IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


කොළඹ වටේ ඇවිදීමේ මංතීරු මහජන ප‍්‍රතිලාභයක්ද? ජාතික ධනය විනාශ කිරීමක්ද?

     24_SLT_P6

 

සුව පහසු රථයක නැගී ගමන් බිමන් යෑමටත් ඇති තරම් කෑම්බීම්, ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමටත් මෙන්ම ලෙඩක්, දුකක්, බියක් නොමැතිව ජීවත්වීමට අපි සියලූදෙනා කැමෙත්තෙමු. ලද දෙයින් සතුටුවීම, වැඩිපුර බලාපොරොත්තු, සිහින පොදි නොබැඳීම ජීවිත පැවැත්මට හොඳ පිටුබලයක් වෙන නමුත් ඉහත කී අවශ්‍යතාවන් සම්පූර්ණ වෙනවානම් ඊට අකමැති අයෙක්ද සිටිය නොහැකිය.

 

1
සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය වුවත් ඊට ගැළපෙන සමාජ, ආර්ථික වටපිටාවක් අප වටා ගොඩනැගී නැත්නම් සුඛෝපභෝගී අරමුණ පසුපස හඹා යෑමෙන් අවසානයේ අපට සිදුවන්නේ පාඩුවක් පමණි.


අපට විවාහ උත්සවයකට ආරාධනාවක් ලැබී ඇතැයි සිතමු. විවාහ මංගල උත්සවයට සහභාගි වීම නෑදෑයන් හා එක්ව කතා බහ කිරීම අලූත් හිතමිතුරන් දැන හඳුනාගැනීමට ලැබීම අපට ලැබෙන ප‍්‍රතිලාභයකි. එහෙත් දැරිය නොහැකි තරම් ඉස්තරම් මට්ටමේ ඇඳුම් පැළඳුම් මිලදීගෙන එම විවාහ මංගල උත්සවයට සහභාගි විය යුතුයැයි ඔබට සිතෙන්නට පුළුවන. එසේ සුපිරි ඇඳුම් ඔබ ළඟ නැත්නම් ඒ ගමන ප‍්‍රතික්ෂේප කළයුතු යැයිද ඔබට සිතෙන්නට පුළුවන. නමුත් වඩා වැදගත් වෙන්නේ දැරිය හැකි මුදලකට ඇඳුම් පැළඳුම් මිලදීගෙන මගුල් ගෙදරට සහභාගි වීමය.


මෙවර ක්ෂේත‍්‍ර ගවේෂණයෙන් අපි මගුල් ගෙදරකට යෑමට උත්සහ දරනවා දැයි ඔබට මේ සටහන කියවද්දි සිතේවි.


රටේ අත්‍යාවශ්‍යතාවන් අමතක කොට අවශ්‍යයැයි හිතෙන අරමුණු පසුපස හඹා යමින් පාඩු පිට පාඩු සිදුකරගත් සංවර්ධන ව්‍යාපෘතියක් පිළිබඳ මෙවර ක්ෂේත‍්‍ර ගවේෂණයෙන් අපගේ අවධානය යොමු වේ. 

 

2

බෙල්ලන්විල ඇවිදීමේ මංතීරුව අසළ විශාල මඩ වගුරක් සෑදී ඇති අයුරු

 


ඉකුත් රජය සමයේ කොළඹ ඉදිවූ ආකේඞ් ගොඩනැගිල්ලේ මාළු ටැංකියේ වීදුරුව පමණක් ලක්ෂ 350 වටිනා කමකින් යුක්ත එකක් බව ඉකුත් දිනවල වාර්තා විය. මේවාට යෙදවූ ජාතික ධනය රට සංවර්ධනය කිරීමට තිබූ මුදල් අපතේ යැවීමක් බවට එයින්ම හැඟීයයි.


ඇවිදින මංතීරු යැයි කොයි කවුරුත් හඳුන්වන, ශරීර සුවතා පථද පසුගිය කාලයේ මෙරට ක‍්‍රියාත්මක වූ නාගරික සංවර්ධන ව්‍යාපෘති අතර ප‍්‍රධාන තැනක් ගන්නක් විය.

4
ශරීර සුවතා පථ පිළිබඳ අත්දැකීම මෙරටට නුහුරු නුපුරුදු එකක් යැයි කිව නොහැකිය. ගාලූ මුවදොර අතීතයේ සිටම ඒ සඳහා භාවිත වූ ප‍්‍රධාන ස්ථානයකි. 
කොළඹ නිදහස් චතුරස‍්‍රය, ශ්‍රී ජයවර්ධනපුර ජපන් මිත‍්‍රත්ව පාර, දියත උයන, නුගේගොඩ වැලි පාර, මාලඹේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මාවතේ මංතීරුව, බෙල්ලන්විල ඇවිදීමේ මං තීරුව, ඔරුතොට, එෙඬ්රමුල්ල, විහාර මහාදේවි උද්‍යානය, පෑලියගොඩ මිනුවන්ගොඩ ඇතුළු ස්ථාන 16ක් කේන්ද්‍ර කරගනිමින් බස්නාහිර පළාත තුළ ඇවිදීමේ මංතීරු හෙවත් ශරීර සුවතා පථ ඉදිවී ඇත. මහනුවර, මාතර, හම්බන්තොට හා ගාල්ල යන දිස්ත‍්‍රික්කවලද මීට අමතරව ව්‍යායාම් මංතීරු ඉදිවී ඇත.


නාගරික සංවර්ධන අධිකාරිය සපයන වාර්තාවලට අනුව ගම්පහ ඔරුතොට ප‍්‍රදේශයේ ඉදිවී ඇති ශරීර සුවතා පථයට හැර අනෙක් සියලූ ඉදිකිරීම් සිදුකොට ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරිය, පහත්බිම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ මණ්ඩලය යන ආයතන දෙක එක්වයි. 

5
ඔරුතොට පිහිටි ඇවිදීමේ මංතීරුව ඉදිකොට ඇත්තේ එවක රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගිනි. 


ක්ෂේත‍්‍ර ගවේෂණය ආරම්භ කරමින් අපි බොරලැස්ගමුව - බෙල්ලන්විල ඇවිදීමේ මංතීරුව නිරීක්ෂණය කිරීම සඳහා ගියෙමු. 


හවස හතර හමාර පහ වෙද්දි ව්‍යායාම් සඳහා සුදුසු ඇඳුම්වලින් සැරසුණු වයස පනහත් හැටත් අතරයැයි සිතිය හැකි තුන් හතර දෙනෙකු ඇවිදීමේ මංතීරුවට ප‍්‍රවේශ වූහ. ඔවුන් පැමිණියේ තමන්ගේ පෞද්ගලික වාහනවලිනි. ඇවිදීමේ මං තීරුව අසල පිහිටි වාහන අංගනයට එකින් එක වාහන ඇතුළු විය. එම වාහනද ඉතා සුඛෝපභෝගී පන්නයේ ඒවාය. 


හවස හත අට වෙද්දි බෙල්ලන්විල ඇවිදින මං තීරුව අසල පනහක හැටක පමණ පිරිසකගෙන් සමන්විතව තිබුණි.


බෙල්ලන්විල ආ බොහෝ දෙනෙකු පැමිණ සිටියේ ඇවිදින මං තීරුවේ ඇවිදීමට නොවේ. ඒ අය අතරින් සමහරෙක් බොරලැස්ගමුව වැව දෙස බලාගෙන අල්ලාප සල්ලාපයේ නිරත වේ. 


බෙල්ලන්විල ඇවිදීමේ මං තීරුවේ බෙල්ලන්විල විහාරය පාරේ සිට එනවිට හමුවන කුඩා කඩ පේළි කිහිපයකටද ගොස් එහි කඩ හිමියන් සමග අපි කතා බහක නිරත වුණෙමු.


”සති අන්තෙට බිස්නස් හොඳයි. බෙල්ලන්විල පන්සලට යන කට්ටිය එහෙම ඇවිදීමේ මං තීරුව පැත්තේ එනවා. දෙහිවල සත්තුවත්ත බලලා එන අය කොළඹ පැත්තේ විනෝද චාරිකාවේ එන අයත් හිටපු ගමන් බස් පිටින් මේ හරියට එනවා. කෑම ජාති තමයි හුඟක් විකිණෙන්නේ. කට්ටිය ඇවිත් තැඹිලි එහෙම බොනවා. මං උදේ පාන්දර ඉඳන් කඬේ ඉන්නවා. බිස්නස් එතරම් සරුවක් නැහැ. මම පදිංචි වෙලා ඉන්නේ මේ කිට්ටුව. හොඳ හොඳ සෙල්ලම් තියෙනවා මෙහෙත්. ? දහය එකොළහ වෙද්දි මත්පැන් බොන අය ඇවිදීමේ මං තීරුවට ඇතුළු වෙනවා. ඒ අය ආපහු එන්නේ ? එක දෙක පහුවෙලා.”
”මම වැඩිපුර කරන්නේ කොළ කැඳ බිස්නස්. සමහර දවසට බිස්නස් හොඳයි. වැඩක් වෙන්නේ නෑ කියලා හිතුණ දවසට මම ඉස්කෝලේ පැත්තට යනවා. ළමයින්ට කැඳ විකුණන්නෙ ටිකක් අඩුවට. ඒකෙන් මට පාඩු වෙනවා.”

3

පාරක් සෑදීමට ගෙනා ඉදිකිරීම් ද්‍රව්‍ය මංතීරුවට අතරහැර දමා ඇති අයුරු

 

බෙල්ලන්විල ඇවිදීමේ මං තීරුවේ ලයිට් සූර්ය බලයෙන් ක‍්‍රියාත්මක වන විදුලි බුබුළු බොහොමයක් හොරුන් ගලවාගෙන ගොස් තිබුණි. මුල් කාලයේ මේ ආශ‍්‍රිතව හොඳ ආරක්ෂිත විධි විදානයක් ක‍්‍රියාත්මක වුවත් මේ වන විට ඒ කිසිවක් හරි ආකාරව ක‍්‍රියාත්මක නොවන බවද අප සමග කතා කළ අයෙකු සඳහන් කළේය.


දෙල්කඳ හන්දිය, රත්තනපිටිය ඔස්සේ ගලා එන කටු ඇලේ ජලයද බොරලැස්ගමුව වැවට එකතු වේ. වැව වටා පිහිටි ඇවිදින මං තීරුව වටේ ඇවිදින්නට එන අයට එහි අපුල දැනේ.


තව ටික දවසකින් මෙතැනට එන අයට ඩෙංගු, සෙංගමාලය වැනි රෝගත් හදාගෙනයි යන්න වෙන්නේ. 


මේ චාරිකාවේ නිරතවන අතරතුර ඇතිවූ ගමන් වෙහෙස නිසා අපි මං තීරුව අසල ඉදිකොට ඇති ආහාරපාන අළෙවිසැලකට ගියෙමු. ඝන වීදුරු සහිත ආහාර ඇසුරුම් රාක්ක මත විවිධ වර්ගයේ ආහාර අසුරා තිබුණි. හොඳින් හැඳ පැළඳගත් ආහාර පාන සපයන්නන් පිරිසිදු ලෙස ආහාරපාන සැපයීමත් එහිදී අපට දැකගත හැකිවිය. නමුත් සාමාන්‍ය කඩයකින් රුපියල් 25ක් හෝ 30ක් දී මිලදී ගතහැකි අයිස්ක‍්‍රීම් එකක් එහි අළෙවි වන්නේ රුපියල් 70 වැනි මුදලකටය. රුපියල් තිහක් දී මිලදී ගත හැකි එළවලූ රොටිය, මාළු පාන් එක අලෙවි වන්නේ රුපියල් අසූවටය.


ආහාර පාන වර්ග සඳහා මෙතරම් මිලක් අය කරන්නේ ඇයිදැයි අපි කඩහිමියෙකුගෙන් විමසුවෙමු.


”අපි මේ කඩවල්වලට බදු ගෙවන්න  ඕනෑ. නිතර නිතර කෑම ජාති විකිණෙන්නේ නැහැ. වැස්ස දවසට එහෙම බිස්නස් පාඩුයි. සමහර අය කෑම ජාති පිටින් අරන් එනවා. බිස්නස් එක පාඩුයි. ඒත් අපිට වෙන කරන්න දෙයකුත් නැහැ. කඩ රස්සාව දිගටම අල්ලගෙන ඉන්න වෙනවා.”
ඔහු අප සමග පැවසුවේය.


නිවාඩුවට, විනෝදයට, විවේකයට බෙල්ලන්විල එන අය දරුවන් සමග එහි පැමිණ යම් වේලාවක් ගත කළත් ඇතැම් අය වැඩි මුදලකට කෑම ජාති මිලදී ගැනීමට පැකිළෙති. නමුත් ඇතැම් අය දරුවන්ගේ හිත රිදවීමට බැරි නිසා වැඩි මිලක් දී ආහාරපාන ජාති මිලදී ගනිති. 


මෙම ඇවිදීමේ මංතීරුව ඉදිවී ඇත්තේ බොරලැස්ගමුව වැව වටා පිහිටි ප‍්‍රදේශයේය. එය ඊට පෙර පැවතී ඇත්තේ වගුරු බිමක් වශයෙනි. ඒ අවට පිහිටා තිබූ කුඹුරු ඉඩම්ද මේ වනවිට පුරන් වී ඇත. වෙනදා වගුරු බිමට එන මී හරකුන් සමහර අවස්ථාවල ඇවිදීමේ මංතීරුවටද පැමිණෙන බව ඒ අවට වැසියෝ අපි සමග පැවසූහ. වගුරුබිම ගොඩ කරමින් කරන ලද ඉදිකිරීමක් නිසා ඒ අවට සමහර තැන්වල තවමත් ජලය රැඳුන ස්ථාන පවතියි. එලෙස ජලය රැුඳුන ස්ථාන අවට පිහිටි නිවාසවල වැසියන්ට මදුරු උවදුර නිසා ද පීඩා විඳීමට සිදුවී ඇත.


බෙල්ලන්විල ඇවිදීමේ මං තීරුවක් ඉදිවන බව දැනගත් මුල් අවස්ථාවේ බොහෝ ගම්වැසියන් ඊට වැඩි කැමැත්තක් දක්වා නැත. නමුත් විවිධ ආකාරයේ දේශපාලන මැදිහත්කම් නිසා ජනතාව ඊට විරුද්ධත්වයක් දැක්වීමට ඉදිරිපත් නොවූ බව අවට වැසියෙකු අප සමග පැවසුවේය.


අපි බෙල්ලන්විලට සමු දෙන්නට සැරසුනෙමු. ඒ වන විට රාත‍්‍රී අට හමාර පසුවෙමින් තිබුණි. මංතීරුව අසල පිහිටි මුර කුටියක් අසලට ගිය අපි එහි ආරක්ෂක නිලධාරියෙකු ඇමතුවෙමු. දෙතුන් වතාවක් කතා කළ නමුත් ඔහු අපට කිසිදු ප‍්‍රතිචාරයක් නොදැක්විය. ඊට හේතුව ඔහු ගැඹුරු නින්දක පසුවීමය.


ක්ෂේත‍්‍ර ගවේෂණයේ මීළඟ අංකය ලෙස විහාරමහාදේවි උද්‍යානයේ ඇවිදීමේ මංතීරුව නිරීක්ෂණය කිරීම සඳහා අපි ගියෙමු. 


විහාරමහාදේවි උද්‍යානය එදා අතීතයේ සිටම බාල ළමයින්ට මෙන්ම වැඩිහිටි මහලූ සියලූදෙනාමට විවේකය, විනෝදය සතුට උපදවන තැනක් විය.
විහාරමහාදේවි උද්‍යානයේ ඇවිදීමේ මංතීරුව භාවිතා කිරීමට එන රිෂාදා නමැති කාන්තාවක් අප සමග මෙසේ අදහස් දැක්වූවාය.


”දැන්නම් මෙතන නඩත්තුව මදියි වගේ පේනවා. අපි නම් ඉතින් ඉස්සර ඉඳන් මෙතෙන්ට එනවා. ව්‍යායාම කරනවාට වඩා මෙතැනට එන අය වැඩිපුර කරන්නේ විනෝදයෙන් විවේකයෙන් කාලය ගත කරලා යන එක. ඉස්සර මේකේ ආරක්ෂාවට එහෙම කට්ටිය හිටියා. දැන්නම් තරුණ පෙම් යුවළවල් එහෙම මෙතන අනිසි විදිහට හැසිරෙනවා මම දැකලා තියෙනවා.”


සතියකට දින තුනක් උදෑසන විහාරමහාදේවි උද්‍යානයේ ව්‍යායාම මංතීරුවට එන අජිත් මහතා දැක්වූයේ මෙවැනි අදහසකි. 


”නගරය අලංකරණය කරන එක වරදක් නෙවෙයි. නාගරික ජනතාවට සුවපහසුව අවශ්‍යයි. අවම ඉඩ පහසුකම් යටතේ ඇති නිවාසවල තමයි කොළඹ අවට බහතුර ජනතාවක් ජීවත් වෙන්නේ. ඒ අය වෙනුවෙන් මෙවැනි තැන් ඉදිකර තිබීම ඉතාම හොඳ දෙයක්. නමුත් රටේ ආර්ථිකයට ඔරොත්තු දෙන විදිහට එම වැඩසටහන් ක‍්‍රියාත්මක කරන්න පාලකයෝ සැලකිලිමත් වෙන්න  ඕනෑ. ජාතික ධනය යොදවා සංවර්ධන වැඩසටහන් කරද්දී ජනතාවගේ සිතුම් පැතුම් ගැන හිතලා වැඩ කරන්න  ඕනෑ වගේම ජනතා මුදල් නාස්ති නොකර වැඩ කරන්න පාලකයෝ වගබලා ගන්න  ඕනෑ.”


ක්ෂේත‍්‍ර ගවේෂණයේ මීළඟ අදියර වූයේ ගම්පහ දිස්ත‍්‍රික්කය ආශ‍්‍රිතව ඉදිකරන ලද ඇවිදීමේ මංතීරු පිළිබඳ ජනතා අදහස් මොනවාද යන්න විමසීමයි. 
ඉඳහිට ඇද හැළෙන වැසි මැද අපි කිරිබත්ගොඩ නගරය පසුකොට එෙඬ්රමුල්ල ප‍්‍රදේශයට ගියෙමු.


වැස්ස අතරතුර පවා කිහිප දෙනකු කුඩ ඉහළාගෙන ඇවිදීමේ මං තීරුව දිගේ ඇවිදයනු අපි දුටුවෙමු. 


එෙඬ්රමුල්ලේදී අප ආ වාහනය නතර කර මං තීරුව දෙසට යෑමට උත්සහ කරද්දි වැස්ස බාධාවක් විය.


වැස්ස පායනතුරු අපි ඒ ආසන්නයේ පිහිටි තේ කඩයක් අසලට වී සිටියෙමු. එහිදී අප සමග සංවාදයේ යෙදුනු අයෙක් මෙසේ පැවසීය.


”ඇවිදින්න එන නෝනලා කිහිප දෙනෙක් හැමදාම එනවා. සමහර දවසට අමතර පන්ති යන්න ගෙවල්වලින් එන තරුණ ගෑණු ළමයි පිරිමි ළමයිනුත් මේ පැත්තේ එනවා. ඉස්සර නම් හොඳට නඩත්තු වෙලා තිබුණා. දැන් දැන් ඇවිදීමේ මං තීරුව නඩත්තු වෙන්නේ නැහැ. මිනිස්සුන්ට මේවායේ වටිනාකමක් නැහැ. ලයිට් ටිකත් ගලවගෙන ගිහින්.”


ඔහු අප සමග පැවසුවේය. 


සමහරුන් ඇවිදීමේ මංතීරුව අවට ප‍්‍රදේශයට හරකුන් නිදහස් කොට යන බව එහිදී දක්නට ලැබුණි. ඊට අමතරව මත්පැන් බීම වැනි කටයුතු සඳහා රාත‍්‍රී යාමයේ පිරිස් මෙහි පැමිණේ. මීට මාස හය හතකට කලින් උදෑසනක මෙහි ව්‍යායාම් කිරීමට පැමිණි මැදිවියේ කාන්තාවකගේ රන්මාලයක් උදුරාගෙන ගොස් ඇත. ඇයට ඒ බව කීමට අහල පහළ ආරක්ෂාවට කිසිවෙකු සිට නැත. ඇය ඉන්පසු මෙහි ව්‍යායාම් සඳහා ඒම නතරකර ඇත. 


ශරීර සුවතාවය සඳහා ව්‍යායාම කිරීම වෛද්‍ය නිර්දේශයකි. දියවැඩියාව, හෘද රෝග අධික රුධිර පීඩනය, මානසික අව පීඩනය පාලනය කිරීම සඳහා ඇවිදීමේ ව්‍යායාමය වඩාත් යෝග්‍ය වන්නකි.


පුද්ගලයකුගේ වයසට අනුව නිසිබර සහ උස ඔහුගේ භෞතික යහපැවැත්මට උපකාරි වේ. ඒ සඳහා දිනකට විනාඩි 45 කාලයක් ඇවිදීම් කටයුතුවල නිරතවන ලෙස වෛද්‍යවරුන් උපදෙස් සපයයි. මේ අරමුණින් බැලූ කල ඇවිදීමේ මංතීරු මහජනයාට ප‍්‍රයෝජනවත් ව්‍යාපෘතියක් වශයෙන් දැක්විය හැකිය.
නමුත් ඇවිදීමේ මංතීරු ඉදිකිරීම සම්බන්ධයෙන් ගැටලූ රාශියක් පවතියි. එකක්, මෙම සංවර්ධන ව්‍යාපෘති සඳහා මුදල් යෙදවීම ටෙන්ඩර් පටිපාටියකට බැහැරව සිදුකොට ඇතැයි කියැවේ. තවත් ප‍්‍රධානතම හේතුවක් වශයෙන් දැක්වෙන්නේ ඇවිදීමේ මංතීරු ඉදිකිරීම සඳහා යොදාගත් භූමි ප‍්‍රදේශ ආශි‍්‍රතව ජීවත්වන අය එම ඉදිකිරීම්වලට අකමැති වීමය. තවත් ප‍්‍රධානතම ගැටලූවක් වන වියදම් කළ මුදලට සාපේක්ෂව ජනතාව එයින් ප‍්‍රතිලාභ නොලැබීමයි. 


ක්ෂේත‍්‍ර ගවේෂණය නිමා කිරීම සඳහා අපි නැවතත් මගුල් ගෙදරකට සහභාගි වීම පිළිබඳ කියූ කතාවට පිවිසෙමු. ඔබට විවාහ මංගල උත්සවයකට ආරාධනාවක් ලැබී තිබෙනවා. ඔබ ඒ ගැන කල්පනා කරමින් සිටින විට නොසිතූ නොපැතූ අන්දමින් ඔබට ඉස්තරම් වර්ගයේ ඇඳුම් පැළඳුම් හා ආභරණ ඇතුළත් තෑගි මල්ලක් ලැබෙනවා. එය දුටු සැණින් ඔබට සතුටක් ඇතිවෙනවා. නමුත් ටික වේලාවක් යද්දි ඔබටම වැටහෙනවා මේ ඇඳුම් පැළඳුම් ඔබට ගැළපෙන්නේ නැහැ කියලා. ඒවා ඔබේ ඇෙඟ් ප‍්‍රමාණයට වඩා විශාලයි කියලා. නමුත් ඒ තෑග්ග දැන් ඔබ භාරගෙන අවසන්. ඒක තෑග්ගකුත් නෙවෙයි. ඒ සඳහා මුදල් ගෙවන්නත් සිදුවෙලා තිබෙන්නේ ඔබටමයි. කොළඹ අටව ඇවිදීමේ මංතීරු ඉදිකිරීම පිළිබඳ ක්ෂේත‍්‍ර චාරිකාවේ අවසානයේදී අපට හිතුණෙත් ඒ මගුල් ගෙදර යෑමට ආරාධනාව ලැබුණු පුද්ගලයාට අවසානයේ ඇතිවූ තත්ත්වයම. වර්තමානයේ අපේ රටේ ජනතාවට ඇතිවී තිබෙන බවයි. 

m



අදහස් (0)

කොළඹ වටේ ඇවිදීමේ මංතීරු මහජන ප‍්‍රතිලාභයක්ද? ජාතික ධනය විනාශ කිරීමක්ද?

මනෝජ් Friday, 30 October 2015 04:56 AM

බෙල්ලන්විල මන්තීරුව ගැන ලියල තියෙන දේවලට එකග විය නොහැක. සුපිරි වාහන වලින් එන අය වගේම සාමාන්‍ය අයත් ඔනතරම් එතනට ව්‍යායාම කිරීමට එනවා. මේකෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ දැන් මේක හරි හැටි නඩත්තු නොකිරීම. ඔය දාල තියෙන පින්තූර දෙක ගැන කියනවනම් මඩවලක් කියල තියෙන එක මඩවලක් නෙවේ ඒක ඉස්සරහට වතුර බහින විදිහට ඇල තියෙනව .අනික ලී ගොඩක් තියෙන එක. ප්‍රධාන මාර්ගයේ තියෙන පාලම ලොකුකර ඉදිකරනවා. එතන තියෙන දේවල් තමයි මේ පින්තූරෙ දාල තියෙන්නෙ. ඒව ගොඩගහල තියෙන්නෙ මන්තීරුවෙ නෙවේ.මම අද උදේත් එතනට ගිහින් ආවෙ. (බ)

:       0       0

අජිත් Friday, 30 October 2015 11:04 PM

මේ වගේ දේවල් ලංකාව වගේ රටකට අත්‍යවශ්‍යයි (නි)

:       0       0

අතුල Friday, 30 October 2015 11:14 AM

මේ දෙකම සිදු වෙනවා.(හේ)

:       0       0

ලක්ෂ්මන් Wednesday, 04 November 2015 12:23 PM

මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. මෙහෙ ඕනෑතරම් ඇවිදින මංතීරු තිබෙනවා. ඇත්තටම මම නම් හරි ආසයි ඒවායේ ඇවිදින්න. සංචාරක කර්මාන්තයෙන්ම ලැබෙන ආදායම කොච්චරද? ජනතාවත් හරිම නිරෝගීයි. වැඩකිරීමේ හැකියාව වැඩි නිසා රට දියුණුයි. අපේ රටේ මිනිසුන් හොඳ දෙයක් කළත් ඒවා පක්ෂ පාට කණ්ණාඩි දාගෙන බලලා විනාශ කරනවා (නි)

:       0       0

ප්‍රනාන්දු Saturday, 31 October 2015 12:30 AM

ඉදිරි වසර කීපයේදී මේවාට මොනවා වෙයිද දන්නෙ නැහැ  (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 30 October 2015 12:41 PM

ඇවිදලා ව්‍යායාම කරන්න අවශ්‍ය අයට ගල්කිස්සේ සිට ගෝල්ෆේස් පිටිය දක්වා විශාල මුහුඳු තීරයක් තිබෙනවා. මුහුඳු සුළඟ ශ්වසන ලෙඩ රෝග වලටද ගුණදායකයි. කොළඹ ආශ්‍රිත කොතන ඇවිද්දත් අප ආශ්වාස කරන්නේ අපවිත්‍ර වාතයයි. (ර)

:       0       0

රුචි Thursday, 29 October 2015 03:48 PM

මේවයේ වටිනාකමක් දන්නේ නැති මෝඩ හැත්ත ඉන්නකම් මේවා ආරක්ෂා කරන්න බැහැ. හරියට වැසිකිළි යන්නවත් දන්නේ නැති සිංහලයට කොමෝඩ් වැඩක් නැහැ. (බ)

:       0       0

ඉන්දික Tuesday, 03 November 2015 01:45 AM

දුම්රියේ, ලංගම බස්රියේ ආසන කපන, විදුලි පහන් ගළවන අය ඉන්න රටක මේවා පරිහානියට යාම එච්චර දෙයක් නෙමෙයි (නි)

:       0       0

රොෂාන් Friday, 30 October 2015 07:00 AM

තියෙන ප්‍රයොජනේ දන්නේ අපි තමයි. (ර)

:       0       0

ප්‍රියංගා Friday, 30 October 2015 07:19 AM

ටෙෂාන් බත් ද කන්නේ. මම මේ සැකේට ඇහුවේ....(රේ)

:       0       0

නිමල් අන්දර කපුගේ Saturday, 31 October 2015 07:33 AM

ගවේෂණ සටහනක් කිවුවට මේක පහුගිය ආණ්ඩුවට ගහන්න හදපු පොඩි මඩ පාරක් වගෙයි පෙනෙන්නේ . මේක ජඩ වඩක් කිවුවත් වැරදි නෑ . රටක සල්ලි වියදම් කරලා ව්‍යපෘති කරන්නේ ජනතාවට ප්‍රතිලාභ ලබා දෙන්න. ඒවා නිවැරදි ආකාරයෙන් භාවිතයට ජනතාව යොමු කරවීමට මාධ්‍ය භාවිතා කරන එක තමයි නියම ජන මාධ්‍ය භාවිතය කියන්නේ . මේකෙන් පහුගිය ආණ්ඩුවෙ වැරදි පෙන්නන්න උත්සාහ කරත් හරියට කියවන කෙනෙකුට තේරෙනවා ඇත්තටම අලුත් ආණ්ඩුවේ නොහැකියාව පිළිබිඹු වන බව. (අ) මනෝජ් කියල තියෙන දේ මෙයට සාක්ෂි දෙනවා.

:       0       0

ටෙනිසන් Friday, 30 October 2015 02:46 PM

ගල්කිස්ස හෝටලය ළග ඉදල ගාලු මුවදොර දක්වාම මුහුදු තීරයක් අඛණ්ඩව නැහැ.දෙහිවල වැල්ලවත්ත සහ වැල්ලවත්ත බම්බලපිටිය අතර ඇල මාර්ග දෙකක් මුහුදට වැටෙනවා.මිලානොවලට යන්න මුහුදෙන් එතෙරවෙන්න ඕන. කටුනායකින් බහින මිනිහ පිටිගලට යන්න ඇල,දොළ.ඔය,ගංගා හා කදුවලල්ලකුත් තරණය කරන්න ඕන. (බ)

:       0       0

ටෙෂාන් Thursday, 29 October 2015 10:13 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

අජිත් Tuesday, 03 November 2015 11:24 AM

ඉන්දිකගේ කතාව හරි. වෙන රටවල්වල අය පොදු දේපලට ගරු කරන විදිය දැක්කම අපේ රට ගැන දුක හිතෙනනවා. (ර)

:       0       0

දීපාල් නිරෝෂ් Saturday, 31 October 2015 07:51 AM

මේ වගේ අනර්ථකාරී ව්‍යාපෘතියක් දැන් කැස්බෑවෙත් ආරම්භ කරල, එ් කැස්බෑව වැව වටේ, මේ පිළිබඳව බලධාරීන් සොයා බැලුවොත් හොඳයි. (අ)

:       0       0

ඉසුරන්දි Saturday, 31 October 2015 08:37 AM

මොන ආණ්ඩුවක් බලයේ රැදුනත් සංවර්දන කටයුතු නොකඩවා කෙරෙනවා නම් ඒවාට යොදවපු සම්පත් වලින් නිසි පලප්‍රයෝජනයක් ගත හැකියි. නැතුව දේශපාලන මතිමතාන්තර හේතුවෙන් එම කටයුතු අඩපන වෙනවා නම් ඒවාට වගකිවයුත්තන් දේශපාලකයෝමයි. (අ)

:       0       0

පරණවීර Thursday, 29 October 2015 10:42 AM

අපට තිබෙන සම්පත් ඉතා සීමිත බැවින් ප්‍රමුඛත්වය හඳුනාගෙන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතුය .තවද දැරිය නොහැකි ලෙස ඒවා නොකළ යුතුය. කෙසේ වුවද දැනට සම්පුර්ණ කොට ඇති ව්‍යාපෘති මානව නඩත්තු කිරීමටද බලධාරින් කටයුතු කළ යුතුය. (බ)

:       0       0

වී.ස.ප.විමලසේන Friday, 30 October 2015 02:57 AM

බෙල්ලන්විල පැත්තේ ඇවිදින මංතීරු ගැන මම නොදනිමි. ජයවර්ධනපුර පාර්ලිමේන්තුව අසළ සහ රෝහලට යන පාර අසල මංතීරු දෙක ව්‍යායාම සඳහා ඇවිදින්නෝ අතර ඉතාමත්ම වැඩියෙන් ප්‍රයෝජනයට ගන්නා මංතීරු දෙකකි. (නි)

:       0       0

සමන් පෙරේරා සෞදි Thursday, 29 October 2015 10:54 AM

මෙය සියල්ලන්ටම ලැබුන ජාතික සම්පතකි, එය පරිහරණය කිරීම උගත් අයගේ ක්‍රියාවකි. ව්‍යායාම මතක් වන්නේ අසනීප හැදුනහම හෝ වයස පනහ පැන්නහම. (ර)

:       0       0

රන්දුල Thursday, 05 November 2015 06:20 AM

හොඳ දෙයක්වත් අගය කරන්න බැරි මිනිස්සු ගැන අපි කතාකරන්න කැමති නැහැ (නි)

:       0       0

නුවන් Thursday, 29 October 2015 11:16 AM

ප්‍රධාන කරුණ දැන් මේවා හරියට නඩත්තු නොකිරීම. මේවා හැදුවේ කාගේත් හොඳට සහ රට වෙනුවෙන්. කව්රු කරත් මේවා රටේ සල්ලි වියදම් කරලා හදපුව නිසා මේවා බලා ගන්න ඕන. (ර)

:       0       0

මනෝජ් Monday, 02 November 2015 10:30 AM

කැස්බෑවෙ පටන් ගත්ත එක ජනවාරි 8න් පස්සෙ නැවතුනා ඒක දැන් කරන්නෙ නෑ. ඒක හැදුනනම් මම බොරලැස් ගමුවට එන්නේ නෑ. එතනට පයින් යන දුර. (ස)

:       0       0

ජනක Monday, 02 November 2015 06:00 AM

මෙම ලිපියට පළවෙලා තිබෙන අදහස් දැක්කම මට හිතෙන්නේ, ලංකාවට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍ය නැහැ. අවශ්‍ය, අවංකව රටට ආදරේ, එ්කාධිපතිවාදියෙක්. (බ)

:       0       0

කංකානම්ගේ Monday, 02 November 2015 05:49 PM

හොඳ ලිපියක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 3304 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 375 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1019 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 88 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 179 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 235 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38924 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25521 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site