ජාත්‍යන්තර කාත්නා දිනයෙහි මූලාරම්භය 1908 තරම් ඈතට දිවෙයි. වැඩ කරන පැය ගණන අඩු කිරීම, වැටුප් ඉහළ නංවා ගැනීම, ඡන්ද අයිතිය කාන්තාවන්ට ලබා දීම ආදී ඉල්ලීම් කීපයක් මුල් කර ගනිමින් ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවරදී කාන්තාවෝ 15000 ක් එම වසරේ මාර්තු මස 08 වැනි දින පා ගමනක නියැළුණහ. එයින් වසරකට පසු එනම් 1909 දී ඇමෙරිකානු සමාජවාදී පක්ෂය විසින් මාර්තු මස 08 වැනිදා ජාත්‍යන්තර කාන්තා දිනය වශයෙන් මුල්වරට ප්‍රකාශයට පත් කරනු ලැබීය.
ප්‍රථමයෙන් මේ අදහස ඉදිරිපත් කර තිබෙන්නේ ක්ලාරා සෙට්කින්ය. කෝපන්හේගන් නුවර පැවති වැඩ කරන කාන්තාවන්ගේ ජාත්‍යන්තර සම්මේලනයේදී ඇය මේ අදහස ඉදිරිපත් කර තිබේ. 1911 වර්ෂයේදී ඔස්ට්‍රියාව ඩෙන්මාර්කය ඇතුළු රටවල් ගණනාවක් ජාත්‍යන්තර කාන්තා දිනය සමරා ඇත. කෙසේවෙතත් මේ දිනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල පිළිගැනීම ලැබී තිබෙන්නේ 1975 වසරේදීය.
ඉන්පසු ජාත්‍යන්තර කාන්තා දිනය ලොව පුරා සැමරීම සිදු ව තිබේ. අද අප සමරන්නේ 111 වැනි ලෝක කාන්තා දිනයයි. එහි තේමාව “පක්ෂග්‍රාහීත්වය බිඳ දමමු” (Break the Bias) යන්නයි.
කාන්තාවන් වෙනුවෙන් එක් දිනයක් වෙන් කිරීම වෙනුවට වසරේ දින 365 අවධානය යොමු විය යුතුය යන මතයේ මම සිටිමි. සමාජයේ කාන්තාවට ඇති වැදගත්කම සිහිපත් කිරීම සඳහා දිනයක් අවැසි නම් ජාත්‍යන්තර කාන්තා දිනය ඊට සුදුසුය. කාන්තාව යනු විශාල සමාජ භූමිකාවක් ඉටු කරන්නියකි. එබැවින් ඇය සිහි කිරීම අරබයා දිනයක් වෙන් කිරීම අවශ්‍යතාවකි.
කාන්තාව ලෝක මට්ටමින් දිනා ගත් ජයග්‍රහණ බොහෝය. ඊට බලපෑ එකම හේතුව ඇය වෙනුවෙන් දිනයක් වෙන් කිරීම යැයි සඳහන් කළ නොහැකිය. එසේවුවද කාන්තාවගේ තත්ත්වය සියයට සියයකින් දියුණු වී ඇතැයි කිව නොහැකිය. ලොව සෑම රටකම ස්ත්‍රී-පුරුෂ සමාජභාවය අනුව කාන්තාව අඩු සැලකිල්ලට තවමත් ලක් වෙමින් සිටින්නීය. කෙසේවෙතත් 1900 මුල් ගණන්වල තිබුණු තත්ත්වයට සාපේක්ෂව වර්තමාන තත්ත්වය යහපත් බව කිව හැකිය. එක් එක් රටවල ඇති සංස්කෘතියේ ස්වභාවය හා මිනිසුන්ගේ ආකල්ප අනුව එම වෙනස කොතරම් වේගයකින් සිදු වන්නේද යන්න තීරණය වෙයි.
කාන්තාව මුහුණ දෙන සුවිශේෂ ප්‍රශ්න ඕනෑම සමාජයක තිබේ. එයද ඇය වෙනුවෙන් දිනයක් වෙන් කිරීමට බලපෑ තවත් හේතුවකි. දියුණු යැයි අප හඳුන්වන බොහෝ රටවල වුව එකම රැකියාව කරන කාන්තාව හා පුරුෂයා ලබන වේතනවල විශාල වෙනස්කම් තිබේ. පිරිමියාට සාපේක්ෂව කාන්තාව අඩු වැටුපක් ලබයි. ලංකාවේ විධිමත් අංශයේ රැකියාවල එවැනි තත්ත්වයක් දැකිය නොහැකිය. පොදුවේ කාන්තාව පිරිමියාට සාපේක්ෂව අඩු වරප්‍රසාදිත තත්ත්වයක සිටින්නේ යැයි කිව හැකිය.
සාමාන්‍යයෙන් කාන්තාව සැලකෙන්නේ අවදානම්සහගත තත්ත්වයේ පසුවන තැනැත්තියක හැටියටය. එම හඳුනා ගැනීම කාන්තාවට අවාසිසහගතය. ඒ හේතුවෙන් සමාජයේදී මුහුණ පෑමට සිදු වන ප්‍රශ්න බොහෝය. පොදු ප්‍රවාහන සේවා භාවිත කරන කාන්තාවන්ට මුහුණ දීමට සිදු වන අකරතැබ්බ පිළිබඳ පුවත් අපි නිතර අසන්නෙමු. එවැනි ක්‍රියාවල නිරත වන පුද්ගලයන්ගේ පොදු මානසිකත්වය වන්නේ කාන්තාව දුර්වල නිසා තමන්ට අවැසි ඕනෑම දෙයක් කළ හැකිය යන අදහසයි.
කාන්තාවගේ පැවැත්ම ජීවන විලාශය තීරණය කරන්නේ සමාජයයි. වෙසෙසින්ම ශ්‍රී ලංකාව ද ඇතුළු දකුණු ආසියාතික රටවල සංස්කෘතීන් මගින් කාන්තාවගේ හැසිරීම කෙසේ විය යුතුද යන්න ගැන සීමා පනවා තිබේ. ඇයගේ කතාබහ, හැසිරීම, අඳින ඇඳුම් පැලඳුම් ආදී සියලු දේ විනිශ්චය කිරීම සංස්කෘතිය මගින් සිදු කරන ස්වභාවයක් දැකිය හැකිය.
ඒ සංස්කෘතික හික්මීම “හැදියාව” යන වචනයෙන් විස්තර කළ හැකිය. එමගින් ස්වකීය අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටීමට කාන්තාවට ඇති හැකියාව ස්වයංව පාලනය වීමක් සිදු වෙයි. සමාජය එය අයුතු ලෙස ප්‍රයෝජනයට ගනියි.
සිවිල් යුද්ධවලදී ද වැඩිමනත් පීඩාවට පත් වන්නෝ කාන්තාවෝය. ලංකාවේ වුව සිවිල් යුද්ධය පැවති අවධියේ මෙන්ම ඉන් පසුවත් කාන්තාව ප්‍රබල ලෙස අගතියට පත් විණි. එම යුද්ධය හේතුවෙන් උතුරු නැගෙනහිර දෙපළාත්වල පමණක් කාන්තා ගෘහ මූලික පවුල් විශාල සංඛ්‍යාවක් ඇති බව අපි අසා ඇත්තෙමු. පර් යේෂණ කිරීම සඳහා ඒ පළාත්වලට ගිය අවස්ථාවල මම පෞද්ගලිකවම එවැනි කාන්තාවන් මුණගැසුණෙමි.
සමස්තයක් වශයෙන් ගත් විට දිවයිනේ සෙසු පළාත්වලද කාන්තාව ගෘහ මූලික වශයෙන් කටයුතු කරන පවුල් බොහෝ සංඛ්‍යාවක් තිබේ. එවැනි පවුල්වල කාන්තාවන්ට එතෙක් සිය ස්වාමිපුරුෂයන් සිදු කළ භූමිකාවද කිරීමට සිදුව තිබීමෙන් ඔවුන්ගේ තත්ත්වය බෙහෙවින් අභියෝගාත්මකය. ඊට බලපා ඇති එකම හේතුව යුද්ධය යැයි කීම යුක්තියුක්ත නොවේ. යුක්රේන-රුසියා යුද්ධයේදී වුව වැඩි වශයෙන් පීඩාවට පත් වනු ඇත්තේ කාන්තාවන්ය. ඒ ගැන ඉදිරියේදී තොරතුරුද සහිතව දැන ගත හැකි වනු ඇත.
ශ්‍රී ලාංකික සමාජයේ කාන්තාව මුහුණපාන සෑම අභියෝගයක්ම ඇය සම්බන්ධව තිබෙන ප්‍රාථමික අර්ථකථනය. එනම් අවදානම්සහගත තැනැත්තියක්ය යන අදහස සමග බැඳී තිබේ. ලෝක ආර්ථික සංසදය මගින් සකස් කරන ස්ත්‍රී-පුරුෂ සමාජභාවීය පරතරය පිළිබඳ දර්ශකය කාන්තාව සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරයි. කාන්තාවන්ගේ ආර්ථික සහභාගීත්වය හා අවස්ථා, අධ්‍යාපන සාධනය, සෞඛ්‍ය තත්ත්වය සහ දේශපාලන බලගැන්වීම් යන සාධක හතර ඔස්සේ මේ දර්ශකය සකස් වෙයි.
එහි 2021 වසරේදී ලංකාව 116 වැනි ස්ථානයේ පසු විය. අපට පහළින් ජපානය වැනි දියුණු ආසියාතික රටවල් සිටි බවද අමතක නොකළ යුතුය. 2021 වර්ෂයට අදාළ එම දර්ශකය අනුව අධ්‍යාපන හා සෞඛ්‍ය අංශවලින් ලංකාවේ කාන්තාව සෑහීමකට පත් විය හැකි මට්ටමක පසු විය. අධ්‍යාපන අංශයේදී පමණක් තෘතීයික අධ්‍යාපනයේ නියැළී සිටි කාන්තාවන්ගේ සංඛ්‍යාව සියයට 23.4 කි. ඊට සමගාමීව එම කාණ්ඩයේ පිරිමි ප්‍රතිශතය සියයට 15.8 කි.
අධ්‍යාපන අංශයේදී කාන්තාව සෑහීමකට පත් විය හැකි මට්ටමක පසුවුවද කාන්තාව බලගන්වන අධ්‍යාපන ක්‍රමයක් නොමැතිවීම ප්‍රශ්නයකි. පාසල් හා විශ්වවිද්‍යාල හරහා උගත්කම පමණක් ලබා දෙන නිසාය. කාන්තාව යනු සුමට සුකුමාළ අහිංසක ගති පැවතුම් ඇති තැනැත්තියක වශයෙන් පොදු සමාජයේ ඇති මතය ශක්තිමත් කිරීම සඳහා මෙරට පාසල් පද්ධතියෙන් විශාල දායකත්වයක් ලබා දෙයි.
එවැනි සීමා සහිත සංස්කෘතියකට කාන්තාව කොටු කළ විට ඇයට සෑම ක්ෂේත්‍රයකටම ගැළපෙන පරිදි හැඩගැසීමට නොහැකි වෙයි. එය අඩුපාඩුවක් ලෙස මම දකිමි. කාන්තාව සම්බන්ධයෙන් පොදු සමාජයේ පවතින අගතිගාමී මතවාද දුර්වල කිරීම වෙනුවෙන් අපේ පාසල් පද්ධතියෙන් විශාල වැඩකොටසක් සිදු විය යුතුය.
ලිංගිකත්වය හා ලිංගික අධ්‍යාපනය අවධානය යොමු විය යුතු තවත් වැදගත් අංශයකි. කාන්තාවන්ට පොදු සමාජයේදී මුහුණ දීමට සිදු වන ලිංගිකත්වය කේන්ද්‍ර වන අභියෝග ගැන තරුණ ගැහැනු දරුවන් දැනුම්වත් කිරීම පාසල් මට්ටමින් සිදු වන්නේද යන්න ගැන සොයා බැලිය යුතුය. පාසල් යන වයසේ ගැහැනු දරුවකු හා පිරිමි දරුවකු අතර සම්බන්ධතාවක් ගොඩ නැගුණ හොත් සමාජය එය සලකන්නේ විනාශයක් හැටියටය.
එවැනි දෙයක් වූ විට කළ යුත්තේ ඊට සම්බන්ධ දරුවන්ට දඬුවම් කර පාසල් පැමිණීම දින ගණනාවකට තහනම් කිරීම නොවේ. ඒ වෙනුවට එවැනි අවස්ථා බුද්ධිමත්ව කළමනාකරණය කර ගත යුත්තේ කෙසේද යන්න ගැන දරුවන් සමග සාකච්ඡා කළ යුතුය. මතු වන ජීව විද්‍යාත්මක අවශ්‍යතා පාලනය කර ගෙන ජීවිතයේ පාලනය අතට ගත යුත්තේ කෙසේද යන්න ගැන ඔවුන් දැනුම්වත් කළ යුතුය. එය පාසල්වලින් සිදු වන්නේද යන්න ප්‍රශ්නසහගතය.
ආර්ථික සහභාගීත්වය හා දේශපාලන බලගැන්වීම යන කාරණා ද්විත්වයේදී මෙරට කාන්තාවගේ තත්ත්වය එතරම් යහපත් නොවන බවද එම දර්ශකය පෙන්වා දෙයි. එහි අපට හිමිව තිබූ ස්ථානය ගැන සතුටු විය නොහැකි වුවත් අවම තරමින් ක්ෂේත්‍ර දෙකකවත් කාන්තාව සුරක්ෂිත වී සිටීම ගැන සෑහීමකට පත් විය හැකිය.
ලංකාවේ පාර්ලිමේන්තු නියෝජනයෙන් සියයට 25 ක් කාන්තාවන් සඳහා වෙන් විය යුතු බවට කතිකාවක් තිබූ බව අපට මතකය. එහෙත් ඒවා ක්‍රියාත්මකභාවයට පත්ව නැත. 1977 න් පසු පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය ස්ථාවර මට්ටමක පැවතිණි. 12 හා 13 වැනි අගයන්වලින් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය දැක්විණි. 2015 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කළ අපේක්ෂකයන් අතරින් කාන්තාවන් සිට ඇත්තේ සියයට 9.3 ක ප්‍රතිශතයකි. ප්‍රාදේශීය තලයේදී ප්‍රජා කටයුතු ආදියෙහි නියැළෙමින් කාන්තාව ඉදිරියෙන් පසුවන බව නිරීක්ෂණය වුවද ජාතික තලයේදී කාන්තා නායකත්වය පිළිගැනීමට පාත්‍ර වන තත්ත්වයක් මෙතෙක් නිර්මාණය වී නැත.
සංස්කෘතික තලයේදී ලැබිය යුතු වැදගත්කම ඇයට හිමි නොවීම මේ තත්ත්වයට හේතු වී ඇතැයි මම විශ්වාස කරමි.
කාන්තා දේශපාලන සහභාගීත්වය වැඩි කළ යුතු යැයි කීවද පොදුවේ රට මෙහෙය වන ස්වභාවය අනුව කාන්තාවන්ට ද දේශපාලනිකව ක්‍රියා කිරීමට සිදු වෙයි. එනම් පාලනය ගෙන යන පාර්ශවයේ අභිමතයට සම්පූර්ණයෙන් එදිරිව කටයුතු කිරීමේ හැකියාවක් කාන්තාවට නොමැත. මෙහි ඇති ප්‍රධානම ප්‍රශ්නය නම් දේශපාලනය යන්න පිරිමින් විසින් තීරණය කරනු ලබන ක්ෂේත්‍රයක් බවට ඇති පිළිගැනීමයි.
දේශපාලනය යනු පිරිමින්ගේ ලෝකයක්ය යන්න එයින් ප්‍රකාශ වන තවත් අර්ථයකි. එවැනි සන්දර්භයක කාන්තා නියෝජනය සියයට 25 කින් නොව 75 කින් ඉහළ දැමුවද එහි ඇති ඵලාදායීභාවය ප්‍රශ්නසහගතය. එක් එක් ක්ෂේත්‍ර වඩාත් හොඳින් මෙහෙයවිය හැක්කේ පිරිමින්ට හෝ කාන්තාවන්ට වශයෙන් විශේෂීකරණය කර තිබීම අපේ සමාජයෙන් දැකිය හැකිය. එය හොඳ තත්ත්වයක් යැයි මම නොකියමි. එසේම එම විශේෂීකරණය සෑම තැනකදීම සම්පූර්ණයෙන්ම වැරදි හෝ නිවැරදි හෝ වන්නේ නැත. කාන්තාවක වීම නිසාම ඇය ප්‍රහාරයට බඳුන් වන අවස්ථා සමාජයේ එමටය. පිරිමින් ඝෝෂා කරන තැන්වල ඇයටත් ඒහා සමානව හෝ ඊටත් වැඩියෙන් ඝෝෂා කිරීමේ හැකියාවක් මේ සංස්කෘතිය ඇතුළත නිර්මාණය කර නැත.
කාන්තාව පීඩාවට පත් වන ගෘහස්ථ හිංසන සිදුවීම් ද ඉහළ ගොස් තිබේ. වාර්තා වන සිදුවීම්වලට වඩා වාර්තා නොවන ඒවා වැඩි විය හැකිය. ගෘහස්ථ හිංසනය යන්නට ගෘහණියට එරෙහිව සිදු කරන ශාරීරික පීඩා පමණක්ම නොව තවත් ඒවා අයත් වෙයි. මුදල් ඉල්ලූ විට ලබා නොදීම, නිතර බැණ වදිමින් සිදු කරන මානසික පීඩා ආදිය ද ඊට අයත්ය.
ලංකාවේ කාන්තාවෝ අඩු වැඩි වශයෙන් මේ පීඩනවලට ලක් වෙති. ඇතැම් අයට ඒවා දරාගත හැකි අතර තවත් අයට එසේ කළ නොහැකිය. දරාගත නොහැකි අය ඒවා දරාගත යුතු තත්ත්වයට සමාජය විසින් පත් කරනු ලැබ තිබේ. එවැනි කාන්තාවන් මුහුණ දෙන ආතතිය පිට කරගත හැකි ක්‍රමයක් තිබේද යන්න ප්‍රශ්න කළ යුතුය.
සංගණන දත්තවලට අනුව 2019 වසරේදී මෙරට ආර්ථික වශයෙන් සක්‍රීය නොවූ පිරිසෙන් සියයට 26.3 ක් කාන්තාවන්ය. එම පිරිසෙන් සියයට 97.6 දෙනකු ප්‍රකාශ කර ඇත්තේ ගෘහ කටයුතු නිසා රැකියා නොකරන බවය. උසස් පෙළ හෝ ඊට ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත සියයට 64.2 ක කාන්තාවන් පිරිසක් එම වර්ෂයේදී රැකියා වියුක්ත බවද එහි දැක්වෙයි.
එම කාන්තාවන්ගෙන් වැඩි පිරිසක් ගෘහණියන් වශයෙන් කටයුතු කරති. එනිසාම ඔවුහු ආර්ථික වශයෙන් සිය ස්වාමි පුරුෂයන් මත යැපෙති. එවැනි තත්ත්වයක එම කාන්තාවන්ගෙන් ඇතමෙකු සිය ස්වාමි පුරුෂයා වෙතින් හිංසනයට ලක් වන්නේ නම් එය දරා ගෙන සිටීමට සිදුව තිබේ. එවැනි කාන්තාවන්ට පිළිසරණක් හිමි වන තැනක් තිබෙන්නේද යන්න ප්‍රශ්නසහගතය.
කාන්තාව එක් දිනකින් සවිබලගැන්විය නොහැකිය. මා කලින් සඳහන් කළ පරිදි ඇය සමරන එක් දිනයක් හැටියට මෙදින වෙන් කිරීමෙහි ප්‍රශ්නයක් නැත. වඩාත් වැදගත් වන්නේ කාන්තාව සම්බන්ධ ආකල්ප වෙනස් වී තිබෙන්නේද යන්න ගැන විපරම් කිරීමය. කාන්තාව දෙස වෙනස් ලෙස දකින ඇස වෙනස් කරගෙන තිබෙන්නේද යන්න ගැන සැලකිලිමත් වීම අත්‍යවශ්‍යය.
කාන්තාව යනු අවදානම් සහිත තැනැත්තියක්ය යන ආකල්පය අවම කිරීමට උපකාරී වන අයුරින් ආකල්පමය වෙනසක් ඇති වීම වැදගත්ය. ප්‍රතිපත්ති සකස් කිරීම අවශ්‍ය වුවත් එය සිදු වූ පමණින්ම කාන්තාවගේ තත්ත්වය යහපත් වනු ඇතැයි සිතිය නොහැකිය. මේ වෙනස ඇති කිරීමේදී පාසල් මගින් වැදගත් කාර්ය කොටසක් කළ හැකි බවද කිව යුතුය.
සාකච්ඡා සටහන උපුල් වික්‍රමසිංහ
කොළඹ විශ්ව විද්‍යාලයේ කලා පීඨයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය ඉරේෂා එම්.ලක්ෂ්මන්
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කාන්තාව අවදානමින් මුදාගැනීම
ajith Tuesday, 08 March 2022 11:24 PM
කාන්තාව අවදානමින් මුදාගැනීම පමණක් නොව පිරිමින්ද අවදානමින් මුදාගැනීමට කටයුතු කරන්න...