මහකැබිලිත්ත සියඹලා දේවාලය පිළිබදවත් කුමණ වනෝද්‍යානය හරහා මහකැබිලිත්ත දේවාලයට යන ගමනේ දී ලබන අත්දැකීම් සහ කතරගම දෙවියන්ගේ හාස්කම් පිළිබදව ඉරිදා ලංකාදීප පුවත්පතේ ලිපිපෙළ පළවෙද්දී හාස්කම් අත්හදා බලන්නටත්, කතරගම දෙවියන්ට ඇති භක්තිය නිසාත්, මහකැබිලිත්තට යන පිරිස් වැඩිවී ඇතැයි බොහෝ දෙනෙක් කියති. එය එක්තරා ආකාරයක වදයක් වී ඇත්තේ එහි යනෙන පිරිස වැඩිවත්ම සිදුවන විවිධ පාරිසරික ගැටලූ නිසාය. මහකැබිලිත්ත හෙවත් සියඹලා දේවාලය පිහිටා ඇත්තේ ජාතික වනෝද්‍යනයක් තුළ බව බොහෝ දෙනෙක් අමතක කරති. මේ නිසා ඇතිමලේ, කොටියාගල පැත්තෙන් එහි ඇතුලූවන භක්තිවන්තයෝ දිවා රෑ නොතකා එහි යාමට පෙළඹෙති. මෙය වනෝද්‍යානයේ සතා සිව්පාවුන්ට වදයකි. ඔවුන්ගේ ජීවන රටාවන්ට බාධාවකි. කොටියාගල පැත්තෙන් කුමණ ජාතික වනෝද්‍යානයට ඇතුලූ වෙද්දී වනජීවී දෙපාර්තමේන්තුවේ අවසර ගැනීමක් සිදු නොවේ. ඔවුන්ගේ මගපෙන්වීමක් ද නැත. ප‍්‍රදේශයේ ට‍්‍රැක්ටර් හිමියන් සහ රියදුරන් කිහිපදෙනෙක් සියලූ බලධාරින්ය. ඔවුන්ගේ උපදෙස් මත මහ රෑ ද මහකැබිලිත්ත බලා ගමන් ඇරඹීම දැන් පුරුද්දක් කරගෙන ඇත්තේ නිසි පාලනයක් නැතිකමිනි. පසුගිය දිනක ආණ්ඩුවට සම්බන්‍ධ ඇමතිවරයෙක් කොටියාගල පැත්තෙන් මහකැබිලිත්ත දේවාලයට යන්නට සිය සහචරයන් සමග පැමිණියේය. වාහන කිහිපයකින් පැමිණි මේ ඇමතිවරයාගේ ආරක්‍ෂක නිලධාරින් සහ ඔහුගේ අතවැසියන් යැයි සිතිය හැකි පිරිස හැසුරුනේ නගරයේ දී හැසිරෙන ආකාරයටමය. මහ වනාන්තරය මැද කිලෝමීටර් තිහකට වැඩි දුරක් ගිය පසු හමුවන මහ කැබිලිත්ත සියඹලා දේවාලයට ගොඩවිය යුත්තේ කුඹුක්කන් ඔය එගොඩ වීමෙනි. එසේ එගොඩ වන්නට පාලම් නැත. ගගට බැස එගොඩ විය යුතුය. කොටියාගල සිට යා යුතු මග ද පහසු නැත. ට‍්‍රැක්ටර් යාම නිසාම පුංචි වැස්සක දී වුවත් පාර මඩවෙයි. එවැනි අවස්ථාවල මඩවළවල් මගහැර ඒ අසලින් තවත් පාරක් තැනෙයි. මේ නිසා කොටියාගල පාර අද වනවිට ඉවක් බවක් නැතිව පැමිණෙන ට‍්‍රැක්ටර් සහ වාහන නිසා වනාන්තරය සතා සිවුපාවට බාධාවක්ව පවතී. මීට පෙර පැවසූ ඇමති තනතුර දරන්නා පසුගිය කාලයේ සිය ගෝලබාලයන් ලවා කතරගම දේව අඩවියේ කතරගම දෙවියන් උදහසට ලක්වන ආකාරයේ සිදුවූ ක‍්‍රියාවන් රැසක් සම්බන්‍ධව සමාජයේ කතා බහට ලක්වූ ඇමතිවරයෙකි. මහකැබිලිත්ත සියඹලා වෘක්ෂයේ භාවනානුයෝගීව වැඩවෙසෙන කතරගම දෙවියන්ට පූජාවන් පවත්වා සිදු වූ වැරදිවලට සමාව අයැදීම ඇමතිවරයාගේ මේ ගමනේ අරමුණ බව ඔහුගේ ගෝලයෙක් සෙසු පිරිසට කියා තිබුණි. මහකැබිලිත්තේ සියඹලා දේවාලයට මෙගොඩ පිහිටි ගංඉවුරට එන සියලූ දෙනා එතැන නැවතීම සිරිතය. පළමුව ගෙනා බඩුමුට්ටු දානය පිළියෙළ කිරීමට සූදානම් කරගනී. ඉන්පසු කුඹුකන් ඔයෙන් දිය නා ගංඉවුරේ වැල්ලේ වළවල් හාරා නොඉදුල් දියෙන් මුරුතැන්බත් දානය සකසාගැනීම සිරිතය. එසේම මේ කටයුතු කරගැනීම සදහා නැවතී සිටින මෙගොඩ ඉවුරේ රාත‍්‍රී අදුර මැඩ ගන්නේ පහන් එළියකින් හෝ බැටරි උපයෝගී කරගෙන දල්වා ගන්නා බල්බයකිනි. කොටියාගල පැත්තෙන් කුලී ගමන් එන ට‍්‍රැක්ටර්වල මෙවැනි විදුලිපහන් කුලී මුදලට ලබාදෙයි. එසේ නැත්නම් කැලේ ඇති දර එකතුකරගෙන දල්වාගත් ගිනිමැලයකින් අදුර මකා ගැනීම සිරිතය. නමුත් මේ ඇමතිවරයා එහි පැමිණියේ විදුලි ජනක යන්ත‍්‍රයක්ද රැගෙනය. මහකැබිලිත්ත හෙවත් සියඹලා දේවාලය පිහිටි ප‍්‍රදේශය වනසතුන්ට වෙන්කළ ප‍්‍රදේශයක් බව අමතක කරන බොහෝ දෙනෙක් ඔවුන්ට හිරිහැර වන පරිදි හැසිරෙන අවස්ථාද තිබේ. නමුත් කිසිවෙකුත් එවැනි අයට අවවාද කරන්නට යන්නේ නැත. මේ අයද විදුලියජනක යන්ත‍්‍රයක් රාත‍්‍රියේ කි‍්‍රයාත්මක කිරීම සුදුසු නොවන බව අවබෝධයක් නැතිවූ පිරිසක් විය. අදුර වැටෙන්නට පෙර කුඹුක්කන්ඔය අසලට පැමිණි පිරිස කූඩාරම් කිහිපයක් ඉදිකළහ. ඒවා ආලෝක කරන්නට විදුලි රැහැන් ද ඇද්දේය. ඇමතිතුමා ද මේ කටයුතු දෙස බලා සිටියේය. අඳුර දසත ගලා යද්දී විදුලිජනක යන්ත‍්‍රය පණගන්වන්නට උත්සාහ ගත්ත ද ඵලක් නොවීය. ඇමති ගෝලයෝ පැය ගණනාවක් තිස්සේම විදුලිජනක යන්ත‍්‍රය වෙනුවෙන් කාලය ගෙව්වත් ගෙනවිත් තිබූ විදුලි පන්දම් කිහිපය සහ පැමිණ සිටි අනෙක් බැතිමතුන් අදුර මකා ගන්නට ගෙනා ආලෝකයෙන් ඇමතිවරයා ඇතුලූ ගෝලබාල පිරිසත් එළිය බැලූහ. ඒ නිසා පාන්දරම දානය පිළියෙළ කරන්නට දෙවියන්ට පූජා කිරීමට ඇමතිවරයා තුළ තිබූ අදහස සඵල නොවීය. මහකැබිලිත්තට එන පක්‍ෂ විපක්‍ෂ දේශපාලනඥයන්ගෙන් අඩුවක් නැත. වසර විසිපහක් වනජිවී දෙපාර්තමේන්තුවේ සේවය කර ඉන් ඉවත්ව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කරන තිස්සමහාරාමයේ විමල් කොඩිතුවක්කු මහතා මහකැබිලිත්ත දේවාලයට නිතර යනෙන තැනැත්තෙකි. ඔහු මහකැබිලිත්ත දේවාලයට ගිය අවස්ථාවක එහි පැමිණ සිටි තවත් ඇමතිවරයෙකුට වූ ඇබැද්ධියක් විස්තර කළේය. ‘‘මේ ඇමතිතුමා ඇතුලූ පිරිසට පාර පෙන්වීම මට පැවරී තිබුණා. අපි කොටියාගල පැත්තෙන් ගියේ. අදුර වැටෙන්න ඉස්සර කිලෝමීටර් තිහක විතර දුර ගෙවාගෙන කුඹුක්කන් ඔය අසලට ගියා. වෙලාව තිබුණ නිසා මම ඇමතිතුමාට කිව්වා ‘අපි පූජාව තිබ්බොත් හොදානේද’ කියලා. ඇමතිතුමා ගත් කටටම කිව්වා උදේ පූජාව තමා අනුහස් තියෙන්නේ ඒ හින්දා උදේම පූජාව තියමු කිව්වා.’’ ‘‘ඇමතිතුමාගේ වචනයට අභියෝග කරන්න මට බැරි නිසා ‘හා...හොදා’ කියලා මමත් හිටියා. ආපු අය සමහරු කූඩාරම් ගහගෙන හිටියා. තව සමහරු පැදුරු, ඉටිරෙදි එලාගෙන බිම නිදාගත්තා. පාන්දර එකට දෙකට විතර ගග ගලන ශබ්දයේ වෙනසක් මට ඇහුනා. මම තව කිහිප දෙනෙකුට කතා කරලා විදුලි පන්දමත් අරගෙන ගිහිං කුඹුකන්ඔය පැත්තට එල්ලකර බලද්දි කුඹුක්කන් ඔය දෙගොඩතලා ගලනවා. හැබැයි අපි හිටිය තැනට වැහි පොදක්වත් තිබුණේ නෑ.’’ ‘‘ඇමතිතුමාටත් කට්ටිය ඒ වෙලාවෙම කතා කරල කිව්වා. එතකොට අඩි පහ හයක් විතර වතුර වැඩිවෙලා තියෙන්න ඇති. ඇමතිතුමා කිව්වා එළිවෙනකොට අඩුවෙයි කියලා. පාන්දරත් වුණා. කුඹුක්කන් ඔයේ වතුර වැඩිවෙනවා මිස අඩුවීමක් නෑ. දැන් වතුර මට්ටම අඩි නවයක් විතර ඇති. දවල් දොළහ වෙනකම් බැලූවා. ඒත් අඩුවක් නෑ. මම කලින් දවසේ ආපු ගමන්ම කිව්වානේ අපි මුලින්ම පූජාව තියමු කියලා. ඇහුවේ නෑ නොවැ. දවල් දහය විතර වෙනකොටත් ග`ග අඩු නොවුන හින්දා ඇමතිතුමා මගෙන් ඇහුවා ‘දැන් අපි දේවාලෙට යන්නේ කොහොමද?’ කියලා.’’ ‘‘ඇත්තටම දේවාලයට යනවා තියා හිතන්නවත් බෑ. මම කිව්වා මෙගොඩ ඉදලා දානය පිළියෙළ කරලා, දවල් නොවුණොත් බෝධියට බුද්ධපූජාව තියලා කතරගම දෙවියන්ට පින් දීලා දේවාලය පැත්තට තියන ගහක් මුල ගෙනා ඉතිරි පූජා බඩු එන කාට හරි ගන්න පුලූවන් විදියට තියලා ආපහු යමු කියලා. ඇමතිතුමාත් ඒකට එකග වුණා. මහකැබිලිත්ත සියඹලා දේවාලයට යන්න ආ ගමන කුඹුක්කන් ඔයේ මෙගොඩ ඉවුරට සීමාකරලා, දේවාලය පෙනි පෙනී ගමන නවතා ආපහු එන්න සිද්ධ වුණා. ඒ සිද්ධියෙන් පස්සේ තමයි ඇමතිතුමාටත් එයාගේ ගෝලයන්ටත් මහකැබිලිත්තේ හාස්කම් තියනවා කටවරද්දාගන්න හොදනෑ කියලා හිතිලා තිබුණේ.’’ විමල් කොඩිතුවක්කු සිය අත්දැකීම විස්තර කළේය. අපවත්වී වදාළ අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්‍ද මෛත‍්‍රය මහනාහිමිගේ ශිෂ්‍ය නමක්වූ ලන්ඩන් නුවර වැඩවෙසෙන බඹරබොටුවේ ආනන්‍ද හිමි ඇතුලූ පිරිසක් මීට මාසයකට පමණ පෙර මහකැබිලිත්ත දේවාලය බලා වැඩම කළහ. ‘‘මගේ ගුරුදේවයාණන් වූ අග්ගමහා පණ්ඩිත ආනන්‍ද මෛත‍්‍රය මහනාහිමියන් කතරගම දෙවියන් ජීවමානව දුටු බව උන්වහන්සේ විසින් රචිත ලිපි කිහිපයකම දක්වලා තියනවා. උන්වහන්සේ ජීවත්ව සිටියදී කතරගම දෙවියන්ට නිතරම පින් අනුමෝදන් කරනවා. මම මහකැබිලිත්තට ගියේ එතන බලලා කතරගම දෙයියන්ට පින් අනුමෝදන් කරන්න.’’ ‘‘අපි මොනරාගලට ගිහිං එතනින් කොටියාලට ගියා. කොටියාගලින් තමයි කැලේට ඇතුල්වුණේ. මහවැස්සක් පටන්ගත්තා. එකතැනකින් අපේ ජීප්එක ගත්තේ බොහොම අවදානමෙන්. වාහනය ඇලවුණ ආකාරය දැක්කාම අනතුරක් වෙයිද කියලා හිතුණා. නමුත් අන්තරාවක් නැතුව අපි ඒ බාධකයෙන් එගොඩ වුණා. වැස්සෙම අපි මහ කැබිලිත්තට ගියා. ටිකදුරක් යනකොට වැස්ස නැවතුණා.’’ ‘‘කුඹුක්කන් ඉවුර ළගට යනකොට තවත් ගොඩාක් අය වාහන සහ ට‍්‍රැක්ටර්වලින් ඇවිත් හිටියා. කුඹුක්කන් ඔයේ ඉවුරුදෙකේ තියන බෝධීන් දෙනම වන්දනා කරලා කතරගම දෙවියන්ට පින් අනුමෝදන් කරලා මහසියඹලාව සහ කුඩා සියඹලාව බලලා ආපහු එන්න පිටත්වුණා. එතකොට අඳුර වැටිලා තිබුණේ. ටිකදුරක් එනකොට ගමන අමාරු බව අපිට තේරුණා. දහවල් වැස්ස නිසා වතුර පිරුණු තැන්වලින් ට‍්‍රැක්ටර් සහ ජීප් ගිහිං හොදටම මඩවෙලා.’’ ‘‘පැය කිහිපයක් මෙහෙම එද්දි තුංමං හන්දියක් හමුබ වුණා. අපි එතනින් වමට හැරෙව්වා. වාහනේ හිටිය කිහිපදෙනෙක් කිව්වා වමට නෙවෙයි දකුණට නේද කියලා. නමුත් පාර මඩවෙලා හින්දත් අ`දුර පැතිර තිබූ නිසා වට පිටාව නොපෙනුන නිසාත් අපට යායුතු හරිපාර අවබෝධ කරගන්න බැරිවුණා. අපි වමට තිබුණ පාරදිගේ ගියා. පැය භාගයක් විතර එහෙම යන්න ඇති. වතුර පිරුණු මහ මඩවළක් ඉදිරියෙන් පෙනුණා. එතනින්නම් කොහොමත් යන්න බෑ. අපි ළ`ග තිබුණ විදුලි පන්දම්වලින් අවට සෝදිසිකරන කොට මඩවළෙන් එගොඩ අලි රංචුවක් ඉන්න බව පෙනුණා. අපි යද්දි මෙහෙම තැනක් හමු නොවුන නිසා අපි හිතුවා පාර වැරදුනා කියලා. බොහොම අමාරුවෙන් වාහනය හරවාගෙන ආපහු පිටත් වෙන්න ආවා. දැන් වෙලාව රෑ දහය හමාරට විතර ඇති.’’ ‘‘අපි මෙහෙම ටික දුරක් එනකොට කැලේ මැදදි මිනිහෙක් මුණ ගැහුණා. හේනකට යන කෙනෙක් වෙන්න ඇති කියලා හිතුණා. අපි එයාගෙන් කැලෙන් එළියට යන පාර ඇහුවා. ඉස්සරහින් දකුණට දාලා යන්න කිව්වා. ඒ විදියට අපි ආවා. දැන් අපිට යද්දි අමාරුවෙන් ගොඩවුණ තැනින් ආපහු එගොඩවෙන්නේ කොහොමද කියලා බයකුත් එක්කයි ආපහු එන්නේ. හිතාගන්නවත් බැරිතරම් පුදුමයක්. අපි ආපු පාරෙන් කැලෙන් එළියට ආපු තැන වෙනතැනක්. අරවාගේ බාධකයක් එතැන තිබුනේ නෑ. කැලේදි හම්බවුණ කෙනා පෙන්නපු පාරෙ තමයි අපි ආවේ. ඇත්තටම ඒ වනසතුන් ඉන්න මහකැලේදී රාත‍්‍රියේ හම්බවෙලා පාර පෙන්නුවේ කවුද කියන්න අපිටත් පුදුමයි.’’ ආනන්‍ද හිමියෝ සිය අත්දැකීම් පැහැදිලි කළේය.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කුඹුක්කන් ඔය දෙගොඩතලා අතරමග නතර වුන ඇමති ගමන
නුවන් Thursday, 17 May 2012 11:12 AM
බෝ ගස හැර අනෙක් ගස් වලට වන්දනා කරන සිරිතක් නම් අපි අතර නෑ.
කැප්පෙටිපොල Tuesday, 31 July 2012 02:26 PM
සංහිද ළග බාරයට කිරි ඉතිරීම කෙම්මුර දවස්වල පහනින් සැරසීම වන අතු කඩා ගස් දෙබලක දැවටීම මම නොකෙරුවද නොකෙළෙමි එය ගැරහීම - විමලරත්න කුමාරගම (නු)