(මොනරාගල නයනජීව බණ්ඩාර)
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව අයත් සියඹලාණ්ඩුව කොටියාගල වත්තේගම කැබිලිත්ත රක්ෂිත වනාන්තරයෙන් කැලෑ ඉඩම් හෙක්ටයාර 9960 ක් පමණ මේ වන විට විවිධ පිරිස් බලහත්කාරයෙන් අල්ලා ගෙන හේන් වගාවේ නියැළෙන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන නිලධාරීන් මේ බව පැවැසුවේ මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ඉකුත් දා පැවැති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදි මෙම ඉඩම් සම්බන්ධයෙන් මතු වූ ගැටලුවකට පිළිතුරු ලබා දෙමිනි.
මොණරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව අඩවියට අයත් මෙම වත්තේගම කැබිලිත්ත රක්ෂිතය හෙක්ටයාර 28926 ක විශාලත්වයකින් යුක්තය. කළුවර, බුරුත, වීර, පලු වැනි වටිනා වියළි කලාපීය ශාක ප්‍රජාවකින් යුත් මෙහි අලියා, වළහා, දිවියා, ඇතුළු සතුන් විශාල පිිරිසකට වාසස්ථාන හා ආරක්ෂාව සපයයි. 2012 වසරේ නොවැම්බර් 12 වැනිදා අංක 1784/9 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් මෙය රක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණේ මෙම වනාන්තරයේ ඇති පාරිසරික හා ජෛව විද්‍යාත්මක වටිනාකම සලකාය. යාල ජාතික වනෝද්‍යානයට හා කුමන ජාතික වනෝද්‍යානයට මායිම්ව ඇති මෙම රක්ෂිත වනාන්තරයෙන් පිටත තිබූ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් තවත් කැලෑ ඉඩම් විශාල ප්‍රමාණයක් බලහත්කාරයෙන් අල්ලා ගෙන කාලයක් තිස්සේ හේන් වගා කරමින් ඇති බවත් වන නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ.
වත්තේගම කැබිලිත්ත රක්ෂිතයේ හා ඉන් පිටත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබූ කැලෑ ඉඩම් අක්කර 50000 ක් විතර මේ අනවසර හේන් ගොවියන් විනාශ කරලා. බඩ ඉරිඟු, වගාව ප්‍රධාන හේන් බෝග වගා කරනවා. ඇත්තෙන්ම මේ වන අපරාධයට සම්බන්ධ හේන් ගොවීන් නෙමෙයි. ප්‍රදේශයේ ඇතැම් මහා පරිමාණ ගොවි ව්‍යාපාරිකයනුයි. ඇතැම් අය අක්කර 100 – 200 අපේ ඉඩම් අල්ලාගෙන බඩ ඉරිඟු වවනවා. මේක කාලයක සිට වෙන අපරාධයක්. මේ වන විට අපි ගැසට් එකකින් රක්ෂිත වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත් කළ වත්තේගම කැබිලිත්ත රක්ෂිතයෙනුත් හෙක්ටයාර් දහ දාහකට ආසන්න ඉඩම් ප්‍රමාණයක් අල්ලාගෙන වගා කටයුතු කරනවා. වන නිලධාරීහු කියති.
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙන්වා දෙන අන්දමට වත්තේගම කැබිලිත්ත රක්ෂිතය ඇතුළත හේන් වගාවේ නියැෙළන ගොවි පිරිස 460 කි. එහෙත් සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම්වරයා පවසන්නේ මෙම රක්ෂිත මායිම ඇතුළේ හේන් වගා කරන ගොවියන් හා අනු පවුල් 1270 ක් හඳුනාගත් බවයි. එම පිරිස අමතරව එම රක්ෂිත මායිමෙන් පිටත තවත් පවුල් 2640 ක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් අල්ලා ගෙන හේන් වගාවේ නියැළෙන බවද සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම්වරයා සඳහන් කළේය.
වත්තේගම කැබිලිත්ත සංරක්ෂිත වනාන්තරය හා සිදුව ඇති විනාශය හා එහි ආරක්ෂාව සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මොනරාගල දිසා වන නිලධාරී භාණු දිසානායක මහතාගෙන් කළ විමසීමක දී මෙසේ පැවැසීය.
සියඹලාණ්ඩුව කොටියාගල ප්‍රදේශයේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මුත් දැනට කැලෑ නොවන අක්කර 25000 ක් සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම්වරයාට පවරා දීමට අපි කටයුතු කරලා තියෙනවා. අපේ නිලධාරීන් ප්‍රදේශයේ ගොවි සංවිධාන ප්‍රාදේශීය නියෝජිතයන් සමග එකතු වී සිදු කළ සමීක්ෂණයක දී මේ රක්ෂිතය ඇතුළේ හේන් ගොවියන් 460 කුත් ඉන් පිටත වගා කරන ගොවීන් එක්දහස් ගණනකුත් හඳුනා ගත්තා. මේ හඳුනා ගත් පුද්ගලයන් අතර ඇතැමුන්ට අක්කර 50 – 100 හෝ ඊට වැඩි වශයෙනුත් ඉඩම් තියෙනවා. ඒ නිසා දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදීත් පසුව දිස්ත්‍රික්කයේ මහජන නියෝජිතයනුත් අපේ විෂය භාර ඇමැතිවරයා සහ අපේ උසස් නිලධාරීනුත් එකතු වී කළ සාකච්ඡාවලදීත් එකඟ වුණා අපි නිදහස් කළ ඉඩම්වලින් මේ රක්ෂිතය ඇතුළේ සහ ඉන් පිටත ඉන්න හේන් ගොවියන්ට එක් පවුලකට අක්කර 05 බැගින් බෙදලා දෙන්න. ඇත්තෙන්ම රටේ ඉඩම් නීතිය අනුව වුණත් එක් ගොවියකුට උපරිම දෙන්න පුළුවන් ඉඩම් අක්කර 02 ක් විතරයි. නමුත් මේක සුවිශේෂී තත්ත්වයක් ලෙස සලකලයි ඒ තීරණයට ආවේ. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා වත්තේගම, කැබිලිත්ත රක්ෂිත කැලයේ දැනට වගා කටයුතු කරන සියලු ගොවීන්ට ඉවත් කරන්න. මොකද මේක ගැසට් කළ රක්ෂිතයක්. ඒ රක්ෂිතය ඇතුළේ වගා කරන්න අවසර දෙන්න අපට හැකියාවක් නැහැ.
අපිටත් ඉලක්කයක් තියෙනවා. රටේ වන ගහනය සියයට තිහක් දක්වා වර්ධන කිරීම ඒ නිසා අපට හැකියාවක් නැහැ. දැනට රක්ෂිත ලෙස හඳුනා ගත් කැලෑ කොටස් ටික විනාශ කරන්න ඉඩ දෙන්න. අනික ඇතැමුන් මේ ඉඩම් පාරම්පරික වගා ඉඩම් බව කියන්න උත්සාහ කරනවා. එහෙත් මේ කැලෑ ඉඩම් විනාශ කිරීම ආරම්භ වෙලා තියෙන්නේ මෑතක කියලා චන්ද්‍රිකා ඡායාරූප සලකා නිරීක්ෂණය කළාම තේරෙනවා.
ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල
හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.
නිදහසට පසු යුගය තුළ ශ්රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස
අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ
මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කැබිලිත්ත රක්ෂිතයේ ඉඩම් හෙක්ටයාර 9960ක් බලෙන් අල්ලාගෙන
මුණසිංහ Thursday, 29 July 2021 01:47 PM
දැන් මේ අය අල්ලගෙන නීතිය ක්‍රියාත්මක කරන්න ඕන අපි ගිහිල්ලා ද
සත්‍යා Thursday, 29 July 2021 02:30 PM
මෙතරම් මහා පරිමාණයෙන් කැලේ වනසන්න සහ වටිනා දැව වර්ග සහිත ප්‍රදේශ අල්ලන්න පසුගිය රජය සමයේ කවුරුත් පෙලඹුනේ නැත්තේ ඇයි? නීතියට කිසිම ගරු කිරීමක් නොමැතිව කැලේ කපනවිට එසේ වී නැතැයි කීමට වගකිව යුතු කථිකයන් පෙලඹෙන්නේ කෙසේද?
dhamneth Saturday, 31 July 2021 09:00 AM
දැනට මේ ඉඩම් වගාකරන ගොවියන්ට බලපත්‍රයක් දෙනවා මිසක් ඉඩම්වලට ඔප්පු දෙන්න එපා. සින්නක්කර ඔප්පු දුන්නාම මේ ඉඩම් වෙන අයට දී නැවත රජයේ ඉඩම් බලෙන් අල්ලනවා.
Prase Tuesday, 03 August 2021 11:03 AM
යකෝ මුන් ගිහින් කැලේ එලිකරගෙන දැන් කියනවා අලි ගහනවා බේරා ගනියෝ කියලා ,ඔන්න ඔහේ මැරිලා ගිය දෙන් .සත්තුන්ට ඉන්න තියන තැන් වනසන තිරිසන් මිනිස්සු
fairoosWednesday, 04 August 2021 03:37 PM
කාගේ හයියෙන්ද කැලේ එලි කරන්නේ ?නිකං ගොන් කතා කියන්ඩ එපා