IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


ගැම්මක් ගන්න ක්‍රමයක්

අපගේ බොහෝ ආර්ථික හා සමාජ ප්‍රශ්නවලට මුල ජීවත් වීම සඳහා ජනතාවට ප්‍රමාණවත් ආදායමක් නොලැබීමයි. මේ නිසා ජනතාව ලබන/ උපයන ආදායම ඉහළ නැංවීම යුගයේ අවශ්‍යතාවකි. අප රටේ එක පුද්ගලයකු ලබන සාමාන්‍ය ආදායම (ඒ.ජ.ආ. = ඒක ජන ආදායම) වර්ෂයකට ඩොලර්වලින් 3,680ක් පමණය. මෙම ආදායම් මට්ටම අනුව ශ්‍රී ලංකාව පහළ මධ්‍යම ආදායම්ලාභී රටක් වශයෙන් වර්ගීකරණය වී ඇත. ජනතාව ලබන ආදායම ඉහළ දැමීමේ ඒකායන මාර්ගය වන්නේ ජාතික ආදායම ඉහළ දැමීමයි.

මේ සඳහා ආර්ථිකයේ ප්‍රමාණවත් වර්ධනයක් අවශ්‍ය වේ. ඉහළ ආදායම්ලාභී රටක් වීම සඳහා වර්තමාන නිර්ණායකවලට අනුව ඒක පුද්ගල ජාතික ආදායම ඩොලර් 12,376කට වැඩි විය යුතුය. මෙම ආදායම් මට්ටම ළඟා කරගැනීමට අපේ ආර්ථිකයට සියයට 8ක වාර්ෂික ආර්ථික වර්ධනයක් සහිතව තව වර්ෂ 15ක් අවශ්‍ය වනු ඇත. එසේ නම් ආර්ථික වර්ධනය කඩිනම් කළ හැක්කේ කෙසේ ද? ඒ සඳහා වර්තමාන ව්‍යාපෘති උචිත ද? යන්න සලකා බැලීම මෙම ලිපියේ අරමුණයි.

අපි කුඩා රටක් වෙමු. එහෙත් එම නිසා අපගේ ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමට අපට නොහැකි වීමට හේතුවක් නොමැත. උදාහරණ ලෙස දැනට ලොව දියුණු වී ඇති සිංගප්පූරුව, ලක්සම්බර්ගය, ස්විට්සර්ලන්තය ආදිය ද කුඩා රටවල්ය. ඔවුන්ගේ ඒක පුද්ගල ජාතික ආදායම අපගේ ආදායම හා සසඳන විට ඉතා ඉහළය. එහෙත් ඔවුන්ට ද ඇත්තේ අප හා සමාන ගංගා, ඇළ දොළ සහිත ස්වාභාවික සම්පත් සමූහයකි. එසේ නම් ප්‍රශ්නය කුමක් ද? ආර්ථික වර්ධනය ඇති කිරීම සඳහා අපි තෝරාගෙන ඇති ක්‍රමවේදයේ හා චින්තනයේ වරදක් තිබීම ඊට හේතුවයි.

උදාහරණ ලෙස අපගේ වරාය, ගුවන්තොටුපොළ හා මාර්ග පද්ධති දියුණු කිරීමට පසුගිය වකවානුවලදී කර ඇති ආයෝජන ප්‍රමාණවත් නොවේ. අප තවමත් යැපෙන්නේ මෙම උපකාරක සේවා සඳහා යටත් විජිත කාලයේ කළ සංවර්ධන මතය. මෑත දශකවල සිදු වූ සංවර්ධන කටයුතු වූ අධිවේගී මාර්ග ඉදිකිරීම, හම්බන්තොට ගුවන්තොටුපොළ හා වරාය ඉදිකිරීම හැර අනෙකුත් උපකාරක සේවා සංවර්ධනය සඳහා ප්‍රමාණවත් ආයෝජනයක් අප විසින් සිදුකර නොමැත. බාහිර ලෝකය අපට වඩා වේගයෙන් දියුණු වෙයි. අපගේ තරුණ පරපුරට අවශ්‍ය ජීවනෝපාය ලබාදීමට ආර්ථිකය ශක්තිමත් වී නොමැත. උදාහරණ ලෙස විශ්වවිද්‍යාල සිසුහු තම රැකියා රජය මගින් ලබාදෙන තෙක් බලා සිටිති. තවත් පිරිසක් රැකියා සඳහා විදේශගත වෙති. අප ලබාදෙන නිදහස් අධ්‍යාපනයෙන් අපගේ තරුණ පරපුර විදේශීය රටවල රැකියා කරති. තරුණ පරපුර රැකියා සඳහා විදේශවලට ඇදී යන්නේ ඔවුන්ගේ ජීවන ප්‍රශ්න සඳහා ප්‍රමාණවත් ආදායමක් මෙරටින් නොලැබීම නිසයි. මේ අනුව කුමන අංශයෙන් බැලුවත් ජනතාවගේ ආදායම ඉහළ දැමීම අවශ්‍ය දෙයක් වී ඇත.

අධිරාජ්‍යවාදී පාලනයෙන් පසුව මේ රටේ බලයට පත්වූ ආණ්ඩු රට සංවර්ධනය සඳහා විවිධ ආර්ථික මොඩල යොදාගෙන ඇත. මේ මොඩල සාර්ථක වී නොමැති බව නිදහසින් පසු ගත වූ වර්ෂ 70ක පමණ කාලය තුළ අප ලබා ඇති ප්‍රමාණවත් නොවන ආර්ථික ප්‍රගතිය දෙස බැලීමේදී පැහැදිලි වෙයි. 1950ට පසුව ලංකාවේ වාර්ෂික ආර්ථික වර්ධනය සියයට 8 ඉක්මවා ගොස් ඇත්තේ වර්ෂ කිහිපයක පමණි. බලයට පත්වූ ආණ්ඩු යොදාගත් ආර්ථික මොඩල රට සංවර්ධනය කිරීම සඳහා ප්‍රමාණවත් ලෙස දායක වී නොමැති බව ඉන් පැහැදිලි වෙයි. 1950–59, 1978-97 වල පැවැති ආණ්ඩු රට සංවර්ධනය සඳහා විවෘත හා බාහිරාවලෝකන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළහ. 1970-77 කාලය තුළ ආණ්ඩුව මැදිහත් අභ්‍යන්තරාවලෝකන ආර්ථික ක්‍රියාකාරිත්වය මේ සඳහා උපයෝගි කරගන්නා ලදී. මේ අනුව ආණ්ඩු වෙනස් වනවිට ආර්ථික මොඩල වෙනස් වීම ද සිදු වී ඇත. ලෝකයේ දියුණු වී ඇති රටවල් ස්ථාවර ප්‍රතිපත්ති රාමුවක් දශක තුන හතරක කාලයක් ආර්ථික වර්ධනය සඳහා නොකඩවා පවත්වාගෙන ගොස් ඇත. චීනය, සිංගප්පූරුව, මැලේසියාව සහ කොරියාව ආදී රටවල් මේ සඳහා උදාහරණ සපයයි. රටේ පාලන බලය කලින් කලට මාරුවීමත් ආර්ථික ප්‍රතිපත්ති මේ අනුව වෙනස්වීමත් සංවර්ධනයේදී අනර්ථකාරී ලෙස අපේ රටට බලපා ඇත. මේ නිසා ස්ථාවර ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් දශක තුන හතරක්වත් පවත්වා ගැනීම ප්‍රතිඵලදායී ආර්ථික වර්ධනයක් සඳහා අවශ්‍ය දෙයක් වී ඇත.

අභ්‍යන්තරාවලෝකන ප්‍රතිපත්ති යටතේ රජයේ ආයතන පද්ධතියකින් දේශීය නිෂ්පාදන වැඩි කිරීමට අපි උත්සාහ දැරීමු. ආර්ථික ප්‍රශ්න නොවිසඳීමෙන් මෙම ප්‍රතිපත්ති රටට සුදුසු වී නොමැති බව පැහැදිලි වේ. 1960 ගණන්වලදී රජයේ අනුග්‍රහය ලැබූ රාජ්‍ය සංස්ථා රාශියක් රට තුළ ක්‍රියාත්මක විය. ඒවායින් බොහොමයක් නවතා දැමීම හෝ උනන්දු නොකිරීම 1977 බලයට පැමිණි ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වූ අතර ආනයන අපනයන රෙගුලාසි ලිහිල් කිරීම ද සිදු කරන ලදී. මීට සමගාමීව එතෙක් පැවැති මිල පාලන ප්‍රතිපත්ති, පොලී ප්‍රතිපත්ති සහ විදේශීය වෙළෙඳාම සඳහා වූ ප්‍රතිපත්ති රජයේ පාලනයෙන් නිදහස් කරන ලදී. එහෙත් එම ක්‍රියාමාර්ගවලින් රට තුළ ආයෝජන වැඩි වීම, නිෂ්පාදනයේ වර්ධනය හා විදේශ විනිමය ඉපයීම් රටට ප්‍රමාණවත් ලෙස සිදු නොවිණි. අවශ්‍යතා සඳහා විදේශ ආධාර මත තවදුරටත් යැපීමට අපට සිදුවිය. ආර්ථික ප්‍රශ්නවලින් මිදීම සඳහා විදේශ රටවලින් සහ ලෝක බැංකුව ආදී ආයතනවලින් සහනදායී මූල්‍ය පහසුකම් අපි අපේක්ෂා කළෙමු. අවශ්‍ය ද්වි/බහු පාර්ශ්වීය විදේශ ආධාර ලබාගැනීමට පැරීසියේ පැවැති ආධාර කණ්ඩායමේ සමුළුවට මෙරට මුදල් ඇමැතිතුමා ඇතුළු කණ්ඩායමක් වාර්ෂිකව යාම පුරුද්දක් විය. බටහිර රටවල් මූලිකත්වය ගත් එම විදේශ ආධාර කණ්ඩායම නොමැතිව රට පවත්වා ගැනීම ඒ කාලයේ අපහසු විය. එහෙත් මෙම ප්‍රතිපත්තිවලින් ජය ලබා නොමැති බව රටේ නිර්මාණය වී ඇති වර්තමාන ආර්ථික ප්‍රශ්නවලින් පැහැදිලි වෙයි.

එසේ නම් අපි තෝරාගෙන ඇති ආර්ථික මොඩලය ආර්ථික ප්‍රශ්න විසඳීම සඳහා සුදුසු නොවන බව පැහැදිලි වෙයි. අනුගමනය කළ බාහිරාවලෝකන ප්‍රතිපත්තිය යටතේ අපට අවශ්‍ය බොහෝ කෘෂිකාර්මික, කාර්මික සහ සේවා අධශ්‍යතා සඳහා පිටරටවලින් ආනයනය කිරීමට බාධාවක් නොවිණි. සමහර කාලවලදී අභ්‍යන්තරාවලෝකන ප්‍රතිපත්ති යටතේ දේශීය කාර්මික නිෂ්පාදන ඉහළ දැමීමට අපි උත්සාහ දරුවෙමු. එහෙත් දේශීය නිෂ්පාදනවල අවශ්‍ය වර්ධනය සඳහා අභ්‍යන්තර වෙළෙඳපොළ ප්‍රමාණවත් නොවිණි. එහිදී අපනයන වෙළෙඳපොළ සඳහා වූ නිෂ්පාදන සීමිත වූ අතර විදේශ විනිමය අනුපාතය අධික ලෙස අවප්‍රමාණය වීම, විදේශ සංචිත පිරිහීම ආදිය නිසා විදේශීය ණය ගැනීම ඉහළ ගියේය. ඒ අනුව පැහැදිලි වන්නේ මෙතෙක් අනුගමනය කළ ආර්ථික මොඩල අප රටේ ආර්ථික වර්ධනය සඳහා ප්‍රමාණවත් ලෙස දායක වී නොමැති බවයි (වර්ෂ 30ක් තිස්සේ අපි යුද්ධයක් කළ බව ද අමතක නොකළ යුතුය).

ආර්ථිකය නැංවීම සඳහා අපට අවශ්‍ය වන්නේ නිෂ්පාදනය ඉහළ දැමීමයි. එනම් රටට අවශ්‍ය භාණ්ඩ හා සේවා ප්‍රමාණවත් තරම් නිෂ්පාදනය කිරීමත්, දේශීය නිෂ්පාදන විදේශ වෙළෙඳපොළ සඳහා යොමු කිරීමත්ය. මේ නිසා පූර්ණ අභ්‍යන්තරාවලෝකන හෝ බාහිරාවලෝකන ප්‍රතිපත්ති ආර්ථික වර්ධනය සඳහා අපට උපකාරි නොවන බව පෙනී යයි. මා ඉහතින් සඳහන් කළ දියුණු කුඩා ආර්ථිකවලට වඩා අපේ රටේ කෘෂිකර්මාන්තය දියුණුය. රටට අවශය කෘෂි නිෂ්පාදන (ආහාර පාන) අප රට තුළින්ම නිෂ්පාදනය කරගැනීම අපට කළ හැකිය. අපට අවශ්‍ය වන්නේ මේ සඳහා සුදුසු වැඩපිළිවෙළක් සකසා ගැනීමයි. කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා දිරිගැන්වීම් ලබාදීමත්, කෘෂි නිෂ්පාදන සඳහා ආරක්ෂාව ලබාදීමත් බොහෝ රටවල් මෙන් අපි ද කළ යුතු වෙමු. කාෂිකාර්මික නිෂ්පාදන සඳහා ගොවියාට සුදුසු වෙළෙඳපොළ පහසුකම් ලබාදීමත්, එම වෙළෙඳපොළ ආරක්ෂා කිරීමත් අපි කළ යුතු වෙමු. දේශීය වශයෙන් නිපදවිය හැකි කෘෂි නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ ආරක්ෂාව එම භාණ්ඩ ආනයනය සීමා කිරීමෙන් අපට කළ හැකිය. (මෙහිදී පිළිගත් ‘සාපේක්ෂවාසී’ ආර්ථික න්‍යායයෙන් බැහැර වීම සුදුසුය.) කෘෂි නිෂ්පාදන සඳහා සැලැස්මක් තිබිය යුතු අතර ගොවියාගේ නිෂ්පාදන විනාශ වීම හා අපතේ යාම වැළැක්වීම සඳහා ක්‍රමවේදයක් අපට අවශ්‍යය. කෘෂිකාර්මික දියුණුවෙන් රටේ ජනතාවට අවශ්‍ය කෘෂි ද්‍රව්‍ය අපට රට තුළම නිෂ්පාදනය කළ හැකිය. මෙම දේශීය ජනතාවට අවශ්‍ය කෘෂි ද්‍රව්‍ය අප රට තුළ නිෂ්පාදනය කළ හැකිය. මෙම දේශීය නිෂ්පාදනයෙන් ආර්ථික වර්ධනය ඉහළ යාමත්, ගොවියාගේ ආදායම් ඉහළ යාමත්, විදේශ විනිමය ඉපැයීම ඉහළ යාමත් සිදු වේ. මේ රටේ ජනගහනයෙන් සියයට 70ක් කාෂිකර්මය පදනම් කරගෙන කටයුතු කරන බැවින් කෘෂිකර්මය දියුණු කිරීම රටේ ජනගහනයෙන් බොහෝ දෙනෙක් සඳහා සුබදායි විසඳුමක් වනු ඇත.

එසේම ස්වයංපෝෂිත කාෂිකාර්මික අංශයක් ඇති වීම ජාතික හා අන්තර්ජාතික අර්බුදවලදී අපට ඇතිවන දුෂ්කරතා පිටුදැකීමට ක්‍රමවේදයක් වනු ඇත. එසේ නොමැති වූ විට දුර්භාග්‍යවලදී අපට විදේශීය අංශ මත යැපීමට සිදුවනු ඇත. අපට අවශ්‍ය කෘෂි නිෂ්පාදන අපිම නිෂ්පාදනය කරගැනීමෙන් අපේ අවශ්‍යතා සපුරන ගමන්ම අමතර නිෂ්පාදන විදේශීය වෙළෙඳපොළට යැවීමෙන් විදේශීය විනිමය අපයන ආර්ථිකයක් කරා ළඟා වීමට ද අපට හැකිවනු ඇත.

අප ලබාගත යුතු ඉහළ ආදායම ලබාගැනීමට කෘෂිකර්මය දියුණු කිරීම පමණක් ප්‍රමාණවත් නැත. අපේ කාර්මික භාණ්ඩ නිෂ්පාදන හැකියාව සහ සේවා සැපැයීම ද අපි වර්ධනය කළ යුතු වෙමු. මේ සඳහා ආයෝජන අවශ්‍යය. ප්‍රශ්නය වන්නේ මෙය කරන්නේ කෙසේ ද යන්නයි. දේශීය ආයෝජන ඉහළ දැමීම සඳහා දේශීය ඉතිරි කිරීම් ප්‍රමාණවත් නොවන අවස්ථාවක නිෂ්පාදන වැඩි කිරීමට දේශීය ව්‍යවසායකයන් පමණක් යොදා ගැනීම ප්‍රමාණවත් නොවේ. මේ සඳහා ක්‍රමවේද දෙකක් මත දියුණු රටවල සහාය ලබාගැනීමට අපට සිදුවෙයි. එනම් විදේශීය ණය ලබාගැනීම සහ/ හෝ විදේශීය ආයෝජන මෙරටට ඇදගැනීමයි. ඉහළ විදේශීය ණය වර්තමානයේ අපට ඇති ආර්ථික ප්‍රශ්නයක් වන අතර අපි ණය අර්බුදයකට මැදි වී සිටිමු. එසේ නම් අපට ඉතිරිව ඇතිතේ විදේශීය ආයෝජන ඉහළ දමා ගැනීමේ විකල්පයයි. (අපගේ ශ්‍රමිකයන් උපයන විදේශ ප්‍රේෂණ රටේ අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් නැත.)

විදේශීය ආයෝජන ඉහළ දැමීම සඳහා රටේ ආර්ථික හා දේශපාලන පසුබිම සුදුසු පරිදි සකස් කිරීම අවශ්‍ය වේ. මෙම මොඩලය ක්‍රියාත්මක කිරීමේදී එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කොට වර්තමානයේ දියුණු සිංගප්පූරුව, චීනය ආදී රටවල අත්දැකීම් ප්‍රයෝජනයට ගත හැකිය. දිගු කාලීන ස්ථාවර ප්‍රතිපත්ති රාමුවක් තුළ විදේශීය ආයෝජකයන් රටට ගෙන්වා ගැනීම මෙම රටවල් විසින් සිදු කරනු ලැබීය. මහා පරිමාණ නිෂ්පාදන ආරම්භ කොට පවත්වා ගැනීම සඳහා රට තුළම සිටින ආයෝජකයන්ගේ දායකත්වය ප්‍රමාණවත් නොවන බැවින් ආයෝජන සඳහා බහුජාතික සමාගම්වල සහාය ලබාගැනීමට සුදුසු දේශපාලන හා ආර්ථික පසුබෑම අපි මෙරට තුළ සකස් කළ යුතු වෙමු. නීති රීති පද්ධතිය යාවත්කාලීන කිරීම මෙන්ම ආයෝජන හිතකාමී දේශපාලනික හා සමාජ ප්‍රතිපත්ති රාමුවක් නිර්මාණය කිරීම අපට අවශ්‍ය වන්නේය.

වර්තමාන ලෝකයේ නිර්මාණය වී ඇති ආයෝජන මොඩල (PPP = රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරිත්වය, BOT = ඉදිකිරීම - ක්‍රියාත්මක කිරීම – පැවැරීම, BOO = ඉදිකිරීම - ක්‍රියාත්මක කිරීම - සන්තකය) මේ සඳහා අපට භාවිත කළ හැකිය. මේවා ක්‍රියාත්මක කිරීමේදී ‘රට පාවා නොදිය යුතුය’ ආදී වශයෙන් පවතින විරුද්ධ අදහස්වලින් අප ඉවත් විය යුතු වනු ඇත. ආර්ථික වශයෙන් ඉහළ දියුණුවක් අත්පත් කරගෙන ඇති ඇතැම් රටවල ආයෝජන ඉහළ දැමීම සඳහා මෙම ක්‍රියාමාර්ග උපයෝගි වී ඇත. ආයෝජන ස්ථාපනය සඳහා නිදහස් වෙළෙඳ කලාප ඇති කිරීම, වර්තමාන කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් ආදිය මේ සඳහා සුදුසු ව්‍යාපෘති වේ. ආයෝජන ඉහළ යාම, නිෂ්පාදන ඉහළ යාම, රැකී රක්ෂා සඳහා අවස්ථා උත්පාදනය වීම, විදේශ විනිමය ඉපයීම ඉහළ යාම ආදී සුබදායි සිදුවීම් මාලාවක් මේ ව්‍යාපෘතිවලින් අපේක්ෂා කළ හැකිය.

මේ ආයෝජන ක්‍රියාවලි සඳහා අවශ්‍ය ආර්ථික, සමාජ හා දේශපාලනික වෙනස්කම්වලට අපි අනුකූලත්වය දැක්විය යුතු වෙමු. මෙම ක්ෂේත්‍රවල නිෂ්පාදන කටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය නිපුණ ශ්‍රමය ලබාදීම ආදී කටයුතු සඳහා දැන් සිටම සූදානම් විය යුතුය. අපගේ අධ්‍යාපනය හා පුහුණු ක්‍රමවේදවලට අවශ්‍ය සංශෝධන කිරීම් මේ සඳහා අවශ්‍ය වේ. ඒ මගින් අපගේ තරුණ පරපුරට අවශ්‍ය පුහුණු කිරීම් ලබා දී බුද්ධිගලනයට තුඩු දෙන කරුණු අවම කිරීමත් කළ යුතු වෙමු. ප්‍රීතිමත් තරුණ පරපුරක් ඇති කිරීමෙන් වර්තමානයේ බහුලව සිදුවන උද්ඝෝෂණ ආදිය අවම කිරීමත් මේ අනුව සිදුවනු ඇත. මේවා ආයෝජන හිතකාමී ක්‍රියාමාර්ගයි.

අපට අවශ්‍ය වන්නේ ආර්ථික වර්ධනයෙන් රටේ සංවර්ධනය ඇති කිරීම සඳහා වන ආයෝජන හිතකාමී ප්‍රතිපත්ති රාමුවක් අනුගමනය කිරීමයි. පෞද්ගලික හා කණ්ඩායම් භේදවලින් තොර සාමකාමී එහෙත් කැපවීමකින් යුතු ක්‍රියාමාර්ග සමුදායකින් ඇති කළ හැකි ජාතික විනය ආයෝජන නංවන ආර්ථික වර්ධනයට පිටිවහලක් වනු ඇත. ජාතික විනය ඇති කරගැනීම සඳහා පාඩම් බොහොමයක් ජපානය, චීනය හා සිංගප්පූරුව වැනි රටවලින් අපට උගත හැකිය.

 

ආයෝජකයන්ට කිසි වාසියක් නොවේ නම් ඔවුන්ගේ ආයෝජන මේ රට තුළ කරන්නේ නැත. මේ නිසා ආයෝජකයන්ට අවශ්‍ය දිරිගැන්වීම් අපි ලබාදිය යුතු වෙමු. ආයෝජන මූලාශ්‍ර සඳහා ඇමෙරිකාව තෝරා ගන්නවා ද නැත්නම් චීනය තෝරා ගන්නවා ද එසේත් නැත්නම් මේ දෙගොල්ලම තෝරා ගන්නවා ද යන්න අපි තීරණය කළ යුතු වෙමු. මේ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීම රට විකිණීමක් සඳහා මග පෑදීමක් නොවේ. ඒවා අවශ්‍ය වන්නේ වර්තමාන ආයෝජකයන්ට අවශ්‍ය පරිසරය සකස් කිරීම සඳහාය.

මෙම ලිපියේ දැක්වූ රටවල් හා සසඳන විට ප්‍රතිඵලදායි ඉහළ ආර්ථික වර්ධනයක් ලබාගැනීමට අප ගත් කාලය වැඩිය. මේ නිසා ආර්ථික වර්ධනයක් සඳහා කෙටි කාලීන කඩිනම් ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍යය. ඉහත දැක්වූ පරිදි දේශීය කෘෂිකාර්මික සංවර්ධනයත්, විදේශීය ආයෝජකයන් සහභාගි කරගනිමින් කාර්මික නිෂ්පාදන ඉහළ දැමීමට ක්‍රියා කිරීමත් ඉහළ ආර්ථික වර්ධනයක් අත්පත් කරගැනීමට අපි කඩිනම්ව කළ යුතු වෙමු.

(***)



අදහස් (0)

ගැම්මක් ගන්න ක්‍රමයක්

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ
2024 නොවැම්බර් මස 26 84 0

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන


ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 112 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 414 2

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1057 2

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 1539 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 249 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 552 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 751 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2108 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site