ඔහුගේ සුරතට පන්හිඳ හොඳින් හුරුපුරුදුය. වසර 35කට එහා ගිය දිගු මාධ්‍ය ඉතිහාසයකට උරුමකම් කියන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන ඔහු නමින් වසන්තප‍්‍රිය රාමනායකයි. සිව් වසරක් පුරා දිනපතා ලංකාදීප පුවත්පතට ඔහු ලියූ ”කිවිඳා දැක්ම” නම් දේශපාලන තීරු ලිපි 200කින් තෝරා ගත් ලිපි 50ක එකතුව ග‍්‍රන්ථයක් ලෙස මෙම මස 31 වැනිදා සවස 3.00ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී දොරට වැඞීමට නියමිතය. මේ කතා බහ ඒ වෙනුවෙනි. |
ප‍්‍රශ්නය: දේශපාලන තීරු ලිපියක අඩංගු විය යුතු මූලික හැඩය පිළිබඳ ඔබේ පැහැදිලි කිරීම?
පිළිතුර: මෙහි මූලික හැඩය විය යුත්තේ එදිනෙදා පවතින සමාජ දේශපාලන හා ආර්ථික කාරණා පිළිබඳ කෙරෙන විග‍්‍රහයයි. නමුත් දේශපාලන තීරු ලිපියකින් අප එහෙම දෙයක් කරද්දී ඒ වටා මූලිකව පෙළ ගැහෙන්නේ දේශපාලනය ගැන උනන්දුවක් තිබෙන අය පමණයි. නමුත් ඊට ගැමි කියමන්, ජනශ‍්‍රැතිය හා ජාතක කතා පොත වැනි දේ අභාෂයට ගනිමින් මේ ලිපිය සාමාන්‍ය පංතියට ගෙන යන්නෙ කොහොමද? කියන පර්යේෂණය මා කළා. එතන දී මට ලංකාදීප පුවත්පත එක්ක තිබුණු වසර 35ක බැඳීමත් එක්ක මේ ලිපිය ලියන්න අවස්ථාව ලැබුණා. ඒ අනුව මම ජාතක පොතෙන්, ගැමි කියමන්වලින් ප‍්‍රස්ථා පිරුළුවලින් දේශපාලනය කතිකා කරන්නෙ කොහොමද කියන තැනට ආවා.
මුලින් මම මගේ නම සඳහන් නොකර ලිව්වත් පසුකාලීනව මගේ නම යොදලා ලිව්වේ වැඩි පාඨක පිරිසක් අද්දවා ගන්නයි. මෙහි භාවිත වන සමහර වචන ගැන සමහර වියතුන්ට විවේචන තියෙන්න පුළුවන්. ”කට්ට කනවා” වැනි සමාජයේ භාවිත වන සරල වචන මා භාවිත කළේ සාමාන්‍ය ජනතාව මේ සඳහා පොළඹවා ගන්නයි.
ප‍්‍රශ්නය: දේශපාලන තීරු ලිපි රචකයකු සතු මාධ්‍ය වගකීම ඔබ විස්තර කරන්නෙ කොහොමද?
පිළිතුර: මිනිස්සු යම් යම් සිද්ධි ගැන විවිධ විග‍්‍රහ කරනවා. අතීතයේ සිද්ධ වුණේ මොකක්ද? වර්තමානයේ සිද්ධ වෙන්නෙ මොකක්ද? හෙට දවසේ විය හැක්කේ කුමක් ද යන ගැන ඔවුන් උනන්දුවෙන් පසුවෙනවා. අපි ඒක හඳුනා ගන්න ඕනෑ. ඔවුන් අපේ කොලම කියවන්න පොලඹවන්න ඕනෑ. හුදු දේශපාලන කාරණා අමු අමුවේ ඉදිරිපත් කරන්න හොඳ නැහැ. කතන්දර කලාවත් එක්ක අතීත සිදුවීම් පෙළගස්වද්දී ඔවුනට කුතුහලයක් අපි දිය යුතුයි.
ඒ වාගේම පාඨකයා ඇද බැඳ තබා ගත යුතුයි. ඔවුන් කොලම ඇතුළේ රඳවා තබාගෙන දිගින් දිගටම කියවීමේ රුචිය ඇති කළ යුතුයි. බැන බැන හෝ මෙය කියවීමේ තැනට පාඨකයා රැගෙන ඒමට ලේඛකයා දක්ෂ විය යුතුයි. සමහර තීරු ලිපිවල වචන, අර්ථ, පාඨකයා කියවන්නට පෙළඹුණු සැණින්ම පැත්තකට දානවා. එදා සිදුවුණු යම් යම් දේශපාලනික කරුණුවලට අද සිදුවන්නේ කුමක් ද? ඒවා භාවිතයට එන්නේ කොහොමද? යන කාරණා ගැන පාඨකයන් යම් යම් අවස්ථාවල බොහොම උනන්දුයි. ඒ නිසා අපි ඉදිරිපත් කිරීම ඔවුනට ගෝචර විය යුතුයි.
ප‍්‍රශ්නය: ”කිවිදා දැක්ම’’ මගින් ඔබ පාඨකයා වෙත රැුගෙන යන යම් දේශපාලන මතවාදයක් තිබෙනවා ද?
පිළිතුර: එහි එක් දේශපාලන මතවාදයක් නැහැ. සියලූ දේශපාලන මතවාද දිගහරිනවා. මාධ්‍යකරුවකු වුණත් ඉන්න මතවාදයක් තියෙන්න පුළුවන්. එක එක්කෙනා කියන දේ ඒ ආකාරයටම ලියන එකේ වැදගත්කමක් නැහැ. රටේ පවතින විවිධ මතවාද විග‍්‍රහ කරන ගමන් අවසානයේ මාධ්‍යකරුවා විදියට ඔහු කියන අදහස ඉදිරිපත් කිරීමේ වරදක් නැහැ.
ප‍්‍රශ්නය: ”කිවිදා දැක්මෙහි” අන්තර්ගතයට ඔබේ මාධ්‍ය භාවිතව හා පුද්ගලික දේශපාලන මතය අතර සහ සම්බන්ධයක් එකතු වනවාද?
පිළිතුර: මාධ්‍යවේදියකුට මාධ්‍යකරණයේ දී පෞද්ගලික දේශපාලන මතයක පිහිටා කටයුතු කරන්න බැහැ. ඔහු එක දේශපාලන පිළකට ගැති නොවිය යුතුයි. සෑම මොහොතකම ඔහු අපක්ෂපාතී විය යුතුයි. එනිසා මා අතින් එවැන්නක් සිදුවන්නේ නැහැ. ඒ නිසයි වසර 35ක දිගු ඉතිහාසයක් පුරා ‘ලංකාදීප’ය සමග මාධ්‍යවේදියකු විදියට රැඳෙන්නට මට අවස්ථාව ලැබෙන්නේ. මගේ මාධ්‍ය භාවිතාව මධ්‍යස්ථ නිසා දැනට 200ක පමණ දේශපාලන තීරු ලිපි පෙළක් මා අතින් ලියවුණා. මට ප‍්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ධුරය ලැබුණත් ඒ තනතුරත් මගේ තීරු ලිපියත් කිසිදු විටෙක පටලවා ගන්නට මම උත්සාහ කරන්නේ නැහැ.
ප‍්‍රශ්නය: වත්මන් පුවත්පත් කලාවේ නිරත දේශපාලන තීරු ලිපි රචකයන් පිළිබඳව ඔබේ තක්සේරුව කුමක් ද?
පිළිතුර: මම මෙතැනදී අසුබවාදී වෙන්නෙ නැහැ. අලූත් දේශපාලන තීරු ලිපි රචකයෝ අද අපට ඉන්නවා. ඒ අයත් යහපත් දේ කරනවා. පැරැුණි අය පමණයි මේ දේ හරියට කළේ, අලූත් අය හරියට කරන්නේ නැහැ කියලා මම කියන්නේ නැහැ. හොඳ නිර්මාණාත්මක ගවේෂණශීලී තීරු ලිපි රචකයෝ අපට ඉන්නවා. අද ඉන්න ඇසූ පිරූ තැන් ඇති අය පවා සරලව සුගමව ඒ කටයුත්ත කරනවා. අද මාධ්‍ය කියවද්දී ඒ බව පැහදිලිව පෙනෙන්නට තිබෙනවා. විශ්වවිද්‍යාලවලින් පුවත්පත් කලාවට පැමිණි අය අතරේ පවා දක්ෂයෝ දකින්න පුළුවන්.
ප‍්‍රශ්නය: ඔබට දේශපාලන තීරු රචකයෙක් විදියට යම් යම් දේශපාලන බලපෑම්වලට ලක්වෙන්නට සිදු වුණාද?
පිළිතුර: එවැනි දේශපාලන බලපෑම් කිසිවක් මට තවම එල්ල වෙලා නැහැ. පුරා වසර 4ක් තිස්සේ ”කිවිදා දැක්ම” දේශපාලන තීරු ලිපි 200ක් පමණ ලියා පළ කළා. එයින් තෝරාගත් ලිපි 50ක් මගේ මේ මුද්‍රණද්වාරයෙන් පිට වන ග‍්‍රන්ථයට ඇතුළත් වෙනවා. ද්වේශසහගතව කිසිවකුටත් පහර එල්ල නොකර කරුණු සොයා බලා සත්‍ය ලියනවා නම් කිසිවකුටත් ප‍්‍රශ්න ඇති වෙන්න අවස්ථාවක් නැහැ.
මාධ්‍යවේදියා ”දෙන්නම් බැටේ” කියන තැනට පැමිණ මාධ්‍යකරණයේ නියැළෙද්දී ප‍්‍රශ්න මතු වෙන්න පුළුවන්. ඒ වගේම අපි මහන්සිවෙලා සමීක්ෂණ කරලා, දත්ත හොයලා උපුටා ගැනීම් කරලා යම් විශේෂාංගයක් ලියනව නම් පාඨකයාට එම ලිපිය ගැන හොඳ පැහැදීමක් ඇති වෙනවා. අද පාඨකයා බොහොම බුද්ධිමත්. අප කරන්නෙ යම් මතවාදයක් සමාජයට රැගෙන යන එකයි. ඒ පවතින තත්ත්වයෙන් උඩට යන්න කියවන එක ජනතාවගේ වැඩක්. අපේ කාර්යභාරය එකක්. ජනතාවට යමක් හිතන්න, අවශ්‍ය දේවල් අපි ඔවුන්ගේ මනසට දෙනවා. එතැනින් අපේ කාර්යභාරය අවසන් වෙනවා. එතැනින් එහා විග‍්‍රහය හෝ ඒවා ග‍්‍රහණය කර ගැනීම පාඨකයාට බාර කටයුත්තක්.
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
”කිවිදා දැක්ම” සාමාන්‍ය ජනයා අතරට ගෙන යන්න වුවමනා වුණා
අමර ජයසේකර Monday, 29 July 2013 08:58 AM
මේ ලිපිය සාමාන්‍ය පංතියට ගෙන යන්නෙ කොහොමද? කියන පර්යේෂණය මා කළා. (දී)
වාසල Monday, 29 July 2013 01:42 PM
මම රාමනායක මහතාගේ ලිපි වල ව්ශේෂත්වයක් දුටුවා. මේ සාකච්චාවෙන් එසේ විමට හේතුව ඔහු පැහැදිලි කර තිබ්ම සතුටට කාරනයක්. ස්වාධින දේශපාලන ලිපියක් පත්තරේක තියෙනවා කියන්නේ කලුනික තිබුනා වගේ දෙයක්. එතුමාගේ අදහස් බොහොමයකට මම එකගයි. අපේ රටේ අති බහුතරයක් මිනිසුන්ගේ ක්‍රිකට් දැනුම හා සමාන දැනුමක් අපේ රටේ දේශපාලනය සම්බන්දයෙන් තිබුනොත් අපේ රටට කොච්චර හොද කලක් යාවිද? මම එහෙම කියන්න හේතුව අපි හරියටම විධිමත් ක්‍රිකට් ප්‍රවිශ්ටයක් ගන්නෙ අසුව දශකයේ මුල. දැන් අපි කොතනද. එහෙත් අපේ රටේ දේශපාලනය පටන්ගන්නෙ ඊටත් එහා කාලයක. එහෙත් අපි තාම දේශපාලනික වශයෙන් කොච්චර ලද බොලදද. (නි)