වසංගත තත්ත්වය හේතුවෙන් රට පවතින්නේ තාමත් වැසුණු තැනකය. නිරෝධායන ඇඳිරිනීතිය යටතේ රටේ කටයුතු සීමා කරන්නට පටන්ගත්තේ මීට සති 2කට කලින්ය. ඒ තීරණයට රජය පැමිණියේ රටේ සමහරුන් කොවිඩ්-19ට තියෙන බෙහෙත ලොක්ඩවුන් කිරීම යැයි සිතන තැනට ගමන් කර තිබූ නිසාය.
මේ මොහොතේ ලෝකයේ බොහෝ රටවල් මේ වසංගතය සමග අරගල කරන්නේ සීමිත වපසරියක තමන්ගේ රටවල් විවෘත කර තබා ගනිමින්ය. ඒ කියන්නේ රටේ එදිනෙදා ආර්ථික කටයුතු පවත්වාගෙන යමින් ජනතාව යම් ආකාරයක පාලනයක සිටීමය. රට වහන්නට හඬ නගන බොහෝ අය මුව ආවරණයකින් කට වසා ගන්නට උනන්දු නොවෙන තැනකට පත්වී තිබූ නිසා අපට සිදු වුණේ සම්පූර්ණයෙන්ම රට වසා දමන්නටය. නිරෝධායන ඇඳිරිනීතියේ මීළඟ පියවර කුමක්දැයි මා දන්නේ නැත. සමහරුන් උපදෙස් දෙන්නේ රටේ අනෙක් කටයුතු පිළිබඳව කිසිම වග විභාගයක් නොමැතිව රට වසා තබා ගන්නට වීම කනගාටුවට කරුණක්ය. සැප්තැම්බර් 6 වැනිදායින් පසුව යම් ආකාරයක සීමිත විවෘත තත්ත්වයක් වෙතට රට සූදානම් කිරීම ඉතාමත් වැදගත් බව මාගේ මතයය.
කොවිඩ් වසංගතයේ තත්ත්වය පිළිබඳව අදහසක් මතු කරමින් ආරම්භ කළත් මෙවර කිවිදා දැක්මෙන් මා සාකච්ඡා කරන්නේ ඒ කාරණය ගැන නොවේ. මගේ ලිපියේ අරමුණ වන්නේ ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් විසින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගයට සම්බන්ධ කරුණු කිහිපයක් සාකච්ඡා කිරීමය.
අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති කිහිපයක් විසින් මේ වැටුප් විෂමතාව පදනම් කරගෙන වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර දැනට සති කිහිපයක් ගත වී ඇත. මේ කාරණය පිළිබඳව රජයේ අවධානය යොමු වී තිබුණේ රජය පත්වෙන්නටත් පෙර සිටමය. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණය කාලයේදීම පොදුජන පෙරමුණ මැතිවරණ ප්‍රකාශනයේ මේ ගැටලුව පිළිබඳව නිශ්චිතවම සඳහන් කර තිබූ බවය. ඒ ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දුන් සහ අනෙකුත් අපේක්ෂකයන්ට සහයෝගය ලබාදුන් ගුරු වෘත්තීය සමිති නායකයනුත් දැන් කියන්නේ ගෝඨාභයගේ මැතිවරණ ප්‍රකාශනයේ තිබූ නිසා මේ ප්‍රශ්නය විසඳිය යුතු බවක් වගේ කතාවක්ය.
උලපනේ සුමංගල හිමියන් මේ කාරණය කෙළින්ම කියූ බවත් ප්‍රවෘත්ති ප්‍රකාශවලින් පැහැදිලි විය. වෙනත් ලෙසකින් කිවහොත් උන්වහන්සේගේ අනුසාසනයෙන් පෙන්නුම් කරන්නේ “2015 ජනාධිපතිවරණයේදී සහ 2019 ජනාධිපතිවරණයේදී උන්වහන්සේලා සහාය දුන් ජනාධිපතිවරණ අපේක්ෂකයන් (මෛත්‍රීපාල සිරිසේන සහ සජිත් ප්‍රේමදාස) මේ ප්‍රශ්නය ගැන වචනයක්වත් නොකීවාට කමක්නැත. ගෝඨාභය ඒ ගැන කියා ඇති නිසා දිය යුතුය” වැනි අදහසක්ය.
ඒ අදහස කෙසේ වෙතත් මේ ගැටලුව විසඳීමට වත්මන් ආණ්ඩුව මැතිවරණයට පෙර කීවාක් මෙන්ම පියවර කිහිපයක් ගෙන ඇති බව පැවැසිය යුතුය. මෙරට ගුරු ප්‍රජාවට හැමදාම සැලකුවේ අපේ කඳවුරේ ආණ්ඩු (ශ්‍රීලනිප හෝ පොදුජන පෙරමුණේ ආණ්ඩු) බව 1994න් පසු කාලය ගැන සලකා බලද්දී පෙනී යන කාරණයක්ය. 1977න් පසු 1994 වෙනකල් පැවැති එ.ජා.ප. ආණ්ඩුවලින් අධ්‍යාපන ක්ෂේත්‍රයට සිදු වූ සේවාවක් සමස්තයක් ලෙසින් සලකන විට තිබෙන බවත් සත්‍යයක්ය. ඒ කියන්නේ, ජාතික අධ්‍යාපන ආයතනය ඇති කිරීම, ගුරු පුහුණු අධ්‍යාපන විද්‍යා පීඨ ගණනාවක් ඇති කිරීම වැනි වැදගත් පියවර ගණනාවක්ම රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන ඇමැති වශයෙන් සිටින කාලයේත් ගත් බවය. ඒ ගුරු පුහුණු ක්ෂේත්‍රය සහ විෂය මාලා සංවර්ධන ක්ෂේත්‍රය යන පැතිවලින් සිදුකළ සේවාවන්ය. එහෙත් ගුරුවරුන්ගේ වෘත්තීය පදනම වෙනුවෙන් දැනෙන සුළු වෙනසක් කළේ 1994 පත් රිචඩ් පතිරණ ඇමැතිතුමාගේ කාලයේය.
දැන් මේ දවස්වල අධ්‍යාපන ක්ෂේත්‍රයේ වෘත්තීය සමිතිවල ඉල්ලීම වන්නේ 1994 සිදුකළ ඒ වැටුප් වර්ධනයන්ගෙන් පසු කාලයේ තිබෙන වැටුප් විෂමතා සමහන් කරන ලෙසය. මේ ඉල්ලීම මූලික වශයෙන්ම ඒ ක්ෂේත්‍රයේ තිබෙන වැදගත් හා ප්‍රමුඛ ඉල්ලීමක් බව මගේත් අදහසය. මේ වැටුප් විෂමතාව පිළිබඳව ගැටලුව වත්මන් රජය තමන්ගේ ආණ්ඩුව කාලයේ විසඳන ප්‍රධාන ගැටලුවක් වශයෙන් හඳුනාගත් නිසාම එය සෞභාග්‍යයේ දැක්ම වැඩසටහනටත් ඇතුළත් කළේය. ඒ නිසා ගුරු භවතුන්ගේ මේ ගැටලුව ගැන ආණ්ඩුව ඉතාමත් හොඳින් සංවේදීය. ඇත්තටම අද වේදිකාවේ සිටින ගුරු වෘත්තීය සමිති නායකයන් අතර මුලින් ඉන්නා බොහෝ අය මේ ප්‍රශ්නය ගැන තමන් සහාය දුන් ජනාධිපති අපේක්ෂකයාගේ අවධානයවත් යොමු නොකළ බව සාමාන්‍යයෙන් පෙනී යන කාරණය යි. මා එසේ කියන්නේ ඒ අය තමන්ගේ නායකයන්ට කීවේ මොනවාදැයි අසා සිට නොව ඒ ඒ ජනාධිපති අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්‍රකාශ දෙස අවධානය යොමු කිරීමෙන්ය.
මේ හුඟක් වෘත්තීය සමිති නායකයන් පෙනී සිටින්නේ වත්මන් ආණ්ඩුව බලයට පත්වන්නට පෙර සිටම පිළිගත් සහ වත්මන් ආණ්ඩුවට සහාය දුන් බහුතර ගුරු ප්‍රජාව විසින් ඉදිරියට ගෙනා ගුරු වැටුප් විෂමතාව විසඳීමේ ගැටලුවටය. වෙනත් ලෙසකින් කිවහොත් එතුමන්ලා ගොඩ වී සිටින්නේ තමන් මේ මෙහොතේ තමන්ගේ දේශපාලන ව්‍යාපාර තුළ මතු නොකළ අනුන් මතු කළ කාරණයකටය. අනුන්ගේ වාහනවලට නැග තමන්ගේ වගේ ලකුණු දාගැනීම වෘත්තීය සමිති දේශපාලනයේ පැරැණි වමේ අය පාවිච්චි කළ උපක්‍රමයක් නොවන බව පමණක් මෙහිදී සඳන් කරනු කැමැත්තෙමි.
ගුරු භවතුන්ගේ වැටුප් විෂමතාව පිළිබඳ ගැටලුව විසඳිය යුතු බවට කිසිම සැකයක් වත්මන් රජයට නැත. විශේෂයෙන්ම මේ ගැටලුව මතු කරන ගුරු ප්‍රජාව බහුතරයක් සිටියේ පසුගිය කාලයේ වත්මන් ආණ්ඩුව මගින්වත් මේ ගැටලුවට විසඳුමක් ලබාගත හැකි යැයි බලාපොරොත්තුවෙන්ය. මේ ගැටලුවට විසඳුම් සොයන්නට ආණ්ඩුව දරන උත්සාහයෙන් පෙන්නුම් කරන්නේත් මේ ගැටලුව විසඳන්නට අවශ්‍ය බවය.
මේ වනවිට මේ ගැටලුව විසඳීම සඳහා ගත් අධ්‍යයනයන් කිහිපයක් සහ කැබිනට් තීරණයක් තිබෙන අතර ප්‍රශ්නය විසඳා ගැනීමේ දිසාවට ගත් වැදගත් පියවර කිහිපයක් ලෙසින් ඒවා සැලකිය හැකිය. සුබෝධනී කමිටුව යැයි ප්‍රචලිත වී ඇති අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්තුමියගේ මූලිකත්වයෙන් වූ කමිටුව විසින් මේ ක්ෂේත්‍රයේ විවිධ පදනම් යටතේ ගුරු සේවයට බඳවාගත් අයගේ ගැටලු සම්බන්ධ වාර්තාවක් සහ නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කර ඇත. ඒ නිර්දේශ ක්‍රියාත්මක කරන්නට යාමේදී මතුවෙන ගැටලු කිහිපයක් ද මේ වනවිට මතු වී ඇත. ඒවා අතරින් එකක් වන්නේ එම නිර්දේශ මගින් යෝජනා වී ඇති වැටුප් වර්ධක සඳහා ගණන් බලා ඇති මුදල් ප්‍රමාණය මේ තත්ත්වය තුළ කළමනාකරණය කරගැනීමේ අපහසුතාවය යි. අනෙක් කාරණය වන්නේ ඒ කමිටුව නිර්දේශ කර ඇති සමහර වෙනස්කම් කළහොත් අධ්‍යාපන පරිපාලන සේවය ද ඇතුළත් වෙනත් සේවා රාශියක ගැටලුකාරීත්වයක් මතු වීමේ විභවතාවයි. ඒ නිසා සුබෝධනී කමිටුවේ සමහර නිරීක්ෂණ මේ මොහොතේ ඉටු කිරීමේ ඉඩක් නැති බව ආණ්ඩුවේ අදහසය.
මීට අමතරව මේ ගැටලුව විසඳීම සඳහා වැටුප් කොමිසම විසින් ඉදිරිපත් කළ යෝජනා මාලාවක් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමා ඉදිරිපත් කළ යෝජනාවක් ද තිබේ. මේ සියලු යෝජනා සහ නිර්දේශ සලකා බලා නිශ්චිත තීරණයක් ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුකමිටුවක් පත් කළ අතර ඒ අනුකමිටු වාර්තාව සහ නිර්දේශවලට මේ වනවිට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. ඒ මගින් ඉතාමත් පැහැදිලි යෝජනා කිහිපයක් ඉදිරිපත් වී ඇත. එයින් එකක් වන්නේ නොවැම්බර් මාසයේ ඉදිරිපත් වන අයවැය ප්‍රකාශනයෙන් මේ ගැටලුව විසදීමේ පළල් වැඩසටහනක් ඉදිරිපත් කිරීමය. දෙවැනි කාරණය වන්නේ ඒ වෙනකල් ඉදිරි මාස 2 සඳහා (සැප්තැම්බර් සහ ඔක්තෝබර්) සෑම ගුරු භවතෙක් සඳහාම රුපියල් 5,000 මාසික ගෙවීමක් වැටුපට එකතු කිරීමය. තුන්වැනි යෝජනාව වන්නේ ගුරු සේවය ඒකාබද්ධ සේවයක් ලෙසින් පිළිගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරි සති කිහිපය තුළ ඉදිරිපත් කිරීමය.
මගේ අත්දැකීමෙන් කිව හැක්කේ මේ යෝජනා තුනම ඉතාමත් ප්‍රායෝගික සහ ඉතාමත් වැදගත් පිළිගැනීමක් මෙම ගැටලුවට සම්බන්ධ අයවලුන් වෙනුවෙන් ඉටු කිරීමක් ලෙසින්ය. වෘත්තීය සමිති නායකත්වය කුමක් කීවත් මේ ගැටලුව විසඳන්නට වත්මන් රජයට ඇත්ත වුවමනාවක් තිබෙන බව මේ යෝජනාවලින් පෙනී යන කාරණයයි. එය ධනාත්මකව පිළිගන්නා මෙන් මෙරට ගුරු ප්‍රජාව වෙතින් ඉල්ලා සිටින්නට මා මැළි වන්නේ නැත. නිශ්චිත වැඩපිළිවෙළක් යටතේ මේ ගැටලුව විසඳන්නට රජයේ මේ උත්සාහය සමග නව ආරම්භයක් ලබාගැනීමට ගුරු භවතුන් පෙරට එන්නේ නම් මේ ගැටලුව ඉදිරි වසර කිහිපය තුළ විසඳිය හැකි බව මාගේ අදහසය.
මේ රටේ අධ්‍යාපනය පිළිබඳව පළල් ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව මේ සමගම කිව යුතු අනෙක් වැදගත් කාරණයයි. අපේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් හඬ නගන වෘත්තීය සංවිධාන හෝ සිවිල් සංවිධාන ඉතාමත් අල්පය. වෘත්තීය සමිතිවල සිටින මිත්‍රයන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රයේ දක්වන්නේ බැහැර කිරීම්වාදී (Exclusive) එළඹුමක් මිස ඇතුළත්වීම්වාදී (Inclusive) මැදිහත්වීමක් නොවේ. අධ්‍යාපනයේ සිදුවිය යුතු ප්‍රතිසංස්කරණ සිදු නොවෙන තත්ත්වයක් තුළ වසර 13ක පාසල් අධ්‍යාපනයෙන් එළියට එන ශිෂ්‍යයා මේ සමාජයේ සහ වෙළෙඳපොළ පදනම් කරගත් සමාජ ක්‍රමයේ පිටගම්කාරයකු බවට පත්වෙන බව ඉතාමත් පැහැදිලිව පෙනී යන කාරණයක්ය.
මගේ මිත්‍ර ධම්ම දිසානායක වැනි වාමාංශික බුද්ධිමතුන් පවා උත්සාහ කරන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා වත්මන් සමාජ තත්ත්වයට ගැළැපෙන විද්‍යාර්ථයකු නිර්මාණය කිරීමට නොව අපේ අධ්‍යාපනයට ගැළැපෙන ආකාරයට වෙළෙඳපොළ හා ලෝක තත්ත්වය කැපීමටය. පැරැණි වමේ පක්ෂ මෙරට නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් පෙනී සිටි බවත් ඒ සමාජ ආර්ථික තත්ත්වය තුළ නිදහස් අධ්‍යාපනය යනු ඉදිරිගාමී ප්‍රතිසංස්කරණයක් බවත් සැබෑවක්ය. එහෙත් ඒ සාම්ප්‍රදායක වාමාංශය වෙතින් මතු වූ නව වාමාංශික ව්‍යාපාර වූ ජ.වි.පෙ. සහ පෙරටුගාමී වැනි කණ්ඩායම් අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ සම්බන්ධව දරන ස්ථාවරය අද ලෝකයේ සිදු වී ඇති වෙනස්කම්වලට සාපේක්ෂව තිබෙන්නේ පසුගාමී තැනක දැයි විමසා බැලීම ඉතාමත් වැදගත්ය. ජ.වි.පෙ. සහ පෙරටුගාමී වැනි දේශපාලන ව්‍යාපාර පිළිබඳව යම් සාධනීය විවේචනයක් සහිතව මා කියන්නේ මෙරට අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් ඔවුන්ගේ ව්‍යාපාරවල ස්ථාවරය වඩාත් ප්‍රායෝගික තලයක් වෙත රැගෙන ඒම ඉතාමත් අවශ්‍ය බවයි. 80 දශකයේ අධ්‍යාපන ධවල පත්‍රිකාවට විරුද්ධ වීමේ සිට වර්තමානයේ උසස් අධ්‍යාපනයේ සමහර ප්‍රතිසංස්කරණ දක්වා මේ විෂයයේදී ඒ තරුණ බලවේග පෙනී සිටි සහ පෙනී සිටින ස්ථාවරය ගැන පළල් පසුවිපරමක් අවශ්‍ය බව මාගේ අදහසයි. ඒ බලවේග නොසලකා හැර මෙරට අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ සිදුකිරීමේ ඉඩක් නැති බව ද පැවැසිය යුත්තේ සමහර අවස්ථාවල එසේ කරන්නට යාම මගින් ඇති කළ විනාශය ද බරපතළ නිසාය.
(***)
මහාචාර්ය,
චරිත හේරත්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගුරු වැටුප් ප්‍රශ්නය විපරමකට
Mahee Friday, 03 September 2021 11:39 AM
1980 ඔහොම ස්ට්‍රයික් කරල මගෙ මහප්පගෙ ජොබ් එකත් නැතිවෙල. ජේ. ආර්. එකසැරේම සෙට් එකම එලියට දාල. දැන් ආණ්ඩුවේ කොන්දක් නෑ ඒක කරන්න. කලා නං මගෙ පොඩි එකාත් ඉගෙනගන්නව. අපි දෑතෙ රස්සාවෙන් පණ ගැටගහගෙන ජීවත් වෙන මිනිස්සු. පිංපඩි කනව වැඩක් නොකර අපේ සල්ලි වලින්.
Kumari Saturday, 04 September 2021 09:15 AM
බොහෝ සත්‍ය සොයා බලා විමර්ශනය නොකර තේරුම් නොගෙන මිනිස්සු ඉන්න තවමත් සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස තිබෙන්නේ මේ නිසාය.
saminda Saturday, 04 September 2021 12:12 PM
කොහොම වුනත් අන්තිමේදී දුප්පත් මනුස්සයාගේ දරුවෝ තමයි අපහසු තත්වයට පත්වෙන්නේ.
මහීල්Sunday, 05 September 2021 01:16 PM
කියලා වැඩක් නෑ... මගේ පොඩි එකා නිකන්ම දෙකට ආවේ... සල්ලි තියෙන අයගේ ළමයි ජාත්‍යන්තර ඉස්කෝලේ. අහිංසක අපේ ළමයි අනාතයි. මුං ගුරු නෙවෙයි මරු...
chandana Saturday, 04 September 2021 04:37 PM
එම කමිටුව යනුවෙන් ඔබ හඳුන්වා දී ඇති නිලධාරිණිය ඒසේ සිදු කර ඇත්නම් එයින් අනෙකුත් තනතුරුවලට වන බලපෑම හඳුනාගැනීමට තරම්වත් පුළුල් අවබෝධයක් නොමැති, එම තනතුරටද නුසුදුසු අයෙකුය යන්න මාගේ අනුමානයයි. සමහර විට ඇය පරිපාලන ඥාණයක් නොමැති ඒ අයගේ දේශපාලනය නියෝජනය කරන්නකුද විය හැකියි. මෙතරම් අසීරුතා මධ්‍යයේ මෙවැනි ඉල්ලීම්වලට සවන් දීමට හෝ කාලය ගත කරනවා වෙනුවට මහජනතාවට ඵලදායී සේවයක් සිදු නොවන, එම වෘත්තියේ වැටුප් කප්පාදු කිරීමට හෝ සේවය හැරගියා සේ සලකා කටයුතු කිරීමට හෝ හැකියාව තිබියදී එසේ නොකිරීම අවස්ථානුකූල නැත. වෘත්තීය සමිති කුමක් කළද තම දරුවන් කෙරෙහි සැබෑ සෙනෙහසක් ඇති ගුරුවරුන්ට නම් මෙසේ කළ නොහැකියි. දැනට ගුරුවරු දෙසට ඇති දෙමව්පිය අප්‍රසන්නතාවය ඉදිරියේදී රජය දෙසට යොමු විය හැකියි. 2/3 බලයක් තිබියදීත් තම දරුවන් ප්‍රාණ ඇපයෙන් බේරාගැනීම සඳහාවත් සෘජු තීරණ නොගන්නේ යැයි අදහසින් රජයට විරුද්ධව ගුරු සංඛ්‍යාව මෙන් කිහිප ගුණයක දෙමව්පිය විරෝධය ඉදිරි මැතිවරණයකදී පිළිබිඹු විය හැකිය.
නිකුලස් Monday, 06 September 2021 08:26 AM
ඇත්තටම මේ අය නම් ගුරුවරු නෙවෙයි. මේ අය නිකං ඉඳලා ඉස්කෝලේ පඩි ගන්නවා. ටියුෂන් කරනවා. එක්කෝ මේ අයට අපේ සල්ලි වලින් පින් පඩි දීම නවතින්න ඕනෑ. පැටව් දෙන්නට මාසෙකට ටියුෂන් වලට මගෙන් රුපියල් 10000/-ක් ගන්නවා ඉස්කෝලේ ටීචලා... මෙයාට හෙණ ගහන්න ඕනෑ..