ගෝලීය ණය පිළිබඳ දත්ත කෙනකු තැතිගන්වන සුළු නමුත් එය සත්‍යයකි. එබැවින් අන්තර්ජාතික ආයතනය ඉදිරිපත් කොට ඇති අනතුරු ඇඟවීම් වහාම සැලකිල්ලට ගත යුතුව පවතී.
ස්විට්සර්ලන්තයේ බාසල් නගරය මුලස්ථානය කොටගත් ජාත්‍යන්තර මූල්‍ය ආයතනයට (Institute of International Finance) අනුව, ගෝලීය ණය, 2021 දී ඩොලර් ට්‍රිලියන 300 කට ආසන්න ගණනක් වූ අතර එය ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 356 ට සමාන වේ.
මෙම අසාමාන්‍ය ලෙස ණය මට්ටම ඉහළ යාම පසුගිය වසර පහ තුළ ගෝලීය ණය-දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස සියයට 30 ක වැඩිවීමක් පෙන්නුම් කරයි. ගෝලීය ණය ප්‍රමාණය, 2020 පළමු කාර්තුව අවසානය වන විටත් ඩොලර් ට්‍රිලියන 259.7 මට්ටමේ පැවතිණි. කොවිඩ් - 19 වසංගතය ලෝකයට බලපෑම් කිරීමට පටන් ගැනීමත් සමඟ, 2021 පළමු කාර්තුව අවසානයේ එම ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 288.7 දක්වා ඉහළ ගියේය. ණය බර ඉහළ යාමෙන් සිදුවිය හැකි ආර්ථික ප්‍රතිවිපාක පිළිබඳව විශ්ලේෂකයන් වැඩි වැඩියෙන් කනස්සල්ලට පත්වීම පුදුමයට කරුණක් නොවේ.
ඉදිරි වසර කිහිපය තුළ ගෝලීය ණය ප්‍රමාණය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ (IIF) ප්‍රක්ෂේපණය වන්නේ 2022 වසරේ දී ගෝලීය ණය ප්‍රමාණය තවත් ඩොලර් ට්‍රිලියන 1.8 කින් වැඩි වනු ඇති බවයි. මෙම ණය ප්‍රවණතාව ලෝකයේ ප්‍රමුඛතම ජාත්‍යන්තර ආර්ථික ආයතන සහ ආර්ථික විද්‍යාඥයන් ‘‘ගෝලීය ණය සර්පිලාකාරය” (global debt spiral) යනුවෙන් නිර්වචනය කරයි. එය 2021 අවසානය වන විට ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 365 දක්වා ළඟා වී ඇති බවට ඇස්තමේන්තු කර ඇත.
ලොව මුහුණ පා සිටින ආර්ථික අර්බුදයේ වඩාත් අවදානම් සහගත ප්‍රතිඵලය එයයි. වසර 2000 අවසානයේ ඩොලර් ට්‍රිලියන 19 ක් වූ ගෘහස්ථ ණය 2021 මැද වන විට ඩොලර් ට්‍රිලියන 55.3 දක්වා ඉහළ ගියේය. ඩොලර් ට්‍රිලියන 26 ක ආයතනික ණය 2021 අවසන් වන විට ඩොලර් ට්‍රිලියන 86.2 දක්වා ළඟා විය. එසේම, ඩොලර් ට්‍රිලියන 22 මහජන සහ රජයේ ණය ඩොලර් ට්‍රිලියන 85.7 දක්වා ළඟා විය; තවද මූල්‍ය ආයතනවල ඩොලර් ට්‍රිලියන 20 ක ණය 2021 මැද වන විට ඩොලර් ට්‍රිලියන 68.8 දක්වා ඉහළ ගියේ ය.
කොවිඩ් - 19 වසංගතය 2020 වසරේ දී ලොව පුරා ව්‍යාප්ත වීම ආරම්භ වූ දා සිට, සැපයුම් දාමයන් කඩාකප්පල්වීම, භාණ්ඩ සඳහා මිල විචලනය, රැකියා වෙළෙඳපොළේ අභියෝග සහ සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම පහත වැටීම සමඟ ගෝලීය ආර්ථිකය දැඩි අභියෝගයට ලක්ව තිබේ. වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස මිලියන 97 කට ආසන්න ජනතාවක් අන්ත දරිද්‍රතාවට ගොදුරු වී ඇති බව ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇත.
මෙම දුෂ්කර තත්ත්වය හමුවේ සහන සැළසීම සඳහා, සෞඛ්‍ය සේවාව සඳහා පිරිවැය වැඩිකිරීම, විරැකියාව, ආහාර අනාරක්ෂිතභාවය සහ ව්‍යාපාරවල අඛණ්ඩ පැවැත්මට උපකාර කිරීම සඳහා ගෝලීය ආණඩුවලට තම වියදම් වැඩි කිරීමට සිදු වී ඇත. මෙම පියවර සඳහා මූල්‍ය ආධාර සැපයීම සඳහා රටවල් අලුතින් ණය ලබාගෙන ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ගෝලීය ණය ප්‍රමාණය අඩ සියවසක් තුළ ඉහළතම අගයට ළඟාවී තිබේ.
ගෝලීය ණය ප්‍රමාණය විශ්ලේෂණය කිරීම සඳහා, අන්තර්ජාතික මූල්‍ය අරමුදල පළ කළ නවතම ලෝක ආර්ථික ඉදිරි දැක්මේ වාර්තාව මගින් රට රටවල දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය ලබාගෙන ඇති ආකාරයට අදාළ තොරතුරු සම්පාදනය කර ඇත.
රට අනුව ණය-දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයක් ලෙස ගත් කල: ඉහළම ණයගැති
රටවල් 10
දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය අනුපාතය යනු රටක රාජ්‍ය ණය එහි ආර්ථික නිමැවුමට සමඟ සංසන්දනය කිරීමේ සරල මෙට්‍රික් එකකි. රටක් ණය වී ඇත්තේ කොපමණ ප්‍රමාණයක් ද සහ වසරක් තුළ රටේ සමස්ත නිෂ්පාදනය යන දෙක එකිනෙක හා සංසන්දනය කිරීමෙන්, ආර්ථික විද්‍යාඥයන්ට රටක ණය ගෙවීමට ඇති න්‍යායික හැකියාව මැණිය හැකිය.
දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ලබාගෙන ඇති ණය අනුව ඉහළම රටවල් 10 දෙස බලමු:
ස්ථානය රට දළජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ණය(2021)
1 ජපානය 257%
2 සුඩාන් 210%
3 ග්‍රීසිය 207%
4 එරික්‍රියාව 175%
5 කේප්වර්ඩර් 161%
6 ඉතාලිය 155%
7 සුරිනේම් 141%
8 බාබඩෝස් 138%
9 සිංගප්පූරුව 138%
10 මාලදිවයින 137%
source: world Economic Outlook Report (October 2021 Edition)
ජපානය, සුඩානය සහ ග්‍රීසිය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ණය අනුපාත සියයට 200 ට වඩා ඉහළින් ඇති ලැයිස්තුවේ ඉහළින්ම සිටින අතර, එරිත්‍රියාව (175%), කේප් වර්ඩ් (160%) සහ ඉතාලිය (154%) යන මට්ටම්වල පසුවේ.
ජපානයේ ණය මට්ටම බොහෝ දෙනෙකු මවිතයට පත්කරනු ඇත. 2010 දී, එය දළ දේශීය නිෂ්පාදිතයේ ණය අනුපාතය 200% දක්වා ළඟා වූ පළමු රට බවට පත් වූ අතර එය දැන් සියයට 257 මට්ටමට ළඟා වී ඇත. නව ණය සඳහා මුදල් යෙදවීම සඳහා, ජපන් රජය විසින් බැඳුම්කර නිකුත් කරනු ලබන අතර ඒවා මූලික වශයෙන් ජපාන බැංකුව විසින් මිලදී ගනු ලැබේ.
2020 අවසානය වන විට, ජපාන බැංකුව හිඟ රාජ්‍ය ණය වලින් සියයට 45 ක් හිමිකර ගත්තේය.
දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ඉහළ ණය ප්‍රමාණයක් පැවතීමේ ඇති අවදානම කුමක් ද?
රාජ්‍ය ණය ප්‍රමාණය ශීඝ්‍රයෙන් ඉහළ යාම ඕනෑම රටක කනස්සල්ලට ප්‍රධාන හේතුවකි. සාමාන්‍යයෙන්, රටක ණය-දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතය වැඩි වන තරමට, එම රට ණය පැහැර හැරීමට ඇති ඉඩකඩ වැඩි වන අතර, වෙළෙඳපොළවල මූල්‍ය භීතියක් ඇති කරයි. ලෝක බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකින් පෙන්නුම් කරන්නේ දිගු කාලයක් තිස්සේ සියයට 77 ට වඩා දළ දේශීය නිෂ්පාදිතයේ ඉහළ ණය අනුපාතයක් පවත්වා ගෙන ගිය රටවල් ආර්ථික මන්දගාමිත්වයකට මුහුණ දුන් බවයි.
කොවිඩ් - 19 වසංගතය 2008 වසරේ ගෝලීය ආර්ථික අවපාතයේ සිට ඇති වෙමින් පවතින ණය අර්බුදය වඩාත් තීව්‍ර කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) වාර්තාවක් පෙන්වා දෙන්නේ අවම වශයෙන් රටවල් 100කට සෞඛ්‍යය, අධ්‍යාපනය සහ සමාජ ආරක්ෂණය සඳහා වන වියදම් අඩු කිරීමට සිදුවනු ඇති බවයි. එසේම, සංවර්ධනය වෙමින් පවතින ලෝකයේ රටවල් 30කට ඉහළ මට්ටමේ ණය පීඩාවක් පවතී. එයින් අදහස් කරන්නේ එම රටවලට තම ණය ගෙවීමේ දී විශාල දුෂ්කරතා අත්විඳීමට සිදුවන බවයි.
මෙම අර්බුදය ධනවත් රටවලට වඩා දිළිඳු සහ මධ්‍ය ආදායම් ලබන රටවලට දැඩි ලෙස බලපා ඇත. ධනවත් රටවල් මූල්‍ය උත්තේජක පැකේජ දියත් කිරීමට ණය ගනිමින් සිටින අතර අඩු සහ මධ්‍යය ආදායම් ලබන රටවලට එවැනි ක්‍රියාමාර්ග දැරිය නොහැකි අතර, එහි ප්‍රතිඵලයක් ලෙස පුළුල් ගෝලීය අසමානතාවක් ඇති විය හැක.
2020 අවසානය වන විට ගෝලීය ණය ඩොලර් ට්‍රිලියන 226 දක්වා ළඟා වූ අතර එය දෙවැනි ලෝක යුද්ධයෙන් පසු විශාලතම එක් වසරක වැඩිවීම ලෙස පෙන්වා දිය හැක.
ඩොලර් ට්‍රිලියනයක 28 ක ණය ප්‍රමාණයෙන් අඩකට වඩා මඳක් වැඩි ප්‍රමාණයක් ලබාගෙන ඇත්තේ ආණ්ඩු විසින් ය. ඒ හේතුවෙන් ගෝලීය රාජ්‍ය ණය අනුපාතය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 99 ක් දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ. “ගෝලීය පොලී අනුපාත බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් ඉහළ ගියහොත් සහ වර්ධනය අඩාල වුවහොත් අවදානම් විශාල වනු ඇත,” අන්තර්ජාතික මූල්‍ය අරමුදල අනතුරු අඟවයි.
“මූල්‍ය තත්ත්වය සැලකිය යුතු ලෙස තීව්‍රර වීම නිසා ඉතා ඉහළ ණයගැති ආණ්ඩු, කුටුම්භ සහ සමාගම් මත එල්ල වන පීඩනය ඉහළ යනු ඇත. රාජ්‍යය හා පෞද්ගලික අංශයට එකවර මේ බර දැනුණහොත් ගෝලීය ආර්ථිකයේ වර්ධන අපේක්ෂා අඩාල වනු ඇත” යනුවෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදල අනතුරු අඟවයි. මෙම ණය අර්බුදය කෙතරම් බරපතළ ද යත් 2010 සහ 2021 අතර වකවානුව තුළ නැගී එන ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල වාර්ෂික විදේශ ණය ප්‍රාග්ධන ප්‍රමාණය සහ පොලී ගෙවීම් ගෝලීය පරිමාණයෙන් සියයට 120 කින් වැඩි වී තිබේ.
විජය දිසානායක විසිනි
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගෝලීය ණය අර්බුදය