සෞඛ්‍යාරක්ෂක ක්‍රම උල්ලංඝනය කරමින් ආසන සංඛ්‍යාවට වඩා වැඩිපුර මගීන් රැගෙන ගිය බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ 57ක ගමන් වාර අත්හිටුවා ඇතැයි බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය පවසන බව අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.
පෞද්ගලික බස් රථ සේවාව යනු සේවාවක් පමණක් නොව, ව්‍යාපාරයකි. ව්‍යාපාරයක අරමුණ ලාභ ලැබීමය. එසේ නොවුණහොත් ව්‍යාපාරය කඩා වැටේ. පෞද්ගලික බස් ව්‍යාපාරයටද එය එසේම වලංගුය. කොරෝනා මාරක වයිරසයේ බලපෑම එල්ල වූ දිනයේ සිට මේ දක්වා පෞද්ගලික බස් රථවලට සේවාවේ යෙදීමට සිදුවූයේ දහසක් දුෂ්කරතා මැදය. මාස ගණන් ඇඳිරි නීතිය පනවා තිබූ සමයේ බස් රථ හිමියන්ට සිදුවූයේ බස් රථ ගාල් කර තබා ගැනීමටය. බස් රථ සේවාව ඇතැම් විට ඔවුන්ගේ එකම ආදායම් මාර්ගය වූවා විය හැකිය.
බස් රථ ගාල් කර තිබුණ ද ඔවුන්ට මාසික ලීසිං වාරිකය ගෙවීමට සිදුවිය. ඒ සඳහා යම් සහන කාලයක් රජය ලබා දුන්නද එය ප්‍රමාණවත් නොවන බව ඇත්තකි. එම බස් රථ සේවාවෙන් යැපුණ පිරිස් ද බොහෝය. මේ සියල්ල සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව සත්‍යයකි. එහෙත් රටේ තත්ත්වය නොසලකා කටයුතු කළ නොහැකි බව එයටත් එපිටින් පිහිටි සත්‍යයකි.
මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව හතළිස් තුන්දහස ද ඉක්මවා ගියේය. මෙරටින් පළමු කොරෝනා ආසාදිතයා සොයා ගත් බවට ප්‍රවෘත්තිය වාර්තා වූ මොහොතේ මෙරට ජනයා තුළ ඇති වූ කම්පනය අමතක කළ නොහැකිය. එහෙත් මේ මොහොත වනවිට වයිරසය ආසාදනය වූ සංඛ්‍යාව හතළිස් තුන්දහස ඉක්මවා ගොස් තිබේ. මෙම සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් ද තිබේ. කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව ද දෙසීය ඉක්මවා ගොසිනි. මෙම තත්ත්වය කිසිවකු හෝ සැහැල්ලුවෙන් නොගත යුතුය.
බස් ප්‍රවාහනයට රජය අවසර දෙනු ලැබුවේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවලට යටත්ව එය කළ යුතු බවට කොන්දේසි පැමිණවීමෙනි. ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ප්‍රවාහනය කළ යුතු බවට වන කොන්දේසිය ඉන් ප්‍රධානය. එහෙත් බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කුමාර විජයරත්නායක මහතා ප්‍රකාශ කළේ සෞඛ්‍ය නීති කැඩූ බස් රථ 57ක ගමන් වාර අත්හිටුවීමට සිදුවූ බවය.
ඉකුත් නොවැම්බර් හා දෙසැම්බර් මාස දෙක තුළ ප්‍රවාහන අධිකාරියේ මාර්ග පරීක්ෂකවරුන් කොළඹ, කළුතර හා ගම්පහ යන දිස්ත්‍රික්ක තුනේ සිදු කළ පරීක්ෂණවලදී මෙම බස් රථ 57 අල්ලාගත් බවත්, මුල් අවස්ථාවේදී බස් රථ රියැදුරන්ට හා කොන්දොස්තරවරුන්ට තරයේ අවවාද කොට දින තුනකට පමණක් එම බස් රථවල ගමන් වාර අත්හිටුවා ඇති බවත්, බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා පැවසූ බව ද අප ප්‍රවෘත්තියේ වැඩිදුරටත් සඳහන්ය.
කොරෝනා මාරක වසංගතය පවතින තාක්කල් කිසිවකුට පැරණි හුරු පුරුදු ජීවන රටාවට යා නොහැකිය. තමන්ගේ ජීවිතයට ආදරය කරන්නේ නම් අන්‍යයන්ගේ ජීවත්වීමේ අයිතිය පිළිගන්නේ නම් තමා උපන් රටට ආදරය කරන්නේ නම් පුරවැසියා මේ මෙහොතේ යම් කැපකිරීමක්, පරිත්‍යාගයක් කළ යුතුය. එය යුතුකමකි. වගකීමකි. එසේ නොකරන්නේ නම් හෙට දිනයේදී අපට හමුවනු ඇත්තේ පරාජය, විනාශය හා මරණය පමණි.
පෞද්ගලික බස් රථ සේවාවලට අදාළව සෞඛ්‍යාරක්ෂිත ක්‍රම හඳුන්වා දෙනු ලැබුවේ එය මේ මොහොතේ අත්‍යවශ්‍ය හෙයිනි. බස් රථ වයිරසය රැගෙන යන්නකු, බෙදාහරින්නකු බවට පත් නොවිය යුතුය. වයිරසය වාහකයකු වීමේ සෑම මාර්ගයක්ම අහුරා බස් රථ සේවාව පවත්වාගෙන යා යුතුය. බස් හිමිකරුවන් මෙන්ම බස් රථ සේවකයන්ද මේ බව මනාව වටහාගත යුතුය.
බස් සේවාවට දඩ ගැසීම, ගමන් වාර අත්හිටුවීම වැනි දඬුවම් පැමිණවීම, ‘ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇනීමක්’ බඳුය. එහෙත් ගහෙන් නොවැටී සිටීමේ වගකීම බස් හිමිකරුවන්, බස් රථ සේවකයන් සතුය. කුමන හේතුවක් නිසා හෝ රටේ පවතින තත්ත්වය අවතක්සේරු කරමින්, රටේ පවතින තත්ත්වයට අභියෝග කරමින් වගකීම් විරහිතව යමකු ක්‍රියා කරන්නේ නම් නීතිය ක්‍රියාත්මක කිරීම හැර වෙනත් උත්තරයක් නැත.
වත්මන් ආණ්ඩුව පැති දෙකකින් අසාර්ථක බව මගේ තක්සේරුවයි. එකක් දේශපාලනික පැතිකඩයි. ජරාජීර්ණ වූ දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා අවශ්‍ය ව්‍යවස්ථානුකූල ප්
අමරපුර මහා නිකායේ ප්‍රථම උත්තරීතර මහනායක පදවිය උසුළන ලැබූවේ අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ හිමියන් වේ. අතිපූජ්‍ය දවුල්දෙන ඤාණිස්සර හිමියෝ දෙවෙනි උත්තරීත
නව පරපුරකට ජීවය ලබා දෙමින් මිනිස් පරපුරේ පැවත්ම තීරණය කරනු ලබන්නේ කාන්තාව විසිනි. තවත් විටෙකදී කාන්තාව යනු වච නයේ පරිසමාප්ත අර්ථයෙන්ම දරා ගැනීමේ සංතෙ
විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා පෙබරවාරි 25 වැනිදා එ.ජා. මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි ස්ථාවර සැසිවාරය ඇමතීය. එදිනම තරුණ පිරිසක් සමග පැවැති හමුවක දී
ආණ්ඩුවේ ජනප්‍රියත්වය කොතරම් අඩුවී ඇතිදැයි කිවහොත් සහ එය ආණ්ඩුවට ද කොතරම් දැනී ගොස් ඇතිදැයි සිතුවොත්, ජනාධිපති අනුර කුමාර මහතා දළදා ප්‍රදර්ශනයක් තැබී
අප රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව සමාජ කථිකාවක් හදිසියේ මතු වන්නේ පසුගිය සති කිහිපය තුළ නැවත ඉදිරියට පැමිණි සංවිධානාත්මක අපරාධ සිදුවීම් සමගිනි. විපක්‍ෂයේ
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
කොරෝනා උවදුර හමුවේ ගති පැවතුම්ද වෙනස් වෙන්න ඕනෑ
qatar sita Tuesday, 05 January 2021 07:02 AM
කෝවෙ දාලා මැකුවත්, ගති පැවතුම් වෙනස් කරන්න බැරි කොට්ඨාශයක් ඉන්නවා.
mahesh Friday, 08 January 2021 06:36 AM
අද අපි ආව බස් එකත් කට කපලා.. ගාණ නම් හරියටම ගත්තා.. කාට කියන්නද?