ගෝල් ෆේස් හෙවත් ගාලූ මුවදොර පිට්ටනිය යනු වසර කීපයකට පෙර දී වැඩිහිටියන්ගේ, තාරුණ්‍යයේ මෙන්ම ළමයින්ගෙන් පිරුණු තැනැක් විය.
බොහෝ දෙනා එතැනට රොද බැඳුණේ ගත සිත, නිදහස සැහැල්ලූව ආශ්වාදය ලබා ගැනීම වෙනුවෙනි. නමුදු ගෝල් ෆේස් පිට්ටනිය යනු ඒ අවකාශය පමණක්ම තැනූ තැනැක්ම නොවුණි. එතැන සමාජයීය සංස්කෘතියක් තිබූ තැනක් විය. ඈත ගම්දනව්වල සිටින ජනතාව එදා මෙන්ම අද ද කොලොම්පුරයේ සිරි නැරඹීමට එන අතරේ ගාලූ මුවදොර පිටියට එන බව ද සැබෑය. එහෙත් ගාලූ මුවදොර යනු බොහෝ විට කොළඹ නගරාසන්න ජනයා නිදහස සොයා ආ
ගිය මුවදොරකි.
වසර කීපයකට පෙර දී කොළඹ නගරාසන්න ජනයාට ගත, සිත සැහැල්ලූව ගෙන දෙන ඒ නිදහසේ පිට්ටනිය ගෝල් ෆේස්ම වූ නිසා එතැන මැවුණේ ගෝල් ෆේස් පිටියට ආවේණික වූ සංස්කෘතියකි. එදා සංගීත සංදර්ශනයක් පැවැත්වුණ ද තාරුණ්‍යය ඒකරාශී වූ යොවුන් සිහින ලෝකයක් එතැන තිබුණ ද, එදා ගෝල් ෆේස් පිට්ටනිය සිසාරා තිබූ ඒ සංස්කෘතිය අද දක්නට නැත. එදාට වඩා අද මේ ගාලූ මුවදොර බෙහෙවින් හැඩවී තිරිහන් වී සොඳුරු රූ මැවුව ද අද දැකගත හැකි වන්නේ එදා තිබූ ගෝල් ෆේස් සංස්කෘතිය නොවේ. අද එතැනින් එය තවත් තැනෙකට සංක‍්‍රමණය වී තිබේ. නැතහොත් තවත් තැනෙකට එය අනුගත වී තිබේ. ඒ තැන් මොනවා ද, එදා තිබූ ගෝල් ෆේස් සංස්කෘතිය වෙනුවට අද ඇත්තේ සමාජයීය රොද බැඳීමේ මොන අවකාශය ද? පසුගිය දිනෙක කොළඹ රටේ හතර වටේ රවුමක් ගොස් අපි ඒ ගැන විපරම් කර බැලූවෙමු.
එදින ඉරු දිනක වුව ද ගෝල් ෆේස් පිටිය තරමක පාළු ස්වරූපයක් ගෙන තිබිණි. හැන්දෑවේ අවරට යන හිරු අපූරු සිත්තමක් මවා තිබුණ ද ඒ හැඩකාර සිත්තමට මුවා වී සිටියේ පෙම්වතුන් කීප දෙනකු පමණි. කුඩා දරුවන් සමග පැමිණ සිටි පවුල් කීපයක් ද තැන තැන සිටින’යුරු දැකගත හැකි විය. ගාලූ මුවදොර රළ නගන හඬ අබියස තවත් පිරිස් සිටින’යුරු ද දැකගත හැකි විය. තනි තීරුවකට වන්නට තනා ඇති පදික වෙළෙඳුන් සඳහා වූ කඩ පෙළ
ගෝල් ෆේස් හෝටල ඉවුරේ සිට ඉපැරණි පාර්ලිමේන්තු ගොඩනැගිලි පරිශ‍්‍ර ඉම දක්වා විහිද තිබේ. ඔහු දීර්ඝ කාලයක සිට එතැන වෙළෙඳාමේ යෙදී සිටින අයෙකි.
ගෝල් ෆේස් පිටියේ සිදුවූ සහ සිදු වන දේ ගැන ඔහු හොඳින් දනී. අද ගෝල් ෆේස් ගැන යමක් අපට කිව හැකි ද? අපි ඔහුගෙන් විමසීමු.
”මොනව ද මහත්තයා අද ඉතින් මෙතැන හරි ලස්සන වෙලා. හැබැයි ඉතින් ඉස්සර තිබුණු ගෝල් ෆේස් පිට්ටනිය නොවෙයි අද තියෙන්නෙ. අද වැඩි හරියක්ම මෙතැනට එන්නෙ ඈත පළාත්වල ඉඳලා කොළඹ විනෝද චාරිකාවක් ආපු අයයි. ඒත් ඒ අයත් ඉස්සර ආපු අය වගේ වැඩිය මෙතැන රැුඳිලා ඉන්නෙ නැහැ. ටික වෙලාවකින් යනවා යන්න. ළමයි එක්ක වැඩිහිටි අය එන්නෙ සති අන්තයේ දිනවලටයි. ඒත් ඉස්සර තරමටම එන්නෙ නැහැ.”
”එතකොට පෙම්වතුන්, තරුණ තරුණියන් එහෙම එනවා නේද?” ඔහුගේ කතාව අතරේ අපි විමසීමු.
”පෙම්වතුන් වගේ ජෝඩු ජෝඩු එනවා තමයි. ඒත් ඉතින් වැඩිපුරම ඒ විදියට එන්නෙ පෙම්වතුන්මත් නොවෙයි. හෙට දවසේ කසාද බඳිනවාම කියලා ලව් කරන අය ඒ අතර නැතුවත් ඇති කියලයි මගෙ හිතේ. අද මහත්තයෝ බාහිරව නොපෙනුනාට ජීවත් වීමේ සටනක්නෙ තියෙන්නෙ. මේ ජීවන අරගලයට මුහුණ දීපු තරුණ කාන්තාවෝ ඉන්නවා. ඒ අයගෙ මහත්තයා දාලා ගිහින්, ඒත් නැත්නම් නඩුවකට පැටලිලා, නැත්නම් මහත්තයාට හරිහමන් රස්සාවක් නැහැ. ඉතින් මේ අය තම පවුල් නඩත්තු කරන්න එපායැ. ඒ නිසා එක දවසකට යාළු වෙලා පිරිමි එක්ක ඇවිත් ලව් කරලා යන අයත් මේ අතර ඉන්නවා. මොනවා කරන්න ද මිනිස්සුනෙ.
”මොන දේ වුණත් මහත්තයෝ අද මෙතැන වැරදි වැඩ නම් බැහැ. මොක ද හතර වටේට ආරක්ෂාව. කැමරා හයි කරලා. ඉතින් එදා වගේ රජෝ ගෝල් ෆේස් එකට ඇවිත් හොර සෙල්ලං දාන්න නම් කාටවත් බැහැ. සංගීතයක් තිබ්බොත්නං ඉතිං මෙතැන පෙම්වතුන්ගෙ වගේම නටන කෙල්ලො කොල්ලන්ගෙ පාරාදීසයක් වෙනවා. තරුණකමේ හැටි එහෙමනෙ.”
ගෝල් ෆේස් අද ඔහු දකින විදිය ගෙන හැර පෑවෙ එලෙසිනි. ”හොඳයි එහෙම නම් අපි ගිහින් එන්නම්කො.”
”ඊට පෙර මෙහි සිද්ධ වෙච්ච රස කතා එහෙම නැද්ද? එතකොට ත‍්‍රාසය රැුගත් සිදු වීම් එහෙම?” අපි විමසීමු.
”මං ඉස්සෙල්ලා කිව්වෙ මෙතැන ඉස්සර වගේ සෙල්ලම් දාන්න පුළුවන් තැනැක් නොවෙයි. මුහුදට කවුරු හරි වැටුණත් නාවික හමුදාවේ අය ඇවිත් එක පාරටම බේරා ගන්නවා.”
”බිස්නස් මොන විදියට කෙරුණත් ගෝල් ෆේස් දියුණු වෙච්ච එක ගැන මට නම් සතුටුයි. මොක ද මං කෑමක් බීම බෝතලයක් විකුණුවට සිගරට් එකක්වත් විකුණන්නෙ නැහැ. මොකට ද මහත්තයෝ අප කාගෙවත් පපු උණු කරන්නෙ?”
ඔහුගෙ පැනයට පිළිතුරක් නොදී, ”හොඳයි අපි නැවත හමුවෙමු” යැයි පවසමින් ඊළඟට අපි ගියේ මැජෙස්ටික් සිටි සංකීර්ණය වෙතය. තරුණයන්ගේ ව්‍යවහාරයේ හැටියට බම්බාවලටය. ඒ බම්බලපිටියට කියන කෙටි විදියයි. නමුත් මැජෙස්ටික් සාප්පු සංකීර්ණය වෙත පැමිණෙන බොහෝ දෙනා අද ”බම්බා” යන වචනය භාවිත නොකරති. ඒ වෙනුවට බොහෝ දෙනා කියන්නේ ඵක් (එම්සී) යනුවෙනි.
’77 විවෘත ආර්ථිකයෙන් පසු සාප්පු සංකීර්ණයක් ලෙස බිහිවූ ”එම්සී” එකට එදා මෙන්ම අද ද ඇත්තේ ලොකු ඉල්ලූමකි. මෙතැනට රොද බඳින්නේ තාරුණ්‍ය පමණක්ම නොවේ. සමාජයේ විවිධ පිරිස් සැරිසරණ තැනෙකි. මාපියන් කුඩා දරුවන් සමග පැමිණෙන්නේ දරුවනට බිම් මහලේ සෙල්ලම් කිරීමට අවකාශය ඇති බැවිනි. එලෙසින් දරුවන් සමග පැමිණෙන අය සාප්පු සවාරියේ යෙදීම ද කරයි. සාප්පු සවාරිය සඳහාම පැමිණෙන අය සවාරියේ යෙදී බිම් මහලේ ඇති ෆුඞ් කෝට් එකට ගොස් අහරක රස විඳීම ද අහම්බයකින් මෙන් සිදු වන දෙයකි.
මේ එම්සී ෆුඞ් කෝට් හෙවත් ආහාරපාන ගත හැකි ස්ථානයට එදා වගේම තරුණ, තරුණියන් අතර අද ද ඇත්තෙ ලොකු ඉල්ලූමකි. අහරක රසයට වඩා පෙම් රස වෑහෙන පෙම් බස් දොඩන තාරුණ්‍යය ද දැකගත හැකිය. එම්සී යනු එකත් අතකට වෙනමම ලෝකයකි. එසේ වෙනමම ලෝකයක් මැවුණේ ඇයි? මෙහි සාප්පුවක හිමිකරුවකු වන අයෙකුගෙන් අපි ඵක් (එම්සී) සංස්කෘතිය ගැන විමසීමු.
”අද ආකේඞ් ආවා, වෝටර්ස් එජ් උයන ආවා, වැලි පාක් උයන ආවා, ඉතින් ඒවා ආවා කියලා මෙතැන ඵක් (එම්සී) කල්චර් එක වෙනස් වුණේ නැහැ. තවම මෙතැනට ඉල්ලූම වැඩියි. මොකද මෙතැන සාප්පු වගේම, ෆිල්ම් එකක් බලන්නත් කෑමක් කන්නත් තැන් තියෙනවනෙ. ඒවා පොකැට් එකට දරා ගන්න පුළුවනි. ඒ නිසා මෙතැනට එන පිරිස වැඩියි. මෙතැනට වගේම වෝටර්ස් එජ් දියත උයනට යන පිරිසත් වැඩියි. එතැනත් කෑම ටිකක් ලාබයි. ඕනෑම දෙයක් කන්න තියෙනවා.”
”හරි අපි ඔබගෙන් විමසුවෙ මේ එම්සී එක ගැනනෙ?” ඔහුගේ දීර්ඝ කතාවට බාධා කරමින් අපි විමසීමු.
”මෙතැනට ෂොපිං කරන අය වගේම කෙල්ලො කොල්ලො නිකං කම්මැලිකමට රවුමක් ගහන්නත් එනවා. සමහර කෙල්ලො කොල්ලො කොකා කෝලා එකක් බීලා රවුම් ගහලා කාලය ගෙවනවා. සාප්පු සවාරියේ නොගියත්, නිකං ඇවිදිමින් යන තරුණියන් දැක ගන්නත් පුළුවනි. පවුල්වල සමහර උදවිය එන්නෙ පල්ලෙහා අවන්හල් වෙතට ගිහිල්ලා කෑම කන්නයි.”
”ෂොපිං කියලාම එන වෙනම පිරිසක් ඉන්නවා. හැබැයි එදා වගේ ලව් කරන්නම කියලා එන කපල් අද හරි අඩුයි. ඒ අය මාපියන් එක්ක සාප්පු සවාරියේ ආවත් කරන්නෙ ෆෝන් එක ඔබ ඔබා ඉන්න එකයි. අද ඉස්සර වගේ ප‍්‍රයිවට් ලව් නැහැ. ෆේස් බුක් ඇවිල්ලා ඒවා ඔක්කොම වෙනස් කරලා තියෙන්නෙ. මෙතැනට කෑමකට පවුල් පිටින් ආවා කියලා හිතමුකො.”
”අම්මලා තාත්තලා කෑම ඕඩර් කරද්දී, නැත්තං සාප්පු සවාරියේ යෙදෙද්දී ¥ලා පුතාලා කරන්නෙ ෆෝන් එකේ එල්ලිලාම ඉන්න එකයි.”
”අද ඇත්තටම එදා කොළඹ තිබුණු කල්චර් එක (සංස්කෘතිය) වෙනස් වෙලා. අද කොළඹ වැඩිපුරම තියෙන වල්කින් (ඇවිදින) කල්චර් (සංස්කෘතිය) එකයි. ඒ වගේම නිවාඩුවකට දවසක් කොළඹින් පිට යනවාට වඩා මේ තියෙන ආකේඞ්, වෝටර්ස් එජ්, වැලි පාක් උද්‍යානය, වික්ටෝරියා පාක් එකට වගේ යන්න පුරුදු වෙලා.”
මැජෙස්ටික් සිටි හෙවත් එම්සී සාප්පු හිමියාගේ ඒ කතාව අසා සිටි අපි ඔහුට සමු දී, කොළඹ ආකේඞ් වෙත මෙන්ම කෝට්ටෙ දියත උයන සහ තවත් තැන් කීපයක සැරිසැරුවෙමු. නවීකරණය වී ඉදි කෙරුණු ආකේඞ් වෙත වැල නොකැඞී එන පිරිස බොහෝය. එය සතියේ දින හෝ සති අන්තය කියා වෙනසක් නැත. දියත උයන ද එලෙසින්මය. මේ සියලූ තැන්හි සැරි සැරීමට පැමිණෙන්නේ සාප්පු සවාරියක යාම, අහරක රස විඳ ගැනීම සඳහාම පැමිණෙන අය නොවේ. යමක් මිල දී නොගත්ත ද අහරක රස නොබැලූව ද, නිකම්ම ඇවිදීමේ ආසාව ඇතිව එන පිරිස බොහෝ වෙති.
සරලවම කිව්වොත් එම්සී කඩ හිමියා කියුවාක් මෙන්, අද ඇත්තේ ඇවිදීමේ සංස්කෘතියකි. කලකට පෙර දී මෙන් එක් තැනකට ගොනුවී රොද බැඳ සිටි සංස්කෘතියකට වඩා ඇවිදීමේ සංස්කෘතිය රැුල්ලක් සේ ගලාගෙන යන දෙයකි. එහි දී ද ස්වරූපයන් තිබේ. තරුණ තරුණියන් ඇවිදින්නේ ශරීර සෞඛ්‍ය වෙනුවෙන් නොවේ. පෙම් බස් දෙඞීමට ද නොවේ. ඒ සඳහා ඔවුනට තවත් අවකාශ තිබේ. තරුණ පිරිස අද බොහෝ විට රොද බඳින්නේ නගරයේ ඇති අවන්හල් වෙතය. තාරුණ්‍යයට පෙම් කතා කියමින් කාලය ගත කිරීමට අවන්හල් බොහොමයක් තිබේ. ළමා ළපටින් සමග තරුණ මාපියන් සහ වැඩිහිිටි බොහෝ දෙනා ඇවිද ගොස් නතර වන්නේ ද අවන්හලකය.
අද කොළඹ සමාජයේ බොහෝ දෙනා පුරුදුව සිටින්නේ එලෙසින් නිවසින් පිට තැනෙකට ගොස් කෑමක බීමක පහස ලැබීමටය. ශරීර සුවතාවට කියා ඇවිදින පිරිස ද අද බොහෝය. ඒ සඳහා නගරයේ ඇතුළත මෙන්ම පිටත ද බොහෝ ස්ථාන තිබේ. ඒ අවකාශයේ ඇවිද ඔවුන් සොයන්නේ නිදහසේ සුවය සහ සැහැල්ලූ වීමේ අවකාශයයි. කෙටියෙන්ම කිවහොත් අද කොළඹ සමාජයීය ප‍්‍රවණතාව වන්නේ ඇවිදීම සඳහා යාම හෙවත් පැරැුණියන් කියූ විදියට රෝන්දේ ගැසීම සහ කෑමකට අවන්හලකට යන සංස්කෘතියයි.
මේ අවන්හල් සංස්කෘතිය අද කොළඹ සමාජයේ බෙහෙවින් ප‍්‍රචලිතව තිබේ. මෙලෙසින් මේ සියල්ලෙහි පහස ලබන්නේ සමස්ත ජන කොට්ඨාසයම නොවේ. මේ සියල්ලෙහි පහස ලබන පිරිස දිහා බලා උණුසුම් සුසුම් හෙළන පිරිස ද බොහෝය. කෙසේ වෙතත්, ගෝල් ෆේස් එකෙන් පටන්ගෙන බම්බාවලට (බම්බලපිටියට) ගිය සංස්කෘතිය අද නතර වී ඇත්තේ කෝට්ටේය. නැත්නම් ආකේඞ් එකේය.
හෙට දින එය කොතැනකට සමීප වේ දැයි කිව නොහැකි වුව ද, එක් දෙයක් ඉඳුරාම කිව හැකිය. එනම් හෙට දින කොළඹ යනු ටෝකියෝව මෙන් වැඩිම ඒකපුද්ගල වියදමක් දැරීමට සිදු වන නගරය බවය. ඒ නගරයේ සිටින සුසුම්ලන පිරිසටත් ගත සිත සැහැල්ලූ කරවන සුසුමක් ලැබීමට අවකාශය ඇති වේ යැයි අපි විශ්වාස කරමු.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම ලස්සනයි (දී)
ලංකාවට එන්න කියලා අපිටත් කිවුවා. දැන් හුඟක් ලංකාව ලස්සනයිලු (නි)
රූපවතී අක්කට කොළඹ ගැන පුදුම කෙන්තියක්නේ තියෙන්නේ.දියවන්න ඔයෙත් දියබුන්ගහල නාන්න පිහිනන්න,සෙල්ලම්කරන්න පුළුවන්!,නමුත් දියරෙද්දක් හෝ විනීත ඇඳුමක් ඇඳගෙන. (ස)
ලස්සනයි (දී)
බලන්න ලස්සන හා පිළිවෙල (දී)
අැත්තටම ලස්සනයි මේක ලියපු මහත්තයට අමතකද අර රිචට් ද සොයිසා මහත්තයවත් වල පල්ලට අැරියෙ මෙතන නේද හැම දේම බැලුවොත් රටක් සංවර්ධනය කරන්න බැහැ අපි හොද දේ අගය කල යුතුයි .අද අපට නිදහසේ අැවිදින්න කොළඹ කොව්වර තැන් තියෙනවද දියවන්නාව..බත්තරමු්ල්ල.පාරලිමෙන්තුව අවට..නුගේගොඩ වැලි පාර්ක් ඵක තිබුන තැන මිනිස්සු ඔතන්ට ඵන්නෙ නැහැ දැන්... (දී)
රූපවතී වගේ ගමක සුන්දරත්වය විඳින්න තරම් මන් පින් කරලා නැහැ. මොකද මගේ උපන් ගම කොළඹ නිසා, එහෙත් අද මන් කොළඹ යම්කිසි නිදහසක් සහ සුන්දරත්වය විඳිනවා. කොළඹ මේ විදියට දකින්න ලැබෙන එක සතුටක් මටනම්. (දී)
ඉස්සර කාලේ වැටවල් ගහල ඉඩකඩම් වෙන්කරලා තිබුනේ නැති හින්ද ඇවිදින්න සෙල්ලම් කරන්න වෙන වෙන තැන් අවශ්‍ය වුනේ නැහැ. දැන් පුංචි ඉඩම් කැලි වල තට්ටු නිවාස වල ජීවත්වෙන මිනිසුන්ට ළමාලපටින්ට අතපය දිග ඇරලා ඇවිදින්න සෙල්ලම් කරන්න මේ වගේ තැන් හදල දෙන එක අපේ පලාත්පාලන ආයතන සතු නීතිමය වගකීමක්. එක තේරෙන්නේ නැති අය නගරාධිපතිලා නාගරික මන්ත්‍රීවරු වුනාම ආරක්ෂක සහ නාගරික සන්වධන අමාත්‍යංශයට සිද්ධවෙනවා එහෙම තැන් හදල දෙන්න. සෙල්ලම පටන්ගන්නේ පලාත්පාලන ආයතන නාගරික සංවර්ධන අධිකාරිරෙන් වරිපනම් බදු ඉල්ලපු දවසට. (දී)
සාර්ථක ලිපියක්...අවන්කවම මේ අදහස් පිලිගන්න ඕනේ...අපි උනත් ඔය කියන තැන වල ගොඩක් ඇවිදලා තියෙනවා...සංවර්දනය නරක නෑ....සොබාවික සුන්දරත්වයට සම කරන්න බැරි උනත්...අපේ කාර්යබහුල කම නැති කරන්න පුළුවන් සුන්දරත්වයක් මේ තැන්වල තියෙනවා...මේ අපේ රට නිසා අපි මේ ගැන සතුටු වෙන්න ඕනේ..(දී)
සෑම්, ඕගොල්ලෝ ඉන්න තිබුනේ අසූව අනූව ගණන්වල. එහෙනම් බලාගන්න තිබුනා ඡන්ද කාලේ කොහොමද වුණේ කියලා (නි)
හොඳ ලිපියක් (නි)
සෙනරත් සොයුර , බුධියෙන් හැදියාවෙන් යුතු පුද්ගලයට, හොද නරක දෙක හොදට වැටහෙනවා ...! මොකද ඒ පුද්ගලයා ව හසුරුවන්නේ? ඔහුගේ බුද්දිය නමැති ඒ කඩවසම් ගුරුවරයා ..වීමයි ! (දී)
ලංකාවේ දැන් ලස්සන කොහොමද (දී)
රුපවති ගමට ආදරේනම් ඔහෙට වෙලා මොනවා කරනවාද? ගමට ඇවිල්ල ඉන්නකෝ.(දී)
රූපවති, මේ ආර්ටිකල් එකට ප්‍රතිචාරයක් දානව කියන්නේ ඔයාගේ අාර්ථීක අත්දැකිම් ලියනවා කියන එක නෙමෙයි. මේක හොදද , නරකද කියන එක ගැන අදහසක් තමයි ලියන්න ඕනේ. හොඳක් ඇත්නම් එයත් මෙහි වැරැද්දක් ඇත්න්ම එයත් පෙවන්වා දෙන්න. (අ)
කොළඹ ලස්සන වීම මමනම් සුබවාදීව දකිනවා.නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේ ලස්සන කොපමණ දවසක් තියා ගනීද කියන එකයි.ඡන්දයක් ආවදාට දේශපාලන පෝස්ටර් වලින් අංක සහ නම් ලිවීමෙන් මේ ලස්සන කාලා දමාවි.අපි අද ඉන්නේ බණ්ඩාරවෙල මේ සුන්දර නගරය රමණීය දර්ශන සපිරුණු රත්නපුර-බදුල්ල පාර බලන්න බැරි තරම් අවලස්සන කරලා. (ස)
රූපවතිලා වගේ අයව කවදාවත් සතුටු කරන්න පුළුවන් අය නෙමෙයි. බැඳපු මහත්වරුන්ට දෙවියන්ගේම පිහිටයි. වැරදි දේ වැරදියි කියන්න වගේම හරි දේ හරියි කියන්නත්, එය අගය කරන්නනත් දිව නැමෙන්න ඕනෑ. (නි)
රූපවතී, ඔයා මේ මොනවද ලියන්නේ? ඒ කාලේ එ්වා වගේම අද කාලේ මේවත් ඕනෑ. (නි)
නියමයි ඔහොම යං (දී)
මට මතක් උනේ පරණ සින්දුවක් එඩි ජයමාන්නගේ , කොලොම් පුරේ ශ්‍රියා , බොහොම ලස්සනයි බලන්න කොලොම් පුරේ ශ්‍රියා , එදාට වැඩිය දහස් ගුණයකින් පිරිසිදු කොළොඹ නගරය , ඉතාමත් අලංකාරයි.(අ)
මේ මොනවද? මම කුඩාකාලේ දියබුන් ගහමින් පැය ගණන් ගමේ කෙලි කොල්ලෝ, සමග දිය නාපු ඒ වැව, අසල කුඹුරු යාය, වැව් පිටිය අපිට ලස්සන සිතුවමක් වගේ තාමත් මතකයි. ඒ සුන්දර පරිසරයෙන් අපි ලබපු අත්දැකීම්, නිදහස් සතුට, සුන්දරත්වය ඔය කියන කිසිම තැනකින් ලබන්න බැහැ . අපි විදි ඒ ළමා කල සුන්දරත්වය ඔය තැන්වලින් ලබන්න බැහැ. ඒ තරම් සුන්දරයි ..! මම ආසයි ඒ මගේ පිටිසර ගමට ආදරෙයි දිවිය පුරාවටම (නදී)
ලස්සනයි..... අමතක නැහැ , මෙතන තියෙනවා (දී)
අනේ ඔව් ප්‍රින්ස් ඡන්දෙ කාලෙට ගහ මරා ගන්නකොට ලංකාවේ ලස්සන බලන්න ආසාවේ බෑ අනේ (නදී)