IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


කොරෝනා නැසීමේ අභියෝගය

මෙතෙක් පැවැති කොරෝනා වයිරසයේදී බොහෝ ආසාදිතයන්ට රෝග ලක්ෂණ පෙන්නුම් කළේවත් නැත. ඇතැමුන්ට රෝගය වැළඳුණත් කැස්සක් සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් හැරුණු විට සංකූලතා පෙන්නුම් කළේ නැත. මේ නිසා ආසාදිතයන් වාර්තා වුව ද ඒ ගැන පොදුවේ එතරම් කලබල වීමට හේතුවක් තිබුණේ නැත. එහෙත් මෙවර කොරෝනා ව්‍යාප්තියේදී අප දකින්නේ සපුරාම ඊට වෙනස් තත්ත්වයකි. කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රබේදය නිසා මෙසේ ශීඝ්‍ර ව්‍යාප්තියක් වූ බව දැනට අපට ඇති උපකල්පනයයි.

ඩෙල්ටා ප්‍රබේදයේ ඇති විශේෂත්වය නම් එයින් ආසාදිතයාගේ පෙණහලුවලට එල්ල කරන බලපෑම අධික වීමයි. ආසාදිතයන් සැලකිය යුතු පිරිසකට ඔක්සිජන් අවශ්‍ය වන්නේම එහෙයිනි. එහිදී තරුණ මහලු භේදයකින් තොරව ඔක්සිජන් සැපැයුමක් ඉල්ලා සිටින රෝගීන් දකින්නට ලැබේ. ඩෙල්ටා ප්‍රබේදයේ ශීඝ්‍ර පැතිර යාම ගැන අපට තිබූ හොඳම හා ආසන්නම නිදසුන නම් ඉන්දියාවයි. එනිසා පවතින තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා සාධාරණ බියක් ඇති කරගැනීමේ වරදක් නැත.මේ වනවිට අප දකින නරකම තත්ත්වය නම් සෞඛ්‍ය අංශයට අදාළව රෝහල්වල ධාරිතා ඉක්මවා යෑමයි. දැනටමත් ඇතැම් රෝහල්වල ධාරිතාව ඉක්මවා ගොස් ඇති බව පෙන්නුම් කෙරේ. විශේෂයෙන්ම රෝහල්වලට යොමු කරන කොරෝනා ආසාදිත රෝගීන්ගෙන් වැඩි පිරිසකට ඔක්සිජන් අවශ්‍ය තත්ත්වයක් ද අපට නිරීක්ෂණය වේ. මෙය සරලව සැලකිය හැකි තත්ත්වයක් නොවේ. බොහෝ දෙනා රෝහල්වල ධාරිතාව යැයි කී විට සිතන්නේ ඇඳන් සංඛ්‍යාව ගැනය. එහෙත් ධාරිතාව යනු ඉන් ඔබ්බට ගිය සංකීර්ණ ක්‍රියාවලියකි. උදාහරණයකට ඔක්සිජන් සැපැයුමක් ගතහොත් ඔක්සිජන් ටැංකි, ගබඩා කර ඇති ප්‍රමාණය මෙන්ම එය ලබාදීමට අවශ්‍ය සෙසු අංග උපාංග දැක්විය හැකිය.

 අප මුල සිටම ජනතාවට අවධාරණය කළේ ස්වයං සංචරණ සීමා පනවාගන්නා හැටියටය. මන්දයත් තමනුත් තමන්ගේ පවුලේ ආදරණීයයනුත් බේරා ගැනීමේ වගකීම සෑම පුරවැසියකු මතම පැටවෙන බැවිනි. සෞඛ්‍ය අංශය පැත්තෙන් ගතහොත් කොරෝනා මර්දනයට වඩා පහසුම මග වන්නේ රට වසා තැබීමත් සමග ප්‍රතිකාරවලට යොමු වීමය. එහෙත් රජයක් හැටියට සමස්තය ගැන සලකා ගන්නා තීරණ සම්බන්ධයෙන් අපට මතයක් පළ කළ නොහැකිය. ආණ්ඩුවකට කටයුතු කිරීමේදී සෞඛ්‍ය අංශය හැරුණුවිට ආර්ථිකය, පරිපාලනය, කෘෂිකර්මය ආදී අංශ ගණනාවක් ගැන සිතා තීන්දු ගැනීමට සිදු වේ. අනෙක් අතට ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ඇතුළු පාර්ශ්ව කළ ඉල්ලීම් හමුවේ සති කිහිපයක් දැඩි සංචරණ සීමා පැනවීමට ආණ්ඩුව පියවර ගත්තේය. එහෙත් මහජනතාවගේ පැත්තෙන් ඊට අප ඉල්ලීම් කළ බරින්ම සංවේදී වී යැයි කිව හැකි නොවේ. අප මේ ජනතාවට දෝෂාරෝපණය කරනවා නොවේ. එහෙත් පවතින යථාර්ථය තේරුම් ගැනීම මේ මොහොතේ ජනතාවගේ පැත්තෙන් අත්‍යවශ්‍යය. හුදු නීතිය තදින් ක්‍රියාත්මක කිරීමකින් පමණක් අපට මේ අභියෝගය ජයගත හැකි නොවේ. එය ප්‍රායෝගිකව කළ හැකි ද යන්නම ප්‍රශ්නකාරීය.

 නිදසුනකට නිරෝධායන නීති උල්ලංඝනය කරන්නන් දහස් ගණනින් පොලිසිය අත්අඩංගුවට ගත්තේ යැයි සිතමු. එසේ අත්අඩංගුවට ගත් තැනැත්තන් රඳවා තබාගැනීමටත් ඔවුන්ගේ වෙනත් අවශ්‍යතා ඉටුකිරීමටත් කොපමණ මානව හා භෞතික සම්පතක් අවශ්‍ය ද? අත්අඩංගුවට ගත්තත් එවැනි සැකකරුවන් පොලිස් ජිප් රථයක මීටරයක් දුරින් තබාගෙන ස්ථානගත කරන්නට බැරිය. අවසානයේදී පොලිස් නිලධාරීන් පවා මෙයින් සෞඛ්‍යමය වශයෙන් වැටෙන්නේ අමාරුවකය. ඉතින් මේ අනවශ්‍ය කරදරය. එසේ බලද්දී කොරෝනා මාරයා මර්දනය සඳහා සියලු වැර යොදා කටයුතු කරන පරිසරයක මෙවැනි අතිරේක කාරණා සම්බන්ධයෙන් සීමිත සම්පත් පවා යොදන්නට සිදුවීම කෙතරම් කනගාටුවට කරුණක් ද?

සැබැවින්ම රජය ජන ජීවිතය පවත්වාගෙන යමින් සමාජීය කටයුතු සඳහා ඉඩ දී තිබෙන්නේ කොන්දේසි සහිතවය. පූර්ණ සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරමින් ක්‍රියා කරන්නටය. එහෙත් ජනතාව ලැබූ අවස්ථාවේ ක්‍රියා කිරීමේදී අප දකින්නේ සෞඛ්‍යාරක්ෂිත පියවර සම්බන්ධයෙන් උනන්දු වන බවක් නොවේ. නිදසුනකට මංගල්‍ය උත්සවයක් පැවැත්වුවහොත් සහභාගිවන්නෝ මුව ආවරණ ගලවාගෙන එකිනෙකාට පහසුවෙන් නිරාවරණය වෙති. වෙළෙඳසල්වල පිවිසුමේ වෙනදා මෙන් අත් සේදීමේ ජල කරාම නැත. තිබුණත් මගීහු අත් සෝදන්නේ ද නැත. අත්‍යවශ්‍යම පියවරක් වූ සමාජ දුරස්ථභාවය තබා ගැනීම ගැන වගේ වගක් නැත. ඉතින් මේවා පුරවැසි වගකීමේ කොටස්ය. මේවාට සෞඛ්‍ය අංශවලට හෝ රජයකට කරන්නට දෙයක් නැත. නියාමනය කරන්නේ යැයි කියා පොලිසියට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට මේ සෑම තැනකම පස්සෙන් පන්නන්නට බැරිය. ඔවුන්ට එන්නත්කරණය ආදී වශයෙන් කොරෝනා මර්දනයට අදාළවම දහසකුත් රාජකාරි පැටවී තිබේ.

මියයාමේ ප්‍රතිශතය සියයට1.5ක සීමාවේ තිබීම ගැන වුව අප සැලකිලිමත් විය යුතුය. මේ ප්‍රතිශතය මේ මට්ටමින් හෝ පවත්වාගන්නේ සංකූලතා සහිත ආසාදිතයන්ට ඔක්සිජන් ලීටර් ගණනින් පොම්ප කරමිනි. ඉතින් කවරෙකු හෝ එය අවතක්සේරු කර ක්‍රියා කරන්නේ නම් එය දැන දැනම තත්ත්වය වරද්දා ගැනීමකි. සෞඛ්‍ය අංශ මහත් පරිශ්‍රමයක් දරමින් තත්ත්වය පාලනයට කටයුතු කරන අවස්ථාවේ පුරවැසි සමාජයෙන් නිසි සහාය නොලැබුණහොත් මේ දරාගැනීම දීර්ඝ කාලීනව කිරීම පහසු නැත. ඔක්සිජන් සපයන සමාගම් පවසන ආකාරයට දැනටත් සැපැයුම් තිබෙන්නේ උපරිම ධාරිතා මට්ටමේය. මේ සංඛ්‍යා දෙගුණයක් වුවහොත් තත්ත්වය බරපතළය. එහි ප්‍රතිඵලය මියයන පුද්ගල සංඛ්‍යාව වැඩි වීම බව අමුතුවෙන් කිව යුතු නැත.

අනෙක් අතට වාර්තා වන සංඛ්‍යා දත්ත යනු පවතින තත්ත්වයෙහි අවම ගණනය කිරීම් බව මහජනයා තේරුම් ගත යුතුය. උදාහරණයක් හැටියට දෛනික ආසාදිතයන් දෙදහසේ සීමාව යනු කරන පී.සී.ආර්. පරීක්ෂණවල අගයට සාපේක්ෂ ප්‍රතිඵලයකි. මීට පෙර පී.සී.ආර්. පරීක්ෂණ විසි දහස තිස් දහස කරද්දීත් මෙවැනි අගයක් තිබුණේය. එසේ නම් පී.සී.ආර්. පරීක්ෂණ අඩුවෙන් කරන අවස්ථාවක මේ අගයෙන් අප තේරුම්ගත යුත්තේ තත්ත්වය ඉතාම නරක අතට හැරී ඇති බවය. විශේෂයෙන්ම ඩෙල්ටා ප්‍රබේදය වේගයෙන් තවත් ආසාදිතයන් බිහිකරන තත්ත්වයකදී පෙර මෙන් කිහිප ගුණයකින් සමාජීය ආරක්ෂාව සලසා ගැනීම වැදගත් වේ. ආරම්භක අවධියේදී ආසාදිතයන් සංඛ්‍යාත්මකව අඩුවෙන් වාර්තා වෙද්දී ආශ්‍රිතයන් වැඩි වැඩියෙන් හඳුනා ගැනීම කෙරෙහි අවධානය යොමු කළේය. එහෙත් දැන් එය පහසු නැත. එක් ආසාදිතයකු හඳුනාගන්නා විට නොදන්නා ආසාදිතයන් දහ දෙනකු සිටිය හැකිය. මෙවැනි අවස්ථාවකදී පුද්ගලයන් හැටියට පුරවැසි වගකීමෙන් ක්‍රියා කිරීම අත්‍යවශ්‍යය.

 ඔබේ සෞඛ්‍ය තත්ත්වය ගැන හොඳින්ම දන්නා පුද්ගලයා ඔබයි. ඔබේ පවුලේ අයකු ඔබේ ආශ්‍රිතයකු ආසාදිතයකු වී ඇති නම් වහාම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැන්වීම ඔබේ යුතුකමකි. රාජකාරි බහුල මොහොතක ඔවුන්ගේ පැත්තෙන් යම් පමාවක් වුව ගත යුතු අත්‍යවශ්‍ය පියවර අනුගමනය කිරීම පුරවැසියකු හැටියට ඔබේ වගකීමයි. උදාහරණයක් හැටියට ඔබ විසින් සංවිධානය කරන ලද හෝ ඔබ සහභාගි වූ සාදයක යමකු ආසාදිතයකු වූ විගසම ඊට සහභාගිවූවන් සියලු දෙනාටම ස්වයං නිරෝධායනය වන හැටියට දැනුම්දීම ඔබේ වගකීමයි. නොඑසේව බලධාරියකු දැන්වුවහොත් පමණක් නිරෝධායනය වීමේ පිළිවෙතක පිහිටා කටයුතු කිරීම සමස්ත සමාජයම අමාරුවේ දමන වගකීම් විරහිත ක්‍රියාවකි. එපමණක් නොවේ. ඔබ එයින් ඔබේ ආදරණීයයන් ද විපතට හෙළන්නෙහිය.

තවත් වැදගත් කරුණක් නම් නිරෝධායනයේදී ප්‍රමුඛතාව දීමයි. කිසිදු ප්‍රමුඛතාවකින් තොරව සියලු ආසාදිතයන් රෝහල් කරා පැමිණියහොත් සිදුවන්නේ කෙටි කාලයක් ඇතුළත රෝහලේ ඇඳන් පිරී යාමය. එවිට සංකූලතා සහිත ආසාදිතයකුට වැඩි පහසුකම් සපයා ගැනීම ද දුෂ්කර වේ. ඇඳක් ලබාදීමෙන් පසු රෝගීන් ඒවායින් බැස්සවීම නිතර කළ හැකි දෙයක් නොවේ. දැනට ඇති නිරීක්ෂණය අනුව ඔක්සිජන් අවශ්‍ය වන තත්ත්වයක් තිබෙන්නේ ආසාදිතයන්ගෙන් සියයට15-20කට පමණය. දැඩිසත්කාර ප්‍රතිකාර අවශ්‍ය වන්නේ සියයට 5 කටත් අඩුවෙනි. ඉතින් මේ සංකූලතා සහිත ආසාදිතයන්ට වැඩි අවධානයක් දිය හැකි හොඳම මග වන්නේ රෝග ලක්ෂණ නොපෙන්වන සාමාන්‍ය මට්ටමේ ආසාදිතයන් නිවෙස් නිරෝධායනයට ලක්කිරීමය.

දැනට එසේ නිවෙස් නිරෝධායනයට යොමු කරන්නේ සංකූලතා නොපෙන්වන වයස අවුරුදු 2-65ත් අතර ආසාදිතයෝය. මෙසේ නිවෙසේදීම ප්‍රතිකාර ලැබීමට සුදුසු දැයි තීරණය කරනු ලබන්නේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසිනි. ආසාදිත පුද්ගලයා නිසි ලෙස පාලනය නොවූ දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘදයාබාධ, වකුගඩු රෝග හා පෙණහලු‍ ආශ්‍රිත රෝග ආදී කිසියම් තත්ත්වයකින් පෙළෙයි නම් හෝ ප්‍රතිශක්තිය හීන වන රෝග තත්ත්වයකින් පෙළෙන අයකු නම් හෝ ආදී තත්ත්ව මත නිවෙස් නිරෝධායනය අනුමත නොකෙරෙනු ඇත. මීට අමතරව නිවෙසේ සාමාජිකයන්ගෙන් වෙන්ව සිටීමට වෙනම කාමරයක් හා වැසිකිළි පහසුකම් තිබේ ද යන්නත් අවශ්‍ය වෛද්‍ය උපදෙස් හා උපකාර ලබාගැනීමට හැකි පරිදි සන්නිවේදන හැකියාව සහ පහසුකම් තිබේ ද යන්නත් මෙහිදී සොයා බැලේ. එමෙන්ම ආසාදිතයා රැකබලා ගැනීමේ කටයුතු සඳහා නිවෙසේ සිටින සෙසු සාමාජිකයකුට හෝ අදාළ ආසාදිතයාටම හැකියාවක් තිබේ ද කියාත් විමැසේ. එසේ තෝරාගත් ආසාදිතයන් නිවෙස්ගත ප්‍රතිකාර කිරීමේ පද්ධතිය නම් ව්‍යුහයට ඇතුළත් කෙරෙන අතර හදිසි දුරකතන ඇමතුම් 1390 අංකය ඔස්සේ ඇමතීමෙන් ඕනෑම මොහොතක ඔවුන්ට වෛද්‍යාධාර ලබාගත හැකිය. මීට අමතරව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය හැටියට අපිත් එවැනි හදිසි දුරකතන ඇමතුම් අංකයක් කඩිනමින් හඳුන්වා දීමට කටයුතු සැලසුම් කර ඇත.

එන්නත්කරණය මේ වනවිට රටේ ප්‍රශස්ත මට්ටමින් සිදුවෙමින් තිබේ. එහෙත් පුද්ගලයකුගේ ප්‍රතිශක්තිය වැඩෙන තැනට එන්නට නම් දෙවැනි එන්නත ද දී මාසයක්වත් ගත විය යුතුය. සැලකිය යුතු පිරිසකට එන්නත් කර අවසන් වීමට සැප්තැම්බර් මාසය ආරම්භය දක්වා කල්ගත විය හැකි යැයි අපි උපකල්පනය කරමු. එසේ නම් එන්නත්කරණයෙන් සෑදෙන ප්‍රතිශක්තියෙන් වැඩක් ගැනීමටත් ඔක්තෝබර් දක්වාවත් අප ආරක්ෂා වී සිටිය යුතුය. ඉතින් මේ කාලයේදී නැවත නැවතත් අවධාරණය කරන්නට ඇත්තේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද හා සංචරණ සීමා ස්වයංව අනුගමනය හැර අන් විකල්පයක් නැති බවය.

තුන් වැනි එන්නතකට යොමුවීමක් අවශ්‍ය වන්නේ එන්නත් දෙකම ලබාදීමෙන් පසුව වයිරසයට එරෙහිව ප්‍රතිදේහ නිපදවන කාලය හා ශඛ්‍යතාව අනුවය. එංගලන්තය සිය වැසියන්ට තුන් වැනි එන්නතක් කරා යොමු වූයේ එසේය. එය ලංකාවට අදාළව කෙසේ වේ ද යන්න කිව හැක්කේ නිශ්චිත පරීක්ෂණ අනුවය. ලංකාවේ කෙරුණු එක් පර්ෙ‌ය්ෂණයකින් හෙළි වී තිබුණේ ඩෙල්ටා ප්‍රබේදය හමුවේ සයිනොෆාම් වැක්සීනය හොඳින් ප්‍රතිදේහ නිපදවන බවය. එය පොදු යථාර්ථයක් වුවහොත් වාසනාවන්ත තත්ත්වයකි. කෙසේ වෙතෙත් එවැන්නක් ගැන නිශ්චිතව කරුණු කිව හැක්කේ අදාළ පර්​ෙ‌ය්ෂණවලින් පසුව එහි නිරත වූ ප්‍රාමාණිකයන්ටය. ඇත්ත වශයෙන්ම දැනටත් අප සිටින්නේ කොරෝනා වයිරසයේ භයානකම තත්ත්වයට මුහුණ දී නොවේ. තවමත් අපි මහමග යනෙන අතර ආසාදිතයන් මැරී වැටෙන තත්ත්වයක් දකින්නේ නැත. සරලවම කිව්වොත් අපි තවමත් ඉන්දියාවේ තත්ත්වයට ළඟා වී නැත. සෞඛ්‍ය අංශ සිය උපරිම ශක්තිය යොදා වයිරසයට එරෙහිව සටන් කරමින් සිටී. අප ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ වගකීම් සහිත වීමෙන් මේ සතුරා පරාජය කිරීමට සහාය දක්වන්නැයි කියාය. කොරෝනා යනු ජාතික ව්‍යසනයකි. එය හුදෙක් එක් පාර්ශ්වයකට පමණක් බර දී කළ හැකි සටනක් නොවේ. එහෙත් අවාසනාවකට මෙන් තවමත් පොදු ජනතාව මෙහි බැරෑරුම්භාවය වටහාගෙන ඇති බවක් අපට දකින්නට නැත.


(*** සංවාද සටහන - බිඟුන් මේනක ගමගේ)



අදහස් (2)

කොරෝනා නැසීමේ අභියෝගය

මැක්ස් Wednesday, 11 August 2021 11:20 PM

ඉතාම කාලෝචිත ලිපියක්... දේශපාලකයින් මෙන් "ජනතාව" නලවමින් නොසිට බැට දිය යුතු තැනදී ඔවුන්ට බැට දී ඇත. සුව මාර්ගෝපදේශ තඹේකට මායිම් නොකරන මිනිසුන් සමග මොන වසංගත මට්ටු කිරීමක්ද?

:       0       0

සමන් Thursday, 12 August 2021 04:05 PM

සම්පූර්ණ ලිපිය පුරා දක්වා ඇති අදහස් ඒක් වෛද්‍ය ක්‍රමයක් මත පමණක් පදනම්ව ඇත. සියළු ජනමාධ්‍ය ද ඒ් ඔස්සේ යයි. සියල්ලෝම පොදු ජනතාවට දොෂාරෝපණය කරයි. මහපොළොවේ පය නොතබන මොවුන්න දෙස ජතාව විමතියෙන් බලා සීටී.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 714 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 346 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 120 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4247 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12670 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 680 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38273 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25214 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site