ජාත්‍යන්තර කාන්තා දිනය අදට යෙදී තිබේ. ලෝක ශ්‍රම බලකායෙන් බලවත් පංගුවක් නියෝජනය කරන කාන්තාවෝ තමන්ට හිමි අයිතිය ඉල්ලා හා අහිමි කළ අයිතින් ඉල්ලා දළ රළ පෙළක් සේ උස්ව නැඟෙමින් අරගල බිමට අද දවසේ දී පිවිසෙති. ඒ අනුව යමින් යදම් පුපුරවා හරින බලගතු ජවයකින් යුතුව ශ්‍රී ලාංකේය කාන්තාවෝ ද අද දවසේ තම අයිතින් උදෙසා අධිෂ්ඨාන පූර්වකව සටන් වදිති.
ලෝකයම එකම මිනිස් පවුලක් බව සැබෑවකි. එසේනම් ඒ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් වෙන වෙනම ජාත්‍යන්තර දින වෙන්වීමට ඉඩක් නැත. එය එසේ වුවත් ජාත්‍යන්තර ළමා දිනය, ජාත්‍යන්තර කාන්තා දිනය, ජාත්‍යන්තර කම්කරු දිනය, ජාත්‍යන්තර මවු දිනය, පිය දිනය, වැඩිහිටි දිනය හා ජාත්‍යන්තර පෙම්වතුන්ගේ දිනය ආදී වශයෙන් විශේෂිත ජාත්‍යන්තර දින වෙන්කර තිබේ.
එබඳු ජාත්‍යන්තර දින වෙන්කර තිබෙන්නේ ඇයි? ඒ සඳහා බලපෑ සුවිශේෂි දේශපාලන කාරණා මෙන්ම සුවිශේෂී සමාජ කාරණා ද වෙයි. එහෙත් එමඟින් සිදුවන්නේ එකම මිනිස් පවුල සීසීකඩ බිඳී විසිරී යාමය. බිඳී යාම තුළම සමගිය අහිමි වේ. සමගිය තුරන් වූ සැණින් බලය ගිලිහෙයි. එහි තාර්කික ප්‍රතිඵලය වන්නේ ඒ එකම මිනිස් පවුලේ සාමාජිකයන්ට තම තමන්ගේ විමුක්තිය වෙන වෙනම නිර්මාණය කර ගැනීමට සටන් වැදීමට සිදුවීමය. අද සමරන ජාත්‍යන්තර කාන්තා දිනයේ දී රණකාමී සාඩම්බර වාගාලාපවලින් වැසී යන තිත්ත, කටුක ඇත්ත හා යථාර්ථය එය ය.
කාන්තාවන්ට, කම්කරුවන්ට, ළමයින්ට වෙන වෙනම විමුක්තියක් නිර්මාණය කරගත නොහැකිය. ඒ සියල්ලන්ටම විමුක්තිය නිර්මාණය වන්නේ පොදුවේ මුළු මහත් මානව සමාජය තුළම බිහිවන විමුක්තිය තුළය. ජාත්‍යන්තර කාන්තා දිනය වාර්ෂික ලිත් සැමරුමකින් ගලවා ගත යුතු වන්නේ එහෙයිනි. එසේ නොවන තාක් ජාත්‍යන්තර කාන්තා දින සැමරුමෙන් පසු සුපුරුදු සූරාකෑම්වල පහසු ගොදුරු බවට පත්වන කාන්තාවන්ගේ ඉරණම බිඳකුදු වෙනස් නොවනු ඇත.
ආසියාතික ගුණගරුක සමාජය තුළ ශ්‍රී ලාංකේය සමාජයට සුවිශේෂි වටිනාකමක් තිබේ. වසර 2500කට වැඩි ශ්‍රේෂ්ඨ සංස්කෘතික උරුමය විසින් ඒ සුවිශේෂිත්වය නිර්මාණය කර තිබේ. ‘‘ගෙදර බුදුන් අම්මා’’ යැයි පුදන සලකන උත්කර්ෂවත් මනෝභාවය හරහා සංකේතවත් වන්නේ කාන්තාව සම්බන්ධයෙන් මෙරට සමාජය සතුව ඇති පූජනීය හැඟීම වේ. බසයකදී අදටත් පිරිමියා විසින් කාන්තාවන්ට අසුනක් පිරිනමනු ලැබීම දැකිය හැකිය. එසේ අසුනක් පිරිනමනු ලබන්නේ ගැහැනිය පිරිමියාට වඩා දුබල හා දුර්වල යැයි සිතෙන මානසිකත්වයෙන් නොව ඇයට ඇති ගෞරවය පිණිස ම ය. කවර විසකුරු ප්‍රවණතා සුනාමියක් මෙන් රළ ගැසුවද ඒ ගුණගරුකභාවය අප සමාජයෙන් තුරන් වී නොයනු ඒකාන්ත ය.
කරුණු කාරණා එපරිදි වුවද අදටත් මෙරටට වැඩිම විදේශ විනිමයක් රැගෙන එන්නෝ කාන්තාවෝ ය. ඒ වඩාත් පැහැබර වෘත්තිවල යෙදී නොවේ. වහල්භාවයෙන් බිඳකුඳු හෝ වෙනස් නොවන මැද පෙරදිග ගෘහ සේවයෙනි. එහිදී අප කාන්තාවෝ අනන්තාපරිමාණ වධ වේදනාවලට ලක්වෙති. ශ්‍රමයේ සිට ලිංගිකත්වය දක්වා අනවරත සූරාකෑමට ලක්වෙති. උඩු මහලෙන් පැන දිවි නසා ගැනීෙම් ඉරණමත් සුල්තාන්ලාගේ බහට අවනත නොවන්නේ නම් අත් පා ඇඹරීම්. හිස බිත්තියේ ගසා හිස පොඩි පට්ටම් කිරීමේ සිට දෙපතුල්වලට පරාළ ඇණ ගැසීම් දක්වා වූ තිරශ්චීන වදවලට ගොදුරුවීම ඉරණම ලෙස බාර ගැනීමට සිදු වී තිබේ.
ආසියාවේ ආශ්චර්ය කරා අප යාමට උත්සාහ කළේත් මාස 60න් අලුත් රටක් අප ගොඩනඟමින් සිටින්නේත් අපේ කාන්තාවන්ගේ ලෙයින් කඳුළෙන් හා සුසුමෙන් ලියැවෙන ඒ අඳුරු ඉරණම එලෙසින්ම තිබිය දීය. එහි තර්කානුකූල අන්තය ලෙස පවුල් සංස්ථාව බරපතළ ලෙස බිඳ වැටී තිබේ. විකෘති, කාමාතුර පියවරුන්ගේ ග්‍රහණයට තමන්ගේම දියණියන් ගොදුරුවෙමින් තිබේ. බිලිඳිය, යුවතියක වීමටත් පෙර පියවරුන් නැති දරුවන් මෙලොව බිහි කරන අම්මලා බවට පත්ව ඇතැයි යන්න කාන්තා විමුක්තිය සම්බන්ධයෙන් අද කෙරෙන කතා බහට ගෝචර නොවන්නේ ඇයි ද යන්න විමසිය යුතුය.
‘‘තොටිල්ල පදවන අත’’ යැයි නාමකරණය කරනු ලැබූවද ලෝකයේ පළමු අගමැතිනිය බිහි වූයේ අප රටෙන් ය. අසල්වැසි බලගතු ඉන්දියාවට නොහැකි වුවද මීටර 200 ඉසව්වෙන් ඔලිම්පික් පදක්කමක් දිනාගනු ලැබූවේ අප රටේ දිළිඳු කෙල්ලකි. අවස්ථා ලබා දෙන්නේ නම් ගැහැනුකම බාධාවක් කර නොගෙන අහිමි ජයග්‍රහණ හඹා යාමට අප රටේ කාන්තාව සූදානම් බව සනාථ කර තිබේ. අද දවසේ සිදුවිය යුත්තේ එයට අවශ්‍ය දැක්ම හා ජවය ඒකරාශි කරගැනීම ය.
වහලය මත සවිකරන සූර්යබල විදුලි පද්ධති මගින් නිෂ්පාදනය කෙරෙන විදුලිය මිලදී ගැනීමේ දී ලංකා විදුලිබල මණ්ඩලය මෙතෙක් ගෙවන ලද මිල ගණන් විශාල ලෙස පහළ දැමීමට
සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න
මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.
ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.
අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප
කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු පද්ධත
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
කාන්තා දිනය ලිත් සමරුවකට සීමා නොකරමු