ලංකාවේ වර්තමාන කෘෂිකර්ම ක්‍රමය දශක හයකට වැඩි කලක් කිසිදු ව්‍යුහාත්මක වෙනසකට පත්නොවී ස්ථාපිතව පවතී. මෙම ක්‍රමය බටහිර විශාල ගොවිබිම් සඳහා වැඩිදියුණු කෙරුණක් වුවද, රජය ඍජුව මැදිහත්ව එය පෝෂණය කරමින් ගැමි ගොවි ජනතාව අතර ප්‍රචලිත කරනු ලැබීය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ සඳහා යොදාගත් රාජ්‍ය ආයතනයයි. අවශ්‍ය සියලුම කෘෂිකර්ම පර් යේෂණ, ව්‍යාප්ත කටයුතු පුහුණු හා වැඩසටහන් සකස් කිරීම එහි කාර්යභාරය විය. රජයේ කෘෂිකර්ම පාසල්වල දෙවැනි පෙළ නිලධාරීන් පුහුණු කර ක්ෂේත්‍ර කටයුතු සඳහා යෙදවිය. විශ්වවිද්‍යාලවල කෘෂිකර්ම පීඨද මෙම ක්‍රම අධ්‍යාපනය ප්‍රවර්ධනය කරනු ලැබීය. මෙරට ප්‍රධාන ආහාරය වන සහල් නිපදවීම මෙම ගොවිතැන් ක්‍රමයේ ආරම්භය විය. අනෙක් රටවල මෙන්ම ආසියාකරයේ ධාන්‍ය බෝග, විශේෂයෙන් වී, බඩඉරිඟු, තිරිඟුවලින් පටන් ගෙන කෘෂි බෝග එළවළු, පලතුරු පමණක් නොව වැවිලි බෝග සඳහාද මෙය ව්‍යාප්ත විය. වැඩිදියුණු කළ බීජ හෝ රෝපණ ද්‍රව්‍ය, රසායනික පොහොර, කෘමිනාශක, වල්නාශක යෙදීම සෑම විටම තනි බෝගයක් ලෙස වගා කිරීම මෙම තාක්ෂණ පැකේජය විය.
ආහාර ජනතාවගේ අයිතියකි. ආහාරය බහුලව තිබීමත්, විවිධ වීමත් ළඟා කර ගැනීමට පාරිභෝගිකයාට ආර්ථික ශක්තියක් තිබීම හා අවශ්‍ය ප්‍රමාණ පරිභෝජනය කිරීමට ලැබීමත් මෙහි මූලධර්ම වේ. ආහාරය සෞඛ්‍යමය අතින් පෝෂණය වූ එකක් විය යුතුය. රජයකට කෘෂිකර්මය පිළිබඳ දැක්මක් තිබිය යුතු අතර, එය ෂාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය මාර්ග සිතියමක්ද සකස් කරගත යුතුය. මෙවිට වැඩිවන ජනගහනය, යෙදවුම් මිල වැනි කරුණු කෙරේද අවධානය යොමුවන්නේය. පසුගිය දශක තුනක පමණ සිට සකස් කළ කෘෂිකර්ම ප්‍රතිපත්ති කියවා බැලීමේදී මෙම කරුණුවලට ආමන්ත්‍රණය කර ඇති බවක් නොපෙනේ. 1990 ගණන්වල සිටම කෘෂිකර්ම ප්‍රතිපත්ති සකස්ව ඇත්තේ ලෝක වෙළෙඳ සංවිධානයට අවශ්‍ය අන්දමටය. එනම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මූලික ගිවිසුම්වලට. තීරු බදු හා වෙළෙඳාම (GATT) හෝ GATC) තීරණ හා සේවාවලට අනුකූලවය.
මෙහි ප්‍රතිඵලය වූයේ එතෙක් ගොවියා නව හා ගොවිතැනට තිබූ සහන ඉවත් කර වෙළෙඳපොළ ආර්ථිකයකට මං විවෘත කිරීමය. එවකට තිබූ රාජ්‍යයේ අයිතියට වී අලෙවි මණ්ඩලය, බීජ නිෂ්පාදන අංශය, අලෙවි මණ්ඩලය පමණක් නොව අභ්‍යන්තර ධීවර කර්මාන්තය පවා ඒ අනුව පෞද්ගලික අංශයට පවරනු ලැබීය. තවත් ඇතැම් ප්‍රතිපත්ති බෝගය හෝ මල් වගාව, සත්ව පාලනය මූලික කරගනු ලැබීය. 2022 වර්ෂයේදී අවසන් වරට සකස් කළ ප්‍රතිපත්තිය ගොවිතැනින් ව්‍යුහාත්මක වෙනසකට අවශ්‍ය වගන්ති ප්‍රමාණවත් තරමට නොවීය. කොතැනකදීවත් කෘෂිකර්ම ප්‍රතිපත්තියක ගොවියා කේන්ද්‍රීය සාධකයක් නොවීය. එය අභ්‍යාග්‍යයකි. මෙරට ආහාර නිෂ්පාදනයෙන් සියයට 80ක්ම ලබා දෙන්නෝ සියයට 90ක්වූ මෙරට සුළු ගොවීහුය. ඔවුහු දුප්පත්ය. ණය ගැතිය. ඉඩම කුඩාය. අසංවිධායක නිසා වෙළෙඳපොළේදී හෙට්ටු කිරීමට තරම් ශක්තියක් නොමැත. මොවුන් අතිශයින් අසරණ වූ කණ්ඩායමක් වීම ගැන කිසිවක් සඳහන් නොකිරීමට සෑම ප්‍රතිපත්තියක්ම පරෙස්සම් වී ඇත.
මෙරට ප්‍රධාන ආහාරය බතය. ඒ සමග ගමේ ලෑල්ලේ ද, සති පොළේද, එළවළු, අල වර්ග, පලා, පලතුරු විකුණා ජීවත් වන ජනතාවක් සිටිති. පසුගිය දශක දෙකකට වැඩි කාලයක් වී නිෂ්පාදනය එකම තැනය. එය හෙක්ටයාරයකට මෙ.ටො. 4.5කි. මේ ප්‍රමාණය ඉදිරියේදී වැඩිකර ගැනීමට සැලැස්මක් ඇති බවක් නොපෙනේ. වර්තමානයේ දේශපාලන වෙනස්වීම් ගොවියාට විශාල ලෙස බලපාමින් තිබේ. කන්නය මාරුවෙමින් ඇත. මෙය අනෙකුත් බෝගවලටද ඒ තරමටම බලපායි. දේශගුණ වෙනස් වීම බලපාන්නේ අස්වැන්නටය. මෙම ප්‍රමාණය තවදුරටත් අඩුවීමට ඇති අවදානම වැඩිය. විශේෂයෙන් සුළු ගොවියාට ලැබෙන සොච්චම් ලාභය පවා ඉතා සුළු විය හැකිය. මෙය ඔහු කම්පනයට පත්කරයි. අද වන විට හාල් ද, එළවළු හා පලතුරු ද කිරි, මස්, මාළු හා බිත්තර ද මිල ඉහළ ගොසිනි. සාමාන්‍යයෙන් පොල් බෑයක් රු. 150කි. පඩි වැඩි කිරීම රජයේ සේවකයන්ට පමණි. 1990දී වී අලෙවි මණ්ඩලය වී නිෂ්පාදනයෙන් සියයට 35ක් මිලදී ගෙන තිබේ. ගිවිසුම් අනුව එම ආයතනය විකුණා දමා ගබඩා පවා අහිමි කරගත්තේය. පෞද්ගලික අංශය සමග තරග කර, මිල අවම මට්ටමේ තබා ගැනීමට එවක රජයට ශක්තියක් තිබුණි.
ගොවිතැනේ ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ නිෂ්පාදන වියදම ඉහළ යාමය. එය පාලනය කළ නොහැක. ගොවිතැනින් ගොවියාට ලාභයක් ලබා ගත නොහැක්කේ මේ නිසාය. ජනගහනය වර්ෂයක් පාසා වැඩිවේ. වාර්ෂික වී නිෂ්පාදනය එකම තැනකය. වැඩි වන ජනගහනයට සාපේක්ෂව පරිභෝජනය කළ හැකි හාල් ප්‍රමාණය අඩුය. මෙය ඉදිරියේදී හොඳින්ම දෘෂ්‍යමාන වනු ඇත. මේ අනුව පිටරටට ඩොලර් ගෙවමින් අතිරේක සහල් ප්‍රමාණය පිටරටින් ගෙන ඒමද ස්ථිරවම වැඩි විය හැක. අර්බුදය දෙගුණ තෙගුණ වේ.
මේ නිසා අනිවාර්යයෙන් ආහාර නිෂ්පාදනය ඉහළ දැමිය යුතුය. ඉහළ යන රසායන යෙදවුම් මිල අඩු කිරීමට සහ යෙදවුම් මත යැපීම අඩු කර ගත හැකි කෘෂි තාක්ෂණ පිළිබඳ පර් යේෂණ සිදු කළ යුතුය. ලෝකයේ අනෙකුත් රටවල් මේ කටයුත්තේ නියාළී සිටියි. අපේ යාබද රටේ එනම් ඉන්දියාවේ මධ්‍යම රජයත්, ප්‍රාන්ත රජයනුත් එක්ව ඉන්දියානු රුපියල් මිලියන 28.41ක මුදලක් ස්වාභාවික ගොවිතැන ප්‍රවර්ධනය සඳහා ගොවීන් අතරට ගෙන යාමට ප්‍රාදේශීයව ලබා ගත හැකි ජෛව විද්‍යාත්මකව වියෝජන වෙන්කරගෙන ඇත. සත්ව හා ශාක අපද්‍රව්‍ය යොදා නිෂ්පාදනය කරනු ලබන මෙම ගොවිතැන් ක්‍රමය ප්‍රාන්ත ගණනාවකම ක්‍රියාත්මක කෙරෙයි.
මෙම අයිතීන් වඩාත් ජනප්‍රියව ඇත්තේ සුභාෂ් පලේකාර් ස්වාභාවික ගොවිතැන් ක්‍රමයයි. තම ඉඩමේම තිබෙන පසේ සිටින ක්‍ෂුද්‍ර ජීවීන් යොදා සාදනු ලබන ද්‍රව්‍ය, ගොවිතැනට යෙදීමෙන් අස්වැන්න වැඩිකර ගත හැක. මෙය වියදම් රහිත ගොවිතැන් ලෙස හඳුන්වයි. ස්විට්සර්ලන්තය දිරි දීමනා තුනක් ලබා දෙමින් කෘෂිකර්මයේ වෙනස්කම් කරගත්තේය. ඒ සඳහා වසර 20ක් ගතවිය. කියුබාව පූර්ණ වශයෙන් පාරිසරික ගොවිතැනකට අවතීර්ණ වූයේ ඇමෙරිකානු හා බටහිර රටවල තහංචිවලට ප්‍රතිරෝධ වීමක් ලෙසිනි. මෙහි සාර්ථකත්වයට බලපෑවේ පාරිසරික තාක්ෂණය පුහුණු කිරීමට ආයතනයක් පිහිටුවා ගැනීමත්, ශක්තිමත් ගොවි සමුපකාර ජාලයක් ස්ථාපිත කර ගැනීමත් නිසාය.
රසායන පොහොර සහ අනෙකුත් කෘෂිරසායනවලින් ක්‍රමානුකූලව විතැන් වීම අද ප්‍රමුඛ කාර්යයක් වී තිබේ. මන්දයත්, දූෂණ නොවූ ගොවිබිමක්, වස විසෙන් තොර ආහාරයක් ලබාදීමට කෘෂිකර්ම ප්‍රතිපත්තිය විය යුතු නිසාය. ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය යම් ප්‍රමාණයකට දැනටමත් මෙරට භාවිත වේ. කෘෂි පර් යේෂණ අංශ මේ සඳහා දිරිමත් කළ යුතු අතර, අය වැයෙන් කොටසක් මෙම පර් යේෂණ සඳහා වෙන් විය යුතුය. මෙම කටයුත්ත එක්වර සිදුවිය යුතු නැත. එ සඳහා සිදුවිය යුතු පරිණාමරූප පියවර 03කින් සම්පූර්ණ කර ගත හැකි ආකාරය එක්සත් ජාතීන්ගේ කෘෂිකර්ම හා ආහාර සංවිධානයද පෙන්වා දී තිබේ.
මීළඟ ගැටලුව නම් ගොවියා සිය ගොවි බිමින් නිකුත් කරන එළවළු හෝ පලතුරු වැනි භාණ්ඩයක මිලත් (Farm Gate Price) අවසානයේදී එම භාණ්ඩයම පාරිභෝගිකයා ගන්නා මිලත් අතර පරතරය ඇදහිය නොහැකි වීමය. මෙම පරතරය අතර මැද දී සිදුවන්නකි. විශේෂයෙන් කෘෂි නිෂ්පාදන ගබඩාකර ගැනීම, දුර ප්‍රමාණය, තොග වෙළෙඳුන්, සිල්ලර වෙළෙඳුන් හා පාරිභෝගිකයා ලෙස භාණ්ඩය මාරු වන සෑම අවස්ථාවක එම කෘෂි භාණ්ඩයට මිලක් එකතු වේ. මෙලෙස අතින් අත මාරුවන සෑම තැනකදීම මිලත් එකතු වේ. මීට අමතරව තවත් එකතුවන එක් වැදගත් මානයක් ඇත. එනම් ගොවියා තම නිෂ්පාදන විකුණන්නේ අමුද්‍රව්‍ය ලෙසට වීමය. මේ නිසා ඒවා ප්‍රවාහනයේදී විටින් විට සිදු කරන මාරුවීම් නිසා ඒවා තුවාල වී කෑලි පොඩි වී විනාශ වේ. මෙය කලක සිටම කතා කරන මාතෘකාවක් වුවත්, ඒ සඳහා තිරසාර විසඳුමක් ලැබී නැත. සිදුවන විනාශය සියයට 45ක් පමණ වේ. විකුණන අවස්ථාව වන විට තුවාල වූ හා තැලී ඇති නිෂ්පාදන ඉවත් කෙරේ. ප්‍රාථමික අමුද්‍රව්‍ය පිරිසැකසුම්කර, අගය වැඩි කර, ආකර්ෂණීය ඇසුරුම්වල බහා වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට ගොවියාට කියාදී නැත. අවශ්‍ය උපකරණ, යන්ත්‍ර මිලදී ගැනීමට ඔහුට වත්කමක් නැත. ඔහුට ව්‍යවසායකයකු වීම සිහිනයකි.
වන සත්ව හානිය ගොවිතැනට හා ගොවියාටද සදාතනික ගැටලුවකි. අලි ඇතුන්, රිලවුන්, වඳුරන් හා මොනරුන් ප්‍රමුඛව හානිය සිදුකරන වන සත්තුය. ඔවුනට හිමි වාසස්ථාන අහිමි වීම, සංචරණ මාර්ග හා කොරිඩෝවල ගම්මුන් පදිංචි වීම හා ආහාර හිඟය මෙයට හේතුය. මූලික වශයෙන් නැවත ජලමූල ස්ථාපිත කර, ඔවුනට සුදුසු පරිසරයක නැවත වැඩෙන්නට ඉඩ හැරීම වැනි කරුණු ගැන සැලකිල්මත් විය යුතුය.
නව රජය සිය ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ, දැක්වෙන පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්’’ හි පිටු අංක 110 ඉහළ මිලදායිතාවක්, ආහාර සුරක්ෂිත රටක් හා 134 පිටුවෙහි පර් යේෂණ හා සංවර්ධන ප්‍රවේශයන් යන්නෙහි යෝජනා ඉතාමත් සාධනීය වුවත් අවශ්‍ය වන්නේ ක්‍රමෝපායන්, මාර්ග සිතියම හා කාලරාමුවය. ඇත්තටම නම් කෘෂි ප්‍රතිපත්තිය ඇතුළත් විය යුතු කේන්ද්‍රීය සාධක වන්නේ සුළු ගොවියා සහ ඔහුගේ අයිතිවාසිකම්, පාරිභෝගිකයාට වස විසෙන් තොර ආහාරයක් සහ වර්තමාන කෘෂි රසායන යෙදවුම් සහිත ගොවිතැනින් පාරිසරික ගොවිතැනට පරිණාමනය වීමේ පියවර හා කාලරාමුවත්, ගොවියා ශක්තිමත් ව්‍යවසායකයකු මෙන්ම ගොවිතැනින් ස්වාභාවික සම්පත්වල ප්‍රාදේශීය පාලනය හිමි වන ගොවි සමුපකාර ජාලයක නියමුවකු වීමත් යන කරුණුය.
(***)
සිංහල නාට්‍ය කලාවේ අමරණීය යුගයක් නිර්මාණය කරමින් එහි සන්ධිස්ථානයක් ඇති කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතාගේ නාට්‍යාවලිය තුළ නිශ්ශංක දිද්දෙනිය න
මෙම වසරේ මැයි මස 6 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය ශ්‍රී ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂ මැතිවරණයක් ලෙස හැඳින්විය හැකිය.
ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී ඇත. ඒ නිමිත්තෙන් මෙම ලිපිය පළ වේ.
අතීතයේ බුරුමය ලෙසින් හැඳින්වුණු මියන්මාරය, ථෙරවාදී බෞද්ධ රාජ්‍යයකි. 2021 වසරේ සිට මියන්මාරයේ යළිත් වරක් පවතින්නේ හමුදා ජුන්ටාවකි; එසේත් නැතිනම් හමුදා ප
කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස මාගේ ධූරකාලය අප රටේ විශ්වවිද්‍යාල පද්ධතියේ ඉතිහාසයෙහි වඩාත්ම දරුණු කාලපරිච්ඡේදය හා සමපාතව පැවතිණි. සියලු පද්ධත
ශ්‍රීධර වින්සන්ට් සුබසිංහයන්ගේ 119වැනි ජන්ම දිනය අදට (29) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
කෘෂිකර්ම ප්‍රතිපත්තියේ විප්ලවයක්