IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


කුස්වල වෙද හාමුදුරුවන්ගේ විශ්ව කර්ම ප්‍රතිකාර

හෙළ වෙදකම ආශ්චර්යමත්ය. නිදුකින් ජීවත්වෙන්නටත් දීඝායුෂ ලබන්නටත් හේතුවන්නකි. එසේ වන්නට නම් එය හරියට ඉෂ්ඨ සිද්ධ විය යුතුය. වෙදකම වෙළඳාමක් හෝ බාල ලෙස වුණොත් ඒ පිළිබඳ වන විශ්වාසය බිඳ වැටේ. විශ්වාසය රැකගෙන වෙදකම් කරන පිරිසද අතලොස්සකි. වැඩිදෙනා

 

වෙදකම ජීවත්වීම පිණිස පෙරළාගෙන තිබේ. තෙලක් හින්ද ද ගුලි කල්ක හැදුවද අවශ්‍ය ඖෂධ වට්ටෝරු දුර්වල කර සකස්වේ නම් වෙදකම බාලවෙයි.
අද බොහෝ තැන්වල මේ තත්්ත්වය දැකිය හැකිය. ලෙඩකට ප‍්‍රතිකාර සොයන රෝගියෙකුට බොරුවක් කර බලාපොරොත්තු වන ”කාසි” වලින් වටිනාකමක් නැත. පළමුව ලෙඩාගේ නිරෝගීභාවය ගැන සිතිය යුතුය. දෙවැන්න වෙදදුරු විශ්වාසවන්තයෙක් විය යුතුය.

නමට පෝලිමේ යනවාට වඩා සැබෑ වෙදකම සොයා යාමට කවුරු කවුරුත් උනන්දු විය යුතුය. වෙදකමේ අක්මුල් සොයා යන චාරිකාවක සුවිශේෂී තැනෙක අපි නතර වෙමු. ඒ රටක් ලොවක් හඳුනන කුස්වල වෙදහාමුදුරුවෝය. ඇතැම් විට මීට පෙර ඔබ කුස්වල හාමුදුරුවන් ගැන අසා ඇත. නමුත් දන්නා තොරතුරුවලට වඩා නොදන්නා තොරතුරු බොහෝය. කුස්වල වෙද හාමුදුරුවන්ගේ අපූරු වෙදහාස්කම් අද පටන් කියවමු.

කවුද මේ කුස්වල වෙද හාමුදුරුවෝ...

උන්වහන්සේගේ පැවිදි ජීවිතය දශක පහක් එහාට දිවේ. දඹුල්ල ඇලගමුව දෙහිප්පා රජමහා විහාරයේදී කුස්වල හාමුදුරුවෝ පැවිද්ද ලබා ඇත. මහඇලගමුවේ ලංකානන්ද නමින් පැවිද්ද ලැබූ උන්වහන්සේ දෙහිප්පාවේ නායක හාමුදුරුවන්ගේ ශිෂ්‍යවරයෙකි.

මහඇලගමුවේ ධම්ම සිද්ධි උතුරු මධ්‍යම දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක නාහිමියන් සහ ආඬියාගල ධම්මරක්ඛිත නුවර කලාගම් දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක නාහිමියන් කුස්වල හාමුදුරුවන්ගේ පැවිදි ආචාර්යවරු වෙති. ඒ දෙනමම උන්වහන්සේගේ ගිහි ඥාතිහු වෙති.

ධම්මසිද්ධි නාහිමියන් සහ ධම්මරක්ඛිත නාහිමියන් දෙපළම පරම්පරා වෙදකමට දක්ෂයෝය. උන්වහන්සේලාට පෙර භික්ෂු පරම්පරාවද වෙදකමෙහි හසල දැනුමැත්තෝ වූහ. ඇලගමුව වෙදකම නූතනය දක්වා ගලා එන්නේ මෙපරිදිය. ඇලගමුවේ පාරම්පරික වෙද ඉතිහාසය සොයා බැලූවොත් අවුරුදු හත් අටසීයකට එහා රජ කාලය දක්වා ඉතිහාසයක් පවතී.

කුස්වල වෙද හාමුදුරුවන්ගේ මවුපියන්ද පාරම්පරික වෙදුන්ය. උන්වහන්සේගේ මව ඇස් වෙදකමට දස්කම් පෑ බව අපට ආරංචි විය. හාමුදුරුවන්ගේ පියා ගමේ වෙදමහතා විය. ඔහු ගමේ උදවියට වෙදකම් කළ අතර ඒ සඳහා මුදල් අපේක්ෂා කර නැත. එබැවින් ගම්මු එකතු වී වෙදමහතාගේ කුඹුර අස්වද්දා දුන් බව වෙද හාමුදුරුවෝ අතීතය සිහි නංවති. එදා සුවහසක් වන්නියේ ජනයාට සුවය සැදු ඇලගමුවේ වෙදකම අද රට ලොවකට සුවය සැදීමට මාවත හදා තිබේ. ඒ සඳහා කුස්වල වෙද හාමුදුරුවෝ පසුබිම නිර්මාණය කොට තිබේ.

සර්ප විෂ, ඇස් රෝග, පිළිකා, කැඩුම් බිඳුම්, ආමාශ ගත රෝග, මානසික රෝග, අර්ශස්, කුෂ්ඨ රෝග, හිසේ රෝග, ක්ෂය රෝග, පෙනහළු, වකුගඩු රෝග, ආබාධිත අය, හදවත් සැත්කම් අසාර්ථක වූවන්, නිදන්ගත රෝගීන් ආදී සර්වාංග රෝග රැුසකට කුස්වල හාමුදුරුවෝ දක්ෂය. විශේෂයෙන් රෝහල්වලින් හා වෛද්‍යවරුන් සුව නොකළ හැකි යැයි අතහැර දැමූවන් බොහෝදෙනෙක් අද යළි ජීවිතය ලබා සිටිති. සතුටින් රැුකියාවන්හි යෙදෙති.
‘‘අද ගොඩක් මිනිස්සු පරම්පරා වෙදකම ගැන විශ්වාසයක් නැතුව නෙමෙයි. නමුත් කාලය ඉතිරිකර ගන්නත්, පහසුවත්, හොයාගෙන බටහිර බේත් පෙත්තක් ගිලදාල නිකන් ඉන්නවා. පැරණි දේශීය වෛද්‍යවරයා ළඟට එනවා අඩුයි. බටහිර ප‍්‍රතිකාර පිළිබඳව මගේ අදහස නම් තවත් අතුරු ආබාධ රැුසකට මග පෑදීමක්. මම උදාහරණයක් කියන්නම්. ක්ෂය රෝගයට දේශීය ප‍්‍රතිකාර තියෙනවා. නමුත් වැඩිදෙනා දුවන්නෙ බටහිර බේත් කරන්න. ක්ෂය රෝගයට ඉංග‍්‍රීසි බේත් බිව්ව ගමන් බොහෝවිට බඬේ තුවාල ඇතිවෙනවා. නැත්නම් වෙනත් ආබාධයක් ඇතිවෙනවා. බටහිර ප‍්‍රතිකාර ක‍්‍රමයේ තත්ත්වය  ඕකයි.

දැන් බලන්න, අපේ සිංහල වෙදකමේ ඉතිහාසය කල්පනා කරලා. ඉංග‍්‍රීසි වෛද්‍ය ක‍්‍රමය එන්න කලින් අප කළේ අපේ පරම්පරා වෙදකම. අනුරාධපුර, පොලොන්නරු යුගවල පැරණි ආරෝග්‍ය ශාලා නටබුන් හමුවෙනවා. බේත් ඔරු, බේත් කොටපු වංගෙඩි, ඔය හැම තැනම තියනවා. මේ දේ කියන්නෙ අපේ පරම්පරා වෙදකම ගැනයි.

ඉතිහාසයේ දරුණු යුද ගැටුම් තිබුණා. එළාර - දුටුගැමුණු යුද්ධය වගේ සටන් වාර්තා වෙනවා. ඒවයින් තුවාල ලැබූ අයට ශල්‍යකර්ම කළේ බෙහෙත් කළේ පිටරට ගෙනිහින් නොවෙයි. අපේ වෙදකමින්.

එදා විතරක් නෙවෙයි, අදත් අපේ පරම්පරා වෙදකම මහා බලසම්පන්නයි. තිරසාරයි. සෞඛ්‍ය සම්පන්නයි. ඇලගමුව වෙදකමින් මා මේ බව ඔප්පු කරල තියනවා.  ඕනෑම දරුණු ලෙඩෙක් හොඳ කරලා ඔප්පු කරලත් පෙන්වන්නම්. එකම දේ මිනිස්සු වෙදකම ගැන තියන පසුගාමී හැඟීම. නිසි තැන වෙදකමට ලැබිලා නෑ. හැබැයි හරියට වෙදකම ලබලා හොඳ වුණ අය කියයි හරි දේ කොතනද කියලා. මේ රටේ දේශීය වෛද්‍ය අමාත්‍යංශයක් තියනවා. හොර බොරු නැතුව හරියට වෙදකම කරන වෙද පරම්පරා සහ වෙද මහත්වරුන් 50 x 60 ක් ලංකාවෙ ඉන්නවා. ඒ මුවාවෙන් අමාත්‍යංශය ගෙනියනවා. තේ, කෝපි, ගම්මිරිස්, වගාවට රජය මිනිස්සු පොළඹවනවා. ඒත් බේත් පැළෑටියක් වවන දේකට මිනිස්සු පොළඹවන්නෙ නෑ. සහනාධාරයක් දෙන්නෙ නෑ.

 


දේශීය ඔසු උයනක් කරන්න ගියොත් ඒකට පුළුවන් තරම් අකුල් හෙළනවා. ඉතින් දැන් අපට ඉන්දියාවෙන් බෙහෙත් නිෂ්පාදන ගෙන්නන්න වෙලා තියනවා. මේකෙන් කියන්නෙ ලංකාවෙ තෙල්, බේත් හදන්නෙ නෑ කියන එක නොවෙයි. නියම විදිහට ඖෂධ වට්ටෝරු අනුව සකස් කරපු බේත් ඉන්දියාවෙන් ගේන්න වෙලා. ඉතින් වියදම වැඩියි. ඖෂධ පැළෑටි වගාවට දැන් රජය අනුග‍්‍රහය දෙන්න කාලෙ ඇවිත්.

කුස්වල වෙද හිමියන්ගෙන් ප‍්‍රතිකාර ගන්නට සිය ගණනක් පිරිස සීදුව, රද්දොළුගම, කුස්වල පන්සලේ ධර්මශාලාවේ පෝලිමේ සිටිති. ඒ සියලූදෙනාට පරම්පරා වෙදකම ගැනත්, ඇලගමුවේ වෙදකම ගැනත් විශ්වාසය ඇති බව පෙනේ.

දැන් කොහොමද පිළිකාවෙ තත්ත්වෙ
හොඳයි.. අත පොඞ්ඩක් උස්සන්න අමාරුයි ආ... ඒක පොඩි දෙයක්. මම බේත් ටික ලියනවා. ඒකෙන් තවා ගන්නවා හොඳයි.
දරුණු පිළිකාවකින් පෙළුණු අවුරුදු 55 ක පමණ වයසේ කාන්තාවකට උන්වහන්සේ උපදෙස් දෙයි. ඇගේ පිළිකාව වෙදකම් වලින් සුවය ලබා ඇති බව අපට හැෙඟ්. ඇවිද යන්නට බැරි රෝගීන්, දරුණු පිළිකා රෝගීන්, මානසික ආබාධ රෝගීන්, ආදී විවිධාකාරයේ රෝගීන්ට උන්වහන්සේ ලියන්නේ එක්කෝ තෙල් වර්ගයකි. නැත්නම් ගුලි වර්ගයකි. කල්කයකි, කසායකි.  ඕනෑම දරුණු ලෙඩක් කොහෙන් ගියාදෝ නැති තරමට හොඳ අතට හැරෙයි. රජ පරම්පරාවේ ඇලගමුවේ වෙද රහස්වල විශ්මය කුස්වල වෙද හාමුදුරුවන්ගෙන් ඔබට උගත හැකිය.

දරුණුයි කියන හැම රෝගයම සීයට සීයක් සනීප කරන්න පුළුවන් කමක් නෑ. එහෙම කියනවා නම් ඒක විහිළුවක්. බටහිර වෙදකමේ පාලනය කරගෙන දිගටම බේත් විඳිමින්, නොයෙක් දුක් දෙමින් පාලනය කරවන රෝග අපි හරිම සරලව ඊට වඩා හොඳට පාලනය කරවනවා. දරුණුම පිළිකා රෝග තියන අය පිළිකාවක් නැතිවා වාගේ පාලනය කරනවා. බටහිර වෙදකමේ පාලනයක් කළ යුතුයි කියන සමහර රෝග මම සීයට 100 ක් හොඳ කරනවා. බටහිර වෛද්‍යවරු කළ නොහැකියි අතහැර දාපු රෝගීන්  ඕනෑ තරම් මා නිරෝගීව ජීවත් කරවල තියනවා. බටහිර වෙදකමේ තියන එම්.ආර්.අයි.සීටී ස්කෑන්, ලේ, මුත‍්‍රා පරීක්ෂණ මාත් බලනවා. මුලදී ඒවයේ ප‍්‍රතිඵල හා වෙදකමින් පසුව ප‍්‍රතිඵල රෝගියාටම බලාගන්න පුළුවන්. සැකේට වෙදකම කරල දෙන්නම  ඕනැ නෑනෙ  යැයි කුස්වල නායක හාමුදුරුවෝ පවසති.





උන්වහන්සේ හමුවිය හැකි තැන් - රද්දොළුගම මුතුවාඩිය කුස්වල පන්සල හා පේරාදෙණිය පරණ පාර, මුල්ගම්පල කුස්වල බෙහෙත් ශාලාව ලිපිනයෙන් විමසීම් කළ හැකිය.

 



අදහස් (21)

කුස්වල වෙද හාමුදුරුවන්ගේ විශ්ව කර්ම ප්‍රතිකාර

අසෝකා Friday, 28 March 2014 05:31 PM

අපේ දේශීය වෙදකම ඉතා ඉකමනින් නගා සිටුවිය යුතුයි .මොකද නැත්නම් තව ටික කාලයකින් එය නැත්තටම නැතිවෙලා යයි. සිංහල වෙදකම කියන්නේ ලෙඩක් යටපත් කිරීමක් නොවෙයි. එය නිට්ටාවටම සුවපත් කිරීමක්. බටහිර වෙදකමෙන් බොහෝවිට කරන්නේ ලෙඩේ යටපත් කිරීමක් පමණයි. එත් දැන් ගොඩක් බොරු වෙදවරු ඉන්න නිසා පරිස්සම් විය යුතුයි. සිංහල වෙදවරු සල්ලි වලට නෙමෙයි බෙහෙත් කලේ. දුප්පත් අයට බෙහෙත් දීල ගෙදර යන්න තමන්ගේ අතින් මුදල් දෙන වෙදවරු මම දැකල තියෙනවා. ඉතින් ඔවුන් හැමදාම එකම තැන. නමුත් ජිවිතේ බොහොම සැහැල්ලුයි. බටහිර වෛද්‍යවරුන් ලෙඩ බැලුවටත් ගානක් ගන්නවා. දැන් කල කවුරුත් ඉතින් යන්නේ ලොකු කමටත් එක්ක දොස්තර ගාවට. (අ)

:       0       0

නාමල් Saturday, 29 March 2014 08:41 PM

හැම දේටම ජනාධිපතිතුමා. අනේ අපේ රටට ගිය කලක්. මිනිස්සුන්ගේ කොන්දවල් රබර් ද ? (නදී)

:       0       0

සජිත් Sunday, 30 March 2014 11:06 AM

නාමල්, මමත් ඔයාගෙ පැත්තෙ. අපි මේ ගැන දන්වමු විපක්‍ෂ නායකතුමාට හරි සරත් ෆොන්සේකා මහත්තයට හරි. (නි)

:       0       0

විමල්කා Monday, 06 February 2017 02:55 PM

ඇත්තටම ඔබ වහන්සේ අපේ රටට පහළ වූ සම්පතක් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා (බ)

:       0       0

ශාන්තික Friday, 28 March 2014 07:06 PM

ජනාධිපතිතුමාගේ අවධානය මේ සඳහා යොමුවී අපේ දේශීය වෙදකම නඟාසිටුවීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වුණොත් මහත් ඵල මහානිසංස දෙන පින්කමක් වේවි. (නි)

:       0       1

ගාමිණි Sunday, 27 April 2014 12:22 PM

විශිෂ්ට ලිපියක් (දී)

:       0       0

අසංක උදය කුමාර Friday, 02 May 2014 01:18 AM

හාමුදුරුවන්ගේ හැටි දන්නෝ දන්නවා. ගිම්හානි ඔයා මොනවද දන්නේ ? (නදී)

:       5       0

ගයා Saturday, 29 March 2014 01:07 PM

ඇත්තටම ඉතාමත් වටිනා ලිපියක් (දී)

:       0       0

ජෙරම් Saturday, 29 March 2014 01:36 PM

ඔබ වහන්සෙට දිගා සිරි ලැබේවා (දී)

:       0       0

යුරේෂ් Saturday, 29 March 2014 02:05 PM

ජනාධිපතිතුමාගේ අවධානය මේ සඳහා යොමුවේවා ! (නදී)

:       0       0

නිමල් Friday, 20 June 2014 12:55 PM

ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා (අ)

:       0       0

යුරේෂ් Saturday, 29 March 2014 02:06 PM

ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ! (නදී)

:       0       2

ගිම්හානි Monday, 28 April 2014 10:26 AM

මෙයා ගැන අපි දන්න විස්තර කීවොත් පත්තරම මදි දන්නෝ දනිති (අ)

:       2       15

චන්ද්‍රා Wednesday, 02 April 2014 06:14 AM

හැම ලෙඩක්ම නිට්ටාවට සුවපත් කරන්න අපේ සිංහල දේශීය වෙදකම සමත්. බටහිර වෙදකමේ හැමදේම යටපත් කරන එක විතරයි සිදුවෙන්නේ.පුදුමයි අපේ දේවල් වල වටිනාකම මිනිස්සුන්ට නොවැටහෙන එක. (නි)

:       0       0

සිංහ Sunday, 30 March 2014 08:00 AM

මේ යහපත් කාර්යය තව තවත් දියුණුවෙන් දියුණුවට පත්වේවා! (නි)

:       0       1

නිමල් Sunday, 30 March 2014 08:00 AM

මෙවැනි දේශීය වැඩවලට ලොකු ලොකු ඇත්තෝ උදවු දෙන්නේ නැත්තේ ඇයි කියලා අපි දන්නවා. (නි)

:       0       0

රෝහිත පෙරේරා Tuesday, 22 April 2014 04:26 PM

මම අහල තියෙනවා වෙදහාමුදුරුවෝ ගැන ගොඩක් හොදට විශ්වශිව බෙහෙත් කරනවා කියල.මමත් ඉක්මනට උන්වහන්සේගෙන් බෙහෙත් ගන්න යනවා.(නදී)

:       0       0

සජී Monday, 31 March 2014 03:00 PM

මේ යහපත් ක්‍රියාව දිගින් දිගටම කරගෙන යාමට ඔබ වහන්සේට තව තවත් දහිර්ය ශක්තිය ලැබේවා කියා මම අවංක සිතින් ප්‍රර්ථනා කරනවා.(නදී)

:       0       0

සුභාෂිණි Tuesday, 13 February 2018 01:41 PM

මානසික රෝගයක් සදහා ප්‍රතිකාර කරන්න කලින් ඉංග්‍රීසි බෙහෙත් කලේ තවමත් එහෙමම තමයි රෝගි තත්වයේ ඉන්නේ මගේ අම්මා ,ඇය ඉංග්‍රීසි බෙහෙත් බීවත් නිතරම ඇගට අපහසු බව කියනවා ,බෙහෙත් නතර කලොත් නැවත ලෙඩේ ඉස්මතු වෙනවා මට දැනගන්න ඕනෙ සිංහල බෙහෙත් කලොත් 1.කලින් ඉංග්‍රීසි බෙහෙත් කරපු එක ප්‍රශ්නයක් වෙයිද 2.සිංහල බෙහෙත් වලින් රෝගය නිට්ටාවටම සුව කර ගත හැකිද 3.කුස්වල වෙද හාමුදුරුවෝ මේ රෝගයට ප්‍රතිකාර කරනවද මේ දේවල් වලට මට පිලිතුරක් ලැබෙන තුරු මා බලා සිටිනවා හැකි අයෙක් මට උදව් කරයි කියලා බලාපොරොත්තුවෙන් සිටිනවා

:       1       0

නිල් Wednesday, 07 March 2018 03:35 PM

මේ හාමුදුරුවෝ සුදුකබරවලට වෙදකම් කරනවද?

:       0       0

W. S. Jayatilaka Sunday, 19 February 2023 10:07 AM

මට රෝග කීපයක්... එනම් අර්ශෂ්, ඇදුම වැනි රෝග. ඒ සඳහා ප්‍රතිකාර ගැනීමට උපදෙස් පතමි...

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 5078 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 707 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1277 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 114 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 201 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 267 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39085 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25567 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 320 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1078 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site