එක රටක් - එක නීතියක් ස්ථාපිත කිරීම සඳහා පිහිටුවන ලද නව කාර්යසාධක බළකාය පුවත් මවන සංසිද්ධියක් බවට පත්ව තිබේ. විශේෂයෙන්ම එහි සභාපතිත්වයට පත් කරන ලද බොදුබල සංවිධානයේ ප්‍රධානී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ පත්වීම සමාජයේ බොහෝ දෙනා විසින් ප්‍රශ්නයට ලක්කර ඇත. මේ ගැන මුලින්ම රජයට සිය අකමැත්ත හා කනස්සල්ල පළ කර තිබුණේ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා විසින් බව ප්‍රකාශිතය. සබ්‍රි මහතාගේ විරෝධයට අදාළ වන හේතු සාධක ඔහු විසින් වගකිවයුත්තන්ට දන්වා ඇතැයි වාර්තා වෙයි.
අලි සබ්‍රි මහතා අධිකරණ අමාත්‍යවරයා ලෙස එක රටක් - එක නීතියක් ස්ථාපිත කිරීම උදෙසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයෙහිලා උත්සුක වෙමින් සිටින වකවානුවකදී ඔහුගේ අනුදැනුමක් හෝ මත විමසුමක් නොකර ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් නීති විෂයට අදාළ කාර්යසාධක බළකායක් පත් කිරීම ගැන අමාත්‍ය අලි සබ්‍රි අග්‍රාමාත්‍යවරයාට සහ පාර්ලිමේන්තුවේ කතානායකවරයාට ද කරුණු දක්වා තිබුණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශගත වීම නිසා ඔහු සමඟ සාකච්ඡාවකට ඉඩක් ලැබී නැත.
‘එක රටක් - එක නීතියක්’ යන සංකල්පය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් රටට ඉදිරිපත් කළ අදහසකි. එය ඉටුකිරීමට ජනවරමක් ජනාධිපතිවරයාට හිමි වී ඇති බැවින් ඊට උචිත පියවර ගැනීම වරදක් නොවේ. විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ අධිකාර පත්‍රය අනුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහා ව්‍යවස්ථා විශාර ද ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ව්‍යවස්ථා සම්පාදන කමිටුවක් පත් කර තිබේ. එම කමිටුවට රජය ලබා දී ඇති ප්‍රධාන මඟපෙන්වීම වන්නේ නව ව්‍යවස්ථාව තුළින් එක රටක් - එක නීතියක් යන සංකල්පය තහවුරු කිරීමය. ඒ අනුව ව්‍යවස්ථා සම්පාදන කමිටුව මේ වන විට දේශපාලන පක්ෂ සහ තවත් සංවිධාන ගණනාවක මත විමසා ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කර ඇත.
තවත් සති කිහිපයකින් එම කෙටුම්පත ධවල පත්‍රිකාවක් ලෙස අමාත්‍ය මණ්ඩලයේ මූලික සාකච්ඡාව පිණිස යොමු කරන බව අධිකරණ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ මෙයට දෙසතියකට පමණ පෙරදීය.
මෙම පසුබිමේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් එක රටක් - එක නීතියක් සංකල්පය උදෙසා විශේෂ කාර්යසාධක බළකායක් පිහිටුවීම අවශ්‍ය ද? උචිත ද? යන්න සලකා බලනු වටී. ජනාධිපතිවරයා මේ ගැන සිය පාර්ලිමේන්තු කණ්ඩායමට ප්‍රකාශ කර තිබුණේ අදාළ කමිටුව පත් කළේ තමන්ට උපදෙස් දීමට මිස නව නීති සම්පාදනයට නොවන බවයි. එහෙත් එක රටක් - එක නීතියක් වැනි සංකීර්ණ විෂයක් උදෙසා පත් කළ කාර්ය සාධක බළකායක ප්‍රධානත්වය නීතිය පිළිබඳව විශාරදයකුට නොපවරා ඥානසාර ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මෙවන් කාර්ය සාධක බළකායක් පත් කිරීම සාධාරණ ද යන්න විමසිය යුතු ප්‍රශ්නයකි. විධායක ජනාධිපතිතුමා පත් කරන කාර්ය සාධක බළකායට ඔහුට අභිමත කෙනකු පත් කිරීමේ බලය නීතියෙන් හිමිවේ.
එහෙත් එම පත්වීම් සමාජයේ සාධාරණ පිළිගැනීමට ලක්විය යුතුය. මේ ගැන ප්‍රතිවිරුද්ධ තර්ක ඉදිරිපත් කරන ආණ්ඩුවට සහාය දෙන ඇතැම් දේශපාලන මතධාරීන් කියා සිටින්නේ අධිකරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පත් කරන ලද අවස්ථාවේදීත් මෙවැනිම සමාජ විරෝධයක් මවා තිබූ නමුත් ඔහු සිය කාර්යභාරය ඉටුකිරීමේ දී ප්‍රශස්තභාවයෙන් ක්‍රියා කොට සමාජ ගෞරවයක් දිනාගත් බවයි. එහෙත් අලි සබ්‍රි මහතාගේ පත්වීම සහ ඥානසාර ස්වාමින් වහන්සේගේ පත්වීම එලෙස තුලාවකට දමා සැසඳීමට යාම කොතරම් දුරට යහපත් අභ්‍යාසයක් දැයි මැදහත් සමාජය ප්‍රශ්න කරති.
ඥානසාර ස්වාමින් වහන්සේ සිංහල බෞද්ධ සමාජයේ කිසියම් පිළිගැනීමක් ලබා ඇති යතිවරයෙකි. එහෙත් උන්වහන්සේගේ අතීත ක්‍රියා කලාපය ප්‍රශ්න කිරීමට දැන් ඇතැම්හු පෙළඹී සිටිති. ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙන්ම කතෝලික රදගුරු සමුළුවද මෙම පත්වීමට දැනටමත් විරෝධය පළ කර ඇත. මේ සම්බන්ධයෙන් නීතිඥ සංගමය නිකුත් කරන ලද ප්‍රකාශයෙහි සඳහන් වන්නේ මෙවන් කාර්ය සාධක බළකායකින් සැකසෙන නීති රටේ පිළිගත් නීත්‍යානුකූල රාමුවට අයත් නොවන බවය. රටේ නීති සම්පාදන බලතල මැතිසබයේ මහජන නියෝජිතයන් සතුව තිබිය දී මෙවන් කාර්ය සාධක බළකායකින් නීති සම්පාදනය කිරීම විධායක බලතල බාහිර පාර්ශ්වයකට පවරා දීමක් බවත් නීතිඥ සංගමය ප්‍රකාශ කර ඇත. එමගින් මහජන ස්වෛරීභාවය බිඳවැටෙන බව ද නීතිඥ සංගමය ප්‍රකාශ කර තිබේ. කතෝලික රදගුරු සමුළුව සිය ප්‍රකාශය මගින් කියා සිටියේ එක රටක් - එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකා ගැසට්ටුව අවලංගු කළ යුතු බවය.
දැන් මෙම කාර්ය සාධක බළකාය සමාජයේ උණුසුම් තර්ක විතර්කවලට බඳුන්ව පවතී. බොහෝ අංශවලින් එල්ල වන්නේ විවේචනය. එම නිසා එක රටක් - එක නීතියක් කාර්ය සාධක බළකාය යහපත් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය වාතාවරණය සැකසීම ආණ්ඩුවේ වගකීමයි. එසේත් නොමැති නම් මෙම කාර්ය සාධක බළකාය වෙනුවට වෙනත් විකල්පයක් රජය විසින් නිර්මාණය කළ යුතුය. එසේ නොකර අන් අයගේ මත නොවිමසා කටයුතු කිරීමට යාමෙන් හෑල්ලුවට ලක්වන්නේ රටේ නීති සම්පාදන ක්‍රියාවලිය උදෙසා පත් කළ මෙම කාර්යසාධක බළකාය බව බහුතර ජනතාවගේ විශ්වාසයයි.
(***)
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කාර්ය සාධක බළකායේ පත්කිරීම් ගැන විවේචන
සමිත සේනක අලුත්ගමගේ. Sunday, 07 November 2021 11:59 PM
ප්‍රජාතන්ත්‍රවාදී රටක අධිකරණ පද්ධතිය, ගරු අගවිනිසුරු තුමා ඇතුළු විනිසුරුතුමන්ලා, අධිකරණ සේවා කොමිෂන් සභාව ආදී වගකිවයුතු අංශ තිබියදී, මේ කාර්ය සාධක බලකා දමාගෙන කරනා අඳබාල වැඩ ගැන නීතිය දත් අයට ඇත්තේ පිළිකුලකි. වසර පහකට පමණ කලකට බලයට පත්වී එන දේශපාලනඥයන් කිසිදු විචාරයක් නොමැතිව රටේ නීතිය සමග සෙල්ලම් කිරීම බලවත් අපරාධයකි. ඊටත් වඩා අවාසනාව නම්, රටේ ජනතාවට මේ කිසිවක් ගැන අවධානයක් නොමැතිවීමයි. ජනසන්නිවේදන ක්ෂේත්‍රය හා නීතිය ගැන යම් පරිචයක් ඇති අප වැන්නන් රට දැනුවත් කිරීමේදී එයට අකුල් හෙලනා අය ගැන අපට ඇත්තේ කනගාටුවකි.
sujeewaTuesday, 09 November 2021 12:16 PM
ඔබ සඳහන් කර ඇති සියළු අංශ ක්‍රියාත්මක වනුයේ මහජන අදහස් අනුව හෝ මහජන මතය අනුව නොවේ. මෙතෙක් සකසා ඇති නීති පද්ධතිය තුලය. එම නීති පද්ධතිය යාවත්කාලීන විය යුත්තේ ජනතාවට අවශ්‍ය පරිදිය. ඒබැවින් ජනතා මතය ලබා ගැනීම සඳහා කිසියම් අවස්ථාවක් ලබා දිය යුතුය. යම් මතයක් නීතියට අනුකූල නොවීම මතම ඉවතට විසිවීමෙන් ජනමතය පිළිඹිබු නොවේ. ඒබැවින් පළමුව ජනතා අදහස් විමසා ඒ් අනුව යෝජනා ගොනු කල යුතුය. ඒසේ සකසන යෝජනා පවතින නීතියට අනුකූලද නැත්ද යන්න පිළිබඳ තීරණ. ඔබ කියූ අංශ විසින් සිදු කරනු ඇත. ඒවිට ඒම තීරණය අනුව යෝජනා හකුලා ගන්නේද, ඒම යෝජනා සංශෝධනය කරන්නේද, නැතහොත් නීතියට පටහැනි වුවත් ඒය ජනමත විචාරණයකට යොමු කරන්නේද යන්න විධායකය හා ව්‍යවස්ථාදායකය තීරණය කරනු ඇත. ජනමත විචාරණයකින් සම්මත වුවහොත් ඒය ඔබ කී අංශ වලටද පිලිගැනීමට සිදු වන අතර ඒය නීතියක් බවටද පත්වනු ඇත. ජනතාව ප්‍රතික්ෂේප කල හොත් ඒය නීතියක් නොවන බැවින් ඔබ කියූ අංශ විසින්ද ප්‍රතික්ෂේප කරනු ඇත. නීතිය සැකසිය යුත්තේ ජනතාව විසිනි. ජනතාවට නොවැදගත් නීතියකින් පලක් නැත. ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාව ප්‍රතික්ෂේප කරන දෙයක් කෙසේ හෝ රැක ගැනීම නොවේ.
VithanaWednesday, 10 November 2021 08:06 AM
බයියෙක් වීම නිසා මොලයෙන් එන විකාර අදහස්...
සමිත සේනක අලුත්ගමගේ.Wednesday, 10 November 2021 07:21 PM
ඔබතුමාට ගැලපෙන පිළිතුර විතාන මහතා විසින් දී ඇති බැවින් මම නිහඬ වෙමි...