ඔබ රස කරමින් කන කෑම පැකට්ටුව පිටුපස සැඟවුණු -සෙල්ලම් සොයා යන්නට අපි අදහස් කළෙමු. මිනිසාගේ මූලික අයිතිවාසිකමක් වූ -ආහාරයටත් මේ තරම් වින කටින්නට තරම් මිනිසා අමානුෂික වීම එක් අතකින් බරපතළ ඛේදවාචකයකි. එහෙත් ඇසට අසුවන මායිම විනිවිද ඔබ දැකිය යුතුය. ඒ ඛේදවාචකය. 1980 අංක 26 දරන පනත ආහාර පනතයි. 1991 අංක 20 දරන සංශෝධිත පනතින් එය සංශෝධනය විය. ආහාර නිෂ්පාදනය, බෙදා හැරීම, ඒවායේ ගුණාත්මක භාවය, ලේබල් කිරීම, ආහාරය සෞඛ්‍යයට හානිදායක නොවීම, ආනයනය, විකිණීම හා ප‍්‍රදර්ශනය ආහාර සම්බන්ධ මෙකී නොකී සියල්ලට අදාළව යම් ප‍්‍රමිතීන් තිබේ. නීති රෙගුලාසි පවතී. එහෙත් ගැටලූව ඇත්තේ ආහාර සම්බන්ධ මේ ප‍්‍රමිති නීති හා රෙගුලාසි එලෙසින්ම ක‍්‍රියාත්මක වෙනවා ද යන්න පිළිබඳවයි. පැහැදිලි සත්‍යය නම් සෑම තැනදීම එය එසේ ක‍්‍රියාත්මක නොවේය යන්නයි. ආහාර පනත යටතේ ආහාර සම්බන්ධ තීන්දු තීරණ ක‍්‍රියාත්මක කරන්නට බලධරයෙක් සිටින අතර ඒ සම්බන්ධ නිසි බලධරයා වෙන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාය. නීති රෙගුලාසි ප‍්‍රකාරව ආහාර සම්බන්ධව කතා කරන්නට බොහෝ කරුණු කාරණා තිබේ. එහෙත් අද අප කතා කරන්නේ ඒ නෛතිකමය රාමුව පිළිබඳ නොවේ. විශේෂයෙන් ආපනශාලාවෙන්, හෝටලයෙන්, පෙට්ටි කඩයෙන්, තැන් තැන්වල මහ මගෙහි තබාගෙන විකුණන කෑම පැකට්ටුව, නැත්නම් පිඟානට බෙදා දෙන කෑම පිඟාන පිටුපස ලියැවුණු -”කුණු කතාන්දර” පිළිබඳවය. තේ කඩයෙන් බොන තේ කොප්පය, කෙටි කෑම, පැණි රස කෑම මේ සියල්ල පිටුපස ක‍්‍රියාත්මක ජාවාරම්ය. ඔබටත් නොදැනී ඔබේ නිරෝගී බව උදුරා ගන්නා ඔබ ලෙඩ කරන, ඔබේ ආයුෂ උදුරා ගන්නා ජාවාරම්ය. ආහාර සම්බන්ධ අණ පනත් අනුව බේකරියේ සිවිලිමක් තිබිය යුතුය. පිටි අනන කාමරය මැස්සන්ට හා වෙනත් එවැනි කෘමීන්ට ඇතුළු වන්නට නොහැකි සේ මැසි ආවරණ දැල් තිබිය යුතුය. බිත්තිය, පොළොව පිටි අනන ස්ථානයට අදාළව සෝදන්නට හැකි සැකසුමක් සහිත විය යුතුය (උදාහරණයක් ලෙස ටයිල් අල්ලා තිබීම). ආහාර ගබඩා කරන්නට පිරිසුදු තැන් පිරිසුදු ක‍්‍රමානුකූල අමුද්‍රව්‍ය ගබඩාවක් (මස්, මාළු හා එළවළු එකට ගබඩා නොකළ යුතුය), කල් ඉකුත් වූ අමුද්‍රව්‍ය භාවිතයට නොගත යුතුය. අනුමත නොවන රසකාරක භාවිත නොකළ යුතුය. මේ සියල්ල ඔස්සේ අරමුණු කරන මූලික පරමාර්ථය නම් ආහාරය මිනිසාගේ සුරක්ෂිතතාව පිණිසය යන්නයි. තේ කඩයක දී බොහෝ විට තේ එක වක්කරන භාජන, කෝප්ප, තේ ගොටුව පිරිසුදු නොකිරීමේ සිටම පාරිභෝගිකයා අසාධාරණයට ලක් වෙයි. රාත‍්‍රියට මේ තේ කඩවල, බේකරිවල, හෝටල්වල මෙන්ම ආපනශාලාවල නිදැල්ලේ මීයන් සැරිසරයි. හූනන් කැරපොත්තන් සැරිසරයි. අනාරක්ෂිතව තබා ඇති ආහාර අමුද්‍රව්‍යවලට මේ සත්ත්ව මුත‍්‍රා මළපහ එක් වෙයි. රාත‍්‍රියට මීයන් කා දමන ආහාරයේ ඉතුරු කොටස හෙට ඔබේ පරිභෝජනය සඳහා මුසු කිරීමට නොපැකිළෙන ආහාර නිෂ්පාදන හිමියෝ ඕනෑ තරම් සිටිති. උණු උණුවේ ඔබ උදේට කන කෙටි කෑමෙහි මිශ‍්‍රණය ඊට පෙර රාත‍්‍රියේ දී මීයකු රස බැලූ අල ලූනුවල ඉතිරියෙන් සෑදෙන්නක් විය හැකි සම්භාවිතාව ඉහළය. මෙය යථාර්ථයකි. එමෙන්ම ආහාර සකසන මේසවල භාජනවල මෙම සතුන් දැඟලීමෙන් විෂබීජ දැවටී තිබෙයි. ඒවා නිසි ලෙස පිරිසුදු කිරීමක් බොහෝ විට සිදු නොවේ. ඇතැම් විට මෙම කෑම පිළියෙළ කරන්නන්ගේ අත්වල තුවාල දද කුෂ්ඨ ආදිය තිබිය හැකිය. ඔවුන් බෝවන රෝගවලින් පෙළෙන්නන් විය හැකිය. ආහාර පිළිගන්වන සේවකයන්ගේ අත්වල දද කුෂ්ඨ තුවාල තිබිය හැකිය. ඇතැම් ස්ථානවල රාක්ක මත අසුරා ඇති ආහාර පිළිගැන්වීම සඳහා ගන්නේ නියමිත උපකරණයකින් නොව අතින්මය. එසේ ආහාර අතින් ඇල්ලීමේ දී අතෙහි ඇති විෂබීජ සියල්ල ආහාර මත තැවරෙයි. මේ සියල්ල ආහාර සම්බන්ධ වන ආචාරධර්ම ඉක්මවා යාමකි. විකිණීමට ඇති කෑම පැකට්ටුවේ එම බත් පැකට් නිෂ්පාදන ස්ථානය, ලිපිනය ඇතුළු අදාළ දත්ත සියල්ල පැහැදිලිව සඳහන් විය යුතුය. එහෙත් අද ඒ කිසිදු දත්තයක් සඳහන් නොකළ තනි සුදු පැහැ කාඞ්බෝඞ් පෙට්ටිවල අසුරා ඇති බත් පැකට් මෙන්ම පත්තර කඩදාසියේ ඔතන ලද බත් පැකට් ද ඕනෑ තරම් විකිණෙන්නට තිබේ. එම බත් පැකට් කෑමෙන් යම් ආහාර විෂවීමක් වැනි තත්ත්වයක් ඇති වුවහොත් එම නිෂ්පාදකයා කවු ද යන්න සොයා ගැනීමටවත් මගක් නැත. එමෙන්ම මෙය නිෂ්පාදකයාට යම් නීතිමය ප‍්‍රශ්නයක දී නීතියෙන් මගහැර සිටින්නට රුකුලකි. ඔබ ඔබේ ආහාරය පිණිස කෑම පැකැට්ටුවක් මිල දී ගැනීමේ දී මේ සියල්ල පිළිබඳ සුපරික්ෂාකාරි විය යුතුය. වරක් කොළඹ දිස්ත‍්‍රික්කයේ දින 12ක් තිස්සේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කළ වැටලීමක දී දෙවැනි තට්ටුවේ තිබූ කුස්සියට ඔවුහු ගොඩ වැදුනහ. දවල් බත් පැකට් පිළියෙළ කිරීම සඳහා ඒ අවස්ථාවේ කෝකිවරු ගොටුකොළ මැල්ලූම පිළියෙළ කරන්නට එක් වරක්වත් නොසේදු ගොටුකොළ මිටිය එය ගැට ගැසූ රැුහැන්පට පිටින්ම කපමින් සිටියහ. සාමාන්‍යයෙන් එවැනි මැල්ලූම් වර්ගයක් සුද්ද කර දෙතුන් වතාවක් සෝදා ලූණු වතුරේ ද දමා ගන්නේ එහි ඇති විෂබීජ විනාශ කරන්නටය. වරක්වත් නොසේදු මැල්ලූම් මිටියකින් කොතෙක් විෂබීජ, පරිභෝජනයට නුසුදුසු දේ ඔබේ බත් පතට එකතු වෙනවා දැයි ඔබ සිතන්න. බොහෝ තැන්වල මැල්ලූම් පිළියෙළ කිරීමේ දී සේදීමක් කෙරෙන්නේ නැත. වරක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු වැටලීම් කරද්දී දුටුවේ හෝටලයේ වැසිකිළියටම අල්ලා නිර්මාණය කරන ලද ටැංකියකි. ඒ ටැංකියේ අඩක් පිරෙන්නට දමා තිබුණේ බැඳ තිබූ මැල්ලූම් මිටිය. එහි වතුර ද පිරී තිබුණි. ඒ වතුර පල් වී ඒ මැල්ලූම් කොළ තැම්බුණු ස්වභාවයක් ගෙන තිබුණත් ඒවා එලෙස තබා තිබුණේ කෑම සඳහා යොදා ගන්නටය. එසේම එම හෝටලයේම කුකුළු මස් බිම එළන ලද පොහොර උරයක් මත දමා තිබුණි. පැය ගණනක් තිස්සේ බිම දමා ඇති කුකුළු මස් මැස්සන්ගෙන් පිරී තිබූ අතර එයට ඉව කරමින් බළල්ලන් ද අවට ගැවසුනහ. උන් එළවන්නට කෝකියකු ගසන පා පහරක් වරෙක වැදුනේ බිම දමා තිබූ කුකුල් මස් ගොඩටය. හෝටල් සම්ප‍්‍රදාය තුළ මෙන්ම කෑම පැකට් පිළියෙළ කරන සාමාන්‍ය නිවෙස් ඇතුළු තැන්වල ද ඇති සම්ප‍්‍රදාය අනුව කුකුළු මස් වැනි දේ හොඳින් සෝදා සුද්ද කර දැඩි තාපයක් යටතේ තම්බා පිස ගත යුතු අතර එලෙසින් පිළියෙළ වන්නේ නැත. මස්, මාළු පිළියෙළ කිරීමේ දී ඒවාට කරාඹුනැටි, ගොරක, රම්පේ, කරපිංචා, සුදුලූනු වැනි අමුද්‍රව්‍ය යොදන්නේ ඒවායේ යම් විෂ සහිත ස්වභාවයක් ඇත්නම් ඒවා විනාශ වීමට හා මෙලෙක් වීමටය. එහෙත් පොදුවේ මෙවැනි තැන්වල ආහාර පිළියෙළ කිරීමේ දී එවන් අමුද්‍රව්‍ය යොදා ගන්නේම නැති තරම්ය. එමෙන්ම කුකුළු මස්වල නම් ”සයිඞ් පාට්” ලෙස හඳුන්වන සාමාන්‍යයෙන් ආහාරයට නොගන්නා කොටස් ද (උදාහරණයක් ලෙස කුකුළාගේ බෙල්ල කොටස) මෙසේ ආහාර පිළියෙළ කිරීමේ දී බත් පතට එක් කරයි. කෑමට නොහැකි ”තෙල් කෑලි” ලෙස හඳුන්වන කොටස් ද ඉවත දැමීමක් නොවේ. මාළු වර්ග ද එසේමය. ඒවා සුද්ද කිරීමේ දී ඉවත දැමිය යුතු ඔළුවෙන් කොටසක් සහිතව ඉවත දමන බඩවැල්, කොරපොතු, වරල නිසි ලෙස ඉවත් කිරීමක් බොහෝ විට සිදු නොවේ. අනෙක් අතට මාළු, මස් හා එළවළු කපන්නේ එකම පිහියෙනි. ලේ තැවරුණු පිහියෙන්ම එළවළු ආදිය කැපීම බොහෝ විට අනුගමනය කරන සම්ප‍්‍රදායයි. එමෙන්ම හොදි සහිත වෑංජන පිළියෙළ කිරීමේ දී සම්පූර්ණයෙන් පොල් වෙනුවට පොල්වලට පාන් පිටි ද කලවම් කර සාදාගත් දියර මිශ‍්‍රණයකින් ආහාර පිළියෙළ කරයි. මේ සියල්ල කෙරෙන්නේ වැඩි ලාභ ඉපයීමේ අරමුණෙනි. ආප්ප පිසීමේ දී හෝටල්වල සහ කෑම පිළියෙළ කරන තැන්වල ”ප්ලාස්ටර් ඔෆ් පැරිස්” නම් රසායනය භාවිත කරයි. ඒ ලෙහෙසියෙන් ආප්පය ගැලවීම සඳහාය. ශරීරයට අහිතකර වුවත් ඒ පිළිබඳව තක්සේරුවක් ඔවුන්ට නැත. විශේෂයෙන්ම චීන කෑම පිළියෙළ කරන අවන්හල්වල චීන කෑම සඳහා රසකාරකයක් භාවිත කරයි. මේ රසකාරකය පිළිකාකාරකයක් බව වෛද්‍ය නිර්දේශයයි. බොහෝ රටවල මෙය තහනම් රසකාරකයක් බවට පත්ව ඇත. එහෙත් අපේ රටේ චීන කෑම සඳහා අනිවාර්යයෙන්ම මෙය භාවිත කරන අතර සාමාන්‍ය හෝටල් ආදියේ ද ඉක්මණින් ආහාර රස ගැන්වීම සඳහා මෙය භාවිත කරන අවස්ථා ඇත. පමණට වඩා අධික ලෙස මේ රසකාරකය ශරීරගත වීමෙන් ඇටමිදුළු දියවෙන තත්ත්වයක් ඇති වෙන බව වෛද්‍යවරු ප‍්‍රකාශ කරති. ඇතැම් ආපනශාලාවල වැසිකිළියට වතුර දැමීම සඳහා භාවිත කරන බාල්දිය හෝ භාජනයම ආහාර සේදීම සඳහා ද භාවිත කරයි. වරක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු වැටලීමක දී දුටුවේ බත් පැකට් සඳහා ආහාර පිළියෙළ කරන නිවෙසක කොමඞ් වැසිකිළිය ළඟ සේදීමට දමා ඇති කුකුළු මස් ගොඩකි. මෙවැනි අවස්ථාවල නඩු දැමීමට අදාළ බලධාරීන් පියවර ගත්තත් රුපියල් දස දහසක වැනි දඩයක් ගෙවීමෙන් නීතියෙන් ගැලවුම් ලබන ඔවුන් නැවත සුපුරුදු පරිදිම තම ව්‍යාපාරය කරගෙන යයි. නරක් වී පණුවන් ගසන කරෝල පවා තෙලේ බැදී නැවත මුදලට විකිණෙයි. ඔබ රස කරමින් කන කරවල කැබැල්ල එසේ පණුවන් ගසා නරක් වූ කරෝල කෑල්ල වීමේ සම්භාවිතාව ඉහළය. පිටකොටුව මැනිං මාකට්හි හැන්දෑවට තැලූණු, නරක් වුණු තැම්බුණු ඉවත දමන මට්ටමේ එළවළු එකතු කරන්නට ඒ වෙනුවෙන්ම සැදී පැහැදුණු පිරිසක් සිටිති. මීගොඩ ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානය වැනි එළවළු බෙදා හරින තැන්වල මෙවන් පිරිස් සිටිති. ඉතා ලාභදායි මිලකට හෝ නොමිලයේම ඔවුන්ට මෙසේ ඉවත දමන එළවළු ලබාගත හැකිය. මතු සම්බන්ධයි...
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කෑම පැකට්ටුවේ ජරාව
ආසිරි ජපානය Monday, 24 September 2012 10:46 AM
මෙම ලිපිය තියන දේවල් ගැන අපි කවුරුත් දන්නවා. විශේෂ චායාරූපයක් වත් නැත. (ස)
වසන්ත Sunday, 23 September 2012 10:22 PM
කරුණාකරලා වගකිව යුතු අය මේ දේවල් වලට නිසි විසදුම් දෙන්න. දැඩි දඩුවම් ලබා දෙන්න. කවදා හරි මතක තියාගන්න තමනුත් තමන්ගේ දරුවනුත් මේ වගේ තැන්වලින් වේලක් හරි කන්න වෙන බව. එතකොට තමුන් කැමතිද ජරාව කන්න? ඒ නිසා කරුණාකරලා අපිට සල්ලි දීලා පිරිසුදුවට කෑම ටිකක් කන්න පුළුවන් විදියට මේ රට හදලා දෙන්න. කන බොන එකට මෙහෙම කරන්න දෙන්න එපා. හෙණ හතම ගහනවා මේ දේවල් වලට. ශාප කරනවා හැරෙන්න වෙන දෙයක් කරන්න නැහැ. අපිට,කරන්න පුළුවන් දේනේ අපි කරන්න ඕනෑ. (නි)