මම ඉංජිනේරු විද්‍යාව හදාරා එක්සත් රාජධානියේ වසර නවයක් වාසය කිරීමෙන් පසු පෙරළා ශ්‍රී ලංකාවට පැමිණ, පරිගණක අලෙවි සමාගමක කළමනාකරුවකු ලෙස සේවය කරන්නට පටන් ගත්තෙමි. ඒ අතරතුර අන්තර්ජාතික අධ්‍යයනයන් පිළිබඳ බණ්ඩාරනායක මධ්‍යස්ථානයේ අන්තර්ජාතික සම්බන්ධතා පිළිබඳව මම වැඩිදුර අධ්‍යයනයක නිරත වූයෙමි.
දිනක් අපගේ භාෂා නිපුණතාව පිළිබඳව භාෂා කථිකාචාර්යවරයෙක් විමසා බැලුවේය. මට ඉතාලි භාෂාව මැනවින් කතා කළ හැකි බව මම කීවෙමි. එම අවස්ථාවේ පටන් මගේ මිත්‍ර සිසුවෙක් ඉතාලි භාෂා හැකියාවෙන් වැඩ ගන්නා හැටි මට කියා දෙන්නට පටන් ගත්තේය.
ඒ (1988) කාලයේ ශ්‍රී ලංකාවේ ඉතාලි බස කතා කිරීමේ හැකියාව ඇති අය විරළය. හැම අස්සක් මුල්ලකම ඉතාලි බස කතා කරන උදවිය ඒ කාලයේ සිටියේ නැත. මා රට වටා බොහෝ සෙයින් ගමන් යායුතු බව ඔහු කීවේය. මා එය එකහෙලා ප්‍රතික්ෂේප කළේ ලන්ඩනයේ දෙමළ ඩයස්පෝරාවේ කොටස් ගැන මා අමිහිරි අත්දැකීම් ලබා තිබූ නිසාය. ඒ වනවිට ශ්‍රි ලංකාවේ සිවිල් යුද්ධය ඇවිලී තිබුණි.
එහෙත් එම පුද්ගලයා පසුකලෙක මගේ හොඳම මිත්‍රයකු බවට පත් වූ අතර ඔහු මගේ ඉරණම තීන්දු කරන්නකු බවට ද පත් වූයේය. ඒ කාලයේ මගේ රැකියාව මා බලාපොරොත්තු නොවූ විරූ ලෙස පරිගණක කළමනාකාර තනතුරෙන් වෙනත් අංශයකට මාරු වූයේය.
දිනක් මම කොළඹ පිහිටි ඊට අදාළ කාර්යාලයට පිවිසියෙමි. ඔවුනට අවශ්‍ය වූයේ ඉතාලි ජාතිකයන් දෙදෙනකු සමග ගමන් යෑමට මා මුදල් ගෙවා යොදා ගැනීමය. එම කාර්යාලයේ මනබඳන සුඛෝපභෝගී ස්වරූපය දැක මම ඒ වෙත ඇදී ගියෙමි. සතියක් තුළ මා කළ යුතු වූ කාර්යය ප්‍රධාන විධායක නිලධාරී තැන මට පැහැදිලි කළේය. වායුසමනය කළ කාර් රථ, වායුසමනය කරන ලද හෝටල් කාමර, තරු පහේ හෝටල් කෑම, සෑම තැනම මිනිසුන් වෙතින් ලැබෙන ආකර්ෂණය මේ සියල්ලෙන් මම මවිත වූයෙමි.
මට පැවරුණු කාර්යයට අදාළ කටයුතු මම මතක් කර ගත්තෙමි. කරුණාවන්ත හදවතක් ඇති පැරැණි තාලේ සංචාරක රියැදුරකු වූ රූපේ මහතා සංචාරක මඟ පෙන්වීමේ කාර්යයට අදාළ සියලුම උපදෙස් ගුරු මුෂ්ඨි නොතබා මට කියා දුන්නේය.
අලුත් පරම්පරාවේ සංචාරක රියදුරන් දුටුවිට පැරැණි තාලේ සංචාරක රියදුරන් තම රට ගැන ආඩම්බරයෙන් කළ අවංක සේවය හා අනුපමේය සේවාවේ අවශ්‍යතාව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට අද දින කෙතරම් අවශ්‍ය දැයි මට සිතේ.
පැරැණි උරුමයන් කිසිවිට ස්ථාවරව පවතින්නේ නැත. ඒවා ගතික තත්ත්වයේ පවතින බැවින් නිරන්තරයෙන්ම වෙනස් වීමට ලක්වේ. එහෙත් මින් පෙර දශකවල පැවති ඉහළ ප්‍රමිතිය අප පවත්වාගෙන යා යුතු වන්නේ එසේ නොකළහොත් අපගේ ජාතියට ඇති කීර්ති නාමයට හානිවීමට ඉඩ ඇති බැවිනි. එදා සිට මේ දක්වා දශක තුනක් ගෙවී ගොසිනි. සංචාරක කර්මාන්තය වටා දහස් ගණනක් නවකයෝ එක් වූහ. මා මුලින්ම මෙම කර්මාන්තයට පිය තැබූ සැටි මා කීවේ දැන් සිදුවන දේ පැහැදිලි කිරීමටය. මෙය සේවා මූලික කරගත් කර්මාන්තයක් නිසා මම මෙහිදී සේවාව යන වචනය භාවිත කරන්නෙමි.
සංචාරක මාර්ගෝපදේශකයකු නැතහොත් ජාතික සංචාරක මාර්ගෝපදේශ කතිකාචාර්යවරයකු (NTGL) වන රජයේ සංචාරක අධිකාරියේ බලපත්‍රය දරන පුද්ගලයකුට එය ලැබෙන්නේ ඔහු ඊට අදාළ පාඨමාලාවක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුවය. ඔහුට රටේ සංස්කෘතිය, පෞරාණික උරුමය, පුරාවිද්‍යාව, ශාක හා සත්වයන් පිළිබඳව, භූමි රටාව, ඉතිහාසය, ස්වභාවික සම්පත් හා කෘෂිකර්මාන්තය පිළිබඳව කතා කිරීමේ හැකියාව පාඨමාලාවෙන් අනතුරුව ලැබේ. කෙටියෙන් කිවහොත් ගැටලුව ඇත්තේ එතැනය. සති කිහිපයකට පෙර අන්තර්ජාතික සංචාරක මාර්ගෝපදේශක දිනයේ ගෝල්ෆේස් පිටියේ උද්ඝෝෂණයක් පැවතියේය. සංචාරක මාර්ගෝපදේශකයෝ යම් යම් පුවරු ප්‍රදර්ශනය කරමින්, සංචාරක මාර්ගෝපදේශකවරයකුගේ අවම දෛනික දීමනාව ඩොලර් 35 (රු. 5000 පමණ) දක්වා වැඩි කරන ලෙස ඉල්ලා සිටියහ.
ගොඩනැගිලි ඉදිකිරීම් කර්මාන්තයේ හෝ වෙනත් ආකාරයක ගරුකටයුතු රැකියාවක නිරත වන පුද්ගලයකු උදේ 8.00 සිට 5.00 දක්වා වැඩ කිරීමෙන් අවම වශයෙන් රු. 2500 ක් පමණ උපයාගනී. එහෙත් සංචාරක මග පෙන්වන්නකු පැය 24 ක් පුරා සේවයේ යෙදෙන අතර ඔහුට නිශ්චිත මාසික වැටුපක් ලැබෙන්නේ නැත. එය දෛනික වැටුප් ලැබෙන වෙනත් ඕනෑම රැකියාවක් හා සමාන වූවකි.
සංචාරක මග පෙන්වන්නන්ගේ තත්ත්වය වර්ධනය කිරීමෙන් සංචාරක කර්මාන්තයේ ප්‍රමිතියද ඉහළ යයි. ගෝලීය මට්ටමෙන් බැලුවද එය අනිවාර්යය. ප්‍රමිතිය වර්ධනය කළවිට, සංචාරක මඟපෙන්වන්නන් සිදුවන අගතියද දුරුවී යායුතුය.
ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් අතර අන්තරක්‍රියා ඇති කරවන මූලික කාර්ය භාරයක් සංචාරක මග පෙන්වන්නන් විසින් ඉටු කරනු ලැබේ. මෙම සේවාවේ ප්‍රතිඵලයක් ලෙස දිවයිනේ උත්පාදනය වන ආදායම බොහෝ සෙයින් වැඩිවේ. ඔවුනට අගතියක් සිදුවේ නම්, නිතරම සිදුවන්නා සේ ඔවුන් කළකිරීමට පත් වන්නේ නම් දීර්ඝ කාලීනව ගෝලීය වශයෙන් මෙම කර්මාන්තය ඉහළ මට්ටමෙන් වර්ධනය වන්නේ නැත. රටේ පවතින හොඳම සම්පත වන්නේ, මෙරට කුසලතා පූර්ණ තරුණ පරම්පරාවය. එය නාස්ති වී යායුතු නොවේ. මෙම සංචාරක කර්මාන්තය සමග ලාබය සොයා කේවල් කළහොත් සිදු වන්නේ අනාගත පරපුර විනාශමුඛයට යාමය. නීත්‍යනුකූල නොවන, බලපත්‍ර නොමැති සංචාරක මග පෙන්වන්නන් සෑම තැනම සිටිනු පෙනේ. ඔවුන් නවතාලන්නට බලධාරීන් පියවර ගන්නේ කවදාද?
සැමදෙනාම ජීවිකාව උදෙසා උපයාගත යුතු නමුත් රටේ ගරුත්වය උකසට තබා එය කළ යුතු නොවේ.
සංචාරකයන්ට මඟ පෙන්වීමේ යෙදී සිටින විදේශිකයෝ ද මෙරට සිටිති. ඔවුන් නොරට රැගෙන යන්නේ මෙරට තිබිය යුතු මුදල්ය.
පසුගිය වසරේ පෙබරවාරියේ පටන් සිදු වූයේ කොවිඩ්-19 නිසා හටගත් විශේෂ සිද්ධියකි. සංචාරක මාර්ගෝපදේශකයන්ගේ රැකියා අහිමි වී ගිය අතර එයට කිසිවකුට දොස් කිව යුතු නැත. සියලුම සංචාරක මාර්ගෝපදේශකයන්, නිදහස් සේවකයන් බැවින් ඔවුන් දශක තුනක් තිස්සේ සේවය කළ අය වුවද, ඔවුන් සහ ඔවුන්ගේ පවුල්වල අය ජීවත්වන හැටි සොයා බලන්නට උනන්දු වන අයකු නැත.
මෙය රැකියාවේ සුරක්ෂිතභාවය සහතික නොකරන භයානක රැකියාවකි. සංචාරක මග පෙන්වන්නකු ගුවන්තොටුපළේ සිට සේවාදායකයකු හා ගමන් ඇරඹූ මොහොතේ පටන් ඔහුගේ දුරකථනය නාද වන්නට ගැනීම සාමාන්‍ය ස්වභාවයයි. මේ වනවිට මෙකී කර්මාන්තයේ යෙදෙන වුන්ගේ දුරකථනවලට අවුරුද්දකින් එකදු ඇමතුමක් හෝ ලැබී නැත.
ඔහු දශක තුනක් පුරා මෙම කර්මාන්තයේ සේවයේ යෙදී සිටි අයෙකි. මා කටයුතු කළ ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුට ඇමතුමක් දුන්විට ඔහුට මා ගැන කතා කරන්න කාලයක් නොතිබූ බැවින් මම උරණ වූයෙමි. එහෙත් දැන් පමාවූවා වැඩිය.
මෙම කර්මාන්තයට පිවිසෙන තරුණ නවකයන්ට මා දෙන උපදෙස නම් මේ තුළ ඔබේ අයිතීන් ස්ථාපිත කරගත යුතුය යන්නය. එවිට කටයුතු නරක අතට හැරෙන විට ඔබට එය නරකට බලපෑම අවම කරගත හැකිය. සංචාරක මග පෙන්වන්නා අප රටේ ආර්ථිකයටත්, සමාජයටත් කෙතරම් වටින්නේද යන්න සමාජයේ පහළ සමාජයේ බොහෝ අය නොදකිති. දැන් අවශ්‍ය වන්නේ මෙම මඟපෙන්වන්නන්ගේ දෛනික වැටුප වැඩි කිරීමය. අවම වශයෙන් එය ඩොලර් 35 ක් දක්වා වැඩි කළ යුතුය. සංගමය ඉල්ලා සිටින්නේ එම ඉල්ලීමය.
දැනට ඔවුන් ගැන මිනිසුන් තුළ පවතින ප්‍රතිරූපයද මෙමගින් ඉහළ යනු ඇත. එය රජය විසින් කළ යුත්තකි. එම තීරණය ගැනීම උදෙසා පියවර ගතයුතු වේ.
(***)
2021 මාර්තු 29 වැනිදා Daily Mirror හි පළවූ ජයන්ත පෙරේරා ලියූ
Tour Guides Straned in Covid-19 Pandemic
ලිපියේ පරිවර්තනය. - සමන් පුෂ්ප ලියනගේ
ඇමෙරිකන් ජනාධිපතිවරණය හෙට (5) පැවැත්වෙයි. ජනාධිපතිවරණ සටන පවතින්නේ, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍ර
තොරතුරු සහ සත්‍ය අතර පරතරයක් ඇත. විවිධ මාධ්‍ය ඔස්සේ ලැබෙන තොරතුරු අති විශාලය. මෙම තොරතුරුවලින් සැලකිය යුතු කොටසක් ඇත්ත නොවේ. ගල් යුගයේ සිට කෘත්‍රිම බුද
ලංකාවේ අති දුෂ්කර ගමනාන්තයක පවතින වතු ජනාවාස ගම්මානයක වැසියන් වන නැග්රැක් ගමේ ජනපදිකයන් වෙත පොදු පහසුකම් නොමැති බව ඔවුහු පවසති.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ තෙමස් පූර්ණ පින්කම අද (02) සහ හෙට (03) ගංගාරාම
පස් වසරක පෙර පාස්කු ඉරිදා දින එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් ආන්දෝලනයක් ඇති කිරීමට පිවිතුරු හෙළි උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
කොළඹ ආනන්ද විද්‍යාලයේ 138 වැනි සැමරුම අදට යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි. කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා 1884 පෙබරවාරි මස 08 වැනිදා මරදානේ ධර්මෝපකාරී සමාගම
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
කොරෝනාවෙන් අතරමං වූ සංචාරක මඟ පෙන්වීම
කුමාරසිරි බදුගේ Friday, 16 April 2021 12:17 PM
ඉතාමත් ඉහළ කරුණු දැක්වීමක්. සංචාරක මාර්ගෝපදේශක කථිකාචාර්ය වරයෙකු වශයෙන් එම ලිපිය ඉතා අගයකොට සලකන්නෙමු. සමාජය දැනගත යුතු කරුණු රාශියක් එහි අඩංගු වීම සතුටට කරුණකි. අභාග්‍යයකට සංචාරක ව්‍යාපාරයේ දැවැන්තයින් හට මෙය නොතේරීම අභාග්‍යයකට කරුණකි.
නලින් සේනක Monday, 19 April 2021 11:38 AM
නිල නොලත් තානාපතිවරයන් වන ඔවුන්ට රටෙහි නිසි ගෞරවය රජය විසින් ලබාදිය යුතුයි...