IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


කැලණි ගඟට මරාගෙන මැරෙන ප්‍රහාරයක්

මුදිතා දයානන්ද

ගඟක් රටකට සම්පතක් වනවාද විපතක් වනවාද යන්න තීරණය වන්නේ ඒ රටේ රාජ්‍ය ප්‍රතිපත්ති, දේශපාලකයින්ගේ දැක්ම, වුවමනාව හා නිලධාරින්ගේ ක්‍රියාකාරිත්ව අනුවය. ලෝකයේ බොහෝ රටවල ප්‍රධාන නගර අශ්‍රිතව මුහුදට ගලාබසින ගංඟා නිසි පරිදි කලමණාකරණය කරගනිමින් පරිසරය රැකගැනීමත් සමග  ආර්ථික ප්‍රතිලාබද හිමිකර ගනී. එහෙත් අපේ රටේ කැලණි ගඟ බොහෝ දෙනාට  කසල බැහැර කරන වැලි ගොඩදා එයින් ලාබ ලබා ගන්න තැනට තල්ලු වී ඇත.ඒ කෙසේද යන්න පිළිබඳවය. එයි වැලිටික ගොඩදාගන්නේ කෙසේද එයින් ලාභ ලබන්නේ කෙසේද යන්න පිළිබඳවය. ඒ නිසා අද කැළණි ගග අපේ රටට සම්පතකටවඩා විපතක් බවට පත්ව තිබේ.       

ශ්‍රී පාද අඩවියෙන් ආරම්භව කැලණිය හේකිත්තෙන් මුහුදට එක්වන කැලණි ගඟ එම ගමන් මාර්ගය බියගමින් හෝ මල්වානෙන්සිය ගමන් මග වෙනස් කර  මුහුදට එක්විය හැකි බවට කිසිවෙකු අනාවැකියක් පළකළ හොත් එය කෙනෙකු  භීතියක් ඇති කරනු නිසැකය. කැලණි ගඟදැන් මුහුදට එක් වන්නේ කලින් ගමන් මාර්ගයේ පමණක් නොව ඇතැම් ස්ථානයකින් කිලෝමීටරයක් පමණ වෙනස් ව බව වාරිමාර්ග හා ජලකලමණාකරන අමාත්‍යංශය පෙන්වාදෙ ඒ අනුව හෙට දවසේ මෙහි ගමන් මග වෙනස් වීම අරුමයක් නොවේ.        

ලංකාවේ ප්‍රධාන ගංඟා දහසය අතරට වැටෙන කැලණි ගඟ කිලෝමීටර් 145ක පමණ දිගින් යුත් වැඩිම ජල ධාරිතාවක් සහිත මෙරට දෙවැනි ගංඟාවයි. කෙහෙල්ගමු ඔය හා මස්කෙළි ඔය මෙහි ආරම්භක ජල දහරා දෙක වන අතර එයට ප්‍රධාන වශයෙන් කිතුල්ගලදී මල්වතු ඔයෙන්ද, යටියන්තොටදී වී ඔයෙන්ද, රුවන්වැල්ලේදි ගුරුගොඩ ඔයෙන්ද, අවිස්සාවේල්ලේදි සීතාවක ගඟෙන්ද,පෝෂණය වේ.           

අද කොළොම්තොට මෙරට ජනාකීර්ණම ප්‍රදේශය බවට පත්වෙද්දි පිටාර තැනි අහෝසිව වගුරුබිම් සියල්ලම තුරන්වෙමින් පවතින තත්වයකට පත්ව ඇත. එහි අනිවාර්ය ප්‍රතිඵලය වී ඇත්තේ සුළු වර්ෂාවකදී පවා වැසි ජලයෙන් යටවන නගරයක් බවට කොළඹ පත්විමය. එසේම කැළණි ගඟබඩ ප්‍රදේශ ඉතා පහසුවෙන් ගංවතුර තර්ජනයට ලක්වීමය.         

කලක් සීමාවකින් තොරව වැලිගොඩ දැමීමෙන් ගං පතුල පහත්විය. ඒ හේතුවෙන් ගංඟා ආසන්නයේ පැවති දිය උල්පත් ඉවුරු ඔස්සේ ගඟට ඇදි යාමෙන් ළිං සිඳීයාම ඉක්මන් විය. ලංකාවේ සෑම ගංඟාවක් ආශ්‍රිතවම පවතින ඉවුරු ලිහිල් පාංශු පිහිටීමක් සහිතය. එම ලිහිල් පාංශූ පිහිටීම නිසා පිටතින් සුලළු පීඩනයක් යෙදුවද පංශු ඛාදනය වේ. මේ වන විට අවිස්සාවේල්ලේ සිට කැලණියෙන් ගඟමුහුදට වැටෙන තෙක් ගං ඉවුරු දෙපසම මහාපරිමාන කර්මාන්ත ඉදිකර ඇතිවා පමණක් නොව ඇතැම් ස්ථානවල කන්ටේනර් අංගන පවා ඉදිකර ඇත. එක් පැත්තකින් වැලි ගොඩ දැමිමෙන්ද අනෙක අතින්ගං ඉවුරුවල තවාන් දැමුවා සේ කර්මාන්ත දහස් ගණනක් අරඹමින් සිදුකරන බලපෑමේ අනිවාර්ය ප්‍රතිඵලය බවට පත්ව ඇත්තේ වර්ෂාවකදී පවා ගං ඉවුර කඩා  වැටිමයි. ඇතැම් විට දෙපස ගස් කොළන් ඇතැම් විට ගෙවල් දොරවල්  පවා ගගට මෙලෙස ගඟට බිලිවේ. අද කැලණි ගඟේ ඉවුරු ඛාදනය නිසා මේ අනතුරට  තදින් ගොදුරු වෙමින් තිබෙන්නේ මල්වාන, රණාල ඇඹුල්ගම ප්‍රදේශයි. මේ වන විට වැලිගොඩදැමීම නවතා ඇති නමුත් සෝදාපාලළුවට ලක්ව සංරක්ෂණය ලක් නොවුණ ඉවුරු දැඩි ගං වතුර තත්වයකදි තව දුරටත් සෝදායාම වැළැක්වීය නොහැකිය.      

කැලණි ගඟ ඇතැම් අවස්ථාවල අංශක අනුවකින් හැරී තම ගමන් මග වෙනස් කරගන්නා අතර ඇතැම් අවස්ථාවල අංශක හැටක පමණ කෝණයකින්  ගමන් මග වෙනස් කරගනී. ඇතැම් විට මෙවැනි නැමි දෙකක් එක ළග පිහිටීම නිසා ඉහළින් ගග නිරික්ෂණය කරන්නෙකුට ඉංග්‍රීසි ඉසෙඞ් අකුරේ හැඩය පෙන්නුම් කෙරේ. මල්වාන රක්ෂපාන ගල ආසන්නයේදීත්, කඩුවෙල පාලම ආසන්නයේදිත් පෙන්නුම් කරන්නේ අංශක හැටක පමණ හැරවුමකි. එවැනි ස්ථානයකදී නැම්මේ ඇතුල් පැත්තෙන් ගොඩබිම ඩෙල්ටාවක් පරිදි පිහිටනු ඇත. මේ ඩෙල්ටා ප්‍රදේශ සංරක්ෂණය නොකළහොත් හෝ ඒ ආසන්නයේදී ගඟට බාධාවන් යෙදුවහොත් හෝ ගං ඉවුරු මත අධික බරක් යෙදුවහොත් හෝ ගඟෙ නැම්මේ පිට පැත්තෙන් ඉවුර තව තවත් පළල්වීමට මෙන්ම ඇතැම් විට ඩෙල්ටාව කඩාගෙන ගඟ ගලා බැසීමටද ඉඩ තිබේ. අද රණාල ප්‍රදේශයේදි මෙම අනතුර දක්නට ඇති අතර පසුගියදා කඩුවෙල පාලමේ කොන්ක්‍රීට් කණුවලට පිටින් ගොඩබිමේ කොටසක් ඛාදනයට ලක්ව ප්‍රධාන මාර්ගය ගිලාබැසීමේ තත්වයකට මුහුණ දුන්නේද මිනිසුන් සොබාදමේ රිති හඳුනා නොගෙන හිතුවක්කාරී ලෙස පරිසරය වෙනස් කිරීමේ ප්‍රතිඵල ලෙසය.         

මිනිසා පාලනය කිරිමට නීති රීති පවතින්නා සේ සොබා දහම තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හදාගත් රිතිද පැවතිම. ඒ රීති නොදැන සොබාදහම වෙනස් කරන  මිනිසාට එහි අනිටු විපාක විඳින්නට සිදුවිම අනිවාර්යයකි.   

කැලණි ගඟ සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් පසුගිය දිනක බස්නාහිර පළාත් සභාවට යෝජනාවක් ඉදිරිපත් කරමින් ගංඟාවේ ගමන් මාර්ගය ස්ථාන දෙකකින් වෙනස් වී වෙනම මාර්ගයක ගමන් කළ හැකි බවටත් එය අධික ලෙස දූෂණයට ලක්වීමත් සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජෛවජනන හරිත තාක්ෂණ පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක, බස්නාහිර පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී, ආචාර්ය අශෝක රන්වල මහතා කැලණි ගඟ පත්ව තිබෙන අනාරක්ෂිත තත්වය සම්බන්ධයෙන් දැක්වුයේ මෙවැනි අදහසකි         

අංශක හැටක පමණ හැරවුමක් සහිත මල්වාන රක්ෂපාන ගල අසලදී ගඟ ගලායාමේ මාර්ගය වෙනස්වීමේ අවදානමක් අද මතුවී තිබෙනවා. ස්වාභාවික පිහිටිමේ පවතින විශාල ගල්පර්වතයක් නිසා ගඟ පටු වීමත් එයට පෙර ගඟේ විශාල නැම්මක් සහිත වීමත් නිසා විශාල ජලකඳක් ගෙන එන අවස්ථාවලදී ගඟට ඉහළින් ඉවුර කඩාගෙන ගඟ පළල්වෙලා. දැන් එය මහපාර අයිනටම කඩාගෙන ඇවිත් තිබෙන්නේ. ඊළගට එන මහවතුරකදී මෙය මල්වාන බියගම මාර්ගයද කඩාගෙන බියගම අයෝජන කලාපය ඔස්සේ ගලාබසින්නට ඉඩ තිබෙනවා.  එවැනිම නෙරීමක් බියගම මල්වාන පාර ආරම්භ වන බියගම හංදිය ආසන්නයෙන්ද දකින්න ලැබෙනවා. අපේ ගංඟාවල ඉවුරු ඉතා ලිහිල්. ඒ නිසා මේවා සෝදාපාළුවට ලක්වීමට තිබෙන ඉඩ වැඩියි.        

බරපතළ ලෙස වැලි ගොඩදැමීම නිසා රණාල ප්‍රදේශයේදි ඉවුරු ඛාදනය වේගවත් වුණා. අද වැලි ගොඩදැමීම තහනම් කර තිබෙනවා. එහෙත් තවමත් මහාපරිමාණ කර්මාන්ත හා කන්ටේනර් අංගන පවා ගං දෑලේ ස්ථාපිත කර තිබෙනවා. එයින් ඉවුරට ඇති කරන අමතර දැඩි පීඩනය නිසා වගේම මේවායින් පිටකරන අප ජල කාණු ඉවුරු ඔස්සේ ගඟට එකතුවීම නිසාත් ඉවුරු ඛාදනය දිගින් දිගටම සිදුවෙනවා. ඒ වගේම ගඟට එකතුවන අපද්‍රව්‍ය නිසා අද ජනතාවට පරිභෝජනයට දෙන ජලය පවා පිරිසිදුද කියන ප්‍රශ්නයක් මතුවී තිබෙනවා. විශේෂයෙන් පට්ටිවිල ජලපවිත්‍රගාරය පිහිටුවා තිබෙන්නේ අපජලය රැගත් ඇළ මාර්ගයක් ගඟට වැටෙන ස්ථානයේයි. පවිත්‍රාගාරයකදී වුවත් පිරිසිදු කර ඉවත් කළ හැකි රසායනිකවල සීමාවක් තිබෙනවා. මේවා ගැන බලධාරීන් දැනුවත් කළත් කිසිදු පියවරක් ගන්නා බවක් පේන්න නැහැ.

වාරිමාර්ග හා ජලකලමණාකරන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඩී. එම්. ආරියරත්න මහතා කැළණි ගඟ සංරක්ෂණය සම්බන්ධයෙන් දැක්වුයේ මෙවැනි අදහසකි.         

ඕනෑම ගඟක් තමන්ගේ ජලධාරිතාව වැඩි වුණාම තමන්ගේ දිග වැඩිකරගන්න උත්සාහ කරනවා. එහිදි සිදුවන්නේ වංගු වැඩිකරගැනීමයි. කැලණි ගඟ අවසාන ප්‍රදේශයේදි දගර සහිත බව වැඩිවන්නේ මේ හේතුව නිසයි. ඒ වගේම වංගු සහිත ස්ථානවලදී වංගුව පිට පැත්තෙන් ඉවුර ඛාදනය කරගෙන ගලා බසිනවා. ඉවුරු ඛාදනයට හේතුවන්නේ වැලි ගොඩදැමීමනිසා අපි වසරකට පමණ පෙර වැලි ගොඩදැමිම නැවැත්වූවා. නමුත් ඒ ආරම්භ වු ඛාදනය සම්පූර්ණයෙන්ම නැවතිලා නැහැ. එයට අපි බැමි යොදා නැවැත්විමට උත්සාහ කළත් එය වෙනත් තැනකින් කඩාගෙන යන්න පුළුවන්. මේක සංකීර්ණ තත්වයක්. ඉවුරු දෙපස කර්මාන්ත පැවතුණත් නැතත් ඉවුරු ඛාදනය සිදුවෙනවා. ඉතිහාසයේදීත් කැලණි ගඟේ ගමන් මග කිලෝමීටරයක්  පමණ එහාට මෙහාට වෙනස් වෙලා තිබෙනවා. ඒ කාලේ මේ වගේ කර්මාන්ත තිබුණේ නැහැ. කැලණි ගඟේ ගමන් මාර්ගය වෙසන් වීම හා අනතුරුදායක ප්‍රදේශ සම්බන්ධයෙන් අපේ නිලධාරීන් කණ්ඩායමක් නිරීක්ෂනණය කර වාර්තාවක් සකස් කර තිබෙනවා. එය තවම අපිට ලැබී නැති නිසා ගමන් මග වෙනස්වීම සිදුවිය හැකි තැන් ගැන මට නිශ්චිතව කියන්න බැහැ.

ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ඇන්ටන් ජයකොඩි මහතා මෙසේ කීය        

ගඟ කොටස් තුනකින් යුක්තයි. ප්‍රවේගය වැඩි තුරුණුවිය. ප්‍රවේගය තරමක් අඩු පරිණත අවධිය හා ප්‍රවේගය ඉතාමත්ම අඩු මහලු අවධිය ඒ අවධි තුනයි. මෙයින් ඉවුරු ඛාදනය හා ගමන් මග වෙනස්වීම සිදුවිය හැකිව තිබෙන්නේ ජල ධාරිතාව වැඩි හා ප්‍රවේගය වඩාත්ම අඩු මහලු අවධියේදියි. අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් පසු ඇරඹෙන්නේ මේ මහලු අවධියයි. ඒ ප්‍රදේශයේ වංගුත් වැඩියි. ඉවුරු ඛාදනයට වඩාත් වැඩි බලපෑමක් කරන්නේ වැලි ගොඩදැමීමයි. ඒ වගේම ඉවුරු මත යොදන ඕනම පීඩනයක් පාංශූ ඛාදනයට හේතු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කර්මාන්ත ශාලා ඉදිකිරිමේදී ඔවුන් ඉවුරේ බැමි යෙදීමත්, පොළොව තරමක් යටට හාරා කොන්ක්‍රීට් කණු යෙදීමත් නිසා ඉවුරට ඇති කරන පීඩනයත් ඉවුරු ඛාදනය වැඩි කරනවා.         

කැලණි ගඟේ ජලය දුෂණය වීම ට තවත් බරපතළ ගැටලුවකි. අවිස්සාවේල්ලේ සිට කුඩගම හා බියගම ආයෝජන කලාප පිහිටා ඇත. ඊට පරිබාහිර මහාපරිමාණ කර්මාන්ත රැසක් ද ගං ඉවුරු ආසන්නයේම පිහිටා ඇත. මේ කර්මාන්ත අතරින් අතිබහුතරය රසායනික අපද්‍රව්‍ය බැහැර කරන නැතහොත් ඩයි වර්ග බැහැර කරන කර්මාන්ත ශාලාය. රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය නොකළත් බීම වර්ග නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා රැසක් බියගම කඩුවෙල, රණාල ප්‍රදේශයේ ගං ඉවුර ආශ්‍රිතව පිහිටා ඇති අතර ඒවායින් බොහොමයක් බරපතළ ලෙස ගඟේ ජලය භාවිතා කරයි ඇතැම් විට බෝතල් සෝදා ඉවත් කරන අධික ලෙස කෝස්ටික් සෝඩා අඩංගු අපජලය නැවත ගගට මුදාහරින ලබන බවට ඒ ප්‍රදේශවල ජනතාව චෝදනා කරයි.ඒ චෝදනා හා ඒවාට පිළිතුරු ලෙස කර්මාන්ත හිමිකරුවන් කුමක් පැවසුවද බියගම වෙළඳ කලාපය ඔස්සේ ගලා බසින ඇතැම් ඇළ මාර්ග වලජලය කළු පැහැති වනඅතර ඇතැම් ස්ථානවලදී සබන් පෙණ වැනි සුදු පැහැ පෙන පිඬු දැකගත හැකිය. ඒවා ගල්පරවල හැපි නිර්මාණය වන ස්වභාවික පෙනපිඬු නොවන බවද රහසක් නොවේ.         

මෙහි ඇති භායනකම තත්ත්වය  ජලසම්පාදන මණ්ඩලයේ බියගම ජලපවිත්‍රාගාරයට ජලය ලබාගන්නා ස්ථානයට වැටෙන ඇළ මාර්ගයද අධික ලෙස දූෂණයට ලක්ව තිබිමයි. විවිධ රසායනිකයන්ගෙන් සංතෘප්තව ඇති එම ඇළ මාර්ගය තද රතු දුඹුරු පැහැයකින් යුතුය. එහි ජලය පොම්පාගාරය අසළින් ගගට එක්විම වැළැක්වීමට බලධාරින් හා නිලධාරින් හිල් කූඩෙන් වතුර අදිනවා වැනි ක්‍රමවේදයක් අනුගමනය කර තිබේ. එනම් ඇළ මාර්ගය ගඟට එක්වන ස්ථානය අසළින් වැලිකොට්ට දමා එහි එකතු වන ජලය බට යොදා මෝටර් මගින් පොම්පාගාරයට පහළින් නැවත ගඟට එකතු කිරීමය. එහෙත් වැලිකොට්ට අතර නැවති තිබෙන්නේ ඇළ මාර්ගයේ එන ප්ලාස්ටික් බෝතල්, පොලිතින් වැනි අපද්‍රව්‍ය පමණි. එහි රැඳෙන අපජලය සැලකිය යුතු ප්‍රමාණයක් වැලිකොට්ට අතරින් රිංගාට ගඟට එකතු වන ආකාරය ද දැකගත හැකිය. මේ අප ජලය සමග කර්මාන්ත ශාලාවලින් බැහැර කෙරෙන බැර ලෝහ පවා ජලයට එකතු වේ. එසේම හෝමාගම කර්මාන්ත පුරය ඔස්සේ ගලාඑන හෙට්ටිගේ ඔයද හංවැල්ල වෙලේ හංදියෙන් ගඟට එකතුවේ.

 කැලණි ගං මිටියාවත සුරැකිමේ සංවිධානයේ සභාපති එම්. සිරිවර්ධන මහතා මෙසේ පැවසීය.         

කැලණි ගඟ දෙපැත්තේ තමයි කර්මාන්ත ශාලා බහුතරයක් පිහිටා තිබෙන්නේ. මේවායේ අපජලය බැහැර කිරීමට ක්‍රමවේදයක් සකස් කර තිබුණත් ඔවුන් කරන්නේ දවාලට අපජලය ගබඩා කර තබාගෙන රාත්‍රියට ගගට මුදාහැරීමයි. තවත් සමහර කර්මාන්ත ශාලා අධික වැසි අවස්ථාවල ගංගා පිටාර ගලන විටදී කාලයක් එකතුකරගෙන සිටි අපජලය ගගට මුදාහරිනවා. ඒකට හොඳම උදාහරණය තමයි අපේ ගමේ ගඟ ආසන්නයේ ඇළ මාර්ග ආශ්‍රිතව තිබූ වැටකෙයියා පඳුරු ගංවතුර බැස යන විට සුදුපාට වී කොළ මැරි යන තත්වයට පත්විම. වැටකෙයියා කවද්ද ගංවතුරට යට වුණාම මැරුණේ? අපි මේ දේවල් ගැන වගකිව යුතු බලධාරින්ට කෙතරම් දැනුවත් කළත් කිසිම ප්‍රයෝජනයක් අද වනතුරු සිදුවෙලා නැහැ.        

කැලණි ගඟේ ජලය අපවිත්‍රවීම සම්බන්ධයෙන් 2006දී පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් මගින් පත්කළ වෛද්‍යවරුන් පිරිසකගෙන් සැදුම්ලත් පරීක්ෂණ කණ්ඩායම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ මෙසේ සඳහන්වේ.         

කැලණි ගඟ දූෂණයට ලක්විමේ බරපතළකම තේරුම් ගත් මධ්‍යම පරිසර අධිකාරිය එකල ගං ඉවුරට මිටර් 500කින් මෙපිට කර්මාන්ත ඉදිකිරීම තහනම් කිරීමට තිරණය කළ අතර ඒ සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය ලැබී ඇත.එහෙත් පසුකලෙක එම කැබිනට් පත්‍රිකාව අත්හිටුවා මධ්‍යම රජයේ හෝ පළාත් පාලන ආයතනවල අවසරයකින් තොරව ගං ඉවුරේ ඇතැම් කර්මාන්ත ශාලා ඉදිකිරිමට ඉඩකඩ ලබාදී තිබේ. එම කර්මාන්ත ශාලා භාවිතා කරන බෝතල් සේදීමට ගන්නා කෝස්ටික් සෝඩා තනුක කර පරිසරයට මුදාහරින්නේ නම් ඒ සඳහා අවශ්‍ය කරන ජලය ප්‍රමාණය සිතාගැනීමට වත් නොහැකි තරම්ය. මේ පූර්වාදර්ශය මත පිහිටා ඉන්පසු දිගින් දිගටම බීම නිෂ්පාදන කර්මාන්ත ශාලා ගං දැලේ ඉදිකර තිබේ. එයින් ගගට සිදුවන හානිය අති විශාලය.         

බියගම අයෝජන කලාපයේ මෙන්ම ඉන් පරිභාහිරව පිහිටා ඇති කර්මාන්ත ශාලාවලත් අපජලය මුදාහරින ප්‍රභවය බවට කැලණි ගඟ පත්ව තිබේ. කෙතරම් පවිත්‍රකාරක යෙදුවද මේ අප ජලයේ කොස්ටික්, තෙල්, ඩයි වර්ග, ක්‍රෝමියම්, නැනේඩියම් වැනි රසායනික ද්‍රව්‍ය මෙන්ම ක්ෂුද්‍රජීවි විශේෂ අඩංගුවීම වැළැක්විය නොහැකිය.   

මෙම වාර්තාවේ නිකුත් කළ පසු සිදුවු එකම වෙනස නම් නියං කාලවල අඹතලේ ජලපවිත්‍රගාරයේ ජලයේ අධික ලෙස ලවන එකතු වීමයි. ඒ නිසා විකල්ප ලෙස නව ජල පවිත්‍රාගාරයක් රුපියල් දසලක්ෂ 10150ක වියදමින් බියගම පිට්ටිවිල ආරම්භ කළේය. එය ඉදිකිරිමේදී ප්‍රදේශයේ උගත් බුද්ධිමත් පිරිස් හා පරිසරවේදින් පෙන්වා දුන් කරුණු නොසලකා බියගම අයෝජන ප්‍රවර්ධන කලාපය ඔස්සේ අපජලය සහිත ඇළ මාර්ග කීපයක් ගලාවිත් කැලණි ගඟට එක්වන ස්ථානයක් ආසන්නයේ ඉදිකිරිමට බලධාරීන් හිතුවක්කාරී විම නිසා අද ඒ ජලයේ තත්වය සම්බන්ධයෙන්ද ජනතාව තුළ සැක සංකා මතුව තිබේ.         

කඩුවෙල පදිංචි අවුරුදු අසුවක්ම පමණ වයසැති ගොවි මහතෙකු මෙන්ම ව්‍යාපාරිකයෙකු වන පණ්ඩිත සුන්දර මහතා මෙසේ කීය.         

ඒ කාලේ අපේ තාත්තලා සීයලා ගඟ දෙපස පිපිඤ්ඤා, පතෝල වැනි දේවල් වගාකරලා මුළු රටටම විකිණුවා. ගංවතුර ගලන කාලයන් ගැන ඒ කාලේ නිශ්චිත අදහසක් තිබුණා. ගංවතුර සමග ගොඩබිමට විත් තැන්පත් වන කාබනික කොටස් සහිත රොන් මඩ නිසා වගා බිම් යළි පෝෂණය වුණා. ගං වතුර බැහැලා ගියාට පස්සේ ආයෙම වගා කළා. පිටාර තැන්නේ කපන වළවල්වල පිටාර කාලයට ඇවිත් තැන්පත් වන මැට්ටෙන් උළුගඩොල් කපා ගත්තා. වැහි කාලෙට ඇවිත් තැන්පත් වන වැලි පායන කාලෙට අරන් අපි ඉදිකිරිම් කළා. අද එහෙම නැහැ. ඉස්සර වගේ ගඩොල් කැපීම එක කාලයක පමණක් කරන්නේ නැහැ. අවුරුද්ද පුරාම ගඩොල් කපනවා. අවුරුද්ද පුරාම වැලිගන්නවා. පිටාර තැන්න විතරක් නෙවෙයි සියලු වගුරු බිම් ගොඩකරනවා. ඒ නිසා සේරම වෙනස් වෙලා. ගග විනාශ වෙලා.

         

          ඡායාරූප

01. කැලණි ගඟ වෙනස් විය හැකි ස්ථානයක් ලෙස පෙන්වා දෙන මල්වාන රක්ෂපාන ගල අසළ ඛාදනය

             02. පට්ටිවිල ජල පවිත්‍රගාරයේ පොම්පාගාරය අසලින් වැලිකොට්ට යොදා ආවරණය කර හා සොරොව්ව වසා තිබියදීත් රතු දුඹුරු පැහැති අපජලය සහිතව ගඟට එක්වන ඇළ මාර්ගය

             03. පට්ටිවිල ජල පවිත්‍රාගාරයේ පොම්පාගාරය

             04. හංවැල්ල රණාලේ ඉවුරු ඛාදනයට ලක්වෙමින් පවතින ආකාරය

             05. කළුපැහැති ජලය සහිතව රසායනික ද්‍රව්‍ය නිසා සුදු පැහැති පෙන පිඬු නගමින් බියගම අයෝජන කලාපය ඔස්සේ ගලාබසින ඇළ මාර්ගයක්

             06. කැළණි ගග කිතුල්ගල තැලිගම ප්‍රදේශියේදි සුන්දර ලෙස දිස්වන ආකාරය

            07. ආචාර්ය අශෝක රන්වල මහතා

            08. ව්‍යාපාරික පණ්ඩිත සුන්දර මහතා

            09. එම්. සිරිවර්ධන මහතා



අදහස් (3)

කැලණි ගඟට මරාගෙන මැරෙන ප්‍රහාරයක්

Jagath Tuesday, 10 July 2018 04:43 AM

කරුණාකර මේක නවතන්න අපි බොන්නේ මේ වතුර

:       0       8

kalani Friday, 13 July 2018 07:29 AM

මෙම ලිපිය කියවන විට අපේ රටේ ආණ්ඩු තිබුනාද කියලා හිතෙනවා.

:       0       8

sampath Monday, 16 July 2018 10:01 AM

සමහර ස්ථාන වල සොහොන් පිට්ටනි ගඟට කඩාගෙන ගිහින් තියෙනවා. හංවැල්ල කිට්ටුව කැළණි ගඟ... නැතිනම් මුළු කොළඹම ආර්ථිකය කඩාගෙන වැටෙනවා. මේ විනාශය ඉක්මණින් නතර කළ යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කාශ්මීරයෙන් ඇවිලෙන ඉන්දු - පාකිස්තාන් ගිනිපුපුරු
2025 අප්‍රේල් මස 26 103 0

අප අසල්වැසියන් දෙදෙනා ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වෙමින් පවතී. ඒ, පසුගිය 22 වැනිදා ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගාම් පළා


සෝද සෝදා එළියට අදින පාස්කු දා ප්‍රහාරය
2025 අප්‍රේල් මස 26 66 0

මේ වනවිට 2019 පාස්කු ඉරිදා කිතුනු දේවස්ථාන තුනකට හා සංචාරක හෝටල් තුනකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ ගණනාවක් පැවැත්වී තිබුණ ද මෙම ප්‍


ඉන්දු-පාකිස්තාන් අර්බුදය මැද යළි ඇවිළෙන කාශ්මීරය
2025 අප්‍රේල් මස 25 418 0

කාශ්මීරය යනු මිහිපිට දෙව්ලොවකි. ආසියාවේ ස්විට්සර්ලන්තය යනුවෙන් හැඳින්වෙන්නේ ද කාශ්මීරයයි. ඉන්දියාවේ වඩාත් උතුරින් පිහිටි ප්‍රාන්තය ලෙස සැලකෙන්නේ ද


දැන් ඇත්තේ ටියුෂන් පන්ති කාලසටහනක්
2025 අප්‍රේල් මස 25 519 3

මම අගනුවරට කිලෝමීටර් 3000ක් දුර ඈත ගමක උපන්නෙමි. ලංකාවේ ඉපදුණු බොහෝ තරුණයන් මෙන් නිදහස් අධ්‍යාපනයෙන් දිව්‍ය ලෝකය සොයාගත නොහැකි වුණ මම ජීවිතය සොයා කොළඹ ආ


ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 464 1

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 12254 4

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 883 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 393 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 548 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site