IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ගොවි-පාරිභෝගික වියදම අඩුකරන නව ක්‍රමවේදයක්

කොරෝනා යළිත් හිස ඔසවයි. එමගින් දේශීය නිෂ්පාදන ආර්ථිකයක අවශ්‍යතාව යළි යළිත් සනාථ කරවයි. මේ ඒ පිළිබඳව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්මානනීය මහාචාර්ය විද්‍යානිධි එස්.ඒ. කුලසූරිය විද්වතාණන් සමග කළ සාකච්ඡාවක් ඇසුරෙන් සැකැසූ ලිපියකි. පාංශු ශුද්‍ර ජීවී විද්‍යාව පිළිබඳ දෙස් විදෙස් පතළ විද්‍යාඥයකු වන මේ විද්වතා හන්තානේ පිහිටි ජාතික මූලික අධ්‍යයන ආයතනයේ ආරාධිත මහාචාර්යවරයකු ලෙස ද කටයුතු කරයි.

ලංකා ආර්ථිකයේ පවතින ප්‍රබල ප්‍රශ්නය වන්නේ විදේශ විනිමය හිඟකමය. එය අපේ ආර්ථිකය මුහුණ දෙන බරපතළම ප්‍රශ්නයකි. එහි බරපතළකම ආනයන වියදම හා අපනයන ආදායම අතර පවතින පරතරයෙන් මැනැවින් අවබෝධ කරගත හැකිය. මෙරට ආනයන වියදම ඇමෙරිකන් ඩොලර් බිලියන 22කි. අපනයන ආදායම ඇමෙරිකන් ඩොලරි බිලියන 12කි. ඒ අනුව ආනයන වියදම හා අපනයන ආදායම අතර පවතින පරතරය ඇමෙරිකන් ඩොලර් බිලියන 10කි. මෙය ඉතා විශාල පරතරයකි. මෙතෙක් කාලයක් අපට ඇමෙරිකන් ඩොලර් නැතහොත් විදේශ විනිමය ලැබුණු ප්‍රධාන මාර්ගය වූයේ විදේශ ශ්‍රමිකයන්ගෙනි. දෙවැනි මාර්ගය වූයේ ඇඟලුම් අපනයනය. එහෙත් ලෝක ව්‍යාප්ත කෙරෝනා උවදුර නිසා ඒ ආදායම් මාර්ග දෙකම බරපතළ ලෙස කඩා වැටී තිබේ.

විදේශ විනිමය හිඟය පියවා ගැනීම සඳහා රජය ගත් කෙටි කාලීන ක්‍රියාමාර්ගය වූයේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම තහනම් කිරීමය. රට ඇතුළේ නිෂ්පාදනය කළ හැකි දේවල් රටෙහි නිෂ්පාදනය කිරීමය. එහෙත් තවදුරටත් යම් යම් දේවල් රටින් ආනයනය කිරීමට සිදුවෙයි. මෙරටෙහි නිෂ්පාදනය කළ නොහැකි ඖෂධ වර්ග ඒ අතර ප්‍රධානය. යානවාහන හා අමතර කොටස් ආනයනය ද දිගු කාලීනව සියයට සියයක් තහනම් කරගෙන සිටිය නොහැකිය. ඒ නිසා ඒ තහනම යම් අවස්ථාවක ලිහිල් කිරීමට සිදුවෙයි. ඛනිජ තෙල් හා විදුලි බලාගාරවලට අවශ්‍ය ගල් අඟුරු දිගින් දිගටම ආනයනය කිරීමට සිදුවෙයි. ගොවිතැනට අවශ්‍ය රසායනික පොහොර ද එසේම දිගින් දිගටම ආනයනය කිරීමට සිදුවෙයි. එහෙත් අපේ ගොවිතැන රසායනික පොහොරින් මුදා ගතහොත් රසායනික පොහොර ආනයනය කිරීමට රටින් පිටට යන ඩොලර් ප්‍රමාණය මහා පරිමාණයෙන් අවම කරගත හැකිය. එය කළ හැකි දෙයකි. එය කළ හැකි බව මහනුවර හන්තානේ පිහිටි ජාතික මූලික අධ්‍යයන ආයතනය මගින් තහවුරු කර තිබේ. මූලික අධ්‍යයන ආයතනය සියයට සියයක් රජයට අයිති විද්‍යාත්මක පර්යේෂණ පවත්වන ආයතනයකි. රසායනික පොහොර ආනයනය කිරීමට රටින් පිටව යන මුදල් ප්‍රමාණය නවතා ගත හැකි බව මූලික අධ්‍යයන ආයතනය මගින් ප්‍රායෝගිකව ඔප්පු කර තිබේ.

 ඒ පිළිබඳව කතා කිරීමට පෙර අවධානය යොමු කළ යුතු වෙනත් කරුණක් ද තිබේ. එය නම් යළි රටින් හාල් ආනයනය කිරීමට සැරැසීමය. එසේ සැරැසෙන්නේ රටට අවශ්‍ය තරමට රටෙහි හාල් නිෂ්පාදනය නොවන බව කියමිනි. ඇතැමුන් කියන්නේ මෙරට වී ගොවිතැනේ අස්වැන්න අඩු බවය. ලෝකයේ වෙනත් ඇතැම් රටවල අස්වැන්න සමඟ සසඳන විට අපේ රටේ අස්වැන්නේ අඩුවක් පවතින බව සත්‍යයකි.
මෙරටෙහි දැනට හෙක්ටයාරයකින් මෙට්‍රික් ටොන් 4.2ක වී අස්වැන්නක් ලැබේ. කොරියාව හා ජපානය වැනි රටවල එය පවතින්නේ හෙක්ටයාරයකින් මෙට්‍රික් ටොන් 10ක් 12ක් අතර ගණනකය. ඒ රටවල තත්ත්වයට යාමට නම් අප දෙමුහුන්කරණයේ සිටම වෙනස් විය යුතුය. අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියන්නේ ලංකාවේ හෙක්ටයාරයකින් දැනට ලැබෙන මෙට්‍රික් ටොන් 2.3 වී අස්වැන්නෙන් මෙරට හාල් අවශ්‍යතාව සපුරා ගත හැකි බවය.

 එවැනි හැකියාවක් පවතින්නේ නම් රටින් හාල් ගෙන්වන්නේ හා යළිත් ගෙන්වීමට සැරැසෙන්නේ ඇයි දැයි තවත් ප්‍රශ්නයක් මතු වෙයි. ඒ ප්‍රශ්නයට පිළිතුර සරලය, පැහැදිලිය. අපේ රටේ හාල් මෝල් හිමියන් සහ දේශපාලනය අතර පවතින්නේ ඍජු, සමීප හා දැඩි සබඳතාය. ලංකාවේ පවතින බව කියන හාල් හිඟය කෘත්‍රිම මවාපාන්නකි. ලංකාවේ මහා පරිමාණ හාල් මෝල් හිමියන් සතු ගබඩා පහසුකම් දැන් ඉතා දියුණුය. එසේම අධිතාක්ෂණිකය. වීවලට කිසිම හානියක් නොවී අවුරුදු දෙක තුනක් ගබඩා කරගත හැකිය. ඒ අවුරුදු දෙක තුනේ ඒ වීවලට කිසිම හානියක් නොවෙයි. ඒ ගබඩාවල තත්ත්වය ඒ තරම් ඉහළය. අධිතාක්ෂණිකය. ඒ අතර සත්ව ආහාර සඳහා ද හාල් ලබාදෙයි. ඒ සියල්ල කරමින් හාල් හිඟයක් මවාපායි. හිඟය පිරිමහන්න රටින් ගෙන්වන බව කියයි. අපේ අවබෝධය හා වැටහීම වන්නේ මිල පාලනය කරගැනීම සඳහා එනම් හාල් කිලෝවක් රුපියල් සියයකට ඉහළ මට්ටමේ පවත්වාගෙන යාම සඳහා මෙය කරන බවය.

කවරෙන් එළියට එන වී ඒ ඒ අවස්ථාවලම හාල් බවට පරිවර්තනය කෙරෙන යාන්ත්‍රණයක් පවතින්නේ නම් අදටත් හාල් කිලෝවක් රුපියල් 70කට පමණ මිල කළ හැකි බව මාගේ තක්සේරුවයි. මෙම හාල් හිඟය කෘත්‍රිම මවාපෑමකි. එහි අරමුණ හාල් කිලෝවක මිල ඉහළ මට්ටමක පවත්වාගෙන යාමය. එයට හාල් මෝල් හිමියනුත් දේශපාලනයත් සම්බන්ධ බව දැන් ඉතා පැහැදිලිය.

 හාල් මිල එසේ ඉහළ යාම වැළැක්වීම සහ ගොවියාට වී ගොවිතැන සඳහා වැයවන මුදල අවම කරදීමේ අරමුණුවලින් රජය පොහොර සහනාධාරය ලබාදෙයි. ඒ අනුව පොහොර සහනාධාරයේ අරමුණ වන්නේ පාරිභෝගිකයාට සහන මිලකට හාල් ලබාදීම සහ වී ගොවියාගේ නිෂ්පාදන වියදම අවම කිරීමය. ඒ පොහොර සහනාධාරය සඳහා රජය වැය කරන මුදල ද සුවිශාලය. රජය ඒ මුදල වැය කරන්නේ රටේ සමස්ත ජනතාවගෙන් අය කරන බදු සහ දඩ මුදල් සේම එතෙරින් හා මෙතෙරින් ගන්නා ණයවලිනි. බදු, දඩ හා ණය බර දරා සිටින්නේ ද ජනතාවමය. ඒ අනුව වී ගොවියාට සහ හාල් පාරිභෝගිකයාට සහන සැලැසීම සඳහා ලබාදෙන බව කියන පොහොර සහනාධාරයේ බරට ඒ වී ගොවියා සේම හාල් පාරිභෝගිකයා ද කර දී උර දී සිටියි. ඉන් පැහැදිලි වන්නේ සහනාධාර පිනට නොලැබෙන බවය. සහනාධාරවල බර ඒ සහනාධාර ලබන ජනතාව මත සේම සහනාධාර නොලබන ජනතාව මත ද පැටවී තිබෙන බවය. ගොවියාගේ නිෂ්පාදන වියදම අඩුකර පාරිභෝගිකයාට හාල්, එළවළු ඇතුළු වෙනත් ආහාර ද්‍රව්‍ය සහන මිලකට එනම් දැරිය හැකි, යුක්ති සහගත, සාධාරණ මිලකට ලබාදීමට නම් වී හා එළවළු ඇතුළු ආහාර බෝග වගා කරන සමස්ත ගොවීන්ගේ නිෂ්පාදන වියදම අවම කළ යුතුය.

එය කළ හැකි එක් ක්‍රමයක් වන්නේ රසායනික තෙල් පොහොරවලට සමුදීමෙනි. එමගින් ගොවියාගේ නිෂ්පාදන වියදම අඩුවෙයි. සහනාධාර දීම සඳහා රජයට වැයවන මුදල් ද ඉතිරි වෙයි. රසායනික තෙල් පොහොර ආනයනය නැවැතීමෙන් හෝ අවම වීමෙන් රජයේ වියදම් ද අඩුවෙයි.

රටින් පිටට ඇදී යන ඩොලර් ප්‍රමාණය ද අවම වෙයි. එසේම වස විසෙන් තොර ගොවිතැනකට ගොවියා යොමු වීමෙන් වස විසෙන් තොර ආහාර අනුභව කිරීමෙන් ලෙඩ රෝග අඩු වී ජනතාව සෞඛ්‍ය සම්පන්න වෙයි. එමගින් පිළිකා ඇතුළු වෙනත් බෝ නොවන රෝගීන් සංඛ්‍යාව පහළ යාමෙන් සෞඛ්‍ය සඳහා වන රජයේ වැය බර ද අඩුවෙයි. ලිහිල් වෙයි. ඒ සියලු ප්‍රතිඵල අත්පත් කරගැනීමට රසායනික ගොවිතැනින් ඉවත් විය යුතුය. එසේ කී විගස ගොවියාගේ මනසට ඇතුළු වන්නේ එහෙනම් කාබනික ගොවිතැනට නැතහොත් කාබනික පොහොර යොදා කරන ගොවිතැනට යාමට සිදුවන බව සඳහන් පණිවිඩයයි. එහෙත් අප ගොවියාට දෙන්නේ ඒ පණිවිඩය නොවේ.

කාබනික ගොවිතැනක් ගැන අපි නොකියමු. ගොවියාට තම අස්වැන්න අඩුකරගන්නැයි අපි නොකියමු. අප හෙවත් මූලික අධ්‍යයන ආයතනය ගොවියාට කියන්නේ වියදම් අඩුකරගෙන අස්වැන්න වැඩිකරගත හැකි ක්‍රමයක් පිළිබඳවය. එය ප්‍රායෝගික ක්‍රමයකි. දැනටත් රටේ ගොවීන් විශාල පිරිසක් සැනැසුම් සුසුම් හෙළන ක්‍රමවේදයකි. ප්‍රායෝගික හා ප්‍රතිඵලදායක ක්‍රමවේදයකි.

ජාතික මූලික අධ්‍යයන ආයතනයෙන් හඳුන්වාදෙන්නේ රසායනික හෝ කාබනික පොහොර නොව ජෛව පොහොර වර්ග දෙකකි. ඒවා පොහොර ලෙස හැඳින්වීම ද වැරැදි සහගතය. අප ඒවා හඳුන්වන්නේ ආමුකුලික (Inoculum) නමිනි. ගැමි වහරට අනුව නම් ඒවා මුහුන් වර්ග දෙකකි. කිරි මිදවීමට මුහුන් යොදන්නා සේ යොදන මිශ්‍රණයකි. ඒවා මිලෙන් අඩුය. පරිසර හිතකාමීය. රසායනික හා කාබනික පොහොර සේ කරදරකාරි හෝ වියදම්කාරි නොවන මුහුන් වර්ග දෙකකි. ජාතික මූලික අධ්‍යයන ආයතනය මේ මුහුන් වර්ග දෙක හඳුන්වා දෙන්නේ අවුරුදු ගණනාවක් තිස්සේ කළ පර්යේෂණවල ප්‍රතිඵල ලෙසිනි. ඒ මුහුන් වර්ග දෙක ජෛව පටල, ජෛව පොහොර සහ රයිසෝබියම් ජෛව පොහොර නමින් හැඳින්වෙයි. ඒවා භාවිතයෙන් රසායනික පොහොර භාවිතය සියයට 100ක් දක්වා අඩු කරගෙන අස්වැන්න සියයට 30කින් පමණ වැඩි කරගැනීමට හැකි වූ බවව ඒවා භාවිත කළ ගොවියෝ කියති. රජයේ ඉල්ලීම හා මග පෙන්වීම මත මෙවර මහ කන්නයේදී අක්කර 20,000ක වී වගාවට ජෛව පටල පොහොර නිකුත් කර තිබේ.

රයිසෝබියම් ජෛව පොහොර යොදන්නේ රනිල බෝග වගාවලටය. ඒවා යෙදීමෙන් යූරියා භාවිතය අවම කරගත හැකිය. එමගින් වියදම් අවම වී පරිසර දූෂණය ද අවම වෙයි. අපේ ගම්බද ගොවීන් බෙහෙවින් දුප්පත්ය. වියදම අවම වීම ඔවුන්ට මහා සහනයකි. ඔවුනට ලැබෙන සහනය වියදම අවම වීම පමණක් නොවේ. මූලික අධ්‍යයන ආයතනයේ මුහුන් වර්ග යෙදීමෙන් වල් පැලෑටි වර්ධනය වීම ද අවම වෙයි. එය ගොවියාට ලැබෙන අමතර වාසියකි. මහනුවරට ආසන්න අංකුඹුරේ බෝංචි ගොවියකුගේ වගාබිමක කළ පර් යේෂණයෙන් අනාවරණය වූයේ රයිසෝබියම් ආමුකුලක හෙවත් මුහුන් යෙදීමෙන් යූරියා පොහොර යෙදීමෙන් ලබාගන්නා අස්වැන්නට සමාන අස්වැන්නක් ලබාගත හැකි බවය. එසේම යූරියා යොදා කරන ගොවිතැනේදී ඇතිවන වල් පැලෑටි වර්ධනය රයිසෝබියම් යොදා කරන වගාවේදී සියයට 70කින් අවම කරගත හැකි වූ බවය. යූරියා යොදා කරන වගාවේදී අපේ ගොවියෝ වල් මර්දනය සඳහා වල් නාශක ඉසිති. වල් නාශක සඳහා සේම ඉසීම සඳහා ද මුදල් වැය වෙයි. වල් නාශක මගින් පරිසරය ද දූෂණය වෙයි. මිනිසුන්ගේ ලෙඩ රෝග වැඩිවෙයි. එහෙත් රයිසෝබියම් වගාවෙන් පරිසරය දූෂණය නොවෙයි. මිනිසුන්ට ලෙඩ රෝග නොවැළඳෙයි. ඊට අමතරව යූරියා යොදා කරන ගොවිතැනේදී වල් මර්දනයට යන වියදම සියයට 70කින් අඩුවෙයි. රාජ්‍ය ආයතනයක් වන මූලික අධ්‍යයන ආයතනයෙන් රටට හඳුන්වා දී තිබෙන්නේ එවැනි පරිසර හිතකාමී, ජනහිතකාමී, ගොවියාගේ සේම රජයේ සාක්කුවට ද හිතකාමී නිෂ්පාදන වර්ග දෙකකි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශයට අනුව හෙක්ටයාරයක සෝයා බෝංචි වගාවකට යූරියා කිලෝ ග්‍රෑම් 150ක් ද හෙක්ටයාරයක බෝංචි වගාවකට යූරියා කිලෝ ග්‍රෑම් 220ක් ද යෙදිය යුතුය. වෙළෙඳපොළෙන් නිවෙසටත් නිවෙසින් වගාබිමටටත් ඒ පොහොර ප්‍රවාහනය කිරීමට තවත් සෑහෙන මුදලක් වැය වෙයි. එහෙත් අපගේ රයිසෝබියම් මුහුම් ප්‍රවාහනයට කිසිම මුදලක් වැය නොවෙයි. මුං, සෝයා, බෝංචි හා රටකජු අක්කරයක වගාවට යෙදිය යුත්තේ රයිසෝබියම් මුහුම් ග්‍රෑම් 250ක් පමණකි. බෝංචි සහ මෑ බීජ කිලෝවක් පැළ කිරීමට අවශ්‍ය වන්නේ රයිසෝබියම් මුහුම් ග්‍රෑම් 100ක් පමණකි. අප මේවා මුහුන් නමින් හඳුන්වන්නේ බීජ සමග මිශ්‍ර කළ යුතු හෙයිනි. එය මස් මාළුවලට තුන පහ මිශ්‍ර කරනවා වැනි ඉතා සරල ක්‍රියාවකි.

රයිසෝබියම් යොදා කරන වගා නියඟයට ඔරොත්තු දෙන බව ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වයඹ පළාතේ කළ පර් යේෂණවලින් අනාවරණය වී තිබේ. රයිසෝබියම් යොදා කරන වගාවලට දිලීර හා බැක්ටීරියාවලට ඔරොත්තු දීමේ වැඩි හැකියාවක් තිබෙන බව ජාත්‍යන්තර පර් යේෂණවලින් සේම මෙරට මධ්‍යම කඳුකරයේ කළ පර් යේෂණවලින් ද සනාථ වී තිබේ. රයිසෝබියම් යොදා කරන වගාවලට කොළ, කහ පාට වන රෝගය නොවැළඳෙන බව මධ්‍යම කඳුකරයේ බෝංචි ගොවියෝ කියති. ඒ නිසාම මධ්‍යම කඳුකරයේ ඇතැම් ගොවීන් රයිසෝබියම් මුහුන් හඳුන්වන්නේ ‘කහ ලෙඩේට’ යොදන බෙහෙතක් වශයෙනි.

ඉහත අප දැක්වූ කරුණුවලින් තොරතුරු රැසක් අනාවරණය වෙයි. ඉන් පළමුවැන්න රසායනික හා කාබනික පොහොරට වඩා වියදම් අඩු සහ වැඩි අස්වැන්නක් ලැබෙන ජෛව පොහොර වර්ග දෙකක් රාජ්‍ය ආයතනයක් වන ජාතික මූලික අධ්‍යයන ආයතනය මගින් හඳුන්වා දී තිබෙන බවය. දෙවැන්න ඒ ජෛව පොහොර පරිසර හා සෞඛ්‍ය හිතකාමී බවය. තෙවැන්න ගැමි ගොවියා දුප්පත්කමින් මුදාගන්නා බවය. සිව්වැන්න ගැමි ගොවියා කනකර උකසට තබා ගිනි පොලියට ණය ගෙන කරන ගොවිතැනට ආයුබෝවන් කියන බවය. පස්වැන්න රසායනික පොහොර සඳහා සහනාධාර යනාදිය දීමට රජයට මුදල් වැය කිරීමට සිදු නොවන බවය. හයවැන්න එමගින් පොහොර ආනයනය කිරීමට රටින් පිටට යන ඩොලර් රට ඇතුළේම ඉතිරි වන බවය. හත්වැන්න එමගින් ආනයන වියදම හා අපනයන ආදායම අතර පරතරය සැලකිය යුතු මට්ටමකින් අඩු වන බවය. අටවැන්න ජාතික මූලික අධ්‍යයන ආයතනයේ මේ මෙහෙවර මගින් පරිසර හිතකාමි, තිරසාර කෘෂිකාර්මික විප්ලවයකට එළැඹිය හැකි බවය. රජය එවැන්නකට කැමැති නම් කළ යුත්තේ ජාතික මූලික අධ්‍යයන ආයතනයේ නිෂ්පාදන වෙත දැඩි අවධානය යොමුකර ඊට ආධාර, අනුබල හා අනුග්‍රහය ලබාදීමය.


(*** සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්)



අදහස් (1)

ගොවි-පාරිභෝගික වියදම අඩුකරන නව ක්‍රමවේදයක්

Pradeep Sunday, 11 October 2020 05:20 AM

ඉතාමත් කාලෝචිත ලිපියක්. මේ ක්‍රමයට ගොවීන් පෙළඹ වීම වගා නිළධාරීන් මාර්ගයෙන් වහ වහා කළ යුතු බවයි මගේ හැඟීම.

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගතිශීලී පෑන අත රැඳි පියදාස වැලිකන්නගේ
2024 නොවැම්බර් මස 27 148 0

ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අයි.එම්.එෆ්. එකඟතා ජනවරමට ගැළපේද?
2024 නොවැම්බර් මස 27 148 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ


ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ
2024 නොවැම්බර් මස 26 1071 0

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන


ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 198 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 471 3

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1120 3

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site