැබිලිත්තට කිට්ටු ප‍්‍රදේශයකි. මිනින්දෝරුවරු පැමිණ ඉඩම්කට්ටි කිරීමේ කටයුතුවල නිරතව සිටියහ. නමුත් මේ කැලෑ ඉඩම් මහජනයා අතර බෙදාදීම ගැන වනජිවී සංරක්‍ෂණ නිලධාරීහු පොදුවේ දැඩිලෙස විරුද්ධ වූහ. මහවැලිතොට කුමණ ජාතික වනෝද්‍යානයේ ජලපෝෂක ප‍්‍රදේශයක්වීමත්, මහ කැලෑව ජනාවාස වීමෙන් ඒ ප‍්‍රදේශයේ ගහකොළ සහ සතා සිවුපාවුන්ගේ ජීවන රටාවන්ට හානි පැමිණීම යන කාරණා නිසා වනජීවී නිලධාරිහු මේ විරෝධය පෑහ. මහවැලිතොට ප‍්‍රදේශයේ කුඹුරු අස්වැද්දීම සදහා වගා කාලයේදී ජනතාව කැලෑවට ඒම සිරිතක්ව තිබුණි. ගොවීන්ගේ මුවාවෙන් දඩයම්කරුවන් සහ ජාවාරම්කරුවන් කැලෑව ආක‍්‍රමණය කිරීම වනජීවී නිලධාරින්ට ඒවනවිටත් විශාල ගැටලූවක් ඇති විය. ඉඩම් කට්ටි මහවැලිතොටින් බෙදා දුනහොත් ඒ තත්ත්වය තවත් බරපතළ වියහැකි බව නිලධාරින්ට අවබෝධ වී තිබුණි. නමුත් නිලධාරින්ගේ විරෝධයට වඩා දේශපාලන වුවමනාව ක‍්‍රියාත්මක වන බව පෙනුණි. ඒ වනවිට කැබිලිත්ත බීට්ටු වන කාර්යාලයේ අඩවි සහකාර ලෙස සේවය කළේ කුමණ ගම්මානයේ වැසියෙකු වූ පී. සුමතිපාල මහතා ය. වනජීවී නියාමක බී. ගුණසිංහ මහතා ඇතුළු හයදෙනෙකුගේ කාර්ය මණ්ඩලයක් එහි විය. මැයි මාසයේ සිට නොවැම්බර් දක්වා වූ වියළි කාලයේ පමණක් මේ පිරිස කැබිලිත්ත බීට්ටු වන කාර්යාලයේ නැවතී සිටිති. සිදුවන්නට යන විනාශය වළක්වා ගතයුතුය යන්න වනජීවී නිලධාරීන්ගේ ඒකමතික තීරණය විය. කැබිලිත්ත බීට්ටු වන කාර්යාලයට තරමක් දුරින් කැබිලිත්ත දේවාලය පිහිටා තිබුණි. හැකි හැම වෙලාවටම මේ භූමියට ගොස් අතුපතුගා පහනක් පත්තුකර පැමිණීම මේ වනජීවී නිලධාරීන්ගේ සිරිත විය. එසේ කිරීමෙන් තමන් වනසතුන්ගෙන්, සතා සිවුපාවුන්ගෙන් ලෙඩරෝගවලින් ආරක්‍ෂාවන බවට බලවත් විශ්වාසයක් විය. ඇතැම් ඉඩ ලද අවස්ථාවල දේවාලයට දානයක් දීමද ඔවුහු කළහ. දානය පිළියෙළ කරන්නට කුඹුකන් ඔයෙන් වතුර ගන්නේ වැල්ලේ හැරූ වළවල් හතකින් ගත් නොඉඳුල් වතුරවීමත්, භාජන සෝදන්නේද වැල්ලේ හැරූ වෙනමම වළක වීමද කැබිලිත්තට දානයක් දීමේදී අනුගමනය කරන පිළිවෙතකි. කතරගම දෙවියන් වෙනුවෙන් එසේ කරන්නේ දානය නොඉදුල්ව පිළියෙල කිරීමටය. එසේ නොඉදුල්ව දානය දීම අනුහස් වැඩිවීමට හේතුවක් බව පිළිගැනීමයි. කැබිලිත්ත දේවාලයේ පුංචි සියඹලාව රෝපණය කළ අඩවි සහකාර පී. සුමතිපාල මහතා ඇතුළු නිලධාරීහු කැබිලිත්ත සියඹලා දේවාලයට ගොස් පහනක් පත්තුකර මහවැලිතොට ඉඩම් බෙදාදීමට රජය ගන්නට යන තීරණය වෙනසක් වේවායි පැතූහ. කතරගම දෙවියන්ගේ ආශිර්වාදයෙන් සතා සිවුපාවුන්ගේ සහ කැලෑවේ ආරක්‍ෂාවට එම තීරණය වෙනස්විය යුතුයැයි කන්නලව් කළහ. අවසානයේ වනජිවී නිලධාරින්ගේ අදහස මල්ඵල ගැන්විණි. මහවැලිතොට ඉඩම්වල ජනතාව පදිංචිකිරීම නැවැත්විණි. මේ කැබිලිත්ත බීට්ටු වන කාර්යාලයේ සිටින විට කෑමබීම අඩුවක් වුවහොත් කිලෝමීටර් හතළිහක් පනහක් ගෙවා ජනාවාසයකට යායුතුය. නමුත් කැබිලිත්ත දේවාලයට එන වන්දනාකරුවන් පූජාවන් පවත්වා ඉතිරි වන ආහාර ද්‍රව්‍ය මහ වන මැද කැලේ සුරකින මේ නිලධාරින්ට පරිත්‍යාග කර යෑම සිරිතක් කරගෙන තිබුණි. දිනක් කැබිලිත්ත බීට්ටු වන කාර්යාලයේ නිලධාරින්ට කහට තේ කෝප්පයක් බොන්නවත් සීනි නැතිවිය. නමුත් සීනි ගේන්නට යන්නටද හැකියාවක් නැත. හැන්දෑවේ කැබිලිත්ත දේවාලයට ආ පිරිසක් පූජාව පවත්වා පිටත්ව යන්නට පෙර සීනි ඇතුළු ආහාර තොගයක්ම පරිත්‍යාග කළ බව එකල එහි වනජීවී නියාමකයෙකු ලෙස සේවය කළ බී. ගුණසිංහ මහතා කීවේය. කතරගම දෙවියන් වනසතුන් ගහකොළ රකින මිනිසුන් කෙසේ හෝ රකින බව තම විශ්වාසය වූ බව ද ඔහු කීවේ ය.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කතරගම පුදබිමේදී පූජා විට්ටිය අතැති රියදුරා අතරමං වෙයි
සම්පත් Monday, 14 May 2012 03:15 AM
මේ කතා බොරු නෙමෙයි.මේවා තමයි අපේ රටේ සැගවුණු ඇත්ත.මේක ඇත්ත කතාවක්.මටත් ඔහොම එකක් වෙලා තියෙනවා.ඒකයි මම කියන්නේ එහෙම
තාරක Sunday, 24 June 2012 11:08 PM
ඔන්න වැඩ
තුෂාර Sunday, 24 June 2012 10:29 PM
නියම ලිපියක්