වඩා බලවත් මහජන නියෝජිතයාද නීතියද යන්න රටේ ප‍්‍රධාන මාතෘකාවක් බවට පත් විය. එබඳුම ප‍්‍රශ්නයක් කැලණියේද තිබිණි. වඩාත් බලවත් මහජන නියෝජිතයාද නීතියද යන ප‍්‍රශ්නය 2010 මැතිවරණයෙන් පසුව කැලණිය ජනයාගේද හෘද සාක්ෂිය ඉදිරිපිට තිබිණි.
රටේ ප‍්‍රශ්නය විසඳිනි. වඩාත් බලවත් මහජන නියෝජිතයා බවට සහතික කරමින් අගවිනිසුරුවරිය නෙරපා හැරිණි.
කැලණියේ සිදුවූයේ එහි අනික් පැත්තය. වඩාත් බලවත් නීතිය බවට සහතික කරමින් කැලණියේ මහජන නියෝජිතයා සිය ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස් විය.
ඒ මහජන නියෝජිතයා ඇමැති මර්වින් සිල්වාය.
වෙඩි තබා මරා දැමුණු කැලණිය ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍ර හසිත මඩවලගේ ඝාතනයත් සමග පුපුරා ගිය මහජන විරෝධය හමුවේ ඇමැති මර්වින් සිල්වාට සිය ආසන සංවිධායකත්වයෙන් ඉල්ලා අස්වීමට සිදු විය. මඩවල ඝාතනය සම්බන්ධයෙන් ඇමැති මර්වින්ගේ පාර්ලිමේන්තු ලේකම්වරයා හා සම්බන්ධිකරණ නිලධාරියකු සැකපිට අත්අඩංගුවට ගැනීමත් සමග තවදුරටත් ඒ විරෝධය නොතකා සිටීමේ හැකියාවක් නොවීය.
කැලණිය දේශපාලනයේ ඇත්ත ඇතුළාන්තය අනාවරණය කෙරෙන සිදුවීමක් හසිත මඩවල මන්තී‍්‍රවරයාගේ ඝාතනයත් සමග වාර්තා විය. ඇමැති මර්වින්ගේ ආධාරකාරියක බව කියන කාන්තාවකගේ දෙමහල් නිවසක් පොලිස් සෝදිසි කිරීමකට ලක් විය. එහිදී එම නිවසේ අල්මාරියක තිබී විදේශයේ නිෂ්පාදිත අත්බෝම්බයක් හා කඩු දෙකක් සොයා ගැනුණි. එම නිවසට යාබදව ඇමැති මර්වින් සිල්වාගේ සම්බන්ධිකරණ කාර්යාලයක්ද වෙයි. එය පාලනය කරනු ලබන්නේද අත්බෝම්බ හිමිකාරිය බවද පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් කාන්තාව පොලිසියට කියා තිබෙන්නේ ඇමැති මර්වින් සිල්වාට විරුද්ධව කැලණිය ප‍්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්තී‍්‍රවරුන් දෙදෙනකුගෙන් තමන්ට මරණ තර්ජන ඇති හෙයින් ආත්මාරක්ෂාවට මෙම බෝම්බය ළඟ තබාගත් බවය.
ඉතාම පැහැදිලිය.
කැලණිය යනු තමන්ගේ ආත්මාරක්ෂාවට අත්බෝම්බ සහ කඩු කිණිසි ළඟ තබා ගැනීමට පාක්ෂිකයන්ට සිදුවූ භූමියකි. නොව පැරැණිය වන රමණිය විටින් විට” යැයි කී කැලණියේ නවක තතු එසේය.
2010 මහ මැතිවරණයේදී මර්වින් සිල්වා ගම්පහ දිස්ති‍්‍රක්කයෙන් ඉදිරිපත් විය. කණ්ඩායම් නායකයා වූයේ බැසිල් රාජපක්ෂය. බැසිල් රාජපක්ෂට ගම්පහ තිබුණේ කාර්යාල පමණි. ඔහුගේ පදිංචිය කොළඹය. ජාතික දේශපාලනය තුළ බැසිල් රාජපක්ෂගේ වගකීම වටිනාකමක් ලෙස පිළිගත් ගම්පහ දිස්ති‍්‍රක් ජනයා ඔහු ඉහළින් පිළිගත්හ. ජාතික දේශපාලනයේ වගකීම් සමග කාර්යබහුල වන බැසිල් රාජපක්ෂට සාමාන්‍ය ජනයාට පහසුවෙන් ළඟා විය නොහැකිය. මර්වින් සිල්වා මැදිහත් වන්නේ මෙහිදීය. දෙවියා හා බැතිමතා අතර සම්බන්ධිකාරක දේවාලයේ කපුවා සේම බැසිල් රාජපක්ෂ හා මහජනයා අතර සම්බන්ධිකාරකයා වූයේ මර්වින් සිල්වාය. ප‍්‍රතිඵලය වූයේ මැතිවරණයෙන් මර්වින් බැසිල්ට පමණක් දෙවැනි වෙමින් මනාප ලැයිස්තුවේ ඉහළට ඒමය. මර්වින් කැලණියේ නායකයා බවට පත් වූයේ එහෙමය.
කැලණියට උඩින් ආ ඇමැති මර්වින්ට කැලණියේ බිම් මට්ටම සම්බන්ධයෙන් අවබෝධයක් නොවීය. ඇමැති මර්වින් තමන්ටම ආවේණික ස්වරූපයෙන් කටයුතු කරගෙන ගියේය. ඒ කාලයේදී ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍රවරු ඇමැති මර්වින් සමග -ගහට පොත්තයි-පොත්තට ගහයි” මෙන් සිටියහ.
එය වෙනස් වී ගියේ කෙසේද? ඒ සම්බන්ධයෙන් කැලණියේ ප‍්‍රාදේශීය සභාවේ නියෝජිතයෙක් මෙසේ කීවේය.
-මගේ නම දාන්න එපා. නම දැම්මොත් ප‍්‍රශ්නයක් වෙයි. මර්වින් ඇමැතිතුමයි අපියි අතර ප‍්‍රශ්නයක් තිබුණේ නෑ. හොඳට වැඩ කරගෙන ගියා. හැබැයි ඇමැතිතුමා ඊට පස්සේ ප‍්‍රාදේශීය සභාවේ වැඩවලට ඇඟිලි ගහන්න පටන් ගත්තා. ඒවා එතුමාට අයිති දේවල් නොවෙයි. අනික ඒවා කරන ක‍්‍රමයකුත් තියෙනවා. නමුත් ඇමැතිතුමා එතැනදි කි‍්‍රයාත්මක වුණේ එතුමාගේ කැමැත්තට පමණයි.
ඇමැතිතුමා ඔන්න එක පාරටම ප‍්‍රාදේශීය සභාවට එනවා. සෙනඟ පිරිලා ඉන්නවා. එක පාරටම ඇමැතිතුමා කාගෙ හරි නමක් කතා කරලා කියනවා - ඔයා මේ වැඬේ කරන්න...” කියලා. සමහර ටෙන්ඩර් ගියේ එහෙම. එතැනදි මන්තී‍්‍රවරුන් හැටියට අපි හරියට අසරණ වුණා. අපේ මන්තී‍්‍රකමෙන් වැඩක් නැතිව ගියා. ගැටුම් පටන් ගත්තේ එහෙමයි. අන්තිමට ඒවා ඉතාම නරකම විදියට පුපුරලා ගියා.”
මන්තී‍්‍රවරයා කී පරිදිම ගැටුම පුපුරා ගියේ නරකම විලාශයෙනි. ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරුන්ට පහරදීම, නිවාසවලට බෝම්බ ගැසීම දක්වා වර්ධනය වී ගියේය. හසිත මඩවල ඝාතනයද එහිම දිගුවක් ලෙස ඇතැමෙක් කියති. ප‍්‍රතිඵලය වූයේ ඇමැති මර්වින් සිල්වා කැලණියේ ආසන සංවිධායකකමෙන් ඉල්ලා අස්වීමය.
කැලණිය ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍ර බහුතරය කියා සිටින්නේ ඇමැති මර්වින් සිල්වාව යළිත් කැලණියට නොඑවන ලෙසය. පරීක්ෂණ කටයුතු පහසු කිරීම සඳහා කැලණිය ආසන සංවිධායක ධුරයෙන් තාවකාලිකව ඉල්ලා අස්වූ ඇමැති මර්වින් සිල්වා සිය ඉරණම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැත. ගඟ දිය බැස ගිය පසු යළිත් කැලණියට ඒම ඇමැති මර්වින්ගේ ඉලක්කය වී ඇති බව ඔහුට සමීප ආරංචි මාර්ග වාර්තා කරයි. ඒ බව සනාථ කරමින් මේ වන විටත් ඇමැති මර්වින් සිල්වා යළිත් කැලණිය ආසන සංවිධායක ලෙස පත් කරන ලෙස ඉල්ලා ඇමැති මර්වින්ගේ සමීපතමයෝ පිරිසක් පෙත්සමක් අත්සන් කරති. කැලණියේ ආරංචි මාර්ග වාර්තා කරන ආකාරයට එම අත්සන් ව්‍යාපාරයට බොහෝ බාධා කිරීම් සිදුවේ. ඇතැම් තැන්වලදී එම ව්‍යාපාරයේ නියුතු ඇමැති මර්වින්ගේ සමීපතමයන්ට නොයෙක් ප‍්‍රශ්නවලටද මුහුණදීමට සිදු වී තිබේ.
මන්තී‍්‍ර හසිත මඩවලගේ දේහය එම නිවසේ තැන්පත් කර තිබියදී අවසන් ගෞරව දැක්වීමට පැමිණි බොහෝ මැති ඇමැතිවරුන්ට කැලණිය ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍රවරු තම දුක්ගැනවිල්ල ඉදිරිපත් කළහ. හසිත මඩවල මන්තී‍්‍රවරයාට අවසන් ගෞරව දැක්වීමට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂට මන්තී‍්‍රවරු මෙන්ම මහ ජනයාද තම දුක්ගැනවිල්ල ඉදිරිපත් කළහ. එහිදී ජනාධිපතිවරයා කියා තිබෙන්නේ මේ තරම් ප‍්‍රශ්නයක් තිබෙන බව මම දැනගෙන හිටියේ නෑ. සාකච්ඡුාවකට මම ඔයගොල්ලන්ට එන්න කිව්වා. ඒත් ඔයගොල්ලෝ ආවේ නෑ.” යනුවෙනි.
හසිත මඩවල මන්තී‍්‍රවරයාට අවසන් ගෞරව දැක්වීමට පැමිණි ගම්පහ දිස්ති‍්‍රක්කය නියෝජනය කරන ඇමැතිවරයෙකු මන්තී‍්‍රවරුන්ගේ දුක්ගැනවිල්ල අසා සිටියේ කඳුළු පිරි දෙනෙතිනි. අවසානයේදී ඇමැතිවරයා මෙසේ කීවේය.
මට තේරෙනවා මෙතැන තියෙන ප‍්‍රශ්නය. ඒත් මට තීරණයක් ගන්න බලයක් නෑනේ. හෙට කැබිනට් එක තියෙනවා. මම එතැනදි මේ ගැන කතා කරන්නම්.” මේ කතාබහ යන විට මන්ති‍්‍රනී මාලනී ෆොන්සේකාද එතැනට පැමිණියාය.
කොහොමට තිබුණු කැලණියක්ද මේ” ඇය විස්සෝප වූවාය. පාර්ලිමේන්තුවේදී අරුන්දික ප‍්‍රනාන්දු, රොෂාන් රණසිංහ, ලොහාන් රත්වත්තේ වැනි මන්තී‍්‍රවරු කැලණිය බාර ගන්නැයි” මාලනී ෆොන්සේකාගෙන් ඉල්ලා සිටියහ. -මට නම් එපා” ඇය එක එල්ලේම කියා සිටියාය.
කැලණියේ නව සංවිධායක ලෙස පුත්තලම දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර අරුන්දික ප‍්‍රනාන්දුගේ නම යෝජනා වී තිබෙන බවත් ඔහු එය ප‍්‍රතික්ෂේප කරන බවත් පසුව වාර්තා විය.
ශුභාරංචියක් ආවේ ඔය අතරවාරයේදීය. අමාත්‍ය මර්වින් සිල්වාට උපදෙස් දීම සඳහා විශ්වවිද්‍යාල මට්ටමේ උපදේශක මණ්ඩලයක් පත් කර තිබෙන බව ඒ ශුභාරංචියය. කැලණිය ආසනයේ සංවිධායක ධුරය දැරූ කාලයේ ඉටු කළ මෙහෙවර හා තවදුරටත් දියුණු කළ යුතු අංශ අධ්‍යයනය කිරීම මෙම විද්වත් මණ්ඩලයට පැවරී තිබේ. මෙම විද්වත් කමිටුවේ සභාපතිත්වයට මහාචාර්ය ඌරාවල ධම්මරතන හිමියෝ පත්ව සිටිති. කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය හා ජේ. ආර්. ජයවර්ධන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ජනරාල් නිහාල් හේවගේ, කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයනාංශාධිපති ආචාර්ය අජිත් දිසානායක හා කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශාධිපති ඇබෝගම විමලඥාන හිමියෝ මෙම කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති. මෙහි ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත‍්‍ර පීඨයේ සහකාර ලේඛකාධිකාරි කමලසිරි මල්ලිකාරච්චි මහතාය.
මන්තී‍්‍ර හසිත මඩවල ඝාතනයෙන් පසුව ඇමැති මර්වින් නිකුත් කළ හැඳුනුම්පත් යළි එකතු කළ බව ඇමැතිගේ මාධ්‍ය ඒකකය නිකුත් කළ නිවේදනයක දැක්විණි. මේ අලූතින් පත් කළ උපදේශක කමිටුවටත් එබඳු හැඳුනුම්පත් නිකුත් කර තිබේදැයි සොයා බැලීම වැදගත් වනු ඇත.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කැලණියට කවුද ?
රත්නායක Wednesday, 23 January 2013 11:12 AM
ඇත්ත තිත්තයි. කැළණියට හරියන්නේ මැර පාලනයක්. (නි)
සෙනරත් Saturday, 26 January 2013 12:50 PM
ඇයි මේ කැළණියට කැළණියෙම කෙනෙක් හොයාගන්න බැරි..!(නු)
අජිත් කරුණාරත්න Sunday, 27 January 2013 07:57 AM
කවුරුවත් නැති තරමට හොදයි. (නි)
ප්‍රනාන්දු Thursday, 24 January 2013 02:36 AM
බලේ තියෙන අයට මොලේ නෑ...මොලේ තියෙන අයට බලේ නෑ (ස)
රත්නායක Thursday, 24 January 2013 08:19 PM
වෙන කවුද අපේ මර්වින් මිස. (නි)
බණ්ඩා Monday, 21 January 2013 02:55 PM
දැන් තමයි මුලු රටම එකට එක්විය යුතු වෙලාව. (නි)
රාජා Monday, 21 January 2013 03:52 PM
වඩා බලවත් මහජන නියෝජිතයා යැයි කියමින් ළගදීම නව වෙනසක් ඇති වූ විට මෙම ලිපිය නැවත පළකරන්න වේවිද දන්නෙ නැහැ. (නි)
ගාමිණී Saturday, 26 January 2013 10:26 PM
චූලෝදර මහෝදර කැළණියෙ රන්ඩු උනේ මැණික් පුටුවකට.. ප්‍රාදේශීය සභාවේ ලී පුටුවකට නෙමෙයි..!(නු)
නිලන්ත Monday, 21 January 2013 12:01 PM
දැන් ඉපදෙන්න ඉන්න දරුවා පවා දන්නවා වෙන්නේ මොකක්ද කියලා. (නි)
ලලිත් කටාර් Saturday, 26 January 2013 12:25 PM
කවුරු උනත් හිටපු රජවරුන් හා වීරයන් එපා.. (නු)
ලලිත් - කටාර් Saturday, 26 January 2013 12:26 PM
හොයලා දෙන්නද සුදුස්සෙක්? (නි)