IMG-LOGO

2024 නොවැම්බර් මස 22 වන සිකුරාදා


කැබිලිත්ත දෙවොල

ඇමැති විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂි වීරවංශ මහත්මිය ඇතුළු පිරිසක් ඉරිදා රාත්‍රියේ සිට සඳුදා දහවල් වනතුරු යාල වනොද්‍යානයේ අතරමං වුවාය. යාල තුන්වැනි කලාපයේ පිහිටි සියඹලාව හෙවත් කැබිලිත්ත දෙවොල වැඳ පුදා ගැනීමට ගොස් එද්දීය. කතරගම දෙවියන් වෙනුවෙන් වෙන් වූ මේ දෙවොලට යන ගමන ලේසි පාසු නැත. රුහුණු කතරගම දෙවියන්ගේ පිහිටි ප‍්‍රාර්ථනාකර ගැනීමට කතරගම දේවාලයට එන බැතිමතුන් ඇති හැකි අය කතරගම දෙවියන් පිදීම සඳහා යන තවත් අනුහස් ඇති ස්ථානයක් යාල වනෝද්‍යානේ පිහිටා තිබේ. ඒ සියඹලාව හෙවත් කැබිලිත්ත දේවාලයයි. දෙවියන්ගේ කැලය ලෙස අතීතයේ ජනයා හැඳින්වූ මෙම ඓතිහාසික භූමිය පිහිටා ඇත්තේ යාල ජාතික වනෝද්‍යානයට අයත් අංක තුන කලාපයේය. කැබිලිත්තට යෑමට මාර්ග තුනකි. යාල ජාතික වනෝද්‍යානයෙන් පැමිණ අංක 2 කලාපය ඔස්සේ මැණික් ගඟ හා කුඹුක්කන් ඔය තරණය කර කුමන ජාතික වනෝද්‍යානය ඔස්සේ ද එහි යා හැකියි. මෙම ගමනෙ දී මොණරාගල දිස්ත‍්‍රික්කය, හම්බන්තොට දිස්ත‍්‍රික්කය, අම්පාර දිස්ත‍්‍රික්කය ද අසුවෙයි. තවත් මාර්ගයක් වනුයේ කුමන ජාතික වනෝද්‍යානයට පැමිණ යාමයි. අනෙක් මාර්ග යාල අංක තුනට අයත් ගල්ගේ මාර්ගයෙන් හා කොටියාගල ඔස්සේ ඇති මාර්ගයයි. මෙම කැබිලිත්ත හෙවත් සියඹලා දේවාලය වැඳ පුදාගැනීම ලෙහෙසි පහසු කාරියක් නොවේ. එම ගමනට යන අය මස් මාංශයෙන් තොරව මාසයක් පමණ පේවීම අනිවාර්ය වේ. මෙම ගමනට ෆෝවීල්, ජීප් රථ අඩුම තරමේ දෙකක් යා යුතුය. එම රථ මඬේ එරිමේදී ඇදිය හැකි පරිදි මෙම ජීප් රථ තිබිය යුතුය. මෙවැනි ජීප් රියක කුලිය රුපියල් තිස් පන්දාහක් පමණ වෙයි. ගමන සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ අවසරය ද ලබා ගත යුතුයි. ගමනට වනිජීවී නිලධාරියකු රැගෙන යාම ද අනිවාර්ය නීතියකි. මෙයට අමතරව මෙම දේවාලය වැඳ පුදා ගැනීමට යනවිට නොඉඳුල් කැවිලි, පළතුරු රැගෙන යා යුතු අතර යන සෑම පිරිසක්ම දෙවියන් හට පැණි බත් පුදා කිරි ද ඉතිර විය යුතුයි. මෙම ගමනට යන අය විවිධ වචන භාවිතයේදී කට පරිස්සම් කර ගත යුතුය. විශේෂයෙන් මෙම වන්දනා ගමනට අතීතයේදී කාන්තාවන් කැටුව ගියේ නැත. වර්තමානයේ චාරිත‍්‍ර උඩු යටිකුරු කරමින් ඇතැම් පිරිස් කාන්තාවන්ද රැගෙන යන අයුරු දක්නට ලැබේ. මෙම ගමනේදී ඉතා දුෂ්කර මාර්ග රැසක් පසුකර යායුතුය. තලාකොළආර, කටුපිලආර වැනි ජල මාර්ග කිඹුලන්ගෙන් ගහනය. යන මාර්ග කීපයක් තිබුණද යන සෑම අයකුම කැලේ දේවාලය අඩවියට පිවිසීමෙන් පසු කුඹුක්කන් ඔයට බැස යායුතුය. රැගෙන යන පලතුරු ඇතුළු පුද පූජා ගංවැල්ලේ ළිං හරා එම ජලයෙන් සෝදා, පූජාවට තැබිය යුතුවේ. මෙම ප‍්‍රදේශයට ආවේනික වූ දේව නීති රැසක් පවතින අතර යන බෙහෝ පිරිසක් එම නීති කඩමින් පුද පූජා තැබීම මත විවිධ උපද්‍රවවලට ලක් වූ බවට බොහෝ කතා ඇත. දෙවියන්ට තබන මුරුතැන් පූජාවට ගන්නා පොල් ගෙඩිය පවා ලීයකින් සාදවා ගත් හිරමනයකින් ගා ගත යුතුය. එයට යකඩ මුහු  නොකළ යුතුවේ. මෙම දේවාලය පිළිබඳ අදහස් දැක්වූ රුහුණ කතරගම මහා දේවාලයේ ප‍්‍රධාන කපුධුරන්දර සොමිපාල ටී. රත්නායක මහතා මෙසේ කියයි. මේ කැබිලිත්ත දේවලය කතරගම දෙවියන් භාවනා යෝගීව සිටීමට තිබෙන ස්ථානයක්. මේ වනවිට විවිධ අය බුරුතු පිටින් මේ ස්ථානයට යෑම දෙවියන්ට මහත් වූ හිරිහැරයක්. භක්තිවන්ත අයත් විනෝදකාමී අයත් මෙම භූමියට යෑම නිසා මේ උතුම් භූමිය අපවිත‍්‍රවෙමින් පවතිනවා. අතීතයේදී අප රට ආ කුමන්ත්‍රණය කළ විදේශිකයන් කතරගම දේවලායේ වස්තුව පැහැර ගන්න මාන බැලූවා. අපේ මුතුන් මිත්තන් විදේශීය අක‍්‍රමණයෙන් දේවාලයේ වස්තුව බේරා කැබිලිත්තේ රාළ නමැති කපු මහත්තයාට දෙවියන්ගේ වස්තුව භාර කළා. ඔය අද තියෙන සියඹලා ගහේ තමයි ඒ වස්තුව හංගලා පූජාව කළේ. පස්සේ එම වස්තුව නැවත දේවාලයට රැගෙන ආවා. කැබිලිත්තේ රාළ  ඕලන්දකරයන් සමග තනියම ලොකු සටනක් කර මිය ගියා. එම කැබිලිත්තේ රාළ තමයි. කතරගම දෙවියන්ගේ  අණින් සියඹලා දේවාලය රැක ගත්තේ‘‘ මෙම භූමියේ ඇත්තේ දේවාලයක් ලෙස කුඩා අඩි 7ක් පමණ වන සියඹලා ගසකි. සියඹලා ගස වටා ඇත්තේ මහා රූස්ස ගස් රැසකි. අඩි 12ක් පමණ රවුමක් මැද මෙම සියඹලාව පිහිටා ඇති අතර නිතර බිම අතු ගෑ අයුරින් පවිත‍්‍රව පවතී. කිසිදු කොළයක් මෙම භූමියට පතිත නොවන අතර කොතෙකුත් වන සතුන් ගැවසුන ද පුදුම නිහඬතාවයකින් පරිසරය සකස්ව පවතී. මෙම ශුද්ධ භූමිය වටා බෝරුක් හා ගල්කණු දැකිය හැකි අතර වන්දනාකරුවෝ මෙම ස්ථාන වෙතද පැමිණ පුද පූජා පවත්වනු ලබයි. 1818 ඌවේ කැරල්ල මෙහෙය වූ කැරලිනායකයන් කතරගම දේවාලයට යාමට නොහැකි ව සෑම ප‍්‍රහාරයකටම ප‍්‍රථම කැබිලිත්ත දේවාලයට පැමිණ කඳසුරිඳුන්ගේ ආශිර්වාදය ලබාගත් බව ඌව ඉතිහාසය ලියූ පණ්ඩිත නාවුල්ලේ ධම්මානන්ද ස්ථවිරයන් පවා සඳහන් කර ඇත. අතීතයේ ගොවි ජනයා සිය අස්වැන්නේ ප‍්‍රථම කොටස දෙවියන්ට පූජා කිරීමට මෙම කැලයට පැමිණි අතර වසර 30ක් පුරා අප රටේ පැවැති යුද්ධය හේතුවෙන් කිසිවකුටත් මෙම ස්ථානය වෙත පැමිණීමට නොහැකි විය. වනජීවී අවසරයකින් තොරව කොටියගල ඇතිමලේ ප‍්‍රදේශ ඔස්සේද ඇතමුන් පැමිණෙන අතර වන්දනාමානයට එන මුවාවෙන් ඇතමුන් මෙම භූමියේ පැරැණි නටඹුන් හෑරීමට ද ගස් කැපීමට ද යොමු වී ඇත. දිනපතා පැමිණෙන පිරිස් පරිසරයට මුදාහරින කැළි කසළ ද මෙම සුන්දර මේ බිමට හානියක් ඇතැම් පිරිස් නොදැනුවත් කම මත කාන්තාවන්ද කැටුව යන අතර මෙම දේවාලය (කැලේ දෙවියන්ගේ අඩවිය)ට ගිය බොහෝ පිරිසකට අවැඩ සිදුවූ බව කියැවේ. භක්තියෙන් යන බැතිමතුන්ට සෙතක් ද භක්තියෙන් තොරව යන අයට හිරිහැර  දුක් කරදර  ඇතිවන බව එහි ගිය බොහෝ දෙනෙක් පවසති. කන්ද කුමරු භාවනා යෝගීව සිටියේ යැයි කියන සියඹලා ගස කැලයට ඇතුළු වීමට පෙර කොල අත්තක් එල්ලා දෙවියන්ගෙන් අවසර ගන්නා බැතිමන් පිරිසක් ගමනේ දුෂ්කර බව මැණික් ගඟෙන් එගොඩ වන බැතිමතුන් පිරිසක් දේවාලයට යන මාර්ගයෙ නිතරම මේ අයුරින් පිරිසිදුය සියඹලා දේවාලය ආසන්නයේ ඇති චෛත්‍යයක නටඹුන්



අදහස් (5)

කැබිලිත්ත දෙවොල

ලංකා තිලක Sunday, 08 April 2012 11:58 AM

කතරගම දෙවියෝ ජිවමානයි කතරගම දෙවිපිහිට අපට ලැබේවා

:       0       0

පෙරේරා Wednesday, 08 February 2012 12:06 AM

මොනව වුණත් තවම අපි ගෙයින් එලියට බහින්නේ දෙයියන්ට වැඳලා..

:       0       0

ප්‍රෙෂිමා විජේරත්න Thursday, 09 February 2012 09:58 AM

මෙම පුදබිමට වන්නදනා කිරීමට කාන්තාවන් යාම හොද නැතිද කියා කරැණාකර කියන්න

:       0       0

අරුණ ශාන්ත කුමාර Saturday, 11 February 2012 02:00 PM

හොඳ නැතිලු ගියොත් යමි යම් බාධක වෙන බවට ජනප්‍රවාදයේ මතයක් පතී

:       0       0

Hansika madhushani Sunday, 19 February 2023 10:17 PM

ඇත්තටම කාන්තාවන් වුණු අපිට කැබිලිත්ත දේවාලය වඳින්න යන්න පුළුවන් කමක් ඇත්තෙම නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 292 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 139 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 66 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 360 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 526 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 892 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 473 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 704 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1976 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site