IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


ගබ්සාව පිළිබඳ ලිහිල් ප‍්‍රතිපත්තියක අවශ්‍යතාව

දියුණු වෙමින් පවතින රටක් වශයෙන් ලොව අනෙකුත් රටවලට සාපේක්‍ෂව ලංකාවේ සමාජ ප‍්‍රශ්න ප‍්‍රමාණය වැඩි වෙමින් පවතී. ඒ අතර ස්ත‍්‍රී දූෂණ, ළමා අපචාර හා අපයෝජන, මත්ද්‍රව්‍ය භාවිතය, සිය දිවි නසා ගැනීම, දරිද්‍රතාවය, ගණිකා වෘත්තිය, ගබ්සාව වැනි සමාජ ප‍්‍රශ්න රැසකි. මෙම සමාජ ප‍්‍රශ්න අතුරින් ගබ්සාව හැර අනෙකුත් සමාජ ප‍්‍රශ්න පිළිබඳව බොහෝ විද්වතුන් නිරන්තරයෙන් විවෘත සංවාද කරති. නමුත් ගබ්සාව පිළිබඳ විවෘතව කතා කරන්නන් වත්මන් සමාජයේ විරලය. සමාජයට බිහි වීමට සිටින පුද්ගලයෙකුගේ එම අයිතිය නැති කිරීම ආගමික, සදාචාරාත්මක සහ නීතිමය වශයෙන් ද බොහෝ සමාජ ප‍්‍රතික්‍ෂේප කරති. එසේ වුව ද එවැනි දරු උපත් සිදු වීම මගින් කාන්තාවකට සිදු විය හැකි සෞඛ්‍යමය ගැටලූ හා සමාජ ගර්හාව වැනි හේතු පිළිබඳව සමාජය තුළ කතිකාවක් දක්නට ලැබෙන්නේ නැත. කැලණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය වසන්තා සුබසිංහ විසින් ගබ්සාව පිළිබඳව සිදු කරන ලද පර්යේෂණයන්හි දත්ත පදනම් කොට ගෙන මෙම ලිපිය සැකසේ. ගබ්සාව යන ප‍්‍රශ්නය තුළ අප ගබ්සාව හඳුනා ගන්නා කොටස් දෙකක් දැක්විය හැකිය. එය ස්වාභාවික ගබ්සාව සහ සාපරාධී ගබ්සාව යනුවෙනි. ස්වාභාවික ගබ්සාව නීත්‍යනුකූල වෛද්‍යවරුන් විසින් සිදු කරයි. දරු ගැබ නිසා මවගේ ජීවිතයට හානියක් වේ නම් යන පදනම මත එවැනි ගබ්සාවක් සිදු කරනු ලබයි. ඒ සඳහා නීතිමය අවසරය ලබා දී තිබේ. එමෙන්ම ස්වාභාවික ගබ්සාව මවගේ ශරීරයේ ඇති රෝගී තත්ත්වයක් හේතු කොට ගෙන ස්වභාවයෙන්ම සිදු වීමට ද හැකිය. අද නීති විරෝධී ගබ්සාව සමාජයට ප‍්‍රශ්නයක් වී තිබේ. එය ප‍්‍රශ්නයක් බවට පත්ව තිබෙන්නේ ගබ්සා කිරීම ලංකාව වැනි සමහර රටවල නීති විරෝධී තත්ත්වයක් ලෙස පවතින බැවිනි. නිල නොලත් වාර්තාවලට අනුව දිනකට 800-1000ත් අතර ප‍්‍රමාණයක් නීති විරෝධී ගබ්සා සිදු වේ. ගබ්සාව පිළිබඳව පළමු පර්යේෂණය සිදු කරන ලද්දේ 1998 දීය. එයින් හෙළිදරව් වූ කරුණක් නම්, ලංකාවේ වසරකට සිදු වන දරු උපත් ප‍්‍රමාණය 3,75,000කට ආසන්න වන බවයි. නමුත් ලක්‍ෂ තුන ඉක්මවා ප‍්‍රමාණයක් ගබ්සා සිදු වීම බරපතළ අර්බුදයක් බවට පත්ව ඇත. ගණනය කිරීම මගින් දක්නට ලැබෙන ප‍්‍රශ්නය මෙය වුවත් මින් එහා ගිය සමාජ ප‍්‍රශ්න රැසක් නීති විරෝධී ගබ්සාව නිසා දැකිය හැකිය. වෛද්‍යවරුන්ගේ හිපොක‍්‍රටිස් දිවුරුම තුළ කිසිම අවස්ථාවක වෛද්‍යවරයෙක් ගබ්සාවකට සහභාගි නොවිය යුතුයි යන්න සදහන් වේ. එය තව දුරටත් පැහැදිලි කිරීමේ දී තම රටේ ගබ්සාවන් කිරීම සඳහා අවසර දෙන්නේ නම් පමණක් එය කළ හැකි බව ඔස්ලෝ ප‍්‍රකාශනයේ දක්වා තිබේ. ආසියාතික රටවල ලිංගිකත්වය සම්බන්ධයෙන් නොයෙකුත් වාරණයන් දක්නට ලැබේ. ලිංගිකත්වය යනු ස්වාභාවික පේ‍්‍රරණයකි. ආහාර, විවේකය, නින්ද වැනි දේ සමගම අපට තිබෙන ස්වාභාවික පේ‍්‍රරණය ලිංගිකත්වයයි. මෙහි දී වඩා වැදගත් වන කාරණය නම් මෙම පේ‍්‍රරණය හේතුවෙන් සමාජ ප‍්‍රගමනයක් සිදු වීමයි. අපේ සමාජය තුළ මෙකී පේ‍්‍රරණය පිළිබඳව විවෘත සාකච්ඡුාවන් දක්නට නොලැබේ. සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රය තුළ ද ජීවේනේද්‍රිය පද්ධතියේ සියල්ල පිළිබඳව විවෘත සාකච්ඡුාවන් සිදු කෙරුණ ද ලිංගික ප‍්‍රශ්න පිළිබඳව අවබෝධයක් ලබා දීමක් සිදු නොවේ. අනවශ්‍ය ලිංගික එක් වීමක දී ගැබ් ගැනීම, සමාජ රෝග, ලිංගාශ‍්‍රිත රෝග, ඒවාට ප‍්‍රතිකර්ම කිරීම, ඒඞ්ස් වැනි රෝග තත්ත්වයන් ඇති වීම පිළිබඳව සාකච්ඡුාවන් විසඳුම් දක්නට නොලැබීම දුර්වලතාවක් ලෙස දැකිය හැකිය. එවැනි තත්ත්වයන් ගබ්සා ඇති වීමට හේතු වී ඇති බව අනාවරණය වී තිබේ. මෙහි තවත් පැතිකඩක් ලෙස අප ගැහැනු දරුවන් නිරන්තරයෙන් දැනුවත් කළ යුතුය. එයින් ලිංගික අපයෝජනය බොහෝ දුරට වළක්වා ගත හැකිය. කන්‍යාභාවය පිළිබඳ සමාජ ආකල්ප යන පර්යේෂණය තුළින් කන්‍යාභාවය හඳුනා ගැනීම, කන්‍යාවිය යනු කවු ද වැනි දෑ සාකච්ඡුාවට බඳුන් කළ අතර එහි තවත් පැතිකඩක් ලෙස ගබ්සා කිරීම පිළිබඳව අධ්‍යයනයෙහි වැදගත්කම මෙහි දී පෙන්වා දිය හැකිය. ලංකාවේ ගබ්සාවන්ගේ ස්වභාවය සලකා බැලීමේ දී වැඩි වශයෙන් ගබ්සා කිරීමට පැමිණෙන්නේ විවාහක වයසේ සිටින කාන්තාවන් වන අතර ඔවුන්ගේ වයස් පරතරය 24-30ත් අතර වේ. පොදුවේ එම වයස් මට්ටම 20-40ත් අතර වේ. මෙහි දී විවාහක කාන්තාවන් ගබ්සාව කෙරෙහි යොමු වීමට විවිධ හේතු බලපානු ලැබේ. දරුවන් තිදෙනකුට වඩා වැඩි මව්වරුන් බහුලව ගබ්සා කිරීමට යොමු වේ. මේ කෙරෙහි බලපාන හේතු දක්නට ලැබේ. එනම් දරුවන් අතර විශාල වයස් පරතරයක් පැවතීම, දරුවන් ඒ තුළින් සමාජයේ ලජ්ජාවට බඳුන් වේ යැයි සිතීම එම කරුණු ලෙස පෙන්වා දිය හැකිය. අඩු පරතරයකින් යුතු දරුවන් සිටින විට දී ද නොදැනුවත්භාවය නිසා කාන්තාවන් පවුල් සැලසුම් ක‍්‍රමයක් බවට ගබ්සාව භාවිතයට ගනු හඳුනා ගත හැකිය. ආර්ථික අපහසුතාවන් ද ගබ්සාව කෙරෙහි යොමු වීමට බලපාන හේතුවක් ලෙස පෙන්වා දිය හැකිය. අසීමිත අවශ්‍යතා හේතු කොට ගෙන මිනිසුන් ආර්ථික අපහසුතාවට ලක් වේ. මෙවැනි තත්ත්වයන් යටතේ කාන්තාවන් ගබ්සාව කෙරෙහි යොමු වන ප‍්‍රමාණය වැඩිය. එමෙන්ම රැකියාවේ පවතින අර්බුදකාරි තත්ත්වයන් හේතු කොට ගෙන ද ගබ්සාව කෙරෙහි යොමු වේ. නිවාඩු නොමැති වීම, ඇතැම් රැකියා සඳහා විවාහක හා දරුවන් සිටින කාන්තාවන් සේවයට නොගැනීම, සේවා කාලය පිළිබඳ ප‍්‍රශ්න, වැටුප් රහිත නිවාඩු වැනි හේතු ද මේ සඳහා යොමු වීම කෙරෙහි මූලික වන්නේය. ඇතැම් අවස්ථාවල රෝගී තත්ත්වයන් නිසාවෙන් ද ගබ්සා කිරීම් කෙරෙහි යොමු වේ. විශේෂයෙන්ම හතිය, පිළිකා, හෘදයාබාධ වැනි තත්ත්වයන් යටතේ ඇති වන මානසික කඩා වැටීම් හේතු කොට ගෙන ගබ්සා කිරීම් වෙත කාන්තාවන් පෙළඹෙනු දැකගත හැකිය. අවිවාහක මාතෘත්වය ව්‍යාභිචාරය වැනි දේ අප සංස්කෘතිය තුළ දැඩි දෝෂ දර්ශනයට ලක්වන අතර එවැනි දෝෂ දර්ශනයන්ගෙන් පළා යාම උදෙසා ගබ්සාව උපයෝගි කරගනු ලබන බව පර්යේෂණ මගින් අනාවරණය වී තිබේ.ගබ්සා කිරීම ආකාර කිහිපයකින් සිදු කෙරේ. කලලය විනාශ කිරීම සඳහා ගර්භාෂ සංකෝචනය කරවන ඖෂධ, බඩ විරේක කරවන බෙහෙත්, ඍජුවම කලලයට හානි පැමිණවීම, උපකරණ භාවිතය ආදී උපක‍්‍රමයන් ගබ්සා කිරීම සඳහා භාවිත කෙරේ. මීට අමතරව ඇතැම් අවස්ථාවල ගර්භාෂය තුළ දී කලලය විනාශ කොට ස්වාභාවික ප‍්‍රසූතිය මගින් ද දරු ගැබ විනාශ කරනු ලැබේ. අතීතයට සාපේක්‍ෂව වර්තමානය වන විට ගබ්සා කිරීමේ ක‍්‍රමවේද වෙනසකට ලක්ව තිබේ. මීට දශකයකට පමණ පෙර නීති විරෝධී ගබ්සාවක් සඳහා අය කරන ලද්දේ රුපියල් 800ක පමණ මුදලකි. අද වන විට ගබ්සා කිරීමේ ස්වභාවය මත මෙම මුදල රුපියල් 10,000ක් 20,000 සිට 50,000 හා ඊටත් අධික මුදලක් දක්වා වර්ධනය වී තිබේ. ඇතැම් නීති විරෝධී ගබ්සා ආයතනවල ගබ්සා කිරීම් සඳහා පැමිණෙන කාන්තාවන්ට නේවාසික ප‍්‍රතිකාර සඳහා ද අවකාශය උදා කර දී තිබෙනු හඳුනාගත හැකිය. එමෙන්ම දරු ගැබෙහි කාලය වැඩි වන විට ඒ සඳහා අය කරන මුදල ද ඉහළ යන අතරම එවැනි තත්ත්වයක පසු වන කාන්තාවකගේ ජීවිතය සම්බන්ධයෙන් පවතින අවදානම ද වැඩි වන බව පිළිගත යුතුය. අනාරක්‍ෂිත ගබ්සා කිරීම් නිසාවෙන් විවිධ අතුරු ඵලයන්ට ගොදුරු වීමට සිදු වේ. විවිධ රෝගී තත්ත්වයන්ට ලක්විය හැකි අතර අධික රුධිර වහනය නිසා මිය යාම වැනි භයානක තත්ත්වයන් ද ඇති විය හැකිය. අනාරක්‍ෂිත ගබ්සා කිරීම් නිසා මාතෘ මරණ ප‍්‍රමාණය 10%ත් 13%ත් අතර පවතින බව පර්යේෂණ මගින් අනාවරණය වී තිබේ. ප‍්‍රජනන පද්ධතිය ආශ‍්‍රිත රෝග ඇති වීම, ගර්භාෂය තුවාල වීම, මානසික අසහනය, දීර්ගකාලීන වමනය වැනි අතුරු ඵලයන්ට මෙන්ම එවැනි අතුරු ආබාධ ප‍්‍රතිකාර සඳහා යොමු වීමට පවතින නොහැකියාව, අධික බිය සහ ලැජ්ජාව, භාවිත කරන ලද ඖෂධ පිළිබඳ ඇති වන අනිසි බිය හේතු කොට ගෙන මානසික කම්පනය වැනි ගැටලූකාරි තත්ත්වයන්ට ද මුහුණ දීමට සිදු විය හැකිය. මෙවැනි තත්ත්වයන් නිසාවෙන් කාන්තාවන්ට සිදු වන අපහසුතාවන් පිළිබඳ අප අවධානය යොමු කළ යුතුය.  ගබ්සාව වැනි සමාජ ප‍්‍රශ්නයක් තුළින් කාන්තාවන් අවාසි සහගත තත්ත්වයන්ට ගොදුරු වන්නා සේම ව්‍යාජ වෛද්‍යවරුන් මෙවැනි සමාජ ගැටලූ තුළින් ප‍්‍රතිලාභයන් අත්පත් කරගැනීම කනගාටුවට කරුණක් වන්නේය. දරු ගැබක් යනු පිරිමියා හා ගැහැනිය යන පාර්ශ්වයන් දෙකක එකතුවකින් නිර්මාණය වන්නකි. නමුත් ගබ්සාවක් වැනි තත්ත්වයක දී ඒ සඳහා මුහුණ දීමට සිදු වන්නේ කාන්තා පාර්ශ්වයට පමණි. මෙය එක්තරා අයුරකින් කාන්තා හිංසනයේ තවත් එක් පැතිකඩක් නිරූපණය කරන බව ද පැවසිය හැකිය. කෙසේ නමුදු ගබ්සා කිරීම වැනි තත්ත්වයක අවදානම් සහගත බව කාන්තාවන් මෙන්ම අනෙකුත් පාර්ශ්වයන් ද දැනුවත් වීම වැදගත්ය. ගබ්සා කිරීම පිළිබඳ නිශ්චිත විසඳුමකට කාලය එළඹ තිබේ. මෙමගින් අර්ථවත් කෙරෙනුයේ ගබ්සාව නීතිගත කළ යුතුය යන්න නොවේ. කාන්තාවන්ට ඒ සඳහා යම් යම්  සීමාවන් යටතේ හෝ නිසි ප‍්‍රතිකාර ලබා ගැනීමට ඉඩ ප‍්‍රස්ථාව ලබා දිය යුතුය. ලංකාවේ උපත් පාලනය සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩ සටහන් ඉතා හොඳ මට්ටමක පවතිනු හඳුනා ගත හැකිය. ජනගහණ වර්ධන වේගය 1% වැනි අවම මට්ටමක පවතිනුයේ එහි ප‍්‍රතිඵලයක් ලෙසිනි. ගබ්සාව වැනි තත්ත්වයන් කෙරෙහි කාන්තාවන් යොමු වනුයේ ඔවුන් තුළ ඒ පිළිබඳ පවතින නොසැලකිලිමත්භාවය නිසාය. අනාවරණයවී ඇති තොරතුරුවලට අනුව ගබ්සාව කෙරෙහි වැඩි වශයෙන් නැඹුරු වන්නේ විවාහක කාන්තාවන්ය. අවිවාහක හා ලිංගික අපයෝජනයන්ට ලක්වන කාන්තාවන් ගබ්සාව කෙරෙහි යොමුව ඇත්තේ ඉතාම අවම ප‍්‍රමාණයකිනි. මේ නිසා විවාහක පාර්ශ්වයන් අතර මේ පිළිබඳ මනා දැනුවත්භාවයක් පැවතිය යුතුය. ගබ්සා කිරීම වැළැක්විය යුතු අතර ඒ සඳහා පාදක වන අවස්ථාවන් ද වැළැකිය යුතුය. මේ සඳහා විවිධ ක‍්‍රියා මාර්ගයන්ට යොමු විය හැකිය. ලිංගිකත්වය හා ප‍්‍රජනන සෞඛ්‍ය සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩ සටහන් මෙහි දී මූලික වේ. පාසල් අධ්‍යාපනය තුළ ද විෂයික මට්ටමෙන් මෙම දැනුවත් කිරීම සිදු කළ යුතුය. එමෙන්ම මේ සම්බන්ධ උපදේශන සේවා විධමත් කළ යුතු වන්නේය. පවුල් සැලසුම් ක‍්‍රම විධිමත් කළ යුතු අතර ජනමාධ්‍ය මගින් ද මේ සඳහා සුවිශාල දායකත්වයන් ලබාගත හැකිය. විශේෂයෙන්ම කාන්තාවන්ට නිසි ගෞරවයන් ලබා දීමටත්, රැක බලා ගැනීමටත් අවැසිය යන හැඟීම මිනිසුන් තුළ ජනිත කිරීම වැදගත්ය.

සටහන: චංචලා දිලිනි පේ‍්‍රමරත්න, සුනේත‍්‍රා කුමාරි කරුණාරත්න
කැලණිය විශ්ව විද්‍යාලයේ  සමාජ විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය වසන්තා සුබසිංහ



අදහස් (0)

ගබ්සාව පිළිබඳ ලිහිල් ප‍්‍රතිපත්තියක අවශ්‍යතාව

ට්‍රීෂාන් Monday, 16 July 2012 11:49 AM

ගබ්සාව කියන්නේ තවත් මිනීමැරුමක්ම තමයි.ජීවිතයක් නැති කරනවා කියන එකට නිදහසට හේතු අවශ්‍ය නැහැ

:       0       0

මුදිත Monday, 29 September 2014 05:23 AM

ගබ්සාව ලංකාවේ නීති ගත කල යුත්තක්.............. තමන්ට අවශ්‍ය නිසයි ඒ දෙය කරන්නේ.... ගබ්සාවක් කරන්න අත්‍යාවශ්‍ය නම් එදාට ඔයත් අසරනයි.. එදාට ගබ්සාව ............... ගබ්සාව ඕනි ........................(ස)

:       0       1

අලිබබා Monday, 18 June 2012 04:22 PM

වර්ථමාන ලෝකයේ විද්‍යාව හා තාක්ෂණය දිනෙන් දින දියුණුවට පත්වි ගෙන එනවා. ඒ කාලයේදී මාස 6කට පසු අස්වැන්න ලබාගත් කුඹුරුවල වර්තමානයේදී මාස තුනකින් අස්වැන්න ලබාගන්නවා. ඒ කාලයේදී අක්කර 1/4 ක එක් පවුලක් ජීවත්වුණා වර්තමානයේදි තටිටු ගෙවල් ක්‍රමය හේතුවෙන් ඒ ඉඩම තුළ පවුල් සියයකටත් වඩා පදිංචිවී සිටිනවා. ගමනාගමනය සදහා නවීන වාහන නිෂ්පාදනය වෙනවා. මේ සියල්ල වෙනෙකක් නිසා නොව ජනගහනය වැඩිවීමෙන් සිදුවන ප්‍රතිඵලයි. උදාහරනයක් ගත්කල රසායන විද්‍යාවේ ආවර්තන චක්‍රයේ නිර්මාතෘවරයා වන මෙන්ඩලියේෆ් මහතා ඔහුගේ දෙමවිපියන්ට දාව උපන් 17වෙනි දරැවා විය. ඔහුගේ දෙමාපියන් පවුල් සංවිධානය කරගෙන තිබුනේනමි එවැනි විද්‍යාඥයෙක් ලෝකයට අහිමි වෙනවා නොවේද? සැබවින්ම ආහාර හිගයට හේතුව ජනගහනය වැඩිවීම නොව නිෂ්පාදිත ආහාර නිසියාකාරව බෙදා හැරීම සිදු නොවී ලෝකයේ මහාපරිමාණ ජාවාරමිකරුවන් ධාන්‍ය ගොඩගැසීම හේතුකොට ගෙනයි මේ තත්ත්වය උදාවී තිබෙන්නේ. යථාර්තය මෙලෙස තිබෙන බැවින් යමි සමාජයක් හෝ රටක් මුළුමනින්ම පවුල් සංවිධානය කරගැනීම නුවණට හුරැ නොවේ. ඉපදෙන දරැවාගේ කටයි, බඩයි, බලා අහාර හිගයක් ඇතිවේ යැයි බියට පත් නොවි ඒ දරැවාගේ මොළය රටට සමිපතක් ලෙස භාවිතා කරන්නේ නමි තවත් කෝටි ගණනාවක් ජනගහනය වැඩිවුවද එය ලෝකයට කිසිසේත්ම බලපාන්නේ නැත. ඒ වෙනුවට ලෝකය තවදුරටත් සරැවෙනවා නිසැකය. නමුත් එක්තරා මවක් තමන්ට දරැ උපතක් සිදුවීමේදී යමි ආබාධයක් හෝ මරණයක් සිදුවේයැයි බියට පත්වන්නේ නමි පමණක් ඒ කාන්තාවට තම දරැවා බිහිවීම නතර කිරීම වරදක් නොවේ.

:       0       1

අලිබබා Sunday, 17 June 2012 04:46 PM

සියළුම ආගමිවල අය පවුල් සංවිධාන කටයුතුවලට එකගවී දරුසමිපත් ලබාගැනීම සීමා කරගන්නවා. නමුත් මුස්ලිමි කාන්තාවන්‍ට එලෙස කිරීමට මුස්ලිමි පිරිමින් විරැද්ධවන්නේ ඇයි? අල් කුර්ආනය එය හෙලා දකිනවාද? අද රටේ පවුල් සංවිධාන කටයුතු පිළිබදව කරනු ලබන්නේ වැරදි ප්‍රචාරයක්. මුස්ලිමි අය පමණක් නොව කිසිම සමාජයකට පවුල් සංවිධානය සුදුසු නොවෙයි. පවුල් සංවිධානයේ නොයෙදෙන බැවින් ජනගහනය වැඩිවෙයි. ජනගහනය වැඩිවෙන නිසා ආහාර හිගයක් ඇතිවෙයි. එබැවින් පවුල් සංවිධානයේ යෙදීමෙන් අපගේ සියළු ප්‍රශ්ණ විසදේ යයි වරදවා ප්‍රචාරය කරනු ලබනවා. මෙය දුෂ්ට ප්‍රචාරයකි. දැනට ලෝක ජනගහනය කෝටි 650ක්නමි වර්තමාන ලෝකයේ ඒ වගේ තුන්ගුණයකට සෑහෙන ප්‍රමාණයකට ආහාර නිෂ්පාදනය වෙනවා. පොහොසත් රටවල තමා ඒ නිෂ්පාදන පිරී ඉතිරී තිබෙන්නේ. ඒ රටවල් තමන්ට අවශ්‍ය ආහාර තබාගෙන අමතර නිෂ්පාදන මුහුදට දමනවා. ඒ අතර විශේෂයෙන් ධාන්‍ය වර්ග, හාල්, සහ කිරිපිටි වර්ග විශේෂ තැනක් ලබනවා. මේ හේතුවෙන් වැඩිවෙන ජනගහනයට අවශ්‍ය ආහාර හිගයක් ඇතිවෙනවා. දැනට ලංකාවේ ජනගහනය කෝටි දෙකටත් අඩුයි. නමුත් ආහාර හිගයක් අපට තිබෙනවා. එමෙන්ම දැනට අවුරැදු සියයකට පෙරත් ජනගහනය ලක්ෂකීපයක් සිටින්නට ඇති. එවිටත් ආහාර හිගයක් තිබුණා විය හැකිය. මීට හේතුව ජනගහනය වැඩිවීමද? නැත්නමි ආහාර හිගයද? එසේත් නැත්නමි අහාර බෙදාහැරීමේදී සිදුවී තිබෙන දුෂණද? අප දන්නා තරමට නමි නිශ්පාදිත ආහාර වලින් වැඩි කොටසක් ලෝකයේ එක් තැනකට පමණක් ගොඩ ගැසෙනවා. ඒකයි මෙයට හේතුව.

:       0       0

ගයේන්දා ජයවීර Sunday, 17 June 2012 05:18 PM

පුර්ෂාධිපත්‍යයෙන් වසාගිය පෙරදිග සමාජයේ මෙවැනි ලිපියක් තුලින් හෝ මෙවැනි දැනුවත් කිරීමක් සමාජයට ලබාදීම අගය කොට සලකමි. එමෙන්ම පෙරදිග කාන්තාවට යම් අගය කිරීමක් හිමිවීම හා ඇයට නිසි සෙනෙහසක් ආදරයක් සමස්ථ සමාජයෙන්ම හිමිවන්නේ නම් මෙවැනි සමාජ ගැටළු අවම කරගත හැකියැයි සිතමි.

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 497 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 563 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 110 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 379 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 544 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 917 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 490 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 709 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1990 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site