IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ක්‍රි්‍රිකට් තරග පිටුපස වෙළෙඳ ප්‍රචාරණය

 17_SLMA_P20_Back

 

පාපන්දු ක්‍රීඩාවට පසු ලොව ජනප්‍රියතම ක්‍රීඩාව බවට පත්ව ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවය. ලොව රටවල් 125ක් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව සිටින අතර ඉන් රටවල් 10ක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වයද, රටවල් 38ක් ඇසුරු සාමාජිකත්වය සහ රටවල් 59ක් අනුබද්ධ සාමාජිකත්වය දරයි.
ක්‍රිකට් ක්‍රීඩාවේ ආරම්භය ක්‍රි.ව. 1550 තරම් අතීතයට දිවයයි. නිල වශයෙන් ටෙස්ට් තරග ඇරඹුණේ 1877 මාර්තු 15 වැනි දිනයේ වන අතර ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රේක්ෂකයන් වැඩි පිරිසකගේ අවධානයක් දිනා ගැනුණේ 1971 සීමිත ඕවර තරග ආරම්භයත් සමඟිනි. 2003 දී  විස්සයි විස්ස තරග ආරම්භවීමත් සමඟ ක්‍රිකට් තරග ප්‍රේක්ෂක උන්මාදයක් බවට පත්වූයේය.


ටෙස්ට් තරග පමණක් පැවැති කාලයේ ක්‍රිකට් ක්‍රීඩාව සඳහා අනුග්‍රාහකයන් හෝ ඒ ඔස්සේ වෙළෙඳ ප්‍රචාරණයේ යෙදීමක් හෝ දක්නට ලැබුණේ නැත. බොහෝ විට ක්‍රීඩා තරග සංවිධානය කෙරුණේ ක්‍රීඩා සමාජවලින් හෝ ක්‍රීඩා කරන දෙරට මගිනි. අතීතයේ ක්‍රිකට් සඳහා වෙළෙඳ ප්‍රචාරණයක් නොවූවද ඔට්ටු අල්ලන්නන් අතර ඒවා ඉතා ජනප්‍රිය වූයේය. ඔවුන් දිනන කණ්ඩායම් සඳහා විශාල වශයෙන් ඔට්ටු ඇල්ලූ අතර බි්‍රතාන්‍යයේ කැවලියර් පාර්ලිමේන්තුව ක්‍රීඩාව සඳහා වන ඔට්ටු පවුම් 100කට නොවැඩි විය යුතු බවට 1664 වසරේ ක්‍රීඩා පනතක් සම්මත කළේය. වර්තමාන අගය අනුව එය පවුම් 14,000ක් පමණ වේ. 


සීමිත ඔවර ක්‍රිකට් තරග ආරම්භ වීමත් සමඟ ක්‍රිකට් කණ්ඩායම් සඳහා ව්‍යාපාරික ආයතන කිසියම් අනුග්‍රාහකත්වයක්  ලබා දීම ඇරඹුණු අතර බොහෝ විට එම තරගාවලිය නම් කෙරුණේ එම සමාගමේ නාමයෙනි.  බෙන්සන් ඇන්ඞ් හෙජස්, පූමා, කැතේ පැසිෆික්, සෙන්ට් පීටර්, මැක්ඩොනල්ඞ් වැනි ආයතන එයින් කිහිපයකි. ඒ අනුව එම සමාගමේ ලාංඡනය සහිත ඇඳුම්, හිස් වැසුම්, අත්වැසුම්, පා ආවරණ භාවිත කරනු දැකිය හැකි විය.  පසු කාලයේ විවිධ සමාගම් තමන් වැඩියෙන්ම ප්‍රිය කරන ක්‍රීඩකයන් සඳහා අනුග්‍රාහකත්වය ලබා දුනි. පැරමවුන්ට් කමිස නිෂ්පාදකයන්, ගිලට් සමාගම, කොකබුරා ක්‍රිකට් පිති සහ පන්දු නිෂ්පාදන සමාගම වැනි ආයතන එලෙස ක්‍රීඩකයන් සඳහා අනුග්‍රාහකත්වය දැක්වූ අතර ඒ වෙනුවෙන් එම ක්‍රීඩකයා ඔවුන්ගේ වෙළෙඳ ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගන්නා ලදී.


කලක් ක්‍රිකට් තරග සඳහා ප්‍රධාන පෙළේ මත්පැන් සහ දුම්කොළ සමාගම් අනුග්‍රාහකත්වය දැක්වූ නමුදු ලොව බොහෝ රටවල්  මත්පැන් සහ දුම්කොළ ප්‍රචාරණයට වාරණයක් දැමූ හෙයින් එම සමාගම්වලට ක්‍රිකට් ක්‍රීඩාව සඳහා දැක්වූ අනුග්‍රහයකත්වයෙන් ඉවත් වීමට සිදු විය.


ක්‍රිකට් ක්‍රීඩාව ව්‍යාපාරිකයන්ගේ දැවැන්ත ප්‍රචාරණ මාධ්‍යයක් බවට පත් වූයේ රූපවාහිනිය මගින් සජීවී තරග ප්‍රචාරණය ආරම්භ වීමත් සමඟිනි. සීමිත ඕවර හා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලි සහ පසුකාලීනව ආරම්භ වූ ඉන්දියාවේ අයි. පී. එල්. තරගාවලිය නැරඹීම සඳහා ලොව පුරා ප්‍රේක්ෂකයන් විශාල පිරිසක් රූපවාහිනිය  ඔස්සේ එක්වීම මත වැඩි පිරිසකට තම නිෂ්පාදන අලෙවි කර ගැනීමේ සුදුසුම මාධ්‍යය ක්‍රිකට් ක්‍රීඩාව බැව් ඔවුහු වටහා ගත්හ.

සමීක්ෂණවලට අනුව ලොව පුරා සිටින ක්‍රිකට් ලෝලයන්ගෙන් 65% පිරිමින් වන අතර 35% කාන්තාවන් බවත්  ඔවුන්ගෙන් වැඩි පිරිසක් ශ්‍රව්‍ය මාධ්‍යයට වඩා දෘෂ්‍ය මාධ්‍යයට සමීප වන බවත් තහවුරු වූයේය. ඉන්දියාව, පාකිස්ථානය, බටහිර ඉන්දීය කොදෙව් වැනි රටවල ක්‍රිකට් ක්‍රීඩාව ඇදහිල්ලක් බවට පත්ව තිබේ. ව්‍යාපාරිකයන්ගේ අරමුණ ක්‍රිකට් තරග අතරතුර පාරිභෝගිකයන්ගේ භාවයන් සමඟ ක්‍රීඩා කිරීමය. පැය අටක පමණ කාලයක් පුරා නොකඩවා ප්‍රචාරණ වාසි අත්පත් කරගත හැක්කේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් පමණි. තරගයට වසඟවී සිටින ප්‍රේක්ෂකයන්ගේ මනසට තම නිෂ්පාදනයේ වැදගත්කම පෙන්වා ඔවුහු තමන් වෙත ආකර්ෂණය කර ගැනීමට ඔවුන් උත්සාහ කරති.  වෙළෙඳ ප්‍රචාරක මාධ්‍යය සඳහා වැඩි ප්‍රේක්ෂක ප්‍රසාදයක් දිනා ඇති ක්‍රීඩකයන්, නළුනිළියන් වැනි චරිත වැඩි වශයෙන් යොදා ගැනෙනුයේ ඔවුන් එම භාණ්ඩ භාවිත කරන හෙයින් ඔවුන්ට ආදරය කරන පාරිභෝගිකයන්ද ඒවා භාවිත කිරීමට පොළඹවනු පිණිසය. වැඩි පිරිසක් වෙත තම නිෂ්පාදන අලෙවි කළ හැකි ක්‍රිකට් ක්‍රීඩා තරග සඳහා ආයෝජනය කිරීමට ව්‍යාපාරිකයෝ නොපැකිළෙති. ඇතැම් තරගවල උච්චතම මොහොතේ විවිධ වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඇතැම් ව්‍යාපාරිකයෝ උනන්දු වෙති. ඒ අනිවාර්යයෙන්ම තම වෙළෙඳ දැන්වීම විශාල පිරිසක් වෙත ග්‍රහණය කිරීමට හැකි බැව් ඔවුන් දන්නා නිසාය.


වෙළෙඳ ප්‍රචාරණය ලබා ගන්නා ක්‍රම කිහිපයකි.  ක්‍රීඩා පිටිය වටා ප්‍රචාරක පුවරු සවි කිරීම, පිටියේ පන්දු යවන අන්ත දෙකෙහි දැන්වීම් සලකුණු කිරීම, ලකුණු පුවරුව දෙපස සහ  ඉලෙක්ට්‍රොනික ලකුණු පුවරුවේ වරින්වර දැන්වීම් ප්‍රචාරය, පැති ආවරණ මත (සයිඞ් ස්ක්‍රීන්) ප්‍රචාරණය, ප්‍රේක්ෂකයන් සඳහා ප්‍රචාරක පුවරු ලබා දීම, ක්‍රීඩකයන්ගේ ඇඳුමේ සහ කඩු`ඵවල තම අනුග්‍රාහකත්වය සඳහන් කිරීම, ක්‍රීඩා මණ්ඩපයේ ප්‍රචාරක පුවරු සවි කිරීම එයින් කිහිපයකි. මේ හැර පන්දුවාර අතරතුර වෙළෙඳ දැන්වීම් ප්‍රචාරය කිරීමද සිදු වෙයි. පසුගියදා අවසන් වූ විස්සයි විස්ස  ලෝක කුසලාන තරගාවලිය කැමරා 29කින් රූගත කෙරුණු අතර එය ලොව පුරා සිටින ප්‍රේක්ෂකයන් බිලියන 2.5ක් නැරඹූ බවට වාර්තා විය. ඒ අනුව ක්‍රිකට් තරගය නැරඹූ බිලියන 2.5ක පිරිසකට ක්ෂණයකින් තම නිෂ්පාදන පිළිබඳව දැනුම්වත් කිරීමට ව්‍යාපාරික ප්‍රජාව සමත් විය.


ක්‍රිකට් තරගාවලි ඔස්සේ ප්‍රචාරණය ලබා ගැනීමට බොහෝ ව්‍යාපාරිකයන් සූදානම් හෙයින් රූපවාහිනි නාළිකා අතර විශාල තරගයක් ඇති වී තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයෙන් තරග විකාශය කිරීමේ අයිතිය ලබා ගැනීමට ඔවුහු එකිනෙකා පරයා කටයුතු කරති. 2014 වසරේ විකාශය කෙරුණු තරග 49ක් අතරතුර ප්‍රචාරය කෙරුණු රූපවාහිනී වෙළෙඳ දැන්වීම්වලින් ඊඑස්පීඑන් නාළිකාව උපයා ගන්නා ලද ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 128ක් විය.


අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ක්‍රීඩා විකාශ අයිතිය ලබා දෙනුයේ ටෙන්ඩර් කැඳවීම මගිනි. සීමිත ඕවර ලෝක කුසලාන තරගවලි දෙකක්, විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලි  දෙකක් ඇතු`ඵ 2015 සිට 2023 අතර කාලයේ පැවැත්වෙන තරගාවලි 18ක් ලොව පුරා විකාශය කිරීමේ අයිතිය මෙවර හිමිකරගෙන ඇත්තේ ඉන්දියානු සහ මැදපෙරදිග ස්ටාර් ස්පෝර්ට්ස් ආයතනයයි. එය රූපට් මර්ඩොක් සතු 21 සෙන්චරි ෆොක්ස් සමාගමට අයත් නාළිකාවකි. ඒ සඳහා ඔවුන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ගෙවා ඇති මුදල ඩොලර් බිලියන 1.98කි. එම්.එස්.එම්, ටෙන් ස්පෝට්ස්, නියෝ ස්පෝට්ස්,  නයින් ස්පෝට්ස් සහ ෆොක්ස් ස්පෝට්ස් වැනි නාළිකාද රූපවාහිනි අයිතිය ලබා ගැනීම සඳහා උනන්දු වූහ. 


ඉන්දියානු අයි.පී.එල් තරගාවලිය ආරම්භ වනතෙක් මහා පරිමාණ ගෘහස්ථ ක්‍රිකට් තරගාවලියක් නොපැවැතිනි. අයි.පී.එල්. තරගාවලිය ආරම්භ වූයේ ව්‍යාපාරික මට්ටමිනි. ඒ සමග වෙළෙඳ ප්‍රචාරණයද ඉහළ ගියේය. අයි.පී.එල් තරගයක එක් පන්දු වාරයක් තුළ වෙළෙඳ දැන්වීම් එකොළහක්වත් ප්‍රචාරය කෙරේ.


ක්‍රිකට් තරගවලදී විශාල වශයෙන් ප්‍රචාරණයේ යෙදෙන ඉන්දියාවේ හීරෝ මෝටර් රථ සමාගමේ අලෙවි ප්‍රධානි අනිල් ඩුවා පවසන්නේ ක්‍රිකට් ක්‍රිඩාව වාණිජ වශයෙන් සාර්ථක නොමැති නම් එහි පැවැත්මක්ද නොමැති බවයි. අයි.පී.එල් තරග ඇරඹීමත් සමඟ ක්‍රිකට් ක්‍රීඩාවට අධි බලයක් එක්කෙරුණු බවත් පසුගිය පස් වසරක කාලය තුළ වෙළෙඳ ප්‍රචාරණය සඳහා අය කෙරුණු මිල සාධාරණ බවත් ඔහු ප්‍රකාශ කළේය. එහෙත් සෙනිත් ඔප්ටිමීඩියා ප්‍රචාරක සමාගමේ නවීන් කෙම්කා පවසන්නේ ව්‍යාපාරිකයන් එකවර අධික වාරික මුදලක් වෙළෙඳ ප්‍රචාරණය සඳහා ගෙවීමට මැළිකමක් දක්වන බවය.

පසුගිය වසරේ තත්පර 10ක වෙළෙඳ දැන්වීමක් සඳහා ඉන්දියානු රුපියල් ලක්ෂ 5ක් අය කෙරුණු බැව් ඔහු සඳහන් කර තිබිණි. එහෙත් ඇතැම් මහාපරිමාණ ව්‍යාපාරිකයෝ දැන්වීම් ගාස්තු කෙතරම් ඉහළ ගියද ක්‍රිකට් තරග සඳහා වෙළෙඳ දැන්වීම් ලබා දීමට මැළි නොවන බවද ඔහු කියා සිටියේය. විස්සයි විස්ස තරගවලදී රේමන්ඞ්, කැඞ්බරි, ටාටා, වැනි සමාගම් විශාල වශයෙන් ප්‍රචාරණයේ යෙදෙන සමාගම් අතරින් කිහිපයකි. පසුගිය ලෝක කුසලාන තරගය සඳහා රේමන් සමාගම ඉන්දීය රුපියල් දසලක්ෂ 35ක් ප්‍රචාරණය සඳහා වෙන් කොට තිබිණි. ක්‍රිකට් තරගවල ප්‍රචාරණය සඳහා වැඩි මුදලක් වැය කරන සමාගම් අතර සෝනි, ඇමසන්, වෝඩාෆෝන්, සියැට්, කොකාකෝලා, ඔපෝ මොබයිල්, හැවෙල්, මොන්ඩෙලස්, මරුති, සම්සුන් වැනි සමාගම් ඉදිරියෙන් සිටී.


වෙළෙඳ ප්‍රචාරණය සඳහා ක්‍රිකට් ක්‍රීඩකයන් යොදා ගැනීමට බොහෝ සමාගම් උනන්දු වෙති. ක්‍රීඩකයාගේ කීර්තිය මතින් තම භාණ්ඩ අලෙවි කර ගැනීම ඔවුන්ගේ අරමුණය. පසුගිය වසරේ වෙළෙඳ ප්‍රචාරණය සඳහා දායක වීමෙන් වැඩිම මුදලක් උපයා ඇත්තේ ඉන්දීය නායක මහේන්ද්‍ර සිං දෝනිය. ඔහු උපයා ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 30කි. විරාට් කෝලි ඩොලර් මිලියන 15ක්ද, පාකිස්ථානයේ ෂාහිඞ් අෆ්රිඩි ඩොලර් මිලියන 12.5ක්ද, ඔස්ටේ්‍රලියාවේ ෂේන් වොට්සන් ඩොලර් මිලියන 5ක්ද, ඬේවිඞ් වෝනර් ඩොලර් මිලියන 4ක්ද, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ක්‍රිස් ගේල් ඩොලර් මිලියන 2ක්ද, ඉන්දියාවේ රෝහිත් ෂර්මා ඩොලර් මිලියන 1ක්ද, දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ඒ. බී. ඩිවිලියර්ස් ඩොලර් 800,000ද, යුවරාජ් සිං ඩොලර් 900,000ද, සුරේෂ් රයිනා ඩොලර් 300,000ද වශයෙන් වෙළෙඳ දැන්වීම්වලට පෙනී සිටීමෙන් උපයාගෙන තිබේ.

m



අදහස් (0)

ක්‍රි්‍රිකට් තරග පිටුපස වෙළෙඳ ප්‍රචාරණය

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 2425 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 331 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 960 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 84 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 178 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 232 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38904 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25517 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1024 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 365 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site