IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ගොවීන් හාන්සි කළ රට හරක්

තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ
[email protected], [email protected]

ඇතැම් බලධාරීන් ‘හරක් වැඩ’ කරන බවට ජනතාව චෝදනා කරන්නේ කලක පටන්ය. ‘හරක් වැඩ’ යනුවෙන් ඔවුන් එදා අදහස් කළේ වැරදි යමක් කරනවා යන්නය. එහෙත් මේ කියන්නට යන්නේ සැබැවින්ම හරක් වැඩක් ගැනය. මේ හරක් වැඬේ නිසා රජයට පමණක් නොව දේශීය අයෝජකයන් සහ කිරි ගොවීන් විශාල පිරිසකට අත්වූයේ ශෝකජනක ඉරණමකි.

පෞද්ගලික අංශය සමඟ එක්ව කිරි ගවයන් ආනයනය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාව 2006 වසරේ සිට පැවතුණු බවට පැරණි කැබිනට් පත්‍රිකා මෙන්ම වෙනත් ලිපි ලේඛන අනුව  පෙනී යයි. දේශීයව කිරි නිෂ්පාදනය දියුණු කිරීම 2006 වසරේ දී ප්‍රකාශිත රජයේ ප්‍රතිපත්තිවල ද සඳහන් විය. 

කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් යැයි කියමින් කිරි ගවයන් ආනයනය කිරීම ඇතුලු යම් යම් කාරණා සම්බන්ධයෙන් 2007 වසරේ සිට 2017 වසර දක්වා ඒ ඒ වකවානුවේ සිටි අමාත්‍යවරුන් කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කර තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආමාත්‍යවරුන් වන සී බී රත්නායක, බැසිල් රාජපක්ෂ සහ තොන්ඩමන් යන අමාත්‍යවරු ද ඒ අතර වෙති. කිරි ගවයන් ගෙන්වීම සම්බන්ධයෙන් එම කාලවකවානුවේ පුවත්පත් දැන්වීම් පවා පළ කර තිබිනි.  2007 වසරේ දී කිරිගවයන් ආනයනය කිරීමට කොන්ත්‍රාත්කරුවකු තෝරා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීම සිදු විය. 

කෙසේ වෙතත් කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියරේ ප්‍රථම කොටස ලෙස 2012 වසරේ මාර්තු මාසයේ දී කිරි ගවයින් 500ක් ද, 2013 වසරේ ජනවාරි මාසයේ දී කිරිගවයන් 1500ක් ද ආනයනය කර තිබේ. එම ගවයන් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් බෝපත්තලාව, මැණික්පාලම හා ඩයගම යන ගොවිපොළවල් තුනට බෙදා දී තිබිණි.  දෙවැනි අදියර ලෙස 2015 දී කිරි ගවයන් 2495ක් ආනයනය කර හම්බන්තොට පිහිටි පශු සම්පත් මණ්ඩලයේ රිදියගම ගොවිපොළට බාර දී ඇත. දේශගුණික අතින් නුසුදුසු හම්බන්තොට රිදියගම ගොවිපොළ වෙත කිරිදෙනුන් ලබා දී තිබුණේ ශඛ්‍යතා අධ්‍යයනයකින් තොරවය. 2007 වසරේ සිට 2015 වසර දක්වා කිරිගවයන් ආනයනයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකා ද එකිනෙකට පරස්පර වී ඇති බව වරෙක විගණකාධිපතිවරයා ද නිරීක්ෂණය කර තිබිණි. මෙම ව්‍යාපෘති නිසා රජයට පාඩු වී තිබුණු අතර ප්‍රශ්න සහගත අවස්ථා රැසකට මුහුණ දීමට නිලධාරීන්ට සිදු විය.  

කෙසේ වෙතත්  ව්‍යාපෘතියේ තුන් වැනි අදියර ලෙස වසර දෙකක් ඇතුළත ශ්‍රී ලංකාවට කිරිගවයන් 20,000ක් ආනයනය කර ගොවීන් අතර බෙදා දීමේ ව්‍යාපෘතියක් ගැන ඉදිරිපත් වූ කැබිනට් පත්‍රිකාවකට 2004 වසරේ ජනවාරි මස 13 වැනි දා අනුමැතිය ලැබිණි. කිරි ගවයන් ආනයනය කිරීමට නෙදර්ලන්ත බැංකුවකින් ණය ලබා ගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇති බව එම කැබිනට් පත්‍රිකාවේ සඳහන් කර තිබුණු අතර අදාළ බැංකුව සමඟ ණය ගිවිසුම් අත්සන් කිරීමට   කැබිනට් පත්‍රිකාවෙන් අවසර ඉල්ලා තිබුණේ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය.   2014 ජුනි මස 05 වැනි දා තම කැබිනට් පත්‍රිකාව අනුව මෙම ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත පිරිවැය ඇමෙරිකානු ඩොලර් මිලියන 73.95කි.  

කෙසේ වෙතත් එම ව්‍යාපෘතිය අතරමඟ නැවතුනේ 2015 වසරේ දී ආණ්ඩු පෙරළියත් සමඟය. 2015 වසරේ දී වර්තමාන රජය බලයට පත්වූයේ රාජපක්ෂ රජයේ දූෂණ වංචාවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව කියමිනි. බරපතල ලෙස චෝදනා එල්ල වූ කිරිගවයන් ගෙන්වීමේ ව්‍යාපෘතිය අතරමඟ නතර කර වැරදි සොයනවා ඇතැයි ඇතැමුන් සිතුව ද එම ව්‍යාපෘතිය යළිත් ආරම්භ විය. 

යළිත් වරක් කිරි ගවයන් 20000ක් ආනයනය කිරීමේ කතාව කරළියට එන්නේ 2017 වසරේදීය. ග්‍රාමීය ආර්ථික අමාත්‍යංශය කිරි ගවයන් 20000ක් ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය අපේක්ෂාවෙන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නේ 2017 මාර්තු මාසයේදී ය. ඊට මුදල් අමාත්‍යවරයාගේ නිරීක්ෂණ ද ලබා ගන්නා අතර 2017 අප්‍රේල් අගදී කැබිනට් අනුමැතිය ලැබිණි.  පෞද්ගලික ආයතනයක් සමඟ එක්ව කිරි ගවයන් 5000ක් ගෙන්වීමටත් එහි සාර්ථකත්වය මත ඉතිරි 15,000 ගෙන්වීමටත් එකඟත්වයක් පැමිණ තිබුණු අතර එහි මුල් අදියර ලෙස කිරිගවයන් 2000ක් ආනයනය කිරීමට කටයුතු සැලසුම් කළේය. 

කිරිගවයන් ආනයනය කිරීමේ කොන්ත්‍රාත්තුව නිසි ටෙන්ඩර් ක්‍රමවේදයක් අනුව කොන්ත්‍රාත්කරුවකුට බාර දිය යුත-ු වුවත් සිදුවූයේ කිසිවකු නොසිතූ දෙයකි. හරක් ගෙන්වීමේ දී ප්‍රසම්පාදන මාර්ගෝපදේශ බල්ලාට දමමින් 2007 වසරේ දී එනම් වසර 10කට පෙර ඩෙන්ඩර් කැඳවා කිරි ගවයන් ආනයනයට බාර දීමට තෝරාගත් කොන්ත්‍රාත්කරුටම ඩෙන්ටර් කැඳවීමකින් තොරව යළි කොන්ත්‍රාත්තුව බාරදීමට අමාත්‍යංශය පියවර ගත්තේය. 

කිරි ගවයන් 20,000ක් ගෙන්වීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් 2014 ජුනි 05 දිනැති කැබිනට් තීරණය අනුව ආනයනික ගවයන් 
නිරෝධායනය සඳහා හුදෙකලා ප්‍රදේශවල පශු වෛද්‍ය සුපරීක්ෂණය යටතේ මාසයක කාලයක් තැබිය යුතු විය. ආනයනික සතුන් සෘජුවම ගොවිපොළ වෙත ලබා නොදී රජයේ ගොවිපොළවල් භාරයේ තබාගෙන  දෙවැනි පරම්පරාව ගොවීන් වෙත බෙදා දීම ද එදා කැබිනට් තීරණය විය. 

මෙම වැඩසටහනට අදාළව කිරි එළදෙනුන් ලබා ගැනීමට කැමැත්ත පළ කරන අයට අයදුම්පත් ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙමින් දින දෙකක දී පුවත්පත් දැන්වීම් දෙකක් පළ කළේය. ග්‍රාමීය ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගින් 2017 ජනවාරි මාසයේ 08 වැනි දා ඉංග්‍රීසි සහ දෙමළ බසින් ද 2017 ජනවාරි මස 15 වැනි දා සිංහල බසින් ද ප්‍රසිද්ධ දැන්වීම් පළ කළේය.  කිරි දෙනුන් 10කට වැඩියෙන් ලබා ගැනීමට කැමැත්තක් දක්වන ව්‍යවසායකයන්ගේ යෝජනා අයදුම්පත්‍රයක් සමඟ එවන ලෙස එහි දක්වා තිබිණි. ව්‍යාපෘතියේ ප්‍රතිලාභීන් තෝරා ගන්නා පිළිවෙළ හෝ ක්‍රමවේදය ගැන පැහැදිලි විස්තරයක් නොතිබුණු අතර කිරිදෙනුන් ලබා දෙන්නේ නොමිලයේද එසේත් නැතිනම් සහනාධාර මතද යන්න එම දැන්වීම් අන්තර්ගත කර තිබුණේ නැත. අඩු තරමේ අයදුම්පත් එවිය යුත්තේ ලියාපචිංචි තැපෑලෙන් ද, සාමාන්‍ය තැපෑලෙන්ද, ගෙනැවිත් බාරදිය යුතුද යන්නවත් එහි සඳහන් කර නොතිබිනි. 

අයදුම්කරුවන්ට ලියාපදිංචි විය හැකි බව දන්වා  තිබුණු අතර අමාත්‍යංශය වෙත අයදුම්පත් 1106ක් ලැබුණු බව අමාත්‍යංශයේම ඇතැම් ලේඛනවල සඳහන් කර තිබිණි. මේ ගැන කළ විගණනයක දී අයදුම්පත්‍ර 1823ක් ලැබුණු බව සනාථ කරගෙන ඇත. එයින් කියැවෙන්නේ අයදුම්පත් ලැබීම සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයකට කටයුතු කර නැති බවයි.  අයදුම්පත් අතුරෙන් සුදුස්සන් තෝරාගත් ක්‍රමවේදය ද බරපතල ගැටලු සහගතය. සුදුස්සන් තෝරා ගනිද්දී කිරි ගවයන් 1-0ට අඩුවෙන් ඉල්ලූ පිරිස සහ ඔවුන් අපේක්ෂා කළ දිස්ත්‍රික්කවලට පිටින් අයදුම් කළ පිරිසේ අයදුම්පත් නොසලකා හැරි බව අමාත්‍යංශය පැත්තෙන් ප්‍රකාශ කරයි.  

පිළිගත් ක්‍රමවේදයන්ට පිටින් ගොස් කිරි ගවයන් 2500ක් ආනයනය කිරීමට කටයුතු කළ අතර 2017 මැයි 14 වැනි දා ලංකාවට ගෙනාවේ කිරිගවයන් 1994 දෙනකු පමණි. ඉතිරි හය දෙනාට වූ දේ ගැන නිසි සඳහනක් නැත. ඇතැමුන් කියනුයේ ඔවුන් ගෙන එන අතරතුර මිය ගිය බවයි. එලෙස ගෙන ආ සතුන් 1911ක් එදිනම අයදුම්කරුවන් අතුරෙන් තෝරාගත් පිරිසට බෙදා හැරීමට කටයුතු කළේය. ඒ පෙර සඳහන් කළ පරිදි කොන්දේසි කඩකරමිනි.  ඉතිරි 83 දෙනා මැණික්පාලම ගොවිපොළේ රඳවා තබාගෙන 2017 ජුනි 13 වැනි දා සහ 2017 ජූලි 28 වැනි දා බෙදා හැර තිබුණි. එම එක් කිරිගවයකු ආනයනික වටිනාකමට ගෙන එමේ පිරිවැය, එන්නත් කිරීම හා රෝග සඳහා පරීක්ෂා වියදම් එකතු කළ විට ගොවිපොළ දක්වා රැගෙන යන තෙක් ගවයකු සඳහා වියදම රුපියල් 520228කි. ඉන් ලක්ෂ දෙකක් කිරිගොවීන්ගෙන් අය කර ගත් අතර ඉතිරිය රජය විසින් දරනු ලැබීය. ඒ අනුව කිරි දෙනුන් 1994 දෙනා සඳහා මූලික වියදම රුපියල් 1,037,334,632කි. එනම් රුපියල් කෝටි 103.73කි.  

කිරි ගවයන් බෙදාදීමේ ව්‍යාපෘතියේ හාස්‍යජනක තැන් අපමණ තිබිණි. එක් විශේෂත්වයක් වන්නේ මෙතරම් මුදලක් වියදම් කර ගෙන්වූ කිරිගවයන් ලබා දෙන ගොවිපොළවල් සම්බන්ධයෙන් හරි නිරීක්ෂණයක් නොමැති වීමයි. එය ඔප්පු වූයේ 2017 ඔක්තෝබර් 18 වැනි දා විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ගොවිපොළවල් පරීක්ෂාවට ගිය අවස්ථාවේදීය. කිරිගවයන් බෙදා දුන් ප්‍රතිලාභීන්ගේ නාමලේඛනයේ කිරිගවයන් 20ක් ලබා දුන් බවට සඳහන් එක් ස්ථානයකට ගිය විට එම ලිපිනයේ ගොවිපොළක් තිබී නැත. ගන්නෝරුව පශු වෛද්‍ය පර්යේෂණ ආයතනය පිහිටා තිබුණේ එම ලිපිනයේ ය. 

ආනයනය කළ කිරි ගවයන්ගෙන් සැලකිය යුතු පිරිසකට ගොවිපොළ වෙත බාර දෙන අවස්ථාව වන විටත් මැක්ස්ටයිටීස් නම් රෝගය වැළඳී තිබිණි. රට තුලට ගෙන ඒමේදී එම සතුන් පරීක්ෂා කර බලා අවශ්‍ය ක්‍රියාමාර්ග නොගෙනීම නිසා රෝගය අනිත් සතුන් අතර සීග්‍රයෙන් පැතිරී ගියේය. 

දිනකට එක් දෙනකගෙන් කිරි ලීටර 15ක් ලබා ගත හැකි බව රජය පැත්තෙන් මුලින් කීව ද ඇතැම් සතුන්ගෙන් කිරි කඳුලක්වත් ලබා ගැනීමට නොහැකි විය. ඒ ඔවුන් රෝගී තත්ත්වයේ සිටි නිසාය. ගොවිපොළ වෙත බෙදා හැරුණු කිරිදෙනුන්ගෙන් සැලකිය යුතු ගණනකගේ පුඩු මැරී හෝ කිරි ගැනීමට නොහැකි තත්ත්වයේ තිබිණි. 

ගැබ් කිරි දෙනුන් යැයි කියමින් ආනයනය කළ මෙම කිරි දෙනුන් අතර ගැබ් නොගත් සතුන් සහ ගැබ මළ දෙනුන් ද සිටි අතර ඇතැම් පැටවුන් බිහිවීමෙන් පසු ලේ පාචනය වැනි රෝගී තත්ත්වයන්ගෙන් මිය ගොස් තිබේ.  

පළපුරුද්ද සමඟ තම කර්මාන්තය සාර්ථකව කරගෙන ගිය කිරි ගොවීහු ආනයනික කිරි ගවයන් මිලදී ගැනීම නිසා කෝටි ගණනක ණය කන්දක පැටලී සිටිති. ණය ගෙවීමට නොහැකිව ඇතැම් ගොවීන් ගෙවල් දොරවල් පවා සින්නවන තරමට ප්‍රශ්නය දුර ගොස් ඇති බව කිරිගොවීහු කීප දෙනෙක් කීහ. 

එයින් මට්ටු වූයේ නැත. අමාත්‍යංශය තවත් පියවරක් ඉදිරියට තබමින් ව්‍යාපෘතියේ තුන් වැනි අදියරේ දෙවැනි පියවරට පා තබමින් තවත් කිරි ගවයන් 3024ක් ආනයනය කළේය. ප්‍රශ්නය දෙගුණ තෙගුණ වෙන්නේ එතැන් සිටය.

කිරි ගවයන් 20,000ක් ආනයනය කිරීමේ ව්‍යාපෘතියේ තුන් වැනි අදියරේ දෙවැනි පියවර ගැන වෙනත් ලිපියකින් බලාපොරොත්තු වන්න. 

 

 



අදහස් (6)

ගොවීන් හාන්සි කළ රට හරක්

Sunil gikiyanage Wednesday, 13 February 2019 04:18 AM

ඇත්තටම ඕනේ කමක් තිබුනනනම් ඉතා අඩුමිලකට හොද ගවයන්ගේ බිජ ගෙනල්ල ලංකාවේ එළදෙනුන් ගබ්ගන්වන්න තිබුන හැබැයි ලොකු කොමිස් එකක ගන්න බැරිවෙනවා

:       0       42

kule Wednesday, 13 February 2019 09:19 PM

ගොන්නු ගෙනල්ලා වැඩේ ගොන් උනත් දියවන්නාවේ ගොන්නුට ප්‍රශ්නයක් නෑ කොමිස් ටික ලැබුනානේ

:       0       4

Chaminde Hewavitharana Thursday, 14 February 2019 07:10 AM

දේශීය කිරි නිෂ්පාදනය වැඩිකරන මුවාවෙන් යුරෝපීය කිරි ගවවර්ග ලංකාවට ආනයනය කිරීමේ මුග්ධ දේශපාලන තීරණය හිටපු පශු සම්පත් සංවර්ධන ඇමති සෞම්‍ය මූර්ති තොන්ඩමාන් දක්වා යන්නක් බව මේ විෂය පිළිබඳව ප්‍රමාණික දැනුම තිබෙන කව්රුත් දන්නා දෙයකි. අවාසනාවට කාරණය වන්නේ යුරෝපීය වර්ග වන පර්ශියන්, එයාර් ෂයර් යනාදී ගව ප්‍රභේද ලංකාව වැනි නිවර්තන දේශගුණික තත්වයන්ට කොහෙත්ම ඔරොත්තු නොදීමයි. ගව දෙනකගේ කිරි නිෂ්පාදනය ඇගේ ශරීරය තුල අධික තාපයක් ජනනය කරන ක්‍රියාවලියකි. තත්වය එසේ තිබියදී ඔවුන් උෂ්ණාධික හා අධික ආර්ද්‍රතාවයක් සහිත ලංකවේ දේශගුණය තුළදී, ආහාර ගැනීම සියයට හැටකින් පමණ අඩුකරන අතර කිරි නිෂ්පාදනය අනිවාර්යෙන්ම අඩුවීම සිදුවේ. එයට ප්‍රධානම හේතුව එම සතුන් අධික තෙහෙට්ටුවකට පත්වීමයි. හොඳම උදාහරණය සෞදි අරාබියාව තුළ ඇති ඇල්-මාරයි කිරි නිෂ්පාදන ව්‍යාපෘතියයි.. ඔවුන් පර්සියන් කිරි ගවයන් ඇතිකරන්නේ වායු සමීකරණය කළ විශාල ගවහල් තුළයි, ඒ නිසාම දිනකට ලීටර 40ක් ඉක්මවූ කිරි අස්වැන්නක් එක දෙනෙක්ගෙන් ලබාගනී. ලංකාවට සුදුසු හා ඔරොත්තුදෙන යුරෝපීය වර්ගය වන්නේ ජර්සි වර්ගයයි. ඔවුන් අඩු ආහාර ප්‍රමාණයකි.. වැඩි අස්වැන්නක් දෙයි.

:       0       5

Chaminda Hewavitharana Thursday, 14 February 2019 07:40 AM

ලංකාවේ කිරි නිෂ්පාදනය වැඩි කිරීම ක්ෂණික හා මුග්ධ දේශපාලන තීරණවලින් කළ හැක්කක් නොවෙන බව කවුරුත් බුද්ධිමත්ව තේරුම් ගත යුතුය. අප උදාහරණයට ගත යුත්තේ අසල්වැසි ඉන්දියාව අනුගමනය කළ ක්‍රමයයි, එනම් "අමුල්" ව්‍යාපෘතියයි, එය විසිපස් අවුරුදු දිගුකාලින ව්‍යාපෘතියකි. සාමාන්‍යයෙන් වී ප්‍රභේදයක් අභිජනනය කොට ගොවීන් අතට පත් කිරීමට වසර අටක් වත් ගතවේ. එහෙත් ගවයෙක් පළමු කිරි අස්වැන්න දීමට වසර දෙකක් පමණ ගත වේ. එබැවින් අභිජනනය හා වරණය තුලින් උසස් ගුණාත්මක ලක්ෂණ සහිත වැඩි අස්වෙන්නක් දෙන වර්ගයක් බිහිකර ගැනීම සඳහා නොවෙනස්ව යන දිගුකාලීන වැඩ පිළිවෙලක් තිබිය යුතුය. ඒ සඳහා ජාතික ප්‍රතිපත්තියක් මෙන්ම හොඳ වැඩ පිළිවෙලක් තිබිය යුතුය. උසස් වර්ගවල පිරිමි සතුන් හෝ ශුක්‍රානු ආනයනය ඉතාම ප්‍රායෝගික වැඩපිළිවෙලකි. එහිදී ලංකාවට ගැලපෙන සහිවාල් වැනි ඉන්දියානු වර්ග යුරෝපීය වර්ග සමග දෙමුහුන් කිරීමෙන් දෙමුහුන් දිරිය ඇති වැඩි අස්වනු දෙන වර්ග බවට වැඩි දියුණු කල හැක. වගකිවයුතු අය කොමිස් මුදල් වෙනුවෙන් ඕස්ට්‍රේලියාවෙන් දෙන ලෙඩ සහිත රැලෙන් ඉවත්කළ සතුන් ආනයනය දැන්වත් නතර කලයුතුය.

:       0       4

Sumith Friday, 15 February 2019 12:19 AM

මේ 225 හොඳයි කොළ මඩින්න

:       0       0

vidya Friday, 15 February 2019 03:34 AM

ඇතැම් බලධාරීන් ‘හරක් වැඩ’ කරන බවට ජනතාව චෝදනා කරන්නේ කලක පටන්ය. මේක ඉතින් කියන්ඩ දෙයක්යැ. පාර්ලිමෙන්තුවේ හරක් ටික පොලිස්සියටවත් මෙල්ල කර ගන්න බැරි උන කොට.

:       0       2

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

ප්‍රගතිශීලී පෑන අත රැඳි පියදාස වැලිකන්නගේ
2024 නොවැම්බර් මස 27 147 0

ප්‍රවීණ ගත්කරුවකු සහ ලේඛකයකු වූ පියදාස වැලිකන්නගේ මහතා ඉකුත් 25 වැනිදා අභාවප්‍රාප්ත විය. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


අයි.එම්.එෆ්. එකඟතා ජනවරමට ගැළපේද?
2024 නොවැම්බර් මස 27 147 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම නොවැම්බර් මස 17 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ විස්තීර්ණ ණය ගිවිසුම සම්බන්ධයෙන් පැවැති සමාලෝචනය අවසන් වී තිබේ. ඒ අ


ඊ.පී.එෆ්. එකේ ට්‍රිලියන 3.9ක මුදලක් අනතුරේ
2024 නොවැම්බර් මස 26 1066 0

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය අංශයේ සේවය කරන විශ්‍රාම වැටුප් ක්‍රමයකට හිමිකම් නොමැති සේවක පිරිස් සඳහා අනිවාර්ය විශ්‍රාම දායක මුදල් ක්‍රමයක් ලෙස 1958 අංක 15 දරන


ආර්ථිකයේ අයි.එම්.එෆ්. සාධකය
2024 නොවැම්බර් මස 26 198 1

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් විසින් පසුගිය දා ශ්‍රී ලංකාව සමග දැනට ක්‍රියාත්මක වැඩසටහනට අදාළව තුන් වැනි සමාලෝචනය නොබෝදා සිදුකරන ලදී. මූල්‍ය


උතුර-දකුණ එකට එක්කළ ඡන්දයක්
2024 නොවැම්බර් මස 23 471 3

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඉතිහාසයේ පළමු වතාවට සිදුවීම් ගණනාවක් දැකගත හැකි විය. ඒවා ජාතික ජන බලවේගය පිහිටු වූ වාර්තා ලෙසද ඇතැමුන් හඳුන්වනු දුටුව


මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 1120 3

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 766 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2147 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site