IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ගල්අඟුරු ගණුදෙනුව ගැන මොකද කියන්නේ?

  MAIN-P-16-BACK

 

ජාතික හෙළ උරුමය ආණ්ඩුව සමඟ දැඩි මතවාදී අරගලයක නියැලී සිටී. එහි හඬ ප‍්‍රකාශකයා ඇමැති පාඨලී චම්පික රණවක මහතාය. ඔය අතරවාරයේදී ඇමැති චම්පික විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාව සිටියත් රුපියල් මිලියන 1507ක පාඩුවක් වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී ඇති බවත් පවිත‍්‍රා දේවි වන්නිආරච්චි ඇමැතිනිය පාර්ලිමේන්තුවේදී කීවාය. ඒ ගැන තාක්ෂණික පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට කීමට තිබෙන්නේ කුමක්ද? මේ කතාබහ ඒ වෙනුවෙනි.

 


ප‍්‍රශ්නය : ඔබට මොකද මේ වෙන්නේ?
පිළිතුර :
මට මොකද වෙන්නේ කියන එකට වඩා වැදගත් වෙන්නේ... රටට මොකද වන්නේ... ජාතියට මොකද වෙන්නේ... අනාගත පරපුරටත් මොකද වෙන්නේ... කියන එකයි.


ප‍්‍රශ්නය : ”මේ ආණ්ඩුවට ඡුන්දෙ දෙන්න කියලා ඉල්ලපු එක ගැන ලජ්ජයි කියලා ඔබ කිව්වා. ඒ එක්කම ඔබේ කාලයේ ගල්අඟුරු  ගෙන්වීමේදී රුපියල් මිලියන 1507ක පාඩුවක් වුණා කියලා ඔබට එරෙහිව චෝදනාවක් ආවා.
පිළිතුර :
ඒක මතුකිරීම ගැන මම ඉතාම සතුටු වෙනවා. මොකද මම මේ විදුලිබල ක්‍ෂේත‍්‍රයේ, ඉන්ධන ක්‍ෂේත‍්‍රයේ සිදුවිය හැකි තාක්ෂණික වංචා පිළිබඳව විස්තරාත්මක කෘතියක් කළා. ඒකේ  සමහර කාරණා මම සඳහන් කළේ නෑ. මොකද ඒවා පිළිබඳව කෙරෙන විමර්ශනවලට ඒක බාධාවක් වෙයි කියලා. ඉතින් මේ කාරණා මෙහෙම හෙළිදරව් කිරීම සම්බන්ධයෙන් අපි බොහොම සතුටට පත්වෙනවා. ප‍්‍රශ්නය:  පාර්ලිමේන්තුවේදී මතු කිරීම ගැන හර්ෂ ද සිල්වා මැතිතුමාටත් එයට පිළිතුරු දීම ගැන බලශක්ති ඇමැතිනියටත් ස්තුතිවන්ත වෙනවා.


ප‍්‍රශ්නය : ඔය සිද්ධ වෙලා තියෙන පාඩුව සම්බන්ධයෙන් ඔබේ වගකීම?
පිළිතුර :
මෙහෙමයි. මෙතැන පළමුවෙන්ම බලන්න  ඕනෑ මොකක්ද වුණේ කියලා. ලංකාවට අවශ්‍ය ගල්අඟුරු ප‍්‍රසම්පාදනය කිරීම සඳහා මුලින්ම ටෙන්ඩර් පත් කැඳෙව්වේ 2009 දීයි. ඒ ටෙන්ඩර් පත් කැඳෙව්වායින් පස්සේ 2010 මුලදී ඉතාම ප‍්‍රශ්නකාරී විදියට නිවැරැුදි නොවන ආකාරයට මේ ගල්අඟුරු ටෙන්ඩරය පිරිනැමුවා නොබෙල් කියන සමාගමට.


ප‍්‍රශ්නය : 2010 දී බලශක්ති ඇමැති වෙන්නේ ඔබයි?
පිළිතුර :
ඔව්. නමුත් මේක සිද්ධ වෙන්නේ මම ඇමැති වෙන්න කලින්. මේ ගල්අඟුරු ටෙන්ඩරය තමයි ඊළඟ අවුරුදු තුනට වලංගු වුණෙත්. ඒ කියන්නේ 2012 දක්වා.  ගල්අඟුරු ටොන් හයලක්ෂ පනස් දාහක් වසර තුනකට මෙගාවොට් 300ක් සඳහා සැපයීම තමයි නොබෙල් සමාගමට පැවරුණේ. මේ ගල් අඟුරු ගෙන්වීම සඳහා වෙනම ආයතනයක් ලංකා කෝ්ල් සමාගම කියලා පිහිටෙව්වා. ඒක විදුලිබල මණ්ඩලයට, මුදල් අමාත්‍යාංශයට, නැව් සංස්ථාවට,  වරාය අධිකාරියට අයිති සමාගමක්. ඒ වගේම තව  ගිවිසුමක් තිබුණා. ගල්අඟුරු ප‍්‍රවාහනයට සම්බන්ධව ලංකා නැව් සංස්ථාව, ලංකා කෝල් සමාගම හා නොබෙල් සමාගම අතර. මේ ගල් අඟුරු ප‍්‍රවාහනය කළේ නැව් සංස්ථාව. එතකොට මේ ගල් අඟුරු හැමදාම ගේ්න්න බෑ. අපේ‍්‍රල් 14ත් සැප්තැම්බර් 14ත් අතර කාලයේදී මුහුද රළු වෙනවා නිරිතදිග මෝසම් නිසා. විදුලිබල මණ්ඩලය ලබාදෙනවා මෙන්න මේ කාලයේදී ගල්අඟුරු ගෙන ඒම අවශ්‍යයි කියලා. ඒ අනුව නැව් සංස්ථාව ගල්අඟුරු ලබාදෙනවා.  ඕක තමයි ක‍්‍රියාදාමය.


ප‍්‍රශ්නය : ඔය ක‍්‍රියාදාමය ඇතුළේ වංචාවට  ඕනෑතරම් ඉඩකඩ තියෙනවා?
පිළිතුර :
මෙහෙමයි. මෙතැන සිද්ධවුණේ ලංකා නැව් සංස්ථාවේ හෝ කාගේ හෝ ප‍්‍රමාදදෝෂයකින් අපේ‍්‍රල් 14 ට පෙර එන්න නියමිතව තිබූ නැව් තොග දෙකක්... ඒකට අපි කියන්නේ නැව් තොග 16, නැව් තොට 17 කියලා මේ නැව් තොග දෙක එනවා පුත්තලම අංගයනට. හැබැයි මේවා මුහුද මැද ඉඳලා ගේන්න තියෙන නිසා මේ සියලූ ගල්අඟුරු තොග බාගන්න බැරි වෙනවා. ගල් අඟුරු ගෙනාවේ නොබෙල් එකෙන්. නමුත් ගල්අඟුරු ටොන් එක්ලක්ෂ හතලිස් දෙදාහක් බාන්න තිබුණත් අසූ පන්දාහක් අඩුවෙන් තමයි බාන්නේ. මොකද මුහුද රළු වෙලා නියමිත වෙලාවට කලින් ආවේ නැති නිසා.


ප‍්‍රශ්නය : මෙතැන කවුද වගකීම බාරගන්නේ. මේවා මහජනයාගේ සල්ලි?
පිළිතුර :
මෙතැන වරද ලංකා නැව් සමාගම බාරගත යුතුයි කියන එක තමයි ලංකා විදුලිබල මණ්ඩලයේ මතය. මොකද නැව් සමාගමත් රජයට අයිති එකක්. දින ගණනාවක් මුහුදේ නැව් නවත්තගෙන ඉඳලා අවසානයේදී නැව් සමාගම අවසර පතනවා ලංකා කෝල් සමාගමන් මේ ඉතිරි ගල්අඟුරු ටික කාටහරි විකුණල ඉතිරි ටොන් අසූපන්දාහ මුහුදේ රළුබව අඩුවුණාම ප‍්‍රතිපූර්ණය කරන්නම් කියලා. ඒ අනුව  ලංකා කෝල් සමාගම ඒකට එකඟවෙනවා. හැබැයි එකඟ වෙච්ච ගිවිසුමේදී ලංකා නැව් සමාගම කියනවා අපට පාඩුවක් මෙතැන සිද්ධ වෙන නිසා අතිරේක තොග තුනකුත් ගෙන්වන්න අවසර දෙන්න කියලා. ඒ අනුව ලංකා නැව් සමාගම හා ටෝරියන් කියන පුද්ගලික සමාගම අතර ගිවිසුමක් ඇතිවෙනවා මේ ටොන් අසූපන්දාහ හා අතිරේක ටොන් අසූපන්දාහේ තොග තුනක් ගෙන්වීම සඳහා.


ප‍්‍රශ්නය : ඔබයි ඇමැති. මෙහෙම ගිවිසුම් ගහන බව ඔබ දන්නවද?
පිළිතුර :
ඇත්තම කියනවා නම් ඒ ගිවිසුම් මගෙන් පරිබාහිරව සිද්ධවෙච්ච දෙයක්.


ප‍්‍රශ්නය : ඇමැතිවරයා දන්නේ නැතිව එහෙම ගිවිසුම් ගහන්න පුළුවන්ද?
පිළිතුර :
නැව් සංස්ථාව මට අයිති නෑනේ. ඒක තමයි ප‍්‍රශ්නය. මම නොදැන කොහොමද එහෙම ගිවිසුම් ගහන්නේ. නමුත් නැව් සංස්ථාව මට කිසිම අදාළත්වයක් නැහැ.


ප‍්‍රශ්නය : මේ වගේ ප‍්‍රශ්නයකදී ඇමැතිවරයා හැටියට ඔබට කිසිම ආකාරයක බලයක් නැද්ද?
පිළිතුර :
මට කියන්න තියෙන්නේ අපේ ටොන් අසූපන්දාහ අපට දෙන්න කියලා විතරයි. එච්චරයි. හරිද? මට වෙන කිසිම අදාළත්වයක් නැහැ.


ප‍්‍රශ්නය: එතකොට කවුද ඒ වගකීම බාර ගන්නේ?
පිළිතුර :
ඒක තමයි. කවුද ඒ ගිවිසුම ගැහුවේ. කවුද එකට වගකිවයුත්තේ කියන එක සොයලා බලන එක විමර්ශනයක වගකීමක්.


ප‍්‍රශ්නය : ඔබ ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් ඔබටත් වගකීමක් තියෙනවා. ඔබ මොකක්ද ඒ සම්බන්ධයෙන් ගත්ත ක‍්‍රියාමාර්ගය.
පිළිතුර :
මම දැනගෙන හිටියෙ නෑ. මම මේක ගැන දැන ගත්තේ අහම්බෙන්. මේ ගැන ලංකා කෝල් සමාගමට දැනුම් දුන්නාම ඒකේ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සාමාජිකයන් දෙන්නෙක් තමයි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාටයි උප සභාපතිවරයාටයි කියලා තියෙන්නේ. ඒ හරහා තමයි මම දැනගත්තේ.


ප‍්‍රශ්නය : දැන ගත්තට පස්සේ මොකද කළේ?
පිළිතුර :
අපි ඒකට එකඟ වුණේ නෑ. නමුත් කොහොම හරි මේ අසූපන්දාහෙ නැව් දෙක නොවැම්බර් මාසයේ ආවා. එකකින් ටොන් පනස්දාහක් බෑවා. අනික් එකෙන් ටොන් තිස් දෙදාහක් බෑවා. මේවා බාන්න ප‍්‍රථමත් සිද්ධියක් වුණා. ඒක තමයි මේ කතාවේ ඉතාම වැදගත්ම කොටස. ඒක තමයි මේ කාලය වෙනකොට දෙවැනි ගල්අඟුරු ප‍්‍රසම්පාදන ටෙන්ඩරය ඇගයීමට ලක්වෙලා තිබුණේ. ඒ ටෙන්ඩරයට නොබෙල් සමාගමත් ඉල්ලලා තිබුණා. ටෝනියන් එකත් ඉල්ලලා තිබුණා. නොබෙල් තමයි වැඩිම මිල ගණන් ඉදිරිපත් කරලා තිබුණේ. ටෝනියන් එක අඩුම මිල ගණන් ඉදිරිපත් කරලා තිබුණේ. එතකොට මේ ගල් අඟුරු තොග නොවැම්බර් මාසයේදී පුත්තලමට එන්නත් පෙර බාල ගල්අඟුරු ගේනවෝ කියලා එක්තරා මාධ්‍යයක ප‍්‍රවෘත්තියක් පළවුණා. අපි ඒ ප‍්‍රවෘත්තිය ගැන අවධානය යොමු කරලා වහාම නියෝගයක් දුන්නා මෙතැන සැක කටයුතු ගනුදෙනුවක් වෙලා තියෙනවා. අපට නොදන්වා බැක් ටු බැක් ඇග‍්‍රිමන්ට් එකක් ගහලා තියෙනවා. නැව් සමාගම හා ටෝරියන් සමාගම. ඒකට දැන් අපිවත් පටලවා ගන්න හදන්නේ. ඒ නිසා මේ නැව් තොග ප‍්‍රතික්ෂේප  කරන්න කියලා මම ඉල්ලීමක් කළා.

 

2


ප‍්‍රශ්නය : මොකක්ද ලැබුණ ප‍්‍රතිචාරය?
පිළිතුර :
මෙහෙමයි ඊට පස්සේ මේ ගැන විමසීමක් කළා නීතිපතිවරයාගෙන්.


ප‍්‍රශ්නය : මොකක්ද කරපු විමසීම.
පිළිතුර :
අපි ඇහුවේ දැන් මෙතැන මෙහෙම දෙයක් වෙලා තියෙනවා. ඒකට මොකද කරන්නේ කියලා.


ප‍්‍රශ්නය : නීතිපතිවරයාගේ උත්තරය වුණේ මොකක්ද?
පිළිතුර :
නීතිපතිවරයා කිව්වා ඒවා බාලා සුදුසු මට්ටමේ ප‍්‍රමිතිය තියෙනවද කියලා බලලා ප‍්‍රතික්ෂේප කරන්න කියලා. බාන්න කියපු නිසා බෑවා.


ප‍්‍රශ්නය : ඔබ කියපු විදිහේ තත්ත්වයක් තිබියදීත් බාපු ගල්අඟුරු වලට ඔබ ගෙව්වා.
පිළිතුර :
නෑ. අපි ශතයක්වත් ගෙව්වේ නෑ. ඒක මතක කියා ගන්න. වැදගත් දේ ඒකයි.


ප‍්‍රශ්නය : එහෙමනම් කොහොමද රුපියල් මිලියන 1507ක අලාභයක් වුණේ?
පිළිතුර :
මම මේ ගැන කියන්නම්. හොඳට මතක තියාගන්න. අපි ශතයක්වත් ගෙව්වේ නෑ. මේ පනස් පන්දාහේ  තොගයටත් තිස් දෙදහේ තොගයටවත් අපි ශතපහක්වත් ගෙව්වේ නෑ.


ප‍්‍රශ්නය : ඔබ එහෙම කිව්වත් තිස්දෙදාහේ තොගය වෙනුවෙන් ණයවර ලිපි නිකුත් කරලා තිබුණා.
පිළිතුර :
ඒක හරි. එහෙම ණයවර ලිපියක් නිකුත්කරලා තිබුණා. නමුත් ණයවර ලිපිය මුදල් කරන්න එපා කියලා අපි කිව්වා. මොකද ඒ පුරවන්නේ අපේ අඩුවක්. එහෙම නැතිව අලූතෙන් ගෙනාව එකක් නොවෙයි. ඊට පස්සේ තව පනස්පන්දාහේ තොගයක් ගෙනාවා. ඒකට අපි ණයවර  ලිපි නිකුත් කළා. ඒ අනුව ඒ ගල්අඟුරු තොගය නොසැපයීම සම්බන්ධයෙන් ප‍්‍රශ්නයක් මතු වුණේ නෑ. ගල්අඟුරු තොගය ගොඩබෑමේ බාධාවක් තිබුණා. අවශ්‍ය ගල්අඟුරු තොගය සපයලා තිබුණා. නමුත් ඒකට මුදල් ගෙව්වේ නෑ.  ඕක තමයි තිබිච්ච තත්ත්වය. කෙසේ වෙතත් මේ ඇතිවෙච්ච තත්ත්වයත් එක්ක ලංකා විදුලිබල මණ්ඩලයයි, ලංකා කෝල් සමාගමේ ඒ කාලයේ හිටපු සභාපතිවරයයි අතර පොඩි ප‍්‍රශ්නයක් තියෙනවා කියලා අපට තේරුණා.


ප‍්‍රශ්නය : ප‍්‍රශ්නයක් කිව්වේ ගැටුමක්ද? ගනුදෙනුවක්ද?
පිළිතුර :
මෙහෙමනේ. ලංකා කෝල් සමාගම කියනවා අඛණ්ඩව විදුලි සැපයුමකට ඔවුන්ට ගල්අඟුරු සැපයීම සම්බන්ධයෙන් ප‍්‍රශ්නයක් තියෙනවා. ලංකා විදුලිබල මණ්ඩලය කියනවා මේගොල්ලන්ගේ ණයවර ලිපිවලට අපිට ගෙවන්න බෑ. සම්ප‍්‍රදායික තත්ත්වයෙන් පිටත ඇතිවුණ ටෙන්ඩර් පටිපාටියෙන් පිටත වෙච්ච ඒවාට අපිට ගෙවන්න බෑ කියලා.

 

1

 


ප‍්‍රශ්නය : මේවා මෙහෙම වෙද්දී ඔබ මොනවද කළේ?
පිළිතුර :
මේ කාරණා ඔක්කොම මම සැලකිල්ලට අරගෙන මම කල්පනා කළා මේ පිළිබඳව පරීක්ෂණයක් කරන්න. මගේ කාලය තුළ මම බොහොම පැහැදිලිවම කියනවා කිසිම පාඩුවක් වුණේ නෑ කියලා.


ප‍්‍රශ්නය : මෙතැන පාඩුවට අමතරව ප‍්‍රමිතිය සම්බන්ධයෙනුත් බරපතළ ප‍්‍රශ්නයක් තියෙනවා.
පිළිතුර :
ප‍්‍රමිතිය පිළිබඳ ප‍්‍රශ්නය කොයි ගල්අඟුරු තොගයෙත් තියෙනවා. 6200x5800 අතරේ ප‍්‍රමිතිය පිළිබඳ ප‍්‍රශ්න තියෙනවා. ඒ කොලිටියට අපි කොලිටි ඇජස්ටමන්ට් එකක් කරනවා. 5800ට වඩා අඩු වුණොත් කොලිටි ඇජස්ටමන්ට්  එකක් කරනවා. ගල්අඟුරු තොග නැව් 28ක් ඇවිත් තියෙනවා. ඒක ඔය 28ටම තියෙන ප‍්‍රශ්නයක්. ඒක එජෙස්ට් කරන්න  ඕනෑ. එහෙම කරලා ඒ ගානට ගෙවන්න  ඕනෑ. සම්මත ගාන ගෙවන්න බෑ. අර ගානම ගෙවන්න  ඕනෑ.


ප‍්‍රශ්නය : හොඳයි ඊට පස්සේ මොකද වුණේ?
පිළිතුර :
ඊට පස්සේ මම මේ ලංකා කෝල් සමාගමේ සභාතිවරයාව ගෙදර යැව්වා. එහෙම ගෙදර යවලා අළුත් සභාපති කෙනෙක් පත්කළා. එහෙම පත්කරලා මම  නියෝගයක් දුන්නා ජනවාරි 24 වැනිදා මේ ගැන වහාම පරීක්ෂණයක් කරන්න. කොහොමද මේ ගිවිසුම් ගැහුවේ කියලා හොයන්න කියලා. ඔය අතර ටෝනියන් සමාගම අවස්ථාවක් පැතුවා ප‍්‍රසම්පාදන අභියාචන මණ්ඩලයෙන්. ඒගොල්ලෝ බාල ගල්අඟුරු ගේනවා කියලා විශාල ප‍්‍රචාරයක් කළේ වෙනත් තරගකාරී ලංසුකරුවෝ තමන්ගේ ලංසුව ඉවත් කරගත්ත කියලා. එහෙම එකකුත් වුණා.


ප‍්‍රශ්නය : අර ප‍්‍රවෘත්තිය ලියපු මාධ්‍යවේදියාට ඔය අතරේදී වෙඩි වදිනවා.
පිළිතුර :
ඒක හරි. එහෙම වෙඩි තැබීමක් වුණා.


ප‍්‍රශ්නය : තව පොඞ්ඩෙන් ඒක ඔබේ පැත්තට කැරකෙනවා.
පිළිතුර :
ඔව්. ඒ වෙඩි තැබීම මට පටවන්නත් උත්සාහයක් දැරුවා. බොහොම කුමන්ත‍්‍රණකාරී විදිහට ඒවා ඔක්කොම සිද්ධ වෙන්නේ. ඊට දවස් පහකට පස්සේ මම ඒ අමාත්‍යධුරයෙන් සමුගත්තා.


ප‍්‍රශ්නය : සමුගත්තද? ඉවත් කළාද?
පිළිතුර :
ඔය ප‍්‍රශ්නයට මම ඔබටම කීප අවස්ථාවකදීම උත්තර දීලා තියෙනවා.


ප‍්‍රශ්නය : නමුත් ඇමැතිතුමනි, ඔබ දැන් සමුගත්තා කියලා කිව්වත් ප‍්‍රවෘත්ති සාකච්ඡුාවේදී ඔබ කිව්වේ ඔබව ඉවත් කළා කියලා.
පිළිතුර :
ජනාධිපතිවරයාටනේ බලය තියන්නේ ඇමැතිවරු පත්කරන්න. හරි, කොහොමහරි මම ඒ ඇමැති ධුරයෙන් ගියා. ඒ වෙනකොට මම ගියේ 2013 ජනවාරි 29 වෙනකොට ගල්අඟුරු ටොන් අසූපන්දාහේ තොගයෙන් අර ප‍්‍රශ්නයට ලක්වෙලා තිබුණු ගල්අඟුරු ටොන් විසිනවදාහ සම්බන්ධයෙන් ශතයක්වත් ගෙවලා තිබුණේ නෑ. ගෙවීම් නතර කරලා තිබුණේ.


ප‍්‍රශ්නය : එහෙනම් කවුද දැන් ඒක ගෙව්වේ.
පිළිතුර :
මම එතැනට එන්නම්. මම ගියාට පස්සේ ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කළා, 2013 මැයි මාසයේ මේ ගල්අඟුරුවලට ගෙවන්න. ඒක තමයි ප‍්‍රශ්නය. එතැනින් තමයි මේ ප‍්‍රශ්නය පැන නැංගේ. 2013 වසරේ ජූනි මාසේ 5 වැනිදා තිබුණු විදුලිබල මණ්ඩලයේ බෝඞ් මීටින් එකේදී තමයි ඒ තීරණය අරගෙන තියෙන්නේ. එතකොට මම නොවෙයි ඇමැති. අන්න ඒ මිලියන 460ක ගෙවීම කරපු නිසා තමයි පාඩුව වුණේ. අපිට අඩුවක් පූර්ණය කරන්න ආපු එකකට ගෙවන්න  ඕනෑ නැහැනේ. ඔය අතරේ ලංකා කෝල් සමාගම පොරොන්දු වෙලා තියෙනවා. ”මේක ගෙවන්න පස්සේ  එන ඒවායින් මේ අඩුව අපි පුරවනවාධ් කියලා. ගල්අඟුරු කියන එක දිගටම සපයනවනේ. ලංකා කෝල් සමාගම දීපු ඒ පොරොන්දුව නිසා තමයි ඒ ගෙවීම කරල තියෙන්නේ. ඒ අනුව මෙතැන එවැනි ආකාරයේ වංචාවක් වුණාද නැද්ද කියලා රට දැන් දැනගන්න  ඕනෑ. මගේ කාලයේ කිසිම පාඩුවක් මෙතැන සිද්ධ වුණේ නැහැ.


ප‍්‍රශ්නය : නමුත් දැන් ප‍්‍රශ්නය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහින් තියෙනවා.
පිළිතුර :
ඒක මම දන්නේ  නැහැ. මට එහෙම පැමිණිල්ලක් කරන්න අවශ්‍ය නැහැ. මට  ඕනෑ මේ ගැන විමර්ශනයක්. එතැනදී අපරාධයක් වෙලා තියෙනවා නම් තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදෙන්න  ඕනෑ. මම මීට කලින් ලෙකෝ ආයතනයේ වෙච්ච මිලියන 250ක වංචාවක් පිළිබඳව අපරාධ  පරීක්ෂණ  දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා.


ප‍්‍රශ්නය : ඒකට මොකද වුණේ?
පිළිතුර :
ඒකට වුණ දේ තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අපට කිව්වා එතැන අපරාධයක් වෙලා නෑ. ඒ නිසා ඒක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙත පැමිණිල් කරන්න අවශ්‍ය නෑ.ධ් කියලා.


ප‍්‍රශ්නය : ඒ තීන්දුව වැරදියි කියලා ඔබ හිතනවා?
පිළිතුර :
ඒක මම දන්නේ නැහැ. කොහොම වුණත් තාමත් ලෙකෝ ආයතනයේ සිද්ධ වෙච්ච ඒ මිලියන 250ක වංචාව වෙනුවෙන් පවරපු නඩුවට විසඳුමක් නෑ. දැන් අවුරුදු හතරක් වෙනවා.


ප‍්‍රශ්නය : ඔබ කියන ඒ වංචාවට වගකිවයුතු අය?
පිළිතුර :
ආ... ඒ අයද? අධිකරණයේ ඉහළ තනතුරුවල ඉන්නවා. ඒ වගේම රජයේ ඉහළ තැන්වලත් ඉන්නවා.


ප‍්‍රශ්නය : කොහොම වුණත් පවිත‍්‍රා වන්නිආරච්චි ඇමැතිවරිය කිව්වා මිලියන  1507ක පාඩුව සම්බන්ධයෙන් සී.අයි.ඞී. එකට පැමිණිලි කළා කියලා.
පිළිතුර :
ඒක මම දන්නේ නැහැ. ඒක එතුමියගෙන් තමයි දැන ගන්න   ඕනෑ.


ප‍්‍රශ්නය : හොඳයි දැන් ඔබ මොකද කරන්න බලාපොරොත්තු වෙන්නේ?
පිළිතුර :
මම ඉල්ලන්නේ  මෙච්චරයි. මේ ගිවිසුම ගැහුවේ කොහොමද? ලංකා නැව් සමාගම ඒකට ලංකා ගල්අඟුරු සමාගමේ සභාපතිවරයාගේ සම්බන්ධයක් තියෙනවද කියලා පරීක්ෂණයක් කරන්න කියලයි මම ඉල්ලන්නේ. ඒ වගේම මේ සම්බන්ධව මෙච්චර ලොකු ප‍්‍රශ්නයක් වෙලා තිබියදී ලංකා ගල්අඟුරු සමාගමේ සභාපති හේරත් මහත්තයාව මම අයින් කළා. හැබැයි මම ගියාට පස්සේ එයාව ලංකා විදුලි බල මණ්ඩලයේ උප සභාපති කළා. එහෙම කරලා දැන් වංචා ¥ෂණ ගැන කතා කරනවා. මේ ප‍්‍රශ්න ගැන කතා  කරනවා නම් ලක්ෂ ප‍්‍රකෝටි ගණනින් මේක ඇතුලේ පාඩු සිද්ධවෙනවා. ඒ නිසා මේ ප‍්‍රශ්නයේ එක කොනක් අල්ලාගෙන කාට හරි මේක පටවන්න හදන එක නෙවෙයි වෙන්න  ඕනෑ. මේ කොන් සියල්ලම  විමර්ශනය කරන්න පුළුවන් විධිමත් තාක්ෂණික විමර්ශන කමිටුවක් පත්කළ යුතුයි. එහෙම කමිටුවක් මට සෑහීමකට පත්වෙන්න පුළුවන් මට්ටමින් පත් කරනවා නම් මේ ක්‍ෂේත‍්‍රයේ සිද්ධ වෙච්ච සෑම වංචාවක්ම මම හෙළි කරනවා.


ප‍්‍රශ්නය : ඔබ ලියපු ”බලය සහ බලය කෘතියට ඇයි මේ මිලියන 1507ක පාඩුව පිළිබඳව සඳහන් නොකළේ මොකක් හරි බයක් නිසාද?
පිළිතුර :
බය. කිසිම බයක් නැහැ. මීට වඩා බලගතු තාක්ෂණික වංචා ඒ පොතේ මම පෙන්වලා දීලා තියෙනවා. මේවා තව විමර්ශනය කළ යුතු දේවල්. මොකද මම හිතුවා මේක ගැන විමර්ශනයක් කරයි කියලා.


ප‍්‍රශ්නය : ඔබ මේ ගැන විමර්ශනයක් ඉල්ලූවේ නැත්තේ ඇයි?
පිළිතුර :
මම ඉල්ලූවා.


ප‍්‍රශ්නය : කාගෙන්ද?
පිළිතුර :
ලංකා කෝල් සමාගමෙන්. එහෙම විමර්ශනයක් ඉල්ලලා තිබුණ නිසා මම හිතුවා විමර්ශනයක් කරයි කියලා. එහෙම විමර්ශනයක් කෙරෙනවා නම් මම මැද්දට පනින්න  ඕනෑ නැහැනේ. එහෙම විමර්ශනයක් කෙරෙනකොට මමත් ගිහින් සාක්ෂියත් දිය යුතුයිනේ. මම කලින් පැනලා ඒවට බලපෑම් කරන්න  ඕන නැහැනේ. එහෙම විමර්ශනය කරපු හෙළිකරන සෑම දෙයක්ම මම පළකරලා තියෙනවා.


ප‍්‍රශ්නය : විමර්ශනය කරන්න තියන්නේ ඔය ගැන විතරයිද?
පිළිතුර :
තව තියෙනවා විමර්ශනය කරන්න. විදුලිබල ෙක්‍ෂත‍්‍රයේ තව තියෙනවා අති විශාල ප‍්‍රමාණයක් විමර්ශනය කරන්න. හැබැයි දැන් මම කල්පනා කරලා තියෙනවා. දැන් මේවා යම් යම් දේශපාලන  කාරණාවලට පාවිච්චි කරන නිසා මේ ෙක්‍ෂත‍්‍රයේ වෙච්ච භයානක වංචා ¥ෂණ පිළිබඳව ජනතා අධිකරණයට යන්න. මේ පිළිබඳව අකුරක් නෑර ජනතා අධිකරණයට ගිහින් ප‍්‍රකාශ කරන්න මම තීරණය කරලා තියෙනවා. මොකද මේ සාධාරණය යුක්තිය ඉටුවෙන්න  ඕනෑ. මේ වැරැුදිකරුවන්ට දඬුවම් දෙන්න  ඕනෑ. වැරැුදිකරුවන්ට දඬුවම් නොදී තැන් තැන්වල ප‍්‍රකාශ සිදුකිරීමෙන් කිසිවක් සිදුවෙන්නේ නැහැ.


ප‍්‍රශ්නය : මේ මොහොතේ ඔබට එරෙහිව  ඔබ ඉලක්ක කරගෙන මෙහෙම ප‍්‍රහාරයක් එල්ල වෙන්නේ ඇයි? මොකක්ද ඒ ගැන ඔබේ ගණන් බැලීම.
පිළිතුර :
මෙහෙමයි. මම ඒක දන්නේ නැහැ. මේකට මගේ සම්බන්ධයක් නැහැ. මේක නිවැරැුදි කරන්න මම උත්සාහ කරපු බව සෑම කෙනෙක්ම දන්නවා. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. දේශපාලනිකව, ප‍්‍රතිපත්තිගරුකව අපි වැඩ කරගෙන යනවා. ඒවා ඔය වගේ අභූත අසත්‍ය චෝදනාවලින් නතර කරන්න බෑ. එහෙම නතර කරන්න  හිතනවානම් ඒක බොහොම බලගතු වරදක්. මේවා හරහා මට මේවා ගැන කතා කරන්න අවස්ථාවක් ලබාදීම ගැන ඒ අභූත චෝදනා නගන සියලූම දෙනාට මම ස්තුති කරනවා.


ප‍්‍රශ්නය : එක ෆයිල් එකක් එළියට දාලා තවත් ෆයිල් තියෙනවා කියන සංඥාවද ඔබට දුන්නේ? ඔබට එහෙමෙ තැති ගැන්මක්  නැද්ද?
පිළිතුර :
ඔය ප‍්‍රශ්නයටත් මම අර උත්තරයමයි දෙන්නේ. තැති ගත යුත්තේ මම නොවෙයි ෆයිල් පෙන්වන්න හදන අයයි. මොකද ඒ අයගේ අයනු, ආයනු ඉඳන් උයනු, ඌයනු දක්වාම තොරතුරු මා සතුව තියෙනවා.


ප‍්‍රශ්නය : කොහොම නමුත් මේ සිදුවීම් හරහා ඔබට කිසියම් දේශපාලන තීරණයක් ගන්න වෙයි කියලා හිතනවද?
පිළිතුර :
මෙහෙමයි. මම ඔය චෝදනා එල්ල කළා කියලා. පෞද්ගලික ප‍්‍රහාර එල්ල කළා කියලා, මම දේශපාලන තීන්දු  ගන්නේ නෑ. මොකද ඔය වගේ පෞද්ගලික කාරණාවලින් මිනිසුන්ගේ චරිත ඝාතනය කරන්න හදන බාල දේශපාලනය අපි  කරන්නේ නැහැ. ඒවායින් අපි සැලෙන්නෙත් තෑ. ඔය වගේ දේවල් හුඟාක් මට කරලා තියෙනවා. මට නොයෙක් චෝදනා නගලා තියෙනවා. මගේ දරුවන්ටත් පාරේ බැහැලා යන්න බැරි විදියේ චෝදනා නගලා තියෙනවා. ඔය විකෘති මනස් සහිත පිරිස් බාල දේශපාලනය කරන පිරිස්, අශීලාචාර පිරිස්, දුස්ශීල පිරිස් තෘප්තිමත් වෙනවා ඇති. ඒ ගැන මට කිසිම ප‍්‍රශ්නයක් නැහැ. මම ගන්නේ ප‍්‍රතිපත්තිමය දේශපාලනයක්. මේවායින් මගේ ප‍්‍රතිපත්ති වෙනස් වෙන්නෙත් නැහැ.

 


අදාළ කරුණු සම්බන්ධයෙන් විමසීම සඳහා විදුලිබල හා බල ශක්ති ඇමැතිනි පවිත‍්‍රා වන්නාආරච්චි මහත්මිය සම්බන්ධ කරගැනීමට දැරූ උත්සාහය ව්‍යර්ථ විය.


 

 

m



අදහස් (0)

ගල්අඟුරු ගණුදෙනුව ගැන මොකද කියන්නේ?

මුදිත Thursday, 06 November 2014 03:10 AM

රටේ, සමාජයේ ප්‍රශ්න විසඳන්න හරි අමාරුයි නේද? (නි)

:       0       0

සමන්ත Thursday, 06 November 2014 07:43 PM

කවුද මේ ගල්අඟුරු ටෙන්ඩරය පසුපස සිටින්නේ? කරුණාකර නම හෙළිකරන්න පුලුවන්ද? මේක රටට විශාල පාඩුවක් (නි)

:       0       0

සමීර සාලින්ද Friday, 07 November 2014 12:00 PM

අපි නම් නම දන්නවා (නි)

:       0       0

ටෝනි Wednesday, 05 November 2014 04:31 PM

අනේ මන්දා! මම නම් මේවට මොකුත්ම කියන්න යන්නේ නැහැ (නි)

:       0       0

සිල්වා Saturday, 08 November 2014 06:16 AM

හැමදාම පාඩු වගේ මේ පාරත් පාඩුවක්ම තමයි.(හේ)

:       0       0

රසික Thursday, 06 November 2014 06:29 AM

චම්පික උගත් කෙනෙක්. තාක්ෂණික දේ ගැන දැනුමක් ඇති කෙනෙක්. ඒ වගේ අයෙක් තාක්ෂණික දැනුම අවැසි ආයතන වලට අහිමිවෙලා තියන එක හරිම අපරාධයක්. (නි)

:       0       0

දිල්රුක්ෂි Thursday, 06 November 2014 03:20 PM

නොකියා මොකක්ද කියනවා කියලයි මට නම් හිතෙන්නේ (නි)

:       0       0

රසාංග Sunday, 09 November 2014 08:50 AM

විශ්වාස කරන්න බෑ.(හේ)

:       0       0

සිල්වා Thursday, 06 November 2014 07:56 AM

ලංකාවේ දේශපාලනය අවුල් ජාලාවක්. රටට අවංක මිනිසුන් කවදා බිහි වේවිද ? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රභාකරන් දරුකමට හදාගත් කොටි කෙල්ල
2024 ඔක්තෝබර් මස 04 4820 1

ජෝන් මේරි බවින්සා කියන්නේ එල්ටී.ටී.ඊ. සංවිධානයේ නායකයාව සිටි වේළුපිල්ලේ ප්‍රභාකරන් දරුකමට හදාගත් දරුවාය. ප්‍රභාකරන් දරුකමට දරුවකු හදා වඩාගත් බව දැනග


සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම
2024 ඔක්තෝබර් මස 04 646 3

අලු‍ත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ


ලෙයට ලෙය ඉල්ලන ඉරාන - ඊශ්‍රායල ගැටුම
2024 ඔක්තෝබර් මස 03 1224 0

ඉරානය ඊශ්‍රායලයට පහර දුන්නේය. ලොව විශාලතම ෂියා මුස්ලිම් රාජ්‍යය වන ඉරානයත්, ලොව එකම යුදෙව් රාජ්‍යය වන ඊශ්‍රායලයත් පිහිටා ඇත්තේ කිලෝ මීටර් 1,700 ක පමණ දුරක


කාලයට ගැළපෙන ඡන්ද ක්‍රමයක්
2024 ඔක්තෝබර් මස 03 110 0

ජන්දදායකයා මැතිවරණ ක්‍රියාවලියට සම්බන්ධ වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතාමත්ම උසස් ගුණාංගයකි. එය නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍ය ක


සෑම කවියක්ම දේශපාලනිකයි
2024 ඔක්තෝබර් මස 02 193 0

ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී


ආණ්ඩුවේ විපක්ෂයේ වගකීම
2024 ඔක්තෝබර් මස 02 257 2

ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39030 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25553 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 314 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1066 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site