IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


ගිය ආණ්ඩුවේ පව් අපි තවම ගෙවනවා

සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ

පුංචි ඡන්දයට එ.ජා.ප. සූදානම, බැඳුම්කර වාර්තාව, ජනාධිපතිගේ කඩුවට එ.ජා.ප.ය කැපෙයි ද පොලිසිය හැසිරවෙන්නේ සාගලට ඕන හැටියට ද අලුත් රාජ්‍ය ඇමැති පොලිසියට බැණ වැදීම, පාතාලය සහ කුඩු උවදුර යනාදී කරුණු සම්බන්ධයෙන් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතා දැක්වූ අදහස් මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු.

ප්‍රශ්නය:- මැතිවරණ උණුසුම වැඩිවෙමින් තිබෙනවා. එ.ජා.ප. සූදානම කොහොම ද?
පිළිතුර:- දීර්ඝ කාලයක් තිස්සේ අපේ පක්ෂයේ දේශපාලන ක්‍රියාවලිය සංවිධානය කරගෙන ආවා. මැතිවරණය ආවාම විශේෂ සූදානම් වීමක් කරන්න අපට වුණේ නැහැ. මැතිවරණයට සංවිධාන කටයුතු කරන්න ඕන. ඒ කටයුතු බොහෝමයක් කල් ඇතිව කරගෙන ගියා. දැන් අපි ලෑස්තියි.

ප්‍රශ්නය:- මැතිවරණය ළංවෙත්ම බැඳුම්කර වාර්තාව එළියට ඒම එ.ජා.පයට අහිතකරව බලපායි නේද?
පිළිතුර:- එහෙම බලපෑමක් ඇත්තෙම නැහැ. අගමැතිතුමා කළ පත්වීම විධිමත් එකක් බව බැඳුම්කර කොමිසම් වාර්තාවේ තිබෙන බව ජනාධිපතිතුමා කිව්වා. අපි තාම මේ වාර්තාව දැකලා නැහැ. ඒ නිසා මේ ගැන වැඩිපුර කතා කරන්න බැහැ. 2008 පටන් ඉදිරි කාලය ගැනම පරීක්ෂණ කරන්න වෙනවා. මේ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න රජය බැඳී සිටිනවා. අපි ඒකට එකඟයි. ඒක රටට හොඳ දෙයක්.

ප්‍රශ්නය:- ඔබ එහෙම කිව්වට බැඳුම්කරේ අපවාදය සම්පූර්ණයෙන් එල්ල වෙන්නේ එ.ජා.ප.යට නේද?
පිළිතුර:- ඒ මාධ්‍යයෙන් සමහරවිට පෙන්නන හැටි වෙන්න පුළුවන්. මේක 2008 පටන් දිගට ඇවිත්  තිබෙන එකක්. 2015 අපි ආවට පස්සේ වෙන්දේසි ක්‍රමයකට ගියා. විනිවිදභාවයෙන් මේ කටයුතු කෙරෙන තැනට අපි වැඩ කළා. යහපාලනය යටතේ කිසි දෙයක් හංගන්න අපි කටයුතු කරලා නැහැ. නීතිපතිතුමාට නැතිනම් කෝප් කමිටුවට මේවා ගැන සොයන්න ඉදිරිපත් කළා. පාර්ලිමේන්තුවේදී විවාදයක් ඉල්ලුවාම ඒකත් දුන්නා. අගමැතිතුමා පවා මේ කොමිසම හමුවට ගිහින් කරුණු ඉදිරිපත් කළා. අපි කිසි දෙයක් හංගන්න උත්සාහ කරලා නැහැ. පක්ෂයක් හැටියට වගකීමෙන් විනිවිදභාවයෙන් කටයුතු කර තිබෙනවා. ඒක හොඳ ප්‍රවණතාවක්. 2015ට පෙර මෙවන් තත්ත්වයක් නිර්මාණය වුණා නම් කොයි වගේ ප්‍රතිචාරයක් ලැබේවි ද? මේ ගැන හරි තොරතුරු ලබාගන්න ජනතාවට අවස්ථාව ලැබී තිබෙනවා. මෙතනින් එහාට වාර්තාවේ නිර්දේශ අනුව කටයුතු කරන්න කියලයි අපි කියන්නේ. වාර්තාව දැක්කාම තමා හරියටම මේ ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ.

ප්‍රශ්නය:- එ.ජා.ප. ඇමැතිවරුන්ටයි ඍජුවම චෝදනා එල්ල වෙන්නේ. මෙය ශ්‍රී.ල.නි.ප. පැත්තෙන් එ.ජා.ප.යට කරන හානියක් නොවේ ද?
පිළිතුර:- අපි 2008 පටන් එන කරුණුත් විමසලා බැලුවම මුළු ඉතිහාසය ගැනම එළියට ඒවි. ඊට පස්සේ අපට මේ ගැන කතා කරන්න පුළුවන්. මේ වාර්තාව සහ ජනාධිපතිතුමා කළ ප්‍රකාශය අනුව බිලියන දහයක පමණ පාඩුවක් ගැන සඳහන්. බැඳුම්කර ගනුදෙනුවක පාඩුවක් ගැන කතා කරන්න අමාරුයි. ඒ වෙලාවේ අවශ්‍ය වූ මුදල් ප්‍රමාණය තිබ්බෙ නැත්නම් වෙන්න පුළුවන් ප්‍රශ්න මොනවා ද? සමහරවිට පඩිනඩි ගෙවන්න අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයන්න බැරිවෙන්න පුළුවන්. අපි බාරගත්තේ දුෂ්කර තත්ත්වයක තිබූ ආර්ථිකයක්. ඒ වෙලාවේ කරන්න තිබූ ගෙවීම්වලට මුදල් අවශ්‍ය වුණා. ඒ ක්‍රියාදාමවල යම් යම් අඩුපාඩු තිබුණා. අවශ්‍ය මුදල මුල් අවස්ථාවේම ඇස්තමේන්තු කර තිබුණා නම් තත්ත්වය පැහැදිලියි. අපට තවමත් නොගෙවූ පැරැණි බිල් මතුවෙනවා. කිසිම ගිවිසුමක් අත්සන් නොකරපු ප්‍රසම්පාදන ක්‍රියා අනුගමනය නොකරපු දේවල් තවමත් මතුවෙනවා.
 මීට කලින් රජය කාලයේ හානිය ටි්‍රලියන හතරක්. බිලියන හාරදහසක්. මිලියනවලින් ගත්තොත් මිලියන මිලියන හතරක්. පොඩි ගණනක් නෙමෙයි. මේව කළේ කවුද? ශ්‍රී.ල.නි.ප.යනේ. ඒත් අපි මේ වෙලාවේ ඇඟිලි දිගු කරන්න යන්නේ නැහැ. මම හිතන්නේ මේ රට වෙනුවෙන් වැදගත් පියවර රාශියක් ගන්න එ.ජා.ප.ය නායකත්වය දී තිබෙනවා.

ප්‍රශ්නය:- පසුගිය කාලයේ සිදුවූ දේවල් පිළිබඳව ඔබ කිව්වත් ඒවා ගැන මොකුත් වෙන බවක් නම් පේන්න නැහැනේ?
පිළිතුර:- ඒව සොයනවා. සී.අයි.ඩී.ය, එෆ්.සී.අයි.ඩී.ය මේවා පිළිබඳ කටයුතු කරගෙන යනවා. අපි මේ රටේ නීතියේ ආධිපත්‍යය තහවුරු කළා. ෆොන්සේකා මහත්තය හිරේ දාපු ආකාරයට මේ කවුරුත් හිරේ දාන්න අපි කටයුතු කළේ නැහැ. මේ කටයුතු කරගෙන යාමට නීතියට අවස්ථාව දී තිබෙනවා. අපිට ඕනකමක් තිබෙනවා. ඒ දේශපාලන වශයෙන් නෙවෙයි. නීතිමය වශයෙන්. නීතිය සැමටම පොදුයි කියන ස්ථාවරයේ ඉඳන්. කවුරු හෝ වරදක් කර තිබෙනවා නම් ඒකට නීතියෙන් දඬුවම් පැනවෙන්න ඕන. ඒ වෙනුවෙන් පරීක්ෂණ කිරීම ඇතුළු පියවර රාශියක් තිබෙන බව අමතක කරන්න හොඳ නැහැ. මේවා බොහෝම සියුම් කාරණා. සමහර ඒවා රටවල් දෙකක සිදුව තිබෙන ගනුදෙනු. රටවල් අතර නීති වෙනස්. තොරතුරු ගන්න ගියාම ගැටලු මතුවෙනවා.
සමහර තැන්වලදී සාක්ෂි සියල්ල විනාශ කරලා. එක වකවානුවකදී පොලිස් පොත්වල ලියපුවා පවා නැති වෙලා. එවැනි තැන්වලදී කටයුතු කිරීම දුෂ්කර වී තිබෙනවා. මුල්ම සාක්ෂි නැති වුණාම කටයුතු කිරීම හරිම අපහසුයි. ඒත් බොහෝ තැන්වලදී ගොඩක් හොඳ මට්ටමකට අපි පැමිණ සිටිනවා. ඉදිරියේදී ඒවායේ ප්‍රතිඵල එනවා. කවුරුත් කතා නොකළට පවරපු නඩු රාශියක් තිබෙනවා. නඩු ඇසීම වේගයෙන්, කඩිනමින් සිදු නොවීමයි ප්‍රශ්නය. මේ කටයුතු කඩිනම් කිරීමට පියවර කීපයක් ගෙන ඇති බව කියන්න ඕන. නීතිය ක්‍රියාත්මක වෙන ක්‍රමයක් තිබෙනවා. සැමටම සාධාරණය ඉටු කිරීමට යන ගමනෙදි මේ වැඩවලට දීර්ඝ කාලයක් යන නිසා ජනතාවට අසාධාරණයක් වෙන බව කීමත් සාධාරණයි.

ප්‍රශ්නය:- බැඳුම්කර වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන බවට පැහැදිලි ස්ථාවරයක ආණ්ඩුව ඉන්නවා ද?
පිළිතුර:- අනිවාර්යයෙන්ම. පැහැදිලි ස්ථාවරයක ඉන්නවා. එ.ජා.ප.යත් ඒ ස්ථාවරයේ ඉන්නවා.

ප්‍රශ්නය:- මීට ඉදිරිපත්ව ඇති කොමිෂන් සභා වාර්තා නිර්දේශ ක්‍රියාත්මක වී නැහැ. ඒ ඉරණම මේකටත් අත්වේ ද?
පිළිතුර:- ඒ ඉරණමම මේකට අත්වෙන්න බැහැ. ඒ වගේම ඒ වාර්තා නිර්දේශවලට වෙනම ඉරණමක් අත්වෙන්නත් බැහැ. ඔක්කොම ක්‍රියාත්මක වෙන්න ඕන.

ප්‍රශ්නය:- බැඳුම්කර වාර්තා බෝලය නීතිපතිට පාස්කර එජාපය ඇඟ බේරාගන්න ද හදන්නේ?
පිළිතුර:- තවම අපිවත් වාර්තාව දැකල නැහැනේ. මේක ජනාධිපතිතුමාගෙ කොමිෂන් වාර්තාවක්. එජාපයට ඒක පාස් කරන්න බැහැ. මේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කියා අපි ඉල්ලා සිටිනවා. රජයක් වශයෙන් යම් යම් පියවර ගන්න පුළුවන්. මේ නිර්දේශ අනුව සමහර පරීක්ෂණ අරඹන්න පුළුවන්.

ප්‍රශ්නය:- තමන්ගේ කඩුවට කැපෙන අය ගැන ජනාධිපතිවරයා ඉඟි පළ කළා. මේ කඩුවට එජාපයම කැපේවි ද?
පිළිතුර:- ජනාධිපතිතුමත් අපිත් එකට වැඩ කරනවා. ගිවිසුම අවසන් බව ශ්‍රීලනිප සමහර ඇමැතිවරු කියනවා. ඒත් අපි තවමත් කටයුතු කරගෙන යන්නේ ජනතාවට දීපු පොරොන්දුව අනුවයි. ජනාධිපතිතුමා දැක්වූ අදහස මොකක් ද කියන්න දන්නෙ නැහැ. අපි හරි දේ කළොත් කැපෙන්න ඕන නැහැනේ.

ප්‍රශ්නය:- මොනවා කිව්වත් ජනතාව ඉන්නේ අමාරුවෙන්. මේ තත්ත්වය යටතේ ඡන්දය ජයගන්න එජාපයට පුළුවන් ද?
පිළිතුර:- අපි ජයගන්න බව පැහැදිලිව කියන්න පුළුවන්. මැතිවරණය නිසා අපේ වැඩපිළිවෙළ වෙනස් කරලා නැහැ. මේක ගමේ මැතිවරණයක්. එහෙත් වැදගත් මැතිවරණයක්. අවුරුදු දෙකක් අපි වැඩ කළේ ගමේ ආණ්ඩුව නැතුවයි. ඒ අඩුපාඩුව අපට හොඳට දැනුණා. ඩෙංගු උවදුර වෙලාවෙ මේ මන්ත්‍රීවරු සිටිය නම් වැඩ කඩිනම් කරගන්න තිබුණා. අපි ගමට මුදල් යොදවනවා. හැබැයි සියල්ල වියදම් කරලා නැහැ. ගමේ මන්ත්‍රීවරයෙක් සිටිය නම් ඒ දේ වෙනවා. අපි ඉන්නේ ආණ්ඩුවේ. අපේ මන්ත්‍රීවරු සිටියොත් වැඩියෙන් ගමට වැඩ කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ආණ්ඩුවේ බහුතරය ඉන්න පක්ෂයට තමයි ගමේ ආණ්ඩුවත් ලැබෙන්නේ. මේක සාමාන්‍ය සූත්‍රයක්. අපි ගොඩක් වැඩ කර තිබෙනවා.
කලක් රාජපක්ෂ ආණ්ඩුව පාරවල් හදලා ජනප්‍රිය වුණා. ඒ වගේම ඒ ආණ්ඩුව වැටෙන්නත් ඒ පාරවල් හේතුවක් වුණා. මේ පාරවල් නැවතුනේ නැහැ. හැබැයි මේවායේ කොන්ත්‍රාත් කළ කෙනා හැදුණා. සාමාන්‍ය ජනතාවට වැඩක් වුණේ නැහැ. දැන් අපට මුල ඉඳන්ම පාරවල් හදන්න වෙලා. අපි කරන්නේ ඒක විතරක් නෙමෙයි. රටේ ආර්ථිකය හරිහැටි කළමනාකරණය කරනවා. ණය බර පාලනය කරගෙන තිබෙනවා. රටට ආදායම් වැඩිකරගෙන රට දියුණු කිරීම කරගෙන එනවා. මේක ලේසි නෑ. අපි ගෙවන්නේ පසුගිය ආණ්ඩුවේ පව්. අධ්‍යාපනය, සෞඛ්‍යය ආදී සියලු අංශ දියුණු කරනවා. මේ කාලයට අවශ්‍ය දේ කරනවා. පාසල් යන දරුවන්ට වෛද්‍ය රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දෙන්න අපට හැකිවී තිබෙනවා. අපි කිසිවක් නතර කරල නෙමෙයි අනෙක් දේවල් කරන්නේ. බෙහෙත් මිල කොයි තරම් අඩු කළා ද. මූලික ප්‍රතිකාර සහිත 1990 ගිලන් රථ සේවාව ගමට ගෙන ගියා. මේක මුළු රටේම ව්‍යාප්ත කිරීමට කටයුතු කර තිබෙනවා.
පොලිසිය ගැන විශ්වාසයක් නැති කාලයක් තිබුණා. දැන් ඒක වෙනස්. හැබැයි මේක බොහෝ අයට අමතකයි. 2015 මැතිවරණයේදී පොලිසිය කෙළින් සිටි නිසා වෙනසක් කරන්න ජනතාවට අවස්ථාව ලැබුණා. එතැන් පටන් අපි පොලිසිය දියුණු කළා. ස්වාධීනව හරි විදියට කටයුතු කරන්න අවස්ථාව ලබාදී තිබෙනවා. ඔවුන්ගේ ප්‍රශ්නත් ක්‍රමයෙන් විසඳමින් සිටිනවා.

ප්‍රශ්නය:- ආණ්ඩුව හැටියට එජාපය ජය ගන්නා බව ඔබලා කියනවා. ඔය කතාවම ආණ්ඩුවේ ඉඳගෙන ශ්‍රීලනිපයත් කියනවා නේද?
පිළිතුර:- තමන් දිනන බව ජවිපෙත් කියනවා. එත් කවද ද දිනල තියෙන්නේ? ශ්‍රීලනිපය දෙකට බෙදිලා. බෙදුන තැනක් ඉදිරියට යන්නේ නැහැ. රටක් වශයෙන් වුණත් බෙදුනොත් ඉදිරියට යන්න අමාරුයි. දේශපාලනයෙන් අපේ රටේ වෙනසක් වෙන්න ඕන දෙයක් තිබෙනවා. ඡන්දෙ කාලෙට බෙදිල වැඩ කළාට පාර්ලිමේන්තුවේ වැඩ කරන ක්‍රම තිබෙනවා. මේක පෙරළන්න හන්දි ගානේ කතා කිරීම රටට කරන විනාශයක්. වෙන රටවල් දියුණු වෙලා තිබෙන්නේ එකට වැඩ කිරීමෙන්. ඒත් ඡන්දය පැරදුණු වෙලාවේ ඉඳන් මහින්ද මහත්තය කළේ හන්දි ගානේ උද්ඝෝෂණ කරවීමයි. ඒ මොන අභියෝග තිබුණත් රට ඉදිරියට ගෙන යන්න අපට හැකි වී තිබෙනවා. ඉදිරි වසර දෙකේදී මේ ගමන මීට වඩා වේගවත් වේවි.

ප්‍රශ්නය:- පොහොට්ටුව නම් බලවත් බව කියනවා. මේක අභියෝගයක් නොවෙයි ද?
පිළිතුර:- සෑම මැතිවරණයකදීම ප්‍රතිවාදීන් තර්ජනයක් නෙමෙයි කියා සිතුවොත් ඒක අපේ දුර්වලකමක්. අපිට තිබෙන තර්ජන මොනවා ද කියා අවබෝධ කරගන්න ඕන. ඒවාට අවශ්‍ය පියවර ගෙන අපේ මැතිවරණ ව්‍යාපාරය ඒ අනුව සකසාගෙන මහන්සිවෙලා තමයි දිනන්න යන්නේ. තර්ජන නැතිව අභියෝගයක් නෑ. අභියෝග නැතිව දේශපාලන ගමනකුත් නෑ. තර්ජන, අභියෝග සෑම දෙයකටම මුහුණ දෙන්න අපි ලෑස්තියි.

ප්‍රශ්නය:- සාගලට ඕන හැටියට පොලිසිය හසුරුවනවා කියන චෝදනාව ගැන මොකද කියන්නේ?
පිළිතුර:- ඇමැති හැටියට පොලිසිය බාරව ඉන්න රජයේ නියෝජිතයා මමයි. නිවැරැදි ආකාරයට රජයේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න මම කටයුතු කරනවා. වැරැදි විදියට නෙමෙයි. ඔය ප්‍රශ්නය අහන්න ඕන මගෙන් නෙමෙයි. පොලිසියෙන්. ඒ අය පිළිතුරු දේවි.

ප්‍රශ්නය:- ඔබේ අමාත්‍යාංශයට රාජ්‍ය ඇමැතිවරයෙක් පත් වෙන්නේ සාගලට ඕන හැටියට පොලිසිය හැසිරවීම නිසා නෙමෙයි ද?
පිළිතුර:- සෑම අමාත්‍යාංශයකටම වගේ රාජ්‍ය ඇමැතිවරයෙක්, නියෝජ්‍ය ඇමැතිවරයෙක් ඉන්නවා. මගේ අමාත්‍යාංශයට රාජ්‍ය ඇමැතිවරයෙක් පත්වීම ගැන මම සතුටුයි. මේක ලොකු අමාත්‍යාංශයක්. සමහරවිට එක වෙලාවට තැන් දෙකක මට ඉන්න බැරි වෙනවා. තවත් කෙනෙක් සිටියොත් මට හයියක්. අපි කරන්න යන දේ ගැන සෑම මොහොතකම අගමැති තුමාටයි ජනාධිපතිතුමාටයි වද කරන්න මට බැහැ. ඒව ගැන කතා කරන්න තව කෙනෙක් සිටීම හොඳයි.

ප්‍රශ්නය:- හැබැයි දෙන්නා පක්ෂ දෙකෙන්. කඹ ඇදීමක් වෙන එකක් නැද්ද?
පිළිතුර:- ඒක දැනගන්න ඕන එතුමයි, මායි. අපි දෙන්න අතර එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි එක ගමේ. එතුමටත් මටත් වැඩ කර හොඳ පළපුරුද්දක් තිබෙනවා.

ප්‍රශ්නය:- ඔබේ රාජ්‍ය ඇමැතිවරයා පොලිස් නිලධාරීන්ට ගාල්ලේදී බැණ වැදී වැඩ අල්ලා තිබුණා. ඇමැති හැටියට ඔබ මොකද කියන්නේ?
පිළිතුර:- එහෙම එකක් පත්තරවල තිබෙනවා මමත් දැක්කා. අපි ඒ ගැන කතා කළා. අපි වැඩ කරන විදිය එහෙම නෙමෙයි. නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. ඒකට තරාතිරමක් නෑ. එතුමත් ඒකට එකඟයි. මේ කාලයේ සැර ටිකක් අඩු කරන්න බැරි දි කියා ඡන්ද අපේක්ෂකයන් මගෙන් අහනවා. හෙල්මට් නැතිව යන්න, වේගයෙන් යන්න පොඩි චාන්ස් එකක් දෙන්න බැරි ද අහනවා. පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්නේ ජනතාවගේ ආරක්ෂාවට. ජීවිත වටිනවා. අපේ අය වෙනත් රටවල වැඩ කරනවා. මේ සෑම රටකම නීතිය අකුරට ක්‍රියාත්මකයි. නීතිය ලිහිල් කරන්න කියා ඒ රටවල අය කියන්නේ නෑ. ලස්සනට ඒ නීතිය තුළ ජීවත් වෙනවා. තමන්ගේ රටේ නීතිය ප්‍රශ්නයක් කරගන්නේ ඇයි? නීතිගරුකව ජීවත් වෙන්න ඉගෙන ගන්න ඕන. ඒක අපේ වගකීමක්.
පොලිසියත් ජනතාවට හිරිහැර කරන්න බෑ. මානුෂීය පැත්තක් තියෙන්න ඕන. මේක බොහොම සියුම් කාරණයක්. ජනතාවට සේවය කරන්න ඕන. ඒත් වද දෙන්න හොඳ නෑ.

ප්‍රශ්නය:- පාතාල ප්‍රශ්නය නිතර කතා වෙන මාතෘකාවක් බවට පත්වී ඇත්තේ ඇයි?
පිළිතුර:- පාතාලය මර්දනයට ලොකු දැලක් දාලා තිබෙනවා. ඒ බව දැනිලා දැන් සමහරු රට පනින්න පටන් අරන්. ඒත් වැඩිකල් ඒ අයට ඉන්න බැහැ. අපි මේක ඉවර කරනවා. කුඩු සහ පාතාලය එකට යන්නේ. මේ කිසිවකට ඉඩ දෙන්නේ නෑ. මර්දනය කරනවා.

අල්ලන මත්කුඩුවලට වෙන්නේ මොකක් ද කියන ප්‍රශ්නය තිබුණා. ලබන 15 වැනිදා මහජනයා ඉදිරියේ මත්කුඩු කිලෝ 1000ක් පුළුස්සනවා. මේක වෙන්නේ පියවර දෙකකින්. ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මේකට සහභාගි වෙනවා. පළමු පියවර කටුනායකදී ක්‍රියාත්මක කරනවා. පාතාලයට, කුඩුවලට ඉඩක් දෙන්නේම නෑ.

 



අදහස් (13)

ගිය ආණ්ඩුවේ පව් අපි තවම ගෙවනවා

Senarath Monday, 08 January 2018 06:16 AM

ඔහොම කියකියා ඉතිරි අවුරුදු 2ක ගතකරන්නද කල්පනාව? මේ රජයේ පව් තමයි දැන් ජනතාවට ගෙවන්න වෙලා තියෙන්නේ. පසුගිය රජය කාලේ රටේ අවශ්‍යතාවට වී වගාව කෙරුණා. ජනතාවට සහන මිලට පොහොර ටික ලැබුණා වෙලාවට. පාරවල් හැදුණා. යුද්දෙ නැවතුණා. උතුරේ ජනතාව නැවත ගෙවල් හදා පදිංචි කෙරුණා. උතුරේ පාරවල්, කොච්චි පාරවල් හැදුණා. ඒ අවුරුදු 10 ට කෙරුණු දේ බොහෝයි. යම්කිසි හොරකමක් කෙරුණත් මිනිසුන්ට දැනෙන යමක් කෙරුණා. මේ රජය බලයට ආවේ, හොරකම නැවතුනාම වැඩකරන්න ඕනේ තරම් සල්ලි තියෙන නිසානේ.. අරවා කරනවා, මේවා කරනවා කියලා. වොක්ස්වෝගන් කොම්පැනිය එනවා කිව්වා. මිනිසුන්ට බැංකුවල උගස් කරපු රත්රන් බඩු නිකම් නිදහස් කරනවා කිව්වා. පොහොර නිකම් දෙනවා කිව්වා. තේවලට අවම රුපියල් 80 ක් දෙනවා කිව්වා. දැන් පොල් ගෙඩියත් පිටරටින් ගේන්න කතා කරනවා. වී වගාව වැඩි නිසා කඹුරු ගොඩකරනවා කිව්වා. මේ මූසල කතා නිසා අද හාලුත් පිටරටින් ගේන්න වෙලයි තියෙන්නේ..

:       135       1076

Chandima Monday, 08 January 2018 07:06 AM

මෙහෙමනේ ඇමතිතුමා මේ රටේ කොච්චර සල්ලි තිබුණත් අර මහා බැංකු මංකොල්ලය නිසා ඔක්කොම විනාශ වෙලා ගියා.... මොකද හිතං ඉන්නැති ඔයාටයි කෝට් දාගෙන ඉන්න එව්වෝ කරන ඔය වගේ තක්කඩිකම් ඔය ගමේ රටේ මිනිස්සුන්ට කොහොමටත් තේරෙන්නේ නැහැනේ? ඔන්න දැන් එකේ පාඩුව නිසා රටේ සම්පත් ඔක්කොම විකුණ විකුණා යනවා. තමුන්නාන්සේලා බණ කියකියා ඇවිත් අන්තිමේදී කරන්නේ හොරකම. අන්තිමට පව් ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට...

:       104       817

sanath Monday, 08 January 2018 11:10 AM

එතකොට මේ ආණ්ඩුවේ පව් කවුරුන්ද ගෙවන්නේ?

:       79       325

ධනුෂ්ක Monday, 08 January 2018 02:47 PM

දැන් ඉතින් ගිය අාණ්ඩුවේ පව් විතරක් නෙමේ. ඔයාලගේ අාණ්ඩුවේ පව්ත් ගෙවන්න වෙයි. අැත්තම කථාව කිව්වොත් එ් හැම පවක්ම ගෙවන්නේ මහජනතාව. ඔයාලා නෙමේ. ඔයාලා ඊළඟපාර ගෙදර ගියත්. අාණ්ඩු කරත්. ඔබ තුමාලට අවුලක් නෑනේ. ඔබතුමාලා සැපට ඉන්නවනේ. වෙන එකත් තියා ඔබතුමාලා හිරේ ගියත් එතන සැපට ඉන්නවනේ. අපිනේ ඔබතුමාලගේ පව්ත් එක්ක ගෙවන්නේ.

:       0       174

Rohana Tuesday, 09 January 2018 01:56 AM

මේ ආණ්ඩුවේත් පව් ගෙවනකොට ඔබතුමාට ඉන්න වෙන්නේ ආපයෙමයි .

:       0       63

indunil Tuesday, 09 January 2018 02:12 AM

1948 සිට තරගෙට කිරීම සහ ගෙවීම....

:       0       16

sudesh Tuesday, 09 January 2018 03:47 AM

අපි නම් අනුන්ගේ පවි ගෙවන්නේ නෑ. බලෙන් මොකටද පවු ගෙවන්නේ. බැරි නම් යන්නයි තියෙන්නේ..............

:       0       46

Unuth ekai munuth ekai Tuesday, 09 January 2018 05:04 AM

ඔක්කොගෙම පව් අපිනේ ගෙවන්නේ....

:       0       35

Sunil Tuesday, 09 January 2018 08:37 AM

ඒවා හංගන්නෙත් ඔබ තුමාලාම නේ? උඩින් ඔහොම කියාගෙන යටින් වෙන ගේමක් යන බව අපි නොදන්නවාම නොවේනේ?

:       0       11

Bamunuarachchi Wednesday, 10 January 2018 03:44 AM

"ඒවා හංගන්නෙත් ඔබ තුමාලාම නේ?" හනගනවා නොවෙයි මේගොල්ලෝ ඡන්දෙ ගන්න කීව බොරු ඔප්පු කොර ගන්න බැරිව දඟලනවා.

:       0       121

MP Thursday, 11 January 2018 06:48 AM

එතකොට මේ ආණ්ඩුවේ පව්? අපිට පටවන්නද හදන්නේ?

:       0       0

DD Friday, 12 January 2018 01:48 AM

කොයි ආණ්ඩුවේත් පව් ගෙවන්නේත් අපියි. ඔහෙලා නෙවේ. ඔහෙලා කරන්නේ අපෙන් යෑපෙන එකයි.

:       0       0

sensa Friday, 12 January 2018 02:59 AM

ඔය හැම පව් අපිට සදහටම ගෙවන්න වෙලා තියෙන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ජනපතිවරණ ඉතිහාසයේ එදා - අද වෙනස
2024 සැප්තැම්බර් මස 21 472 0

මීට පෙර ලිපියක අප සඳහන් කළ ආකාරයට අද පැවැත්වෙන ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරණය මෙතෙක් පැවැත්වුණු ජනාධිපතිවරණ අටටම වඩා කරුණු ගණනාවකින් වෙනස්ය.


විශ්ව ශක්තිය ගැබ්වූ නාලන්දා ගෙඩිගේ
2024 සැප්තැම්බර් මස 20 1006 0

මාතලේ, නාලන්ද ගෙඩිගේ යනු මෙරට මධ්‍ය කේන්ද්‍රය ලෙස සලකනු ලබන ස්ථානයේ පිහිටි පෞරාණික මෙන්ම සුන්දර පරිසර පද්ධතියකින් හෙබි හරි අපූර්වතම ස්ථානකි. නාලන්ද


සඟසතු කළ මුල්ම වලව්වේ කතාව
2024 සැප්තැම්බර් මස 20 921 0

අඹගහපිටිය වලව්ව හෙවත් සහබන්ධු වලව්ව බලපිටිය මුදලි පෙළපතේ පැරැණිම වලව්වකි. විහාරස්ථානයට පූජා කළ ලංකාවේ මුල්ම වලව්ව ලෙස මෙය සැලකේ. උපසම්පදාව ජනසතු කරම


රටට හානිකර විධායක ජනපති ක්‍රමය
2024 සැප්තැම්බර් මස 20 170 0

නීතියේ ආධිපත්‍යය යනු සියලු‍‍ම පුද්ගලයන්, ආයතන සහ සංවිධාන නීතියට යටත් බවත් එහි නිර්දේශවලට වගකිව යුතු බවත් සහතික කරන මූලික මූලධර්මයකි. එසේම රටක් පාලනය ව


රටට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධන
2024 සැප්තැම්බර් මස 19 110 1

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම තව දින දෙකකින් සිදුවීමට නියමිත අතර පෙර පරිදිම මෙවර ජනාධිපතිවරණ තුළත් රටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක


වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 993 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 16949 13




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 84 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 267 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 134 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site