IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


කොළඹ ඡන්ද කාටද?

 

27_MAIN_P16

 

මහින්ද රාජපක්ෂ ජනපති සිය දෙවැනි ධුර කාලයෙන් සිව් වසරක් ඉක්ම ගිය තැන ජනාධිපතිවරණයක් ප‍්‍රකාශයට පත් කළේය. ධජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා තරග වදින මෙවර ජනාධිපතිවරණයේදී කොළඹ නාගරික ජනතාවගේ ඡන්ද කාටද? නාගරික ජනතාවට ඇති ගැටළු මොනවාද? මේ ඒ ගැන කෛරන සොයා බැලීමකි.


කොළඹ යනු එදා සිටම එක්සත් ජාතික පක්ෂයට වැඩි ඡන්ද හිමිවන දිස්ත‍්‍රික්කයකි. පැල්පත් වාසීන්, මුඩුක්කු වාසීන් වැඩි වශයෙන් සිටි කොළඹ පසුගිය කාලයේ මහල් නිවාස ඉදි කැරිණි. මංමාවත් නවීකරණය කැරිණි. නව වෙළෙඳ සංකීර්ණ ඉදි කැරිණි.  කොළඹ ජනතාවට එය දැනී ඇත්තේ කෙසේ දැයි දෙතුන් දෙනකුගේ අදහස් විමසීමේ දී දැන ගත හැකිය.

 


කොළඹ විශ‍්‍රාමික ගුරුවරයකු වන ආනන්ද -

”මම ළඟදි විශ‍්‍රාම ගියේ. අපිට තියෙන ලොකුම ප‍්‍රශ්නෙ තමයි ලැබුණු වැටුපෙන් සියයට 80ක් විතර තමයි විශ‍්‍රාම වැටුප් දෙන්නේ. අර වියදම් මේ වියදම් කියලා පඩියට එල්ලලා තිබුණු ඒවා මොනවත් හම්බවෙන්නෙත් නෑ. මං විශ‍්‍රාම යනකොට මගේ වැටුප රුපියල් 33000ක් කියමුකෝ. ඒකෙන් 24000කට වගේ තමයි ගණන් හැදෙන්නේ.


අපි විශ‍්‍රාම ගියා කියලා කාලා ඇඳලා ඉන්න එකේ වෙනසක් වෙන්නේ නැහැනේ. සාමාන්‍ය ගුරුවරයෙක් පාං ගෙඩියක් ගන්න ගානටම තමයි විශ‍්‍රාම ගිය අපිටත් ගන්න වෙන්නේ. මේවගේ ලොකු ගාණකින් වැටුප අඩු වෙද්දි අපි කොහොමද ජීවත් වෙන්නේ.? අනික අපට දැන් අග‍්‍රහාර නෑ. විශ‍්‍රාම යන ගුරුවරුන්ට එක එක ලෙඩ තියනවා. මේවට අතින් සල්ලි වියදම් කරලා තමයි බේත් ගන්න වෙන්නේ. 


රුපියල් 33000 වැටුප දහදාහකින් විතර අඩු වුණාම කොහොමද ඒක දරා ගන්නේ. විශ‍්‍රාම යනකොට දෙන අවුරුදු දෙකේ දීමනාව ස්ථිර තැන්පතු දානව කියා සමහරු කියනවා. ඒක ගත්ත ගමන් වැඩි දෙනෙක් කරන්නෙ ස්ථිර තැන්පතු දාන එක නෙමේ. රට වටේටම තියන ණය බේරන එකයි. අය වැයෙන් කිව්වා විශ‍්‍රාමිකයන්ට, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තැන්පතු පොලී වැඩි කරනවා කියලා. මං බැංකුවට කතා කළා දින දෙක තුනකට කලින්. බැංකුවෙන් එහෙම එකක් දන්නෙත් නෑ.

 


බැංකු සේවකයකු වන කේසර මහතා:

”මේ නගර ආශ‍්‍රිතව සීයට 80ක්ම ඉන්නේ තමන්ගේ ශ‍්‍රමය විකුණලා වැටුප් ගන්න අය. ගොවිතැන් කරන අය මෙහේ නෑ. වැටුපෙන් තමයි හැම අවශ්‍යතාවක්ම සම්පූර්ණ කර ගන්නේ. රාජ්‍ය ආයතනවලින්ම කියනවා නාගරිකව ජීවත්වෙන හතර දෙනකුගේ පවුලකට මාසෙකට ජීවත් වෙන්න රුපියල් 51000ක් යනවා කියලා. කවුද එච්චර වැටුපක් ගන්නේ? මේ අය වැයේ දි කිව්වා රජයේ සේවකයන්ගේ අවම වැටුප රුපිල් 15000ක් කරනවා කියලා. පුද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීම් ඉල්ලූව් අවම වැටුප 10,000යි. උපරිම වැටුපේ වෙනසක් තියෙන්න පුළුවන්. ඒත් අවම වැටුපේ වෙනසක් තියෙන්න පුළුවන් ද? රජයේ සේවකයා බඩු ගන්න මිලටම තමයි පෞද්ගලික අංශයේ සේවකයනුත් ගන්නේ.

සාමාන්‍ය රාජ්‍ය සේවකයකුගේ වැටුප 20,000 - 30,000ත් අතර. පෞද්ගලික සේවකයකුගේ වැටුප 15,000-25,000 අතර. මේ මුදලින් කොහොමද ජීවත් වෙන්නේ. අද වියදම් කොච්චර වැඩිද? මේ ජනාධිපතිවරණය ළං වෙලා තමයි මෙහෙමවත් දීමනා දෙන්න මතක් වුණේ. අවුරුදු නවයක් තිස්සේ මොනවත් නෑ.

 


නවීන් තිලකසිරි මහතා -

”කොළඹ ලස්සන වෙලා. වෙනදා මෙහෙම නැහැනේ. අපිට කොළඹ කියන්නත් ආසයි. පාරවල් ඔක්කොම හදලා. කොළඹ හදපු නැති පාරක් නෑ. හරියට දැන් කොළඹ වෙනත් රටක් වගේ. අපිට පඩි වැඩි කළා. දැන් අතේ සල්ලි තියෙනවා. කියන්න තරම් ගැටළුවක් අපට නම් නෑ. ලබන අටවැනි දා බලාගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා.

 

27_MAIN

 


සමරවීර මහතා - (කොළඹ රැුකියාව කරයි. පදිංචිය ගම්පහ)

කොච්චර ලස්සන වුණත් වැඩක් නැහැනේ  ඕනෑ තැන් හරියට නැතිව. පොඩි වැස්සක් වැස්සත් කොළඹම යට වෙනවා. මෙහෙම සංවර්ධනයක් මොකටද? අනිත් එක සංවර්ධනය කරන්න කලින් මිනිස්සුන්ට කන්න බොන්න දෙන්න  ඕනෑ. කවුරු ආවත් අපට වැඩක් නෑ. හැමෝම එකම දේ තමයි කරන්නේ.
මේ නගරාශ‍්‍රිත පුද්ගලයන්ගේ අදහස්ය. 

වර්තමානයේ ලෝකයේ කතා කරන්නේ සංවර්ධනය නොව තිරසාර සංවර්ධනයයි. එවැනි සංවර්ධනයක් වී නම් කොළඹ ජලයෙන් යට විය හැකිද? නගරවාසීන්ගේ චෝදනාවේ සත්‍යයක් ඇත. පැයක දෙකක වැස්සෙන් දණක් පමණ යට වෙන්නට කොළඹ පාරවල් රැුසක ජලය පිරේ. නිතර එහා මෙයා යන කොළඹ වැසියන්ට මෙන්ම විවිධ රාජකාරි සඳහා කොළඹ එන්නන්ටද එය හොඳින් දැනේ. 

පිටකොටුවේ පදික වේදිකාවේ වෙළෙඳාම් කරන්නන්ගේ කඩ රැුසක් පොලිස් ආරක්ෂාව මාධ්‍යයේ මීට කලකට පෙර ඉවත් කළේය. ඒ ඔවුනට කඩ ලබා දෙන බව කියමිනි. ඔවුනට ලබාදීමට ස්වයං රැුකියා වෙළෙඳ සංකීර්ණ හතරක් ඉදිකළ අතර එක් සංකීර්ණයක් ඉදිකර වසර හතරක් තිස්සේ වසා දමාඇත. එය තවම එම වෙළෙඳුන්නට ලබා දී නැත.

ලබාදුන් සංකීර්ණවල කඩ බෙදා දුන්නේ විනිවිදභාවයකින් තොරව යැයි චෝදනා රැුසකි. සමහරු නඩු මගට බැස සිටිති. කොළඹ නාගරික ජනතාවගේ ඡුන්දය ගැනීමට නම් එලෙස කොළේ වසා ගසා හරි යන්නේ නැත. ජනතාව කියනා ආකාරයට සිදුව ඇත්තේ එවැනි කොළේ වසා ගැසීමකි. වෙළෙඳ සල් බෙදා දීමේ දී සිදුවූ අඩු පාඩු ගැන දිගින් දිගටම මාධ්‍ය පෙන්වද්දී ඒ වෙනුවෙන් පියවරක් ගෙන තිබුණේ නැත. 

එමෙන්ම වෙළෙඳසල් හිමිකරුවන්ගෙන් කප්පම් ගැනීමේ සංස්කෘතියට ද තිතක් තබා නැත. සංවර්ධනයේ නියම අර්ථයෙන් ජනතාවට සෙතක් ලැබෙන්නේ නම් මේ ගැටලූවිසඳී තිබිය යුතුය. එදා වේල සරිකර ගන්නට අර අදිනා මේ පිරිසේ ප‍්‍රශ්න නොවිසඳා ඔවුන්ගේ මනාපය ලබා ගැනීමට සිතීම විහිළුවකි.
පෙර සඳහන් කළ පරිදි කොළඹ නිවාස රැුසක් ඉවත් කරනු ලැබීය. ඒ ඔවුනට නිවාස දෙන බව කියමිනි. පිරිසකට නිවාස හිමි වෙද්දී තවත් පිරිසකට එලෙස නිවාස හිමිවූයේ නැත. ඒ අතරම නව නිවාස සංකීර්ණ කිහිපයක්ම ඉකුත් කාලයේ අලූතෙන් ඉදිකර ජනතා අයිතියට පත් කරණ ලදී. එම නිවාස නගරයට සුන්දරත්වයක් ඇති කර තිබෙනු අපි දුටුවෙමු. සමහර තැන්වල පැල්පත් යායක් ලෙස තිබූ පරිසරය වෙනස් කර අලූත් තට්ටු නිවාස තනාදී ඇති අයුරු දැකගත හැකිය. කවුරු කොහොම කීවත් ඒ ජනතාව සතුටින් සිටින බවට නම් සැකයක් නැත. එලෙසම නගරයේ අපිරිසිදු ස්ථාන බොහොමයක් නවීකරණය කර තිබේ. දුර්ගන්ධය දැන් නැත. නවීකරණයෙන් ආ මේ බාහිර ඔපය නාගරික ජනතාවගේ ඡුන්ද බවට පත්වුණා ද නැද්ද යන්න දැකගත හැකි වන්නේ ජනපතිවරණ ප‍්‍රතිඵල නිකුත්වූ පසුවය. නාගරික ජනතාවගේ සුවපහසුවට ව්‍යායාම මංපෙත්ද ඉදිකර තිබේ. මේවායේ ඇවිදින අය ඡන්දය පාවිච්චි කරන්නේ කාටද යන්න 8 වැනිදා බලාගත හැකිවනු ඇත.

මිනිසුන්ට බලාපොරොත්තු වන දෑ බොහොමයක් තවමත් ලැබී නැත. අය වැයෙන් විවිධ දෑ වැඩි කළත් වැඩි දෙනකුගේ මතය ඒවා වැඩි කළේ ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන බවයි. මැතිවරණයක් ළංවෙද්දී බඩු මිල අඩු කර මැතිවරණයෙන් පසු නැවත බඩු මිල වැඩි කරනා ආකාරය බොහෝ දෙනකුට අරුමයක් නොවේ. මෙවරද වැඩි දෙනකුට ඇති ගැටළුව අවුදුරු ගණනාවකින් නොදුන් සහන මෙවර ලබාදී ජනපතිවරණය ජයග‍්‍රහණයෙන් පසු ඒවා වැඩි කරන බවයි. සංවර්ධනය ගැන ද එසේමය. කිසිම සංවර්ධන ව්‍යාපෘතියක වැය වූ මුදල් වෙන් වශයෙන් තවම ප‍්‍රසිද්ධ වී නැති වීමත් වැඩි දෙනකුට ගැටළුවකි. මෙවැනි මිනිසුන්ට දැනෙන ප‍්‍රශ්නවලට පිළිතුරු කුමන අපේක්ෂකයකුගෙන් ලැබේදෝයි ඔවුහු විමසිලිමත්ව සිටිති.

 

Untitled-11



අදහස් (0)

කොළඹ ඡන්ද කාටද?

ශමන්ත වෙල්ගම Monday, 05 January 2015 07:03 AM

මම විදේශගත ශ්‍රමියක්මි. රටේ ආර්ථිකය කඩාවැටීම,රටේ විදේශ සම්බන්දතා පරිහානිය,රටේ ණය උගුල,නීතිය වල්වදීම,අල්ලස සහ දූෂණය ඉතා හොඳින් අපහට පෙනේ.අපේ දරුවන්ට ඉතිරිවන්නේ කුමක්ද,වෛරී අදහස් ජාතීන් අතර ඇතිකිරීමට කටුතුකරන මේ දුර්ගන්ද පාලනය පලාවහරිමු.(හේ)

:       0       0

මාධව Tuesday, 06 January 2015 10:28 AM

කොළඹ ලස්සන කිරීම පිලිබඳ අප රජයට ස්තුති විය යුතුය. එය සිදුවන්නේ අපේ ජනතා මුදලින්ය. රජයක් නම් එවන් දෑ කල යුතුය. (ර)

:       0       0

ලක්මාල් Thursday, 08 January 2015 04:20 AM

මම නම් කියන්නේ අනිවාර්යෙන්ම මහින්ද රාජපක්ෂ දිනනවා.ඒක වෙනසක් නැහැ. (නි)

:       0       0

ෆර්ෂාන් Wednesday, 07 January 2015 09:19 AM

කොහොම කිවුවත් මම නම්කියන්නේ මහින්ද මහතා තමයි අපේ ජනපති (නි)

:       0       0

විද්‍යා Sunday, 04 January 2015 05:19 AM

ඇති නැති පරතරය විශාල වෙලා. රටේ මිනිසුන්ගේ කරුණාව දයාව පිරිහිලා. අශීලාචාරකම වැඩිවෙලා. මම තවමත් තීරණය කරලා නැහැ කාටද ඡන්දෙ දෙන්නේ කියලා. මොනවා උනත් චන්ඩියෝ ලවා දේශපාලන රැස්වීම් වලට සහ කලා කරුවන්ගේ රැස්වීම් වලට හිරිහැර කරන එක ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි වැඩක්. (ර)

:       0       0

ෂෙහාන් Wednesday, 07 January 2015 09:40 AM

මුළු රටම මෛත්‍රීට තමයි. ජය වේවා! අලුත් රටක්, සැමට සෙතක්, රටට මෛත්‍රියක්. (නි)

:       0       0

බණ්ඩාර Sunday, 04 January 2015 10:42 PM

මැද කොළඹ වැඩි ඡන්ද 60000 කින් හංසයා දිනනවා කියලා මම කියනවා (නි)

:       0       0

කේ. සිරි Tuesday, 30 December 2014 06:24 PM

අවංක කම සොයා ගැනීම හරියට කළුනික හොයනවා වගේ. ගොඩක් අය පාට පාට කන්නාඩි දාගෙන අවංක කම වහගෙන. ඇත්ත ඇති සැටියෙන් දකින්න කැමති නෑ. 1970 සිටම මට මැතිවරණ මතකයි. ඒ හැම එකකම වාගේ ප්‍රධාන පාටය උනේ "බඩ". හාල් සේරු දෙකක් දෙනවා කියල ඒ පැත්තට දුන්නා. ඇට අටක් දෙනවා කිව්වම ඒ පැත්තට දුන්නා.දැන් කියන්නේ ජිවන වියදම ගැන. අනේ මන්ද. මම දැන් ඉන්නේ පිටරටක. මම ලංකාවට ආවම මට පුදුමයි ලංකාවේ අය සල්ලි වියදම් කරන හැටි දැක්කහම. මටනම් බෑ ඒ වගේ වියදම් කරන්න. ඒ අයගේ අතේ තියන ෆෝන් ලක්ෂ ගණන් වටිනවා. ඒවායින් කතාව ඉවරයක් නෑ. සමහර අය සමුර්ධිය අරගෙන යන්නේ ෆෝන් එක රිචාර්ජ් කරගන්න. මම දැකපු දෙයක් තමයි උත්සාහ කලොත් මුදල් උපයන්න මාර්ග ඕනි තරම් තියනවා (නීතියනුකුල). 77 දී එතෙක් කරගෙන ආපු ක්‍රමය උඩුයටිකුරු කලා. දැන් මේ ක්‍රමයෙන් සැහෙන දුරක් ඇවිල්ල තියෙනවා. හොද පැත්තට. ඉතින් මේකත් උඩුයටිකුරු නොකර මෙහෙමම යන එක හොදයි කියලයි මට හිතෙන්නේ. . (නදී)

:       0       0

දොන් Saturday, 03 January 2015 04:59 AM

නවීන් මහතා පමණක් බොරු කියන්නේ ඇයි? (නදී)

:       0       0

දමිත් Saturday, 03 January 2015 05:06 AM

මෛත්‍රීට.(හේ)

:       0       0

රන්ජන් Monday, 05 January 2015 09:46 AM

ඒක දැන ගන්න වෙන්නේ අට වැනිදාට.(හේ)

:       0       0

සූරී Wednesday, 31 December 2014 06:11 AM

කොලබට කිරි අපිට කැකිරි කියල මිනිස්සු අයෙමත් කියනවා. (ර)

:       0       0

ෂෙරිෆ් Saturday, 03 January 2015 05:11 PM

දෙවෙනි පිංතුරය හරිම ලස්සනයි (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4687 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 615 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1199 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 105 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 192 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 254 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39010 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25548 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 313 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1060 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site