උසස් ආරේ කිරිදෙනුන් බෝකිරීමේ සාර්ථක පියවරක් ඉදිරියට තැබීමට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය සමත් විය.
ඇමෙරිකාවේ කොලරාඩෝ සරසවිය සමග සිදු කළ පරීක්ෂණයක් අනුව ගැහැනු පිරිමි බව කලින් නිර්ණය කළ ශුක්‍රාණු ජෛව තාක්ෂණයෙන් එළදෙනකගේ ගැබෙහි තැන්පත් කරීමෙන් පසු පළමු පැටවා බිහිකර ගැනීමට ඔවුහු සමත් වූහ.
කිරි වැඩියෙන් ලබා ගත හැකි එළදෙනුන්ගේ අඩුව මකා ගැනීමට මේ ක්‍රමය උපකාරිවෙතියි පර්යේෂණය මෙහෙය වූ අභිජනන විශේෂඥ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය බැසිල් ඇලෙක්සැන්ඩර් කියයි. ඇමෙරිකාවෙන් ගෙන් වූ එම ශුක්‍රණු කෘත්‍රිම සිංචනය මගින් එළදෙනකුගේ ගැබෙහි තැන්පත් කිරීමෙන් පළමු පැටවා නුවරඑළියේදී බිහි විය. ‘ලක්ෂ්මී‘ යනුවෙන් ඒ පැටවාට නම තබා ඇත.
කේ.එම්. මුත්තුසාමි කිරි ගොවියාගේ ‘රාණි‘ නම් ප්‍රිෂියන් එළදෙනගේ කුසින් බිහිවූ ‘ලක්ෂ්මි‘ දෙමුහුන් ජර්සි පැටවෙකි. ආචාර්ය අලෙක්සැන්ඩර් පැවැසුයේ මෙවැනි පැටවකු පිටරටින් ගෙන්වීමට රුපියල් ගලක්ෂ 3-5 අතර මුදලක් වැය වන බවයි. එහෙත් තම පර්යේෂණය අනුව වැය වනුයේ රුපියල් 6000 - 8000 අතර මුදලක් බවත් ඔහු කියයි.
ශ්‍රී ලංකාවේ කිරි ගොවීන් මුහුණ පාන ප්‍රධාන ප්‍රශ්නය වනුයේ ස්වභාවිකව හා කෘතිම සිංචනයෙන් ලබා ගන්නා පැටවුන්ගෙන් සියයට පනහක් පිරිමි සතුන් වීමයි ගැහැනු පිරිම බව ශුක්‍රාණුවලින් කලින් වෙක් කර ගැනීමේ පර්යේෂණ නිසා එළදෙනුන් වැඩියෙන් බිහිකර ගැනීමේ අවස්ථාව සැලසෙන බවයි. වසර දෙකක් පමණ වන විට තනිකරම අපේම පර්යේෂණවලින් ගැහැනු සතුන් බෝකරගත හැකිවෙතියි ඔහු විශ්වාසය පළ කරයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පවු. (නි)
ආචාර්ය බැසිල් ශ්‍රී ලංකාවෙන් බැහැරව අධ්‍යයන කටයුතු කිරීමෙන් පසුව ඉතා දිරිමත්ව ආපසු තම රටට පැමිණි ආදර්ශවත් බුද්ධිමතෙකි. ඔහු මෙන් අනෙක් අයත් රටට ගැළපෙන පරිදි කටයුතු කළහොත් ශ්‍රී ලංකාව නැවතත් පෙරදිග මුතු ඇටය බවට පත්වෙනවා සිකුරුයි. ලක්දිවට ආපසු පැමිණ, රටට දොස් කියන උගතුන්ට වඩා, කෙසේ හෝ වැඩ කිරීමට උත්සහ කරන අයගේ ප්‍රතිපල සාර්ථක වන බවට හොදම උදාහරණයක් ලෙස මේ තාක්ෂණ හුවමාරුව සැළකිය හැකියි. (නි)
ස්වභාව ධර්මය වෙනස් කරන්න අපිට පුලුවන් වේවිද? (නි)
අයියෝ සල්ලි
අපි ස්වභාව ධර්මය ජය ගන්න ඕනි .(ස)
කැනේඩියානු ලාංකිකයන්ට අපේ උපහාරය! (නි)