ජාතික ගීය රටක පුරවැසියන්ගේ හදවතට පමණක් නොව ලේ මස් ඇට නහර පුරා කා වැදී ඇති ජාතියේ උත්තරීතර වූ සංකේතයයි. පුරා වසර 150 ක් බි‍්‍රතාන්‍ය ජාතික ගීය වූ ,ඨදා ී්ඩැ එයැ ණසබට, ගීයට ශ්‍රී ලංකාවේ ජාතික ගීය ලෙස නමස්කාර කළ අපි 1948 දී ලැබූ නිදහසත් සමග අපේම ජාතික ගීතයක් නිර්මාණය කර ගැනීම සඳහා ඇප කැප වූයෙමු.

එහෙත් අද අපේම ජාතික ගීයට නමස්කාර කරන ලාංකිකයන් බොහෝ දෙනෙක් එම දැවැන්ත නිර්මාණය බිහිවීමට අදාළ බොහෝ සුලමුල නොදනිති. ඒ අභිමානවත් මෙන්ම ශෝකාන්තයක් බවට ද පෙරළුණු ඉතිහාස කතාවයි මේ.
භාරත මහා කවි රවීන්ද්‍රනාත් තාගෝර් තුමා ලංකාවේ කළ සංචාර තුනේදී එතුමාගේ ගීත නාට්‍ය නරඹා ඇති වූ උද්දීපනය නිසා 1936 දී ශාන්ති නිකේතනයට ගොස් සංගීතය හා චිත‍්‍ර හැදෑරූ ජෝර්ජ් විල්ප‍්‍රඞ් අල්විස් සමරකෝන් යළි ලංකාවට ආවේ ‘‘ආනන්ද සමරකෝන්’’ ලෙසිනි. ඉනික්බිති ගුරුවරයකු ලෙස වෘත්තිය අරඹා බද්දේගම ශ්‍රී රතනසාර විද්‍යාලයෙන් පසුව ආනන්ද සමරකෝන් නම් සංගීත හා චිත‍්‍ර ගුරුවරයා 1938 සිට 40 දශකයේ මුල්භාගය රාජකාරි කලේ මෙරට බෞද්ධ අධ්‍යාපනයේ මුදුන් මල්කඩක් වූ ගාල්ලේ මහින්ද විද්‍යාලයේය.
මහින්ද ශිෂ්‍ය නේවාසිකාගාරයේ නවාතැන්කරුවකු වූ එතුමා මහින්දයත් එහි බාලිකා පාසල වූ සංඝමිත්තාවත් පිහිටි කඳු ගැට දෙකට මැදිව ඇති ගල් තලාව තම නිර්මාණ බිහි කිරීමේ තෝතැන්න බවට පත් කරගත්තේය.
ගාල්ලේ මහින්ද භූමිය මෙරට නිදහස් අරගලයේ ජාතික සටන් මධ්‍යස්ථාන අතරින් ප‍්‍රමුඛස්ථානයක් ගත් ස්ථානයක් විය. ගාන්ධිතුමා, ජවහර ලාල් නේරුතුමා මෙන්ම තරුණ ඉන්දිරා ගාන්ධි පවා මහින්දයට පැමිණ අපේ දේශමාමක බලවේග හා එකමුතුව නිදහස් සටන තීව‍්‍ර කළහ. තවද තාගෝර්තුමා හා ශ්‍රේෂ්ඨ කිවිඳියක වූ සරෝජනී නායිදු මැතිනිය ද ඒ හා බද්ධ වී පෙරදිග සෞන්දර්ය කලාවක් සඳහා වූ පදනම දැමීමට හවුල් වූවාය. මහින්දය පුරා විසරණය වී තිබූ එකී දැවැන්ත පරිසරය ද සමරකෝන් ශූරීන්ගේ ගී හා චිත‍්‍ර නිර්මාණවලට දැවැන්ත ශක්තියක් එක් කලාට සැක නැත.
සමරකෝන් ශුරීන් මහින්දයේ සිටි යුගයේ දී ඔහුගේ දැවැන්ත හා ජනපි‍්‍රය නිර්මාණ වලින් බහුතරය බිහි වූයේ ඒ මතය. පොඩිමල් එතනෝ සුරතල් එතනෝ, එන්නද මැණිකේ මමත් දියඹටා, පුංචි සුදා සුදු කැටියා, ඇසේ මධුර ජීවිනයේ ගීතා, බැස සීතල ගගුලේ ආදී පේ‍්‍රමනීය හා සෞන්දර්යාත්මක නිර්මාණ ඒ අතර විය. තවද දේශාභිමානී ගී රැුසක්ද එකල ඔහු නිර්මාණය කළේය.
ජන සැම මහ අධිපතියන් තුති වේ, රකිනු මැනවි ලක්මාතා, බලන්න සොයුරිය හා හා හා නුඹෙ ලක් මව දුකෙන් හා නමෝ නමෝ මාතා ඒ අතර විය. එකී දේශාභිමානී ගී මහින්දයේදී නිර්මාණය වූවා පමණක් නොව සමරකෝන් ශූරීන්, මහින්දයේ ඕල්කට් ශ‍්‍රවණාගාරයේදී පියානෝව වටා රැුස්වූ කුඩා මහින්ද සිසුන් සමග ඒවා ගායනා කරමින් අත්හදා බැලූවේය. එකී ප්‍රෞඪ ඉතිහාසයට ගෞරවනීය සාක්කිකරුවෙකු ලෙස එකල ඉදි වූ ඵලකයක්ද මගින්දයේ ඕල්කට් ශ‍්‍රවණාගාරය තුළ ස්ථාපිතව තිබේ.
එසේ නිර්මාණය වූ දේශාභිමානී ගී රැසක් තැටි ගත කිරීම ද සිදු වී ඇති අතර සමරකෝන් ශූරීන් ස්වර්ණාද සිල්වා සමග ගැයු ‘‘නමෝ නමෝ මාතා’’ ගීතය රට තුළ දැවැන්ත ජනපි‍්‍රයත්වයක් ලබා ගත්තේය. 1948 අප නිදහස ලැබීමට ආසන්න යුගයේ ජාතික ගීයක් තෝරා ගැනීමට තරගයක් පැවැත් වූ අතර ශ්‍රී ලංකා ගාන්ධර්ව සභාව එහි මූලිකත්වය ගත්තේය. එම තරගයට ”නමෝ නමෝ මාතා’’ ගීතය ඉදිරිපත් කළ ද ජයගත්තේ ශ්‍රී ලංකා මාතා පාලා යස මහිමා ජය ජය’’ ගීයයි.
48 පළමු නිදහස් සැමරුම් උත්සවයේදී ගායනා කළේද එයයි. එහි පද රචකයා ප‍්‍රකට කවියෙකු වූ පී.බී. ඉලංගසිංහ ශූරීන්ය. සංගීතය හා තනුව සංගීත විශාරද ලයනල් එදිරිසිංහ ශූරීන්ගේය. එහෙත් ඔවුන් දෙදෙනාම එම ගී තරගයේ විනිශ්චය මණ්ඩලයේ සිටි බවත් ඒ තුළ අක‍්‍රමිකතාවක් සිදු වූ බවටත් චෝදනා එල්ල වීම හේතුවෙන් රජය එම ගීතයේ නිල පිළිගැනීම අහෝසි කළේය.
|
නමෝ නමෝ මාතා අපේ ජාතික ගීය ලෙස පිළිගැණුනු යුගයේ ඕල්කට් ශ‍්‍රවණාගාරය තුළ ස්ථාපිතවූ ඵලකය. |
පසුව 1950 අපේ‍්‍රල් වලදී එවකට මුදල් ඇමැති ජේ.ආර්. ජයවර්ධන මහතා කැබිනට් සංදේශයක් ඉදිරිපත් කරමින් කීවේ ජාතික උත්සවවලදී අනිවාර්යෙන් ගැයෙන ගුවන් විදුලියේ නිතර ඇසෙන ජනතාව විසින් ද නිල නොවන ජාතික ගීය ලෙස ගෞරව කරනු ලබන ‘‘නමෝ නමෝ මාතා’ අපේ ජාතික ගීය ලෙස පිළිගත යුතු බවය.
දීර්ඝ සංවාදයකින් පසුව සමරකෝන් ශූරීන් විසින්ම කරන ලද වචන 02 ක සුළු වෙනසක් සමග 51 නොවැම්බර් 22 දා ‘‘නමෝ නමෝ මාතා’’ ලක් දෙරණේ ජාතියේ ගීතය බවට පත්විය. එහෙත් ඊට පෙර 1949 නිදහස් උළෙලේදී ද එම ගීතය සිංහලෙන් මෙන්ම දෙමළනේද ගායනා වී තිබේ. එහෙත් සමරකෝන් ශූරීන්ට නින්දා, මඩ, අභූත චෝදනා රැසක් එල්ල වන්නට විය. ආණ්ඩු පෙරළුණේ, රාජ්‍ය නායකයන් මියගියේ රට තුළ නොසන්සුන්තා ඇතිවන්නේ ජාතික ගීයේ අපල නිසා බවද සමහරු අර්ථ දක්වන්නට වූහ. ‘‘නමෝ’’ පදයේ ‘‘න’’ අක්ෂරය අසුබ බවටද හඬක් නැගිණ.
1961 දී එය ‘‘ශ්‍රී ලංකා මාතා’’ ලෙස සමරකෝන් ශූරීන්ටද නොදන්වා වෙනස් වූයේ ඒ තුළය. ඒ ගැන ඔහු දැඩිසේ කම්පා විය. මේ අසාධාරණයට එරෙහිව තමා ජීවිතයෙන් වන්දි ගෙවන බවට ඔහු කීවත් කිසිවකු එය ගණන් ගත්තේ නැත. දෙවරක් නිදි පෙති බී බේරුණු ඔහු, තුන් වැනි වර නිදිපෙති 30 ක් පානය කොට 1962 අපේ‍්‍රල් 02 දා ජාතියම හඬවමින් හා කම්පනයට පත්කරමින් ලක් දෙරණට සමුදුන්නේය. අද මුළු මහත් ජාතියම වන්දනීය ලෙස ගෞරව කරන අපේ ජාතික ගීයේ බිහිවීම හා නිල ලෙස පිළිගැනීම හා නිර්මාණකරුවාගේ ඛේදජනක ඉරණම පිළිබඳ කටුකවූත් සත්‍යවූත් කතාව එසේය.
අපේ වත්මන් ජාතික ගීය මහින්දයේදී බිහි වූවා පමණක් නොව ගාන්ධර්ව සභාව විසින් ජාතික ගීය ලෙස තෝරාගන්නා ලද ”ශ්‍රී ලංකා මාතා පාලා යස මහිමා ජය ජය” ගීතයද මහින්දයට දැඩි සබඳතාවක් සහිත නිර්මාණයකි. එනම් එම ගීතයේ සංගීතය හා තනුව නිර්මාණය කළ ලයනල් එදිරිසිංහ ශූරීන් මහින්දයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයකු වීමය. භාත්කණ්ඬේ සරසවියෙන් සංගීත විශාරද උපාධිය ලැබූ පළමු ලාංකිකයා වූ එදිරිසිංහ ශූරීන්, බද්දේගම නිජබිම කරගත් අයෙකි. ගීතයක අයිතිය සංගීතඥයාට නිසා එදා තරගයෙන් ජයගත් ගීතය දිගටම අපේ ජාතික ගීය වූවා නම් ඒ හරහා මහින්දයට ද ලැබෙන ගෞරවය වැලැක්විය නොහැකිවනු ඇත.
තවද සුනිල් ශාන්ත ගැයූ ‘‘ලංකා ලංකා පෙම්බර ලංකා’’ ගීතයද ජාතික ගීයට සුදුසු බවට එදා මත පළ විය. එම ගීතය අපේ ජාතික ගීය වූවා නම් එහිදී මහින්දයට ලැබෙන ගෞරවය සුළු පටු නොවේ. මන්ද අරිසෙන් අහුබුදු ශූරීන් එම ගීතය රචනා කළේ මහින්දයේ ගුරුවරයෙකුව සිටි යුගයේදීය. මෑතකදී රටේ වැඩිම අවධානය දිනාගත් සුන්දර නිහතමානී ද මැල් ගේ ”මහින්දෙ තමයි ඉස්කෝලේ’’ කෘතිය ආරම්භ වන්නේද මහින්දයේදී අපේ ජාතික ගීය හා බැඳුනු පසුබිම විස්තර කරමිනි.
ගාල්ල මහින්දයේ දී ආනන්ද සමරකෝන් ගුරු පියාණන් අතින් අපේ ජාතික ගීය බිහිවෙද්දී මහින්දයේ අකුරු කළ සිසුන් අතර සිරි ගුණසිංහ, නන්දදාස කෝදාගොඩ, විනී විතාරණ, එඞ්වින් ආරියදාස, ඒ.ටී. ආරියරත්න, ඇල්බට් එදිරිසිංහ, හිටපු නාවික හමුදාපති බැසිල් ගුණසේකර වැනි අයද වේ. තවද සමරකෝන් ගුරු පියාණන් හා එක්ව එදා කුඩා මහින්ද සිසුන් ලෙස ‘‘නමෝ නමෝ මාතා’’ ගැයූ හා එය ලියාගත් සටහන් පොත තවමත් තිබෙන අතර කල්‍යාණ ද සිල්වා හා ලන්ඩනයේ පදිංචි වෛද්‍ය ජීවා විජේරත්න යන අයද වෙතිඒ තුළ අපේ ජාතික ගීයට මුළු මහත් ජාතියේම සිරස නැමෙද්දී එය නිර්මාණය කළ සමරකෝන් ශූරීන්ට මෙන්ම එම ගීය බිහි වූ තෝතැන්නවූ ගාල්ලේ මහින්දයටද එම ගෞරවයෙන් කොටසක් හිමිවීම වැළැක්විය නොහැකි යථාර්ථයකි.
|
අපේ ජාතික ගීය මුලින්ම ගැයූ ගාල්ලේ මහින්ද ඕල්කට් ශ‍්‍රවණාගාරය. |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ඔබ ගැන ආඩම්බරයි! (නි)
රටට ජාතික වටිනාකම් උරුමකළේ දකුණේ විරුවන්. අපිට ආඩම්බරයි. ඔබට ස්තුතියි! (නි)
හරිම හොඳයි (නදී)
මේ ලිපියෙන් අපේ අතීතය මතක් කරනවා.(නදී)
ඉන්දික, මමත් රත්නපුරයේ. අමුණූතැන්න පාසලේ කතාව කියන්නකෝ. (නි)
ජයමහ මහත්තයා, මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ආනන්ද සමරකෝන් අධ්‍යයනය නම් කෘතිය කියවන්න. (නදී)
අපිට ඔබ ගැන ආඩම්බරයි...
මේ මහින්ද ශාස්ත්‍ර ශාලා කීර්තියෙන් වැජඹේවා! (නි)
දිවංගත ආනන්ද සමරකෝන් සූරීන් ගැන ලියවුක මේ ලිපිය මම ඉතාමත් අගය කරනවා. ආනන්ද සමරකෝන් ශූරීන් මම හදුනාගත්තේ 1959 දි මා රත්මලාන ධම්මානන්ද විදුහලේ සිසුවෙකුව සිටියදී. අපි සිසුන් කිහිප දෙනෙක් එතුමා සමග කොළඹ රාජකීය විදුහලේ පැවති මාසික රැගුම වැඩසටහන නරඹන්න ගියා. පසුව මම 1978 දි රාජකීය විදුහලේ ගුරුවරයෙක් වුනා. දිවංගත අඑිසෙක් අහුබුදු ශූරීනුත් අපේ අජරාමර මිත්‍රෙයක්. ඔවුක් සමග මා ගල්තිස්සේ ශාන්ත තෝමස් විදයාලයේ සේවය කලා. සේ දෙදෙනාම දැ හිතවත් විරුවන්. (නදී)
ඉතාම ආඩම්බරයි මෙම ගීතය නොවෙනස්ව පවතිනවා තවත් සතුටුයි.(ස)
මහින්දීයෙක් වීම ගැන ආඩම්බරයි! (නි)
සුභ පැතුම්! ඉදිරියටම යන්න. (නි)
ආනන්ද සමරකෝන්ගේ මී මුනුබුර්න දැන් කොහොද ඉන්නේ.(නදී)
ගොඩක් සතුටුයි (ස)
හොඳ ලිපියක් , ලංකාදීපයට සුබ පැතුම් (ස)
මමත් දකුනේ නිසා මට දකුන ගැන හරිම ආඩම්බරයි.(නදී)
හරිම ආඩම්බරයි! (නි)
හරිම ආඩමිබරයි! අපේ ගම, අපේ ජාතික ගීය වගේම අපේ ජාතික කොඩිය ගැනත් දැනගන්න කැමතියි.(නදී)
අතීත ආවර්ජනා.....(ස)
මහින්ද විද්‍යාලීය මෑණියනි අපිට ඔබ ගැන ආඩම්බරයි (ස)
නමුත් මම නම් අහලා තියෙන්නේ ජාතික ගීය රත්නපුර ආසන්න ගමක පාසලක බිහිවුණ ගීතයක් ලෙසටයි. හරිද වැරදිද නම් මන්දා? (නි)
දකුණේ අපි කවදත් රට වෙනුවෙන් යමක් කරනවා. (නි)
මහින්ද විද්‍යාලයේ අපිට හරිම ආඩම්බරයි (ස)
තව මොනවාටද අටුවා ටීකා? දකුණ නැත්නම් රටකුත් නැහැ. (නි)
මෙවැනි හරවත් ලිපි පලකරනවාට ලංකාදීපයට සහ ලේඛකයන්ට අපගේ උපහාරය.(නදී)
ලංකාවට දකුණු පළාතක් නැත .නමුත් දකුණූ පළාතට ලංකාවක් ඇත. මේ මගේ අදහසයි. (නි)
උතුර දකුණ මැද බටහිර නැගෙනහිර නමෝ නමෝ මාතා ගී හඬ නිතර සතුටු සිතින් එක්වී ලක්වැසි පෙම්බර සමරමු නිදහසේ හැටපස් වැනි වසර
මහින්දෙ තමයි ඉස්කොලේ.(නදී)
රත්නපුර අමුණුතැන්න පාසැලේදී නෙමෙයිද මේ ගීතය මුලින්ම කිවුවේ? (නි)
අපේ ජාතික ගිය අපේ මව හා සමානයි (දී)
ඉතා රසවත් ලිපියක්.(නදී)
දකුණට තැන ඇත හාමදාමත් සිරිලක. (නි)