IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ගුරු වැටුප් ප්‍රශ්නයට දෙපැත්තට දැන්වත් එකඟතාවට එන්න බැරිද?

ගුරු-විදුහල්පති වැඩ වැරුම අඛණ්ඩව ඉදිරියට ඇදෙමින් තිබේ. වසර එක හමාරක් පුරා පාසල අහිමිව සිටින දූ පුතුන්ට ‘ඔන්ලයින්’ අධ්‍යාපනය ද අහිමිව තිබේ. සෞන්දර්ය විෂයයට අදාළව ප්‍රායෝගික ක්‍රියාකාරකම් නොමැති හෙයින් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට නොහැකි වී තිබේ. රටේ අනාගතය බාර ගැනීමට සිටින පරම්පරාවක් අපේක්ෂා භංගත්වයට පත්ව සිටී. මෙම ප්‍රශ්නය තවත් දුර නොයවා විසඳා ගැනීමේ අවශ්‍යතාව දැඩිව අවධාරණය විය යුතුය.

ගුරු-විදුහල්පති වැටුප් ගැටලුවට විසි හතර වසරකි. මෙම ගැටලුව විසඳිය යුතු බව රජය ද පිළිගනී. මෙම ගැටලුවට සාධාරණ විසඳුමක් නිර්මාණය කරගැනීමේ අරමුණෙන් රජය ඇමැති අනුකමිටුවක් ද පත් කළේය. මෙම ඇමැති අනුකමිටුව ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති සමග සාකච්ඡා කළේය. අනතුරුව එම කමිටුව මගින් වාර්තාවක් සකසා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය. එම ඇමැති අනුකමිටුවේ සාමාජිකයකු වන කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ මහතා මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේ, විදුහල්පති සේවයේ වැටුප් සියයට 25කින් ද ගුරු සේවයේ වැටුප් සියයට 13කින් ද ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇති බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කර දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යන ලෙස ගුරු-විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටින බවය.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේ, ගුරු-විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමට අදාළව කැබිනට් අනුමැතිය හිමි වූ නිර්දේශ සුබෝධනී කමිටු වාර්තාවේ කොටසක් ලෙස සලකා එකවර ගෙවන ලෙසත්, ඊට අදාළ චක්‍රලේඛ හා ලියකියවිලි රජය ඉදිරිපත් කරන තෙක් ගුරු-විදුහල්පති වර්ජනය අත් නොහරින බවය.

සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඤ්ඤාසේකර හිමියන් ප්‍රකාශ කර තිබුණේ, අමාත්‍ය අනුකමිටුව විසින් නිර්දේශ කර ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කරන ලද වාර්තාව අනුව ඒ වැටුප් ක්‍රමවේදය අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කර 2022 සිට හෝ ක්‍රියාත්මක කරන බව කිසිම තැනක සඳහන් නොවන බවත්, 2022 සිට හෝ ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දෙන බවවත් සඳහන් නොවන බවය. එම වාර්තාවේ සඳහන් වන්නේ ප්‍රතිපත්තියක් ලෙස එය පිළිගන්නා බව පමණක් බවය.

ගුරු-විදුහල්පති වැටුප් ගැටලුව ඉදිරිපිට සාධනීය ලක්ෂණයක් තිබේ. එනම්, මෙම ප්‍රශ්නයේදී විත්ති කූඩුවේ සිටින රජය එබඳු ගැටලුවක් තිබෙන බව පිළිගැනීම සහ එය විසඳීමට යම් උත්සාහයක් දැරීමය. එහෙත් ගුරු-විදුහල්පති වෘත්තීය සමිති සිටින්නේ ඔවුන් ආරම්භක අවස්ථාවේ සිටි ස්ථාවරයේමය. කොරෝනා මාරාන්තික වයිරසය හමුවේ පාසල් වසා තිබෙන තත්ත්වය තුළ දරුවාට ඇති එකම විකල්පය ‘ඔන්ලයින්’ අධ්‍යාපනය වේ. එය වර්ජනය කළ විට රජයට ඇතිවන පීඩනය හමුවේ තම ඉල්ලීම් ගෙඩිය පිටින්ම දීමට රජයට සිදුවනු ඇති බව ගුරු-විදුහල්පති වෘත්තීය සමිති කල්පනා කරන සෙයකි. එය වූ කලී තැටිය රත් වූ විට රොටිය පුච්චා ගැනීමේ න්‍යාය ක්‍රියාත්මක කිරීමකි. වසර විසිහතරක් මුළුල්ලේ නොවිසඳුණු ගැටලුව විසඳා ගැනීමට වෘත්තීය සමිති රජය බිත්තියටම හේත්තු කර තිබේ. එය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල ලක්ෂණයකි.

රජය පවසන්නේ, දැනට උද්ගතව ඇති ආර්ථික අවපාතය හමුවේ ඉල්ලීම්වලින් දිය හැකි සීමාවක් තිබෙන බවය. දෙසතියක් පුරා රට අගුලු ලා තිබේ. සංඛ්‍යා ලේඛනවලට අනුව එක් දිනක් රට වසා තිබීමෙන් රටට අහිමි වන මුදල රුපියල් බිලියන 15කි. අප වැනි කුඩා ආර්ථිකයක් සහිත රටකට ඔරොත්තු නොදෙන බව සහතිකය. මෙම යථාර්ථය ද වටහා ගැනීම අතිශයින්ම වැදගත්ය.

අධ්‍යාපනයට වෙන් කරන මුදල විසඳුමක් නොව ආයෝජනයකි. රටක භෞතික සංවර්ධනය කොතෙක් ඉහළට තිබුණ ද නැණවත්-ගුණවත් මානව සම්පතක් රටකට නොවේ නම් එම භෞතික සංවර්ධනයෙන් කිසිදු ප්‍රයෝජනයක් නැත. කුඩුකාරයන්ගෙන්, මංපහරන්නන්ගෙන්, ස්ත්‍රී හා ළමා දූෂිතයන්ගෙන්, පාතාල සාමාජිකයන්ගෙන්, චෞර කප්පිත්තන්ගෙන් ගහණ රටක් බිහි වුවහොත් කිසිවකුට තම පැවැත්ම සහතික කරගැනීමට නොලැබේ. එහෙයින් මානව සම්පත කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුමය.

ගුණවත්-නැණවත් මානව පරපුරක් බිහි කිරීමේ වගකීම පැවැරෙන්නේ ගුරු ප්‍රජාවටය. එහෙයින් ඔවුන්ට තෘප්තිමත් මනසකින් එම ක්‍රියාදාමයේ යෙදීමට සුදුසු පරිසරයක් තිබිය යුතු වේ. ගුරු සංගම් පවසන පරිදි, ඔවුන්ට හිමිවන්නේ ‘නාට්ටාමි කෙනකුගේ’ ආදායමටත් වඩා පහළ වැටුපක් නම් එය ඛේදවාචකයකි. එහෙයින් මෙම ගැටලුව විසඳිය යුතුය. එහෙත් පවතින තත්ත්වය එයට හිමි නිසි බරින් හඳුනාගෙන කටයුතු කිරීම ද වගකීමකි.

(***)

 



අදහස් (3)

ගුරු වැටුප් ප්‍රශ්නයට දෙපැත්තට දැන්වත් එකඟතාවට එන්න බැරිද?

එම්.එච්.රෝහණ් Thursday, 09 September 2021 07:35 AM

කතු වැකියේ ඉදිරිපත් කර ඇති ගුරු සන්ගම් වල අදහස් වාර්තා කිරීම 100%ක් නිවැරැදි නොවේ . ගුරු සන්ගම් ඉල්ලා සිටින්නේ සුබෝධනී වාර්තාව හෝ අමාත්‍ය අනුකමිටුවේ නිර්දේශ වලින් එකක් එකවර ක්‍රියාත්මකකිරීමටය. එය ද අද හෝ හෙට නොව නිස්චිත අනාගත දිනයක ලබාදෙන ලෙසත් එම කාල වකවානුව ගැසට් කරන ලෙසත් ඉල්ලා ඇත .

:       2       3

mahee Thursday, 09 September 2021 06:20 PM

ඔය මොකුත් වැඩක් නෑ. මේ ඉන්නෙ ගුරුවරු නෙවෙයි ගුරු මැරයො.

:       4       4

THILAKSaturday, 11 September 2021 09:08 PM

අනේ මෙහෙමත් දේවල අධ්‍යාපනය ඒකක සෙල්ලම් කරනව

:       1       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මැදපෙරදිග හෙල්ලුම් කෑ නසරැල්ලා ඝාතනය
2024 සැප්තැම්බර් මස 30 577 0

ලෙබනනයේ ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම්වරයා, එසේත් නැතිනම් නායකයා ෂෙයික් හසන් නසරැල්ලා ඝාතනය කිරීමට ඊශ්‍රායලය සමත් විය. 64 හැවිරිදි නසරැල


දේශපාලනයේ පෙරළිකාරයා - කළුගංතොට සිංහයා
2024 සැප්තැම්බර් මස 30 290 0

හිටපු අමාත්‍යවරයකු අභාවප්‍රාප්ත කුමාර වෙල්ගම මහතාගේ අවසන් කටයුතු අද (30) සවස මතුගම ආදාහනාගාරයේ දී සිදු කෙරේ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අලුත් දැක්මක නව යුගයක ආරම්භය
2024 සැප්තැම්බර් මස 30 99 0

නිදහසට පසු යුගය තුළ ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට සාම්ප්‍රදායික වම හෝ දකුණ හෝ බලයට එන දේශපාලනය වෙනුවට අලුත් බලවේගයක් නිර්මාණය වී තිබේ. ඉකුත


උපන්ගෙයි අවලංගු වන පුහු තර්ක
2024 සැප්තැම්බර් මස 28 4178 2

පසුගිය ජනාධිපතිවරණ සමයේදී ඉදිරිපත් වූ ඉතාමත් ප්‍රබල තර්කය වූයේ 2019 ජනාධිපතිවරණයේ දී සියට 3.16ක ඡන්ද සංඛ්‍යාවක් ලැබූ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිස


මගේ හිතේ කොනකවත් තිබුණේ නෑ
2024 සැප්තැම්බර් මස 27 12614 0

අගනුවර පුරෝගාමී කතෝලික පාඨශාලාවක් වන කොළඹ 13, ශාන්ත බෙනදික්ත විද්‍යාලයේ ‘වාර්ෂික සිංහල සාහිත්‍ය කලා උළෙල අද (27) පස්වරු 2.30 ට විද්‍යාලයීය රංග ශාලාවේදී පැවැ


මීළඟ පොරය කොයිබටද?
2024 සැප්තැම්බර් මස 27 674 0

මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38243 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 847 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 298 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site