අංගොඩ කුඩා බුත්ගමුව එම්.ඒ. ජයසිරි මහතා ලියා එවූ කතාවක් මෙසේය.
සිය පියාණන්ගේ වියෝවත් සමගම, මෑණියන් ඉන් අසරණ වීමට ඉඩ නොතබා ඇය හා ඇගේ සොහොයුරන් දෙදෙනා ද පෝෂණය කරනු ලැබුවේ එම පුතු විසිනි. ඔහු පවුලේ එකම පුත්‍රයා ද විය. එතෙක් කලක් අවිවාහකව විසූ හෙතෙම මවගේ ඇවටිලි කිරීම මත විවාහ දිවියට ඇතුළත් විය. එහෙත් වැඩිකල් නොගොස්ම ගැටලු රැසක්ම පැන නැගුණ අතර ලේලියගේ සැබෑ ස්වරූපය මවට මෙන්ම පුතුට ද කෙමෙන් වැටහිණ.
ඒ ඔවුන්ගේ අදහස්වලට ගරු නොකොට තම අභිමතය පරිදි ඇය කටයුතු කිරීම හේතුවෙනි. මවගේ එකී දෙසොහොයුරන් ආබාධිත අය වූ බැවින් ඔවුහු නිවස තුළ ඇවිද යාම එම ලේලිය නොඉවසුවාය. නොයෙක් විට ඒ පිළිබඳව දොස් නැගුවාය. මවත්, පුතුත් ඒ කෙරෙහි කනස්සල්ලෙන් පසුවූ අතර ඔවුන්ගේ අකමැත්ත ද නොතකා ඇය එම සොහොයුරන් දෙදෙනා එක්තරා මඩමකට ඇතුළත් කරනු ලැබීය.
ඉන් නොනැවතුණ ඇය මවට ද යම් යම් තහංචි දැමීමට ද පසුබට නොවූවාය. මව බුලත්විට කෑමට මහත් රුචිකත්වයක් දැක්වූ තැනැත්තියකි. එමෙන්ම වියපත් කිහිප දෙනෙක් ද එලෙස බුලත්විට කෑම පිණිස එහි පැමිණීමට කලක සිටම පුරුදුව සිටියහ. ලේලිය ඊට තම නොසතුට පළ කළ අතර එම ක්‍රියාව නවතා දමන්නැයි ද මවට බලපෑම් කරන්නට වූවාය.
ඇයගේ තර්ජනය හමුවේ මවත් පුතුත් අසරණ විය. ලේලිය මෙලෙස හැසිරෙනුයේ පලිගැනීමේ චේතනාවෙන් බවට ඔවුන්ට රහසක් නොවීය. තම මව්පිය දෙදෙනා නිවසෙහි නවතා ගැනීම ඇයගේ අරමුණවී තිබිණ. නමුදු සෙසු අය ඊට එරෙහි වීම හේතුවෙන් එය ඉටු නොවීය. එහෙයින් එම තැනැත්තිය ඔවුන් කෙරෙහි කෝපයෙන් පසුවූවාය.
ටික කාලයක් ගතවීමත් සමගම පුතු හදිසියේ රෝගාතුර වූයේය. අජීර්ණ ආබාධයක් ඔහුට වැළඳී තිබිණ. මව තමන් දන්නා අයුරින් ඊට අත්බේත් ආදිය ලබා දුන් නමුදු ලේලිය ඒ කෙරෙහි එතරම් සැලකිල්ලක් නොදැක්වූවාය. කෙමෙන් රෝගී තත්ත්වය උත්සන්න වූයෙන් ළඟම පිහිටි රෝහලට ඇතුළත් කරනු ලැබීය. කොතෙක් ප්‍රතිකාර කළ ද, ස්ථිර සුවයක් නොලද හෙතෙම පසුදින දිවියෙන් සමුගෙන ගියේ අසරණ මෑණියන් මෙලොව තනිකර දමමිනි. පුතුගේ අකල් වියෝවින් දුක වාවා ගත නොහැකිව හැඬූ කඳුළෙන් පසුවූ මව ද ටික කලකට පසුව මියගියාය.
ලේලිය ඒ සමගම තම මව්පිය දෙදෙනා නිවස තුළ රඳවා ගනු ලැබුවේ කිසිවක් නොවූ අයුරිනි. කාලය ගෙවී යමින් තිබුණු අතර ඇය වරින් වර රෝගාතුර වූවාය. දේශීය හා බටහිර ප්‍රතිකාර ආදිය කළ ද, එය සුවපත් කිරීම දුෂ්කර විය. සිරුර ද කෙමෙන් අප්‍රාණිකව ආහාර ගැනීමේ අපහසුතාවක් ද හට ගැනුණි. පසුව එම තැනැත්තිය රෝහල වෙත ගෙන යනු ලැබීය. ඒ වන විටත් ඇගේ තත්ත්වය අසාධ්‍ය විය.
දෙසතියක පමණ කාලයක් සිහිසන් නොමැතිව එහෙත් යන්ත්‍රයක ආධාරයෙන් ජීවත්වූ එම තැනැත්තිය පසුව මෙලොවින් සමුගත්තාය. සොඳුරු දිවි පෙවෙතක් ගතකිරීමට හැකියාව තිබිය දී සුළු කරුණක් නිසා වියරු වී තම සමීපතමයන්ගෙන් පලිගැනීමෙහි යෙදුණු ඇය හට ඊට දුක් විපාක වශයෙන් රෝගීව, පීඩා විඳිමින් සමාජයේ අප්‍රසාදයට ද ලක්ව අකාලයේ එවන් දුක්ඛිත මරණයකට මුහුණ දීමට සිදුවූ බව මෙම සත්‍ය කතා පුවත අනුව පැහැදිලිව පෙනී යන්නේය.
මතුගම පියසේන දොඩම්ගොඩ මහතා ලියා එවූ කතාවකි.
කිතුලෙන් ඇදවැටුණු බණ්ඩියාට ඇහැක් කටක් ඇරීමට පණක් තිබුණේ නැත.
මෙයට වසර තිහ හතළිහකට පෙර ගම්දනව්වල දැනට මෙන් ආර්ථික දියුණුවක් දක්නට නොලැබුණි. ගමකට තිබුණේ කටුමැටි වරිච්චියෙන් නිමවූ පොල්අතු සෙවිලි කළ ගෙවල් හත අටක් පමණි. විදුලි බලයක් නැති අතර කවුරුත් පාහේ අඳුර මකා ගත්තේ භූමිතෙල් කුප්පි ලාම්පුවේ පිහිටෙනි. ජනගහනය සුළු බැවින් අද මෙන් දහසක් ප්‍රශ්න පැන නැගුණේ නැත.
ගමේ ඇති කුඹුරුයාය වගාකර වත්ත පිටියේ එළවළු පලතුරු හා කොස්, දෙල්, පොල්, කිතුල්, කෙසෙල්, පුවක්, අඹ, රඹුටන්, පේර, නාරං, දොඩම් ආදිය ඇතුළු අවැසි කරන සෑම භව බෝගයක්ම වවා කියාගෙන කිසිවෙකුට කරදරයක් නොවී කවුරුත් බෙදාහදා ගෙන කා බී නිවිසැනසිල්ලේ ජීවත් වීමට හැම දෙනා පුරුදු පුහුණු වූයේ නිරායාසයෙනි. ගමේ ගොවියා වගා කරන අල බතල මඤ්ඤොක්කා ආදියට අමතරව කැලෑවේ ඉබේ හටගන්නා -කටුවල, කොඬොල්” ආදී වැල් අල වර්ග බෙහෙවින් තිබුණ අතර -වස විෂ” නොමැති ඒ සෑම කෑම බීමක් නිසා නිරෝගිමත් ජීවිත ගත කිරීමට කාටත් වාසනාව පෑදී තිබුණි. -අවාරෙට අඹ වැටෙන්නාක් මෙන්” ගමේ පාසල කරා ළමුන් ඇතුළත් වූයේ ද ඉතා සුළු ප්‍රමාණයකි. ගම් ගෙවල්වල ඇති දැඩි වෙන පාසල් නොයන ළමුන් සොයා පාසලට ගෙන්වා ගෙන අකුරු කරවීම ගුරුවරුන්ට භාර කාරියක් වී තිබුණි. ළමුන් පාසල්වලට ඇතුළත් නොකර ගෙදර තබා ගැනීම දඬුවම් ලැබිය යුතු වරදක් වූ අතර ඔවුන් ගැන සොයා බැලීමට රජයේ නිලධාරියෙක් ද පත්වී සිටියේය.
-නඩු මහත්තයා” නමින් හැඳින්වූ ඒ මහතා ගමට පැමිණෙන විට ළමයින් සඟවා ගැනීම මවුපිය සිරිතක් වූයේ ඔවුන්ගේ නූගත්කම නිසාවෙන් උගත්කමේ දියුණුව ගැන නොදන්නා කමෙනි. එහෙත් දැනට පාසලකට ළමයින් ඇතුළත් කරගැනීම ඉතා බැරෑරුම් කටයුත්තක් වී ඇත. මේ අතර ගමේ පන්සලේ හාමුදුරුවෝ, ගුරුතුමා, ගමේ රාලහාමි, මැම්බර් මහත්තයා, කඬේ මුදලාලි හැරුණු විට ගම වනසන හොරුන්, තක්කඩින් හා චණ්ඩින් ද නොසිටියා නොවේ. වැස්සකටවත් පාසලට නොගිය හොඳක් නරකක් නොදත් සූදු අන්තුවෙක්, හොරෙක්, බේබද්දෙක්, අවලමෙක් හා නැහැදුණු අයකු වූ ගමේ හරක් බලන්නෙක් වූ බණ්ඩියා ද එවැනි පාපතර චණ්ඩියෙක් බවට පත්ව සිටියේ ගම්මුන් ඔහුට පාඩමක් වෙන්නට දඬුවමක් නොකළ බැවිනි. ගමේ සිදුවූ සෑම නොපනත්කමකම මූලිකයා වූයේ බණ්ඩියාය. හැන්දෑ යාමේ කට ගොන්නක් බීගෙන නිරපරාදේ ගම්මුන්ට බැණ වැදීම මොහුගේ විනෝදාංශයකි. මොහු කරන කියන සෑම දුසිරිතක්ම ගමේ අය ඉවසා විඳ දරා සිටියේ බණ්ඩියාට ඇති බිය නිසා මිස වෙනත් දෙයකට නොවේ. එහෙත් මොහුට විරුද්ධව නීතියේ පිළිසරණ පතා නොගියත් බණ්ඩියා කරන හොර මැරකම්වලට දඬුවම් ලබා දීමට ගමේ දේවාලයට හා අහල ගම්වල දේවාල කරා ද ඇදී යන්නන්ගේ ගණන ද දවසින් දවස වැඩි විය. ඒ දෙවියන්ගෙන් වත් ඔහුට දඬුවමක් ලබා දීමේ එකම බලාපොරොත්තුවෙනි. -ගල් හතක් ගැසීමේදී එක ගලක් හෝ නොවැරදීම වැදෙන” බව සනාථ කරමින් දිනක් ගම්මුන්ගේ පැතුම සැබෑ කරවන දිනය උදා විය. එදින වැසි බර සැන්දෑවකි. කැලෑවේ සිටි හරක් රැළ තම ගෙදර වත්තට දක්කාගෙන පැමිණි බණ්ඩියා තම වත්ත පාමුල තිබුණ කිතුලට නැගගත්තේ -රා” බීමේ ආශාවෙනි. ගස මුදුනට නැගගත් ඔහුට සිදුවූයේ බලවත් අකරතැබ්බකි. කිතුලේ මලට යොදා තිබුණ මුට්ටිය ගැලවීමේ දී හදිසියේ ගස අතහැරුණු බණ්ඩියා ගස මුදුනේ සිට අසල තිබුණා වූ විශාල ගල් තලාව මතට ඇදගෙන වැටුණේ නොසිතූ ලෙසිනි. අඩි පනහක්, හැටක්, උඩ සිට ගල මතට වැටුණ බණ්ඩියාගේ අතපය කැඩී හිස ගලේ වැදී ඔහු මිය යාමට ගතවූයේ තත්පර ගණනකි. වසර ගණනාවක් අහිංසක ගම්මුන්ට චණ්ඩිපාට් දැමූ බණ්ඩියාට ඇහැක් කටක් ඇරීමට පණක් තිබුණේ නැත. ඔහුගේ කෑගැසීමක් නොවුණත් -ජබොක්” හඬ නගමින් ඇතිවුණ ශබ්දයට ගම්මුන් එකතු වූවත් බණ්ඩියාගේ අවසන් කටයුතු විනා වෙනත් යමක් කිරීමට ඉඩක් නොමැති බව බණ්ඩියාගේ අතපය කැඩුණු නිසල දේහය දැකීමෙන් හැම දෙනාටම පැහැදිලි විය. පසුවදා ගමේ කාගෙත් සහභාගිත්වයෙන් බණ්ඩියාගේ අවසන් කටයුතු චාම් ලෙස සිදුවිය. මේ වෙන විටත් ගමේ නොසංඩාල වැඩකරන අයෙක් දුටු විට ගමේ වැඩිහිටියන් -බණ්ඩියාට සිදුවූ වින්නැහිය” ඔවුන්ට ද සිහිපත් කරන්නේ මේ ආත්මයේදීම -කළකම් පලදෙන බව” නියත වශයෙන් සිදුවෙන බව කියාපෑම පිණිස වේ.
කොස්වත්ත බිංගිරිය ඩී.එන්. දිසානායක මහතා ලියා එවූ කතාවකි.
ඔහු අපි -කාර් විමලේ” යනුවෙන් හඳුන්වමු. පැරණි රියැදුරෙකු වූ ඔහු දිනක් වැව් පිටියක එල්ලේ ගසන අතරතුර ඇද වැටීම හේතු කොටගෙන ඔහුගේ වම් පාදය බිඳී ඔත්පල විය. පසුකලෙක ප්‍රතිකාර ගෙන පාදය සුවවූ මුත් ඔහුගේ කකුලේ ආබාධය නිසා කොර ගසමින් ඇවිද යාම නිසා රියැදුරු රැකියාව අත්හළේය. ඔහු පසුකලෙක පොල්වත්තක් බලා කියාගෙන ජීවත් වූයේ එම වත්තෙහි මුරකරු ලෙසිනි. ඔහු මුරකරු ලෙස කටයුතු කළ එම වත්තෙහි නොයෙක් වර්ගයේ බෝග වර්ග සිටුවා තිබූ අතර ඒ අතරට මඤ්ඤොක්කා ද විශාල වශයෙන් සිටුවා තිබිණ. මේ නිසා ඔහු දිනපතා රාත්‍රී කාලයේ විදුලි පන්දම ද ගිනි අවියක් ද රැගෙන වත්ත පුරා ඇවිද යාම ඔහුගේ දෛනික රාජකාරිය විය.
මෙසේ ඇවිද යන අතරතුර දිනක් ඔහු දුටුවේ මඤ්ඤොක්කා පඳුරු කිහිපයකම එක් පැත්තක වූ මඤ්ඤොක්කා අල කිසියම් අයකු ගලවා ගෙන ගොස් ඇති බව ය. මඤ්ඤොක්කා ගස්වල එක් පැත්තක පමණක් පස් ඉවත්කර අල ගලවාගෙන ගොස් තිබෙන අයුරු දුටු හේ තවත් අයෙකු සමගින් රාත්‍රී කාලයේ ඇවිද යමින් තවත් ඒ ගැන විමසිලිමත් විය.
දිනක් මෙලෙස ඇවිද යන අතරතුර මඤ්ඤොක්කා ගසක් අසල බිම වාඩි වි අල ගලවන සොරෙකු දුටු මුරකරු -විමලේ” හීන් සීරුවේ සොරාට කිට්ටු වී තම ගිනි අවියේ බන්දෙන් වැරෙන් හිසට පහරක් ගැසුවේය. එම පහරින් සොරා මරුමුවට පත්වූයේ විමලේ ද නොසිතූ ආකාරයටය. මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම නිසා මාස ගණනක නඩු විභාගයකින් පසු විමලේ වර්ෂ හයකට සිරගත වූ අතර සිරෙන් නිදහස් වී ගෙදර ආ විමලේ ටික දිනකින් දරුණු ලෙස ඔත්පල විය.
ඇඳෙන් බැසීමටවත් නොහැකිව අසාධ්‍ය රෝගයකින් පෙළුණු විමලේට තමාගේ ජීවිතයේ අවසාන කාල පරිච්ජේදයේ දී විඳින්නට සිදුවූයේ තම ඇඳෙහිම මළ මුත්‍රා කර ඒවා තම ඇඟ පුරා මුව පුරා ගාගෙන වර්ෂ ගණනාවක් කටුක ජීවිතයක් ගෙව්වේය. දුගී දුප්පත් අහිංසක මිනිසෙකු තම කුසගින්න නිවා ගැනීමට හෑරූ මඤ්ඤොක්කා අලය ඔහුගේ මරණයට හේතුවූ අතර කාර් විමලේට අත්වූ මේ අවාසනාවන්ත ඉරණම ඔහුගේ -ජීවිතයේදීම කළ කම් පලදෙන හැටි” යස රහට කියාපාන්නකි.
මෙබඳු කතා ඔබත් දන්නේ නම් ඒවා ඉරිදා ලංකාදීපයට යොමු කරන්න.
කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්
ශ්රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම
මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු
ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා
ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
කිතුලෙන් ඇදවැටුණු චන්ඩි බණ්ඩියා