ගුරු සංගම් චෝදනා කරන ආකාරයට ගුරු පවුර රක්ෂණය ක‍්‍රියාත්මක කරන්නේ පෞද්ගලික වුවමනා එපාකම් ඉටු කර ගන්නදැයි බස්නාහිර මහ ඇමැති ප‍්‍රසන්න රණතුංග මහතාගෙන් විමසීමු. |
ප‍්‍රශ්නය - මොකක් ද මේ සුපසන් නිම්තෙර?
පිළිතුර - ඇත්තටම මේ වැඩසටහන මම ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙස පත්වෙන්න කලින් මගේ හිතේ ඇඳුණු දෙයක්. ඒ පසුබිමට බලපාන ප‍්‍රධාන කාරණා
![]() |
![]() |
03 ක් තිබුණා. පළමුවෙනිම කාරණය තමා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ මහින්ද චින්තන ‘‘නැණ ගුණ’’ වැඩුම රාජ්‍ය ප‍්‍රතිපත්තිය බල ගන්වමින් තිරසාර පාසල් සංස්කෘතියක් බස්නාහිර පළාත තුළ පිහිටුවමින් දරුවන්ගේ අනාගතය ඒකාලෝක කිරීම දිවංගත රෙජී රණතුංග. මගේ තාත්තා තමන්ගේ විමධ්‍යගත අරමුදල්වලින් වැඩිපුරම කොටසක් වැය කළේ අසරණ දුප්පත් දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට. ඒ ආදර්ශවත් පියවරයන් වගේම මගේ අම්මගේ වෘත්තිය ගුරු වෘත්තිය වූ නිසාත් එතුමියගේ අත්දැකීම් මාව තවත් මෙවැනි අරමුණක් ඔස්සේ පෙළෙඹෙව්වා.
ප‍්‍රශ්නය - සුපසන් නිම්තෙර නමට විතරක් තියෙන එකක් කියලා චෝදනා තියෙනවා?
පිළිතුර - වඩාත් ප‍්‍රසන්න වූ අධ්‍යාපන ඉසව්වක් බිහි කරන්න නම් පියවරයන් ගණනාවක්ම අනුගමනය කරගන්න වෙනවා. කරුණු වශයෙන් කිව්වොත් ප‍්‍රධාන කාරණා කිහිපයක් ඔස්සේ මගේ අවධානය යොමු වෙනවා.
පසුගිය කාළේ පාසල් නිරීක්ෂණයෙන් අපට දැකගන්න ලැබුණා අඩක් නිම කරන ලද මුල්ගල තැබූ ගොඩනැගිලි නාගරික මෙන්ම ගම්බ`ද පාසල්්වලටත් බරක් වී ඇති මේ අර්ධ ඉදිකිරීම් ගොඩනැගිලි සම්පූර්ණ කිරීමට දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම් දකින්න ලැබෙනවා.
පළාත් සභාවේ අධ්‍යාපන විෂයට වෙන් කරන මුදල්වලින් සැලසුම් සහගතව මේ වගේ භාගෙට ඉදිවෙලා තියෙන ගොඩනැගිලි සම්පූර්ණ කරලා දරුවන්් ඉගෙන ගන්න තැනට පත් කරන්න මුදල් වෙන් කළා. මුල් ගල් තබලා පළමු මහලවත් ඉදි නොකළ ගොඩනැගිලිවල පළමු මහලද පළමු මහල ඉදිකර දෙවන මහල ඉදි නොකළ ගොඩනැගිලිවල දෙවන මහලද” දෙවන මහල ඉදිකර තෙවන මහළ ඉ`දි නොකළ ගොඩනැගිලිවල තෙවන මහලද සම්පූර්ණ කර දරුවන් අතට පත් කිරීම සිදු කළා.
මේ වැඩපිළිවෙළ හදුන්වාදීලා කි‍්‍රයාත්මක කරද්දී මෙහි වටිනාකම වටහාගත් පළාත් සභා මන්තී‍්‍රවරු මගේ අමාත්‍ය මණ්ඩලය වගේම විවිධ රාජ්‍ය ආයතන මට විශාල සහයෝගයක් මේ ස`දහා ලබා දුන්නා. විශේෂයෙන් ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය බස්නාහිර පළාතේ අධ්‍යාපන අමාත්‍යංශය සමඟ එක්ව වැඩසටහනේ සුවිශේෂී බව ඇගයීමට ලක්කර සියලූ විදුහල්පතිවරුන් ගුරු භවතුන්ගේ ආකල්පමය වෙනසක් ඇතිකිරීමට දායකත්වය ලබා දුන්නා.
ප‍්‍රශ්නය - ගුරු පවුර කියන්නේ ඔබතුමාගේ මඩිය තර කර ගැනීමක් ද?
පිළිතුර - ගුරුපවුර කියන්නේ අපේ ගුරුවරුන්ගේ සුබසාධනය ඉලක්ක කරගෙන ආරම්භ කළ දෙයක්. දරුවන්ට උගන්වන්න නම් ගුරුවරයාගේ මානසික මට්ටම යහපත් වෙන්න ඕනෑ. ඒක නිසා ඔවුන්ගේ සුබ සාධනය ගැන වැඩි අවධානයක් යොමු කරන්න ඕනෑ.ගුරුවරුන්ගේ හිඟ වැටුප් ලිපු පොත් සකස් කරලා, වැටුප් වර්ධක දීලා ලංකාවෙම මුලින්ම අවසන් කළේ බස්නාහිර පළාතේ.
ඒ අනුව ගුරුවරුන්ට රක්ෂණ ක‍්‍රමය ඇති කළා. ගුරුවරයකුට ලෙඩක් හැදුනාම හැම තැනිම්ම වගේ වෙන්නේ ඔපරේෂන් කළාම තමයි සල්ලි ලැබෙන්නේ. වෛද්‍යවරයා සහතිකයක් දෙනවනම් රෝගය කියලා අපි මුලින්ම ලක්ෂ පහක් දෙනවා. අපි පළාත් සභාවක් විදියට ගුරුවරු ගැන හොදින් හොයා බලා තියෙනවා.
ගුරුවරයාට පන්ති කාමරය යහපත් මට්ටමින් පවත්වාගෙන යන්න ගුරු පුහුණුව දුන්නා. මම මේක බාර ගන්නකොට අඩුම ප‍්‍රාථමික ගුරු පුහුණුව තිබුණේ බස්නාහිර. 49 සියයට හිටියේ නුපුහුණු ගුරුවරු. අපි ඒ ගුරුවරු පුහුණු කළා. ජනාධිපතිතුමා අපිට විශාල මුදලක් දුන්නා. කඩිනම් වැඩසටහන් මගින් අපි පුහුණුවීම් දුන්නා.
ප‍්‍රශ්නය - අග‍්‍රහාර රක්ෂණය තියෙද්දි තියෙද්දි ඇයි තවත් රක්ෂණයක්?
පිළිතුර - අග‍්‍රහාරයි මේකයි දෙකක්. අග‍්‍රහාරයෙන් වෙන්නේ රෝහල් ගත වුණොත් ගෙවනවා. නමුත් මේකේ එහෙම නෑ. රෝහල් ගත වෙන්න කලින් වෛද්‍යවරයාගේ සහතිකයක් තිබෙනවා නම් රුපියල් ලක්ෂ පහක් ගෙවනවා. හදිසි අනතුරකින් මිය ගියොත් ලක්ෂ දහක් දෙනවා. ප‍්‍රධාන රෝග 24ක් සඳහා රුපියල් ලක්ෂ පහක් ඒ වෙලාවෙම දෙනවා. අපි බිල් ඉල්න්නේ නෑ.
ජීවිත රක්ෂණ තුන හතරක් වුණත් දාන්න පුළුවන්. ප‍්‍රශ්නෙ වෙන්නේ රෝහල් ගත වුණාම සල්ලි ගනිද්දි. අපි බිල් ඉල්ලනනේ නැති නිසා මේකට ඒක ප‍්‍රශ්නයක් වෙන්නේ නෑ.
ඔපරේෂන් එකක් කරන්න අපේ රෝහල්වල වේටින් ලිස්ට් එකේ ඉන්න ඕනෑ. ගොඩක් රක්ෂණවලින් කලින් සල්ලි දෙන්නේ නෑ. අපේ කලින් සල්ලි දෙන නිසා ඕනෑම තැනකින් කර ගන්න පුළුවන්.
ප‍්‍රශ්නය - මේ වැඬේ නිසා දැන් විදුහල්පතිවරු රක්ෂණ නියෝජිතයෝ වෙලා නේද?
පිළිතුර - අපි ගුරුවරුන් ඉන්න පවුල්වල උදවිය හැටියට දන්නවා ගුරුවරුන්ගේ ගැටලූ. ඒ නිසා තමයි මේක ඇති කළේ. මේක අඩු වියදමකින් කරන නිසා අපි පත්තරවල දැන්වීම් දැම්මේ නෑ. ඒ නිසා විදුහල්පතිවරුන් හරහා දැනුම් වත් කළා අවශ්‍ය අයට මේකේ ප‍්‍රයෝජන ගන්න. පාසලේ පරිපාලකයා විදුහල්පති. ඔහු ලව්වා විදුහල්පතිවරු දැනුම්වත් කළා මිසක් ගෙවල් ගෙට ගිහින් රක්ෂණ නියෝජිතයෝ විදියට කටයුතු කළා.
ප‍්‍රශ්නය - ගුරුපවුර හා සුපසන් නිමේතෙර දේශපාලන වැඩපිළිවෙළක් නේද?
පිළිතුර - නෑ. 2009දී සුපස්නිම්තෙර ඇරැුඹුවේ. 2012 අයවැයේදී ගුරු පවුර ගැන මා කිව්වා. ඒ කාලේ මැතිවරණයක් තිබුණේ නෑ. මෙතන කිසිම දේශපාලනයක් නෑ. අපි බැලූ වේ ගුරුවරුන්ගේ යහපත පමණයි.
ප‍්‍රශ්නය - බස්නාහිර විදුහල්පතිවරුන් පත් කරන්නේ දේශපාලන හිතවත්කම් මත නේද?
පිළිතුර - විදුහල්පති තනතුරු දෙන්න බස්නාහිරට අයිතියක් නෑ. ඔවුන් දෙන්නේ මධ්‍යම රජයෙන්. අපිට තියන වගකීම තමයි ඔවුන් ස්ථාන ගත කරන එක. ඒක කරන්නේ සම්මුඛ පරීක්ෂණයක් තියා සාධාරණව. මගේ ආසනය ගත්තොත් එජාපය කාලේ තනතුරු දරපු අය විදුහල්පතිවරු ලෙස ඉන්නවා. ඒ නිසා අපි කිසිම විටක විදුහල්පති හෝ වෙනත් තනතුරු දෙද්දි දේශපාලනේ ගාවගෙන නෑ.
ප‍්‍රශ්නය - පාසල්වල මුදල් ගැනීම් වැඩි වෙලා නේද? ඒවාට මොනවත් කර නෑ නේද?
පිළිතුර - මුදල් එකතු කිරීම සාමාන්‍ය දෙයක් වෙලා තිබුණේ. අපිට පැමිණිලි ආවා. අපි ඒවා විභාග කරලා ලබා ගත් මුදල් නැවත දෙමාපියන්ට දුන්නා. ඇතැම් විදුහල්පතිවරුන්ට දඬුවම් කළා. ඉන් පස්සේ බස්නාහිර මුදල් එකතු කිරීම අඩු වුණා. නීත්‍යනුකූල නොවන විදියට මුදල් එකතු කරනවා කියා පැමිණිලි ආවොත් අපි සාධාරණව පරීක්ෂණ කරනවා.
|
පාස්කු ඉරිදා සංහාරයට අදට වසර හයකි. මෙම ප්‍රහාරය පිරිමින්, කාන්තාවන් සහ ළමුන් ඇතුළු ජීවිත 269 ක් බිලිගත් ඛේදවාචකයක් වන අතර, එම අවස්ථාව වන විට ඔවුන්ගෙන් බොහ
පාස්කු ඉරිදා ඛේදජනක ප්‍රහාරයට වසර හයක් ළඟා වන අවස්ථාවේදී, ශ්‍රී ලංකාව තවමත් පැටළී සිටින්නේ පිළිතුරු නොලැබෙන ප්‍රශ්න, ප්‍රමාද වූ නඩු පැවරීම්, දේශපාලන ම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු රටවලට අප්‍රේල් 05 වැනි දා සිට බලපාන ලෙස ඔවුන්ගේ ආනයන තීරු බදු සියයට 10 දක්වා ඉහළ දැමීමේ නිල විධානයකට මෙම අප්‍රේල් 02 වන දි
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ බෝධිය ආසන්නයේ නවතා තිබූ කාර් රථයක අටවන ලද අධිබලැති බෝම්බයක් පුපුරා ගියේ 1987 වසරේ අප්‍රේල් මස 21 වැනිදා සවස් යාමයේය.
ට්‍රම්ප්ගේ වෙෙළඳ කම්පනය ගෝලීය පිළිවෙලට දැවැන්ත පහරකි. එය නියෝජනය කරන්නේ 1970 ගණන්වලදී බ්‍රෙට්න්වුඩ්ස් ක්‍රමය අවසන් වීමෙන් පසු ඇති වූ විශාලතම බිඳවැටීමය
ශ්රී සුගත තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශනා කොට වදාළ ස්වාසුදහසක් ශ්‍රී ධර්මස්කන්ධයේ පහස ලැබුවුවා වූ පරම පූජනීය අතිඋ
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
‘ගුරු පවුර’ මඩිය තරකර ගැනීමේ වැඩක්ද?
සඳුනි Monday, 23 December 2013 05:05 PM
මමත් ඉන්නේ කොළඹ මහා ඇමති වරයා අධ්‍යාපනය වෙනුවෙන් යම් සේවයක් සලසනවා.ගුරු පවුරට බැදෙන්න කියා බල කිරීමක් නැහැ.කොහොමත් මේ ගුරු සංගම් නියෝජිතයා කවදාවත් කිසිමදෙයක හොදක් දකින්නෙක් නෙවෙයි. (අ)