විස්සයි විස්සේ ක‍්‍රිකට් හෙවත් ටී ටුවෙන්ටි ක‍්‍රිකට් යනු සමස්ථ ක‍්‍රිකට් ක‍්‍රීඩාවට අසීමිත වින්දනයක් ගෙනදෙන තරඟ රටාවකි. මෙය ක‍්‍රීඩාවකට එහා ගිය සැණකෙළියක් යැයි බොහෝ විචාරකයෝ හඳුන්වා දෙති. මෙම තරඟ රටාව නිසා වින්දනය ලබන්නේ ක‍්‍රීඩකයින් පමණක් නොව, නරඹන්නෝද වීම එහි ඇති අරුමයයි. එහෙත් මෙහි වඩාත් සුබදායී මෙන්ම ඵලදායී වටිනාකම ලබන්නේ ක‍්‍රීඩකයෝය. ඒ වෙන කිසිවක් නිසා නොව මෙම තරඟ සඳහා සහභාගීවීමෙන් ලබන අසීමිත ධනස්කන්ධය නිසාය. මේ ධන ගංගාව සහිත ක‍්‍රිකට් සැණකෙළිය බිහි කළේ අසල්වැසි ඉන්දියාව බව ක‍්‍රිකට් ලෝකය දනී. ඒ අයි පී එල් හෙවත් ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලිය වෙතිනි.
අද ක‍්‍රිකට් පවතින ඕනෑම රටක, ඕනෑම ක‍්‍රීඩකයකුගේ සිහිනය වන්නේ මෙම ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරඟ සඳහා ක‍්‍රීඩා කිරීමට වරම් ලබා ගැනීමය. තම රට නියෝජනය කිරීම ඕනෑම ක‍්‍රීඩකයකුගේ පරමාර්ථය විය යුතු වුවද, ඒ ඕනෑම ක‍්‍රීඩකයකුගේ යටි හිතේ ඇති සිහිනය සමහරවිට මෙය විය හැකිය. නමුත් ඒ සඳහා වරම් ලබාගත හැකි වන්නේ අතළොස්සකට පමණි. ක‍්‍රිකට් ක‍්‍රීඩා කිරීමට පමණක් නොව අසීමිත ධනස්කන්ධයකට එක්වර උරුමකම් කීම ඒ සිහිනයේ යථාර්ථයම වෙයි. එමෙන්ම මේ සඳහා කණ්ඩායමක් ලෙස ක‍්‍රීඩා කිරීමට නොලැබුණද කණ්ඩායමට තෝරා ගැනීම ක‍්‍රීඩකයකු ලබන මහත් වාසනාවක්ම වෙයි. එම වාසනාවට මෙවරත් ශ්‍රී ලාංකීය ක‍්‍රීඩකයෝ කීපදෙනෙකු වරම් ලබා සිටිති. තවත් බොහෝ දෙනෙකුට ඒ අවස්ථාව ලැබුණේද නැත.
මේ සියල්ල සිදුවන්නේ කෙසේද? නොඑසේ නම් ඉන්දීය ප‍්‍රිමියර් ලීග් නමැති මහා ධනස්කන්ධය ක‍්‍රීඩකයින් අතරට ගලා යන තරගාවලිය සඳහා ක‍්‍රීඩකයකු හට අවස්ථාව ලැබෙන්නේ කෙසේද?
ඒ සඳහා ක‍්‍රීඩකයකු වෙන්දේසි විය යුතුය. මෙම වෙන්දේසිය සිදුවන්නේ කෙසේද?
ඒ සඳහා ක‍්‍රීඩකයකු ඉදිරිපත් වන්නේ කවරාකාරයෙන්ද?
ඒ ගැන සහ විස්සයි විස්සේ ක‍්‍රිකට් සමස්ථ ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ජීව ගුණයට යහපැවැත්මට ගෙනදෙන බලපෑම සහ යහපත කුමක්ද යන්න ගැනත් අද අපි විමසුම් කර බලමු.
සාමාන්‍යයෙන් වෙන්දේසියක කටයුතු සිදුවෙන විදිය ගැන ඔබට අමුතුවෙන් විස්තර කළ යුතු නැත. ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් වෙන්දේසි වන්නේද ඒ සාමාන්‍ය ක‍්‍රමයට අනුව ලංසු තැබීම මගිනි. එම ලංසු තැබීමට පෙර අයි පී එල් සංවිධායකයන් විසින් අදාළ රටේ ක‍්‍රිකට් ආයතනය වෙතින් ලැයිස්තුවක් ලබාගනී. එම ලැයිස්තුවට බොහෝවිට ඇතුළත් වන්නේ එම රටේ ක‍්‍රිකට් ආයතනය සමග කොන්ත‍්‍රාත් පදනමට ගිවිසුම් ලබා සිටින ක‍්‍රීඩකයින්ය. ඊට අමතරව අයි පී එල් සංවිධායකයන්ගේ මනාපය පරිදි ඉහත කී කොන්ත‍්‍රාත් පදනම යටතේ නැති ක‍්‍රීඩකයන් පවා නම් කෙරේ. (අයි පී එල් සංවිධායකයෝ වෙතින්)
එලෙසින් තෝරා ගන්නා ක‍්‍රීඩකයන් මෙන්ම කොන්ත‍්‍රාත් පදනම මත නැතහොත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සමග ගිවිස ගෙන සිටින ක‍්‍රීඩකයන් (ගිවිසුම් ලබා සිටින* යන සියල්ලෝම ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් අවසර ගත යුතු බව එම ආයතනය සඳහන් කරයි. මූලික කටයුතු එසේ වුවද මෙම අයි පී එල් වෙන්දේසිය සඳහා ක‍්‍රීඩකයින් වෙනුවෙන් මිලක් නියම කිරීම මෙන්ම ක‍්‍රීඩකයා වෙනුවෙන් ඉදිරිපත් වීමට කළමණාකරුවෝ සිටිති. එම කළමණාකරු පත්කරගෙන ඇත්තේ සහ පත්වන්නේ ක‍්‍රීඩකයාගේ මනාපය පරිදිය. එය සුපිරි ක‍්‍රීඩක සංකල්පය මත ඇතිවූවකි. ඒ අනුව අයදුම්පත් යොමු කිරීමෙන් අනතුරුව තමන් අපේක්ෂා කරන මිලද සඳහන් කොට යැවීමට සිදුවෙයි.
සූක්ෂම කළමණාකරුවකු සිටීමෙන් ක‍්‍රීඩකයකුට මේ කටයුතු වඩාත් පහසුකර ගත හැකිය. එවිට අනවශ්‍ය පීඩනයක් හෝ බාහිර කිසිවකට මුහුණදීමට ක‍්‍රීඩකයාට සිදුවන්නේ නැත. මෙලෙසින් වෙන්දේසිය සඳහා තමන් අපේක්ෂා කරන අවම මුදල දන්වා යැවීමෙන් අනතුරුව වෙන්දේසිය සිදුවීමේදී විවිධ කණ්ඩායම් බාර ප‍්‍රධානීන් විසින් වටිනාකම ඔසවා තැබීම කරනු ලබයි. අවසාන මිල තීරණය වී අදාළ කණ්ඩායමට ක‍්‍රීඩකයකු ඇතුළත් වන්නේ ඒ අනුවය. එහිදී තමා අපේක්ෂා කළ අවම මිල ඩොලර් ලක්ෂයක් නම් ඊට වඩා කීප ගුණයක ඉහළ වටිනාකමට ක‍්‍රීඩකයකු වෙන්දේසිවන අවස්ථා බොහෝය.
උදාහරණයකට අපි අජන්ත මෙන්ඩිස් හට ලැබුණු වටිනාකම දෙස බලමු. ඔහු මූලිකව අපේක්ෂා කළේ ඩොලර් ලක්ෂයක මුදලක් නම් ඔහු වෙන්දේසියේදී ඩොලර් 725,000 ක (ඩොලර් හත්ලක්ෂ විසිපන්දහසකට) මුදලකට පූනේ වොරියර්ස් කණ්ඩායම විසින් මෙවර වෙන්දේසියේදී මිලදී ගනු ලැබ ඇත. එය මෙවර (2013) අයි පී එල් ක‍්‍රීඩකයකුට ලැබුණු දෙවැනි ඉහළම වටිනාකමය. මෙලෙසින් වෙන්දේසියේදී එක් එක් කණ්ඩායම් විසින් තෝරාගනු ලැබූ ක‍්‍රීඩකයන්ට ලැබෙන මෙම මුදලින් සියයට දහයක (10%) පමණ කොමිස් මුදල තම කළමණාකරු වෙත ලබා දිය යුතුය. එය ක‍්‍රීඩක සහ තමාගේ කළමණාකරු අතර පවතින සබඳතා මත ඊට වඩා ඉහළ වීමටද පුළුවන. කෙසේ වෙතත් අයි පී එල් ක‍්‍රිකට් සැණකෙළිය සඳහා ක‍්‍රීඩකයන් වෙන්දේසි වන්නේ ඉහත සඳහන් කළ අයුරිනි.
මෙවර (2013) අයි පී එල් තරඟය සඳහා මීට පෙර තරඟාවලි නියෝජනය කරන ලද ක‍්‍රීඩකයින් සංවිධායක කැමැත්ත මත තම කණ්ඩායම් නියෝජනය කිරීම තවදුරටත් සිදුවෙයි. ඒ අතර සමහර අයට තවදුරටත් අවස්ථා නොලැබී යාමටද ඉඩ ඇත. කෙසේ හෝ මෙවර වෙන්දේසියේදී අයි පී එල් නියෝජනය සඳහා විදේශීය ක‍්‍රීඩකයන් (අලූතින්) තිස් හත්දෙනකුට පමණ අවස්ථා ලැබී ඇත. මෙවර වටිනාකම ලද ලැයිස්තුවේ පස්වැනි ස්ථානය ලබා ඇත්තේ තිසර පෙරේරාය. සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඩොලර් හය ලක්ෂ හැත්තෑපන් දහසකට (675,000) ඔහු මිලදී ගෙන ඇත. දිල්ලි කණ්ඩායම විසින් ජීවන් මෙන්ඩිස් ඩොලර් පනස්දහසකටත් (29 ස්ථානය) චෙන්නායි සුපර් කිංග්ස් විසින් අකිල ධනංජය ඩොලර් විසිදහසකටත් (35 වැනි ස්ථානය) රාජස්ථාන් රෝයල් කණ්ඩායම විසින් කුසල් ජනිත් පෙරේරා ඩොලර් විසිදහසකට (37 ස්ථානය) මිලදී ගනුලැබ ඇති අනෙකුත් ශ්‍රී ලාංකීය ක‍්‍රීඩකයින්ය. මෙවර ඉහළම වටිනාකමක් ලද ක‍්‍රීඩකයා වන්නේ ඔස්ටේ‍්‍රලියාවේ ග්ලෙන් මැක්ස්වෙල්ය. මුම්බායි ඉන්දියන් කණ්ඩායම ඔහු මිලදී ගෙන ඇත්තේ ඩොලර් මිලියනයකටය.
මේ වැනි වාර්තාවකට මීට පෙර අපේ මහේලද ඊට ආසන්නයට ගිය මිලකට සනත්ද අලෙවි වී ඇත. මෙවර අයදුම් කළ ක‍්‍රීඩකයන් අතර අපේ අලෙවි නොවූ ක‍්‍රීඩකයන් වන්නේ උපුල් තරංග (අපේක්ෂා කළ අවම මිල ඩොලර් ලක්ෂයකි) රංගන හේරත් (ඩොලර් ලක්ෂයකි) මහරූෆ්, රන්දීව් සහ ප‍්‍රසන්න ජයවර්ධන (ඩොලර් පනස් දහසකි) කෞෂාල් සිල්වා (ඩොලර් විසිදහසකට) සහ දිනේෂ් චන්දිමාල් (ඩොලර් ලක්ෂයකි) යන ක‍්‍රීඩකයෝය.
ප‍්‍රවීණ ක‍්‍රිකට් විචාරකයන් පෙන්වා දෙන පරිදි විස්සයි විස්සේ ක‍්‍රිකට් යනු ක‍්‍රීඩාවක යහගුණය රැඳි රිද්මයක් නොවේ. නමුදු ඇල්මැරුණු ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ පැවැත්ම සඳහා ආදේශ වූ උද්යෝගීමත් ප‍්‍රවණතාවකි. විනෝදකාමීත්වය, ආකර්ශනය රැගත් මෙය ප‍්‍රදර්ශනාත්මක සූදුවක් ලෙසද සමහර විචාරකයෝ හඳුන්වති.
ක‍්‍රිකට් ක‍්‍රීඩාව විටෙක ජීවිතය මෙනි. ඒ ජීවිතයේ හැඩතල වලට සමාන වන්නේ ටෙස්ට් ක‍්‍රිකට්ය. එය අතිශය දුෂ්කර ඉලක්කයකි. ටෙස්ට් තරඟයක් ජය ගැනීම සඳහා මානසික ශක්තිය, කායික ශක්තිය පමණක් නොව යහපත් දැක්මද තිබිය යුතුය. ආත්ම ශක්තිය මෙන්ම ඉවසීමේ ගුණය ඉතා ප‍්‍රබලව දැරිය යුතුය. නමුදු ටීටුවෙන්ටි යනු බොහෝ විචාරකයන් හඳුන්වාදෙන විදියට ඒ කිසිවකින් තොර ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් මෙනි. ආ විගස හෙණ ප‍්‍රහාර එල්ල කොට ඒ විගසින්ම යන්නට යයි. ටෙස්ට් ක‍්‍රිකට් යනු සංග‍්‍රාමයකි. ඒ සංග‍්‍රාමයට යාමට පෙර බොහෝ දේ පුරුදු පුහුණු කළ යුතුය. පුරුදු විය යුතුය. එහෙත් ටී ටුවෙන්ටි යනු එකී ගුණාංග සියල්ල වනසා දමන ප‍්‍රදර්ශනාත්මක දෙයක් පමණක් බව විචාරක මතය වේ. මේ නිසා ක‍්‍රීඩාවකින් ලබන යහගුණය වෙනුවට මමත්වය ආත්මාර්ථකාමී බව ක‍්‍රීඩාවට මුසු කරවන බවද සඳහන් කළ හැකිය. මෙකී සියල්ල පදනම් වී ඇත්තේ මේ නිසා ලබන සහ ලැබෙන මහා මුදල් සම්භාරය නිසාය.
ටීටුවෙන්ටි ක‍්‍රිකට් රිද්මයේ ස්වභාවය එය වුවද ක‍්‍රීඩකයකු ලබන අසීමිත වටිනාකමට ක්‍රෝධ කිරීම, වෛර කිරීම හෝ අයහපත් ලෙස විවේචනය කිරීම නම් කිසි විටෙක කළ යුතු දෙයක් නොවන්නේය. එලෙසින් අපේ ක‍්‍රීඩකයන්ට වටිනාකමක් ලැබීම ගැන අප අවංකවම හදවතින්ම සතුටු විය යුතුය. ඒ හැරත් දක්ෂයාට වෛර නොකළ යුතුය. එහෙත් අපේ බොහෝදෙනා කරන්නේ ටීටුවෙන්ටි නිසා ලබන මුදල් සම්භාරය නිසා ක‍්‍රීඩකයින්ට වෛර කිරීමය. එය දියුණුවෙමින් පවතින රටක කුහක ප‍්‍රතිපත්තියක් විය හැකිය. එහෙත් මේ ක‍්‍රීඩකයින් රටට ගෙනෙන විදේශ විනිමය රටේ සංවර්ධනයට මෙන්ම පුද්ගල ආර්ථික සංවර්ධනයට විශාල මාවතක් සකසන්නේය. උපුල් තරංග, දිනේෂ් චන්දිමාල් වැනි ක‍්‍රීඩකයන්ගේ නිවාස සුනාමියට හසුව සුනු විසුණු වී ගියේය. එහෙත් එවැනි ක‍්‍රීඩකයන්ට මෙවැනි දේ නිසා වටිනාකමක් ලැබෙන්නේ නම් එය සමාජ සංවර්ධනයකි. අකිල ධනංජය නමැති බෙහෙවින් සාමාන්‍ය පංතියේ ක‍්‍රීඩකයකුටද මෙවර රුපියල් ලක්ෂ තිහක පමණ ලංසුවක් ලැබී තිබේ. ඒ ගැන සැබැවින්ම ආඩම්බර විය යුතුමය. එසේ නම්, ඒ සියල්ල යහපත් දේ නම් තවත් අයහපත් දේ කුමක්ද?
බොහෝ විචාරකයින් පෙන්වා දෙන පරිදි රටක් නියෝජනය කරන ක‍්‍රීඩකයින්, පෞද්ගලික කළමණාකරුවන් යටතේ සියලූ කටයුතු කිරීමට යාම අතිශයින්ම පිරිහීමට කරුණකි. මක් නිසාද යත් පෞද්ගලික කළමණාකරු කියන පදයට නටන්නට වීම ක‍්‍රීඩකයකු තම දක්ෂතාව පාවා දීමක් වැනිය. එනිසා ක‍්‍රීඩකයා විකිණීමට වෙර දැරීම මිස යහ ගුණය ගලා නොයන බව ප‍්‍රකාශ කළ හැකිය. මෙලෙසින් පෞද්ගලික කළමණාකරුගේ මෙහෙයවීම අනවශ්‍ය පරිදි සිදුවීම නිසා ජාතික කණ්ඩායමක ක‍්‍රීඩකයින් තේරීමේදී බොහෝ ගැටලූ මෙන්ම ප‍්‍රශ්න ඇතිවීම ස්වභාවයකි. ක‍්‍රීඩකයා බාල නොකොට, දක්ෂතාව පහත නොදමා රැක ගැනීම පමණක් කළමණාකරු කළ යුතු අතර, ක‍්‍රීඩකයා අලෙවි භාණ්ඩයක් වීමට අවකාශය නොතැබිය යුතුය.
ඇතැම් විචාරකයන් මෙම ටී ටුවෙන්ටි ක‍්‍රිකට් හඳුන්වන්නේ වසංගතයක් ලෙසය. නමුත් අයහපත් දැක්මෙන් දකින කෙනාට සියල්ල පෙනෙන්නේ දෘෂ්‍ය වන්නේ වසංගතයක් මෙනි. අයහපතක් මෙනි.
අද සමස්ත ක‍්‍රිකට් ක‍්‍රීඩාවම ඉන්දියානුකරණය වී හමාරය. එය පැහැදිලි සත්‍යයකි. මේ ටීටුවෙන්ටි නිසා අද වැඩිපුරම හානිය සිදුකර ගෙන ඇත්තේද ඉන්දියාවය. මෙවර ලෝක කුසලානය දිනූ ඉන්දියාව පසුගියදා එංගලන්තය සමග පැවැති ටෙස්ට් තරගාවලිය පරාජය වූයේය. ඊට පෙර එලෙසින්ම දකුණු අප‍්‍රිකාවටද පරාජය වූයේය. එක්දින තරඟ රටාවද පහත වැටී ඇත. ඔවුන් කැපූ ටී ටුවෙන්ටි වළ නිසා මේ සියල්ල සිදුවී ඇතැයි එරට ප‍්‍රවීණ ක‍්‍රීඩකයෝම පවසති. එංගලන්තය මහා ඉන්දියාවේ ගෙදරටම ඇවිත් කණට ගසා යන්නාක් මෙන් ටෙස්ට් තරගාවලි ජයගෙන යන්නට ගියේය. ටීටුවෙන්ටි ඉන්දියාවට පාරා වළල්ලක් වී ඇත්තේ එවැනි පරාජයක් සමගය. නමුත් අද ඔවුනට එයින් ගැලවීමක් නැත. ඔවුනට මෙන්ම පුංචි ශ්‍රී ලංකාවටද ඔස්ටේ‍්‍රලියාව වැනි දියුණු ක‍්‍රිකට් ගහන රටවලටද අයි පී එල් නිසා ගැලවීමක් නැත.
ඉන්දියාවේ මහා ධනස්කන්ධය සමග අපට හැප්පීමට පුළුවන්කමක්ද නැත. එසේ නම් කළ යුත්තේ එක්කෝ අප ටීටුවෙන්ටි වලින් වර්ජනය කිරීමටය. එය කිසිදාක කළ නොහැකිය. විදේශ විනිමයද අපට අත්‍යාවශ්‍යය. මෙනයින් බලන කළ මෙය පැටළුණ නූල් පන්දුවක් මෙනි. නමුත් අප කළ යුතු වන්නේ අපට ගත හැකි හොඳ දේ ගැනීම පමණි. ටීටුවෙන්ටි වෙත වෛර නොකොට අපේ යහපත පිණිස සියල්ල හරවා ගැනීම පමණි.
බොහෝ විචාරකයන් පවසන තවත් දෙයක් වන්නේ ටීටුවෙන්ටි සඳහා ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩා කළ දක්ෂයින් හැර ඊයේ පෙරේදා පිටියට ආ නවකයින් ඊට යොමු නොකළ බවයි. එනිසා සදාචාරාත්මක සමාජයක් බිහිකළ නොහැකි බව ඔවුන්ගේ මතයයි. වෙසෙසින්ම පාසල් මට්ටමේ ක‍්‍රීඩකයින් ටීටුවෙන්ටි වෙත යොමු කරවීම (මුදලට) කිසිසේත්ම නුසුදුසුය යන්න ඔවුන්ගේ හැඟීමය.
ක‍්‍රීඩාව යනු රටක සමාජයක යහගුණය ඇති කරවන අපූරු දෙයකි. පාසල් මට්ටමේ සිට එය මුදලට මුසු කරවීම නිසා ආත්මාර්ථයෙන් යුතු සමාජයක් සහ මමත්වයෙන්, සම්පත් මත හඹායන අම්මා අප්පා නොහඳුනන සමාජයක් බිහිවන බවත් ඔවුන්ගේ මතය වෙයි. කෙසේ වෙතත් මෙකී කරුණු සියල්ලට සාපේක්ෂව අපට කළ හැකිව තිබෙන්නේ මෙකී සියල්ල අපේ යහපතට හරවා ගැනීමය. ඒ සඳහා යහපත් දැක්ම, සුබවාදී ආකල්ප බෙහෙවින් අත්‍යාවශ්‍ය වේ. ක‍්‍රමවත් වැඩ පිළිවෙලක්ද අත්‍යාවශ්‍යයය.
අපට දැනට ඉතිරිව ඇති එකම වටිනාම ක‍්‍රීඩාව වන්නේ ක‍්‍රිකට්ය. එයවත් රැක ගැනීමට නම් බලධාරීන් මේ සියල්ල වෙනුවෙන් ක‍්‍රමවත් වැඩ පිළිවෙලක් සකස් කළ යුතුය. අපේ ආධ්‍යාත්මය වූ ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ යහගුණය රැකෙන්නේ සහ ශ්‍රී ලංකාව නැවතත් ලෝක ශූරතාවය කරා ගෙන යා හැකි වන්නේ එවැනි වැඩ පිළිවෙලක් තිබුණොත් පමණකි.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ක්රිකට් ක්‍රීඩකයන් ක්‍රිකට් සැණකෙළියේ වෙන්දේසි වන හැටි
සදුකි Sunday, 10 February 2013 08:34 PM
ලෝකයේ අනෙකුත් ක්‍රීඩා සමග සසදන විට අයි.පී.එල් තුලින් පවා ක්‍රීඩකයන් ලබන මුදල ඉතා සොච්චමක්.(නදී)
කැලුම් Tuesday, 19 February 2013 01:49 AM
අයි.පී.එල්. නිසා ක්‍රීඩකයින්ට ලොකු ශක්තියක් ලැබෙනවා. (නි)
බණ්ඩා Tuesday, 19 February 2013 02:41 AM
කෝ අපේ "කොණ්ඩයා"? (නි)
ඉෂාර Saturday, 16 February 2013 10:51 AM
සදුනි, ඒ දවස්වල තමයි ඉරිසියාව රුසියාවට වඩා විශාල වුණේ. දැන් ආසියාවටත් වඩා විශාලයිද? (නි)
සුරංග Thursday, 14 February 2013 09:54 AM
ගොඩාක් ආඩම්බරයි. (නි)
චාමර Tuesday, 19 February 2013 10:50 PM
හැමදේම සල්ලි. ක්‍රිකටි උනත් එහෙමයි.(නදී)
චාමර Tuesday, 19 February 2013 10:53 PM
හැමදාම සල්ලි. ක්‍රිකට් වුණත් එහෙමයි. (නි)
පියල් Sunday, 17 February 2013 08:43 PM
අජන්තගේ වටිනාකම අපේ අයට දැන්වත් තේරෙයිද මන්දා.(නදී)
රුක්මාල් Saturday, 16 February 2013 06:14 PM
දැන් හැමදේකටම සල්ලි තමයි. (නි)
ඉන්දික Saturday, 16 February 2013 04:17 AM
සදුනි, ඔයා හරි. (නි)
සරසි Wednesday, 13 February 2013 12:59 PM
සඳුනි මාර සල්ලිකාරයෙක්නේ (ස)
සදුනි Thursday, 14 February 2013 09:54 PM
ඒක ඇත්ත. ආසියාවට වැඩිය ඊර්ෂ්‍යාව ලොකුයිලුනේ. (නි)