එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී ප්‍රශ්නයේ දී මෙන්ම රටේ අභ්‍යන්තර ප්‍රශ්නවල දී ද මහා මෙහෙවරක් කළ එවකට බි්‍රගේඩියර් හර්ෂ ගුණරත්න මහතා පසුගියදා මේජර් ජෙනරාල් ධුරයට උසස් කෙරිණි.
ඔහු ශ්‍රී ලංකා යුද හමුදාවට එක් වූයේ දෙවැනි ලුතිනන්වරයකු හැටියට 1957 වසරේය. ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායෙන් බිහිවූ පළමු අණදෙන නිලධාරියා හර්ෂ වන අතර 1984 දී අලුතින් ආරම්භ කළ ඒකාබද්ධ ත්‍රිවිධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරියා වූයේද හර්ෂ ගුණරත්න මහතාය.
1983 ජූලි කෝළාහලයේ දී උතුරු මැද ආඥාපති හැටියට දෙමළ ජාතිකයන්ට හානියක් නොවන පරිදි අගනා සේවයක් ඉටු කිරීම, 1986 දී කන්තලේ වැව් බැම්ම පිපිරීමෙන් සිදුවූ බරපතළ තත්ත්වය යථාවත් කිරීම, රජරට බළකායේ කැරැල්ල මැඩපැවැත්වීම, ත්‍රිමලය හමුදා අණසකට ගැනීම ආදී උදාර කාර්යයන් රැසක් ඔහු අතින් සිදුවිය. හර්ෂ ගුණරත්න මහතා 1985 වසරේ හමුදා සේවයෙන් විශ්‍රාම ගන්නා විට එවකට යුද හමුදාවටම සිටි බි්‍රගේඩියර්වරු තිදෙනාගෙන් එක් අයෙකු ද විය.
තම සේවා කාලය තුළදී ත්‍රිමලය හමුදා පාලනය යටතට ගැනීම සහ කන්තලේ වැව් බැම්ම පිපිරීමෙන් ඇතිවූ සිද්ධිය ගැන මේජර් ජෙනරාල් හර්ෂ ගුණරත්න (විශ්‍රාමික) අප සමඟ මතකය බෙදාගත්තේය. දකුණේ භීෂණය ක්‍රමිකව පැතිර යමින් තිබිණි. උතුරේ එල්.ටී.ටී.ඊ.ය රජ කරන්නට පටන් ගෙන තිබිණි. එවක කොළඹ මල් පාරේ පිහිටි ඒකාබද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධානියා ලෙස සිටියේ බි්‍රගේඩියර් හර්ෂ ගුණරත්න මහතාය. ඔහුට මතක හැටියට ඒ 1985 වසරේ දවසකි. වේලාව මැදියම් රැයට හෝරාවක් දෙකක් ඉතිරි වී ඇත.
හර්ෂ ගුණරත්නගේ ගෙදරට ආරක්ෂක ඇමැති ලලිත් ඇතුළත්මුදලිගෙන් දුරකථන ඇමතුමකි.
“හර්ෂ මම ඒකාබද්ධ මූලස්ථානයට ආවා, දැන් එන්න...” ඒ අනුව බි්‍රගේඩියර් හර්ෂ ගුණරත්න මහතා ඉක්මන් විය.
මොකක් හෝ ලොකු වැඩක් පිළිබඳ ගැඹුරු සාකච්ඡාවක් බව හර්ෂට දැනෙමින් තිබිණි.
“හර්ෂ රෑ කියල බෑ... රටේ තත්ත්වේ ටිකක් හොඳ මදි.. ත්‍රි’මලේ තත්ත්වෙ නරක අතටම හැරිලා. ඔයාට එහෙ මොකක් හරි කරන්න පුළුවන් නේද? ඒකට කොළඹ ඉඳල බෑ.. යන්න ඕනෑ...”
ලලිත් ඇතුළත්මුදලි කියාගෙන යයි.
ලලිත් කියන හැටියට ත්‍රි’මලේ තත්ත්වය බි්‍රගේඩියර් හර්ෂ ද නොදැන උන්නා නොවේ. එල්.ටී.ටී.ඊ. ය සීයට 80 ක් පමණ ත්‍රි’මලේ ඔලුව උස්සා තිබිණි. හමුදාවට මහ දවාලේවත් සේරුවිල සිට ගෝමරන්කඩවලට යා නොහැක. කට්ටපරිච්චාන්, තිරියාය, ත්‍රිමල කඳවුරු තිබුණත් එක කඳවුරක සිට ඊළඟ කඳවුරට යාම අතිශයම අවදානමකි.
“සර්.. මම ත්‍රි’මලේ යන්නම්... මම ඒ ප්‍රශ්නය බේරන්න කටයුතු කරනවා” බි්‍රගේඩියර් හර්ෂ පොරොන්දු විය.
ඒ අනුව පසුදාම බි්‍රගේඩියර් හර්ෂ ත්‍රිමලය භාර හමුදා ප්‍රධානියා ලෙස පිටත්ව ගියේය. ඒ වන විට හර්ෂට විශ්‍රාම යාමට ඉතිරිව තිබුණේ මාසයකටත් අඩු කාලයකි. නමුත් ලලිත් ඒ බවද නොසලකාහැරි සෙයකි.
බි්‍රගේඩියර් හර්ෂ ගුණරත්න ත්‍රිකුණාමලයට ගොස් ප්‍රධාන සටන් තුනකට සැලසුම් ඇන්දේය.
සියලු සැලසුම් රහසේ ක්‍රියාත්මක කළ යුතුව ඇත. එල්.ටී.ටී.ඊයට තොරතුරක් යාම පවා දැඩි අවදානමකි. ඒ තරමට ත්‍රිමලය ඔවුන්ගේ ග්‍රහණයට හසුව ඇත. හර්ෂ ප්‍රදේශයේ හමුදා ප්‍රධානීන් ගෙන්වා,
“නිලාවෙලි ක්ලියර් කරන්න ඕනෑ. හමුදාව රහසේ ස්ථාන ගත කරන්න තැනක් බලන්න”
ඒ අනුව උප්පුවේලි පන්සල ඊට තෝරා ගැනිණි.
ඉතාම රහසේ දවසට සෙබළුන් 20-30 කුඩා කණ්ඩායම් බැගින් උප්පුවේලි පන්සලට ස්ථානගත කෙරිණි. ගෙනයන සියලු සෙබළුන්ට එළිමහනේ ගැවසීමද තහනම් වේ. සියල්ල අවට කිසිවකුට නොදැනෙන පරිදිය. මේ ආකාරයට සතියක් තුළ සෙබළුන් 150 ක් පන්සලට රැස් කෙරිණි.
ඒ අනුව බි්‍රගේඩියර් හර්ෂ ගුණරත්න දිනක් මැදියම් රැය වන විට පණිවුඩයක් ලබා දුන්නේය.
“නිලාවෙලි ක්ලියර් කරන්න...”ඒ අනුව හමුදාවෝ රාත්‍රී 2.00 ට පමණ නිලාවේලි සටන ඇරඹූහ. එවැනි හමුදා සේනාවක් නිලාවේලි කොහි රැඳී සිටියාද යන්න ත්‍රස්තවාදීන්ටත් හිතා ගත නොහැකි විය.
හමුදාව එන මාර්ග සම්පූර්ණයෙන් අවහිර කරගෙන සිටි ත්‍රස්තවාදීන්ට සෙබළු 150 ක් කඩා වැදීම නිසා අත්අඩංගුවට පත් වෙනවා හැර කළ හැකි වෙන කිසිවක් නොමැති විය.
සමහර ත්‍රස්තවාදීහු මර නින්දේ පසුවූහ. අලුයම 6.00 වෙන විට පොඩි පොඩි සටන්ද ජයගෙන හමුදාවෝ නිලාවේලි සම්පූර්ණයෙන් ත්‍රස්ත ග්‍රහණයෙන් මුදාගත්හ.
මේ සටනේදී ත්‍රස්ත සාමාජිකයෝ 50 ක් පමණ අත්අඩංගුවට පත්වූහ.
“දැන් මේ අයට මොකද කරන්නේ”
බි්‍රගේඩියර් හර්ෂට ඉහළින් නියෝගයක් ලැබිණි.
“ඔතැනින් දරුණුම අය තෝරාගෙන ඒ අය බූස්සට එවන්න.. අනික් අය නිදහස් කරන්න..” ඒ අනුව අල්ලාගත් ත්‍රස්තවාදීන් 50 දෙනා අතට කොළ හා පැන්සල් ලබාදුනි.
“උඹල මෙතන ඉන්න දරුණුම එල්.ටී.ටී.ඊ. කාරයො 20 දෙනාගෙ නම් වෙන වෙනම මේ කොළවල ලියපල්ලා.” ඒ අනුව සියලුදෙනා තමන්ට හැඟෙන එහි සිටි දරුණුම එල්.ටී.ටී.ඊ. කාරයන් ගැන කොළවල ලිවූහ.
ඒ කොළ බොහොමයක පළවූ නම් 20 අතර හිටියේ එකම කණ්ඩායමකි. ඒ අනුව ඔවුන් වහාම බූස්සට පිටත් කෙරිණි. ඉතිරි අයට දැඩි අවවාද කොට මුදාහැරිණි. එසේ මුදාහැරියත් නිතිපතා රෑට දවල්ට හමුදාවන් ඔවුන්ගේ නිවෙස්වලට කඩා පැන ඔවුන් පිළිබඳ සොයා බැලීම සිදුවිය. මේ නිසා නිලාවේලි සම්පූර්ණයෙන් පිරිසිදු වී ගියේය.
ඊළඟට බි්‍රගේඩියර් හර්ෂ ත්‍රි’මලේ ඊළඟ සටනට තෝරාගත්තේ තිරියායයි. ඒ සටන මුදාහැරියේ පෝය දිනකය.
හර්ෂ ඇතුළු සෙබළු විශාල පිරිසක් සිල් සමාදන් වෙන ආකාරයට පන්සලට ගියෝය.
“පෝය කියල සටන මග අරින්න බෑ.” තිරියාය සම්පූර්ණයෙන් ක්ලියර් කළේ සිල්ගන්න විදිහට ගිහින්. හිතාගන්න බැරි ගැහිල්ලක් ගැහුවා.
නිලාවේලි හා තිරියායෙන් පසුව කට්ටපරිච්චාන් ප්‍රදේශයද බි්‍රගේඩියර් හර්ෂ යටතේ පිරිසිදු විය. ඉන් පසු එල්.ටී.ටී.ඊ. ය සීයට 80 ‘රජ කළ’ ත්‍රිමලය ත්‍රස්ත ග්‍රහණයෙන් නිහඬ වී ගියේය.
රාජ්‍ය ආරක්ෂක ඇමති ලලිත්ට වූ පොරොන්දුව ඉතාම කෙටි කලකින් අවසන් කිරීමට හර්ෂ ගුණරත්නට හැකි විය.
“එදා ත්‍රිමලය එල්.ටී.ටී.ඊයෙන් මුදාගැනීමේ විශේෂත්වයක් මා දකිනවා. එතෙක් එල්.ටී.ටී.ඊ. යට විරුද්ධව මෙහෙයවපු බොහෝ සටන් වලදී හමුදාව පසුබැස්සා. නමුත් ත්‍රිමල මුදාගැනීමේ සටන හමුදාව ජව සම්පන්නව ජයග්‍රහණය කළා. ඒ කාලෙ හැටියට එවැනි යුද ජයග්‍රහණයක් ලද පළමු මහා සටන මේකයි” හර්ෂ ගුණරත්න මහතා කියයි.
ත්‍රිමලය මුදාගැනීමේ සටනින් මාස කීපයක් ගතව ගියේය.
දවසක් උදේ 5.00 ට විතර ඇති.. මට ඇමතුමක් ලැබුණා.. “සර් කන්තලේ වැව් බැම්ම පිපිරුවා... කන්තලේ යට වෙනවා කියලා...”
බි්‍රගේඩියර් හර්ෂ කිසිසේත් අපේක්ෂා නොකළ තත්ත්වයකි. ඔහු සැනින් කන්තලේ වෙත පිටත්ව ආවේය.
“මට මතක හැටියට වැස්ස අඩුම කාලෙක මේ දේ වුණේ. වැස්ස තිබුණා නම් සිද්ධ වෙන විනාශය හිතාගන්න බෑ. උදේ 5.00 ට මට ආරංචිය ආවම මම උදේ 7.00 වෙනකොට කන්තලේට ආවා. බැම්මේ කොටසක් සම්පූර්ණයෙන් කැඩිල ගිහින්. බැම්මේ තිබුණු මහා විශාල ගල් ගහගෙන යනවා. කන්තලේ එක කොටසක් සම්පූර්ණයෙන් යටවෙලා... මම ඒ වනවිටත් ත්‍රිවිධ හමුදාව හා පොලිසිය යොදවලයි තිබුණෙ. මොකද මම එදා යුද හමුදාව විතරක් බාරව සිටි නිලධාරියා නෙවෙයි. ත්‍රිවිධ හමුදාව හා පොලිසියත් මා යටතේයි තිබුණෙ.
ගිලෙන අය බේරාගන්න විශාල සටනක් කළා. ගුවන් හමුදාව හෙලිකොප්ටර් වලින් කඹ දාලා මිනිස්සු බේරා ගත්තෙ. තව බෝට්ටු යොදවලා විශාල පිරිසක් බේරාගත්තා. හැබැයි මට මතක හැටියට ජීවිත හානි වුණා කියල මම හිතන්නෙ නෑ. සියලුම ගම්වැසියන් බේරුණා.
ඒකට හේතුවක් තිබුණා. අලුයම් කාලයේ මේ වැව් බැම්ම පිපිරී ගියත් එය විශාල හඬක් සමඟ පිපිරී යාමත්, වැවේ වතුර අඩු අවදියක් වීමත්, වැව් දිය කිසියම් ලෙසකින් වේගය අඩුවෙන් ගලායාමත් කුඩාවට පිපිරීම සිදුවී වේලාව ගෙන ක්‍රමයෙන් විශාල වීමත් නිසා හුඟක් මිනිසුන්ට බේරී අදාළ ප්‍රදේශයෙන් ඉවත් වීමට කාලය ඉතිරි වුණා. කොහොම හරි උදේ 10 වෙද්දි අවට ප්‍රදේශය සම්පූර්ණයෙන් යටවෙලා ඉවරයි. යාර 25-50 ක් වගේ ප්‍රමාණයක් බැම්ම ටිකින් ටික කැඩී ගියා. මේ නිසා පාරවල් සම්පූර්ණයෙන් කැඩුණා. දුම්රිය මාර්ගය විනාශ වුණා.
මේක සුනාමිය වගේ ප්‍රබල නොවුණත් සැලකිය යුතු මට්ටමේ සුනාමියක් වගේ තමයි” හර්ෂ මහතා පවසයි.
ඒ වන විට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාත්, අගමැති ප්‍රේමදාස මහතාත්, ආරක්ෂක ඇමති ලලිත් ඇතුළත්මුදලිත් ඇතුළු රජයේ බලධාරීන් විශාල පිරිසක් බි්‍රගේඩියර් හර්ෂගෙන් ප්‍රදේශයේ තත්ත්වය විමසා තිබිණි. ඒ සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග ද, ඉදිරියට ගන්නා වූ ක්‍රියාමාර්ග ද විමසමින් උපදෙස් දෙමින් තිබිණි.
“සර්.. සියලුම ජනතාවගේ ගෙවල් යටවෙලා. හුඟාක් ගෙවල් කැඩී බිඳී ගිහින්.... මිනිස්සු සම්පූර්ණයෙන් අවතැන් වෙලා ඉන්නෙ. දැනට පන්සල් පල්ලිවල ඒ අයට නවාතැන් සපයල තියනවා. ආහාර බෙහෙත් ලබාදෙනවා...”
“බොහොම හොඳයි... අවශ්‍ය ඕනෑම දෙයක් වහාම ලබාගන්න පුළුවන්...” ඉහළින් උපදෙස් ලැබෙයි.
මේ අතරේ ප්‍රදේශය පුරා බලවත් කටකතාවක් පැතිර යමින් තිබිණි.
“පාන්දර වැවු බැම්ම පිපිරෙවුවෙ එල්.ටී.ටී.ඊ. එකෙන්.” මිනිස්සු එය තදින්ම විශ්වාස කළහ. කතා වූහ. එයට හේතු තිබිණි. ත්‍රි’මලය බි්‍රගේඩියර් හර්ෂ යටතේ ත්‍රස්තයන්ගෙන් පිරිසිදු වුවත් ත්‍රස්ත ක්‍රියා සිදු වීමේ ඉඩක් ද තිබිණි. බි්‍රගේඩියර් හර්ෂගෙන් බැට කෑ ත්‍රස්තයන්ට ත්‍රි’මලයේ හිස ඔසවනවා නම් කළ හැකිව තිබුණේ සටන් ව්‍යාපාර නොව ජන ජීවිත අඩාළ කරන මෙවැනි ක්‍රියාය. එබැවින් ඒ ආරංචියට කන්තලේ පමණක් නොව රට පුරා ද වැඩි ඉඩක් ලැබුණි.“මේක කොටින්ගෙ වැඩක්” දකුණේ ඇතැම් අය දෙවරක් නැතිව පිළිගත්හ.
“බැම්ම බිඳුණු දාට පසුදා ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහත්තයත්, අගමැතිතුමත්, ලලිත්, ගාමිණී ඇමතිවරු ප්‍රධාන මුළු කැබිනට් එකම කන්තලේට ආවා.
එහෙම ආපු ගමන් ජේ.ආර්. මගෙන් ඇහුවේ “මේක එල්.ටී.ටී.ඊ. වැඩක්ද කියලා...” මම කිවුවා “නෑ... සර්... මේක එල්.ටී.ටී.ඊය පිපිරවූ එකක් නෙවෙයි” කියලා. කන්තලේ වැව් බැම්ම ඇත්තටම ස්වභාවික පිපිරීමක්. බැම්ම ප්‍රතිසංස්කරණයේදී සිදුවූ කිසියම් තාක්ෂණික දුර්වල කමක ප්‍රතිඵලයක් බව අපි නිශ්චිතව හඳුනාගෙන තිබුණා. කොටි පිපිරවූ කතාව අසත්‍යයක්.
එදා ජේ.ආර්. ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයම වාගේ කන්තලේට ආවේ ගුවන් යානා වලිනි. මේ වන විට බි්‍රගේඩියර් හර්ෂ තම “පදිංචිය” කන්තලේ පොලිසිය වෙතට වෙනස් කරගත්තේය. ඒ නිසා සියලුදෙනා කන්තලේ පොලිසියේ සියලු සාකච්ඡා පැවැත්වූහ. ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීම එහිලා ගැඹුරින් කතා වූහ.
“තව බරපතළ ගැටලු දෙකක් තිබුණා. එකක් ත්‍රි’මල දුම්රිය මාර්ගය විනාශ වුණා. පාරවල් විනාශ වුණා. ඒ දෙකම ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම අත්‍යවශ්‍ය වුණා. වැව් බැම්මේ වැඩත් ඉතාම කඩිනම් කළ යුතුයි. හැබැයි සිද්ධිය වූ දවසේම ඒවා යථා තත්ත්වයට පත් කිරීම ආරම්භ වුණා. දුම්රිය, මහා මාර්ග, වාරිමාර්ග සම්බන්ධ රටේ සියලුම වගකිවයුත්තො එදාම කන්තලේට ආවා. පසුදා ජනාධිපතිතුමා ප්‍රදේශය නිරීක්ෂණය කරනකොටත් වැව් බැම්ම හදන්න පටන් අරන්. පාරවල්, දුම්රිය මාර්ගය කඩිනමින් හදනවා. එතුමා ඒ කාටත් ප්‍රශංසා කළා. මොකද, මේ සිදුවීම රටේම ඇහැ ඇරවපු විශාල සිදුවීමක්..
කැබිනට් එකේ අය පැය 6 ක් විතර අදාළ ප්‍රදේශයේ රැඳී සිටීම අපට විශාල හයියක් වුණා.
හැබැයි මෙතැනදි තවත් දෙයක් කිව යුතුයි. එදා ත්‍රි’මලේ එල්.ටී.ටී.ඊ. බලය තිබුණානම් සිද්ධිය තවත් බරපතළ වෙන්න තිබුණා. මොකද හදිසි ආපදාවක්. ඒ ආපදාව ප්‍රයෝජනයට ගෙන එල්.ටී.ටී.ඊය අනාථ කඳවුරකට ගැහුවා නම් ප්‍රශ්නයක්. අපි ත්‍රි’මලේ සම්පූර්ණයෙන් ක්ලියර් කරපු වේලාවක වැව් බැම්ම කැඩී ගිය එක හොඳට ගියා.
බි්‍රගේඩියර් හර්ෂ කියයි.
ඉතාම කෙටි කාලෙකින් කන්තලේ යථා තත්ත්වයට පත්විය. ඒ වන විට බි්‍රගේඩියර් හර්ෂ හමුදාවෙන් විශ්‍රාම ගොස් තිබිණි. ඔහුගේ සේවය අගයමින් එවක මහවැලි ඇමති ගාමිණී දිසානායක මහතා හර්ෂ ගුණරත්නට දැව සංස්ථාවේ සභාපතිකම බාරදුන්නේය.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කන්තලේ වැව් බැම්ම පිපිරවූයේ කොටිද කියා අහන්න ජනපති ජේ.ආර්. කන්තලේට ආවා
අනුරාධා Sunday, 27 March 2016 01:35 PM
මෙයා හමුදාවේ හොඳ සේවයක් කළා විශේෂයෙන්ම 1971. නමුත් දෑව සංස්ථාව කාලාම දැම්මා (බ)