‘‘කොවිඩ් 19’’ යනුවෙන් මේ නව වයිරස් රෝගය හැඳින්වූයේ මීට පෙර ලෝකයේ තිබූ ‘‘සාර්ස්’’ වර්ගයේම එකක් බැවිනි. ඇමෙරිකාව, යුරෝපය යන ගෝලීයකරණ මන්දිරයේ ඉහළ මහල්වල සිටි රටවල්වලට තවමත් මේ අර්බුදයෙන් ගැලවීමට නොහැකි මුත් එම මන්දිරයේ පහළ මහල්වල සිටි කුඩා රටවල් මෙයින් ගැලවී අනාගතය වෙත නව ගමන් අරඹා ඇත.
මේ ලිපිය සඳහා මූලාශ්‍ර ලෙස විවිධ රටවල විශ්වවිද්‍යාලවල කළ පර්ෙය්ෂණාත්මක වාර්තා සහ ට්‍රෙන්ඩ් වොචින් (Trend watching) සංවිධානයේ නවතම වාර්තාවල කරුණු කීපයක් අපටද ආදර්ශවත් කරුණු ලෙස ගත හැකි ආකාරයෙන් සකස් කර ඇත. ඒ අනුව වර්තමානයේ ඇතිවී තිබෙන වසංගතයත් සමග සිදුවී ඇති විපර්යාසය මීට වසර කීපයකට පෙර සිට බොහෝ වියතුන්, අනාගතවාදීන් දැක ඇති බවයි. ඒ පිළිබඳ විවිධ පතපොත පවා ලියැවී තිබණු බවට සාක්ෂි තිබේ. වර්තමානයේ ඇතිවී තිබෙන තත්ත්වයත් සමග ලෝකය නැවත සකස් වෙමින් (Redesigning) නව ශිෂ්ටාචාරයකට පිවිස ඇතැයි බොහෝ දෙනා පිළිගෙන ඇත්තාහ. ඒ පිළිබඳව ප්‍රබන්ධාත්මක හා යථාර්ථවාදී ග්‍රන්ථයක්වන 2014 දී සම්මානයකටද භාජන වූ ඇමෙරිකානු ලේඛකයකු වූ බෙන් ලර්නර්ගේ (Ben Lerner) “The wold rearranging it self” ග්‍රන්ථය ඉදිරියෙන් සිටී. නව කථිකාවකට පත්වී ඇති ඒ ඔස්සේ ඔහු පෙන්වා දෙන්නේ ලෝකය තමා විසින්ම නැවත සකස්වන තැනකට පත්ව ඇති ආකාරයයි.
මෙතෙක් ලෝකයේ මහත් උජාරුවෙන් කතා කළ ගෝලීයකරණ සංකල්පය නිර්ගෝලීය කරණය වන බවත් ඒ සංකල්පය ලෝක වාහනයේ පිටුපස ආසනයට තල්ලුවීඇති බවත් වර්තමානයේ දැකගත හැකි තත්තවයයි. වර්තමාන ලෝකය විවිධාකාරයෙන් හැඳින්වීමටද පටන්ගෙන ඇත. එහෙත් පොදු එකඟතාවකට පත් වචනයක් නැති නමුත් මිනිස්කම නැතහොත් මානවීයකත්වය මතුවෙමින් පවතින බව පෙනේ.
මේ තත්ත්වය ඇතිවීමට ප්‍රධාන හේතුව පසු නූතනත්වය ඉතිරි කර සිය අධිපරිභෝජනවාදී අධි සුඛෝපභෝගිත්වය හඹායන මිනිසා ඉතිරිකර යුගය මිය යාමයි. යුගයේ කථිකාව මිය යාමයි. කෙරෝනා ජය ගැනීමට හෝ පරාජය වීමට මේ මිනිසා හේතුවූ ආකාරය විවිධ රටවල් අනුගමනය කළ ක්‍රියාමාර්ග ඔස්සේ අපටද විවිධ පාඩම් කියාදී ඇත.
චීනයේ වෙළෙඳාම සමග ඍජුවම සම්බන්ධකම් පවත්වන වුහාන් පළාත ආසන්නයේ පිහිටි හොංකොං, තායිවාන්, වියටනාම්, මැලේෂියා යන රටවල්වලට කොරෝනා පාලනය කරගත හැකිවූයේ හා මරණ සංඛ්‍යාව අඩුකරගත හැකිවූයේ මෙසේය. ප්‍රථමයෙන්ම මේ රටවලට 2003 වර්ෂයේ බලපෑ ‘‘සාර්ස්’’ වයිරසයේ අත්දැකීම් මේ අවස්ථාවට ප්‍රයෝජනවත් විය.
ඒ අනුව ප්‍රථමයෙන්ම කළේ චීනයත් සමග කෙරුණු ගනුදෙනුවල දේශසීමා වසා දැමීමය. එසේම එරට වැසියාට මුඛ අාවරණ වැනි සෞඛ්‍ය පුරුදු කියා දියයුතු ඒවා නොවීය. සෑම රජයක්ම ඒ සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීමට අණකළ අතර රටවැසියාට ඇති අත්දැකීම් නිසා ඔවුන්ට බලහත්කාරයෙන් ඒවා පැටවිය යුතු නොමැති තරමට ‘‘මිනිසා’’ විනීත වී සිටියේය.
සිංගප්පූරුව නිවුමෝනියා, ඉන්ෆ්ලුවෙන්සා වැනි රෝගීන් හඳුනා ගැනීම මුලින්ම කළ අතර ඒ අය වෙන්කර තැබීමට ජනතාවට අණ කළේය. සියලුම පරීක්‍ෂණ (PCR) නොමිලේ කළ අතර ‘‘කොරෝනා’’ පිළිබඳ ප්‍රසිද්ධ විචාර සපුරා තහනම් කර ඒ පිළිබඳ දැඩි තීරණ ගනු ලැබීය. ජනාධිපති හා අගමැති සන්නිවේදන මාධ්‍ය උපරිමයෙන් යොදාගත් අතර මේ හැම රටකටම එකසේ බලපෑ ස්ථාන වූයේ තැබෑරුම්, කායවර්ධන මධ්‍යස්ථාන හා ආපනශාලාය. ඒවා මතුවටද අදාලවන ලෙස යළි විවෘත කිරීමට ඒ රටවලට අද හැකිවී තිබේ. මුලදී විදේශ රටවලින් එන සිසුන් පවා පැමිණීම නැවැත්වූ හොංකොංවල වර්තමානයේ ආපනශාලා ප්ලාස්ටික් බාධක (Plastic Barrier) වලින් වෙන්කර දුරස්ථභාවය රකින ආකාරයට සකස්කර ඒවා ආරම්භ කර ඇත. නවසීලන්තය වැනි රටවල සිනමාශාලාවල දුරස්ථ ආසන යළි සකස්කර ඒවාද ආරම්භ කර ඇත.
වෛද්‍යවරුන් හමුවන කාමර යනුවෙන් දුරස්ථ බව රකිමින් නැවත නිර්මාණය කර ඇත. බන්ධනාගාරවල තදබදය අඩුකෙරෙන නව ගොඩනැගිලි හා ඇති ගොඩනැගිලි නැවත සකස් කිරීම්වලට බඳුන් කොට ඇත.
මුලින්ම ලෝකයේ කෙරෝනා හමුවූ රට චීනය වූ අතර ඒ නිසා විශාල ජනගහනයක් රැක ගැනීමට නගර වසා දැමීම පමණක් නොව ක්‍රීඩා ඉසව්, කානිවල් වැනි අවස්ථා දැඩි නීතිරීති යටතේ නවතා දැමීය. අපට බාහිරව පෙනෙන චීනයේ කොරෝනා මර්දනය පිටුපස ඇති දැඩි නීතිරීති මගින්ම ඒ රට දෙවැනි තෙවැනි කොරෝනා රැල්ලෙන් මුදා ගත හැකිවී තිබේ.
රැකියා අහිමිවීම, තම මව් රටවලට පැමිණීමට නොහැකිව සිටින්නෝ ශ්‍රී ලාංකිකයෝ පමණක්ම නොවෙති. ඇමෙරිකාවේ පමණක් මිලියන 2 ක් රැකියා අහිමි වූවන් සිටින අතර තුර්කියේ පමණක් විදේශ රටවල් 59 ක රැකියාවේ නියුතු පිරිස් ගෙන්වාගත නොහැකිව බලා සිටී. ඇමෙරිකාව, එංගලන්තය ඉන්දියාව පමණක් නොව සෑම රටකම ජනතාව මෙසේ දේශසීමා වසා දැමීමට ලක්ව විවිධ රටවල සිරවී සිටිති. ඒ රටවලටද ගෙන්වාගත හැක්කේ ලෝක තත්ත්වයට සමගාමීව ඒ ඒ රටවල නීතිරීති ලිහිල්වන තරමටය. ඒනිසා මේ තත්ත්වය ශ්‍රී ලංකාවට පමණක්ම සිදුවී ඇති ආකාරයට ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරයවීම කනගාටුවට කරුණකි.
පාකිස්තානය හා ජපානය අනුගමනය කළේ තවත් වෙනස් ක්‍රමයකි. පාකිස්තානය ක්‍රම 3 ක් යටතේ කොරෝනා මර්දනය ආරම්භ කරන ලදි. පළමුවෙන්ම රජය සහ හමුදාව සමගත් ජනතාව හා හමුදාව සමගත් සම්බන්ධතා පාලමක් නිර්මාණය කළේය. එය NIC (National Coordination Committee, Civil military Cooperation) ලෙස හැඳින්වූ අතර ඒ මගින් රජය හා ජනතාව අතර නීතිගරුක බව රකිමින් වයිරසය මර්දනය කිරීමට වැඩපිළිවෙළක් සකස් කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියමයන්ට අනුකූලවය.
එසේම රටේ ආර්ථිකය රැක ගැනීම සඳහා රටම අගුලු දැමීම වෙනුවට රෝගීන් බහුල ප්‍රදේශ හදකලා හෝ අගුලු දැමීම ඔවුන් හැඳින්වූයෙ Smart lockdown නමිනි. තෙවැනි කාරණය සෑම රටකටම ආදර්ශයකි. එනම් රටේ පැවැති තත්ත්වය නිසා කඩා වැටෙන ආර්ථීකය පිළිබඳව ජනාධිපතිවරයා නියම තතු රටවැසියාට හෙළි කිරීමය. කොරෝනා රෝගයත් සමග ලොව සෑම රටක්මමෙන් පාකිස්තානයද ඍණ ආර්ථිකයකට පත්ව ඇතිබව විටින්විට රටවැසියාට ප්‍රකාශ කිරීම නිසා ඔවුන් කිසිවකුවත් රටේ අසීරු තත්ත්වය හමුවේ විරෝධතා දැක්වීමට පාරට බැස්සේ නැත.
භූතානයේ කිසිදු මරණයක් වාර්තා නොවූ බවත් රෝගීන් 87 ක් පමණක් වාර්තා වූ බවත් කියැවේ. ඉතා කුඩා රටක්වන එරට දේශීය ආර්ථීකය හා කෘෂි නිෂ්පාදන නිසා රටේ ජනතාව ජීවත්කරවිය හැකි තත්ත්වයක පවතී. එරට දරුවන්ට හා වැඩිහිටියන්ට MMR නමින් එන්නතක් විදීම නිසා නිවුමෝනියා වැනි තත්ත්වයකින් ඔවුන් ආරක්ෂාවන බවත් One Health – OH නමින් තවත් වැඩසටහනක් මගින් රටවැසියාට සමාන අයිතිවාසිකම් ලබාදීමත් නිසා ජනතාව හා රජය අතර ආරවුල් ඇතිවන්නේ නැත.
ඉන්දියාව, ඇමෙරිකාව හා ජර්මනිය වැනි රටවලට තවමත් රෝගය පාලනය කරගත නොහැක වී ඇත්තේ ඇයි? ජර්මනියේද යුධ හමුදාව ආරක්‍ෂක ස්ථානවල සේවයට යොදවා ඇති අතර ඇන්ජෙලා මාර්කේල්ද ඒ සඳහා විශේෂ දායකත්වයක් දක්වා ඇත. එසේම විශ්වවිද්‍යාවල ආචාර්යවරුන් මේ සඳහා පූර්ණ දායකත්වය දක්වා ඇත. එහෙත් ඇතැම් වාර්තාවල කරුණු අනුව එරට යුදෙව් ජනතාවට එතරම් සැලකිල්ලක් නොදැක්වීම පිළිබඳවද කියැවේ. එහෙත් එරට නව රැකියා සහ රැකියා ආරක්‍ෂාව සඳහා යුරෝ මිලියන ගණනක් වෙන්කර ඇති අතර ආර්ථිකයේ දායකත්වයට තාක්‍ෂණික යෝධයන්ගේ (Tech Giants) සහාය බලාපොරොත්තුවෙන් Digital Services Act, Digital markets Act යනුවෙන් නව පනත් දෙකක් සම්මත කර ඇත.
එමගින් බලාපොරොත්තු වන්නේ පරිගණක ක්‍රීඩා වැනි අංශ ජනප්‍රිය කරවීමයි. එහෙත් එවැනි පනත් ශ්‍රී ලංකාව වැනි රටකට කිසිසේත් යොදාගත නොහැකිය.
ඇමෙරිකාව හා ඉන්දියාව තවමත් සමාන ප්‍රශ්නවලට මුහුණපා ඇත. ෆෙඩරල් හෝ බෙදා පාලනය කරන ප්‍රාන්ත සහිත මේ දෙරටේම තවමත් පවතින උග්‍ර පැතිරීමට හේතුව මධ්‍ය සම්බන්ධීකරණයක් කරගත නොහැකිවීම බව කියැවේ. එක් ප්‍රාන්තයක කෙරෙන ප්‍රතිකාර ක්‍රමය අනෙකට වෙනස්ය. ඒ නිසා ප්‍රතිපත්ති තීරණ හා නියාමනය කිරීම අසීරු වී තිබේ. ඉන්දියාවේ සනීපාරක්‍ෂක සේවක හිඟය හා ජනතාවගේ නූගත්කම දිළිඳුකම බෙහෙවින් මීට හේතුවී තිබේ. ඒ නිසා සෑම ප්‍රතිකාරයක්ම සමග මානුෂිකත්වය වර්ධනය කරන ක්‍රමයක්ද ඊට සමගාමීව අනුගමනය කරන බව කියැවේ.
ඇමෙරිකානු වර්තාවලට අනුව එරට කෙතරම් හමුදාමය වශයෙන් හා ව්‍යවසාය මූලික ආර්ථිකයෙන් පොහොසත් යැයි කියුවද එසේ නොමැති බවට වාර්තාවේ. එසේම එරට පරීක්‍ෂණ කට්ටල හිඟය ආරක්‍ෂක නියාමන ප්‍රතිපත්තිවල දුර්වලකම මීට හේතුවී ඇති බව පෙන්වා දී තිබේ. එරට රජය සෞඛ්‍ය රක්‍ෂණය සඳහා සියයට 10 ක් පමණක් යොදවන බව කියැවේ.
මේ සියල්ලටම වඩා රැකියා පිළිබඳ ප්‍රශ්නයේදී ලොව රටවල් විවිධ දුෂ්කරතාවලට මුහුණ දී සිටී. ඒ නිසා නව රැකියා උත්පාදනයට හා තිබෙන රැකියාවල ආරක්‍ෂාව පිළිබඳ අන්තර්ජාතික කම්කරු සංවිධානය (ILO) රටවල් 188 ක් සඳහා නිර්ණායක කීපයක් හඳුන්වා දී තිබේ. අප වර්තමානයේ භාවිත කරන ගෙදර සිට රැකියාව කිරීමේ ක්‍රමය Tele working Act නමින් මේ සංවිධානය සම්මත කළේ 2010 දීය. එසේම නව රැකියා සඳහා සහන ණය ලබාදීම වැනි බැංකු කටයුතු බොහෝ රටවල් කරන අතර කැනඩාව 2023 වනතෙක් බැංකු පොලී ගෙවීම නවතා තිබේ. අන්තර්ජාතික කම්කරු සංවිධානය බොහෝ රටවල රැකියා ආරක්ෂා කිරීමට ආධාර කරන අතර තුර්කිය, ස්පාඤ්ඤය, ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය, බ්‍රසීලය ඊට අනුග්‍රහය දක්වා ඇත. එහෙත් ලොව නිදහස් හෝ ප්‍රජාතාන්ත්‍රික යැයි කියාගන්නා චීනය, කැනඩාව, බෙල්ජියම, ඇමෙරිකාව, එක්සත් රාජධානිය, රුසියාව, නෙදර්ලන්තය, ස්විට්සර්ලන්තය, ඔස්ට්‍රියාව, පෘතුගාලය, අයර්ලන්තය, ඊශ්‍රායලය, ඉන්දියාව රැකියා අහිමිවූවන් පිළිබඳ එතරම් තැකීමක් කරන්නේ නැත.
ශ්‍රී ලංකාව මෙන්ම තුර්කිය සෞඛ්‍ය පහසුකම් නොමිලේ ලබාදෙන අතර රැකියා අහිමිවූවන්ට ඩොලර් 170 ක් හා අඩු ආදායම් ලාභීන්ට ඩොලර් 150 ක් ගෙවනු ලැබේ. මේ සියල්ල සමග විවිධ රටවල් වෙනත් රටවල් සඳහා සෞඛ්‍ය උපකරණ ආදියෙන් උපකාර කිරීමට හා මිනිස්කම මතු කරමින් කටයුතු කරන තැනකට පත්වී ඇති බව පෙනෙන්නට තිබේ.
මේ අතර අධ්‍යාපනයේද වෙනස්කම් රැසක් ඇතිවී තිබේ. කුඩා දරුවන්ට Home Schooling යන සංකල්පය යටතේ ගෙදරදීම ඉගැන්වීම කරන අතර දුරස්ථ ක්‍රමයට හා ජාලගත ක්‍රමයට කෙරෙන අධ්‍යාපනයට අමතරව කුඩා කණ්ඩායම් ලෙස Learning Pod නමින් නව ක්‍රමයක් පරිගණක ආශ්‍රිතව ආරම්භ වී ඇත. රටවලට අදාල විදේශීය ප්‍රතිපත්ති සකස් කිරීම ඒ ඒ රටවලට අවශ්‍ය ආකාරයට කර ගැනීමටත් ද්වීපාර්ශ්වීය වෙනුවට බහු පාර්ශ්වීය ආර්ථික උපාය මාර්ග සෑම රටක්ම සමග ඇතිකර ගැනීමටත් පෙළඹී ඇත. එසේම New Internationl Order යනුවෙන් නව ජාත්‍යන්තර ප්‍රඥප්ති පවා සකස් වීම පවා ආරම්භවී ඇත. ලෝකයේ සෑම රටක්ම විදේශ ප්‍රතිපත්ති සකස් කිරීමේදී ඒ ඒ රටවල ස්වාධීනත්වය මත ඒවා සකස් කරමින් සිටී. මැරුණු පශ්චාත් නූතනත්වයත්, පිටුපස ආසනයට තල්ලුවූ ගෝලීයකරණයත්, යල්පැනගිය තාක්‍ෂණික මිනිස් සංකල්පයත් නූතන තාක්‍ෂණය බිහිකළ සුපිරි මිනිසාත් යට කරමින් නව මානවවාදී ලෝකයක් බිහිවෙමින් පවතී. එය නූතන ලෝකයේ පැවැති තත්ත්වය ඉක්මවා Post Human යනුවෙන් බිහිවන ආකාරයට කදිම උදාහරණ වනුයේ මුලින් සඳහන් කළ කුඩා රටවල්වලට කොරෝනා ජයගැනීමට හැකිවූ මේ සංකල්පයේ මිනිසකු බිහිවී ඇති බැවිනි. අප මතුකරගත යුත්තේ ඒ මිනිසාය.
(***)
ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොරෝනා උගන්වන පාඩම
Madhawa Lokusooriya Tuesday, 08 December 2020 04:50 PM
පරීක්ෂණ කට්ටල වල කිසිදු හිඟයක් නැත. රෝග ලක්ෂණ ඇති , නැති ඕනෑම අයෙකුට පරීක්ෂණ ඕනෑම වාර ගනනාවක් කර ගැනීමට සෑම තැනකම සපයා ඇත. තමන්ගේ වාහනයේ සිටම එම පරක්ෂණ කර ගත හැක. කොරෝනා වලින් විරකියාවක් නැත. තමන්ට රැකියාවෙන් ඉවත්ව දිට රක්ෂණ ක්‍රමය යටතේ වැටුපෙන් සියයට හැටක් නීතියනුකුල හිමි වන අතර ප්‍රාන්ත සහ ෆෙඩරල් රජය මගින් ලබා දෙන දීමනා සමග ලැබෙන මුළු මාසික දීමනාව වෙනදා ලැබෙන වැටුපට වඩා දෙගුණයකි. ඒ නිසා මිනිසුන් කැමැත්තෙන් විරැකියාව සඳහා කැමතිය. ඒ නිසා අද අමෙරිකාව තුල ආයතන සඳහා සේවකයන්ගේ හිඟයක් ඇති වී ඇත. රැකියා පුරප්පාඩු පිරවීමට ඒ ආයතන මගින් පැයට ගෙවන වැටුප සියයට විසි පහකින් ඉහල දමා ඇත. එත් සේවකයන්ගේ හිඟයක් ඇත. රජය මගින් අඩු අදායම් ලාභී පවුල් සඳහා ආහාර ලබා දේ . ගෙවල් කුලී නය වාරික අයකර ගැනීම සියල්ල තහනම් කොට ඇත. බදු සමා ලබා දී ඇත. ගෙවල් මිල ගණන් ඉහල ගොස් ඇත. කොරෝනා ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුව නමුත් රජය රටේ මුලික නීතියෙන් තහවුරු කර ඇත... මිනිසුන්ට ඇති යාම්ඊම් මුලික අයිතියට බාධා නැත.