බොහෝ අවස්ථාවල දෙවියන් සොයා ආශිර්වාද ලබන්නට යන්නේ දේශපාලනඥයන් සහ ධනවතුන්ය. සාමාන්‍ය ජනයා දෙවියන් නමැද ඉල්ලන්නේ ලෙඩදුක් හා අතුරු ආන්තරාවලින් ආරක්‍ෂාවක් ලබාදෙන ලෙසය. නමුත් දේශපාලන ක්‍ෂෙත‍්‍රයේ ඉහළ තනතුරු ලබාගැනීම සදහා දෙවියන් ලවා බලපෑම් කරවාගන්නට එන දේශපාලනඥයන්ගෙන් ද දේවාල පිරී යන කාලවකවානු තිබේ. මෙවැනි කන්නලව් වැඩිහරියක් කරන්නේ කතරගම දෙවියන්ටය. විශාල වියදමක් දරා මිලෙන් ඉහළ පූජාවට්ටියක් සහ පඩුරුද තබා දෙවියන් ඉදිරියේ එසේ යැදීමෙන් තම බලාපොරොත්තු ඉටුවන බවට මේ අයගේ විශ්වාසයක් පවතී. කෙසේ නමුත් මෙසේ දෙවියන් යදින්නට කාට කාටත් හොර රහසේම කතරගම දෙවියන් හමුවීමට මේ දේශපාලනඥයෝ වැඩි කැමැත්තක් දක්වති. මේ නිසා කාටත් පහසුවෙන් යාහැකි කතරගමට නොගොසින් ඉතා අපහසුවෙන් වෙහෙස මහන්සිවී කුමන මහ කැලෑව මැද පිහිටි සියඹලා දේවාලය හෙවත් ‘‘මහකැබිලිත්ත’’ දේවාලයට යාමට ඔවුහු කෙසේ හෝ සූදානම් වෙති. කුඹුක්කන්ඔය ඉවුරට තරමක් දුරින් පිහිටි ‘‘මහකැබිලිත්ත’’ දේවාලයට ඇවිත් කතරගම දෙවියන්ට පූජාවක් තැබීමෙන් තමන්ගේ අභිමතාර්ථ ඉටුවන බවට ඇති විශ්වාසය නිසාම ගෙවුණ දශක පහ -හය තුළ එහි ආගිය දේශපාලනඥයන් ගැන සොයා බැලූවොත් ගණනින් විශාලය. ඒ අතර විධායක ජනපතිවරු පවා සිටිති. රණසිංහ පේ‍්‍රමදාස මහතා ‘‘මහකැබිලිත්ත’’ දේවාලයට මුලින්ම පැමිණ ඇත්තේ ඔහු කොළඹ පුරපතිවරයාව සිටි කාලයේය. මුලින්ම හැටේ දශකයේ පේ‍්‍රමදාස මහතා ‘‘මහකැබිලිත්ත’’ දේවාලයට ආබවට මතක ඇති සමහරු පානම්පත්තුවේ මෙන්ම කොටියාගල, ඇතිමලේ යන ගම්වල මෙන්ම වනජිවී දෙපාර්තමේන්තුවේද සිටිති. එමෙන්ම ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා 1975 වසරේ මෙහි පැමිණි අවස්ථාවක දේවාලයට නුදුරුව පිහිටි බෝධීන් වහන්සේ පාමුල කුඩා බුදුගෙයක් තනවා ඇතිබවට එහිවූ පුවරුවක අදටත් සදහන්ව තිබේ. වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරින් පවසන්නේ ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා එකල මේ පරිසරයට ඉතා ඇල්මක් දැක්වූ බවයි. සිය ආරක්‍ෂක රැකවලූන් පවා නොමැතිව දෙතුන් දෙනකු සමග ‘‘මහකැබිලිත්ත’’ වැදපුදාගන්නට ඔහු ආවේ සිරිතක් ලෙස යැයි දැනට විශ‍්‍රාම සුවයෙන් පසුවන වනජීවි නිලධාරීන් කිහිපදෙනෙක්ම පැවසූහ. ‘‘ඇත්තටම එදා කතරගම දෙවියන්ට පූජා තියන්න ‘‘මහකැබිලිත්තට’’ දේශපාලනඥයන් ආවේ අද වගේ තාන්න මාන්න ගන්න නෙවෙයි. ඒ අය පූජා තියලා තමන් එතෙක් පැමිණි ගමනට කතරගම දෙවියන් කළ ආශිර්වාදවලට පින් අනුමෝදන් කරන්න කිව්වොත් හරි. එහෙම පින් අනුමෝදන් කළාම දෙවියන්ගේ පිහිට තියනවා කියලයි ඒ අය විශ්වාස කළේ. අද එහෙම නොවෙයි. කොහේ හරි ඉන්න කපුවෙක් යැයි කියාගන්නා කෙනෙක් එක්කරගෙන ඇවිත් කැලේ දෙවනත් වෙන්න යාතිකා තියලා තමන්ට අර තනතුර, මේ තනතුර අරං දෙන්න කියලා කතරගම දෙවියන්ගෙන් ඉල්ලනවා. හැබෑම කපු මහත්තුරු ඒවාගේ බාල වැඩ කරන්නේ නෑ.’’ එදාමෙදා කාලවකවානුවල මහකැබිලිත්තට යනඑන දේශපාලනඥයන් ගැන හොදින් දන්න වනජීවි නිලධාරීහු කියති. රණසිංහ පේ‍්‍රමදාස ජනාධිපතිතුමා, නගරාධිපති ධුරයෙන් පසුව, පාර්ලිමේන්තුවටත්, ඇමතිවරයකු ලෙසටත්, අගමැතිවරයෙක් ලෙසටත් පසුව ජනාධිපතිවරයා ලෙසටත් පත්වීම නිසා දේශපාලනඥයන් වැඩි දෙනෙක් ‘‘මහකැබිලිත්තට’’ යන්න එන්න පටන්ගත්තේ තමන්ටද එලෙස ඉහළම තනතුරුවලට යන්නට ආශිර්වාද කරන්නයි ඉල්ලන්නට බව බොහෝ දෙනෙක් පවසති. වර්තමානයේ ද එවැනි පිරිස් ‘‘මහකැබිලිත්තට’’ එති. සමහර උප නගාරාධිපතිවරුන් නගරාධිපති තනතුරත්, නගරාධිපතිවරු, පළාත් සභා මන්ත‍්‍රී ධූරයකුත්, පළාත් සභා මන්ත‍්‍රීවරුන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධූරයකුත්, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් නියෝජ්‍ය ඇමතිධුරයකුත්, නියෝජ්‍ය ඇමතිවරුන් ඇමති ධූරයකුත් ඉල්ලා ‘‘මහකැබිලිත්තට’’ පැමිණ පුදපූජා තබා කතරගම දෙවියන්ට කන්නලව් කරති. මහකැබිලිත්ත දේවාලයට එන්නට ආ ඇමතිවරයකු මීට වසර දෙකකට පෙර මහ අකරතැබ්බකට මුහුණ පෑවේය. මේ කියන තැනැත්තාට ලැබුණු ඇමති පදවියෙන් පසු ඔහු ‘‘මහකැබිලිත්ත’’ දේවාලයට යන්නට ආවේය. නිල පෙජරෝ ජීප් රථයත්, ආරක්‍ෂක බළ ඇණිය ගමන් ගන්නා ඩිපෙන්ඩර් වර්ගයේ රථයත් ඒ අතරවිය. ඇමතිවරයා ඇතුළු කාණ්ඩායමේ සාමාජික ගණන දහයකි. හදිසියේම ඇමතිවරයා ‘‘මහකැබිලිත්තට’’ යන්නට ආවේ ‘‘ඇමති පට්ටම මදිවෙලාද කොහෙදෝ?’’ ඔහුගේ ආගමනය ගැන සමහරු ඔක`දදී කතා කරන්නට වූහ. ඇමතිවරයා පොතුවිල්, පානම හරහා ඔක`ද වනජීවී පිවිසුමට පැමිණ ‘‘මහකැබිලිත්තට’’ යාමට අවශ්‍ය බව දැන්වීය. වනජිවී නිලධාරින් පැවසුවේ ‘‘මහකැබිලිත්ත’’ දේවාලයට යාම එතරම් පහසු නැති බවයි. මාර්ගයේ ඇති අපහසුතා මෙන්ම වාහනවල තිබිය යුතු තත්වය ගැන වනජීවී නිලධාරීන් කියද්දී ඇමතිවරයාගේ ආරක්‍ෂක නිලධාරියෙක් ‘‘මේවා ඔර්ජිනල් වාහන. ගහක ගලක වුණත් යන්න පුලූවන්. ඔයගොල්ලො බය වෙන්න එපා. මේ කැලේ මොකක්ද අපි යන කැලෑවල්වල හැටියට.’’ යැයි කීවේය. ඇමතිවරයාගේ ආරක්‍ෂකයාට අලගු තියන්නට වනජීවී නිලධාරීහු නොගියහ. ඇමතිවරයාගේ නිල පෙජරෝ රථය ඔක`ද වනජීවී පිවිසුම් කාර්යාලයේ තබා කුලියට ගත් ජීප් රථයක්ද සමගින් ගමන පිටත්වන්නට විය. මේ ඇමතිවරයා පැමිණියේ කුමන වනෝද්‍යානයට හො`දම ඉඩෝර කාලය වූ අගෝස්තුවේ නිසා ගමන අපහසු නැති බව වනජීවී නිලධාරීහුද දැන සිටියහ. යන පාරේ මඩවළවල් ඒ වන විට වියළී ගොසිනි. ආරවලද වතුර අඩුය. ඇතැම් ආරවල දිය සිදී ගොසිනි. කුඩා කැබිලිත්ත ද කළුගල්ගොඩද පසුකර මහ කැලෑව මැද්දෙන් පිරිස සමග ජීප් දෙක ඉදිරියට ඇදෙයි. දැඩිව පැවති නිය`ගය නිසා වියලී ගිය අතු මෙන්ම කොළද වාහනවල ටයරයට හසුවී ‘‘සරසර’’ ශබ්දය පිටකරයි. ගස්වල කොළ පාටට වඩා ඇත්තේ දුඹුරුපාටය. කළුගල්තොට පහුකර ටික දුරක් ඉදිරියට ඇදෙද්දී අහසේ කිසියම් වෙනස්කමක් සිදුවනු හදිසියේම කාටත් අවබෝධ විය. ඇ`දුරුවූ අහස වැහි බරවිය. ඈතින් අකුණුද පුපුරන්නට විය. මෙවන් දැඩි නියං සමයක මෙවැනි විපර්යාසයක් වන්නේනම් එය පුදුමයකි. මේ මාර්ගයේ මහකැබිලිත්තට යනවිට හමුවන අමාරු ආරවල් දෙකෙන් එකක්වූ කළුකුඤ්ඤංආර පහසුවෙන් ගොඩවූ පිරිසට දැන් ඇත්තේ අලකොල ආරෙන් එගොඩවන්නටය. අලකොලආරේ වතුර තරමක් වැඩි බව වනජීවී මගපෙන්වන්නා කීවේය. ‘‘මේ ජීප් එකට මේකත් වතුර පාරක්ද’’ ඇමතිගේ ගෝලයෙක් පවසා ජීප් රථය අලකොලආරට බැස්සුවේය. හිතුවට වැඩිය වතුරය. ජීප්රිය අලකොලආර මැද නැවතුනි. ජීප් රිය හොළවන්නද බැරිය. පැමිණි පිරිස දැඩි උත්සාහයක් ගත්තද ඵලක් නොවිණි. දැන් ආරේ වතුර මට්ටමද ටිකෙන්ටික ඉහළ යයි. කුලියට ගත් ජීප්රථය මෙගොඩ ඉවුරේය. කළ හැකි එකම දෙය එම ජීප් රථයෙන් ආර මැද නැවතී ඇති ඇමති ආරක්‍ෂක ජීප්රථය අදින එකය. ඒ අනුව ගොඩතිබූ ජීප් රථයෙන් ආර මැද නැවතී තිබූ ජීප් රථය ඇද්දේය. දැඩි පරිශ‍්‍රමයකින් පසු ඇමති ආරක්‍ෂක ජීප් රිය අලකොලආරෙන් ගොඩට ගත්තේය. නමුත් දැන් ඉදිරියට යන්නට නොහැක. මහවැසිද සමග පිරිස හො`දටම හෙම්බත්ව ඇත. ‘‘දෙයියන්ගේ පිහිටෙන් යන්තම් ජීප්එක ගොඩටගත්තා’’ කවුදෝ මේ අතර කීවේය. කොහොම නමුත් ගොඩට ගත් ඇමති ආරක්‍ෂක ජීප්රිය පණ ගැන්වෙන්නේ නැත. ඒ නිසා ඉදිරියට හෝ ආපසු යාමට නොහැක. ‘‘මේ ජීප් එකෙන් අපේ ජීප් එක ඇදගෙන ආපහු යමු. වෙන කරන්න දෙයක්නෑ.’’ සියලූ දෙනාම එකම තීරණයකට පැමිණියහ. කුලියට ගත් ජීප් රියේ රියදුරාද වෙනත්කළ නොහැක්කක් නිසා ඊට කැමති විය. දැන් අලකොලආරේ සිට ආපසු එන්නට පිරිස පිටත්වූහ. ඇමති ආරක්‍ෂක ජීප්රියද ඇදගෙන කුලියටගත් ජීප්රිය කිලෝ මීටර් දහඅටක් පමණ ආපසු කලූකුඤ්ඤං ආර තෙක් ආවේය. කලූකුඤ්ඤං ආරට ආපසු එද්දී එගොඩ වන්නට අපහසුවක් නැත. අදගෙන ආ ජීප්රියද එයින් එගොඩ කෙරිනි. නමුත් අමතර බරක් ඇදගෙන ඒම නිසා කුලියටගත් ජීප්රථයට තවදුරටත් එය ඇදගෙන ඒම අසීරු බව රියදුරා දැනුම් දුන්නේය. ඒ අනුව කලූකුඤ්ඤං ආරේ ඉවුරේ ඇමති ආරක්‍ෂක ජීප්රිය ඇදගෙන ආ කම්බියෙන් ලිහුවේය. ඇමතිවරයාත් ආරක්‍ෂක නිලධාරින් දෙදෙනෙකුත් ඔවුන් එක්ක ආ පූසාරිත් කුඩා කැබිලිත්ත දේවාලයට ගෙනගොස් ඇරලවා ආපසු එන්නැයි කුලියටගත් ජීප් රථයේ රියදුරාගෙන් ඇමතිවරයා ඉල්ලා සිටියේය. ඒ අනුව සෙසු පිරිස කැඩුණු ජීප්රථය අසල තබා ඇමතිවරයා, ආරක්‍ෂක සෙබළු දෙදෙනෙකු සහ පූසාරිද නංවාගෙන අනෙක් ජීප් රිය කුඩා කැබිලිත්ත දේවාලයට ආවේය. ඔවුන් එහි බස්සවා ආපසු කලූකුඤ්ඤං ආර දෙසට ජීප්රිය ගියේ එහි සිටිය අය බලන්නටය. අයපහත් කාලගුණය නිසා ඇදහැලූණු මහ වැසිවලට අසුවී දැඩි මහන්සියට පත් පිරිස අදුර වැටෙන්නට පෙර කොහේ හෝ තැනක ගොනු කරන්නට වනජීවි මගපෙන්වන්නාටද අවශ්‍ය විය. නමුත් සිදුවූයේ හිතාගන්න බැරි දෙයක්ය. කුඩා කැබිලිත්ත හෙවත් මඩමෙතොට දේවාලයට ගොස් ඇමතිවරයා ඇතුලූ පිරිස බස්සා ආපසු එන ජීප්රියට අලූත්ගං ආරෙන් එගොඩ වන්නට බැරිතරමට එහි වතුර මට්ටම ඉහළ ගොසිනි. මේ වනවිට බිම්කලූවරද වැටී තිබූ නිසා සියලූ දෙනාම පත්ව සිටියේ දැඩි අසීරුවකටය. ඇමතිවරයා පූසාරි සහ ආරක්‍ෂකයන් දෙදෙනා සමග මඩමෙතොට හෙවත් කුඩාකැබිලිත්ත දේවාලයේය. සෙසු පිරිස ක‍්‍රියාවිරහිත එන්ජිම සහිත ජීප්රිය සමග අලූත්ගං ආරෙන් එගොඩය. වනජීවී මගපෙන්වන්නා සමග කුලියට ගත් ජීප්රිය අලූත්ගං ආරෙන් මෙගොඩය. එකම කණ්ඩායම තුන් පොළකය. ටිකින් ටික අදුර වැටුණු නිසාත් අහසේ වලාකුළු නිසා තරු එළියවත් නොතිබූ හෙයින් කුමන කැලෑවේ තුන් පොළක රැුය පහන් කරන්නට මේ පිරිසට සිදුවිය. කතරගම දෙවියන් හමුවට ගොස් කන්නලව් කර ආශිර්වාද ගන්නට වූ ඇමතිවරයාගේ බලාපොරොත්තුව කඩවෙලාය. මැසිමදුරුවෝ තලතලා ඇමතිවරයාට කුඩාකැබිලිත්ත දේවාලයේ නොතෙමී ඉන්නට අවස්ථාව උදාවී තිබුණේය. ඇමතිවරයා රැය පහන් කළේ විස්කෝතුවකින් කුස පුරවාගෙනය. පසුදා හිරු උදාවෙද්දී අලූත්ගංආරෙන් එගොඩ තිබූ ඇමති ජීප් රිය මෙගොඩට ඇදගෙන එන බලාපොරොත්තුවෙන් කුලියටගත් ජීප්රිය ඒවනවිට වතුර මට්ටම අඩුවී තිබූ අලූත්ගංආරෙන් එගොඩ විය. ඇදගෙන එන්නට කම්බිය දැමීමට පෙර එන්ජිම නැවතී තිබූ ඇමති ආරක්‍ෂක ජීප් රිය නිකමට පණගැන්වීමට උත්සාහ කළේය. පුදුමයකි. එය පණගැන්විණි. පසුව මහකැබිලිත්තේ ගමන අතහැර දමා පිරිස ආපසු ඇමතිවරයා නැවතී සිටි කුඩාකැබිලිත්ත හෙවත් මඩමෙතොට දේවාලයට ආහ. ඒ වනවිටත් ඇමතිවරයා ඇතුළු පිරිස තරමත් තැතිගැන්මට ලක්ව සිටි අයුරු ඔවුන්ගේ මුහුණුවලින් දිස්විය. එදින දහවල් වනවිට පිිරිස ආපසු ඔකදට ආහ. නමුත් පෙරදින සවස ඇතිවූ මහ වැහි ඔකදට ලැබී නොතිබුණි. ඔකද වනජීවී පිවිසුම් මධ්‍යස්ථානයේ නිලධාරීන්ට ඇමතිවරයාගේ හිතවතුන් පෙරදින මුහුණදුන් අත්දැකීම් විස්තර කළේය. ඒ අතර කුසගින්නේ සිටි ඇමතිවරයා ඇතුළු පිරිසගේ කුසගිනි නිවන්නට ආහාර වේලක්ද ඔකද වනජීවි නිලධාරින් පිළියෙළ කර දුන්නේය. ‘‘මහකැබිලිත්තේ අපි යනවා නම් පේවෙන්න ඕනෑ. කිල්ලට අහුවෙන දේවල් කරන්නේ නෑ. පුලූවන් තරම් කට පරිස්සම් කරගන්න ඕනෑ. මේවා දේව අඩවි. ඇමතිතුමාල අතින් මොකක්හරි වරදක් වෙන්න ඇති. ඒකයි යන්න නොදුන්නේ’’ වනජීවී නිලධාරියෙක් මහකැබිලිත්තේ ගමන ගැන විස්තර කළේය. ‘‘ඔව්. අපේ එව්වෝ මොනවාහරි වරදක් කරන්න ඇති. යද්දිම මෙතනදිත් කට වරද්දා ගත්තානේ. මහකැබිලිත්තට තියන්න ගිය පූජාව අපි කුඩා කැබිලිත්තට තිබ්බා. හැබැයි ඉතිං මහකැබිලිත්තට යන්න වුණානම් තමයි හොද’’ කියමින් ඇමතිවරයා වනජීවී නිලධාරීන්ට සමුදී ආපසු කොළඹ බලා පිටත්ව ආවේය.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කැබිලිත්ත දේවාලයට එද්දී මහ කැලේ අතරමංවූ ඇමති