කාව්‍යා ගැහෙන්න පටන් ගත්තේ දියෙන් ගොඩට ගත් මාලූවකු සේය. පොලිස් නිලධාරිණිය - මිස් සමාවෙලා අපට මිස්ගේ හැඳුනුම්පත දෙන්න පුළුවන්ද? ගතවූයේ නිමේෂයකි. විශ්මිතගේ ඉහමොළ රත් වී ගියේය. කරන්නට හෝ සිතන්නටවත් දෙයක් නොවීය. කළ ප‍්‍රශ්න හමුවේ විශ්මිත දාහත් හැවිරිදි පාසල් සිසුවෙකු බවට හෙළිවිය. කාව්‍යා විසිපස් හැවිරිදි ගුරුවරියක බව සනාථ විය. සියල්ල සැනෙකින් ඇවිළී යන්නට ගතවූයේ තත්පර ගණනකි. ගුරුවරුන් දෙවිවරුන් ලෙස සැලකූ යුගයක් අපට තිබුණේ එදාය. එහෙත් අද ගුරු ගෝල සබඳතා හෝටල් කාමර තුළ ලැඟුම් ගන්නට තරම් සමාජය කෙතරම් දූෂිත දැයි සිතන්නට හෝ යමක් ඉතිරී වී නැත.

වර්තමානයේ විදුහලට තම දරුවා ඇතුළත් කර ගැනීමට ලිංගික අල්ලස් ගන්නා විදුහල්පතිවරුන් අතර පාසල් ශිෂ්‍යාවන් බිල්ලට ගන්නා තිරිසන් ගරුවරුන් ගැන පුදුම වන්නට ද දෙයක් නැත. පසුගිය දිනක ළමා නිවාසයට සිරවූ දරුවන්ගේ ලෝකය තුළින් මුණ ගැසුණු චරිතයක් පිළිබඳ ඔබට සටහන් තැබුවේ තිරිසන් ගුරුවරුන් දෙදෙනෙකුගේ ග‍්‍රහණයට හසුවූ දියණියක් පිළිබඳවය.
එම ලිපිය පළවීමත් සමඟ එවැනිම යම්යම් සිදුවීම් කිහිපයකට මුහුණ දුන් දියණියන් කිහිප දෙනෙකු කාර්යාල දුරකථනය අමතමින් හෙළි කළේ කිසිවෙකුටත් එම සිදුවීම් හෙළි කිරීමට තරම් ආත්ම ශක්තියක් ඔවුන් තුළ නොමැති නිසාය. ඒ දියණියන් පසුවුණේ සාමාන්‍ය පෙළ වයස් කාණ්ඩවල, අද මේ වයස් කාණ්ඩ තුළ උපකාරක පන්ති අත්‍යවශ්‍ය දෙයක් බවට පත් වෙලා තියෙනවා. ඒ දේවල් වලින් මිදෙන්න බැහැ. නමුත් ගුරුවරුන් අතර මානසික අසහනයන් තිබෙන ගුරුවරු මේ මල් කැකුළු බිලි ගන්න ප‍්‍රවණතාවය දිනෙන් දින වැඩි වෙලා තිබෙනවා. මව්පියන්ගේ විශේෂ අවධානයක්, ආරක්‍ෂාවක්, දරුවාට යොමු කරනවානම් සමාජය තුළ මෙවැනි සිදුවීම් නොඇසෙන්නට තිබුණා.

ලෝකය හරිම සුන්දර විදිහට යම්යම් දේවල් මවනවා. ඒ මවන සුන්දර ලෝකය ඇතුළේ බලන්න කොයි තරම් අසුන්දර දේවල් ලියවෙනවද කියලා. මේ සිදුවීම සිද්ධ වෙන්නේ පසුගිය වසරේ අවසාන භාගයේදී. ඒ වෙන කොට විශ්මිත සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක්. ඔය අතරතුර විශ්මිතට අවස්ථාව ලැබෙනවා ප‍්‍රධාන පෙළේ පාසලකට ඇතුළත් වෙන්න. මේ පාසල් මාරුවත් එක්ක විශ්මිත ජීවිතේ අලූත්ම වෙනසකට මුලපුරනවා. මේ කියන අවනඩුවත් නිර්මාණය වෙන්නේ වෙනසට මුලපුරන අලූත් පාසලෙන්මයි. විශ්මිතගේ මාපියෝ තමන්ගේ දරුවා ප‍්‍රධාන පෙළේ පාසලකට ඇතුළත් කර ගැනීමට ලැබීම ගැන පසුවුණේ දැඩි සතුටකින්. ඒත් ඒ සතුටට ආයුෂ තිබුණේ බොහොම ටික කාලයයි.
විශ්මිතට උරුම වුණේ නෙත් ආකර්ෂණය කරගන්නා රුවක්. මේ රූපයත් එක්ක ගැහැනු ළමයින්ගේ ආකර්ෂණය විශ්මිතට අමුත්තක් වුණේ නැහැ. විශ්මිතගේ රූපය වගේම දක්‍ෂතාවයත් නිසාම පාසල තුළ ඔහුට විශාල ප‍්‍රමුඛස්ථානයක් ලැබුණා. වයසට වඩා හැඩි දැඩි වුණ ශරීරය, රූපය විශ්මිතට ගෙන දුන්නේ හොලිවුඞ් නළුවෙකුගේ රූප සෝබාවක්. මේ දේවල් සමඟ එක්තරා අවස්ථාවකදී විශ්මිතට පාසලේ අවුරුදු කුමරා ලෙස කිරුළු පලදින්නටත් අවස්ථාව උදාවෙනවා.
කාලය බොහොම සීරු මාරුවට ගත වෙනවා. මෙය අතරතුර පාසලේ වාර්ෂිකව පවත්වන උත්සවයකට විශ්මිතට මුහුණ දීමට සිදුවෙන්නේ ආගන්තුකයෙකු විදිහට. මන්ද ඔහු පාසලට පැමිණි පළමු වසර නිසා. නමුත් ඒ යම්යම් අවස්ථාවන් තුළ විශ්මිතගේ කැපී පෙනෙන දක්‍ෂතාවයන් නිසා මේ උත්සවය තුළ ඔහු කැපී පෙනෙන චරිතයක් වෙනවා. කාව්‍යා සහ විශ්මිත ගුරුගෝල සබඳතාව වඩාත් කිට්ටු සබඳතාවකට පත්වන්නේ මෙම උත්සවයේ පෙර පුහුණුවීම් කටයුතුත් එක්ක.
කාව්‍යා ගුරු වෘත්තියට පැමිණෙන්නේ මීට වසර තුනකට ඉහතදී. ඒ එක්තරා පීඨයක අධ්‍යාපනය ලද පුහුණු ගුරුවරියක් විදිහට. කාව්‍යා කියන්නේ විසිපස් හැවිරිදි තරුණියක්. ඇගේ පෙනුම සහ සාමාන්‍ය පෙළ සිසුන් උසස් පෙළ සිසුන් අතර වෙනස තිබුණේ කාව්‍යගේ ඔසරියේ විතරයි. ඇඳුමේ වෙනස නොතිබුණානම් ඇයටත් හිමිවුණේ පාසල් ශිෂ්‍යාවකගේ පෙනුමකි. මේ දේවල් එක්ක කාව්‍යට උසස් පෙළ, සාමාන්‍ය පෙළ පන්තිවල සිසුන් යම්යම් අවස්ථාවදී විහිළු තහලූ කළේ ගුරුවරයා සහ ශිෂ්‍යයා කියන සීමාවට එහා ගිහින්. තරුණ ගුරුවරියන් ගුරුවරුන් ඉන්න බොහෝ පාසල් තුළ මෙවැනි සිදුවීම් සාමාන්‍යයි. එහෙත් මේ තුළ බරපතළ තත්ත්වයක් නැහැ කියලා මොනම අවස්ථාවකදි වත් අපට කියන්න බැහැ. ඉතාම විනාශකාරී අවස්ථාවත් තියෙනවා. විශ්මිතගේ මේ අවනඩුව ලියවෙන්නෙත් මේ විනාශකාරී අවස්ථා ඇතුළත සිදුවුණු තවත් එක සිදුවීමක් ලෙස පමණයි.
විශ්මිතටත් පාසල් සමයේ දැනෙන ආදරේ ඒ හැඟීම දැනුණා. ඒත් ඒක සාමාන්‍ය ආදරයක් වුණේ නැහැ. ඒ ආදරේ අසාමාන්‍ය වුණේ හරි පුදුම විදිහට.
‘‘කාව්‍යා මිස් එක්ක මගේ ලොකු හිතවත්කමක් ඇති වුණේ ඉස්කෝලේ තිබුණු උත්සවයකදී. එ් වෙද්දි මම පාසලට ගිහින් ලොකු කාලයක් නැහැ. අපේ ඉස්කෝලේට අලූතෙන් ගුරුපත්වීම් අරගෙන ආපු ගුරුවරු අතර කාව්‍යා මිස් ගොඩක් හොඳයි. ඒ වගේමයි කාව්‍යා මිස් හරිම ලස්සනයි. අපේ ක්ලාස්වලට උගන්වන්න එන වෙලාවට පන්තියේ පිරිමි ළමයි කාව්‍යා මිස්ට නිතර විහිළු කළා. මුල ඉඳලම කාව්‍යා මිස්ගේ මොකක්දෝ වෙනසක් මට දැනුණා. මිස් මං දිහා බලන විදිහ, මට කතා කරන විදිහ අනෙක් මගේ යාළුවෝ එක්ක බලද්දි ලොකු වෙනසක් දැනුණා. මිස් සාරිය ඇන්ඳම බඩ පේනවා කියලා මගේ යාළුවෝ විහිළු කරන කොට මට හරියට තරහ ගියා. ඒ දේවල් එක්ක පන්තියේ යාළුවෝ කාව්‍යා මිස්ගේ නම කියලා මට හිනා වෙන්න ගත්තා. ඒත් ඒ වෙනකොට කාව්‍යා මිස් මාත් එක්ක ලොකුවට කථාබහ කරලා තිබුණේ නැහැ. දවසක්.....
එදා පාසලේ පුහුණුවීම් කටයුතුවලට සවස් කාලයේ පාසලේ නතර වෙන්න වුණා. එදා කාව්‍යා මිසුත් හිටියා. අපි එදා හිතේ හැටියට කථා කළා. මිස් මට එයාගේ ෆෝන් නම්බර් එකත් දුන්නා. එදා ගෙදර ආවට පස්සේ මට පිස්සු වගේ. මොනවද මම මේ කරන්නේ මොනවද මට මේ වෙන්නේ කියලා මට හිතාගන්න බැරි වුණා. කාව්‍යා මිස් නිතරම මට මැසේජ් කළා. මම ඒවට ප‍්‍රතිඋත්තර දුන්නා. මම ගැන නිතරම සොයන්න ගත්තා. මිස් මට එවපු සමහර මැසේජ්වලින් මේ මොනවද වෙන්න යන්නේ කියලා හිතා ගන්න බැරි වුණා.
‘‘මාව වෙන කෙනෙකුට අයිති වේවි කියලා බයයිලූ. මිස් සතුටෙන් ඉන්නේ මම නිසාලූ. මගේ පුංචි වෙනසක් වුණත් කාව්‍යා මිස්ට දරාගන්න බැරි වේවිලූ. මේ වගේ ගොඩක් දේවල් අපි දෙන්නා කථා කළා. ටිකෙන් ටික මගේ හිතත් කාව්‍යා මිස්ට ආදරේ කරන්න පටන් අරන් කියලා දැණුනා.’’
ඊට පස්සේ මොකද වුණේ?
මට කාව්‍යා මිස් ගොඩක් වියදම් කළා. මට ඕන දේවල් ගන්න කියලා සල්ලි දුන්නා. මම ආස කරන දේවල් අරන් දුන්නා. අපි නිවාඩු දවසට මුණ ගැසුණා. ඒත් ඉස්කෝලේ ගියාම මේ සිදුවීම් එක්ක මම ගොඩක් මානසිකව විඳෙව්වා. කාව්‍යා, මිස් වුණේ පාසලේදී විතරයි. පිටදී මම කතා කළේ කාව්‍යා කියලා. කාව්‍යා මිස් අපේ ගෙදරත් නිතර ආවා ගියා. ගෙදරින් නම් කොහොමටවත් සැක කළේ නැහැ. ඇය මගේ ගුරුවරිය නිසා. මට ගෙදරින් යන්න නොදෙන දේවල්වලට පවා අවසර අරන් දුන්නේ කාව්‍යා මිස්...
ජීවිත ඇතුළේ අපි නොසිතන කොයිතරම් නම් පැතිකඩවල් තියෙනවද? එදා ගුරුවරියන් ශිෂ්‍යන්ට ආදරේ කළා. ඒ ආදරය ඇතුළේ තිබුණේ දරු සෙනෙහස. ඒත් අද ගුරුවරිය පාසල් ශිෂ්‍යාගේ පේ‍්‍රමවන්තිය වෙලා. සමහර ගුරුවරියෝ පාසලට එන්නේ විලාසිතා සංදර්ශණයකට යනවා වගේ. එදා වගේ මුළු ගැන්විච්ච දරුවෝ අද නැහැ. මේ දේවල් ඒ මනස දකින කොට පාසල් ශිෂ්‍යා කියලා නැහැ, මනස අනවශ්‍ය දේවල්වලට හිත යොමු වෙනවා. තරුණ ළමයින්ගේ හිත්වලට දැනෙන ආකල්ප හැඟීම්වලට කෙනෙකුට දෝෂාරෝපණයක් කරන්න බැහැ. මේ සිදුවීම ඇතුළේ විශ්මිත නිවැරදිකරුවෙක් විදිහට දකින්නේ නැහැ. එහෙත් විශ්මිත ඒ තත්ත්වයට පත්කළේ ගුරුවරියක් වුණු කාව්‍යා කියන එක විශ්මිතගේ කථාව ඇතුළේ පැහැදිලිව දකින්න පුළුවන් දෙයක්. මේ ඉරහඳ යට ඔබ මා නොදන්නා බොහෝ දේවල් තියෙනවා. ඒ අතරින් සමහර දේවල් තියෙනවා අපි ජීවතේ කවරදාවත් අහන්නට හෝ දකින්නටවත් බලාපොරොත්තු නොවුණ සිදුවීම්. අපි මේ කථා කරන සමහර දේවල් සදාචාරසම්පන්න නැති වෙන්න පුළුවන්.
නමුත් සිදු නොවිය යුතු දේවල් විය යුතු දේවල් බවට පත් වෙද්දි, මේ දරුවන්ගේ බය, සැක, දුරුවෙද්දි, රටේ අනාගතය මේ විදිහට බිල්ලට ගනිද්දි, යොවුන් ජීවිත විනාශ වෙද්දි, සදාචාරය කියන දේ වළපල්ලට යද්දි ඔබ අප බලාපොරොත්තු නොවන දේවල් කථා කරන්නට සමහර අවස්ථාවලදී සිදු වෙනවා. විශ්මිතගේ කථාවත් ලියවෙන්නේ ඒ විදිහට. විශ්මිතගෙත්, කාව්‍යාගෙත් මේ පේ‍්‍රම සම්බන්ධය දවසින් දවස මෝරන්න පටන් ගත්තා. සතියේ නිවාඩු දින දෙක තුළ බොහෝ අවස්ථාවලදී මොවුන් දෙපළ පෙම් සුව වින්දේ නගරයේ ලැඟුම් හල් තුළ. යම්යම් අවස්ථා තුළ විශ්මිතට මුහුණ දීමට සිදුවූ සිදුවීම් සමඟ විශ්මිත මානසික අසහනයකට පවා ලක්වුණා. විශ්මිතගේ මේ වෙනස් වීම් මව්පියන්ට සමහර අවස්ථා වලදී දැනුණත් විභාගයට පාඩම් කරන නිසා මානසික අසහනයකට ලක්වී ඇතැයි ඔවුන් විශ්වාස කළා. ඊට වෛද්‍ය ප‍්‍රතිකාර පවා ලබා දීමට මව්පියන් උත්සාහ කළ අවස්ථා බොහෝයි.
එහෙත් මෙම මානසික පීඩනය පේ‍්‍රම සම්බන්ධය මත බලපෑ දෙයක් බවට හෙළි වුණේ මේ සියල්ල හෙළිවීමෙන් පසුව.
සුපුරුදු විදිහට පෙම් සුව විදින්න ලැඟුම් හලට ගිය විශ්මිතටත් කාව්‍යටත් අවාසනාවන්ත ඉරණමකට මුහුණ දීමට සිදු වුයේ ඔවුන් නොසිතූ වෙලාවක එදින නගරයේ ලැඟුම් හල් තුළ කළ පොලිස් වැටලීමකදී විශ්මිත සහ කාව්‍යා අත්අඩංගුවට පත් වෙන්නේ, සත්‍ය හෙළිදරව් වීමත් සමඟ නෙවෙයි ඒ අවස්ථාවේදී කාව්‍යාගේ හැසිරීම්වල තිබූ සැකසහිත බව නිසා. එහෙත් සියල්ල හෙළි වෙද්දී ඔවුන්ගේ ජීවිත විනාශ වී හමාරයි.
‘‘පාසල් සිසුවෙක් ගුරුවරිය සමඟ ලැඟුම් හලක ඉඳලා අහුවෙලා ආරංචි වුණ කසුකුසුවක් සමඟ විශ්මිතගේ අම්මයි තාත්තයි සමාජය ගැන හිතලා පුදුම වුණා. ඒත් ඒ අවාසනාවන්ත මව්පියන් ඒ දෙපල ඒ දෙන්නා කියලා හීනෙන්වත් හිතුවේ නැහැ.’’
පොලීසිය ගෙදරට ඇවිල්ලා ඒ පාසල් සිසුවා විශ්මිත කියලා කියනකොට ඒ අම්මගේ හදවතේ දැනෙන වේදනාව වචන වලට පෙරළන්න බැහැ.
නම් ගම් මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතා කියවනකොට අපිට අපේ ළමයි ගැනත් බය හිතෙනවා (නි)
මේක එච්චර ලොකු ප්‍රස්නයක් නෙවෙයි මොකද දෙන්නම අවිවාහකය හින්දා දෙන්නටම ඔය හැගීම් එනවා මේක අනියම් සම්බන්ද තාවයක් නෙවෙයි දෙන්නගේ වයස් පරතරය අවුරුදු 8 ඔයිට වැඩිය දෙන්න අතර පරතරය තියන ය කොච්චර විවාහ වෙනවද මම ඔය දපලට නීතියෙන් ඉක්මනට එකතු වෙන්න ලැබේවි පතනවා(කෞ)
මේ වගේ දේවල් දැන් වෙන එක අහන්නත් දෙයක් නෙමෙයි.(හේ)
මේක මහ ලොකු දෙයක් කර ගන්න හොඳ නෑ.(හේ)
මේ වගේ සිද්ධි දැන් කොච්චර වෙනවාද?(හේ)
කාව්‍ය සමාජයේ තියෙන වල කතා බලා ඒවා අත්හදා බලන්න යන්න ඇති . ඔය දේවල් මේ සමාජයේ හැමතැනම තියෙනවා ඔය එකක් විතරයි (ම)
අපේ අම්මගේ ආච්චි විවාහ වෙලා තියෙන්නේ වයස 14 දි. ඒ සීයාගේ වයස 17යිලු. තව සිද්ධියක්, සීයට වයස 15 යි, ඒ ආච්චිට 17යි. ඒ අය පෙම්කරලා බැන්දද, යෝජිත විවාහයක්ද, පවුලක් නඩත්තු කළ හැකි නිසාද, වැස්සෙට එක්වුනාද දන්නේ නැහැ. කොහොම වුනත් අද අපි මේ කතාකරන සංස්කෘතිය ඇරඹුනේ සුද්ද පනවපු වයස් සීමාවන් නිසා කියලයි මම නම් හිතන්නේ. තව දෙයක් අපේ අම්මගේ ආච්චිට දරුවෝ 14 දෙනෙක්. ඒ නෑ කම්වල ප්‍රතිඵලයක් ලෙස මට වඩා වසර දෙකකින් වැඩිමහලු සීයකෙනෙක් හා මට වඩා වසර 13ක් බාල නැන්ද කෙනෙක් මට ඉන්නවා. (බ)
මොනවා කළත් අනුමත කරන අපේ සමාජයේ ඕවා එච්චර දේවල් නෙමෙයි (නි)
මෙහි සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ පැත්ත ගැන සිතා බලන්න. අද ලංකාවේ පිරිමි ගුරුවරුන් කී දෙනෙක් තම සිසුවියන් හා විවාහ වී යහපත් ජීවිතයක් ගතකරනවා ඇත්ද. නමුත් ඉහත ලිපිය අනුව ලංකාවේ ඇති සමාජ සම්ප්‍රදාය අනුව ඔවුන් අතරමන් වී ඇත. මේ අය අප වෙසෙන රටක හිටියනම් සෞභාග්‍යමත් පවුල් ජීවිතයක් ආදරයෙන් ගත කරනු ඇත. (බ)
මාත් මුලින්ම ගුරු පත්වීම අරන් අවේ අගනුවර පාසලකට ඇත්තටම ලොකු පන්ති වලට උගන්නන ගියාම ගුරුවරු උන අපිටත් යම් අපහසුතා ඇති වෙලා තියනවා.මොකද ලොකු පන්ති වල දරුවන් ගුරුවරිය තරුණ ලස්සනනම් විහිලු කරනවා.(බ)
මටත් මෙහෙම කතාවක් තිබුණා (නි)
හොඳම දේ මේක කාලයට විසඳීමට දීමයි. (නි)
අනේ මන්දා හිතාගන්නවත් බැහැ අද කාලේ සිද්ධවෙන දේවල් (නි)
දෙදෙනෙකුට ආදරයෙන් බැඳෙන්න වයස වැදගත්ද? මේ ප්‍රශ්නයේදි, ලොකුම ගැටළුව තමා තරුණිය වයස 25ක් වූ වැඩිහිටියෙකු වීමත්, තරුණයා අවුරුදු 17ක් වෙන නව යොවුන් තරුණයෙකු වීමත්ය. යම්හෙයකින් තරුණයාත් 18 සම්පූර්ණව හිටියා නම්, නීතිමය පැත්තෙන් කිසිවක් කළ නොහැකිය. (නි)
අනේ හැබෑට මෙහෙමත් දේවල්! (නි)
ලියොන්, ඔබගේ අදහස් වලට ගරුකරමි. (නි)
තරුණ තරුණියන් මෙවැනි දේවලින් ආරක්ෂා කරගැනීම සංස්කෘතික අවශ්‍යතාවයක්. ඒවගේම, අනපේක්ෂිත ගර්භනී තත්වයන් හෝ ලිංගාශ්‍රිත රෝග බෝවීමක් ඇති නොවෙන සේ වගබලා ගැනීමට තරුණ තරුණියන් දැනුවත් කිරීම සෞඛ්‍යමය මෙන්ම සමාජමය වගකීමක්. දැනට සෞඛ්‍ය අමාත්‍යංශය පවා ජාතික වශයෙන් එම දැනුවත් කිරීම සිදුකරමින් සිටිනවා. (නි)
දැන් පවතින සමාජීය රටාවේ හා සංකීර්ණ ,පීඩාකාරී අධ්‍යාපන ක්‍රමයේ අතුරු ප්‍රතිඵලයක්. අපට බැහැර කළනොහැකි නව විද්‍යුත් තාක්ෂණය, නියාමනය කිරීමට අසීරු අන්තර්ජාලය ,සමාජ වෙබ් අඩවි,නව ඇමරිකානුවාදී සංස්කෘතිය ( අවු 10 සිට අවු-70) මනස වැඩුණු මිනිස් වර්ගයාටම භාවිත කිරීමේ හැකියාව ඇත. දියුණු බටහිර සහ පෙරදිග රටවල මෙන්ම අපට වඩා සමාන්තර රටවල හා ගෝත්‍රික නොදියුණු අප්‍රිකානු රටවල පවා මෙවැනි දේ සිදුවෙනවා.මේවා නීති මඟින්ද වැළැක්වීමට අසීරුයි. විශේෂයෙන් අප රට වැනි නිදහස් මතවාද වලට ඉඩ ඇති රටක උසස් පෙළ පන්ති සඳහා අවු 35 න් ඉහළ ගුරුමහතුන් ,ගුරුවරියන් අනුයුක්ත කරනවා නම් යම් තරමකට මෙවැනි සිදුවීම් වළකාගත හැකියි. (නි)
ඔවුන් දෙන්නටම තව ජීවත්වෙන්න ලොකු කාලයක් තිබෙනවා. නිකම් සිල් රෙදි පෙරවාගෙන බොරුවට කෑගහන්නේ නැතුව ඒ දෙන්නවම මානසික උපදේශනයට යොමුකරලා සිසුවා අධ්‍යාපනයටත්, කාන්තාව සාමාන්‍ය ජීවිතයටත් යොමුකර මේ ප්‍රශ්න අවසන් කරන්න පුළුවන්. ඉදිරි වසර කීපයක අනාගතයේදී ඔවුන් දෙදෙනාම වෙනත් අය සමග හෝ විවාහවෙලා හොඳින් ජීවත්වෙනු ඇත. (නි)
මෙවැනි සිද්ධි ගුරු සිසුන් අතර සිදුවීම වැළැක්වීම සඳහා ගුරු සේවයට එන අයට ගුරු ගෞරවය රැකෙන ලෙසට දැඩි නීති පැනවීම අවශ්‍යය. ගුරුවරියන් තම අගපසඟ ප්‍රදර්ශනය වන සේ පාසලට නොඑන ලෙස නීති පැනවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති බව දැනගැනීම සතුටට කරුණකි (නි)
මේ කතාව කියවනකොට මගේ අතීතය මතක් වුණා ගාල්ලේ උසස් විදුහලක මම ඉගෙන ගන්න කාලේදී ලස්සන ගුරුවරියක් අපිට බෝට්නි ගුරුවරිය හැටියට අලුතින් පැමිණියාය. එතකොටත් විවාහක කෙනෙක්. මගේ ළඟ එක පේලියේ උන් මගේ සගයට මේ ගුරුතුමිය ගැන සිතක් ඇති වුණා. ඔහු මට ඇඩ්වාන්ස් ලෙවෙල් විභාගයට කලින් ඇය දැලේ දමාගත යුතු බව කියා අදාල විදියට ඉඟි බිඟි පටන්ගත්තා. මම ඔහුට සහය වුණා. ප්‍රතිපලය උනේ අපි දෙන්නම පන්තියෙන් එලියට එලවලා දැමීම. (ර)
සමාජ පරිහානිය එන්න එන්නම වැඩිවෙලා ගිහින් කවදා කොතනද නවතින්නේ? එතකොට ඉතින් පවුල් සංස්ථාව, යහපත් ආදර සබඳතා, විශ්වාසය, කරුණාව වැනි දේවල් නිකන්ම නිකන් අතීතයේ නටඹුන් වූ සංකල්ප බවට පත්වෙලා තිබේවි. මේ නූතන වනචාරී යුගයේ ඇරඹුමයි!!!! (නි)
මේ වගේම සිදුවීමක් වුණා වසර කීපයකට කලින් වත්තල ප්‍රදේශයේ. හරිම ඛේදජනක දෙයක්. ඒත් සමාජය දැන් හරිම වෙනස්. අපේ අය කෙටිකාලීන සතුට සොයනවා. දිගු කාලයක් දුක්වෙනවා. විඳවනවා. (නි)