IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


කරුමයේ උරුමය දුම්රිය

ඇතැම් ආර්ථික විශ්ලේෂකයන් කියන හැටියට ලංකා ආර්ථිකයට වින කටින රාක්‍ෂයන් හතර දෙනෙකි. දුම්රිය දෙපාර්තමේන්තුව ඒ අතරින් එකෙකි. එහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව විශ්ලේෂණයක් කරන්නැයි අප ඇරියුම් කළේ වරලත් ඉංජිනේරු අතුල ප්‍රනාන්දු මහතාටය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ රත්මලානේ පිහිටි ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු උප දෙපාර්තමේන්තුවේ සැලසුම්, නිෂ්පාදන, විශේෂ ව්‍යාපෘති සේම මැදිරි සහ ගැල් යන අංශ හතරෙහි යාන්ත්‍රික ඉංජිනේරු ලෙස කටයුතු කර තිබෙන ඒ මහතා, එහිම යන්ත්‍ර හා යන්ත්‍රෝපකරණ අංශයේ ද විදුලි, හයිඩ්‍රොලික් සහ බලවේග යන එන්ජින් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ අංශ තුනෙහි ද යාන්ත්‍රික ඉංජිනේරු ලෙස සේවය කර තිබෙන පළපුරුදු වරලත් ඉංජිනේරුවරයෙකි. දුම්රිය දෙපාර්තමේන්තුව පාඩු ලබන තත්ත්වයෙන් ගොඩ ගෙන ලාභ ලැබිය හැකි තත්ත්වයකට ගෙන යාමට කළ යුතු පිළියම් රැසක් තිබෙන බව මේ වරලත් ඉංජිනේරුවා කියයි. මතු දැක්වෙන්නේ ඔහු කී පිළියම් රැස අතරින් කිහිපයකි.

දුම්රිය දෙපාර්තමේන්තුව අද පවතින්නේ රටට බරක් වූ ආයතනයක් ලෙසිනි. එහි නඩත්තුව සඳහා කිසි දිනෙක දුම්රියක ගමන් නොකළ පුරවැසියන්ට පවා ඍජු හා වක්‍ර බදු ගෙවීම මගින් ඒ බර ඉසිලීමට සිදු වී තිබේ. නඩත්තු කටයුතුවල කාර්යක්‍ෂමතාව අඩාළ වී සේවාව පසුබෑමකට ලක්ව තිබෙන්නේ දෙපාර්තමේන්තුවේ සුළු සේවකයන්ගේ වරදකින් නොවේ. ඊට වගකිව යුත්තේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කළමනාකරණ නියමුවෝය. සේවාව පවත්වාගෙන යාමට අවශ්‍ය දුම්රිය එන්ජින්, මැදිරි, උපාංග, අමතර කොටස් හා අමුද්‍රව්‍ය මිලදී ගැනීමේ තාක්‍ෂණ ඇගයීම් කමිටුවල සභාපති හෝ සාමාජික තනතුරු දරමින් ඒ ඇතැම් ප්‍රධාන කළමනාකරණ නියමුවන් නියැලී සිටින්නේ කොමිස් ගැසීමේ අරගලයකය.

ඉහළ කළමනාකරණයේ නියුතු ඒ ඇතැමුන්ගේ දූෂිත කටයුතු නිසා දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු කාර්යයන් සහ පරිපාලනය බොහෝ දුරට බිඳ වැටී තිබේ. ටෙන්ඩර් කැඳවීම් සඳහා යොදා ගන්නා කාර්මික පිරිවිතර හා ටෙන්ඩර් කොන්දේසි සකස් කිරීමේ බලය හිමි ඒ ඇතැම් ඉහළ කළමනාකරුවන් ඒවා සකස් කරන්නේ තරගකාරීත්වය අඩු කර තම හිතවතුන්ට සහ හිතවත් සමාගම්වලට වාසි සැලසීමටය, ටෙන්ඩර් ලබාදීමටය. එසේ කළ විට ඒ ටෙන්ඩර් ඉල්ලීමට සහභාගි විය හැක්කේ සීමිත සමාගම්වලට හා පුද්ගලයන්ට පමණකි. ඒ සම්බන්ධයෙන් දැක්විය හැකි කදිම උදාහරණයක් තිබේ. රේල් පීලි මිලදී ගැනීමේදී ඒ පිරිවිතර සකසන්නේ අඩි 45ක් දිග රේල් පීලි සැපැයිය හැකි සමාගම්වලට පමණක් ටෙන්ඩර් අයැදුම් කළ හැකි අයුරිනි. ඒ කොන්දේසිය දැමූ විට අයැදුම් කළ හැකි වන්නේ ප්‍රංශයේ සහ ඔස්ට්‍රියාවේ සමාගම් දෙකකට පමණි. ඒ කොන්දේසිය මත වෙනත් රටවල සමාගම්වලට අයැදුම් කළ නොහැකි නිසා තරගකාරීත්වයක් ඇති නොවෙයි. දිග ගැන සඳහන් නොකර බර ගැන සඳහන් කරමින් පිරිවිතරය සකසා ටෙන්ඩර් කැඳවන්නැයි මා යෝජනා කළ විට, ඒ ලොක්කෝ පිරිසක් මට බැන වැදුණහ. අදාළ නොවන කටයුතුවලට ඇඟිලි නොගසා ඉන්නැයි ඔවුහු මට අවවාද කළහ. අවසානයේ ඔවුහු මට ප්‍රශ්න ඇති කර බරපතළ කරදර ද කළහ. දුම්රිය දෙපාර්තමේන්තුවේ සිදුවන මෙවැනි දූෂණ ගැන මා හිටපු ප්‍රවාහන ඇමැතිවරුන් දෙදෙනකුට කරුණු සහිතව පැමිණිලි කළත්, ඔවුහු පියවරක් නොගත්හ. දෙපාර්තමේන්තුවේ ඉහළ කළමනාකරණයේ නියුතු ඇතැමුන්ගේ ඒ දූෂණ ඉතා පහසුවෙන් නැවැත්විය හැකිය.

 ඒ සඳහා පළමුව කළ යුත්තේ ක්‍රමවත්ව ගබඩා කළමනාකරණය සහ තොග පාලනයයි. එසේ කළහොත් පාඩු සහ අලාභ අවම කරගැනීමට අමතරව සේවයේ ඵලදායිතාව වර්ධනය කරගැනීමට හැකියාව ලැබෙයි. ගබඩා කළමනාකරණයේ හා තොග පාලනයේ පවතින අක්‍රමවත් බව නිසා තිබෙන්නේ මොනවා ද නැත්තේ මොනවා ද කියාවත් දැනගත නොහැකිය. ඒ සම්බන්ධයෙන් ද මට කදිම උදාහරණක් මතක් වෙයි. ‘ලොක් වයර්’ නමින් හඳුන්වන වයර් වර්ගයක් තිබේ. ඒවා අවශ්‍ය වන්නේ දුම්රිය එන්ජින්වලටය. අවුරුද්දකටම අවශ්‍ය වන්නේ ඒ වයර් මීටර් 150කි.

 එහෙත් වරක් ඒ වයර් මීටර් ලක්‍ෂ ගණනක් පිට රටකින් ගෙන්වා තිබිණි. ඒ සඳහා වැය කර තිබූ මුදල ඇමෙරිකන් ඩොලර් 46,000කි. ගෙන්වා තිබූ වයර් ප්‍රමාණය මුළු ලෝකයේම තිබෙන දුම්රිය එන්ජින්වල වුවමනාවටත් වැඩිය. අනෙක, ඒ වයර් පිට රටකින් ගෙන්විය යුතු ද නොවේ. ඒවා කොළඹ කොටුවේ පරණ යොන් වීදියේ ගල් වළෙන් ද මිලදීගත හැකිය. එසේ තිබියදී විදෙස් රටකින් ගෙන්වූයේ ඇයි ද යන ප්‍රශ්නය මතුවෙයි. අවශ්‍ය සොච්චමට වඩා අතිවිශාල ප්‍රමාණයක් ගෙන්වා ඇත්තේ ද මන්දැයි නොදනිමු. ගබඩා කළමනාකරණයට හා තොග පාලනයට විධිමත් ක්‍රමයක් තිබුණේ නම් මේ අවිධිමත් දේ සිදු නොවේ.

මහා භාණ්ඩාගාරයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට දෙන මුදල් කාබාසිනියා කරන තවත් එක් උදාහරණයක් වන්නේ, දුම්රිය ප්‍රවේශ පත්‍රයයි. ප්‍රවේශ පත්‍ර මුද්‍රණයට අවශ්‍ය කාඩ්බෝඩ් කැබැලි අනාදිමත් කාලයක සිට ගෙන්වූයේ ඕලන්දයෙනි. වසරකට ඒ පුංචි කාඩ්බෝඩ් කැබැලි ලක්‍ෂ 600ක් පමණ අවශ්‍ය වෙයි. මේ වසරේ ඒවා ගෙන්වන්නේ ජපානයෙනි. ඒ එක් කැබැල්ලක් රුපියල් 3.16කටය. දුම්රිය ගබඩාවට ඒ කැබැල්ලක් ලැබෙන විට එකක මිල රුපියල් හතරක් (4) පමණ වෙයි. ඒ කාඩ්බෝඩ් කැබැල්ලක් රුපියලක පමණ වියදමකින් දේශීයව නිපදවාගත හැකිය. ඒවා අපේ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට ද නිෂ්පාදනය කළ හැකිය. ඒ කාඩ්බෝඩ් කැබැලි තමන්ට ඉතා අඩු මුදලකට සැපැයිය හැකි බවට ඒ සංස්ථාවෙන් දුන් යෝජනාවක් 2002 පමණ මා එකල සිටි පාලනාධිකාරයට ලබාදුන්න ද එය ක්‍රියාත්මක වූයේ නැත. දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ සිදුවන්නේ එලෙසය.

අනෙක මේ දුම්රිය ප්‍රවේශ පත්‍රය යල්පැන ගිය ක්‍රමයකි. ඊ-ප්‍රවේශ පත්‍ර ක්‍රමයක් හඳුන්වා දීම කාලීන අවශ්‍යතාවකි. දැනටත් රජයටම අයිති ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම මගින් හඳුන්වා දුන් තාක්‍ෂණය මත නිවෙසේ සිටම ප්‍රවේශ පත්‍ර වෙන් කරගත හැකිය. ටෙලිකොම් සමාගම ප්‍රදර්ශනය කර තිබෙන්නේ දුම්රිය සේවයට ඊ-ප්‍රවේශ පත්‍ර ක්‍රමයක් හඳුන්වා දීමට විදේශ සමාගම් අනවශ්‍ය බවය. එසේම ඒ සඳහා ඇමෙරිකන් ඩොලර් මිලියන ගණන් වැය වන ව්‍යාපෘති අනවශ්‍ය බවය.

ඊ-ප්‍රවේශ පත්‍ර හඳුන්වා දීමේ බලපතළ තවත් වුවමනාවක් ද පවතී. එය නම්, එක් දිනකදී එකම ප්‍රවේශ පත්‍රය දෙතුන් වරක් විකුණන ජාවාරම නවතා දැමීමය. ඒ ජාවාරම් සිදුවන්නේ මගීන් වැඩියෙන් යනෙන දුම්රිය ස්ථානවලය. උදාහරණයකට, කඩවත සහ නිට්ටඹුව අතර දවසකට මගීන් වැඩි පිරිසක් දුම්රියෙන් යනෙනවායි උපකල්පනය කරමු. මගීන් වැඩියෙන් ගමන් ගන්නේ නම්, ඒ දුම්රිය ස්ථාන අතර දුම්රිය වැඩි ගණනක් ද ධාවනය වෙයි. එසේ වූ කල කඩවත දුම්රිය පොළෙන් නිකුත් කරන ප්‍රවේශ පත්‍ර යළි ඒ දුම්රිය පොළට දුම්රියෙන්ම ලැබෙන්නට සැලැස්විය හැකිය. නිට්ටඹුව දුම්රිය පොළෙන් නිකුත් කරන ප්‍රවේශ පත්‍රවලට ද එසේ කළ හැකිය. ඒ දුම්රිය ස්ථාන අතර නිතර දුම්රිය ධාවනය වන නිසා දවසකට දෙතුන් වරක් ඒ ප්‍රවේශ පත්‍ර හුවමාරු කරගත හැකිය. අවශ්‍ය වන්නේ ප්‍රවාහනය සඳහා අතරමැදියන් කිහිප දෙනකු පමණි. දැනට සිදුවන මේවා ජාවාරම්ය. ඊ-ප්‍රවේශ පත්‍ර ක්‍රමයක් හඳුන්වා දුන්නොත් ඒ ජාවාරම් මැඩලිය හැකිය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ වියදම් මහා පරිමාණයෙන් අවම කරගත හැකි ක්‍රමයක් ගැන දැන් කියමි. එය නම් රබර් හා ප්ලාස්ටික් මිශ්‍රිත සිල්පර කොට (Rubber plastic Composite rail sleepers) නිෂ්පාදනය කිරීමය. ඒවා ලංකාවේම නිෂ්පාදනය කළ හැකිය. ඇමෙරිකාව, ඉන්දියාව, ඕස්ට්‍රෙලියාව සහ තායිලන්තය දැනට එවැනි සිල්පර කොට භාවිත කරයි. ලංකාවටද එය පහසුවෙන් කළ හැකිය. නැවත භාවිතයට නිසි ක්‍රමවේදයක් නැති නිසා ප්‍රතිචක්‍රීකරණය කළ හැකි රබර් හා ප්ලාස්ටික් භාණ්ඩ අතිවිශාල ප්‍රමාණයක් දැන් ඉවක් බවක් නැතිව කසළ ලෙස පරිසරයට මුදා හරියි. නැතිනම් පුළුස්සා දමයි.

එමගින් වන පරිසර හානිය සුවිශාලය. එහෙයින්ම රජයේ සෞඛ්‍ය වියදමද ඊට සාපේක්‍ෂව ඉහළ යයි. ඒ සියලු ප්‍රශ්නවලට තිබෙන එක් විසඳුමක් වන්නේ රබර් හා ප්ලාස්ටික් මිශ්‍ර සිල්පර කොට දේශීයව නිෂ්පාදනය කිරීමය. ඒ සඳහා රටපුරා ඉවත ලන රබර් ටයර්, රබර් සෙරෙප්පු, රබර් කාපට්, ප්ලාස්ටික් බෝතල් හා පුටු, අයිස්ක්‍රීම් පෙට්ටි, යෝගට් හා මාගරින් කොප්ප සහ ෂොපින් බෑග් ඇතුළු ඉවත ලන සියලු දේවල් භාවිත කළ හැකිය. ඒ සිල්පර නිපදවන කර්මාන්ත ශාලාවක් රජයට හෝ පෞද්ගලික අංශයට ආරම්භ කළ හැකිය. රජයේ මැදිහත්වීමෙන් ඒ කර්මාන්ත ශාලාව හා දුම්රිය දෙපාර්තමේන්තුව අතර ගිවිසුමක් අත්සන් කළ යුතුය. ඒ ගිවිසුමේ අරමුණ විය යුත්තේ කම්හලේ නිපදවන සිල්පර දුම්රිය දෙපාර්තමේන්තුව මගින් මිලදී ගන්නා බවට ගිවිස ගැනීමය.

දැනට අපේ රටේ වැඩියෙන් භාවිත කරන්නේ කොන්ක්‍රීට් සිල්පරය. කොන්ක්‍රීට් සිල්පරයක ආයු කාලය අවුරදු 35 ක් පමණ වෙයි. දැව සිල්පරයක ආයුකාලය අවුරුදු 8 ත් 10 ත් අතර වෙයි. වානේ සිල්පරයක ආයු කාලය අවුරුදු 15 ත් 20 ත් අතරය. එහෙත් රබර් ප්ලාස්ටික් මිශ්‍ර සිල්පරයක ආයු කාලය අවුරුදු 45 සිට 50 ක් තරම් ඉහළය. ලී හා කොන්ක්‍රීට් සිල්පර ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි වුවත් රබර් හා ප්ලාස්ටික් මිශ්‍ර සිල්පර ප්‍රතිචක්‍රීකරණයට ඇති හැකියාව තවත් අමතර වාසියකි. කොන්ක්‍රීට් සිල්පර මතින් දුම්රිය ධාවනයේදී නැගෙන ශබ්දය සේම කම්පනය හා ගැස්සීමද ඉහළය. එහෙත් රබර් හා ප්ලාස්ටික් මිශ්‍රිත සිල්පර කොට භාවිතයෙන් ඒ ප්‍රශ්න ද ඉතා අවම වෙයි.

දුම්රිය මැදිරි නිෂ්පාදනාගාරයක් අපේ රටේ ගොඩනැගීමේ වැදගත්කම සහ අත්‍යවශ්‍යතාව පිළිබඳව 2004 සිට පැවැති ආණ්ඩු හා ප්‍රවාහන අමාත්‍යවරුන් දැනුවත් කළත් එය යථාර්ථයක් නොවීම සම්බන්ධයෙන් මට ඇත්තේ බරපතළ කම්පාවකි. දුම්රිය මැදිරි 160 ක් ආනයනය කිරීමට රජය ඉන්දියාව සමග ගිවිසුම් ගතව සිටියි. ඉන් මැදිරි 40 ක් දැනටත් ලංකාවට ගෙනැවිත් තිබේ. ඉන්දියාවෙන් ගෙන්වන ඒ තෙවැනි පන්තියේ මැදිරියක් එරටින් නැව්ගත කිරීමට පෙර මිල ඇමෙරිකන් ඩොලර් 4,77,673 කි. ඒ මිලට නැව් ගාස්තු, රක්‍ෂණ ගාස්තු, වරාය නිෂ්කාශන ගාස්තු වෙනත් බදු හා වරායේ සිට දෙමටගොඩ පිහිටි දුම්රිය අංගණයට ප්‍රවාහනයට වැය වන මුදලද ඇතුළත් කළ විට ඒ එක් මැදිරියක මිල ඇමෙරිකන් ඩොලර් 5,84,248 ක් තරම් ඉහළය. එතරම් වියදමක් යන තෙවැනි පන්තියේ මැදිරියක් ඇමෙරිකන් ඩොලර් 3,06,000 ක පමණ වියදමකින් නිෂ්පාදනය කරගත හැකි බව මගේ තක්සේරුවයි. එහෙයින් මම ආණ්ඩුවේ හා ප්‍රවාහන අමාත්‍යාංශයේ බලධාරීන්ගෙන් මෙසේ අසමි. ඇමෙරිකන් ඩොලර් 3,06,000 කින් රට ඇතුළේදී නිපදවා ගත හැකි දුම්රිය මැදිරියක් ඊට වඩා ඩොලර් 2,78,248 ක් වැඩියෙන් ගෙවා ඉන්දියාවෙන් ආනයනය කරන්නේ ඇයි? එසේ කීරීමේ අවශ්‍යතාව කුමක්ද? එසේ කරන්නේ කව්රු සනසන්නද?

ඉන්දියාවෙන් ගෙන්වීමට අපේක්‍ෂිත දුම්රිය මැදිරි 160 මෙරටෙහි නිෂ්පාදනය කළ හොත් ඊට වැය වන්නේ ඇමෙරිකන් ඩොලර් පන් කෝටි විසිහත් ලක්‍ෂ අසූ නවදහසකි. (5,27,89,000) එහෙත් ඒ මැදිරි 160 ම ඉන්දියාවෙන් ආනයනය කළහොත් ඒ සඳහා වැය වන මුදල ඇමෙරිකන් ඩොලර් දහ කෝටි හත්ලක්‍ෂ එකසිය අනු හතකි. (10,07,00,197) වැඩියෙන් වැය වන මුදල ඇමෙරිකන් ඩොලර් හාර කෝටි හැත්තෑනව ලක්‍ෂ එකොළොස් දහස් එකසිය අනූ හතකි. (4,79,11,197) රට ඇතුළේ නිපදවා ගත හැකි දෙයක් පිට රටකින් ආනයනය කිරීමට එතරම් ඩොලර් කන්දරාවක් විදෙස් රටකට පොම්ප කරන්නේ රටට ඩොලර් වැසි වසින නිසාද?

රබර් හා ප්ලාස්ටික් මිශ්‍ර සිල්පර සේම, දුම්රිය මැදිරිද රට ඇතුළේ නිෂ්පාදනය කළහොත් ඒවාට අවශ්‍ය නව කර්මාන්ත ශාලා රටේ බිහි වීමෙන් ඍජු හා වක්‍ර රැකියා දහස් ගණනක්ද ජනිත වෙයි. මේ එළඔ තිබෙන්නේ අර්බුදය අවස්ථාවක් කරගත හැකි යුගයකි. අර්බුදය කොරෝනාවෙන් රට වැටී තීබිමය. නව කම්හල් ආරම්භ කළහොත් වන්නේ ආර්ථික හා සාමාජීය වශයෙන් නැගී සිටීමට අවස්ථාවක් උදාවීමය.

ඒ අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ගැනීම ආණ්ඩුවේ හා ප්‍රවාහන අමාත්‍යාංශයේ බලධාරීන්ගේ වගකීමකි. ඔවුන් ඍජු හා දිගු කාලීන ප්‍රතිපත්ති තීරණයක් ගතහොත් ඊට සම්බන්ධ විය හැකි සහ එසේ කිරීමට ආශාවෙන් බලා සිටින පෞද්ගලික අංශයක්ද රටේ පවතී. එසේම දැන් දුම්රිය සාමාන්‍යාධිකාරි තනතු​රේ සිටින්නේ ඉහළ ප්‍රතිලාභ අත්කර ගැනීමට උනන්දුවක් තිබෙන සහ එවැනි උණකින් පෙළෙන වෘත්තිකයෙකි. ඔහු දැනටත් ලංකා රජයට රුපියල් මිලියන 900 ක් ඉතිරි කර දී තිබේ. ඒ දුම්රිය මාර්ග සංඥා පද්ධති තුනක් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු ඉංජිනේරු හා තාක්‍ෂණ ශිල්පීන්ගේ සහයෝගයෙන් නිෂ්පාදනය කිරීමෙනි.

විදෙස් සමාගමකින් මේ එක් දුම්රිය සංඥා පද්ධතියක් සවිකරගත්තේ නම් ඒ සඳහා රුපියල් මිලියන 300 ක් වැය වෙයි. එහෙත් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු ඉංජිනේරුවන් හා තාක්‍ෂණශිල්පීන් එය කර තිබෙන්නේ රුපියල් මිලියන 20 ක පමණ වියදමකිනි. එවැනි විශ්ව කර්ම හැකියා සහිත වෘත්තිකයෝ දෙපාර්තමේන්තුවේ දැනටත් සිටිති. ප්‍රශ්නයකට තිබෙන්නේ ඔවුනගෙන් වැඩ නොගැනීමය. තැන නොදීමය. දූෂිතයන් පසෙකලා ඒ අවංක මිනිසුන්ට ඉඩ හා තැන දුන්නොත් දුම්රිය දෙපාර්තමේන්තුවට අලවා තිබෙන ‘‘ලංකා ආර්ථිකයේ තවත් එක් රාක්‍ෂසයෙක්’’ යන ලේබලය ගලවා දැමිය හැකි බව මගේ විශ්වාසයයි.

 

(*** සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්)



අදහස් (13)

කරුමයේ උරුමය දුම්රිය

ගාමිණී Thursday, 12 August 2021 08:21 AM

කවුරු මොනවා කිව්වත් මේ වැනි දේවල් වලට තිත තැබීමට නොහැකි වී ඇත්තේ අප රට මෙතෙක් කල් පාලනය කල නායකයන් ගේ අතිශය දූෂිත බව නිසා බව මොනවට පැහැදිලි වේ. අපගේ චන්දය ලබා ගැනීම සඳහා වර්ථමාන නායකත්වය බලයට පැමිණීමට පෙර ප්‍රකාශ කළ අයුරින් අනාගතයේදී මේවා නිවැරදි වේදැයි අප බලා සිටිමු. පවතින තත්ත්වයට අනුව එයද සැක සහිතය.

:       5       29

RaveendraThursday, 12 August 2021 01:47 PM

මෙහි සදහන් කරුණු පිලිබදව හා වෙනත් ආයතනද සැසදිමේදි කිසිදු වෙනසක් නම් දැකිය නොහැකි බව කිව යුතුය.එකම වෙනස නම් හොරා කෑමේ ක්‍රමවල වෙනසය.අප රට පාලන බලය ලබාගත් සැම රජයක් මෙන්ම ඉහල නිලධාරියාගේ සිට පහල නිලධාරියා දක්වා පට්ට හොරුන්ගෙන් පිරි සමාජයක් නොවේද අප රටතුල තිබෙන්නේ.....එවන් පට්ට හොරුන්ගෙන් ගහන මිනිසුන්ගේ බඩගින්න නිවීමට විදේශ රටවල වහල් සේවය කර ඩොලර් පොම්ප කිරීමට ඍජුවම දායකවීම පිලිබදව දැන් නම් අපට ඇත්තේ අතිමහත් කණගාටුවකි..දුකකි......

:       0       35

nimalThursday, 12 August 2021 04:31 PM

කරුමයේ උරුමය දුම්රිය පුද්ගලික කරණය කරන්න. එවිට යුනියන්ස් වල නියුතු කිහිප දෙනෙක් හැර සියලු දුම්රිය මගීන් කැමති වෙයි

:       0       0

Sunil Thursday, 12 August 2021 08:55 AM

මේ වගේ දර්ශනයක් තිබෙන ඇමතිවරු අපිට නෑ .

:       3       28

හර්ෂාන් අබේසූරිය Thursday, 12 August 2021 10:12 AM

1. දුම්රිය ප්‍රවේශ පත්‍රය නැවත භාරදෙන විට දෙකට නමා බාරදෙමු. ජනතාව හුරු කරමු. 2. දුම්රිය ප්‍රවේශ පත්‍රයේ දිනය , වේදිකාවට ඇතුළු වන විට සටහන් කිරීම්ට යෝජනා කරමු.. 3. පැරණි මිල සඳහන් දුම්රිය ප්‍රවේශ පත්‍ර භාවිතයෙන් ඉවත් කරවමු.

:       0       7

saminda Thursday, 12 August 2021 10:17 AM

මේවා කොච්චර කතා කරත් වැඩක් නැහැ .දේශපාලන කරන උදවියට මේවයින් වැඩක් නෑ .මේ වගේ මනුස්සයෝ තමා ඉහල නිල තල වලට යැවිය යුත්තේ

:       0       19

හෙ. ගොඩකන්දආරච්චි Thursday, 12 August 2021 05:35 PM

දුම්රියේ ගැටිලා කැලේ ඉන්න අලි මැරෙන එක වළක්වන්න ක්‍රමයක් ඇති කරන්න. ඉන්දියාවේ පාවිච්චි කරන විවිධ ක්‍රම අතරෙන් ලෙහෙසියෙන් කරන්න පුලුවන් මී මැස්සන්ගේ සද්දේ විකාශනය කරන එක, අධෝරක්ත කිරණ වලින් ඉන්න තැන් දැනගැනීම ආදිය...

:       3       3

සිසිර කුමාර Thursday, 12 August 2021 05:42 PM

මේ ඉංජිනේරුවරයා කියන කතාව ඇත්තක්... එහෙත් ඔහු අවධානය යොමුකරන්නේ ප්‍රාග්ධන ලාභදායක බව කෙරෙහි පමණයි... ඇත්ත වශයෙන්ම පුනරාවර්තන වැය කළමනාකරණය කෙරෙහි ඔහු අවදානය යොමු කර නොමැති අතර පවතින සේවාවලින් ලාබ ලබන ආකාරය ගැන අදහස් නොවීම බරපතල ගැටලුවක්... දුම්රියේ ලොකුම ගැටලුව තමන් දන්න දේ පමණක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන ඉහළ කළමනාකරුවන් එම ආයතනය පාලනය කිරීමයි. මේ සඳහා ඉතා ඉක්මණින් ප්‍රාමාණික බුද්ධිමතුන්ගෙන් සමන්විත කාර්යය සාධන බලකායක් පිහිටුවිය යුතුයි...

:       1       5

DMS Friday, 13 August 2021 07:05 AM

වැටත් නියරත් ගොයම් කයි නම් කාට කියම්ද , යන පදය වෙනස් කිරීමට දැන් කාලය එළඹ ඇත. මේවාට උල් පන්දම් දෙන අය සිටී නම් ඔවුන්ද පන්නා දැමීමට කටයුතු කලහැකි වෘර්තීය සමිති නිදිද .පෞද්ගලික වාසි සදහා පමනක් නෙවෙයි අරගල කලයුත්තේ මෙවැනි පොදු දේපල වෙනුවෙන් අරගලය දියත් කලොත් ඔවුන් නිසකයෙන්ම දිනනවා පමනක් නොව රටද දිනනු ඇත

:       0       4

hello Friday, 13 August 2021 04:14 PM

පොඩ්ඩක් ලොක්ඩවුන් වෙලා සති දෙකක් නොමැරී බඩගින්නේ ඉඳලා වෙන රටවලින් තුන් වෙනි සතියේ පිනට සති දෙකකට කෑම ඉල්ලගෙන, හතර වෙනි සතියේදී රට ඇරියාම කොරෝනා නැතිවෙලා තියේවි. හොඳයි නැද්ද මම අහන්නේ? ඕනේ නම් තව වැඩිපුර සතියකුත් පිනට කෑම ඉල්ලා ගන්න බැරිද? වත්තක් තියන අයට ඒවායේ දෙයක් කාලා සති හතරක් ඉන්න බැරිද? ලංකාවේ මිනිස්සු දුර බලන්නේ නෑ. හැමදාමත් වගේ බඩ ගැන විතරයි බලන්නේ... සාර්ථක නවසීලන්තෙන් ආදර්ශ ගන්නේ නෑ. අසාර්ථක වෙන රටවලින් ආදර්ශ ගන්නේ. නවසීලන්තයේ උපරිම සති 4ක් ලොක් ඩවුන් වුණාම කොරෝනා නැතුව යනවා. මිනිස්සු සාමාන්‍ය විදියට තමන්ගේ කම්කරු ජොබ් එකත් කරනවා මාස්ක් වත් නැතුව... අපේ රටෙත් කොරෝනා එහෙම කරලා ඉවර කළොත් ඉන්පස්සේ රටේ ආර්ථික ක්‍රමය සම්පූර්ණ වෙනස් කරලා ස්වයංපෝෂිත වෙන්න විදියක් හදන්න පුළුවන් ලේසියෙන්ම. එහෙම කලක් උදා වෙන්නේ නැත්තේ රටේ බහුතරය මිනිස්සු පව් කරලා තියන නිසා. ඉරණම වෙනස් කරන්න ශක්‍රයාට වත් බුදු හාමුදුරුවන්ට වත් බැරි නිසා....

:       0       0

hello Friday, 13 August 2021 04:15 PM

මගේ අදහස් තේරුමක් නැති ඒවා කියල රිවීව් කරන කතෘ මණ්ඩලයට හිතෙන්නෙත් ඒකයි . එන්නත් සමහර කොරෝනා ප්‍රබේද වලට වැඩක් වෙන්නේ නෑ කියලා වෙන රටවලින් නිව්ස් පත්තරේ දාන ගමන්ම, එන්නත් ගත්තු අයටත් කොරෝනා හැදුනු නිව්ස් පත්තරේ දාන ගමන්ම, හැදිලා හොඳ වෙනවට වඩා මැරෙන එක හොඳයි කියලා අතුරු ආබාධ ගැන දාන ගමන්ම, මේකට තියන එකම විසඳුම එන්නත් තමයි කියල මේ පත්තරේම වැටෙන්නෙත් එකයි . නවසීලන්තේ මිනිස්සුනට ලොක් ඩවුන් වුනු කාලයක් මතක නෑ. නවසීලන්තේ ඉන්නේ පින්වන්ත මිනිස්සු ලෝකේ අනික් රටවලට වඩා. එකයි ඒ.

:       0       0

Lal Sunday, 15 August 2021 08:05 AM

දුම්රිය සේවය පෞද්ගලීකරණය කළ යුතුයි.

:       0       4

ලුම්බිණි Monday, 16 August 2021 08:45 AM

ලොකුම ප්‍රශ්නය දුම්රිය දෙපාර්තමේන්තුවේ තිබෙන අකාර්යක්ෂම භාවයයි. නවීන තාක්ෂණය යොදා ගෙන මේ තත්වය නැති කල හැකි නමුත් පාලකයන් සහ ඉහල නිලධාරීන්ගේ තිබෙන දුර්වලතාවය සහ දුෂණය නිසා අපට මේක හදා ගන්න බැහැ. පෞද්ගලීකරණය සමහර විට විසඳුමක් වේවි.

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 715 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 348 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 120 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4248 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12670 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 680 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25214 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site