1983 ජනමත විචාරණය ජය ගැනීමත් සමගම එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට තිබුණේ පුදුමාකාර සතුටකි. ඊට එක් හේතුවක් වූයේ එම කි‍්‍රයාදාමය නිවැරැදි බව පෙන්වීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රබලයන් පිරිසක්ද ඊට එක්වීමය. අනුර බණ්ඩාරනායක, මෛතී‍්‍රපාල සේනානායක, හලිම් ඉෂාක් ආදීහු ඒ අතර වූහ. පාර්ලිමේන්තුවේ කාලය වසරකින් දිගු කරගත් එම ඡන්ද ක‍්‍රමය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී කි‍්‍රයාදාමයක් ලෙස රටේ ප‍්‍රබල ජනමතයක් පැවැතිණි. එහෙත් ආණ්ඩුව එය ගණන් ගත්තේ නැත.
චමල් |
”ජනමත විචාරණය ඡන්ද ක‍්‍රමයක් නොවේයයි කියන්න බෑ. ඒක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම සහතික කරල තියෙන ක‍්‍රමයක්. නමුත් ජනමත විචාරණයක හොඳ හෝ නරක හෝ යෝග්‍ය ද යෝග්‍ය නැති ද කියන එක කෙනකුට කියන්නටත් පුළුවන්. ඒත් ඒක ප‍්‍රජාතන්ත‍්‍රවාදී පිළිවෙතක් නොවෙයි කියල කියන්න බෑ.
එදා එම ආණ්ඩුවේ ප‍්‍රබලයන් තර්ක කළේ එහෙමය. එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ සංවිධානවල ප‍්‍රධානීහුද ගිරවුන් මෙන් එහි ගුණ ගායනා කරමින් ආණ්ඩුවට හොඳ තල්ලූවක් දුන්නෝය. එය ”කරන කලට පව් මීරිය මී සේ” කියන්නා සේය. අධිකරණයෙන් පවා එම කි‍්‍රයාදාමයට අනුමැතිය ලැබුණි. එහෙත් එහි යුක්තිසහගත භාවය හා එම ජනමත විචාරණය ජයගැනීම සඳහා ගෙනගිය අපකීර්තිමත් මැතිවරණ කි‍්‍රයාවලියේ පිළිකුල් සහගත ස්වරූපයෙන් අදත් යූ.ඇන්.පී.යට ගොඩඒමක් නැත. මැතිවරණ දුෂණ ගැන කතා කරන විට ජේ.ආර්. යුගයේ කළගෙඩි ලාම්පු සෙල්ලම හා චන්ද්‍රිකා බණ්ඩාරනායක යුගයේ වයඹ පළාත් සභා මැතිවරණය උදාහරණ ලෙස ගැනීම අදටත් සාමාන්‍යයෙන් සිදුවන්නකි. මේ සියලූ තත්ත්වයන් යටතේ ජනමත විචාරණය හරහා ව්‍යවස්ථාදායකයේ කාලය වසර 6කින් දිගුකර ගැනීමේ කි‍්‍රයාවලියේ සතුට නැත්නම් ”ජොලිය” එදා යූ.ඇන්.පී.ය බුක්ති වින්දේ මහත් උජාරුවකිනි.
පසු කලෙක හයෙන් පහක ප‍්‍රබල රජයේ වැටීම ආරම්භ වන්නේත් රට බිහිසුණු කැරලි දෙකකට මුහුණ දෙන්නේත්, දෙමළ බෙදුම්වාදී ව්‍යාපාර උත්සන්න වන්නේත් එම විකෘති දේශපාලන සංසිද්ධියේ ප‍්‍රතිඵලයක් ලෙස යැයි අදත් රටේ පොදු පිළිගැනීමක් තිබේ. ඊට හුරේ දැමූ සමහරු අද ජීවතුන් අතරත් නැත. එහෙත් ”කට්ට කන්න” සිදු වී තිබෙන්නේ දැන් දේශපාලනය කරන යූ.ඇන්.පී. කාරයන්ටය.
වාසු |
සමහරු වත්මන් ආණ්ඩුව මේ ඊයේ පෙරේදා ජයගත් දෝෂාභියෝගී කි‍්‍රයා පිළිවෙත ඊට සමාන කිරීමට සැරසෙති. ඔවුහු එය ආණ්ඩුවේ බිඳවැටීමක ආරම්භයක් වශයෙන්ද හඳුන්වති. එවැන්නක් ගැන සඳහන් කිරීමට තවමත් වේලාසන වැඩිය. ආණ්ඩුවේ අයට නම් එදා යූ.ඇන්.පී.යේ අයට ඇති වූ ජොලිය මේ කි‍්‍රයාවලියත් සමඟ ඇති වී නැති බව පෙනේ. ගෝල්ඩන් කී තැන්පත්කරුවන් කිරිබත් කෑවත්, සමහර ති‍්‍රරෝද රථ රියැදුරන්ට පොඩි ජොලියක් ඇති වී තිබුණත්, ආණ්ඩුවේ ප‍්‍රබලයන් එවැනි තැනක නොසිටින බව පෙනේ. පාරවල් දිගේ කිරිබත් කෑමත්, පොල් ගැහීමත් අද මේ රටේ සාමාන්‍ය සිරිතකි. නැතිනම් උප සංස්කෘතියකි. එය එදා ජනමත විචාරණයේ දී මෙන් ආණ්ඩුවට ඇති වූ ජොලියක් සේ තහවුරුවන්නේ නැත. ඊට හේතුව ව්‍යවස්ථාදායකය හා විධායකය අතර ඇති වූ මෙම ගැටුමින් දෙපිරිසටම තුවාල සිදුවීමය.
අවශ්‍යතාවක් තිබේ නම් මේ ගැටුමින්ම දෙපිරිසටම නව ආරම්භයක් උදාකරගත හැකිය. ඊට ඕනෑතරම් ආදර්ශ ද සොයාගත හැකිය. අවශ්‍ය වන්නේ ඕනෑකමය. අලූත්කඬේ උසාවි සංකීර්ණයේ දී නීතිඥයන් පිරිසක් ඉටිපන්දම් පත්තුකරමින් යුක්තියේ හා සාධාරණත්වයේ මළගම සැමරීමට සූදානම් වුණත්, සියල්ල සති දෙකකින් කාටත් අමතක වනු ඇතැයි තවත් පිරිසක් කල්පනා කළත්, ගෝල්ඩන් කී සමහර තැන්පත්කරුවන් තම තැන්පත් මුදල් සිහින දෙව්දුවක් බන්දේසියක තබා ගෙනැවිත් දෙනු ඇතැයි සිහිනෙන් දුටුවත් සමස්තයක් වශයෙන් ආණ්ඩුව එසේ කල්පනා කරන බව නොපෙනේ. එය වැදගත්ය.
දෝෂාභියෝගී කි‍්‍රයාදාමයේ දී වුවද අමාත්‍ය වාසුදේව නානායක්කාර අයත් නැති පැරණි වමේ මතය ආණ්ඩුවේ පොදු මතය හා ගැටුණි. එම විකල්ප වූ මතය ප‍්‍රකාශයට පත් කළ අමාත්‍ය ඩිව් ගුණසේකරගේ හඬට කන්දෙන්නැයි කතානායක චමල් රාජපක්‍ෂ මූලාසනයේ සිට කළ ප‍්‍රකාශය මධ්‍යස්ථ මතධාරීන්ගේ ගෞරවයට හේතු වී තිබේ. විධායකය මත සියල්ල ඒකරාශී වූ ක‍්‍රමයක් යටතේ වුවද මේ ආණ්ඩුවේ වෙනසක් දක්නට ලැබෙන්නේ මෙවන් කි‍්‍රයාදාමයන් හරහාය. කොමියුනිස්ට් පක්ෂයේ නායකයාට ආණ්ඩුව තුළ ඉඳිමින්ම එවන් යම් වෙනස් මතයක් දැරීමට තිබෙන අයිතියට ආණ්ඩුවේ නායකයා ද ගරු කිරීම ප‍්‍රශංසනීය මෙන්ම අතීතය හා සැසඳීමේ දී සාධනීය ප‍්‍රවේශයකි.
1970 පිහිටු වූ සමගි පෙරමුණු රජය බිඳ වැටෙන්නේ තම පෙරමුණේ හවුල්කාර පක්ෂවලට නම්‍යශීලීව නොසැලකීමේ එවකට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ නායකත්වයේ පැවැති උද්ධච්ඡු පිළිවෙත නිසාය. වම කොතරම් කුඩා වුණත් එදා ඔවුන් නොමැතිව තනියම යෑමට කල්පනා කළ ශී‍්‍ර ල.නි.ප.යේ හොට බිම ඇනගත්තේ ද එහි ප‍්‍රතිඵලයක් වශයෙනි. එ් අනුව ගත්කල මෙදා ඩිව් ගුණසේකර ඇමැතිවරයාගේ හඬට ද වටිනාකමක් දීම වැදගත්ය. වම කුඩා වුවද සිටින්නේ එක්කෙනා දෙන්නා වුවද මෙවන් ආණ්ඩුවක පැවැත්මට එය වැදගත්ය.
විපක්ෂයේ ඇත්තේ එහි අනෙක් පැත්තය. විපක්ෂයේ සිටිමින් වුවද එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන්ට උසාවියේ විභාග වන නඩුවක් නැරඹීමටවත් අවසරයක් නැත. තමන්ට නොලැබුණු කාලය විපක්ෂයේ ම වෙනත් මන්තී‍්‍රවරයකුගෙන් ලබාගෙන ආණ්ඩුවට විරුද්ධව කතා කිරීමටවත් නියෝජ්‍ය නායකයාට වුවද අවසරයක් නැහැ වගේය. මාධ්‍ය වාර්තා කරන්නේ එහෙමය. විපක්‍ෂ දේශපාලනය තුළ ඇති මෙවන් දරදඬු දඬු අඬු විනය පද්ධතියක් හා සැසඳීමේදී ආණ්ඩුව ඇතුළේ වෙනස් මතයක් දැරීමට ඇති අයිතියට ගරු කිරීමේ වැදගත්කමක් තිබෙන බව තේරුම් ගැනීමට ආණ්ඩු පාක්ෂිකයකු විය යුතුම නැත. අවසන් වූ දෝෂාභියෝග කි‍්‍රයාදාමයත් සමඟම ව්‍යවස්ථා සංශෝධනයක් සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන බවක් පෙනේ. ව්‍යවස්ථාදායකයේ ප‍්‍රධානියාම ඊට මුලපුරා තිබීම හොඳ ආරම්භයකි.
කතානායක චමල් රාජපක්‍ෂ කවදත් ඉවසීමෙන් කටයුතු කරන නිහතමානී සමබර නායකයකු ලෙස ප‍්‍රකටය. ඔහුගේ කතානායක භූමිකාව විපක්ෂයේ ද පැසසුමට ලක්ව තිබීමෙන් එය පැහැදිලි වේ. කතානායක නිල නිවසට යන ඕනෑම කෙනකුට සරමක් බුෂ් ෂර්ට් එකක් පැළැඳ සිනහ මුසු මුහුණින් යන එන අය පිළිගන්නා මේ තෙවැනි පුරවැසියා දැකගත හැකිය. එම සැහැල්ලූ අත්දැකීම් සහිත වියපත් ස්වරූපය ප‍්‍රශ්නයක දී කලබල වන බවක් පෙන්නුම් කරන්නේ නැත. එහෙත් රුහුණේ ගිරුවාපත්තුවෙන් පැමිණි චමල් රාජපක්‍ෂ ඇල්වතුරත් නිවලා බොන ජාතියේ කෙනකු නොවන බවට ද වගබලාගෙන තිබේ. එසේම කිවයුතු දේ ඍජුව ප‍්‍රකාශ කිරීමේ පෞරුෂයක් ඔහු තුළින් විද්‍යමාන වේ. දැන් ළතවුණා ඇති. මෙතැන් සිට පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයකට රට ගමන් කළ යුතු බව අද ආණ්ඩුවට සැලකර සිටින්නේ ව්‍යවස්ථාදායකයේ මේ ප‍්‍රධානියාමය. මේ සියලූ අවුල් එහි ප‍්‍රතිඵලයකි. ”අවසානයේ අහිංසක මටත් මේවාට මැදිහත්වීමට සිදු වී තිබේ.” ඔහු කෙටියෙන් කීවේ එයයි.
”පසුගිය දවස්වල රටේ ලොකු ආන්දෝලනයක් තිබුණා. එම අර්බුදය ඇතිවුණේ කෙසේද කියා අප දන්නවා. ඒ නිසා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කර රටට සුදුසු ගැළපෙන ව්‍යවස්ථාවක් සම්පාදනය කරගන්න ඕන. එම බලය තිබෙන්නේ ව්‍යවස්ථාදායකයටයි. දැන් එයට හොඳම අවස්ථාව පෑදිලා. ඒ නිසා එය කඩිනමින් කළ යුතුයි. ජනතාවගේ යහපතට සංවර්ධනයට කඩිනමින් ප‍්‍රශ්න විසඳීමට හැකි ආකාරයට එය කළ යුතුයි.”
කතානායකවරයා සඳහන් කරන්නේ පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් ගැනය. එය ජනතාවගේ ප‍්‍රශ්න විසඳන ආකාරයට සිදුවිය යුතු සංශෝධනයකි. එසේම පවතින බහුබූත ව්‍යවස්ථාව කණපිට හරවනයක් විය යුතු බව ද පැහැදිලිය. ඊට අවශ්‍ය ව්‍යවස්ථාමය ශක්තිය මේ ආණ්ඩුවට තිබේ. ඔහු නොකියා පවසන්නේ එයයි. පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නායකයකු වන කතානායක චමල් රාජපක්‍ෂ ගාල්ලේ දී මේ මතය පළකරන විට ගාල්ල දිස්ති‍්‍රක්කය නියෝජනය කරන මන්තී‍්‍රවරයකු වන දොස්තර රමේෂ් පතිරණ තරුණ මන්තී‍්‍රවරයා තම හඬ අවදි කරන්නේද ව්‍යවස්ථා සංශෝධනයක් වෙනුවෙනි.
”මැතිවරණ ක‍්‍රමය ඇතුළුව වෙනස් විය යුතු අංග රාශියක් තිබෙනවා. විනිසුරුවරුන් ඉවත් කිරීමේ කි‍්‍රයාපටිපාටිය ඇතුළුව සියලූම කාරණා වැදගත් සාකච්ඡාවකට ලක්කළ යුතුයි. මේ රටේ ජනතාව කලබලයට පත් කරන්නේ නැති මහජන නියෝජිතයන්, විධායකය හා අධිකරණය සමගම කටයුතු කරන සරල ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් තිබෙනවා නම් එය රටටත් ජනතාවටත් හිතකරයි. අද හැම දෙනාගේම අපේක්‍ෂාව එයයි.
රමේෂ් |
මේ අතර උත්තරීතර වන්නේ ජනතාව හා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව බව මතක් කර දීමට ද ඔහු පසුබට වන්නේ නැත. ”මට නම් හැඟෙන විදියට ජනතාව තමයි පරමාධිපත්‍යය. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තමයි උත්තරීතර. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හා ජනතාවගේ පරමාධිපත්‍යය ආරක්‍ෂාවන අයුරින් කටයුතු කරන්න මේ ආයතන තුනටම වගකීමක් තිබෙනවා.”
ගාල්ලේ දොස්තර රමේෂ් පතිරණ හිටපු කීර්තිමත් අමාත්‍යවරයකු වූ රිචඞ් පතිරණගේ පුත‍්‍රයාය. පිය උරුමයෙන් ඔහු දේශපාලනයට පැමිණිය ද වත්මන්
පාර්ලිමේන්තුව නියෝජනය කරන තරුණ මන්තී‍්‍රවරුන් අතුරින් උගත් තැන්පත් නිහතමානී චරිතයක් ලෙස රමේෂ් ප‍්‍රකටය. මෙවන් කණ්ඩායමක් ම ආණ්ඩුවේ පසුපෙළ නියෝජනය කරති. රමේෂ් පතිරණ දේශපාලනයට පිවිසෙන්නේ තමන්ට පෞද්ගලිකව මීට වඩා සැපවත් දිවි පෙවෙතක් ගත කිරීමට ඇති අවස්ථා ඉවත දමලාය. එ් නිසාම ඔවුහු මේ දේශපාලනයේ තේරුමක් අපේක්‍ෂා කරති. මේ නිසා වෙනසක් සිදුවීමකින් තොරව එකතැන පල්වෙන දේශපාලනයක නිරතවීමට දොස්තර රමේෂ් පතිරණලා සූදානම් දැයි කියන්න දන්නේ නැත.
දෝෂාභියෝගයෙන් පසුව පසුපෙළ මන්තී‍්‍රවරුන්ද තම හඬ අවදිකිරීමට සූදානම් වෙලා වාගේය. පසුපෙළ නොවුණද රෙජිනෝල්ඞ් කුරේ ඇමැතිවරයා දරන්නේ ද මෙවන් මතයකි. දෝෂාභියෝගයෙන් පසුව වේගවත් විය යුතු ව්‍යවස්ථා සංශෝධනයක හඬ දැන් මතුවන්නේ ව්‍යවස්ථාදායකයේ ඉහළ පුටුවෙන් පමණක් නොවේ. පහළම පුටුවලින් ද ඒ හඬ නැගේ. එය ගාල්ලෙන් ඇරඹීමද දකුණෙන්ම ඇරඹුණා වාගේය. මේ නිසා 1983 ට පසු යුගය වර්තමානයට සමාන කළ නොහැක. දෝෂාභියෝගයෙන් පසුව දක්නට ලැබෙන මෙම සාධනීය ප‍්‍රවණතාව ආණ්ඩුවට පැවැති තත්ත්වයටත් වඩා වාසිදායක කරගත හැකිය. එහි පෙරමුණ ගතයුත්තේ තමන් උත්තරීතර යැයි හඬ නගන ව්‍යවස්ථාදායකයමය. නැතිනම් එම උත්තරීතර බවෙන් ශත පහකට වැඩක් නැත.
ඩිව් |
මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්
බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන
ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ
පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම
ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ
ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගාල්ලෙන් යෝජනාවක්