වෙළෙඳපොළෙහි වී මිල සහ සහල් මිල සම්බන්ධයෙන් වන ගැටලුකාරී තත්වයන් සමාජයේ තවමත් සාකච්ජා වෙමින් පවතින බව පෙනෙන අතරම, ගොවියා එක් පැත්තකින් ද පාරිභෝගිකයා තවත් පැත්තකින් ද මේ ප්‍රශ්නයට මුහුණදෙමින් සිටින බව පෙනේ. සහල් මිල තීරණයවීමේ දී වෙළෙඳපොළෙහි පවතින ප්‍රමාණය ද ප්‍රධාන සාධකයකි. සහල් අඩු නම් මිල වැඩිවේ.
ඒ නිසා සහල් ප්‍රශ්නයේ දී සැපයුම් පාර්ශ්වය මෙන්ම ඉල්ලුම් පාර්ශ්වය පිළිබඳව ද සැලකිල්ලට ගැනීම වැදගත් ය. එහෙත් ඉල්ලුම් පාර්ශ්වයේ වෙනස්වීම් බරපතළ ලෙස වෙනස්වන බවක් බැලූ බැල්මට නොපෙනේ. වෙනස්වන්නේ නම් ඒ සංස්කෘතික වශයෙන් වැදගත් විශේෂ උත්සව අවස්ථා ආදියේ දී පමණ ය.
එහෙත් සහල් ප්‍රශ්නයේ සංකීර්ණතාව මතුවන්නේ සැපයුම් පාර්ශ්වයේ සැපයුම ප්‍රමාණවත් නොවන අවස්ථාවල දී ය. සැපයුම් අංශයේ දී පෞද්ගලික අංශය පුළුල් දායකත්වයක් සපයයි. රාජ්‍ය අංශය ද මිල පාලන ප්‍රතිපත්ති, සහනාධාර ආදියෙන් ද ඊට දායක වන බව පෙනේ. මෙම ගැටලුව අද ඊයේ ඇතිවූවක් නොවේ. මෙය දීර්ඝකාලීන ගැටලුවක ක්‍රමික වර්ධනයකි. සමස්ත කෘෂිකර්මාන්තයේ පවත්නා ගැටලුකාරී තත්වය ඊට බලපා ඇති බව පෙනේ. වෙළෙඳපොළ තුළ සහල් මාෆියාවක් ක්‍රියාත්මක වන බවට මතයක් ද සමාජයේ සාකච්ජාවට ලක්වෙමින් තිබේ.
එවැන්නක් සැබෑවටම පවතීනම් එය විසඳාගත යුතු කාරණයකි. පොදුවේ කාටත් යහපත් තත්වයක් උදාවීමට නම් වෙළෙඳපොළ තුළ තරගකාරීත්වයක් තිබිය යුතු ය. මිල සාධාරණයක් අපේක්ෂා කළ හැක්කේ එමගිනි. වෙළෙඳපොළ තරගකාරීත්වයක් නොමැති අවස්ථාවල මහාපරිමාණ ආයතන වෙළෙඳපොළ පාලනය කිරීමට උත්සාහ ගන්නා බවක් පෙනෙන්නට තිබේ. රාජ්‍ය ප්‍රතිපත්තිවලට අවනත නොවන අයුරින් සහල් ගබඩා කර තැබීම, සහල් හිඟයක් මවාපෑම වැනි තත්වයට ඇතැම්විට එමගින් මගපෑදෙන්නට පුළුවන. එවැනි මාෆියාවක් වෙළෙඳපොළ තුළ පවතීනම් එය පාලනය කිරීමට පවත්නා කවර රජයකට වුවද හැකියාව තිබිය යුතුය. ඒ සඳහා අවශ්‍ය නීති රීති ක්‍රියාත්මක කිරීමට පසුබිම සැකසිය යුතුය. රජයේ එබදු නිශ්චිත ක්‍රමවේදයක් නොමැතිව මෙම ප්‍රශ්නයට ස්ථිර විසඳුම් ලබාදීම ඇතැම් විට දුෂ්කර විය හැකි ය.
එහෙත් ලංකාවේ දැනට පවතින සහල් වෙළෙඳපොළ තරගකාරී එකක් නොවන බව අපගේ නිරීක්ෂණයයි. එම වෙළෙඳපොළ තරගකාරී තත්වයකට ගෙනෙන්නට නම් සැපයුම් පාර්ශ්වයෙන් ඇති අවහිරතා මගහැරගත යුතු වේ. විෂයානුබද්ධව මේ ප්‍රශ්නය දෙස බැලුවොත් කෘෂිකර්මාන්තය අපේ රටේ වැදගත් අංශයකි. ග්‍රාමීය ජනතාවගෙන් සියයට අසූවක් පමණ කෘෂිකර්මාන්තයේ නිරත වූවෝ වෙති. අනෙක් පැත්තෙන් රටේ දුප්පත් ජනතාවගෙන් වැඩි කොටස නියෝජනය කරන්නේත් ගොවි ජනතාවයි. එසේම ආර්ථිකයට කෘෂිකර්මාන්තයේ දායකත්වය දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 10ටත් අඩු ප්‍රමාණයකි. විශාල සම්පත් ප්‍රමාණයක් වැයකර විශාල ශ්‍රම දායකත්වයක් ලබා දී අවසානයේ ලබාගන්නා ප්‍රතිඵලය ප්‍රමාණවත් නැති බව සංඛ්‍යා ලේඛන දත්ත පරීක්ෂා කිරීමේ දී පෙනේ. මේ පවත්නා තත්වය වෙනස් කිරීමට අවශ්‍ය ක්‍රමවේද සකස් නොකර අර්බුදයෙන් ගොඩ යාම අසීරු වේ. කෙටිකාලීනව එන යම් යම් ප්‍රශ්න සඳහා කෙටිකාලීනව විසඳුම් යෝජනා කළ හැකි වුවත් රටේ ආර්ථිකය නිවැරැදි මාවතට ගෙන යාමට නම් ඒ සඳහා දිගුකාලීන වැඩපිළිවෙළක් අත්‍යවශ්‍ය වේ.
වී මිල සහ සහල් සම්බන්ධයෙන් මේ වනවිට පැන නැගී ඇති අර්බුදවලට කෙටිකාලීන විසඳුම් ලෙස මිල පාලනය කිරීමත් වී අලෙවි මණ්ඩලය, පාරිභෝගික අධිකාරිය, ගොවිජන සේවා දෙපාර්තමේන්තු ආදි ආයතනවල මැදිහත්වීමත් දැක්විය හැකිය. වෙළෙඳපොළ ක්‍රියාකාරීත්වය හරි හැටි තේරුම් ගැනීම ද මේ සඳහා අවශ්‍ය වේ. එහෙත් මේ පැන නගින යම් යම් ගැටලුවලට විසඳුම් සෙවීමට ඇති වී තිබෙන අනෙක් බාධාව නම් නිවැරැදි දත්ත නොමැති වීමයි. කොපමණ ප්‍රමාණයක් වගා කරන්නේ ද? එයින් කොයිතරම් අස්වැන්නක් ලැබෙනවා ද? ගබඩා කර ඇති ප්‍රමාණය කොපමණ ද? ආදිය පිළිබඳ නිවැරැදි දත්ත යාවත්කාලීන වන බවක් නොපෙනේ. වෙළෙඳපොළ තුළ ක්‍රියාත්මක වන පෞද්ගලික අංශ ද මේ දත්ත ගැන අවධානය යොමු කරන්නේ නම් ආර්ථිකයට අවශ්‍ය සැලසුම් සකස් කරගැනීම පහසුවකි.
මේ දත්ත පදනම් කරගෙන තීන්දු තීරණ ගන්නේ නම් සහල් ප්‍රශ්නය මේ තරම් ඔඩුදුවන තත්වයට පත්වන්නේ නැත. එහෙත් මේ තීරණ එක් අවුරුද්දක් දෙකක් පමණක් සලකා බැලීමෙන් ක්‍රියාත්මක කළ නොහැක. ඊට දිගුකාලීන අධ්‍යයනයක් අවශ්‍ය වේ. ඒ දත්ත මත පදනම් ව සහතික මිලක් අවශ්‍ය නම් එය තීරණය කළ යුත්තේ කෙසේද? අවශ්‍ය නිෂ්පාදන පිරිවැය කොපමණ ද? සහල් හිඟයක් ඇත්නම් කොතරම් ප්‍රමාණයක් ආනයනය කළ යුතු ද? ආදි තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් රාජ්‍ය යාන්ත්‍රණයට තිබිය යුතුය. එසේ නොවුණොත් සිදුවන්නේ ක්ෂණිකව මතුවන ගැටලුවලට ක්ෂණිකව පිළිතුරු සෙවීමට උත්සාහ ගැනීම පමණි. එය දිගුකාලීන විසඳුමක් නොවේ. ඒත් එබඳු නිශ්චිත දිගුකාලීන සැලසුමක් ඇතැයි කීමට ඉක්මන් විය යුතු නැත.
සහල් අර්බුදය හා වී මිලදී ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුව දැනට මිල පාලනයක් කෙරෙහි අවධානය යොමු කර ඇත. පිරිවැය ගණනය කිරීම සඳහා ද ඇස්තමේන්තුවක් සකස් කර ඇති බව පෙනේ. සියයට 30ක් පිරිවැයට එකතු කෙරෙන සේ එය සකසා ඇත. මේ අන්දමට ඇස්තමේන්තු කළ මුදලකට වී මිලට ගැනීමේ සූදානම පෙනෙන්නට තිබුණත් එය තවමත් සක්‍රීයව ක්‍රියාත්මක කෙරෙන බවක් පෙනෙන්නට නැත. එවැනි තත්වයක් තුළ එම ප්‍රශ්නය ගොවියාට විසඳාගැනීමට සිදුවන්නේ වෙළෙඳපොළ සමග ය. විවෘත වෙළෙඳපොළේ සහල් එකතු කරන සහල් මෝල් හිමියන් තීරණය කරන මිලකට වී විකිණීමට ගොවියාට මේ අනුව සිදුවනු ඇත.
මිල මට්ටම අඩු වුවහොත් තුළ ගොවියා ආරක්ෂා කරගැනීමට ද රජය උත්සාහ ගන්නා බව පැහැදිලි ය. එය තීරණය වන කාලය නිශ්චිතව කිව නොහැක . මහ කන්නයේ වී අස්වැන්න ලැබෙමින් පවතී. තව සති කිහිපයකින් ඇතැම් විට වී මිල සම්බන්ධයෙන් ගැටලු ඇතිවිය හැකි ය. එවිට ගොවියන්ගේ මැසිවිලි ද බහුල වනු ඇත. එබදු අවස්ථාවල මිල පහළ යාම වළක්වාගනිමින් ගොවියන්ගේ වී මිලට ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ රජය ක්‍රියාත්මක කළ යුතුව තිබේ. වෙළෙඳපොළ ඒකාධිකාරය පාලනය කළ හැක්කේ ඒ මගිනි. එසේ නොවුණොත් මිල කඩා වැටීම සිදුවේ. මිල ස්ථාවර මට්ටමක තබා වී මිලට ගැනීමේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ හරිනම් මේ වන විට ක්‍රියාත්මකව තිබිය යුතුය. ඒ සදහා පරිපාලනමය වශයෙන් ද මනා සැලසුමක් හා යාන්ත්‍රණයක් අත්‍යවශ්‍ය වේ.
සහල් අර්බුදය සම්බන්ධයෙන් හෝ වී මිල දී ගැනීමේ ගැටලු සම්බන්ධයෙන් හෝ වෙළෙඳපොළ පෞද්ගලික ඒකාධිකාරයට දොස් කීමේ තේරුමක් නැත. එය පාලනය කිරීමේ වගකීම ඇත්තේ ආණ්ඩුවටය. ජනතාව නව ආණ්ඩුවක් පත් කරගන්නේ ද මේ ප්‍රශ්නවලට නිසි පිළිතුරු අපේක්ෂාවෙනි. එම ගැටලුවලට ප්‍රති උත්තර දිය හැකි වන පරිදි රාජ්‍ය යාන්ත්‍රණය සකස්වීම අවශ්‍ය වේ.
මෙරට කෘෂිකර්මය තුළ කැපී පෙනෙන තවත් කාරණයක් නම් යැපුම් කෘෂිකර්මාන්තයක් මත එය ක්‍රියාත්මකවීම ය. ගොවියාට රජයෙන් සහනාධාර ලබාදීමේ ප්‍රමුඛතාව දැන් ටික කලක සිට ක්‍රියාත්මක වන්නකි. පොහොර සහනාධාරය, වගා වන්දි ආදිය ගොවියා ආරක්ෂා කරගැනීමට ගන්නා කෙටිකාලීන විසඳුම් ලෙස යම් සාධාරණීකරණයකට ලක් කළ හැකි ය. එහෙත් ආණ්ඩුවට මේ සම්බන්ධයෙන් විශාල බරක් දරන්නට මේ වන විට සිදු වී තිබේ. එසේ නොකළොත් ඊට ද චෝදනා ලබන්නට ආණ්ඩුවට සිදුවනු ඇත. එහෙත් ගැටලුව එය නොවේ. මෙසේ වියදම් කරන රජයේ මුදල් යනු මහජනතාවගේ මුදල් ය. ගොවියා ගොවිතැන් කර අස්වැන්න ලබාගන්නා තුරු සහනාධාර ගැන කතා කරයි. අස්වැන්න ගත් පසු ගොවියා උත්සාහ කරන්නේ ලාබයක් සහිතව කාට හෝ පහසු ක්‍රමයකට විකුණා දැමීමට ය. එය වරදකැයි කිව නොහැකි ය. වී මිලට ගැනීමේ රජයේ වැඩපිළිවෙළ වඩාත් විධිමත් කළ යුතු වන්නේ මේ පරිසරය තුළ ය.
ගැටලුව මතුවන්නේ මේ සහනාධාර ගොවියාට තව කොපමණ කාලයක් ලබාදිය යුතු ද යන්නයි. කුඹුරු හිමිකම මත ඇත්තටම මේ සහනාධාර ලබන්නේ ගොවියාම ද යන්න තවත් ගැටලුවකි. මෙබඳු ප්‍රශ්න ඇතිවන්නේත් අර අප මුලින් කී නිවැරැදි දත්ත නොමැතිකම නිසා ය. මේ අන්දමට දිගින් දිගටම මේ රටේ කෘෂිකර්මාන්තය සහනාධාර මත ම පවත්වාගෙන යාම අර්බුදයකි. මේ සහනාධාර වෙනුවෙන් ගොවිතැන් නොකරන පිරිස් මේ පිරිවැය ගෙවති. එහෙත් ඔවුන්ට සහල් නොමැතිවූ විට ඔවුහු අගතියකට පත් වෙති. වැඩි මිලකුත් මේ වෙනුවෙන් ගෙවීමට ඔවුනට සිදුවනු ඇත. මේ යැපුම් කෘෂිකර්මාන්තය සංකල්පයෙන් අප දැන් ඉවත්විය යුතුව ඇත. එය මහා පරිමාණ වාණිජ ගොවිතැනක් බවට පරිවර්තනය විය යුතු ය.
මේ සංක්‍රාන්තිය සිදුවීමට නම් රජයකට දීර්ඝකාලීන වැඩපිළිවෙළක් තිබිය යුතු ය. එසේ නොවන තාක් එක් පැත්තකින් මහජනතාව පීඩාවට පත් වන අතර අනෙක් පැත්තෙන් ගොවියා පීඩාවට පත් වේ. මේ වන විට මහා පරිමාණ වාරි ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක වේ. අනෙක් පැත්තෙන් ගොවියාට අවශ්‍ය පහසුකම් රාශියක් ලබාදෙන බවද පෙනේ. එබදු පහසුකම් ගණනාවක් යටතේ වුවත් අවසානයේ රටේ සහල් නැත්නම් එතැන පැහැදිලි අර්බුදයක් ඇති බව තේරුම් ගැනීමට අසීරු නැත. අනෙක් පැත්තෙන් ගොවියා කොපමණ ගොවිතැන් කළත් දුප්පත්කමේ ගිලී සිටියි. තරගකාරී මහාපරිමාණ නිෂ්පාදන ක්‍රියාවලියකට යොමු නොවී මෙම අර්බුදය ජය ගැනීම පහසු නොවේ. නිදහස ලබා දශක කිහිපයක් ගත වී ඇතත් තවමත් අපට යැපුම් කෘෂිකර්මාන්තයක් තුළ සිර වී සිටීමට සිදුවී ඇත්තේ නව තාක්ෂණය හා නිෂ්පාදන වෙළෙඳපොළ කේන්ද්‍ර කරගත් කෘෂිකර්මාන්තයක් වෙත යොමුවීමට සමත් නොවීම නිසා ය. කෘෂිකර්මාන්තයේ නිෂ්පාදන පිරිවැය මහජනතාව මත පැටවීමෙන් පමණක් මේ සඳහා විසඳුම් සෙවිය නොහැකි ය. කලින් කලට කෘෂිකර්ම නවීකරණය පිළිබඳ මේ රටේ අවධානය යොමු වුවත් ඒවා මේ වන තෙක් මහ පොළොවේ යථාර්ථයක් බවට පත් වී නැත. එසේම වෙළෙඳ ප්‍රතිපත්ති සහ කෘෂිකාර්මික ප්‍රතිපත්ති සමපාත වන ලෙස යොදාගැනීම වැදගත් වේ. කෘෂිකර්මය නවීකරණය නොකරන තාක් ගොවියාට ද අන්ත අසරණ දිළින්දකු සේ මුළු දිවිය පුරාම දිවි ගෙවන්නට සිදුවනු ඇත. මෙම යථාර්ථය හඳුනාගෙන ඊට අවශ්‍ය දිගුකාලීන හා කෙටිකාලීන විසඳුම් ක්‍රියාත්මක කෙරෙන තුරු අද අප මේ කතා කරන සහල් ප්‍රශ්න, වී මිල ප්‍රශ්න, පොල් ප්‍රශ්න ආදි කාරණා ඉදිරියටත් මෙලෙසම කතා කරන්නට වනු ඇත.
(*** සාකච්ඡා සටහන - ගාමිණී කන්දේපොළ)
මහත්මා ගාන්ධිතුමා මෙසේ ප්‍රකාශ කළේය. “අප දැනුම ලැබිය යුත්තේ දැනුම් සයුරේ ගිලී මියෙන්නට නොව, දැනුම් සයුරේ කිමිදී මුතු ගෙන එන්නටය.” කල්‍යාණ මිත්‍ර ලක්ෂ්
වෙළෙඳපොළෙහි වී මිල සහ සහල් මිල සම්බන්ධයෙන් වන ගැටලුකාරී තත්වයන් සමාජයේ තවමත් සාකච්ජා වෙමින් පවතින බව පෙනෙන අතරම, ගොවියා එක් පැත්තකින් ද පාරිභෝගිකයා
මේ දිනවල රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ, හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන මහත්ම මහත්මීන්ට
2024 වර්ෂයට අදාළ 5 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් විභාග දිනයට කලින් පිටවීම මහත් ආන්දෝලනයට තුඩු දුන්නේය. මෙම ප්‍රශ්නය ශ්‍රේෂ්ඨාධිකරණ
භූගෝලීය වශයෙන් ඉන්දියන් සාගරයේ පිහිටා ඇති ශ්‍රී ලංකාව කලාපීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර භූ දේශපාලනය තුළ ද ඉතාමත්ම වටිනා ස්ථානයක පිහිටා ඇත. ආසියාවේ සිට ම
කොටි ත්‍රස්තවාදීන් 1998 ජනවාරි මස 25 වැනිදා මහනුවර ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර අදට (25) වසර 27ක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කෘෂිකර්මය නවීකරණය අවශ්‍ය ඇයි