IMG-LOGO

2025 අප්‍රේල් මස 24 වන බ්‍රහස්පතින්දා


කොළඹදී බිරිය මැරූ බුරුම තානාපති

 7_RASA_P_2

 

1967 ඔක්තෝබර් මස 15 වන දින මහ රෑ දෙගොඩ හරියේ කොළඹ, බුරුම තනාපති මැදුරේ ඝාතනයට ලක් වූ බුරුම තානාපති බිරිඳගේ අබිරහස් මරණය මහත් ආන්දොලාත්මක එකක් විය. එකී මරණය පිළිබඳ බුරුම තානාපති සාවෝ බුන්වත් මැතිතුමාට විරුද්ධව බුරුමයේ රැන්ගුන් නුවරදී මිනී මැරුම් නඩුව විභාග කෙරුණි. නඩුව පුරා සිද්ධියට තානාපති වරප්‍රසාද බලපෑ හැටි මෙහිදී දැක්වේ.


එකී නඩු විභාගයේදී වඩාත් වැදගත් වූයේ චූදිතයා බුරුම තානාපති වූ බැවින් ඔහුට හිමි තානාපති වරප්‍රසාද නඩු විභාගයට අනුකූලව කිනම් ආකාරයට සලකා බලන ලද්දේද යන කරුණය. මේ නඩු විභාගය සම්බන්ධයෙන් පු`ඵල් විස්තරයක් බොහෝ රටවල ඉතා පු`එල් අන්දමින් ප්‍රචාරය විය. ඉන්දියාවේ ‘ප්‍රෙස් ට්‍රස්ට් ඔප් ඉන්ඩියා’ පුවත් පතේ 1969 දෙසැම්බර් මස 04 වන දින නැවත ප්‍රසිද්ධ කොට තිබුණි. ලංකාවට අනුයුක්ත කොට සිටි බුරුම තානාපති සාවෝ බුන්වත් ඉතා දක්ෂ රාජ්‍ය තානාපතිවරයෙක් විය. ජාත්‍යන්තර වශයෙන් ඔහු මහත් කීර්තියක් ඉසිලීය. 1967 වර්ෂයේදී ඔහු තානාපති වශයෙන් ලංකාවට අනුයුක්ත කරන ලද්දේ හුදෙක් ඔහුගේ දක්ෂ කුසලතා හේතුවෙනි. ඔහු ස්වකීය බිරිඳ සමඟ තානාපති නිල නිවසේ වාසය කළේය. ෂර්ලි බුන්වත් නමින් වන ඇය බුන්වත් මැතිතුමා මෙන් නොව ඉතා කෙළිලොල් ජීවිතයට ඇබ්බැහිව සිටියාය. ඇය බොහෝ විට රාත්‍රී සමාජශාලාවට යෑම පුරුදුව සිටියාය. එසේ යන ඇය ආපසු නිල නිවස කරා පැමිණෙන්නේ රාත්‍රී දෙගොඩ හරියේය. ඇයගේ මෙම ක්‍රියාකලාපය තනාපතිතුමා තදින්ම නොපිළිගත්තේය. ඇයට ඔහු අවවාද කළ මුත් ඒ කිසිවක් ඇය නොරිස්සුවාය. මේ හේතුවෙන් තානාපති නිල නිවසේ බොහෝ විට අඩ දබර ඇති විය. ඔවුන් අතර නිවසේ සමගිය සමාදානය නොවීය.

6
මේ නඩුව විභාග කරන ලද්දේ 1969 දෙසැම්බර් මස පමණ දීය. නඩුවේ චූදිතයා වූයේ ලංකාවේ බුරුම තානාපතිව සිටි එවකට පනස් දෙහැවිරිදි වීයේ පසු වූ සාවෝ බුන්වත් මැතිතුමාය. නඩුව විභාග වූයේ බුරුමයේ රැන්ගුන් නුවර දිස්ත්‍රික් මහේස්ත්‍රාත් යූ වා මවුන් විනිසුරුතුමා ඉදිරිපිටදී ය. චුදිතයාට විරුද්ධව චෝදනාව වූයේ 1967 දෙසැම්බර් මස 15වන දින ලංකාවේ කොළඹදී ඔහුගේ බිරිඳ වන ෂාර්ලි බුන්වත් මහත්මිය ඝාතනය කිරීම හේතුවෙන් මිනී මැරුමක් නොවන සාවද්‍ය මිනිස් ඝාතනයක් සිදු කිරීමය. 


මෙහිදී වැදගත් කරුණු දෙකක් සලකා බැලීම අවශ්‍ය විය. පළමුව මේ නඩුව ලංකාවේ කොළඹ විභාග නොකොට බුරුමයේ රැන්ගුන් නුවරදී විභාග කිරීමයි. අනිත් කරුණ වන්නේ මිනී මැරුමේ චෝදනාව එල්ල නොකට මිනීමැරුමක් නොවන සාවද්‍ය මිනිස් ඝාතනය පිළිබඳ චෝදනාව ඉදිරිපත් වීමය. පළමු කරුණ සලකා බැලීමේදී මේ කරුණ ඉතා වැදගත් වේ. මිනිස් ඝාතකයා එනම් බිරිඳ ඝාතකයට ලක් කරන අවස්ථාවේ චූදිතයා එනම් ලංකාවට අනුයුක්තව සිටි බුරුම තනාපතිතුමා තනාපතිවරයකු වීම හේතුවෙන් ඔහුට තානාපති වරප්‍රසාද හිමිවේ. එබැවින් තානාපතිතුමා ආගන්තුක රටේ නීතියට යටත් නොවේ. ඔහු ආගන්තුක රටේ එනම් ලංකාවේ සිදුකරන සාපාරාදි වරදවල් පිළිබඳව ඔහුට විරුද්ධව ආගන්තුක රටේ නීතිය යටතේ නඩු පවරා විභාග කරනු ලැබ හැක්කේ ඔහු තානාපති වරප්‍රසාද අතහැර ආගන්තුක රටේ නීතියට යටත් වුවහොත් පමණි. ඔහු එසේ වරප්‍රසාද අත්කර ගැනීමට මවු රටේ රජය විසින් අනුමත කරනු ලැබීමද අවශ්‍ය වේ. මෙහිදී සිදුවූ දෙය එසේ නොවේ. ඔහුගේ මවු රටේ නීතියට ඔහු යටත් කිරීමය. සිද්ධිය සැලවීමෙන් පසුව මවු රට විසින් ඔහුට ලබාගත හැකි තානාපති වරප්‍රසාද ඉවත් කර ගන්නා ලදී. එපමණක් නොව ඔහු මවු රටට කැඳවිණ. ඒ හේතුවෙන් ඔහුට තානාපති වරප්‍රසාද අහිමි වනවා පමණක් නොව ඔහු විසින් කරන ලද සාපරාධී වැරැදි පිළිබඳව ඔහුට විරුද්ධව චෝදනා නගා මවු රටේ නීතියට අනුව ඔහුට විරුද්ධව නඩු විභාග කළ හැකිවේ.


මේ තත්ත්වය තව දුරටත් පැහැදිලි කෙරෙන තවත් සිද්ධියක් විය. එනම් අපරාධය සිදු වූ වහාම ඔහු බුන්වත් මැතිනියකගේ දේහය කනත්තට ගෙනගොස් වළ දැම්මේය. පසුව වළ හාරා දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට ලංකාවේ පොලීසිය කටයුතු කළ විට එයට ඔහු විරුද්ධවී ඔහුගේ තානාපති වරප්‍රසාදයද හේතුවක් වශයෙන් දැක්වීය. භූමදාන කරන ලද අවස්ථාව වනවිට ඔහුගේ වරප්‍රසාද ඉවත්කොට නොතිබුණා පමණක් නොව පසුව ඒවා ඉවත් කොට ඔහු මවු රටට කැඳවා ගත්තේය. මේ බව ගරු විනිශ්චයකාර රැන්ගුන් නුවර දිස්ත්‍රික් විනිසුරු මහතා ඔහුගේ නඩු තීන්දුවේ මෙසේ පවසා තිබුණි.
අධිකරණයට ස්වකීය නඩු තීන්දුවෙන් තවදුරටත් නිශ්චය කොට තිබනේ චූදිතයා විසින් මිය ගිය තැනැත්තියගේ මෘත දේහය නැවත ගොඩගෙන පරීක්ෂා කිරීමට කරන ලද ඉල්ලීමට චූදිතයා තානාපති වරප්‍රසාද හේතුවෙන් ඔහුට ඇති නිදහස ඉදිරිපත් කරමින් එයට විරුද්ධ විය. එයින් පෙන්නුම් කෙරෙන්නේ සිද්ධීය පිළිබඳ ඔහු සාවද්‍ය බවය. මේ නඩුවේ පැමිණිලිකාර පක්ෂය ඉදිරිපත් කළ සිද්ධිය පිළිබඳ විස්තරය මෙසේය. එය විනිශ්චයකාරතුමා ස්වකීය තීන්දුවේ මෙසේ සඳහන් කොට ඇත. 


1967 ඔක්තෝබර් මස 15 වන දින තානාපති නිල නිවසේ කලහකාරී තත්ත්වයක් උද්ගත විය. එකී තත්ත්වය උද්ගත වූයේ එදින උදෑසන සමයේදීය. එය චූදිත තානාපතිතුමා හා ඔහුගේ බිරිඳ අතරේ විය. මේ කලහාරී තත්ත්වය පැන නැගීමට හේතුව වූයේ ෂාර්ලි බුන්වත් මැතිනිය ඉතා අධීක ලෙස රෑ බෝවී සම්භාෂණයකට සහභාගී වී තදින්ම රෑ බෝවී නිවසට පැමිණීමයි. තවත් හේතුවක් වූයේ තනාපති තුමාගේ බිරිඳ එවකට ලංකාවේ ප්‍රසිද්ධ රාත්‍රී සමාජ ශාලාවක පියානෝ වාදකයකු සමඟ ප්‍රේම සම්බන්ධතාව පවත්වාගෙන යාමය. මේ හේතු සියල්ල එකතුව ගත්කල ඇය පුරුද්දක් වශයෙන් සියල්ල අවසන් වී තනාපති නිවසට පැමිණෙන්නේ එළිවන යාමයේය. ඇයගේ මෙම ක්‍රියාකලාපය තදින්ම නොරිස්සූ තානාපතිතුමා ඇය සමඟ තදින්ම කෝපවීම අඬ දබර කර ගැනීම පුරුද්දක් වශයෙන් පවත්වාගෙන ගියේය.


සිද්ධිය වූ දිනයේ ඇය ප්‍රිය සම්භාෂණයකට ගොස් නිවසට පැමිණියේ රෑ පහන් වී එළිවෙන ජාමයේය. තානාපතිතුමා මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ විට ඔවුන් අතර කථා බහ ඉතා දුර දිග ගොස් එය ඉවසා දරා ගත නොහැකි වූ තානාපති තුමා රිවෝල්වරයක් ඇද අය දෙසට එක වෙඩිල්ලක් පත්තු කළේය. එය හේතුවෙන් මිය ගිය තැනැත්තිය බියගෙන තැතිගෙන එතැන වැටී මිය ගියාය. ඔවුන් අතර පැවැති අසමගිය මරණයට හේතු වීමට තවත් හේතුවූ කරුණක් නඩුවේ සාක්ෂි මගින් හෙළි වන බව විනිශ්චයකාර තුමා පෙන්වා දුන්නේය. තානාපති තුමාට කලින් විවාහයකින් සුසාන් බුන්වත් නමින් දියණියක් සිටියාහ. ඇය ලංකාවේ මැලේසියානු තානාපති කාර්යාලයේ සේවයේ නියුක්තව තනාපති නිලධාරියකු අතර ප්‍රේම සම්බන්ධයක් විය. ඔහු නමින් කීට් බහදූර් විය. එකී ප්‍රේම සම්බන්ධයට ෂාර්ලි බුන්වත් අකමැත්තක් දැක්වුවාය. ඒ හේතුවෙන් ඔවුන් අතර තනාපති නිවස තුළ නිතර අඬ දබර ඇතිවිය. මේ කෙසේ වෙනත් ඔවුහු දෙදෙනා පසුවදී විවාහයට පත් වූහ. එසේ වුවද, විවාහය ඔවුන් අතර, අසමගිය කෙළවර කිරීමට පිළියමක් නොවීය. ඇය රාත්‍රී සමාජශාලාවල රෑ පහන් වනතෙක් ගත කොට නිවසට පැමිණෙනවා පමණක් නොව ඉහතින් දැක්වූ පරිදි අයථා ප්‍රේම සම්බන්ධය එනම් දියණියගේ ප්‍රේම සම්බන්ධතාවද ඔවුන් අතර වූ සමීප සම්බන්ධතාවයට බොහෝ සෙයින් දුරස්ථ කරවීය.


මේ නඩුව දින ගණනක් විභාග විය. ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට ලක්වූ මේ නඩුව නැරඹීමට අධිකරණශාලාවට විශාල සේනාවක් රැස්වූහ. නඩුවේ චෝදනා වූයේ මිනී මැරුම නොවේ. එය මිනී මැරුමක් නොවන සාවද්‍ය මනුෂ්‍ය ඝාතන චෝදනාවක් විය. කෙලින්ම ඇය වෙඩි තබා මරණයට ලක්කළ බවට ඔප්පු කළ හැකි ප්‍රමාණවත් සාක්ෂි නොවීය. එබැවින් මිනී මැරුමේ චෝදනාව ඔහුට විරුද්ධව එල්ල නොවීය. එල්ල වූයේ මිනීමැරුමක් නොවන සාවද්‍ය මිනිස් ඝාතනයක් සිදු කිරීමය. ඉදිරිපත් වූ සාක්ෂිවලින් ඉදිරිපත් වූයේ මියගිය බිරිඳගේ නොමනා හැසිරීම මර්දනය කිරීමට ඇය බිය ගැන්වීමට තුවක්කුව පත්තු කිරීමය. පත්තු වූ තුවක්කුවේ හඩින් බිය වූ ඈ තිගැස්සී වෙව්ලා බිය සන්ත්‍රාසයෙන් බිමට පතිත වූවාය. මේ නඩුව පළමුවන චෝදනාවට අමතරව තවත් චෝදනාවක් විය. එය සාපරාධි බිය ගැන්වීමක් විය. මේ අනුව මේ චෝදනා දෙක මත පැමිණිල්ල විසින් නඩුව මෙහෙයවන ලදී.


නඩුව අවසන් වූ දිනයේ තීන්දුව දැන ගැනීමට විශාල ජනකායක් අධිකරණය වෙත රැස්ව සිටි බව පුවත්පත්වල ප්‍රචාරය වී තිබුණි. 1969 දෙසැම්බර් මස 04 වන දින රැන්ගුන් නුවර දිස්ත්‍රික් මහේස්ත්‍රාත් තුමා තීන්දුව ප්‍රකාශයට පත්කරන විට මෙසේ සඳහන් කළහ. 1967 ඔක්තෝබර් මස 15 වන දින කොළඹදී මියගිය බිරිඳ වූ ෂාර්ලි බුන්වත් මහත්මියගේ මරණය සම්බන්ධයෙන් මිනී මැරුමක් නොවන සාවද්‍ය මිනිස් ඝාතනය යන චෝදනාවට වරදකරු බව තීන්දු කරමින් ඒ හේතුවෙන් ඔහුට වස 06ක බරපතළ වැඩ ඇතිව සිරගත කිරීමට නියම කරන ලදී. තවදුරටත් ඔහුට විරුද්ධව එල්ල වී ඇති දෙවන චෝදනාව සාපරාධි බිය ගැන්වීම සම්බන්ධයෙන් තවත් එක් වසරක බරපතළ වැඩ ඇතිව සිරගත කිරීමට නියම කරන ලදී. මේ ද`ඬුවම් දෙකම එකට ගතකොට එකට ගෙවිය යුතු බවටද නියම කරමින් විනිසුරුතුමා තවදුරටත් නියම කරන ලද්දේ තානාපති තුමා එක් වෙඩිල්ලක් තබන ලද්දේ බිරිඳ බිය ගැන්වීම පිණිස බැවින්, කෙසේ වෙතත් මරණය සිදුව ඇත්තේ පැහැදිලිවම තනාපති තුමාගේ අපරීක්ෂාකාරී හා නොසැලකිලිමත් බව හේතුවෙනි. විත්තිකරු වෙනුවෙන් නීතිඥ යූ. චයින් ෂෝ මහතා පෙනී සිටියේය. තින්දුව දී අවසන් වූ වහාම ඔහු විත්ති පක්ෂය වෙනුවෙන් කියා සිටියේ දෙන ලද නීත්දුව පිළිබඳව උසස් අධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන බවය. 



අදහස් (0)

කොළඹදී බිරිය මැරූ බුරුම තානාපති

අශිකා Sunday, 15 May 2016 11:11 PM

අයියෝ! ඕක ලංකාවේ තානාපති කෙනෙකුට වුණා නම් කතාව වෙනස් වෙනවා. විශේෂ සමාවක් යටතේ ඔහු නිදොස්කොට නිදහස් කළා කියයි. මේක නම් පුදුම රටක් නොහොත් ඉන්දියන් සාගරයේ අමුතු ඇටය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කොළඹ සර්පයින්, කලවැද්දන් බෝවන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 23 603 0

කොළඹ මහ නගර සභාවේ පළිබෝධ පාලන ඒකකය ඉදිරිපස ඇති මෙම ස්ථානය නාගරික සංවර්ධන අධිකාරියට අයත් අතහැර දැමූ දේපළකි. එසේම මෙම ස්ථානය සර්පයන්ගේ සිට මීයන්, කලවැද්


ජනතාව වෙනුවෙන්ම කැපවූ ශුද්ධෝත්තමයාණෝ
2025 අප්‍රේල් මස 23 82 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ ස්වර්ගස්ථ වීම සම්බන්ධයෙන්, ආගම් භේදයකින් තොරව මුළු ලොවම කම්පා වෙයි. ඊට හේතුව ෆ්‍රැන්සිස් පාප්තුමන්, අනෙකුත් පාප්


වර්තමාන ආර්ථිකය කොතැනද?
2025 අප්‍රේල් මස 23 101 0

ශ්‍රී ලංකා මහබැංකුව විසින් 2024 වසරට අදාළ ආර්ථික විවරණය ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා වෙත පසුගියදා ඉදිරිපත් කරනු ලැබීය. සෑම වසරක්ම


උතුරු මුහුදේ මසුන් අල්ලන තමිල්නාඩු ධීවරයන්ගේ ඇත්ත කතාව
2025 අප්‍රේල් මස 22 328 1

මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය වාර්තා කරන ආකාරයට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය බෙහෙවින් සාර්ථක එකක් විය. අප්‍රේල් 4 වැනි සිකු


ගීත නමින් දැන් තියෙන්නේ හරසුන් බොල් විප්‍රකාර
2025 අප්‍රේල් මස 22 224 1

ප්‍රවීණ ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩ මහතාගේ ගීත විමර්ශනය කරමින් ගෝනදෙණියේ විමලජෝති හිමියන් විසින් රචනා කරන ලද “නොනිවෙන පහන් සිළ-බණ්ඩාර ඇහැළියගොඩ නිර්මා


භවන ගිනිගනිද්දී දොරටුව රැකීම අමාරුයි
2025 අප්‍රේල් මස 22 116 0

ගෝනදෙණියේ විමලජෝති හිමි මීට පෙරද නිර්මාණාත්මක සාහිත්‍යය සම්බන්ධයෙන් මෙන්ම බුද්ධ ධර්මය සම්බන්ධයෙන් ද කෘති කිහිපයක්ම ලියා පළ කළ යතිවරයාණන් වහන්සේ නම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 676 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 335 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 485 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site