IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


කොවිඩ් - පොහොර අර්බුද මැද නොළිහුණු ගැටළුවක්

ගෙවුණු දින 20 කාලය ඇතුළත පමණක් කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 44 කි. දැනට ආසාදිතයන් 30,000කට අධික සංඛ්‍යාවක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර, එම ඇතැම් රෝහවල ඇදන් ධාරිතාව ද ඉක්මවා ගොස් තිබේ.

එවැනි තත්ත්වයක, රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, මෙම තත්ත්වයට විසඳුම වන්නේ රෝහල්වල ඇදන් සංඛ්‍යාව ඉහළ නැංවීම නොවන බව පැවැසීමට තරම් නිර්භය වීම අගය කළ යුත්තකි. අවම වශයෙන් සති දෙකක කාලයකටවත් රට වසා දැමීමට අවැසි යැයි ඇය අවධාරණය කළාය.

වැඩිවෙමින් තිබෙන ආසාදිතයන් සංඛ්‍යාවට නොකඩවාම ප්‍රතිකාර සහ උවටැන් කිරීමෙන් වෛද්‍යවරුන් සහ හෙදියන් සිටින්නේ අතිශය වෙහෙසට පත්වය. වෛද්‍ය වෘත්තිකයන් ද දරමින් සිටින්නේ රාජ්‍ය අමාත්‍යවරියගේ මතයමය. අපේක්ෂා කැරුණු පරිද්දෙන්ම දෛනිකව වාර්තාවන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 3000 ඉක්මවා ගොස් තිබේ. එය ඉදිරි සති කිහිපය ඇතුළත 4000 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත. මෙම අර්බුදය තවමත් හරිහැටි වටහාගැනීමට රජයට නොහැකිව තිබීම විස්මය දනවන්නකි.

විදේශයන්හි වාසය කරන ශ්‍රී ලංකා පුරවැසියන් දක්වාම ඇයගේ ඉල්ලීම දිගුවීම, රජය කොවිඩ් පාලනය කිරීමෙහි සිරවී සිටින සිරවිල්ලේ තරම පෙන්වා දෙන්නකි.

කිසිදු දෙයක හිඟයක් නැතැයි රජයේ පාර්ශවයන් විවිධ ප්‍රකාශයන් නිකුත් කළේ යන්තම් දින කිහිපයකට පෙරය. වසංගතය මර්දනය කිරීමෙහි ලා ඉදිරියට සිතීමේ හැකියාවක් නොමැතිවා පමණක් නොව, වෛද්‍ය වෘත්තිකයන් කරන නිර්දේශයන් බොහෝමයක් නොසළකා හැරෙමින් තිබෙන බව ද මින් මනාව පැහැදිලි වේ. අවශ්‍ය එන්නත් ලබාගැනීම සදහා සහාය වන්නැයි රාජ්‍ය අමාත්‍යවරිය පෞද්ගලික අංශයෙනුත් ඉල්ලා සිටියාය. ඔවුන් ඉදිරිපත් වුව ද ගෙවුණු පෙබරවාරි මාසයේ මෙන්ම එම අවස්ථාව ඔවුන්ට නොලැබිණ.

අවධානය යොමුකළ යුතුව තිබෙන තවත් බරපතල කාරණයක් වන්නේ රසායන පොහොර තහනමය.

මේ සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති රජයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක දී අදහස් හුවමාරු විය.

විවිධ දිස්ත්‍රික්ක නියෝජනය කළ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, මෙම තහනම නිසා ගොවීන් අතිශය දුෂ්කර අඩියකට වැටී සිටින බවත්, තහනමෙන් වැඩි වශයෙන්ම බලපෑම් එල්ලව තිබෙන්නේ තේ සහ රබර් වගාවන්වලට බවත් පැවසුවේය. ඒ අතරින් තවත් අය, මෙම තහනම නිසා තමන් දේශපාලනමය වශයෙන් අතුගෑවී යන තත්ත්වයකට පත්ව සිටින්නේ යැයි ද පැමිණිලි කළෝය.

එසේ විරෝධතා මතුකළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අතර උණුසුම් වාද විවාද ඇතිවිය. අවසානයේ, තමන් මේ සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග සාකච්ඡා කරන බවද ඔහු පැවසුවේ ය.

මීට පෙර අවස්ථාවක, අමාත්‍ය ජී.එල්.පීරිස් සහ රාජ්‍ය අමාත්‍ය නිවාඩ් කබ්රාල් යන මහත්වරුන් කොළඹ වරාය නගර ආර්ථික කොමිසම් කලාපයට අවැසි නෛතික පදනම තැනීමට යන කොළඹ වරාය නගර පණත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කරුණු දැක්වීමක් කළහ. මෙය සිදුවූයේ වරාය නගර පණත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවැති දෙදින පාර්ලිමේන්තු විවාදයට පෙරය.


ඇමරිකාවේ කොංග්‍රස් යෝජනාවලිය
ශ්‍රී ලංකාවේ සිදුව තිබෙන අපරාධ විමසුමට ලක්කිරීම සදහා අන්තර්ජාතික යාන්ත්‍රණයක් හදුන්වාදිය යුතුව ඇතැයි, එක්සත් ජනපද කොංග්‍රසයට ඉදිරිපත්ව තිබෙන ද්විපක්ෂ යෝජනාවලියක් සම්බන්ධයෙන් ද, අවධානය යොමුකිරීම වටී. එය ඉදිරිපත් කර තිබෙන්නේ ඩෙබෝරා රොස්ය. යෝජනාවලියේ අන්තර්ගතය පහත පරිදිය.

1. ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධය අවසන්ව වසර 12ක් ගතව තිබෙන බව පිළිගන්නා අතරම, ගැටුමින් අගතියට පත් සියලුම පාර්ශවයන්ට සාතිශ්‍ය සංවේගය පළකරයි.
2. මියගියවුන්ගේ මතකයන් ගෞරවයෙන් සිහිපත් කෙරෙන අතරම, සංහිදියාව, නැවත ගොඩනැගීම, වන්දි හා දීමනා ලබාගැනීම සහ සැබෑ වෙනසක් අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලංකාවේ සියලුම ජනකොටස් නියෝජනය කරන ජනතාව වෙනුවෙන් ඉදිරියටත් පෙනී සිටින බව සහතික කරයි.
3. මානව හිමිකම් උල්ලංඝණයවීම් සම්බන්ධයෙන් වන සාක්කි එකතු කිරීමට සහ සංරක්ෂණය කිරීමට ජගත් මානව හිමිකම් කවුන්සිලය ප්‍රමුඛත්වය ලබා දී තිබීම සම්බන්ධයෙන් සතුට පළකරන අතරම, එම ක්‍රියාවලියට ශ්‍රී ලංකා රජය පාර්ශවයෙන් බාධා එල්ල නොවිය යුතුව ඇතැයි කියයි.
4. සිය අතුරුදන්වූවන් සොයාදෙන ලෙස යළි යළිත් විරෝධතා පවත්වන, ඉල්ලීම් සිදුකරන සහ ඇතැම් අවස්ථාවල එම විරෝධතා සහ ඉල්ලීම් තර්ජනයෙන්, බිය ගැන්වීමෙන් සහ හිංසනයෙන් මර්දනය කිරීමට උත්සාහ කරන රජයේ ආරක්ෂක අංශවලට මුහුණ දෙමින් සිටින, දෙමළ ජාතික පවුල් ඇතුලු ශ්‍රී ලංකාවේ සියලුම ජනකොටස් වෙනුවෙන් යුක්තිය දිනා දීමට කැපවී සිටින පුද්ගලයින්ගේ නිර්භීතභාවය සහ කැපවීම අගය කරයි.
5. ඉතිහාසයේ සිටම බලපෑම් එල්ල කැරෙමින් පවතින ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර කලාපයේ ජනතාවගේ දේශපාලන අයිතීන් සුරක්ෂිත කිරීම සදහා මුල් වන්නැයි අන්තර්ජාතික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින අතරම බෙදුම්වාදී යුද්ධයට තුඩු දුන් අභ්‍යන්තරික ගැටලු විසදාලීමේ සමත් දේශපාලනමය විසදුමක් සෙවීමට කටයුතු කරන්නැයි ඉල්ලයි.
6. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහකොමසාරිස්වරයා ඉදිරිපත් කර තිබෙන නිර්දේශ ප්‍රකාරව, විමර්ශන පැවැත්වීමට සහ නඩු පැවරීමට තිබෙන ඉඩකඩ එක්සත් ජනපදය සොයා බැලිය යුතුව ඇතැයි නිර්දේශ කරයි.
7. ශ්‍රී ලංකාවේ පැවැති යුද සමයේ වූ බරපතල අපරාධයන් පසුපස සිටින්නවුන්, එම අපරාධවලට වගවන බව සහතික කිරීම සදහා අවැසි විශ්වසනීය සහ අන්තර්ජාතික යාන්ත්‍රණයක් ගොඩනැගීමට, එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමග එක්ව කටයුතු කරන්නැයි එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටී.

මේවායේ 3, 6, සහ 7 කරුණුවල එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය ගැන සදහන් වේ. නෛතික ක්‍රියාමාර්ග ගැනීම සදහා බලය ඇති එක්සත් ජාතීන්ගේ එකම ව්‍යුහය එයයි.

ලබන සැප්තැම්බරයේ පැවැත්වීමට නියමිත ජගත් මානව හිමිකම් කවුන්සිලයේ මීළග සැසිවාරයේ දී, ශ්‍රී ලංකාවේ ගැටලුව නැවත වරක් සාකච්ඡාවට ගැනෙනු ඇත. එය අමතක කර නොමැත. එහෙයින්, රජයට ඉදිරි සති හා මාස කිහිපය ඇතුළත, ලිහා සරල කරගැනීමට තිබෙන ගැටලු නම් බොහෝය.


ද සන්ඩේ ටයිම්ස් ඇසුරිනි
පරිවර්තනය - කෝවිද ගුණසේකර

 



අදහස් (2)

කොවිඩ් - පොහොර අර්බුද මැද නොළිහුණු ගැටළුවක්

purawasiyek Thursday, 27 May 2021 10:37 PM

රටේ නායකයා වශයෙන් ජනධිපතිතුමා හොදම තීරණය අරගෙන තිබෙනවා. එළවලු, පලතුරු, වී වගාව සඳහා කාබනික පොහොර යොදාගැනීම. පොහොර මාෆියාවට යට නොවී එතුමා ගත් ඍජු තීරණයක්. රටේ හැමෝම අගයකරන තීන්දුවක්, ජයවේවා !!!

:       2       1

NuwanMonday, 31 May 2021 08:42 AM

ආරංචිය හැටියට කාබනික පොහොර ගෙන්වන්න හදන්නේ චීනෙන්. චීනයේ තියෙන කැලිකසල ඔක්කොම අඹරලා කාබනික ලේබලය යටතේ අපේ ගොවියාට නොමිලේ ලැබේවි. කුණු කසල ගැටලුවට දෙන උදව්වට ලොක්කන්ට ගතමනාව ලැබෙයි. මේ කොරෝනා අස්සේ කාබනික පොහොරවලට පුදුම ආදරයක් ආවේ මේ නිසා..!!!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

උ.පෙළ දෙපාරක් ෆේල් වෙලත් පේරාදෙණියට ආවේ නාට්‍යවලට ආශාවෙන්
2025 අප්‍රේල් මස 01 432 0

සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න


පුංචි ඡන්දය කාටද? කුමටද?
2025 අප්‍රේල් මස 01 98 0

මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.


රමසාන් සැමරුමේ ප්‍රාර්ථනය
2025 මාර්තු මස 31 95 0

ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.


මියන්මාරය හෙල්ලුම් කෑ ඛේදවාචකය
2025 මාර්තු මස 31 413 0

අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අභියෝග
2025 මාර්තු මස 31 94 0

කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු‍ පද්ධත


ශ්‍රී ලංකාවේ සමුපකාරයේ නිර්මාතෘ ශ්‍රීධර වින්සන්ට් සුබසිංහ
2025 මාර්තු මස 29 332 0

ශ්‍රීධර වින්සන්ට් සුබසිංහයන්ගේ 119වැනි ජන්ම දිනය අදට (29) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 150 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 736 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 764 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site