IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


ගාලු වෙසක් කලාපයේ ඉතිරිය පොලිතින් ටොන් ගණනක්

 

 

(සිරංගිකා ලොකුකරවිට)

 

ගාල්ල නගරය වෙසක් කලාපයක් බවට පත් කිරීමට දකුණු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ නියමය පරිදි ගාල්ලේ පාසල් වලින් එකතු කරන ලද කුඩු දහස් ගණනකට පොලිතින් කවර යෙදීමෙන් මහත් පරිසර විනාශයක් සිදුව ඇතැයි පරිසරවේදිහු චෝදනා කරති.

 

ආණ්ඩුකාර කාර්යාලයෙන් නගරයේ පාසල් වලට දන්වා ඇත්තේ ගාල්ලේ මාර්ග දෙපස වෙසක් කුඩු වලින් සැරසීම සඳහා පාසල් වලින් වෙසක් කුඩු සැපයිය යුතු බවයි. මේ සඳහා එක් එක් පාසල් වලට විවිධ සංඛ්‍යා වලින් වෙසක් කුඩු සැපයීමට නියෝග ලබාදී තිබුණි.

 

එම සංඛ්‍යාව එක් පාසලකට කූඩු 200 සිට 1000 දක්වා ප්‍රමාණ වලින් යුක්ත වූ බව විදුහල් ආරංචි මාර්ග පවසයි.  ගාල්ල හපුගල මහා විද්‍යාලයෙන් කූඩු 200ක් ශ්‍රී හෘදය කන්‍යාරාමයෙන් කූඩු 700ක් රිච්මන්ඩ්, සවුත්ලන්ඩ් සංඝමිත්ත, මහින්ද, ජනාධිපති බාලිකා යන විද්‍යාල වලින් කූඩු 1000 බැගින් ආදී ලෙස ගාල්ල නගරයෙන් පමණක් නොව අවට පාසල් වලින්ද එලෙස කූඩු එකතු කර ඇති බැවින් අවම වශයෙන් කූඩු 10000කට වැඩි ප්‍රමාණයක් ගාල්ල වෙසක් කලාපයේ එල්ලා තබන්නට ඇති බව පරිසරවේදීහු පවසති.

 

ආණ්ඩුකාර කාර්යාලය මගින් පාසල් වලට දන්වා තිබුණේ මේ සෑම කූඩුවක්ම අඟල් අටයි අට ප්‍රමාණයේ අටපට්ටම් කූඩුවක් විය යුතු බවයි. එම කූඩු සුදු කොළ අලවා එක් කූඩුවකට අඩි පහමාරක් දිගැති අවර්ණ පොලිතීන් කවරයක් දමා එවන ලෙසද දැනුම් දී තිබිණි.

 

එමෙන්ම ගාල්ල නගරයේ රජයේ කාර්යාල වලටද මෙවැනිම නියෝගයක් ලබාදී තිබූ බවද දැනගන්නට ඇත. ආණ්ඩුකාර කාර්යාලය මගින් නම් කරන ලද මාර්ගයන්හි කූඩු එල්ලීමේ කටයුතු නාවික හමුදාව ඇතුළු රාජ්‍ය ආයතන වෙත බෙදා දී තිබුණි.

 

මේ කාර්යයේ නිරතවු රාජ්‍ය රාජ්‍ය සේවකයන් අප සමඟ පවසා සිටියේ මාර්ග දෙපස එල්ලීමට අවශ්‍ය ප්‍රමාණයට වඩා අධික ප්‍රමාණ වලින් කූඩු ලැබී තිබුණු බවයි. කෙසේ වෙතත් ගාල්ලේ මාර්ග දෙපස මේ කූඩු ඉතා ආසන්නයෙන් එල්ලා තිබෙනු දක්නට ලැබිණි.

 

ගාල්ල මහින්ද විද්‍යාලයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ තම විද්‍යාලයේ දරුවන්ට පොලිතීන් පාසලට ගෙන ඒම තහනම් කර ඇති බැවින් ආණ්ඩුකාරවර කාර්යාලයෙන් පොලිතීන් ලබා දෙන්නැයි නියොග කර තිබුණ ද තම විද්‍යාලයේ සිසුන්ට වැරදි පූර්වාදර්ශයක් දිය නොහැකි බැවින් කූඩු සමඟ පොලිතීන් උර ලබා නොදුන් බවයි. තවත් සමහර පාසල් ද කූඩු සමඟ පොලිතීන් උරය අනිවාර්ය කර නොතිබූ බව දැනගන්නට ඇතත් පොලිතීන් නොමැතිව ලැබුණු කූඩු වලටද පොලිතීන් උර දමා එල්ලීමට කටයුතු කර තිබෙණු දක්නට ලැබුණි.

 

ගාල්ල නගරයේ වෙසක් කූඩු අලෙවි කරන ස්ථානයන්හි ප්ලාස්ටික් රාමු සහිත මෙම පරිමාණයේ කූඩුවක් රුපියල් 350 - 600ත් අතර මිලකට අලෙවි කෙරිණි. ගාල්ලේ ව්‍යාපාරිකයන් පවසන්නේ ආණ්ඩුකාර කාර්යාලයේ වෙසක් කළාපය හේතුවෙන් ප්ලාස්ටික් කූඩු 5000කට අධික ප්‍රමාණයක් විකුණා ගැනීමට හැකිවූ බවයි.

 

මේ පිළිබඳව අවධානය යොමු කර තිබූ ජෛව විවිධත්ව අධ්‍යාපන හා ගවේෂණ සංගමය (BEES) පවසන්නේ වෙසක් කළාපයට ගෙන එන ලද කූඩු වලට පොලිතීන් උර දැමීම හේතුවෙන් අවම වශයෙන් අඩි 60000ක පමණ දිග පොලිතීන් තොගයක් ගාල්ල නගරයට අපද්‍රව්‍ය ලෙස එකතු වී ඇති බවයි.

 

එමෙන්ම මෙම පොලිතීන් දිරා නොයන පොලිතීන් බවත් ඒවා ප්‍රතිචක්‍රීකරණය කිරීමේ කිසිදු වැඩපිළිවෙලක් රජයට නොමැති බවත් එම සංගමය චෝදනා කරයි. මෙම කූඩු අතර කිසිසේත්ම දිරා නොයන ප්ලාස්ටික් රාමු සහිත කූඩු දහස් ගණනක්ද තිබෙන බැවින් ඒවාද දැඩි පරිසර තර්ජනයක් වන බව එම සංගමයේ සභාපති ක්‍රිෂාන් වේවැල්වල මහතා ප්‍රකාශ කර සිටියේ ය.

 

ඔහු තවදුරටත් මෙසේ ද කීවේය,

 

"ආගමික උත්සව පැවැත්වීම සහ සංස්කෘතික කටයුතු ඉටුකිරීම සම්බන්ධව අපේ කිසිම විරෝධයක් නැහැ. නමුත් උත්සව වලට යැයි කියමින් මේ ආකාරයෙන් පරිසරයට හානිකර දේවල් එකතු කිරීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ. ජනාධිපතිතුමා ප්‍රමුඛ වත්මන් රජය පොලිතීන් භාවිතය තහනම් කරමින් ඉතාමත් කාලෝචිත ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා යැයි අප සිතා සිටියා. නමුත් ජනාධිපතිවරයාගේ දකුණේ නියෝජිතයා වූ ආණ්ඩුකාරවරයාගේ කාර්යාලයෙන් මේ වගේ පරිසරයට හානිකර දෙයක් කිරීම පිළිකුල් සහගතයි. පාසල් දරුවන් පොලිතීන් වලින් ඈත් කළ යුතු යුගයකදී ආණ්ඩුකාර කාර්යාලයේ නියෝගයකින් ගාල්ලේ අධ්‍යාපන බලධාරීන් දරුවන්ට නියෝග කරනවා වෙසක් කූඩුත් එක්ක පොලිතීන් අරන් එන්න කියලා. මේක අපි තරයේ හෙළා දකිනවා.

 

වෙසක් පෝයට කලින් දිනයේ ගාල්ලේ සියලුම කඩවල පොලිතීන් ඉවර වුණා. දැන් ඒ ඔක්කොම පොලිතීන් මහපාරේ, පොලිතීන් ටොන් ගණනක් මහපාරේ එකතු වෙලා. ආණ්ඩුකාර කාර්යාලයත් දිස්ත්‍රික්කයේ අධ්‍යාපන බලධාරීන් එකතු වෙලා මේ වගේ පරිසර විනාශයක් සිදු කිරීම ගැන වහාම පරීක්ෂණයක් කරන්න කියා අපි රජයෙන් ඉල්ලා සිටිනවා. ගාල්ලේ නගර සභාවට පොලිතීන් බැහැර කිරීමේ කිසිම පරිසර හිතකාමී ක්‍රම‍වේදයක් නැහැ.

 

ඔවුන් කරන්නේ පොලිතීන් එකතු කරලා වැකුණුගොඩ කුණු කන්දට හරි මොන්රෝවියා වත්තට හරි ගෙනිහිල්ලා දාන එකයි. ඒ තැන් වලත් පරිසර ගැටලු උග්‍ර වෙමිනුයි තියෙන්නේ. අපි ජනාධිපතිතුමා ඇතුළු රජයේ බලධාරීන්ට මේගැන ලිඛිතව දැනුම් දුන්නා. මේ පොලිතීන් ප්‍රතිචක්‍රීකරණය කරන්න නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කරන්න කියලා. ඉදිරියේදි පවත්වන මෙවැනි උත්සව වලදී පොලිතීන් හා ප්ලාස්ටික් එකතු වෙනවා නම් ඒවා පරිසර හිතකාමීව ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැඩපිළිවෙලකුත් ඒ සමගම ක්‍රියාත්මක කරන්න කියලා අපි අවධාරණය කරනවා. ගාල්ලේ පරිපාලන බලධාරීන් රජයේ මුදල් දහස් ගණන් වියදම් කරලා කසල කළමනාකරණ වැඩසටහන් අධ්‍යයනයට පිටරට යනවා, එත් ගාල්ලේ කසල ගොඩගැහෙනවා. මේකටවත් නිශ්චිත වැඩපිළිවෙලක් නැත්නම් අපි මේ පොලිතීන් ටික එකතු කරලා ආණ්ඩුකාර කාර්යාලය ඉස්සරහට ගිහින් දානවා."

 

මේ පිළිබඳව ආණ්ඩුකාර ලේකම් ඩබ්.යූ.පී.ප්‍රෙමචන්ද්‍ර මහතාගෙන් විමසා සිටීමේදී ඒ මහතා මෙසේ කීවේය,

 

"මම මේ තනතුරේ වැඩ බාර ගත්තේ වෙසක් පෝයෙන් පස්සේ, මේ ගැන වැඩි විස්තරයක් මා දන්නේ නැහැ. නමුත් පසුව සොයා බැලීමේදී දැනගත්තා මේ වගේ වැඩසටහනක් ක්‍රියාත්මක කරලා තියෙන්නේ දරුවන්ට හොඳ පුරුදු ඇති කිරීමේ අරමුණින් කියලා.දෙමව්පියන්ට බරක් නොවෙන්න මේක කරන්න කියලා තමයි දැනුම් දී තිබෙන්නේ. ඒ වගේම මේ සඳහා යොදා ගත්තේ දිරා නොයන පොලිතීන්. වෙසක් කළාපය ඉවර වුණාට පස්සේ ත්‍රිවිධ හමුදාව හා නගර සභාව සමඟ එකතු වෙලා පොලිතීන් නිශ්චිතව බැහැර කිරීමේ වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා.

 

මේ සම්බන්දව අදහස් දක්වමින් ගාල්ල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එස්.පී. චන්ද්‍රාවතී මහත්මිය මෙසේ පැවසුවාය,

 

"මේ වැඩසටහන ක්‍රියාත්මක කළේ ආණ්ඩුකාර කාර්යාලයෙන්, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව හරහා සෘජුවම විදුහල්පතිවරුන් දැනුවත් කරලා.  පොලිතීන් ප්‍රතිචක්‍රීකරණය කිරීමේ වැඩපිළිවෙලකුත් ආණෟඩුකාර කාර්යාලයෙන් ක්‍රියාත්මක කරන බවට දැනුම් දී තිබෙනවා."

 

ආණ්ඩුකාර කාර්යාලයේ නියෝග මත ගාල්ල අධ්‍යාපන බලධාරීන් විසින් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන හේතුවෙන් දරුවන්ට වෙසක් කූඩු සෑදීමට පුරුදු කිරීම කෙසේ වෙතත් වෙසක් කූඩු විකිණූ ව්‍යාපාරිකයන්ට නම් යහපතක් වූ බව දෙමාපියෝ පවසති.

 

එමෙන්ම එකතු වී ඇති පොලිතීන් දිරා නොයන පොලිතීන් නොවන බවත් වෙළඳසල්වල තිබූ පොලිතීන් තොග අවසන් කරගැනීමට මුදලාලිලාට මහඟු අවස්ථාවක් ලැබුණු බවත් පරිසරවේදීහු පවසති.

 

දැන් සියල්ල සිදු වී හමාරය. ඉතිරි වී ඇති පොලිතීන් තොගයට සිදුකරන දේ සම්බන්ධව පරිසර හිතකාමී ගාලු ජනතාව විමසිල්ලෙන් බලා සිටිති.



අදහස් (3)

ගාලු වෙසක් කලාපයේ ඉතිරිය පොලිතින් ටොන් ගණනක්

bandula Friday, 04 May 2018 02:20 PM

මේවා බොරු කතා පොලිතින් දිරා යන්නෙත් නැහැ.. ප්‍රතිචක්‍රීකරණය කරන්නත් බැහැ. දියුණු රටවලටත් ප්‍රශ්නයක්. ඕස්ට්‍රේලියාවේ තවම ඒවා යවන්නේ කසල ගොඩට...

:       6       13

sarath perth Wednesday, 09 May 2018 01:42 AM

තීරණ ගත් අයගේ මොලවල් ප්ලාස්ටික් වෙන්න ඇති

:       0       1

uddika Wednesday, 09 May 2018 11:02 AM

අනේමන්දා මෙහෙමත් ගොන් පාලකයින්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

විශේෂාංග

කාශ්මීරයෙන් ඇවිලෙන ඉන්දු - පාකිස්තාන් ගිනිපුපුරු
2025 අප්‍රේල් මස 26 63 0

අප අසල්වැසියන් දෙදෙනා ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් නිර්මාණය වෙමින් පවතී. ඒ, පසුගිය 22 වැනිදා ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගාම් පළා


සෝද සෝදා එළියට අදින පාස්කු දා ප්‍රහාරය
2025 අප්‍රේල් මස 26 44 0

මේ වනවිට 2019 පාස්කු ඉරිදා කිතුනු දේවස්ථාන තුනකට හා සංචාරක හෝටල් තුනකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාර සම්බන්ධයෙන් පරීක්ෂණ ගණනාවක් පැවැත්වී තිබුණ ද මෙම ප්‍


ඉන්දු-පාකිස්තාන් අර්බුදය මැද යළි ඇවිළෙන කාශ්මීරය
2025 අප්‍රේල් මස 25 397 0

කාශ්මීරය යනු මිහිපිට දෙව්ලොවකි. ආසියාවේ ස්විට්සර්ලන්තය යනුවෙන් හැඳින්වෙන්නේ ද කාශ්මීරයයි. ඉන්දියාවේ වඩාත් උතුරින් පිහිටි ප්‍රාන්තය ලෙස සැලකෙන්නේ ද


දැන් ඇත්තේ ටියුෂන් පන්ති කාලසටහනක්
2025 අප්‍රේල් මස 25 484 3

මම අගනුවරට කිලෝමීටර් 3000ක් දුර ඈත ගමක උපන්නෙමි. ලංකාවේ ඉපදුණු බොහෝ තරුණයන් මෙන් නිදහස් අධ්‍යාපනයෙන් දිව්‍ය ලෝකය සොයාගත නොහැකි වුණ මම ජීවිතය සොයා කොළඹ ආ


ඉහළින් ගිලිහුණු උළෙල
2025 අප්‍රේල් මස 25 374 1

මෙවර අලු‍ත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑ


බියර් බොන්නේ බලාගෙනයි
2025 අප්‍රේල් මස 24 11444 4

සුරාබදු ආඥා පනත මෙරටට හඳුන්වා දෙන්නේ 1913 ජනවාරි 01 වැනිදාය. එහි සඳහන් වෙන්නේ “මෙය මත්පැන් සහ මත් ඖෂධ ආනයනය, අපනයනය, ප්‍රවාහනය, නිෂ්පාදනය, විකිණීම හා සන්තකය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 866 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 391 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 546 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site